Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර 400 ක් පැරැණි ලාදුරු රෝහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකලපුව මාන්තිව් දූපතේ

වසර 400 ක් පැරැණි ලාදුරු රෝහල

රූපවාහිණිය අපේ ගෙවල් වල පදිංචියට ආ මුල් කාලේ එහි විකාශය වූ ටෙලි නාට්‍ය වැඩිහිටියන්ට නම් හොඳටම මතක ඇති...

අද වගේ සුදූපාට මුහුනු තියෙන නලු නිලියො හෝ මාලිගා වගේ ගෙවල් තියෙන අවුඩි මොන්ටෙරෝ වල යන පෙම්වතුන් ගේ දර්ශන සහිත ටෙලි නාට්‍ය ඒ වකවානුවේ තිබුනෙ නෑ..

ඒවායේ රඟ පෑ නලු නිලියන් ඒ චරිත කොයිතරම් තාත්විකව ඒවා රඟපෑවාද කියල අපේ අලුත් පරපුරේ දරුවො යූ ටියුබ් ගිහින් දූ දරුවෝ, අසල්වැසියෝ, කන්දෙගෙදර , ඇල්ල ලඟ වලව්ව වගේ ටෙලි නාට්‍යයක් බලන්න කියල මම ආරාධනා කරනව...

ඇල්ල ලඟ වලව්ව... ටෙලිනාට්‍ය බලපු අපිට ඊ ලඟ සතිය වනතුරු පුදුම හදිසියක් තිබුනේ.. කුතුහලය මුලු සතිය පුරාම... අමුතුම තේමාවක් රැගත් මෙහි ජැක්සන් ඇන්තනි, හා සිරිල් වික්‍රමගේ ගේ රඟපෑම් ඉතාම ඉහළයි...කියනවා හැර වෙනත් යමක් කීමට මට නම් තේරෙන්නෙ නැහැ..

බොහෝ ඈත අතීතයක වලව්වක ජීවත්වූ තරුණයෙකුට (ජැක්සන් ඇන්තනි) ලාදුරු රෝගය වැලදීමත්... කිසිවෙකුට නොදැනෙනෙ ලෙස ඔහුව රහසේ වලව්වේම සඟවාගෙන රැකබලාගත් කෘතගුණ වේදී සේවකයෙකු (සිරිල් වික්‍රමගේ) ගැනත් ...මේ කතාව දිව යනව.... ලාදුරු නම් රෝගය කලකට ඉහත ඉතා බිහිසුනු රෝගයක් ලෙස සලකා එසේ රෝගී වන්නන් මුහුද මැද තිබෙන දූපතකට ගෙන්ස් ගොස් දමන බවත් මම කුඩා කල අසා තිබුනා...

60 ගනන් වල පොලොන්නරුවේ හබරණ මොරගස්වැව නම් ගම්මානය ආසන්නයේ එවැනි රෝගීන් සිටි ගමක් පිලිබඳවත් අසා තිබුනා...

එම රෝගය වැලඳුනු පසු කෙමෙන් කෙමෙන් ඇඟිලි පුරුක් නැති වී යන බවත්, පසුව මුලු සිරුරම,කෙනෙකුට බලන්නට නොහැකි ලෙස විරූපි වන බවක් ද අසා තිබුනත් මා එවැනි රෝගියෙකු දැක තිබුනේ නැහැ...

කාලය ගත වී ගියා ...

2004 වසරේ මුලු ලොවේම අවධානය අපේ රට දිහාට යොමුවුනු මහා ව්‍යසනය ,සුනාමිය සිදුවූ දිනට පසු දින මම නැගෙනහිර ඒ ව්පත බලන්නට, ඒ පිලිබඳව මාධ්‍යට වාර්තා කරන්නට එහි ගියා....

ඒ බිහිසුනු විපත සැලවූ වහා මුලු ලෝකයෙන්ම අපේ රට වෙත ආධාර අනුග්රහයන් ලැබුනා...

මා සෞඛ්‍ය සේවයේ යෙදී සිටියදී මගේ සමීප හිතවතියක් වුYapa Perera පෙරේරා මහත්මියගේ දියනිය එවකට සේවය කලේ නවසීලන්තයේය... මේ විපත අසා ඇය විසින් එවන්නට යෙදුනු පරිත්‍යාග රාශියක් බෙදා දෙන්නට යන්නට පෙරේරා මහත්මිය මා විමසුවාය... මා ඒ පිලිබඳව එවකට යුධ හමුදාවේ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානී මේජර් සුනිල් විජේවර්ණයන් ගෙන් උපකාර පැතීමි...

ඒ වනවිට නැගෙනහිර ත් බොහෝ ප්‍රදේශ තිබුනේ එල්ටීටීඊ ත්‍රස්තවාදි න් යටතේය... එහෙයින් අපට හිතූ මනාපයේ එම ප්‍රදේශවල ඇවිදින්නට යා නොහැක..

පෙරේරා මහත්මියගේ දියනිය විසින් එවන ලද ආධාර අප නැගෙනහිර සුනාමි අනාතයන්ට බෙදා දුන්නෙමු ..

මේජර් සුනිල් විජේවර්ණ මෙහිදී මඩකලපු මුහුදේ තිබෙන දූපතක් ගැනත්, එහි තිබෙන්නේ ලාදුරු රෝහලක් බවත් මට කිවේ ප්‍රදේශය පිලිබඳව දැනුවටත් වීමටය..

එහෙත් එතැන් සිට මගේ ඇවිටිල්ලෙන් ඔහුට ගැලවීමට නොහැකිවිය.

මඩකලපුව ගුවන් හමුදා කඳවුර අසලින් අප රැගත් බෝට්ටුව ඈත පෙනෙන මාන්තිව් දුපත කරා රැගෙන ගියේය.. මඩකලපුව කලපුවේ තිබෙන අක්කර 85 වපසරියකින් යුත් විශාලම දූපත මෙයයි.මුහුදේ බටහිරෙන් කොටි බල කඳවුරු වන පුදූර්,වව්නතිව් කොක්අඩිචෝල පෙනේ.

ඒ අතරතුරත් බෝට්ටුවෙ ගමන්ගත් ආරක්ෂක භටයන් අපට මුහුදේ වන එල්ටීටීඊ ය අපත් වෙන් කරන සීමාවන් පෙන්වීය .. සුනාමිය නිසා මිස වෙනත් දිනයෙක නම් මේ බෝට්ටුව ඔවුන්ගේ ගිනි අවිවල ඉලක්කයක් වන බවද ඔව්හු පැවසූවේ... ලාදුරු දූපත කරා යන මේ ගමනද සාමාන්‍ය දිනකදී සෞඛ්‍ය සේවකයින්ට පමනක් වලංගු බව පවසමිනි...

සුනාමිය දූපතට ද බලපෑම් එල්ලකොට තිබිනි..දූපත වටාම කඩොලාන වනයකින් ආවරණය වී තිබෙන හෙයින් විය යුතුය සුනාමිය දූපත සහ මුලින් ගොදුරු කර ගත නොහැකි වූයේ.

දූපතට ගොඩවූ ජැටියේ රෝහල කරා බොහෝ මීටර් 500 තරමේ ඇවිද යා යුතුය...

ක්‍රි.ව.1600 දී ඕලන්ද පාලනසමයේදී ස්තාපිත කරන ලද එම දූපතේ ගරා වැටුනු ඇතැම් ගොඩනැගිලි දකිද්දී ජනප්‍රිය බටහිර රූපවාහිනී කතා මාලාවක් වූ රොබින්හුඩ් හි ගම්මානයක් සිහිපත් වෙන්නේය...එය වසර 417 ක් පැරැණි

එය ගම්මානයකි. තැන තැන කුඩා නිවාස පිහිටා තිබේ. බෞද්ධ පංසලක්, හින්දු කෝවිලක්,මුස්ලිම් පල්ලියක් කැලෑවට යටවී ගොසිනි. රූස්ස ගහකොලින් සමන්විත අප ඕලන්ද සම්ප්රදායේ රෝහල් පරිපාලන ගොඩනැගිල්ලට පිවිසුනෙමු.ක්‍රි.ව. 1600 දී එහි රෝගීන් 450 පමන සිටි බව කියති.

අප එහි ගිය 2004 වසරේ ලාදුරු රෝගීන් 18 දෙනෙකු විසීය...ඇල්ල ලඟ වලව්වේ කතාවෙ සඳහන් පරිදිම විකෘති පෙනුමැති රෝගීන් දකිද්දී හදවත කම්පාකරවන සුලුය.. මම ඔවුන් හා කතා කලෙමි.

මට මුනගැසුනු පලමු වැන්නාට වයස අවුරුදු 70 ක වන්නට ඇත. ඔහු තමාගේ උපන් දිනය ක් තබා ගම රට කොහේදැයි කියාවත් නොදනී... ඉතා කුඩා අවදියේ රෝගය සෑදුනු මුල්,කාලයේදීම ඔහු මේ දූපතට ගෙනැවිත් දැමූ බව පමණක් ඔහු කියන්නට දනී..

උපන් ගම්බිම් කොහේදැයි කියන්නට තබා.. මට ඔහු හමුවූ 2004 වසරේ දෙසැම්බර් දක්වාම ඔහු මේ දූපතෙන් පිටතට ගොස් නැත....

මට හුස්ම හිරවෙන්නට තරම් පීඩාවක් දැනුනි..

තව රෝගියෙකුට ඔහුගේ ගම මතක තිබිනි... ඤාතීන් විසින් රෝහලට බාර දුන් බව පමනක් කියයි...

ඇතැම් විට ඔවුන්ගේ මනස ද දැන් විකෘති වී ඇත්තේ මේ දූපතේම හිරවී ගෙවුනු දිග කාලය නිසා වන්නට ඇත. රෝහලට සිටියේ එකම හෙදියක් පමනි.. ඈ පාලනය වූයේ මඩකලපුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මඟිනි... එදා මට ඇය මුනගැසෙන විට වසර කිහිපයකින් නිල ඇඳුම් ලැබී තිබුනේ නැත. ඒ මොහෙතේද ඇය සැරසී සිටියේ සිවිල් ඇඳුමකිනි. ඇයද සිරකාරියක් සේය. වෛද්‍යවරයෙකු පැමිනෙන්නේ මසකට වතාවකි. වසර හාරසීයක් පැරැණි ගොඩනැගිලි සහ එතුල ඒ මේ අත පාවෙන,ලාදුරු රෝගීන් දකිද්දී මට හොල්මන් චිත්‍රපටයක් මැවී පෙනේ...

විදුලිය නැති හෙයින් තැන් තැන් වල එල්ලා තිබෙන ලන්තෑරුම් පහන් වලින් ද ඒ හැඟීම් තීව්ර කෙරේ. එල්ටීටීඊ යේ ක්‍රියාකාරකම් නිසා එහි ජල හා විදුලි පහසුකම් නැවතී ඇති බවක් කියැවුනි.සුනාමි රළ පෙළ දූපතට ද කඩා පැන තිබුනේ එහි වෙසෙන අසරණයින් ගැන කිසිදු වග විභාගයක් නොමැතිවය.තව දුරටත් මේ පංච දුක ගෙවීමට නියමිතව තිබූ හෙයින්දෝ සුනාමි රළ පහර ඔවුන්ගේ ජීවිත බේරා දී තිබිනි.

අතීතයේදී ලාදුරු රෝගීන්ගේ රෙදි සේදීමට භාවිතා කල සේදුම් ගොඩනැගිලි වල නටඹුන් හා යෝධ ජල ටැංකියක් තාමත් පෙනෙන්නට තිබෙනව තිබෙනව.. ක්‍රි.ව. 1600 දී ස්ථාපිත වන්නට ඇතැයි සිතිය හැකි තැපැල් කන්තෝරුවක ශේෂයන් මෙහි තිබෙනව මේ අවුරුදු 400 ටම ඒ තැපැල් කන්තෝරුවට ආ ලිපියක් නැහැ.

සුනාමියෙන් නැගෙනහිර වෙරලේ මම දුටු ඒ මහා ජීවිත හා දේපල විනාශය දැක ඇතිවූ කම්පාව තරම්ම කියාගත නුහුනු වේදනාවකින් මගේ ලය පිරී ගියා... මොන්තක්‍රිස්තෝ සිටුවරයා සිරගත කල මුහුද මැද පිහිටි සිරගෙය තමා මතක් උනේ.

ඒ ගමන ගිහින් ඇවිත් බොහෝ කාලයක් ගතවෙලා දැන්.. ඒත් කවදාවත් මගේ මනසින් ඒ ලාදුරු සිරකරුවො ගිලිහිලා ගියේ නෑ....

ගිය 2015 මාර්තු මාසෙ දෙවන සතියෙ දිනයක මම නැවත් වරක් ඒ දූපතට ගියේ ලක්බිම පුවත්පතේ තිස්ස ප්‍රේමසිරි මහතා සහ එම මැතිනිය සමඟිනි.

පෙර තරම් බිහිසුනු උනේ නෑ ගමන... .ඒත් මම මේ ආපසු එතැනට යන්නේ අවුරුදු 11 කින්..

මගෙ හිතේ අර ලාදුරු රෝගීන් ගැන මතකය අලුත් වෙලා ඔවුන්ගේ අලුත් තත්වය දැනගන්න නොඉවසිලිමත්ව තිබුනා...

පෙර සේම බෝට්ටුවෙන් බැහැල දූපතට ගොඩ උනා...

එදාට වඩා වෙනසක් තිබුනා සෞඛ්‍ය සේවකයො කිහිප දෙනෙක් කඩිසරව ඒ මේ අත ගියා... ඔවුන්ට තිබුනු බරපතලම රාජකාරිය උනේ.. රෝහලට අවශ්‍ය ජලය සැපයීමයි..

අපි රෝහලේ ලී තරප්පු පෙල නැගල .. රෝහල් පරිපාලන ගොඩනැගිල්ලේ උඩුමහලට ගියා ... මහා විශාල දැව මේසයක් ලඟ කළමනාකරන සහකාර කෙනෙක් වාඩිවෙලා හිටියා.... අපි මාධ්‍යවේදීන් කීවම රෝහල බලන්න අවසර දුන්න.. හැබැයි පින්තූර ගන්න එපා කීව... අපි ඔහුගේ ඉල්ලීමට ගරු කලා.... මම බලාපොරොත්තුවෙන් ගියේ 2004 දි මම දුටු රෝගීන්,ඇති කියලයි... අපට මඟ පෙන්නුවෙ දෙමළ ජාතික රෝහල් සේවකයෙක්... මම එදා දුටු රෝගීන් ගෙන් එක්කෙනයි ඉතිරිවෙලා හිටියෙ... අනෙක් අය සියලුම දෙනා මියගිහින්..

චිරාත් කාලයක් තිස්සේ මේ දූපත ට ගෙනැව්ත් දමන ලද රෝගීන් අවට ලෝකයෙන් වෙන්ව මෙහි ජීවත් වී මෙතැනම මියගොස් මේ දූපතේම භූමදානය වෙනව...කාන්තාවන් කිසිවෙක් හිටියේ නැහැ...

වසර 12 ට පසුව මා දුටු එකම වෙනස දූපතට විදුලිය අරගෙන තිබුනා...සූර්ය්කෝෂ හරහා... ඒත් ජලය....?

රෝගීන්ට සහ සේවකයින්ට නෑමට වෙනත් පවිත්‍රතා සඳහාත් බීමටත් ජලය ගෙන ඒමට දිනපතාම දිනකට දෙවරක් සේවකයි න් දෙදෙනෙකු ගොඩබිමට යායුතුව තිබුනා... රෝහලට ජලය සැපයෙන මෝටරය කැඩිල.. ගොඩබිම සිට මුහුදු මාර්ගය ඔස්සේ දූපතට ජලය සැපයෙන මාර්ගය හා සම්බන්ධ මෝටරය ගර්හිත වී ඇති බවයි ඔවුන් එදා සඳහන් කලේ... අද මම ඔවුන්ගේ තත්වය දන්නේ නැහැ...

එදා අප එහි යද්දී ලාදුරු රෝගීන් දෙදෙනෙකු රෝහලේ නේවාසිකව හිටියා...

එක්කෙනෙක් සේන ඔහු තිස්සමහාරාමයේ පදිංචි කරුවෙක් මේ වනවිට වයස 45 ක් 50 විතර ඇති කියලයි ඔහු කීවේ. අනෙක් අට මා මීට වසර 12 ට පෙරත් එහි යද්දී සිටි යාපනයේ නල්ලූර් හි සිට පැමිනි කරුණාදරන් ඔහු දැන් වයස කීයදැයි කියන්නට නොදනී.

එහෙත් ඔහු වයස අවුරුදු 5 තරම මේ රෝහලට ගෙනෙන්නට ඇති බව ත් ඔහු දැනට මේ රෝහලේ සිටින පැරැනිම රෝගියා බවත් රෝහල් සේවකයා අප සමඟ පවසුවා.

වයස අවුරුදු 5 සිට ජීවිතාන්තය දක්ව දූපතක සිර ගත වූවෙකුගේ කතාවක් සජීවී ලෙස අත් දකින්නට කැමත්තෙකු සිටීනම් මඩකලපුව මාන් තිව් දූපතේ ලාදුරු රෝහලේ කරුනාදරන් හමුවීමෙන් එය අත් විඳින්නට හැකිවනු ඇත.

Fb

ඡායාරූප 2004 දී ගන්නා ලද ඒවාය.

[ATTACH=full]174972[/ATTACH][ATTACH=full]174974[/ATTACH][ATTACH=full]174975[/ATTACH]

[QUOTE="IMUNA, post: 27856815, member: 392391"] මඩකලපුව මාන්තිව් දූපතේ වසර 400 ක් පැරැණි ලාදුරු රෝහල ======================== රූපවාහිණිය අපේ ගෙවල් වල පදිංචියට ආ මුල් කාලේ එහි විකාශය වූ ටෙලි නාට්‍ය වැඩිහිටියන්ට නම් හොඳටම මතක ඇති... අද වගේ සුදූපාට මුහුනු තියෙන නලු නිලියො හෝ මාලිගා වගේ ගෙවල් තියෙන අවුඩි මොන්ටෙරෝ වල යන පෙම්වතුන් ගේ දර්ශන සහිත ටෙලි නාට්‍ය ඒ වකවානුවේ තිබුනෙ නෑ.. ඒවායේ රඟ පෑ නලු නිලියන් ඒ චරිත කොයිතරම් තාත්විකව ඒවා රඟපෑවාද කියල අපේ අලුත් පරපුරේ දරුවො යූ ටියුබ් ගිහින් දූ දරුවෝ, අසල්වැසියෝ, කන්දෙගෙදර , ඇල්ල ලඟ වලව්ව වගේ ටෙලි නාට්‍යයක් බලන්න කියල මම ආරාධනා කරනව... ඇල්ල ලඟ වලව්ව... ටෙලිනාට්‍ය බලපු අපිට ඊ ලඟ සතිය වනතුරු පුදුම හදිසියක් තිබුනේ.. කුතුහලය මුලු සතිය පුරාම... අමුතුම තේමාවක් රැගත් මෙහි ජැක්සන් ඇන්තනි, හා සිරිල් වික්‍රමගේ ගේ රඟපෑම් ඉතාම ඉහළයි...කියනවා හැර වෙනත් යමක් කීමට මට නම් තේරෙන්නෙ නැහැ.. බොහෝ ඈත අතීතයක වලව්වක ජීවත්වූ තරුණයෙකුට (ජැක්සන් ඇන්තනි) ලාදුරු රෝගය වැලදීමත්... කිසිවෙකුට නොදැනෙනෙ ලෙස ඔහුව රහසේ වලව්වේම සඟවාගෙන රැකබලාගත් කෘතගුණ වේදී සේවකයෙකු (සිරිල් වික්‍රමගේ) ගැනත් ...මේ කතාව දිව යනව.... ලාදුරු නම් රෝගය කලකට ඉහත ඉතා බිහිසුනු රෝගයක් ලෙස සලකා එසේ රෝගී වන්නන් මුහුද මැද තිබෙන දූපතකට ගෙන්ස් ගොස් දමන බවත් මම කුඩා කල අසා තිබුනා... 60 ගනන් වල පොලොන්නරුවේ හබරණ මොරගස්වැව නම් ගම්මානය ආසන්නයේ එවැනි රෝගීන් සිටි ගමක් පිලිබඳවත් අසා තිබුනා... එම රෝගය වැලඳුනු පසු කෙමෙන් කෙමෙන් ඇඟිලි පුරුක් නැති වී යන බවත්, පසුව මුලු සිරුරම,කෙනෙකුට බලන්නට නොහැකි ලෙස විරූපි වන බවක් ද අසා තිබුනත් මා එවැනි රෝගියෙකු දැක තිබුනේ නැහැ... කාලය ගත වී ගියා ... 2004 වසරේ මුලු ලොවේම අවධානය අපේ රට දිහාට යොමුවුනු මහා ව්‍යසනය ,සුනාමිය සිදුවූ දිනට පසු දින මම නැගෙනහිර ඒ ව්පත බලන්නට, ඒ පිලිබඳව මාධ්‍යට වාර්තා කරන්නට එහි ගියා.... ඒ බිහිසුනු විපත සැලවූ වහා මුලු ලෝකයෙන්ම අපේ රට වෙත ආධාර අනුග්රහයන් ලැබුනා... මා සෞඛ්‍ය සේවයේ යෙදී සිටියදී මගේ සමීප හිතවතියක් වුYapa Perera පෙරේරා මහත්මියගේ දියනිය එවකට සේවය කලේ නවසීලන්තයේය... මේ විපත අසා ඇය විසින් එවන්නට යෙදුනු පරිත්‍යාග රාශියක් බෙදා දෙන්නට යන්නට පෙරේරා මහත්මිය මා විමසුවාය... මා ඒ පිලිබඳව එවකට යුධ හමුදාවේ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානී මේජර් සුනිල් විජේවර්ණයන් ගෙන් උපකාර පැතීමි... ඒ වනවිට නැගෙනහිර ත් බොහෝ ප්‍රදේශ තිබුනේ එල්ටීටීඊ ත්‍රස්තවාදි න් යටතේය... එහෙයින් අපට හිතූ මනාපයේ එම ප්‍රදේශවල ඇවිදින්නට යා නොහැක.. පෙරේරා මහත්මියගේ දියනිය විසින් එවන ලද ආධාර අප නැගෙනහිර සුනාමි අනාතයන්ට බෙදා දුන්නෙමු .. මේජර් සුනිල් විජේවර්ණ මෙහිදී මඩකලපු මුහුදේ තිබෙන දූපතක් ගැනත්, එහි තිබෙන්නේ ලාදුරු රෝහලක් බවත් මට කිවේ ප්‍රදේශය පිලිබඳව දැනුවටත් වීමටය.. එහෙත් එතැන් සිට මගේ ඇවිටිල්ලෙන් ඔහුට ගැලවීමට නොහැකිවිය. මඩකලපුව ගුවන් හමුදා කඳවුර අසලින් අප රැගත් බෝට්ටුව ඈත පෙනෙන මාන්තිව් දුපත කරා රැගෙන ගියේය.. මඩකලපුව කලපුවේ තිබෙන අක්කර 85 වපසරියකින් යුත් විශාලම දූපත මෙයයි.මුහුදේ බටහිරෙන් කොටි බල කඳවුරු වන පුදූර්,වව්නතිව් කොක්අඩිචෝල පෙනේ. ඒ අතරතුරත් බෝට්ටුවෙ ගමන්ගත් ආරක්ෂක භටයන් අපට මුහුදේ වන එල්ටීටීඊ ය අපත් වෙන් කරන සීමාවන් පෙන්වීය .. සුනාමිය නිසා මිස වෙනත් දිනයෙක නම් මේ බෝට්ටුව ඔවුන්ගේ ගිනි අවිවල ඉලක්කයක් වන බවද ඔව්හු පැවසූවේ... ලාදුරු දූපත කරා යන මේ ගමනද සාමාන්‍ය දිනකදී සෞඛ්‍ය සේවකයින්ට පමනක් වලංගු බව පවසමිනි... සුනාමිය දූපතට ද බලපෑම් එල්ලකොට තිබිනි..දූපත වටාම කඩොලාන වනයකින් ආවරණය වී තිබෙන හෙයින් විය යුතුය සුනාමිය දූපත සහ මුලින් ගොදුරු කර ගත නොහැකි වූයේ. දූපතට ගොඩවූ ජැටියේ රෝහල කරා බොහෝ මීටර් 500 තරමේ ඇවිද යා යුතුය... ක්‍රි.ව.1600 දී ඕලන්ද පාලනසමයේදී ස්තාපිත කරන ලද එම දූපතේ ගරා වැටුනු ඇතැම් ගොඩනැගිලි දකිද්දී ජනප්‍රිය බටහිර රූපවාහිනී කතා මාලාවක් වූ රොබින්හුඩ් හි ගම්මානයක් සිහිපත් වෙන්නේය...එය වසර 417 ක් පැරැණි එය ගම්මානයකි. තැන තැන කුඩා නිවාස පිහිටා තිබේ. බෞද්ධ පංසලක්, හින්දු කෝවිලක්,මුස්ලිම් පල්ලියක් කැලෑවට යටවී ගොසිනි. රූස්ස ගහකොලින් සමන්විත අප ඕලන්ද සම්ප්රදායේ රෝහල් පරිපාලන ගොඩනැගිල්ලට පිවිසුනෙමු.ක්‍රි.ව. 1600 දී එහි රෝගීන් 450 පමන සිටි බව කියති. අප එහි ගිය 2004 වසරේ ලාදුරු රෝගීන් 18 දෙනෙකු විසීය...ඇල්ල ලඟ වලව්වේ කතාවෙ සඳහන් පරිදිම විකෘති පෙනුමැති රෝගීන් දකිද්දී හදවත කම්පාකරවන සුලුය.. මම ඔවුන් හා කතා කලෙමි. මට මුනගැසුනු පලමු වැන්නාට වයස අවුරුදු 70 ක වන්නට ඇත. ඔහු තමාගේ උපන් දිනය ක් තබා ගම රට කොහේදැයි කියාවත් නොදනී... ඉතා කුඩා අවදියේ රෝගය සෑදුනු මුල්,කාලයේදීම ඔහු මේ දූපතට ගෙනැවිත් දැමූ බව පමණක් ඔහු කියන්නට දනී.. උපන් ගම්බිම් කොහේදැයි කියන්නට තබා.. මට ඔහු හමුවූ 2004 වසරේ දෙසැම්බර් දක්වාම ඔහු මේ දූපතෙන් පිටතට ගොස් නැත.... මට හුස්ම හිරවෙන්නට තරම් පීඩාවක් දැනුනි.. තව රෝගියෙකුට ඔහුගේ ගම මතක තිබිනි... ඤාතීන් විසින් රෝහලට බාර දුන් බව පමනක් කියයි... ඇතැම් විට ඔවුන්ගේ මනස ද දැන් විකෘති වී ඇත්තේ මේ දූපතේම හිරවී ගෙවුනු දිග කාලය නිසා වන්නට ඇත. රෝහලට සිටියේ එකම හෙදියක් පමනි.. ඈ පාලනය වූයේ මඩකලපුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මඟිනි... එදා මට ඇය මුනගැසෙන විට වසර කිහිපයකින් නිල ඇඳුම් ලැබී තිබුනේ නැත. ඒ මොහෙතේද ඇය සැරසී සිටියේ සිවිල් ඇඳුමකිනි. ඇයද සිරකාරියක් සේය. වෛද්‍යවරයෙකු පැමිනෙන්නේ මසකට වතාවකි. වසර හාරසීයක් පැරැණි ගොඩනැගිලි සහ එතුල ඒ මේ අත පාවෙන,ලාදුරු රෝගීන් දකිද්දී මට හොල්මන් චිත්‍රපටයක් මැවී පෙනේ... විදුලිය නැති හෙයින් තැන් තැන් වල එල්ලා තිබෙන ලන්තෑරුම් පහන් වලින් ද ඒ හැඟීම් තීව්ර කෙරේ. එල්ටීටීඊ යේ ක්‍රියාකාරකම් නිසා එහි ජල හා විදුලි පහසුකම් නැවතී ඇති බවක් කියැවුනි.සුනාමි රළ පෙළ දූපතට ද කඩා පැන තිබුනේ එහි වෙසෙන අසරණයින් ගැන කිසිදු වග විභාගයක් නොමැතිවය.තව දුරටත් මේ පංච දුක ගෙවීමට නියමිතව තිබූ හෙයින්දෝ සුනාමි රළ පහර ඔවුන්ගේ ජීවිත බේරා දී තිබිනි. අතීතයේදී ලාදුරු රෝගීන්ගේ රෙදි සේදීමට භාවිතා කල සේදුම් ගොඩනැගිලි වල නටඹුන් හා යෝධ ජල ටැංකියක් තාමත් පෙනෙන්නට තිබෙනව තිබෙනව.. ක්‍රි.ව. 1600 දී ස්ථාපිත වන්නට ඇතැයි සිතිය හැකි තැපැල් කන්තෝරුවක ශේෂයන් මෙහි තිබෙනව මේ අවුරුදු 400 ටම ඒ තැපැල් කන්තෝරුවට ආ ලිපියක් නැහැ. සුනාමියෙන් නැගෙනහිර වෙරලේ මම දුටු ඒ මහා ජීවිත හා දේපල විනාශය දැක ඇතිවූ කම්පාව තරම්ම කියාගත නුහුනු වේදනාවකින් මගේ ලය පිරී ගියා... මොන්තක්‍රිස්තෝ සිටුවරයා සිරගත කල මුහුද මැද පිහිටි සිරගෙය තමා මතක් උනේ. ඒ ගමන ගිහින් ඇවිත් බොහෝ කාලයක් ගතවෙලා දැන්.. ඒත් කවදාවත් මගේ මනසින් ඒ ලාදුරු සිරකරුවො ගිලිහිලා ගියේ නෑ.... ගිය 2015 මාර්තු මාසෙ දෙවන සතියෙ දිනයක මම නැවත් වරක් ඒ දූපතට ගියේ ලක්බිම පුවත්පතේ තිස්ස ප්‍රේමසිරි මහතා සහ එම මැතිනිය සමඟිනි. " පෙර තරම් බිහිසුනු උනේ නෑ ගමන... .ඒත් මම මේ ආපසු එතැනට යන්නේ අවුරුදු 11 කින්.. මගෙ හිතේ අර ලාදුරු රෝගීන් ගැන මතකය අලුත් වෙලා ඔවුන්ගේ අලුත් තත්වය දැනගන්න නොඉවසිලිමත්ව තිබුනා... පෙර සේම බෝට්ටුවෙන් බැහැල දූපතට ගොඩ උනා... එදාට වඩා වෙනසක් තිබුනා සෞඛ්‍ය සේවකයො කිහිප දෙනෙක් කඩිසරව ඒ මේ අත ගියා... ඔවුන්ට තිබුනු බරපතලම රාජකාරිය උනේ.. රෝහලට අවශ්‍ය ජලය සැපයීමයි.. අපි රෝහලේ ලී තරප්පු පෙල නැගල .. රෝහල් පරිපාලන ගොඩනැගිල්ලේ උඩුමහලට ගියා ... මහා විශාල දැව මේසයක් ලඟ කළමනාකරන සහකාර කෙනෙක් වාඩිවෙලා හිටියා.... අපි මාධ්‍යවේදීන් කීවම රෝහල බලන්න අවසර දුන්න.. හැබැයි පින්තූර ගන්න එපා කීව... අපි ඔහුගේ ඉල්ලීමට ගරු කලා.... මම බලාපොරොත්තුවෙන් ගියේ 2004 දි මම දුටු රෝගීන්,ඇති කියලයි... අපට මඟ පෙන්නුවෙ දෙමළ ජාතික රෝහල් සේවකයෙක්... මම එදා දුටු රෝගීන් ගෙන් එක්කෙනයි ඉතිරිවෙලා හිටියෙ... අනෙක් අය සියලුම දෙනා මියගිහින්.. චිරාත් කාලයක් තිස්සේ මේ දූපත ට ගෙනැව්ත් දමන ලද රෝගීන් අවට ලෝකයෙන් වෙන්ව මෙහි ජීවත් වී මෙතැනම මියගොස් මේ දූපතේම භූමදානය වෙනව...කාන්තාවන් කිසිවෙක් හිටියේ නැහැ... වසර 12 ට පසුව මා දුටු එකම වෙනස දූපතට විදුලිය අරගෙන තිබුනා...සූර්ය්කෝෂ හරහා... ඒත් ජලය....? රෝගීන්ට සහ සේවකයින්ට නෑමට වෙනත් පවිත්‍රතා සඳහාත් බීමටත් ජලය ගෙන ඒමට දිනපතාම දිනකට දෙවරක් සේවකයි න් දෙදෙනෙකු ගොඩබිමට යායුතුව තිබුනා... රෝහලට ජලය සැපයෙන මෝටරය කැඩිල.. ගොඩබිම සිට මුහුදු මාර්ගය ඔස්සේ දූපතට ජලය සැපයෙන මාර්ගය හා සම්බන්ධ මෝටරය ගර්හිත වී ඇති බවයි ඔවුන් එදා සඳහන් කලේ... අද මම ඔවුන්ගේ තත්වය දන්නේ නැහැ... එදා අප එහි යද්දී ලාදුරු රෝගීන් දෙදෙනෙකු රෝහලේ නේවාසිකව හිටියා... එක්කෙනෙක් සේන ඔහු තිස්සමහාරාමයේ පදිංචි කරුවෙක් මේ වනවිට වයස 45 ක් 50 විතර ඇති කියලයි ඔහු කීවේ. අනෙක් අට මා මීට වසර 12 ට පෙරත් එහි යද්දී සිටි යාපනයේ නල්ලූර් හි සිට පැමිනි කරුණාදරන් ඔහු දැන් වයස කීයදැයි කියන්නට නොදනී. එහෙත් ඔහු වයස අවුරුදු 5 තරම මේ රෝහලට ගෙනෙන්නට ඇති බව ත් ඔහු දැනට මේ රෝහලේ සිටින පැරැනිම රෝගියා බවත් රෝහල් සේවකයා අප සමඟ පවසුවා. වයස අවුරුදු 5 සිට ජීවිතාන්තය දක්ව දූපතක සිර ගත වූවෙකුගේ කතාවක් සජීවී ලෙස අත් දකින්නට කැමත්තෙකු සිටීනම් මඩකලපුව මාන් තිව් දූපතේ ලාදුරු රෝහලේ කරුනාදරන් හමුවීමෙන් එය අත් විඳින්නට හැකිවනු ඇත. Fb ඡායාරූප 2004 දී ගන්නා ලද ඒවාය. [ATTACH type="full"]174972[/ATTACH][ATTACH type="full"]174974[/ATTACH][ATTACH type="full"]174975[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom