Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
~~ වස්තුවට ලෝභ වීම සහ දන් දීම අතර වෙනස ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යථාපි චන්දෝ විමලෝ – ගච්ඡං ආකාසධාතුයා

සබ්බේ තාරා ගනේ ලෝකේ ආභාය අතිරෝචතී

තථේව සීල සම්පන්නෝ – සද්ධෝ පුරිස පුග්ගලෝ

සබ්බේ මච්ඡරිනො ලෝකෝ චාගෙන අතිරෝචතී

පින්වත්නි,

අද ධර්ම දේශනාවේ මාතෘකාව සුමනා සූත්‍රයයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වග්ගයේ සඳහන් සුමනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දිනකය. සුමනා රාජ කුමාරිකාව පන්සියයක් බැගින් වූ රාජ කුමාරිකාවන් පිරිවරා බුදුරදුන් වෙත එළඹ සකසා වැඳ එකත් පසෙක වාඩිවී, භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡාවක යෙදුණි. මේ සාකච්ඡාවේ එන කරුණූ ගිහි පැවිදි කාගේත් අවධානයට යොමුකළහොත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබෙන බව පැහැදිලි වේ.

භාග්‍යවතුන් වහන්ස, බුද්ධශාසනයේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සමාන වු ශ්‍රද්ධාවෙන්, සමාන වු ශීලයෙන්, සමාන වූ ප්‍රඥාවෙන් යුක්තව සිට කෙනෙක් දන්දෙයි අනෙක් කෙනා දන් නොදෙයි. මේ දෙදෙනා මරණින් පසු දෙව්ලොව ඉපදුනොත් දෙදෙනා අතර විශේෂ වෙනසක් තිබේ’දැයි සුමනා රාජකුමරිය බුදුරදුන්ගෙන් ඇසුවාය. හැබෑ වෙනසක් ඇති බවත් “යො ඛො සුමනේදායකෝ සෝ අමුං අදායකං දෙවභූතො සමානො පංචහී ඨානෙහි අධිගන්හාති” සුමනාවෙනි. දන්දෙන තැනැත්තෙක් වේ නම් ඔහු දිව්‍ය ලෝකේ උපන්නොත් දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන් , දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපති , බැවින් දන් නොදෙන තැනැත්තා අභිභවනය කර සිටින බව වදාළහ.

”සචේ පන භොනේත තතො චුතා ඉත්ථත්තං

ආගච්ඡන්ති මනුස්ස භූතං පන තේසං භන්තේ සියා විසේසෝ සියා නානාකරණකන්ති”

බුදුරජාණන් වහන්ස, ඒ දේවතාවක් දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ආත්මයක් ලැබුවහොත් ඒ දෙදෙනා අතර වෙනසක්, විශේෂත්වයක් තිබේද සුමනාවනි, දන්දී ඇති තැනැත්තා මනුෂ්‍යත්වයක් ලදහොත් මානුෂික ආයුෂයෙන් මානුෂික වර්ණයෙන් මානුෂික සුඛයෙන්, මානුෂික යසසින් මානුෂික ආධිපත්‍යයෙන් යන කරුණුූ පහෙන් බබලයි. දන් නොදි ඇති අය අභිභවනය කරයි. සුමනා රජ බිසවගේ තුන්වන ප්රශ්නය වූයේ දායක හා අදායක යන දෙදෙනාම බුද්ධ ශාසනයේ සසුන්ගත වුවහොත් ඔවුන් අතර යම් වෙනසක් ඇතිවන්නේද යන්නයි. දන් දුන් අය හා දන් නොදුන් අය අතර පැහැදිලි වෙනසක් පෙන්වයි. දන්දි පුණ්‍ය බලයෙන් යුත් භික්ෂුවට චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපසයත් පරිස්කාරත් බහුල වශයෙන් ලැබේ’. දන් නොදි පින් නොලැබූ භික්ෂූන් වහන්සේට ලැබීම් අල්පයි. මනාප වු කායකර්ම, මනාප වාග්කර්ම , මනාප වු මනෝකර්ම ඇතිව වාසය කිරීමට දන්දීමේ කුසලය හේතුවන අතර දන් නොදීම හේතුවෙන් අමනාපවු කාය කර්ම,අමනාපවූ වචීකර්ම, අමනාප වු මනෝ කර්ම හේතුවන බව වදාළහ.

සුමනා රාජකුමාරිය හතරවනුව ප්‍රශ්න කරන්නේ දන්දෙන තැනැත්තා හා දන්නොදෙන තැනැත්තා තුළ සැබෑ වෙනසක් තිබෙන අතර මේ ශ්‍රාවකයන් දෙදෙනා රහත් භාවය ලැබුව හොත් රහත් භාවයේ වෙනසක් තිබේද ? යන්නයි.

