වායුවෙන් දුවන රියක්!

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    වායුවෙන් දුවන රියක්!

    පියුජියෝ සමාගමෙන් වායුවෙන් දුවන රියක්! ඉන්ධන හිඟයට හා පරිසර දූෂණයට පිළියමක්!

    ප‍්‍රංශයේ පියුජියෝ (Peugeot) සිට්රන් සමාගම ලබන වසරේදී වායුවෙන් (Air) ධාවනය කළ හැකි රථයක් වෙළඳ පොළ අලෙවියට එවන්නට සූදානම් වෙනවා.

    ‘පෝජෝ’ යනුවෙන් ශී‍්‍ර ලංකාවේ වැඩි දෙනා හඳුන්වන පියුජියෝ 208 කාරයට සවි කරන මෙම නව පද්ධතියට භාවිත කරන්නේ සම්පීඩිත වායුවෙන් ධාවනය කළ හැකි සාමාන්‍ය ඇංජිමක්. මෙය ඔවුන් හඳුන්වන්නේ වායුව හා පැට්රල් යන ඉන්ධන දෙවර්ගයම යෙදිය හැකි ‘හයිබි‍්‍රඞ්’ හෙවත් දෙමුහුන් කාරයක් ලෙසයි.

    ඒ සමාගම කියන්නේ මෙය නගරවල ධාවනයේ දී ඔබේ පැට්රල් බිල සියයට 80කින් අඩු කරන බවයි.

    4.JPG
    හයිබි‍්‍රඞ් වායු තාක්ෂණය යෙදූ සිට්රන් සී3 රිය හෝ පියුජියෝ 208 රිය වැන්නකින් විමෝචනය කෙරෙන්නේ ඉතාමත් අවම කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් (එක් කිලෝග්රෑමයකට ග්රෑම් 69ක් වැනි ප‍්‍රමාණයක්) බවයි.​

    මේ පද්ධතියට යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය අන්තර් දහන ඇංජිමක්, විශේෂ හයිඩ්‍රොලික ක‍්‍රමයක් හා විශේෂයෙන් සකසා ගත් ගියර් පෙට්ටියක්. ඊට අමතරව වායුව ගබඩා කළ හැකි හා අවශ්‍ය විට ශක්තිය මුදා හළ හැකි සම්පීඩක වායු සිලින්ඩර දෙකක්. මේ නිසා එය පැට්රල්වලින් හා වායුවෙන් හෝ දෙකෙන් ම ධාවනය කළ හැකියි.

    වායුබලය තනිකරම නගරය තුළ ධාවනයට යොදා ගන්න පුළුවන්. එහි දී ධාවනය වේගය ස්වයංකී‍්‍රයව පාලනය වෙනවා පැයට හැතැප්ම 43ට අඩු වේගයකින්.

    5.JPG
    මේ පද්ධතියට පැට්රල් හා වායුයෙන් ධාවන කළ හැකි ඇංජිමක් තමයි ඇතුළත් වෙන්නේ. වායුවෙන් ධාවනය කළ හැකි වේගය පැයට හැතැප්ම 70ට අඩුයි. මෙයට ඇතුළත් වෙනවා, අවපීඩනය කළ වායුව ඇසුරූ ටැංකියක්, පැට්රල් ටැංකියක්, බලශක්ති ගබඩා පද්ධතියක් (energy storage system), ගියර් පෙට්ටියක්, හයිඩ්‍රොලික පොම්පයක් හා මෝටරයක්, පැට්රල් ඇංජිමක් ඇතුළත් වෙනවා.​

    2020 දී මේ රිය පැයට හැතැප්ම 117ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි පරිදි වැඩි දියුණු කරන්න මෙම සමාගම බලාපොරොත්තු වෙනවා.

    වේගය අඩු කිරීමේ දී හා තිරංග තද කිරීමේ දී සාමාන්‍යයෙන් නැති වී යන සියලූ ශක්තිය වායු පීඩන පද්ධතිය මගින් නැවත පාවිච්චියට ගන්න පුළුවන්. කාරයේ යට පැත්තේ ඇති වායු පිටාර නලයට සමාන්තරව සවි කර ඇති සම්පීඩක ටැංකියෙන් ඇංජිම ඇති කොටසෙහි සවිකර ඇති මෝටරයට හා පොම්පයට බලය සපයනවා.

    මේ පෙරළිකාර නව ‘හයිබි‍්‍රඞ් වායු’ ඇංජින් පද්ධතිය මුලින්ම කි‍්‍රයා කරන්නේ පැට්රල් හා සම්පීඩිත වායුව සමග මුසු කරලයි. මේ නිසා දැන් භාවිතයේ ඇති හයිබි‍්‍රඞ් කාර්වලට මෙන් මේ නව කාරයට අධිමිලැති බැටරියක් අවශ්‍ය වන්නේ නැහැ.

    මේ වායුවෙන් දුවන කාරයේ එක් විශේෂත්වයක් නම් ඇතුළත වැඩි ඉඩකඩක් පැවතීමයි. ඒ වගේ ම ස්වයංකී‍්‍රය ගියර පද්ධතිය නිසා ධාවනයේදී මහමග භාවිතය පහසු වෙනවා. ඉන්ධන දහනයේ දී සිදුවන ගැස්සීම් කිසිවක් දැනෙන්නේ නැහැ.

    මේ තාක්ෂණය ඕනෑම මෝටර් රථයකට, ඕනෑම වෙළඳ පොළකට, ඕනෑම දේශගුණයකට, ඕනෑම පරිසරයකට සරිලනවා. හැබැයි අතිරේක ටයරය ඇත්තේ වාහනයේ ඩිකියේ නම් හයිබි‍්‍රඞ් වායු මෝටරය සවිකළාම ඊට ඉඩක් නැතිව යනවා.

    හයිබි‍්‍රඞ් වායු ක‍්‍රමය සවිකරන වාහන, පි‍්‍රයුස් වැනි වර්තමාන හයිබි‍්‍රඞ් මොඩලයේ වාහනවලට වඩා පවුම් දහසක් විතර මිලෙන් අඩුයි.

    දැනට වසර දෙකක් තිස්සේ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් 100ක් පමණ දෙනා මේ වායු බලයෙන් දුවන මේ රිය තැනීමේ කටයුතුවල රහසේ ම නිරත වුණා. මේ කටයුතු සිදු වුණේ පැරීසියේ පිටත වෙලිසිහී (Velizy) පිහිටි පියුජියෝ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදි.

    8.jpg
    වායුවෙන් ධාවනය වන විට ඉබේම වාහනයේ වේගය පැ.හැ. 43කට අඩුවෙන් තමයි ධාවනය වෙන්නේ.​

    මේ නව හයිබි‍්‍රඞ් වායු රිය පියුජියෝ ප‍්‍රධාන විධායක පිලිප් වේරින්ගේ සංකල්පයක් මත නිපදවූවක්. වසර 200ක දිගු ඉතිහාසයක් ඇති මෙම පියුජියෝ සමාගම මේ මගින් නව මගකට ගෙනියන්නයි ඔහුගේ බලාපොරොත්තුව.

    මේ නව පෙරළිකාර පද්ධතිය, හැඩය හෝ ප‍්‍රමාණය වෙනස් නොකර ඕනෑම කාරයකට සවි කරන්න පුළුවන්. පිටතින් බලන විට මෙහි කිසිම වෙනසක් පෙනෙන්නේ නැහැ, සාමාන්‍ය කාරයක් වගෙයි.

    පියුජියෝ සමාගම මුලින් ම මේ ක‍්‍රමය හඳුන්වා දෙන්නට යන්නේ කුඩා මාදිලිවලටයි. එයින් මුලින්ම එන්නේ පියුජියෝ 208 කාරයයි.

    සමාගම කියන විධියට පරිසරයට හිතකර මේ කාරය ධාවනයට යන වියදමත් අඩුයි. වායුව නිසා රිය ගැටුම්වල දී සිදුවිය හැකි අනතුරුදායක බවත් අවමයි.

    සම්පීඩක වායුව හිස් වී ඉන්ධන නොමැතිව ගමන ඇණ හිටීමක් සිදුවන්නේ නැහැ. එහි ඇති විශේෂ උපකරණයක් මගින් වායු ඉන්ධන අඩු වේගන යන බව දැන ගෙන ස්වයංකී‍්‍රයව ඒ අඩුව පිරවෙනවා.

    වායු පීඩනය අඩු වැඩි වීම වාහනයේ වේගය අඩු වීම අනුව වෙනස් වෙනවා.

    පියුජියෝ සමාගම ආරම්භ කරන ලද්දේ 1810දියි. තවමත් පියුජියෝ පවුලට මේ ආයතනයේ පාලන බලය තියෙනවා. තියරි පියුජියෝ තමා දැන් මේ ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ.

    9.jpg
    අනාගතයේ වායු බලයෙන් දුවන පියුජියෝ 208 කාරය අනාගතයේ එන වායුබල තාක්ෂණයේ ඉහළම ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.​

    10.JPG
    මෙහි යට පිටාර ටැංකිය අසල ඇත්තේ සම්පීඩිත වායුව රැගත් සිලින්ඩරයයි.​
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඒ මචන් ලOකාවෙ ත්‍රීවීල් වලට එහෙම ඕක හය් කරානම් ඉදල ඉවරය්! :lol: