Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට පුතේ මඟක් ඇතේ

ව්‍යවස්ථා සංශෝධනය ගැන විවිධ අර්ථකථන පවතී. බොහොමයක් අර්ථකථන පටු දේශපාලන වාසි අපේක්ෂිත ව ප්‍රචාරය කරති. තවත් විවිධ අරමුණු සහිත ව අර්ථකථන කරලියට පැමිණ තිබේ. පොදුවේ ගත් කල ඕනෑම රටක සාමාන්‍ය ජනතාව ව්‍යවස්ථාව වැනි බරපතළ කාරණා ගැන ඒ හැටි උනන්දුවක් නො දක්වති. එහෙත් එවැන්නක ප්‍රතිඵල කෙරෙහි ප්‍රතිචාර දක්වති. අප කතා කරනුයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බව පාඨකයා දනී. ව්‍යවස්ථා සංශෝධනය යනු රහසක් නොවේ.

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කළ හැක්කේ ඒකාධිපති පාලනයක් මගින් යැයි බොහෝ දෙනා කියති. එය සත්‍යයක් නම් පළමුව ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටේ සමෘද්ධිය උදා කරනු ඇත. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවට ප්‍රතිඥා දුන් ජේ. ආර්. මහතා සිය පාලන කාලය අවසන් කරන විට මේ රට ඉතියෝපියාවට සමගාමී තත්ත්වයක පැවැතිණි. දෙවන උදාහරණය ලෙස රණසිංහ පේ‍්‍රමදාස මහතා ගත හොත් එතුමා රට විශාලා මහනුවරක් වට පත්කොට තමා ද ඒ මත්තේ විනාශ විය. චන්ද්‍රිකා මැතිනියට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දර්ශනයක් තිබුණේ නැත.

චන්ද්‍රිකා දර්ශනය නමින් එක් අතකින් විශාල පොතපත පළ වූ අතර අනෙක් අතින් චෞර රැජින ලෙස ද පොත් පළ විය. අවසානයේ බලන විට රාජ්‍ය සම්පත්වලට තට්ටු වී තිබිණි. ආර්ථිකය මන්දගාමී වි තිබිණි. දේශපාලනයත් – ආර්ථිකයත් එක තැන පල් විය. විවිධ කයිවාරු තිබුණත් මෙරට දේශපාලන ඉතිහාසයේ අසාර්ථක ම යුගයක් ලෙස චන්ද්‍රිකා සමය හැඳින්විය හැකි ය.

2005 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට ප්රචාරක වියදම් දරාගත නො හැකි තරමට එම පක්ෂය දුර්වල වී තිබිණි. එදා ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද සටන ජය ගත්තේ පොදු ජනයාට පින්සිදු වන්නට ය. පොදු ජනතාව මහින්ද මහතා කෙරෙහි විශ්වාසය තැබී ය. එදා ජනතාවගත් තීන්දුව නිවැරැදි ය. එහි ප්‍රතිඵලයක් ලෙස අපට බලපෑ ප්‍රධාන ප්රශ්නය විසැඳිණි. අද අපි එම ගමන් මඟෙහි දෙවන අදියරට පිවිස සිටිමු. එය මුළු මනින් ම පාහේ ආර්ථික යුද්ධයෙකි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා හැකි දර්ශනය කුමක්ද ? ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීම් හා අත්දැකීම් අපට තිබේ. බණ්ඩාරනායක මහතා එක ක්‍රමයක් අත්හදා බැලුවේ ය. සිරිමාවෝ මැතිනිය තවත් ක්‍රමයක් අත්හදා බැලුවා ය. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග පිළිවෙළින් තව - තව උපායමාර්ග අත්හදා බැලීය. ශ්‍රී ලංකාව ආර්ථික අත්හදා බැලීම්වලට තෝතැන්නක් බව ලී ක්වාන් යූ මහතා කියා තිබේ. බලාගෙන යන විට එය සාකල්‍යයෙන් ම සත්‍යයෙකි.

දැන් අප අවතීර්ණය වී සිටිනුයේ අලුත් මාවතකට ය. එය ධනපති ක්‍රමයක් නො වේ. මුළුමනින් ම සමාජවාදී ක්‍රමයත් නො වේ. එය දේශීයත්වයට නතු වූ අලුත් මැද මාවතක් ලෙස සැලකිය හැකි ය. නූතන ආණ්ඩුව රාජ්‍ය සම්පත් අලෙවි කරන්නේ නැත. ජාතිය ලන්සුවට තබා බටහිරයන්ගේ සහන හා ආධාර ලබා ගන්නේ ද නැත. මෙය වනාහී අභිමානවත් හා සාර්ථක ප්‍රතිඵල සහිත අලුත් ආර්ථික ක්රියාදාමයෙකි.

ආසියාවේ ඉහළ ම සංවර්ධන ප්‍රතිශතයක් ලකුණු කර ඇති රාජ්‍යයන් දෙක වනුයේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 8%කට ආසන්න වේ. ජපානයේ ආර්ථික වෘද්ධිය අභිබවා යෑමට ඉන්දියාව සමත් ව සිටී. ඉන්දියාවේ රාජ්‍ය පාලකයන් පමණක් නොව සාමාන්‍ය ජනයා ද සිය රටෙහි දේ සිරි සැප දේ යන සංකල්පය යටතේ කටයුතු කරනු ලැබේ. එහි ප්‍රතිඵල හැමදාම දේශීය භාණ්ඩ මිලට ගනු යන්න යි. 2005 සිට එම ක්‍රියාවලිය සිදු වේ.

මහින්ද රාජපක්ෂ හැර ගිය ස්වල්ප දෙනා දේශපාලන වශයෙන් අනාථ වී සිටිති. වෙනත් පක්ෂවල නියෝජිතයෝ ද පෝලිමේ ශ්‍රී ලනිපයට බැඳෙති. නූතන පාර්ලිමේන්තුවේ පවතින ශක්තිමත් ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේ. අද තුනෙන් දෙකකට වැඩි බලය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් ව සිටී. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති ශක්තිමත් ම හා පිරිසුදු ම දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්ව සිටී. එය ඓතිහාසික තත්ත්වයෙකි.

ගෙවී ගිය ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝග රැකට මුහුණ දුන්නේ ය. වරෙක එම පක්ෂය ආසන අටට බැස්සේ ය. තව වරෙක ඇතැම් බලධාරීහු පක්ෂය අතහැර ගියහ. තවත් වරෙක සාමාජික සංඛ්‍යාව ඉතා අඩු විය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ දාහත්වසරක ශාපය තුළ පවා ශ්‍රී.ල.නි.ප ය අතහැර නොගිය පිරිස් සිටිති. ඔවුනට උපහාර දැක්වීම පක්ෂ සාමාජිකයන්ගේ සිරිත විය යුතු ය.

මේ ක්‍රියාදාමය තුළ 2009 යනු ඓතිහාසික වර්ෂයෙකි. එම වසර තුළ ත්‍රස්තවාදය පරාජය කැරිණි. 2010 යනු තවත් ඓතිහාසික වර්ෂයෙකි. මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරැළිය ආරම්භ විය. හම්බන්තොට අන්තර්ජාතික වරාය ඊට කදිම නිදසුනක් වේ. දැන් අපගේ ගමන් මඟ පැහැදිලිය, ශක්තිමත් ය. එය තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රමය දිගට ම පැවැතිය යුතු ය.