“එත්ථ ඛො පනෙසාහං සුමනෙ න කිඤ්චි

නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තන්ති”

සුමනාවනි අර්හත්වයේ කිසිදු වෙනසක් නැත. කෙනෙක් ලබන විමුක්තිය හා අනෙකා ලබන විමුක්තියේ වෙනසක් නොවන බව වදාළහ.

මේ දේශනාවන් ඉතා සතුටට පත්වු සුමනා රාජකුමාරිකාව, දෙවියන්ටද, මිනිසුන්ටද, පැවිදි උතුමන්ටද, පින් උපකාර වන බවත් දන්දීම තුළින් පින් කරගත යුතු බවත් අවබෝධ කළ හෙයින් “දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි” දෙවියන්ටත්, මිනිසුන්ටත්, පැවිද්දන්ටත් පින් උපකාරි වන බව වදාරමින් මාතෘකා ගාථා පාඨය වදාළහ.

පූර්ණ චන්ද්‍රයා අහසේ ගමන් කරමින් සියලු තාරකාවල ආලෝකය අභිභවා යන්නාසේ සීල සම්පත්තියෙන් යුත් සැදැහැති පුද්ගලයා ලොව හැම මසුරු බවින් යුත් පුද්ගලයන් අභිභවා බැබළෙන බව වදාළහ.

සීල සම්පත්තියෙන් යුත් තැනැත්තා කය වචන දෙකෙන් සංවරය. සීලයේ ප්‍රභේද කීපයකි. පංචශීලයෙන් කරුණුූ පහකින් චරිතය පිරිසුදු කරයි. කලේශ ප්‍රහාණයට අවශ්‍යම අංගයකි ශීලය, එමඟින් චරිත ශුද්ධිය ඇති කරයි. අටසිල්පද වලින් තවත් ඉදිරියට චරිතය පිරිසුදු කරයි. පන්සිල් වලට එකතුවන සිල්පද තුන සහ තුන්වන සිල්පදයේ අගය වැඩි කිරීමත් සමඟ ආත්ම දමනයට පහසු කර දක්වයි. චක්ඛු, සෝත ඝාණ, ජිව්හා කාය යන ඉදුරන් දමනය කිරීමට සිල්පද වෙන්කර ඇත. නිවන් මග ආය¸ අෂ්ඨාංගික මාර්ගයයි. එහිදී ශීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන ඔස්සේ පැහැදිලි කරයි. කය වචන දෙක පිරිසුදු කරගැනීමත් දැහැමි ජීවිත ගමනට අවශ්‍ය මග සම්මා ආජීවය තුළින් ලැබීමත් සීලය සම්පූර්ණ කරයි. සසර දුක් කෙළවර කිරීමට සීලය උපකාරි වෙයි. “සීල සම්පන්නෝ” යනු එයයි. “ශ්‍රද්ධාව“ යනු පැහැදීමයි. තෙරුවන් කෙරෙහි පැහැදී තෙරුවන් සරණයාම උපාසක තත්වයට පත්වීමයි. ශ්‍රද්ධාව සසර බන්ධනයෙන් මිදීමට අවශ්‍යම සාධකයයි. එම ශ්‍රද්ධාව ලක්ෂණ තුනකින් යුක්ත වෙයි. එනම් සිල්වතුන් දැකීමට කැමති වීම, ධර්ම ශ්‍රවණයට කැමති වීම සහ දන්දීම යන ලක්ෂණයන්ය.

ඉහත සඳහන් කළ සුමනා සූත්‍රය හරහා සමාජගත කළ කරුණු ජිවිතාලෝකයට බෙහෙවින් බලපායි. සීලසම්පත්තියෙන් හා ත්‍යාගයෙන් සියලු මසුරන් අභිභවා යන බවත් සසර ගමනේදී කෙතරම් දුරට දන්දීමේ වටිනාකම, බලපාන්නේදැයි විස්තර කරයි.

දන්දීම, පරිත්‍යාගය යන උසස් ගුණ ධර්මයට දෑත හුරුවී ලෝභය , මසුරුකම ඈත්කර සසර දුක් කෙළවර කිරීමට උත්සාහවන්ත. ගිහි පැවිදි මෙන්ම දෙවියන්ටත් පින උපකාරි වන හෙයින් පින් කිරීමටත් කුසලය වර්ධනය කර ගැනීමටත් අදිටන් කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.

බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි - වැලිපත පඤ්ඤානන්ද හිමි

[MEDIA=facebook]816218845145703[/MEDIA]

[QUOTE="asliyanage, post: 29504383, member: 8764"] නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යථාපි චන්දෝ විමලෝ – ගච්ඡං ආකාසධාතුයා සබ්බේ තාරා ගනේ ලෝකේ ආභාය අතිරෝචතී තථේව සීල සම්පන්නෝ – සද්ධෝ පුරිස පුග්ගලෝ සබ්බේ මච්ඡරිනො ලෝකෝ චාගෙන අතිරෝචතී පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව සුමනා සූත්‍රයයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වග්ගයේ සඳහන් සුමනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දිනකය. සුමනා රාජ කුමාරිකාව පන්සියයක් බැගින් වූ රාජ කුමාරිකාවන් පිරිවරා බුදුරදුන් වෙත එළඹ සකසා වැඳ එකත් පසෙක වාඩිවී, භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡාවක යෙදුණි. මේ සාකච්ඡාවේ එන කරුණූ ගිහි පැවිදි කාගේත් අවධානයට යොමුකළහොත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබෙන බව පැහැදිලි වේ. භාග්‍යවතුන් වහන්ස, බුද්ධශාසනයේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සමාන වු ශ්‍රද්ධාවෙන්, සමාන වු ශීලයෙන්, සමාන වූ ප්‍රඥාවෙන් යුක්තව සිට කෙනෙක් දන්දෙයි අනෙක් කෙනා දන් නොදෙයි. මේ දෙදෙනා මරණින් පසු දෙව්ලොව ඉපදුනොත් දෙදෙනා අතර විශේෂ වෙනසක් තිබේ’දැයි සුමනා රාජකුමරිය බුදුරදුන්ගෙන් ඇසුවාය. හැබෑ වෙනසක් ඇති බවත් “යො ඛො සුමනේදායකෝ සෝ අමුං අදායකං දෙවභූතො සමානො පංචහී ඨානෙහි අධිගන්හාති” සුමනාවෙනි. දන්දෙන තැනැත්තෙක් වේ නම් ඔහු දිව්‍ය ලෝකේ උපන්නොත් දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන් , දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපති , බැවින් දන් නොදෙන තැනැත්තා අභිභවනය කර සිටින බව වදාළහ. ”සචේ පන භොනේත තතො චුතා ඉත්ථත්තං ආගච්ඡන්ති මනුස්ස භූතං පන තේසං භන්තේ සියා විසේසෝ සියා නානාකරණකන්ති” බුදුරජාණන් වහන්ස, ඒ දේවතාවක් දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ආත්මයක් ලැබුවහොත් ඒ දෙදෙනා අතර වෙනසක්, විශේෂත්වයක් තිබේද සුමනාවනි, දන්දී ඇති තැනැත්තා මනුෂ්‍යත්වයක් ලදහොත් මානුෂික ආයුෂයෙන් මානුෂික වර්ණයෙන් මානුෂික සුඛයෙන්, මානුෂික යසසින් මානුෂික ආධිපත්‍යයෙන් යන කරුණුූ පහෙන් බබලයි. දන් නොදි ඇති අය අභිභවනය කරයි. සුමනා රජ බිසවගේ තුන්වන ප්රශ්නය වූයේ දායක හා අදායක යන දෙදෙනාම බුද්ධ ශාසනයේ සසුන්ගත වුවහොත් ඔවුන් අතර යම් වෙනසක් ඇතිවන්නේද යන්නයි. දන් දුන් අය හා දන් නොදුන් අය අතර පැහැදිලි වෙනසක් පෙන්වයි. දන්දි පුණ්‍ය බලයෙන් යුත් භික්ෂුවට චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපසයත් පරිස්කාරත් බහුල වශයෙන් ලැබේ’. දන් නොදි පින් නොලැබූ භික්ෂූන් වහන්සේට ලැබීම් අල්පයි. මනාප වු කායකර්ම, මනාප වාග්කර්ම , මනාප වු මනෝකර්ම ඇතිව වාසය කිරීමට දන්දීමේ කුසලය හේතුවන අතර දන් නොදීම හේතුවෙන් අමනාපවු කාය කර්ම,අමනාපවූ වචීකර්ම, අමනාප වු මනෝ කර්ම හේතුවන බව වදාළහ. සුමනා රාජකුමාරිය හතරවනුව ප්‍රශ්න කරන්නේ දන්දෙන තැනැත්තා හා දන්නොදෙන තැනැත්තා තුළ සැබෑ වෙනසක් තිබෙන අතර මේ ශ්‍රාවකයන් දෙදෙනා රහත් භාවය ලැබුව හොත් රහත් භාවයේ වෙනසක් තිබේද ? යන්නයි. “එත්ථ ඛො පනෙසාහං සුමනෙ න කිඤ්චි නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තන්ති” සුමනාවනි අර්හත්වයේ කිසිදු වෙනසක් නැත. කෙනෙක් ලබන විමුක්තිය හා අනෙකා ලබන විමුක්තියේ වෙනසක් නොවන බව වදාළහ. මේ දේශනාවන් ඉතා සතුටට පත්වු සුමනා රාජකුමාරිකාව, දෙවියන්ටද, මිනිසුන්ටද, පැවිදි උතුමන්ටද, පින් උපකාර වන බවත් දන්දීම තුළින් පින් කරගත යුතු බවත් අවබෝධ කළ හෙයින් “දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි” දෙවියන්ටත්, මිනිසුන්ටත්, පැවිද්දන්ටත් පින් උපකාරි වන බව වදාරමින් මාතෘකා ගාථා පාඨය වදාළහ. පූර්ණ චන්ද්‍රයා අහසේ ගමන් කරමින් සියලු තාරකාවල ආලෝකය අභිභවා යන්නාසේ සීල සම්පත්තියෙන් යුත් සැදැහැති පුද්ගලයා ලොව හැම මසුරු බවින් යුත් පුද්ගලයන් අභිභවා බැබළෙන බව වදාළහ. සීල සම්පත්තියෙන් යුත් තැනැත්තා කය වචන දෙකෙන් සංවරය. සීලයේ ප්‍රභේද කීපයකි. පංචශීලයෙන් කරුණුූ පහකින් චරිතය පිරිසුදු කරයි. කලේශ ප්‍රහාණයට අවශ්‍යම අංගයකි ශීලය, එමඟින් චරිත ශුද්ධිය ඇති කරයි. අටසිල්පද වලින් තවත් ඉදිරියට චරිතය පිරිසුදු කරයි. පන්සිල් වලට එකතුවන සිල්පද තුන සහ තුන්වන සිල්පදයේ අගය වැඩි කිරීමත් සමඟ ආත්ම දමනයට පහසු කර දක්වයි. චක්ඛු, සෝත ඝාණ, ජිව්හා කාය යන ඉදුරන් දමනය කිරීමට සිල්පද වෙන්කර ඇත. නිවන් මග ආය¸ අෂ්ඨාංගික මාර්ගයයි. එහිදී ශීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන ඔස්සේ පැහැදිලි කරයි. කය වචන දෙක පිරිසුදු කරගැනීමත් දැහැමි ජීවිත ගමනට අවශ්‍ය මග සම්මා ආජීවය තුළින් ලැබීමත් සීලය සම්පූර්ණ කරයි. සසර දුක් කෙළවර කිරීමට සීලය උපකාරි වෙයි. “සීල සම්පන්නෝ” යනු එයයි. “ශ්‍රද්ධාව“ යනු පැහැදීමයි. තෙරුවන් කෙරෙහි පැහැදී තෙරුවන් සරණයාම උපාසක තත්වයට පත්වීමයි. ශ්‍රද්ධාව සසර බන්ධනයෙන් මිදීමට අවශ්‍යම සාධකයයි. එම ශ්‍රද්ධාව ලක්ෂණ තුනකින් යුක්ත වෙයි. එනම් සිල්වතුන් දැකීමට කැමති වීම, ධර්ම ශ්‍රවණයට කැමති වීම සහ දන්දීම යන ලක්ෂණයන්ය. ඉහත සඳහන් කළ සුමනා සූත්‍රය හරහා සමාජගත කළ කරුණු ජිවිතාලෝකයට බෙහෙවින් බලපායි. සීලසම්පත්තියෙන් හා ත්‍යාගයෙන් සියලු මසුරන් අභිභවා යන බවත් සසර ගමනේදී කෙතරම් දුරට දන්දීමේ වටිනාකම, බලපාන්නේදැයි විස්තර කරයි. දන්දීම, පරිත්‍යාගය යන උසස් ගුණ ධර්මයට දෑත හුරුවී ලෝභය , මසුරුකම ඈත්කර සසර දුක් කෙළවර කිරීමට උත්සාහවන්ත. ගිහි පැවිදි මෙන්ම දෙවියන්ටත් පින උපකාරි වන හෙයින් පින් කිරීමටත් කුසලය වර්ධනය කර ගැනීමටත් අදිටන් කර ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි - වැලිපත පඤ්ඤානන්ද හිමි [MEDIA=facebook]816218845145703[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom