සිතුවමක් සේ සායම් කර රෑ ආකාසේ
අදුරු බවින් සෝක සුසුම් පෑවාසේ
අහස කිමද වැලපෙන්නේ දුකසේ
පවසනු මට ඔබගේ දුක සිත්සේ
සිහිල් පවන පාවි යයි දසත පුරා
වළාබරින් වියත ගිලිහෙයි දෝ පොළව කරා
සයුරු රළන් කම්පිත වී රගදෙයි එකිනෙකා පරා
මත් වී ඇති හැටි සේ ගෙන් සුරා
සැවෝම දෙනා නොවිසිල්ලේ පසුවන මේ වස්සානේ
පක්ෂි ගොල්ලෝ විදති පිඩා ගස් මුදුනේ
ගුවනේ ශෝකයට ඉඩදී ඇති සේ නිවු වානේ
ඉගිල යන්නට අපහට ඉඩ දෙන්නේ කවදද දෙවියනේ
ජන ගග ඔබ මොබ දිව යයි ඇඹලුන් කැලතුනා සේ
හනි හනිකට රැස් වෙයි ආවරණ සොයමින් ඒ මේ අස්සේ
දගලති කුඩා සදනන් යට මේ දහරාණි පාත වැස්සේ
රැකගන්නට තම අත ඇතිදා බලවත් සේ
By Mesozoic /වස්සානය
