Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 3ක ගෝලීය සහ ලාංකික අර්බුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා යුගය තුල ලෝකය වඩා සංරක්ෂණවාදය වෙත ඇදී ගියේය. ජර්මනියේ සමාගම් විසින් 2020 මුලදී නිර්මාණය කරමින් තිබුණු එන්නත් මිලියන ගණනක් ඇමරිකාව කලින්ම මිලට ගෙන තිබුණු අතර ඒ ගැන විශාල කලබලයක් මතුවිය. 2020 අග භාගයේදී අලුත් එන්නත් සොයාගැනීමෙන් පසුව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් බලවත් රටවලින් ඉල්ලා සිටියේ මතුව ඇති තත්වය හමුවේ මේ එන්නත් සම්බන්ධ පේටන්ට් අයිතිය අතහරින ලෙසයි. ඒ හරහා ගෝලීය දකුණේ විශාල දුගී ජනකායට අඩු මිලට ඒ එන්නත් ඉන්දියාව ආදී තැන්වල කර්මාන්තශාලා තුල නිෂ්පාදනය කර සිය රටවල මිනිසුන් බේරා ගත හැකිය. කොරෝනා එන්නත් සොයාගැනීමටත්, නිෂ්පාදන ධාරිතාවය නිර්මාණය කිරීමටත්, සියලුම සමාගම්වලට පාහේ ඇමරිකාව සහ ජර්මනිය වැනි රාජ්‍යයන් ආයෝජන සහ දීමනා ලබා දුනි. එසේ වුවද, එන්නත් වලින් ලාභය ඒ සමාගම් වලට පමණක් ලැබුණු අතර දුගී රටවලට ෆයිසර් මොඩර්නා නැතිව ඇස්ට්‍රාසෙනෙකා සිනොවැක් ආදියෙන් සැනසෙන්නට සිදු විය. ලෝකය මෙතෙක් අත් නොවිඳි, අනාගතයේ මොකෙන් මොකක් වෙයිද නොදන්නා වසංගතයකට මුහුණ දුන් විට මේ සමාගම් සහ "දියුණු" රාජ්‍ය සියල්ල පුද්ගල ලාභය සහ තම ආරක්ෂාව ගැන පමණක් සිතූ අතර, අඩු තරමේ වෙන අයට වැක්සින් එක තනිව නිෂ්පාදනය කරගනු හැකිවීම පිණිස, ඒ වැනි මොහොතකදී වත් පේටන්ට් අයිතිය අතහැරීමවත් නොකළහ. මේ වගේ දෙයක් ගැන ඔබ තනිවම විනාඩි දෙකක් අරගෙන කල්පනා කල යුතුය. මීට අමතරව ලංකාවේ කොරෝනා ආශ්‍රිතව දේශපාලන ප්‍රොජෙක්ට් දියත් වුනු අතර ඒවා හරහා පැණි විකුනුනි. මුට්ටි පාවුනි. ලාංකික ජන ජීවිතයේ කාංසාව මකා ගන්නට විනෝදාස්වාදය ලෙස සුපුරුදු ජාතිවාදී ගැට තදවුනි.

යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට එහි ගෝලීය බලපෑම ගැන මත පළවුණි. ජර්මනියේ ස්වභාවික ගෑස් සැපයුම, යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාව ආදිය ගැන අදහස් පලවිය. නමුත් මේ වනවිට යුක්රේන ආක්රමණයේ දරුණුම ප්‍රතිවිපාක සාගතය විය හැකි බව අපි දනිමු.

යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර සිටම ආහාර අර්බුධයක පෙරනිමිති තිබුණි. කොරෝනා යුගය තුල සප්ලයි චේන් පවත්වා ගැනීම අපහසු වුනු අතර, ඒ නිසා පොදුවේ සියලු කටයුතු වඩා අපහසු විය. ගෝලීයකරණය නිසා පසුගිය දශක කිහිපය තුල ලෝකය පුරා විහිදුනු සප්ලයි චේන් වලට කොරෝනා කාලය තුල නැවත රාජ්‍ය මට්ටමේ සීමාවන් සහ ප්‍රවාහන ගැටළු, නැවු ගාස්තු වැඩිවීම් සහ නැවු ප්‍රවාහනය අස්ථාවර වීම, ශ්‍රම ගැටළු ආදිය නිසා කරදර ඇතිවිය. මීට අමතරව 2020 දී උප සහරා අප්‍රිකා කලාපයෙන් මතුව පකිස්තානය සහ ඉන්දියාව වෙත පියඹා ගිය පලගැටි රෑන් හේතුවෙන් අස්වනු හානි සිදුවිය. 2021 අග චීන රජය විසින් සමහර පොහොර අපනයනයට බාධක දැමීම සමඟ පොහොර මිල ඉහල ගියේය. මේ කරුණු සියල්ල හේතුවෙන් රට රටවල ආහාර සුරක්ෂිතතාවය ගැන ගැටළු මතුවී තිබුණි.

ලංකාවේ 2019 දුන් බදු සහන, සංචිත කොල්ලකෑම සහ විනිමය අනුපාතය පවත්වා ගැනීමට වියදම් කිරීම, පොදුවේ ගසාකෑම, මාර්ග කිලෝමීටර් ලක්ෂය ආදිය නිසා පොදුවේ රට තුල ඩොලර් සහ රුපියල් හිගයක් මතුවිය. ණය ගැනීමේ මාර්ග එන්න එන්න අපහසු වුනු අතර දැන් නොහැකි වී ඇත. කොරෝනා හේතුවෙන් සංචාරක ව්‍යාපාරය වැටුනි. රාජපක්ෂ කල්ලියේ නිල අනුග්‍රහය ලද කළුකඩය නිසා විදේශ ප්‍රේෂණ ගලා ඒම අඩු විය. ගෝටාභයගේ කාබනික නාඩගම නිසා කෘෂිකර්මය කඩා වැටුණි. ඒ සියල්ල තිබියදී යුක්රේන ආක්‍රමණය නිසා මේ වනවිට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අධික ලෙස ඉහල යමින් ඇති අතර කොතනින් නැවතේද යන්න කිසිවෙක් නොදනී. ලෝකයේ ප්‍රධානම පොහොර අපනයනයකරුවෝ වන රුසියාව සහ චීනය පොහොර අපනයනය සම්පූර්ණයෙන් සහ අඩ වශයෙන් නවත්වා ඇත.

එකපිට එක එන ප්‍රශ්න වැලක (සමහරක් හිතාමතා කරගත් දේවල් සහ සමහරක් මග නොහැරිය හැකි බාහිර හේතු නිසා) පලයක් ලෙස, මෑත කිසිදාක සාගතයක් ගැන අසා නොතිබුණු ලංකාවටත් ඉදිරියේ සාගත තත්වයකට මුහුණ දෙන්න සිදුවනු ඇත.

නයිට්රජන් නොමැති කම විසඳීමට අපට වෙන ක්‍රමයක් නැති නිසා, වැඩි මිලට හෝ කොහෙන් හෝ තියෙන ඩොලර් වලින් හැකිතාක් පොහොර ගෙන්විය යුතුය. රජයට අයිති සහ නැති පුද්ගලික සුඛෝපභෝගී වාහන නැවත අපනයනය කර ඩොලර් සොයාගත හැකිනම් ඉන් පොහොර ගෙනවිත් රජය විසින් පාරදෘශ්‍යභාවය සහිතව ස්ටොක් කල යුතුය. දැන් සිදුවී ඇති මෙන් පොහොර සමාගම්කාරයන්ට සහ අතරමැදියන්ට තොග හංගාගෙන ක්‍රමානුකූලව ලාභ ලැබීමට ඉඩ සැලසීම වහා නැවැත්විය යුතුය. එක්කෝ ගොවියා අතට සෘජුව පොහොර බෙදා හැරෙන යාන්ත්‍රණයක් අවශ්‍යය. නැතිනම් පොහොර ස්ටොක් කරගෙන හංගන උන් කිහිප දෙනෙකුට ඉහලම මට්ටමෙන් දැඩි දඬුවම් දිය යුතුය. මේ වෙලාවේ නයිට්රජන් එක්ක ලාභ සෙවීමේ සුපුරුදු සෙල්ලම නැවත කරන්නේ නම් එය මිනීමැරීමක් සේ සැලකිය යුතුය.

වර්තමානයේදී ගොවීන් වගා කිරීමට පසුබට වන්නේ ප්‍රධාන ලෙස පොහොර සහ ඉන්ධන ගැටළු නිසාය. ට්‍රැක්ටර් සහ අස්වනු නෙලන යන්ත්‍ර වැනි දේවල්වලට අවශ්‍ය ඩීසල් මිල අධික ලෙස ඉහල යාම නිසා මිනිස්සු වගා කිරීමට මැලි වෙති. තනි තනි ගොවියාගේ මට්ටමෙන් ඔවුන් සිය පරිභෝජනයට පමණක් ආහාර සමහරවිට නිෂ්පාදනය කරගනිති. මේ තත්වය වෙනස් කිරීමට ගොවීන්ට යම් සහනදායී සහ ස්ථාවර තත්වයක් ලබා දීම අත්‍යවශ්‍යය. ගොවියා වගාවට යොදන මුදල රුපියල් පනස්දාහක් නම්, මාස තුනකට පසුව ඔහුගේ අස්වැන්න රුපියල් ලක්ෂයකට විකුණුවත් උද්ධමනය වැඩි නම් ඔහුට වැඩක් නැත. ඒ ගැන කුමක් හෝ කල යුතුය. මේ වෙලේ රටේ සිටින වගාවට පුරුදු පුහුණු ගොවියන්ට නිකම් ඉන්නට සලස්වා, කිසිම පුරුද්දක් පුහුණුවක් නැති අනෙක් අයට හැකි ලෙස මල් පෝච්චි වල තක්කාලි හිටවන්න යයි කීම නියම ගෝටාභය රාජපක්ෂ පන්නයේ සොලූෂන් එකකි.

2007 2008 කාලයේ පැමිණි අවසන් ලෝක ආහාර අර්බුධය හේතුවෙන් (එහෙම එකක් තිබ්බද?) වසර ගණනාවක් තිස්සේ මැද පෙරදිග මිනිස්සු හාමත් වූහ. සිය සමීපතමයන් හෙමින් හෙමින් හාමත් වනු ඔවුහු දුටුවෝය. 2011දී ටියුනීසියාවේ තරුණ එළවලු වෙළෙන්දෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබාගෙන මිය ගියේය. ප්‍රකට අරාබි වසන්තයේ, ඒ පෙරළියේ යුගයේ මුල එයයි. අපිට එන බව පෙනෙන සාගතය සමඟ 2007 අර්බුධය සුළු දෙයකි. වසංගතයෙන් පසුව එන සාගතය තුල මිනිස්සු වඩ වඩා කෝලහාල වලට යොමු වීම සිදුවිය හැකිය. ඒවා සිදුවන්නේද නැද්ද යන්න සාධක බොහෝ ප්‍රමාණයක් මත රැඳුනත්, එසේ වීමට ඉඩක් තිබේ.

යුක්රේන ආක්‍රමණය ආදී යුද්ධ වලින් සහ ආණ්ඩුවලට එරෙහි ජන නැගිටීම් වලින් මිය යන්නේ පොදුවේ තරුණයන් ය.

වසංගත සහ යුද්ධ කැරලි මෙන් නොව, සාගත වලින් මුලින්ම මිය යන්නේ දරුවන් ය. මිය නොගියත්, සාගතයක බලපෑම ඉතා දීර්ඝ කාලීනය. මිනිසෙකුගේ ජීවිතයේ වැදගත්ම කාලය ගැබිණි කාලය ඇතුළුව මුල් දින 1000 යයි කියවේ. මේ කාලය තුල දරුවෙකුට අවශ්‍ය පෝෂණය නොලැබුනොත් ඒ මිනිසාට මුළු ජීවිතය පුරා අධි රුධිර පීඩනය, ශරීරයේ බර වැඩි වීම, අක්මාවේ ගැටළු ආදියට මුහුණ දීමට සිදුවන අතර ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් අඩු වෙයි. ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය මෑතදී නවත්වා දැමී යයි කියැවුනි. ළමයෙකුගේ මොලයේ වර්ධනය සඳහා අවශ්‍ය කාලයේදී අවශ්‍ය පමණින් ප්‍රෝටීන් නොලැබුනොත් ඒවායේ බලපෑම දීර්ඝ කාලීනය.

අද දින මැදිවියේ වෙසෙන්නන්ව යම් දිනයක නඩත්තු කල යුත්තේද මේ දරුවන් ය. ඔවුන් පරම්පරාවක් ලෙස දුර්වල වීම - වෙන කිසිවක් ගැන ඔබට වගේ වගක් නැති නම් - අපිටම හානිකරය. අඩු ගානේ මේ දේවල් ගැන සිතන්න.

අපිට මේවා ගැන පුද්ගලික ධාරිතාවයෙන් කල හැකි දේවල් තිබේ. ඒ සියල්ල කල යුතුය. නමුත් මේ ආකාරයේ මහා පරිමාන අර්බුධ වලට පුද්ගලික විසඳුම් වලින් කල හැකි බක්කක් නැත. අපිට මහා පරිමාන වැඩපිළිවෙලවල් අවශ්‍යය. එය දේශපාලනිකය. තවදුරටත් අපිට තනි තනි මිනිස්සු ලෙස මේවා දිහා බලාගෙන අනේ අපොයි කියනවාද, නැතිනම් සාමූහිකව මැදිහත් වීමට උත්සාහ කරනවාද යන්න නම් තනි තනිව ගත යුතු තීරණයකි. මිනිහෙක්ට පුද්ගලික පැවැත්මක් පමණක් නොව, සමාජීය පැවැත්මක්ද තිබේ (ඇත්තම කිවහොත් කෙනෙකුගේ පුද්ගලික/ඒකීය ජීවිතය යනුම මෑත කාලීන සමාජීය නිර්මාණයකි). පෙර කී ගෝලීය සහ ලාංකික ගැටලු සියල්ල සාමුහික පැවැත්ම ගැන තැකීමක් නොතිබුන නිසා උග්රවූ දෑ ය. එය අමතක කිරීමේ ප්‍රතිපල වලට අපි දැන් මුහුණ දෙමු. කෙතරම් කල් එය අමතක කරනවාද යන්නත් අපටම අයිති දෙයකි.

[QUOTE="lovethebomb, post: 27831874, member: 531830"] කොරෝනා යුගය තුල ලෝකය වඩා සංරක්ෂණවාදය වෙත ඇදී ගියේය. ජර්මනියේ සමාගම් විසින් 2020 මුලදී නිර්මාණය කරමින් තිබුණු එන්නත් මිලියන ගණනක් ඇමරිකාව කලින්ම මිලට ගෙන තිබුණු අතර ඒ ගැන විශාල කලබලයක් මතුවිය. 2020 අග භාගයේදී අලුත් එන්නත් සොයාගැනීමෙන් පසුව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් බලවත් රටවලින් ඉල්ලා සිටියේ මතුව ඇති තත්වය හමුවේ මේ එන්නත් සම්බන්ධ පේටන්ට් අයිතිය අතහරින ලෙසයි. ඒ හරහා ගෝලීය දකුණේ විශාල දුගී ජනකායට අඩු මිලට ඒ එන්නත් ඉන්දියාව ආදී තැන්වල කර්මාන්තශාලා තුල නිෂ්පාදනය කර සිය රටවල මිනිසුන් බේරා ගත හැකිය. කොරෝනා එන්නත් සොයාගැනීමටත්, නිෂ්පාදන ධාරිතාවය නිර්මාණය කිරීමටත්, සියලුම සමාගම්වලට පාහේ ඇමරිකාව සහ ජර්මනිය වැනි රාජ්‍යයන් ආයෝජන සහ දීමනා ලබා දුනි. එසේ වුවද, එන්නත් වලින් ලාභය ඒ සමාගම් වලට පමණක් ලැබුණු අතර දුගී රටවලට ෆයිසර් මොඩර්නා නැතිව ඇස්ට්‍රාසෙනෙකා සිනොවැක් ආදියෙන් සැනසෙන්නට සිදු විය. ලෝකය මෙතෙක් අත් නොවිඳි, අනාගතයේ මොකෙන් මොකක් වෙයිද නොදන්නා වසංගතයකට මුහුණ දුන් විට මේ සමාගම් සහ "දියුණු" රාජ්‍ය සියල්ල පුද්ගල ලාභය සහ තම ආරක්ෂාව ගැන පමණක් සිතූ අතර, අඩු තරමේ වෙන අයට වැක්සින් එක තනිව නිෂ්පාදනය කරගනු හැකිවීම පිණිස, ඒ වැනි මොහොතකදී වත් පේටන්ට් අයිතිය අතහැරීමවත් නොකළහ. මේ වගේ දෙයක් ගැන ඔබ තනිවම විනාඩි දෙකක් අරගෙන කල්පනා කල යුතුය. මීට අමතරව ලංකාවේ කොරෝනා ආශ්‍රිතව දේශපාලන ප්‍රොජෙක්ට් දියත් වුනු අතර ඒවා හරහා පැණි විකුනුනි. මුට්ටි පාවුනි. ලාංකික ජන ජීවිතයේ කාංසාව මකා ගන්නට විනෝදාස්වාදය ලෙස සුපුරුදු ජාතිවාදී ගැට තදවුනි. යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට එහි ගෝලීය බලපෑම ගැන මත පළවුණි. ජර්මනියේ ස්වභාවික ගෑස් සැපයුම, යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාව ආදිය ගැන අදහස් පලවිය. නමුත් මේ වනවිට යුක්රේන ආක්රමණයේ දරුණුම ප්‍රතිවිපාක සාගතය විය හැකි බව අපි දනිමු. යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර සිටම ආහාර අර්බුධයක පෙරනිමිති තිබුණි. කොරෝනා යුගය තුල සප්ලයි චේන් පවත්වා ගැනීම අපහසු වුනු අතර, ඒ නිසා පොදුවේ සියලු කටයුතු වඩා අපහසු විය. ගෝලීයකරණය නිසා පසුගිය දශක කිහිපය තුල ලෝකය පුරා විහිදුනු සප්ලයි චේන් වලට කොරෝනා කාලය තුල නැවත රාජ්‍ය මට්ටමේ සීමාවන් සහ ප්‍රවාහන ගැටළු, නැවු ගාස්තු වැඩිවීම් සහ නැවු ප්‍රවාහනය අස්ථාවර වීම, ශ්‍රම ගැටළු ආදිය නිසා කරදර ඇතිවිය. මීට අමතරව 2020 දී උප සහරා අප්‍රිකා කලාපයෙන් මතුව පකිස්තානය සහ ඉන්දියාව වෙත පියඹා ගිය පලගැටි රෑන් හේතුවෙන් අස්වනු හානි සිදුවිය. 2021 අග චීන රජය විසින් සමහර පොහොර අපනයනයට බාධක දැමීම සමඟ පොහොර මිල ඉහල ගියේය. මේ කරුණු සියල්ල හේතුවෙන් රට රටවල ආහාර සුරක්ෂිතතාවය ගැන ගැටළු මතුවී තිබුණි. ලංකාවේ 2019 දුන් බදු සහන, සංචිත කොල්ලකෑම සහ විනිමය අනුපාතය පවත්වා ගැනීමට වියදම් කිරීම, පොදුවේ ගසාකෑම, මාර්ග කිලෝමීටර් ලක්ෂය ආදිය නිසා පොදුවේ රට තුල ඩොලර් සහ රුපියල් හිගයක් මතුවිය. ණය ගැනීමේ මාර්ග එන්න එන්න අපහසු වුනු අතර දැන් නොහැකි වී ඇත. කොරෝනා හේතුවෙන් සංචාරක ව්‍යාපාරය වැටුනි. රාජපක්ෂ කල්ලියේ නිල අනුග්‍රහය ලද කළුකඩය නිසා විදේශ ප්‍රේෂණ ගලා ඒම අඩු විය. ගෝටාභයගේ කාබනික නාඩගම නිසා කෘෂිකර්මය කඩා වැටුණි. ඒ සියල්ල තිබියදී යුක්රේන ආක්‍රමණය නිසා මේ වනවිට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අධික ලෙස ඉහල යමින් ඇති අතර කොතනින් නැවතේද යන්න කිසිවෙක් නොදනී. ලෝකයේ ප්‍රධානම පොහොර අපනයනයකරුවෝ වන රුසියාව සහ චීනය පොහොර අපනයනය සම්පූර්ණයෙන් සහ අඩ වශයෙන් නවත්වා ඇත. එකපිට එක එන ප්‍රශ්න වැලක (සමහරක් හිතාමතා කරගත් දේවල් සහ සමහරක් මග නොහැරිය හැකි බාහිර හේතු නිසා) පලයක් ලෙස, මෑත කිසිදාක සාගතයක් ගැන අසා නොතිබුණු ලංකාවටත් ඉදිරියේ සාගත තත්වයකට මුහුණ දෙන්න සිදුවනු ඇත. නයිට්රජන් නොමැති කම විසඳීමට අපට වෙන ක්‍රමයක් නැති නිසා, වැඩි මිලට හෝ කොහෙන් හෝ තියෙන ඩොලර් වලින් හැකිතාක් පොහොර ගෙන්විය යුතුය. රජයට අයිති සහ නැති පුද්ගලික සුඛෝපභෝගී වාහන නැවත අපනයනය කර ඩොලර් සොයාගත හැකිනම් ඉන් පොහොර ගෙනවිත් රජය විසින් පාරදෘශ්‍යභාවය සහිතව ස්ටොක් කල යුතුය. දැන් සිදුවී ඇති මෙන් පොහොර සමාගම්කාරයන්ට සහ අතරමැදියන්ට තොග හංගාගෙන ක්‍රමානුකූලව ලාභ ලැබීමට ඉඩ සැලසීම වහා නැවැත්විය යුතුය. එක්කෝ ගොවියා අතට සෘජුව පොහොර බෙදා හැරෙන යාන්ත්‍රණයක් අවශ්‍යය. නැතිනම් පොහොර ස්ටොක් කරගෙන හංගන උන් කිහිප දෙනෙකුට ඉහලම මට්ටමෙන් දැඩි දඬුවම් දිය යුතුය. මේ වෙලාවේ නයිට්රජන් එක්ක ලාභ සෙවීමේ සුපුරුදු සෙල්ලම නැවත කරන්නේ නම් එය මිනීමැරීමක් සේ සැලකිය යුතුය. වර්තමානයේදී ගොවීන් වගා කිරීමට පසුබට වන්නේ ප්‍රධාන ලෙස පොහොර සහ ඉන්ධන ගැටළු නිසාය. ට්‍රැක්ටර් සහ අස්වනු නෙලන යන්ත්‍ර වැනි දේවල්වලට අවශ්‍ය ඩීසල් මිල අධික ලෙස ඉහල යාම නිසා මිනිස්සු වගා කිරීමට මැලි වෙති. තනි තනි ගොවියාගේ මට්ටමෙන් ඔවුන් සිය පරිභෝජනයට පමණක් ආහාර සමහරවිට නිෂ්පාදනය කරගනිති. මේ තත්වය වෙනස් කිරීමට ගොවීන්ට යම් සහනදායී සහ ස්ථාවර තත්වයක් ලබා දීම අත්‍යවශ්‍යය. ගොවියා වගාවට යොදන මුදල රුපියල් පනස්දාහක් නම්, මාස තුනකට පසුව ඔහුගේ අස්වැන්න රුපියල් ලක්ෂයකට විකුණුවත් උද්ධමනය වැඩි නම් ඔහුට වැඩක් නැත. ඒ ගැන කුමක් හෝ කල යුතුය. මේ වෙලේ රටේ සිටින වගාවට පුරුදු පුහුණු ගොවියන්ට නිකම් ඉන්නට සලස්වා, කිසිම පුරුද්දක් පුහුණුවක් නැති අනෙක් අයට හැකි ලෙස මල් පෝච්චි වල තක්කාලි හිටවන්න යයි කීම නියම ගෝටාභය රාජපක්ෂ පන්නයේ සොලූෂන් එකකි. 2007 2008 කාලයේ පැමිණි අවසන් ලෝක ආහාර අර්බුධය හේතුවෙන් (එහෙම එකක් තිබ්බද?) වසර ගණනාවක් තිස්සේ මැද පෙරදිග මිනිස්සු හාමත් වූහ. සිය සමීපතමයන් හෙමින් හෙමින් හාමත් වනු ඔවුහු දුටුවෝය. 2011දී ටියුනීසියාවේ තරුණ එළවලු වෙළෙන්දෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබාගෙන මිය ගියේය. ප්‍රකට අරාබි වසන්තයේ, ඒ පෙරළියේ යුගයේ මුල එයයි. අපිට එන බව පෙනෙන සාගතය සමඟ 2007 අර්බුධය සුළු දෙයකි. වසංගතයෙන් පසුව එන සාගතය තුල මිනිස්සු වඩ වඩා කෝලහාල වලට යොමු වීම සිදුවිය හැකිය. ඒවා සිදුවන්නේද නැද්ද යන්න සාධක බොහෝ ප්‍රමාණයක් මත රැඳුනත්, එසේ වීමට ඉඩක් තිබේ. යුක්රේන ආක්‍රමණය ආදී යුද්ධ වලින් සහ ආණ්ඩුවලට එරෙහි ජන නැගිටීම් වලින් මිය යන්නේ පොදුවේ තරුණයන් ය. වසංගත සහ යුද්ධ කැරලි මෙන් නොව, සාගත වලින් මුලින්ම මිය යන්නේ දරුවන් ය. මිය නොගියත්, සාගතයක බලපෑම ඉතා දීර්ඝ කාලීනය. මිනිසෙකුගේ ජීවිතයේ වැදගත්ම කාලය ගැබිණි කාලය ඇතුළුව මුල් දින 1000 යයි කියවේ. මේ කාලය තුල දරුවෙකුට අවශ්‍ය පෝෂණය නොලැබුනොත් ඒ මිනිසාට මුළු ජීවිතය පුරා අධි රුධිර පීඩනය, ශරීරයේ බර වැඩි වීම, අක්මාවේ ගැටළු ආදියට මුහුණ දීමට සිදුවන අතර ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් අඩු වෙයි. ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය මෑතදී නවත්වා දැමී යයි කියැවුනි. ළමයෙකුගේ මොලයේ වර්ධනය සඳහා අවශ්‍ය කාලයේදී අවශ්‍ය පමණින් ප්‍රෝටීන් නොලැබුනොත් ඒවායේ බලපෑම දීර්ඝ කාලීනය. අද දින මැදිවියේ වෙසෙන්නන්ව යම් දිනයක නඩත්තු කල යුත්තේද මේ දරුවන් ය. ඔවුන් පරම්පරාවක් ලෙස දුර්වල වීම - වෙන කිසිවක් ගැන ඔබට වගේ වගක් නැති නම් - අපිටම හානිකරය. අඩු ගානේ මේ දේවල් ගැන සිතන්න. අපිට මේවා ගැන පුද්ගලික ධාරිතාවයෙන් කල හැකි දේවල් තිබේ. ඒ සියල්ල කල යුතුය. නමුත් මේ ආකාරයේ මහා පරිමාන අර්බුධ වලට පුද්ගලික විසඳුම් වලින් කල හැකි බක්කක් නැත. අපිට මහා පරිමාන වැඩපිළිවෙලවල් අවශ්‍යය. එය දේශපාලනිකය. තවදුරටත් අපිට තනි තනි මිනිස්සු ලෙස මේවා දිහා බලාගෙන අනේ අපොයි කියනවාද, නැතිනම් සාමූහිකව මැදිහත් වීමට උත්සාහ කරනවාද යන්න නම් තනි තනිව ගත යුතු තීරණයකි. මිනිහෙක්ට පුද්ගලික පැවැත්මක් පමණක් නොව, සමාජීය පැවැත්මක්ද තිබේ (ඇත්තම කිවහොත් කෙනෙකුගේ පුද්ගලික/ඒකීය ජීවිතය යනුම මෑත කාලීන සමාජීය නිර්මාණයකි). පෙර කී ගෝලීය සහ ලාංකික ගැටලු සියල්ල සාමුහික පැවැත්ම ගැන තැකීමක් නොතිබුන නිසා උග්රවූ දෑ ය. එය අමතක කිරීමේ ප්‍රතිපල වලට අපි දැන් මුහුණ දෙමු. කෙතරම් කල් එය අමතක කරනවාද යන්නත් අපටම අයිති දෙයකි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom