Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම

අනුරාධපුර යුගයේ පැවැති වාපී ශිෂ්ටාචාරය ලෝක ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් යැයි විශිෂ්ට ඉතිහාසඥයකු වූ ආනෝල්ඩ් ජේ. ටොයින්බි විසින් ලියන ලද ‘ලෝක ඉතිහාසය’ (History of the World) නමැති කෘතියෙහි සඳහන් ය. එය ඉතා නිවැරැදි ප්‍රකාශයක් බව අතීත වාපී ශිෂ්ටාචාරය හැඳින්වීම පිණිස භාවිත කැරෙන වැවයි, දාගැබයි නමැති ආදර්ශ පාඨය විග්රහ කළ විට පැහැදිලි වන කරුණකි. වැව මඟින් සැලසුම් සහගත වී ගොවිතැනත්, දා ගැබ මඟින් අධ්‍යාත්මික සංවර්ධනයත් සංකේතවත් කැරෙන එම ආදර්ශ පාඨය අනුව අතීත වාපී ශිෂ්ටාචාරය යනු හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණක් නො වේ. නූතන ව්‍යවහාරය අනුව පවසන්නේ නම්, එය තිරසාර සංවර්ධනය පිළිබඳ සංකේතයකි.

එම අනඟි වාපී ශිෂ්ටාචාරයට සිදු වූයේ කුමක් ද? අතීත වාපී ශිෂ්ටාචාරයට අත් වූ ඉරණ ම කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීම නිසා යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ අපට පෙන්වා දී තිබේ. මාස කිහිපයක් පැවැති නියඟය නිසා යළි මතු වූ මේ බුදු පිළිම වහන්සේ 1986 වසරේ සිට කොත්මලේ ජලාශයට යට වී තිබිණ. යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ එම බුදු පිළිම වහන්සේ ඡායාරූපයට නඟා පසු ගිය දිනවල පුවත්පත්වල පළ කැර තිබෙණු දුටු වෙමු.

කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් කොත්මලේ ජලාශයට යටවිය. එහි දී ජලයට යට වූ පන්සල් ගණන පනස් හතරකි. එයින් අපේක්ෂිත ප්‍රධාන ආර්ථික ප්‍රතිලාභය මෙගාවොට් දෙසිය එකක විදුලි බල ධාරිතාවක් ඉපිදවීම යි.

කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ ව සිංහල විශ්වකෝෂයෙහි සඳහන් කරුණු වෙත අපි අවධානය යොමු කරමු.

‘කාවන්තිස්ස රජු ගේ කාලයේ දී ත් මේ පෙදෙසට කොත්මලය යන නම පාවිච්චි වී ඇත. මෙහි ඉතිහාසය එයට ද වඩා පැරැණි ය. සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන නාමවලින් ඒ බව පෙනේ. මෙහි බොහෝ ස්ථාන වල පස කළු පැහැති වීමට හේතුව ප්‍රවාද අනුව හනුමා විසින් ගිනි තැබීම ය. කුවේණි ගේ දරුවන් පලා ගිය බව කියනුයේ ද කොත්මලයට ය. ගැමුණු කුමරු පලාවුත් වාසය කළේ කොත්මලේ කොටගේපිටියේ ය. කාලිංග මාඝගේ කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ සඟවා තැබුවේ කොත්මලේ ය. ඉංගී්රසින් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලාවුත් සැඟ වී සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල අවස්ථාවේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ ආදී කැරලි නායකයන් රක්ෂාවරණය සොයා ආවේ කොත්මලයට ය.’

‘නවීන මාර්ග ඇතිවීමට පෙර කොත්මලේ ගමනාගමනයට දුෂ්කර ප්‍රදේශයක් ව පැවතුණි. එහෙයින් සෙසු ප්‍රදේශ වාසීන් ගේ ඇසුර මෙහි වැසියන්ට ලැබුණේ අල්ප වශයෙනි. මෙහෙයින් ඉතා පැරැණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර ගති පැවතුම් සහ භාෂා ව්‍යවහාර මෙහි පැවතුණි. දැනට නම් කොත්මලය සිංහලයන්ට වඩා වතු කම්කරු ද්‍රවිඩ ජනයා පදිංචි ප්රදේශයකි.’

‘පුහුල්පිටියේ රජ මහ විහාරය, දිඹුල විහාරය, දොරුවාදෙණියේ රංසිමාලකාරාමය, ක්ෂේත්‍රාරාමය, පි්රයබිම්බාරාමය, සුභද්‍රාරාමය, රාජගිරිලෙන විහාරය ආදී පෞරාණික විහාර බොහෝ ගණනක් කොත්මලේ ඇත්තේ ය. මෙයින් පුහුල්පිටියේ විහාර භූමිය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවෙන් හටගත් දෙසිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් රෝපණය කරන ලද සිද්ධස්ථානයකි. එ පමණක් නො ව මලියදේව රහතන් වහන්සේ දඹදිවින් වැඩමවන ලද දඹරන් පිළිමයක් ද වඩා හිඳුවා තිබෙන ස්ථානයක් හැටියට ද මෙය සැලැකේ. ගැමුණු කුමරු සිටි ස්ථානය සිහි වීම පිණිස ගල් තලාවක් මත ගොඩනැඟූ චෛත්‍යයක් ද මෙහි ඇත. දිඹුල විහාරය ක්‍රි.ව. 1237 පමණේ දී කරවූවක් බව එහි තිබී හමු වූ ලිපියකින් හෙළි වේ.’

විසිවන සියවසේ සංවර්ධන උපාය මාර්ග අනුව ජලයට යට වූයේ එ බඳු භූමි ප්රදේශයකි. එය වැවයි, දාගැබයි නමැති විශිෂ්ට සංකල්පයට කෙ තරම් දුරස් දැයි නියඟය නිසා හෝ සිහිපත් වීම හොඳ ය. එහෙත්, ජලාශ ඉදි කිරීම වැනි සංවර්ධන යෝජනා ක්‍රම රටට අවශ්‍ය නැතැයි හෝ බුද්ධ ප්‍රතිමා වන්දනාව බෞද්ධ කම ආරක්ෂා කිරීමේ එකම මාර්ගය යැයි කීමට අප අදහස් නො කළ බව ද කිව යුතු ය. මෙහි දී වඩා වැදග් වන්නේ සංවර්ධනය පිළිබඳ නවීන ආකල්පයේ ඇති අසම්පූර්ණ බව හඳුනා ගැනීම ය.

කොත්මලේ ජලාශය ගැන කතා කිරීමේ දී එක්තරා අතීත සිද්ධියක් ද මෙහි ගෙනහැර දැක්වීම මැනවැයි සිතුවෙමු.

ඉන්දියාවේ මදුරා පුරයේ තිබූ ආකාරයේ අලංකාර ජලාශයක් සෙංකඩගල නුවර තැනීමට අදහස් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඒ සඳහා නාථ දේවාලය නගර සීමාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ගුණාගුණ විමසීමට කොත්මලේ බරණ ගණිතයා කැඳවනු ලැබී ය. දිය නා පිරිසුදු වී නාථ දේවාලය වෙත පැමිණි බරණ ගණිතයා, දොළොස් පැයක් දෙවියන් ඉදිරියේ භාවනා කළේ ය. එහි දී ආවේශ වූ ඔහු දෙබරු රෑනක් අහස අඳුරු කරමින් පියඹා එනු දුටු බව පැවැසේ. එහෙත් ඒ පිළිබඳ ව රජුට කිසිවක් නො කී ඔහු දේවාලයෙන් නිහඬව පිට ව ගොස් ඇත. එ සේ වූව ද බරණ ගණිතයාට කිසි දිනෙක සිය නිවස වෙත පැමිණීමට නො හැකි වී යැයි විශ්වාසයක් පවතී.

ජනප්රවාදයේ එන මේ කතා පුවතින් අප අවබෝධ කැර ගත යුත්තේ කුමක්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට බලය තිබූ පමණින් ආගමික සිද්ධස්ථාන වැනි පාරම්පරික උරුමයන් පිළිබඳ තීරණ ගැනීම තම සිතැඟි අනුව නො කළ බව ය.

කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ ජලයෙන් වැසී ගිය අයුරින් අප ගේ අතීත උරුමය සංවර්ධනයේ නාමයෙන් යටපත් කළ යුතු නැත.

[QUOTE="rocat90, post: 19857486, member: 452168"] [b]වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම[/b] [SIZE=5][B]අ[/B]නුරාධපුර යුගයේ පැවැති වාපී ශිෂ්ටාචාරය ලෝක ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් යැයි විශිෂ්ට ඉතිහාසඥයකු වූ ආනෝල්ඩ් ජේ. ටොයින්බි විසින් ලියන ලද ‘ලෝක ඉතිහාසය’ ([FONT=Arial]History of the World[/FONT]) නමැති කෘතියෙහි සඳහන් ය. එය ඉතා නිවැරැදි ප්‍රකාශයක් බව අතීත වාපී ශිෂ්ටාචාරය හැඳින්වීම පිණිස භාවිත කැරෙන වැවයි, දාගැබයි නමැති ආදර්ශ පාඨය විග්රහ කළ විට පැහැදිලි වන කරුණකි. වැව මඟින් සැලසුම් සහගත වී ගොවිතැනත්, දා ගැබ මඟින් අධ්‍යාත්මික සංවර්ධනයත් සංකේතවත් කැරෙන එම ආදර්ශ පාඨය අනුව අතීත වාපී ශිෂ්ටාචාරය යනු හුදු ආර්ථික ක්‍රියාවලියක් පමණක් නො වේ. නූතන ව්‍යවහාරය අනුව පවසන්නේ නම්, එය තිරසාර සංවර්ධනය පිළිබඳ සංකේතයකි.[/SIZE] [SIZE=5] එම අනඟි වාපී ශිෂ්ටාචාරයට සිදු වූයේ කුමක් ද? අතීත වාපී ශිෂ්ටාචාරයට අත් වූ ඉරණ ම කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීම නිසා යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ අපට පෙන්වා දී තිබේ. මාස කිහිපයක් පැවැති නියඟය නිසා යළි මතු වූ මේ බුදු පිළිම වහන්සේ 1986 වසරේ සිට කොත්මලේ ජලාශයට යට වී තිබිණ. යළි මතු වී පෙනුණු කඩදොර පන්සලේ එම බුදු පිළිම වහන්සේ ඡායාරූපයට නඟා පසු ගිය දිනවල පුවත්පත්වල පළ කැර තිබෙණු දුටු වෙමු.[/SIZE] [SIZE=5] කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් කොත්මලේ ජලාශයට යටවිය. එහි දී ජලයට යට වූ පන්සල් ගණන පනස් හතරකි. එයින් අපේක්ෂිත ප්‍රධාන ආර්ථික ප්‍රතිලාභය මෙගාවොට් දෙසිය එකක විදුලි බල ධාරිතාවක් ඉපිදවීම යි.[/SIZE] [SIZE=5] කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ ව සිංහල විශ්වකෝෂයෙහි සඳහන් කරුණු වෙත අපි අවධානය යොමු කරමු.[/SIZE] [SIZE=5] ‘කාවන්තිස්ස රජු ගේ කාලයේ දී ත් මේ පෙදෙසට කොත්මලය යන නම පාවිච්චි වී ඇත. මෙහි ඉතිහාසය එයට ද වඩා පැරැණි ය. සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන නාමවලින් ඒ බව පෙනේ. මෙහි බොහෝ ස්ථාන වල පස කළු පැහැති වීමට හේතුව ප්‍රවාද අනුව හනුමා විසින් ගිනි තැබීම ය. කුවේණි ගේ දරුවන් පලා ගිය බව කියනුයේ ද කොත්මලයට ය. ගැමුණු කුමරු පලාවුත් වාසය කළේ කොත්මලේ කොටගේපිටියේ ය. කාලිංග මාඝගේ කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ සඟවා තැබුවේ කොත්මලේ ය. ඉංගී්රසින් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලාවුත් සැඟ වී සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල අවස්ථාවේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ ආදී කැරලි නායකයන් රක්ෂාවරණය සොයා ආවේ කොත්මලයට ය.’[/SIZE] [SIZE=5] ‘නවීන මාර්ග ඇතිවීමට පෙර කොත්මලේ ගමනාගමනයට දුෂ්කර ප්‍රදේශයක් ව පැවතුණි. එහෙයින් සෙසු ප්‍රදේශ වාසීන් ගේ ඇසුර මෙහි වැසියන්ට ලැබුණේ අල්ප වශයෙනි. මෙහෙයින් ඉතා පැරැණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර ගති පැවතුම් සහ භාෂා ව්‍යවහාර මෙහි පැවතුණි. දැනට නම් කොත්මලය සිංහලයන්ට වඩා වතු කම්කරු ද්‍රවිඩ ජනයා පදිංචි ප්රදේශයකි.’[/SIZE] [SIZE=5] ‘පුහුල්පිටියේ රජ මහ විහාරය, දිඹුල විහාරය, දොරුවාදෙණියේ රංසිමාලකාරාමය, ක්ෂේත්‍රාරාමය, පි්රයබිම්බාරාමය, සුභද්‍රාරාමය, රාජගිරිලෙන විහාරය ආදී පෞරාණික විහාර බොහෝ ගණනක් කොත්මලේ ඇත්තේ ය. මෙයින් පුහුල්පිටියේ විහාර භූමිය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවෙන් හටගත් දෙසිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් රෝපණය කරන ලද සිද්ධස්ථානයකි. එ පමණක් නො ව මලියදේව රහතන් වහන්සේ දඹදිවින් වැඩමවන ලද දඹරන් පිළිමයක් ද වඩා හිඳුවා තිබෙන ස්ථානයක් හැටියට ද මෙය සැලැකේ. ගැමුණු කුමරු සිටි ස්ථානය සිහි වීම පිණිස ගල් තලාවක් මත ගොඩනැඟූ චෛත්‍යයක් ද මෙහි ඇත. දිඹුල විහාරය ක්‍රි.ව. 1237 පමණේ දී කරවූවක් බව එහි තිබී හමු වූ ලිපියකින් හෙළි වේ.’[/SIZE] [SIZE=5] විසිවන සියවසේ සංවර්ධන උපාය මාර්ග අනුව ජලයට යට වූයේ එ බඳු භූමි ප්රදේශයකි. එය වැවයි, දාගැබයි නමැති විශිෂ්ට සංකල්පයට කෙ තරම් දුරස් දැයි නියඟය නිසා හෝ සිහිපත් වීම හොඳ ය. එහෙත්, ජලාශ ඉදි කිරීම වැනි සංවර්ධන යෝජනා ක්‍රම රටට අවශ්‍ය නැතැයි හෝ බුද්ධ ප්‍රතිමා වන්දනාව බෞද්ධ කම ආරක්ෂා කිරීමේ එකම මාර්ගය යැයි කීමට අප අදහස් නො කළ බව ද කිව යුතු ය. මෙහි දී වඩා වැදග් වන්නේ සංවර්ධනය පිළිබඳ නවීන ආකල්පයේ ඇති අසම්පූර්ණ බව හඳුනා ගැනීම ය.[/SIZE] [SIZE=5] කොත්මලේ ජලාශය ගැන කතා කිරීමේ දී එක්තරා අතීත සිද්ධියක් ද මෙහි ගෙනහැර දැක්වීම මැනවැයි සිතුවෙමු.[/SIZE] [SIZE=5] ඉන්දියාවේ මදුරා පුරයේ තිබූ ආකාරයේ අලංකාර ජලාශයක් සෙංකඩගල නුවර තැනීමට අදහස් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඒ සඳහා නාථ දේවාලය නගර සීමාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ගුණාගුණ විමසීමට කොත්මලේ බරණ ගණිතයා කැඳවනු ලැබී ය. දිය නා පිරිසුදු වී නාථ දේවාලය වෙත පැමිණි බරණ ගණිතයා, දොළොස් පැයක් දෙවියන් ඉදිරියේ භාවනා කළේ ය. එහි දී ආවේශ වූ ඔහු දෙබරු රෑනක් අහස අඳුරු කරමින් පියඹා එනු දුටු බව පැවැසේ. එහෙත් ඒ පිළිබඳ ව රජුට කිසිවක් නො කී ඔහු දේවාලයෙන් නිහඬව පිට ව ගොස් ඇත. එ සේ වූව ද බරණ ගණිතයාට කිසි දිනෙක සිය නිවස වෙත පැමිණීමට නො හැකි වී යැයි විශ්වාසයක් පවතී.[/SIZE] [SIZE=5] ජනප්රවාදයේ එන මේ කතා පුවතින් අප අවබෝධ කැර ගත යුත්තේ කුමක්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට බලය තිබූ පමණින් ආගමික සිද්ධස්ථාන වැනි පාරම්පරික උරුමයන් පිළිබඳ තීරණ ගැනීම තම සිතැඟි අනුව නො කළ බව ය.[/SIZE] [SIZE=5] කඩදොර පන්සලේ බුදු පිළිම වහන්සේ ජලයෙන් වැසී ගිය අයුරින් අප ගේ අතීත උරුමය සංවර්ධනයේ නාමයෙන් යටපත් කළ යුතු නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom