වාද භේද වෙනුවට හාදකම් පතුරන සුබ අලුත් අවු&#351

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වාද භේද වෙනුවට හාදකම් පතුරන සුබ අලුත් අවු&#351

    සිංහල සහ හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව බක් මාසයේ යෙදෙන අලුත් අවුරුද්ද සිංහල මාස ක්‍රමය අනුවද නව වසරක ඇරඹුම සටහන් කරන්නකි. එම අවුරුද්ද ඉතාම තුටු සිතින් සමරන සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යන්න ප්‍රාර්ථනයයි.

    වාද, භේද සියල්ල පසෙකලමින් එකාවන්ම ධනාත්මකව ජීවිතය දෙස බලන, අහිමිකරගත් හාදකම් මෙන්ම නව හාදකම් ද ඇතිකරගන්නට හැකිවෙන අලුත් අවුරුද්දක් බවට මෙය පත්විය යුතුය යන්න අපේ අපේක්ෂාවයි. එකම රටක මිලියන ගණනක ජනතාවක් එකම මොහොතක ලිපිගිනි දල්වමින්, ආහාර අනුභව කරමින්, වැඩ ඇල්ලීම වනාහි සුවිශේෂ අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

    එම හැඟීමෙන්ම වසරේ අනෙකුත් කාල වකවානුවලද නවමු හැඟීම් පෙරදැරි කරගෙන ජීවිතය ගෙනයන්නට වාසනාව ධෛර්ය ශක්තිය ඔබ සැමට ලැබේවා.

    www.her.lk