ව්‍යාපාරෙ ආරම්භකරන්න ගිය පිරිවැය බිංදුව&

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    ව්‍යාපාරෙ ආරම්භකරන්න ගිය පිරිවැය බිංදුව&

    අද අපි ව්‍යාපාර අනාගතයෙ කතා කරන්නෙ Trips Lanka ආයතනයෙ අධිපති සමීර බටගොඩ මහතා සමග

    fiNOS5
    .
    අපි කලින් කතා කල ව්‍යවසායකයන්ට වඩා සමීර සෑහෙන වෙනස් කෙනෙක් . ලංකාවෙ වානිජ අංශයෙන් වැඩිම ලකුනු ගත්තු අයට විතරක් යන්න පුලුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව්ද්‍යාලයෙ ගණකාදිකරන අංශයෙන් උපාදියක් අරන් සංචාරක අංශයේ අලුත්ම විදියෙ ව්‍යාපාරයක් ආරම්භ කල දක්ශ ව්‍යවසායකයෙක්.කොටින්ම කියනව නම් විශාල අයෝනයක් ව්‍යාපාරයක් පටන් ගන්න තීන්න ඕන කියන එක පුස්සක් කරපු කෙනෙක්. ජීවිතෙ තමන් කරන ව්‍යාපාරෙ පුදුම විදියට සතුටින් කරන කෙනෙක්.

    සමීර මහත්මා කොතනද මේ Trips Lanka ආරම්භය ?

    මම දැනුම් තේරුම් ඇතිකාලෙ ඉදන්ම ආස උනේ නෑ උදේ 8ට ගිහින් හවස 5ට ගෙදර එන ජොබ් එකකට . ඒවගේම කාගෙවත් යටතෙ වැඩකරන්න ආස උනේ නැහැ . ඒකට හීතුව උනේ මම ගොඩක් නිදහසෙ ඉන්න වගේම ස්වාදීනව හිතන්න කැමති කෙනෙක් නිසා. Trip Sri Lanka හැදෙන්න සමීර බටගොඩ ගේ මානසිකත්වය හැදෙන්නෙ ඔන්න ඔය වගේ පසු බිමක.
    ජපුර විශ්වවිද්‍යාලයේ ගණකාදිකාරී පාථමාලාව හදාරපු මට තුන්වන වසරෙ සිට KPMG ආයතනයෙ වැඩ කරන්න අවස්ථාව ලැබෙනව.නමුත් එහිදී මම තේරුම් ගත්ත ලොකුම දෙය තමා මම මේ ඉලක්කම් සන්කල්ප වගේ දේවල් එක්ක ඔට්ටු වෙන්න එච්චර කැමැත්තක් නොදක්වන ඒ වගේම ලංකාවෙ සේවක රැකියා සංස්කෘතියට නොගැලපෙන චරිතයක් බව.මම වසරක් අවසානයේ එම රැකියාවෙන් ඉවත් වන්නෙ ඊලග රැකියාව පිළිබද කිසිම බලාපොරොත්තුවකින් තොරව . 2014 පෙබරවාරි 28 රැකියාවෙන් ඉවත් උනු මම නැවතත් රැකියාවට යොමු වන්නෙ 2014 ජූනි 4 වෙනිදා. ඒ වෙනකන් ගතකරපු මාස 3 මගේ ජීවිතේ පරෙලියක් කරපු මාස 3ක්.මම මාව ගවේශනය කරන්න යොමුවෙච්ච මාස 3ක් සංක්‍රාන්ති සමයක් බවට ඒ මාස තුන පත්වුනා.
    මම දැනුම් තේරුම් ඇති කාලෙ ඉදන් සංචාරයට ප්‍රියයි. මිතුරන් සමග පව්ලේ අය සමග චාරිකා රැසකට සහභාගී වෙලා තිබුනත් මගේ ලොකුම ආසාවක් වුනේ කිසිම සැලසුමක් පෙර සූදානමක් නැතිව සංචාරය කරන්න.ඒ හීනයට පන දෙන්න මම හිතුවෙ රැකියාවෙන් ඉවත්වීමත් සමග . මුලින්ම මම කලේ DSLR cameraවක් මිලදී ගත්තු එක. කාලයක් තිස්සෙ උපකාරක පන්තියි රැකියාවයි කලා. මහපොලෙන් හා අනික් ශිෂ්‍යත්ව ගෙන් ලැබුනු මුදල් මම ගාව තිබුනා. ඒ අනුව මට හැමදාම ඕන උන backpacking සංස්කෘතියේ සංචාරයකට මම බදුල්ල බ්ලා පිටත් උනා. ගමනට සහභාගී උනේ මම පමනයි.ඒකත් හිතපු තරම් පහසු ගමනක් උනේ නැහැ.මොකද මම රෑට නවතින්නෙ කොහෙද කන්නෙ බොන්නෙ කොහෙද කියල කිසිම සැලසුමක් ඔලුවෙ තිබුනෙ නෑහැ. නමුත් මට ඕනෙ උනේ නිදහසේ ඇවිදින්න . ඒ අනුව දවස් හතරක සංචාරෙ නිමා උනේ මේ විදියට.
    බස් රථයෙන් 324 KM
    දුම්රියෙන් 368 KM
    ත්‍රී රෝද රථ 62 KM
    දෙපයින් 28 KM
    අනෙක් 14 KM
    මම තුල ඉන්න නියම සංචාරකය අවදි උනේ ඒ ආකාරයට . මේ ගමනට මම බලල තිබ්බ ච්‍ර්ත්‍රපට කිහිපයක් උත්තේජනයක් උනා කිව්වොත් නිවැරදියි. මේ ගමනින් පස්සෙ මම දිගටම සංචාරය කලා. ඒ ගමන් වලදි ගත්තු චායාරූප පල කරන්න මම Make My Trip Sri Lanka කියල facebook පිටුවක් හැදුවා
    ඊට පස්සෙ මම මගේ ද්වන රැකියාවට සම්භම්ධ වෙලා වසරක් ගතඋනා.ඒත් මට මොකද්දෝ අඩුවක් තේරුනා. ඔව් ඒ අඩුව තමයි ඇයි මම මම වගේම සංචාරයට කැමති අයට අවස්තාව හදල දෙන්නෙ නැත්තෙ,ඇයි මේක ව්‍යාපාරයක් මට්ටමට පටන් ගන්නෙ නැත්තෙ කියල. ඒ අනුව මම තීරනය කලා ඕනම කෙන්ක් ට සම්භන්ද වෙන්න පුලුවන් ආකාරයට trip එකක් සංවිදානය කරන්න. Make my trip - Sri Lanka facebok පිටුව යටතෙ Trip to Bambarakanda කියල ප්‍රත්ම චාරිකාව සැලසුම් කලා. ඒදා ඒ චාරිකාවෙ මගේ විශ්ව විද්‍ය්‍යාල මිතුරන් 10 දෙනෙකුත් පාසල් කාලෙ මිතුරෙකුත් සම්භන්ද උනා. ඒක මගේ පලමු පියවර ලොකු හයියක් උනා. ඒ අනුව මම දිගටම ව්‍යාපාර මට්ටමට මම මේක අරන් ආව. පසු කාලීනව වෙබ් අඩවියක් නිර්මානයත් , ව්‍යාපාර පසුබිම නිර්මානය කිරීමට ඇති අව්ශ්‍යතාවය පදනම් කර ගෙන Trips Lanka නමින් මම නම් වෙනස් කලා.

    පොඩියට පටන් ගත්තු වැඩේ දැන් තත්වය පොඩ්ඩක් කිව්වොත් සමීර ?

    මේවන විට සමාගම් 20 ක් සහ පාරිභෝගිකයන් 1000කට අදික ප්‍රමානයක් මගේ සංචාර වලට එක්වෙලා තීනව. දැනට මම Camping, Hiking , Rafting , Boating , Adventure , Pilgrims , safari , whale watching & snorkeling වගේ විවිද ආශ්වාද ජනක සංචාර සංවිදානය කරනව.
    රටවල් 15 කින් මට විදේශීය සංචාරකයන් මගේ සංචාර සමග එක්වෙනව .

    අපි මේ Trips Lanka ආයතනයෙ සංචාර වලට සහභාගී වෙච්ච කිහිම දෙනෙක්ගෙන් අදහස් විමසුව එයාල කිව්වෙ මෙන්න මේ වගේ අදහස්
    " ඔයාට ඔයාගෙම ට්‍රිප් එකක් ව්නෝද වෙලා අමතක නොවන අත්දැකීමක් කර ගන්න ඕනි නම් Trips Lanka සමග එක්වෙන්න "
    නයනි හේමමාලි

    "අවස්තාවට දෙපාරක් ඉඩ නැත. මම නම් දකින්නෙ trips Lanka එකෙ දියුනුවට හේතුව වර්තමානයෙ යන රැල්ලක් වෙන තරුණ පරම්පරාව නිදහස සොයායෑම ව්‍යාපාර අවස්තාවක් බවට පරිවර්තනය කිරීමයි"
    දේෂානි වික්‍රමසිංහ

    සමීර පලවෙනි වැඩේ කරන්න කොච්චර වියදමක් ගියාද ?
    මම මුල්ම trip එක ගියේ බම්බර කන්දෙ සැලසුම් කරනකොට හිතුව trip එකට එක්කෙනෙක් වත් ආවෙ නැතොත් මුලු වියදමම මම තනියෙන් දරාගෙන වැන් එකෙන් ගිහින් අඩුම ගානෙ පින්තූර කියක් හරි ගහන් එනව කියල. මගෙ ව්‍යාපාරෙ virtual space එකක කරන්න පුලුවන් නිසා කිසිම ආරම්භක පිරිවැයක් ගියේ නෑ . හැබැයි මම 25000ක් 30000ක් වියදම් කරන්න සූදානමින් තමා පලවෙනි trip එක සැලසුම් කලේ. මගේ වෙලාවට 11 දෙනෙක් ආව. Trip එක රුපියල් 2509/- අලභයි. ඔහොම ආරම්භ වෙච්ච එකක් තමා Trips Lanka.

    සමීර කැම්පස් ගිය නොගිය ඔක්කොම අයට ඔයාගෙ පනිවිඩය මොකද්ද තමන්ගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න එක ගැන ?

    මුලින් උත්සහ කරන්න , වරදින්න අරින්න ඔයා ඔයා වෙන්න. මුලින්ම හිතන්න ඔයාට ඔයාගෙම දෙයක් පටන් ගන්න ඕනද කියල . නැත්නම් fashion එක විදියට හැමෝම මොකහරි ව්‍යාපාරයක් කරන්න හදන නිසා කරන්නම් වාලෙ මොනවහරි කරන්න ඕන කියල . මුලින්ම තීරනය කරන්න අභියෝගයට තමුන් සූදානම්ද අවදානමක් ගන්න තමුන් සූදානම් ද කියල.
    ඔයාට විශ්වාස නම් පටන් ගන්න යන ව්‍යාපරෙන් රුපියලක් වත් ඉපයුවෙ නැතත් ආපහු කොහෙන් හරි තැනකින් ජීවිතෙ පටන් ගන්න පුලුවන් හයියක් ඔයාට තීනව කියල ඔයා අභියොගය භාර ගන්න.
    යමක් ලැබෙනව කියල හිතිවිල්ලෙන් එන හයියට වඩා නැති උනොත් හිත හයියට තියාගන්න පුලුවන් කියල හයියක් තීනව නම් ව්‍යාපාරයක් පටන් ගන්න.

    Source :- http://aenzglobal.blogspot.com/

    හොද නම් රෙප් එකක් දෙන්න
     
    • Like
    Reactions: suicxde