[QUOTE="windows8, post: 8216282, member: 268392"] [b]අපට පුතේ මඟක් ඇතේ[/b] [SIZE="3"]ව්‍යවස්ථා සංශෝධනය ගැන විවිධ අර්ථකථන පවතී. බොහොමයක් අර්ථකථන පටු දේශපාලන වාසි අපේක්ෂිත ව ප්‍රචාරය කරති. තවත් විවිධ අරමුණු සහිත ව අර්ථකථන කරලියට පැමිණ තිබේ. පොදුවේ ගත් කල ඕනෑම රටක සාමාන්‍ය ජනතාව ව්‍යවස්ථාව වැනි බරපතළ කාරණා ගැන ඒ හැටි උනන්දුවක් නො දක්වති. එහෙත් එවැන්නක ප්‍රතිඵල කෙරෙහි ප්‍රතිචාර දක්වති. අප කතා කරනුයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බව පාඨකයා දනී. ව්‍යවස්ථා සංශෝධනය යනු රහසක් නොවේ. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කළ හැක්කේ ඒකාධිපති පාලනයක් මගින් යැයි බොහෝ දෙනා කියති. එය සත්‍යයක් නම් පළමුව ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටේ සමෘද්ධිය උදා කරනු ඇත. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවට ප්‍රතිඥා දුන් ජේ. ආර්. මහතා සිය පාලන කාලය අවසන් කරන විට මේ රට ඉතියෝපියාවට සමගාමී තත්ත්වයක පැවැතිණි. දෙවන උදාහරණය ලෙස රණසිංහ පේ‍්‍රමදාස මහතා ගත හොත් එතුමා රට විශාලා මහනුවරක් වට පත්කොට තමා ද ඒ මත්තේ විනාශ විය. චන්ද්‍රිකා මැතිනියට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දර්ශනයක් තිබුණේ නැත. චන්ද්‍රිකා දර්ශනය නමින් එක් අතකින් විශාල පොතපත පළ වූ අතර අනෙක් අතින් චෞර රැජින ලෙස ද පොත් පළ විය. අවසානයේ බලන විට රාජ්‍ය සම්පත්වලට තට්ටු වී තිබිණි. ආර්ථිකය මන්දගාමී වි තිබිණි. දේශපාලනයත් – ආර්ථිකයත් එක තැන පල් විය. විවිධ කයිවාරු තිබුණත් මෙරට දේශපාලන ඉතිහාසයේ අසාර්ථක ම යුගයක් ලෙස චන්ද්‍රිකා සමය හැඳින්විය හැකි ය. 2005 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට ප්රචාරක වියදම් දරාගත නො හැකි තරමට එම පක්ෂය දුර්වල වී තිබිණි. එදා ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද සටන ජය ගත්තේ පොදු ජනයාට පින්සිදු වන්නට ය. පොදු ජනතාව මහින්ද මහතා කෙරෙහි විශ්වාසය තැබී ය. එදා ජනතාවගත් තීන්දුව නිවැරැදි ය. එහි ප්‍රතිඵලයක් ලෙස අපට බලපෑ ප්‍රධාන ප්රශ්නය විසැඳිණි. අද අපි එම ගමන් මඟෙහි දෙවන අදියරට පිවිස සිටිමු. එය මුළු මනින් ම පාහේ ආර්ථික යුද්ධයෙකි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා හැකි දර්ශනය කුමක්ද ? ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීම් හා අත්දැකීම් අපට තිබේ. බණ්ඩාරනායක මහතා එක ක්‍රමයක් අත්හදා බැලුවේ ය. සිරිමාවෝ මැතිනිය තවත් ක්‍රමයක් අත්හදා බැලුවා ය. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග පිළිවෙළින් තව - තව උපායමාර්ග අත්හදා බැලීය. ශ්‍රී ලංකාව ආර්ථික අත්හදා බැලීම්වලට තෝතැන්නක් බව ලී ක්වාන් යූ මහතා කියා තිබේ. බලාගෙන යන විට එය සාකල්‍යයෙන් ම සත්‍යයෙකි. දැන් අප අවතීර්ණය වී සිටිනුයේ අලුත් මාවතකට ය. එය ධනපති ක්‍රමයක් නො වේ. මුළුමනින් ම සමාජවාදී ක්‍රමයත් නො වේ. එය දේශීයත්වයට නතු වූ අලුත් මැද මාවතක් ලෙස සැලකිය හැකි ය. නූතන ආණ්ඩුව රාජ්‍ය සම්පත් අලෙවි කරන්නේ නැත. ජාතිය ලන්සුවට තබා බටහිරයන්ගේ සහන හා ආධාර ලබා ගන්නේ ද නැත. මෙය වනාහී අභිමානවත් හා සාර්ථක ප්‍රතිඵල සහිත අලුත් ආර්ථික ක්රියාදාමයෙකි. ආසියාවේ ඉහළ ම සංවර්ධන ප්‍රතිශතයක් ලකුණු කර ඇති රාජ්‍යයන් දෙක වනුයේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 8%කට ආසන්න වේ. ජපානයේ ආර්ථික වෘද්ධිය අභිබවා යෑමට ඉන්දියාව සමත් ව සිටී. ඉන්දියාවේ රාජ්‍ය පාලකයන් පමණක් නොව සාමාන්‍ය ජනයා ද සිය රටෙහි දේ සිරි සැප දේ යන සංකල්පය යටතේ කටයුතු කරනු ලැබේ. එහි ප්‍රතිඵල හැමදාම දේශීය භාණ්ඩ මිලට ගනු යන්න යි. 2005 සිට එම ක්‍රියාවලිය සිදු වේ. මහින්ද රාජපක්ෂ හැර ගිය ස්වල්ප දෙනා දේශපාලන වශයෙන් අනාථ වී සිටිති. වෙනත් පක්ෂවල නියෝජිතයෝ ද පෝලිමේ ශ්‍රී ලනිපයට බැඳෙති. නූතන පාර්ලිමේන්තුවේ පවතින ශක්තිමත් ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේ. අද තුනෙන් දෙකකට වැඩි බලය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් ව සිටී. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති ශක්තිමත් ම හා පිරිසුදු ම දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්ව සිටී. එය ඓතිහාසික තත්ත්වයෙකි. ගෙවී ගිය ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝග රැකට මුහුණ දුන්නේ ය. වරෙක එම පක්ෂය ආසන අටට බැස්සේ ය. තව වරෙක ඇතැම් බලධාරීහු පක්ෂය අතහැර ගියහ. තවත් වරෙක සාමාජික සංඛ්‍යාව ඉතා අඩු විය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ දාහත්වසරක ශාපය තුළ පවා ශ්‍රී.ල.නි.ප ය අතහැර නොගිය පිරිස් සිටිති. ඔවුනට උපහාර දැක්වීම පක්ෂ සාමාජිකයන්ගේ සිරිත විය යුතු ය. මේ ක්‍රියාදාමය තුළ 2009 යනු ඓතිහාසික වර්ෂයෙකි. එම වසර තුළ ත්‍රස්තවාදය පරාජය කැරිණි. 2010 යනු තවත් ඓතිහාසික වර්ෂයෙකි. මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරැළිය ආරම්භ විය. හම්බන්තොට අන්තර්ජාතික වරාය ඊට කදිම නිදසුනක් වේ. දැන් අපගේ ගමන් මඟ පැහැදිලිය, ශක්තිමත් ය. එය තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රමය දිගට ම පැවැතිය යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom