වායු දූෂණය හේතුවෙන් රෝගියෙකු බවට පත් කිරී
නිවස තුළ සිදුවන වායු දූෂණය හේතුවෙන් රෝගියෙකු බවට පත් කිරීම වලක්වාගත හැකි ක්‍රම පහක්
කුඩා වෙනසක් සිදුකිරීමෙන් සිය නිවස සහ එහි සාමාජිකයන් ආරක්ෂා කරගත හැකිය වායු දූෂණය හේතුවෙන් වසරක් ඇතුළත ලොව පුරා වසරකට මිලියන හතක පිරිසක් මියයති. නමුත් මෙම තත්වයෙන් සම්පූර්ණයෙන් ගැලවීමට මගක් මේ දක්වා සොයාගෙන නොමැත.
ආශ්වාස කිරීම වැනි ඉතා සරල ක්‍රියාවක නියැලීමෙන් සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම රෝගී තත්වයන්ට ගොදුරු වේ. මේ අතර හුස්ම ගැනීමේ අපහසුතා, ස්නායු දුර්වලතා මෙන්ම පෙනහළු පිළිකා රෝගීන් ද දැකිය හැකිය.
සෑම ස්ථානයකම පැතිරී ඇති ඇසට නොපෙනෙන දූෂිත වාතය දිගින් දිගටම අප රෝගීන් බවට පත් කරමින් සිටී. ආවරණය වූ ස්ථානයක සිටිය දී මෙම තත්වය වැඩි වශයෙන් බලපෑ හැකිය. නිවස හෝ යම් ගොඩනැගිල්ලක් තුළ වාතය පිටත වාතයට වඩා දෙගුණයත් පස්ගුණයක් අතර ප්‍රමාණයක් අපවිත්‍ර බව එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ සංවිධානයක් කළ ගවේෂණයකින් හෙළි වී තිබේ.
"පිටත තිබෙන දූෂිත වායුවත් ඔබේ ගොඩනැගිල්ල තුළ සැරිසරනවා. ඒ වගේම ඔබේ ක්‍රියාකාරකම්වලින් එකතු වන අපවිත්‍ර වාතයත් ගොඩනැගිල්ල තුළ තිබෙනවා. ආහාර පිසීමෙන්, පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවලින් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තුළින් වාතය අපවිත්‍ර වෙන්න පුළුවන්," වායු පිරිසිදු කිරීමේ තාක්ෂණය සහිත උපකරණ ලෝකය පුරා බෙදා හරින 'එයාලැබ්ස් (Airlabs) ආයතනයේ ප්‍රධාන විද්‍යා නිලධාරි මැතිව් එස් ජොන්සන් පැහැදිලි කළේය.
කෙසේනමුත්, සිය නිවසේ වාතය පිරිසිදුව තබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කීපයක් තිබේ.
එවන් ක්‍රම පහක් පිළිබඳපහත විස්තර කෙරේ.
1. වාතාශ්‍රය වැඩි කිරීම
නිවස තුළ වාතාශ්‍රය නොමැති වීමෙන් දූෂිත වායුව නිරන්තරයෙන් රැඳී තිබේ.
"අධික උෂ්ණත්වයක් නැත්නම් හෝ ඔබ යම් අසාත්මිකතාවලින් පෙළෙන්නේ නැත්නම්, නිවසේ ජනෙල් සහ දොරවල් දිනකට දෙවරක් හෝ තෙවරක් ඇර දමා තබන්න. මෙයින් නිවසට නැවුම් වාතය ඇතුළු වෙනවා" යැයි ඉන්දියාවේ බලශක්ති සහ සම්පත් ආයතනයේ (TERI) ආර් සුරේෂ් පැවසීය.
දොර ජනෙල් විවෘත කර තැබිය නොහැකිනම්, වාතය පිරිසිදු කරන තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍රයක් සවි කර ගැනීම සුදුසුය. ආවරණය වූ ස්ථානයක සිට ආහාර පිසින්නේනම් හෝ ස්නානය කරන්නේනම් වාතය සහ ජල වාෂ්ප ඉවතට ඇද දැමීමේ උපකරණ (extractor) සවි කර තිබීම මගින් අපවිත්‍ර වාතය සහ අනවශ්‍ය ජල වාෂ්ප නිවස තුළ රැඳීම අවම වේ.
2. ගෘහස්ථ පැළෑටිවලින් ඔබේ නිවස පුරවන්න
අධික මිල වායු පිරිසිදු කිරීමේ යන්ත්‍ර මිල දී ගැනීමට අපහසුද? එසේනම්, නිවස හෝ ගොඩනැගිල්ල තුළ ගෘහස්ථ පැළෑටි තැබීම සිදුකළ හැකිය. සමහර පැළෑටි මගින් වාතයේ තිබෙන විෂ වායුව ඉවත් කරන අතර, මෙය "ගෘහස්ථ වායු දූෂණය අවම කිරීම සඳහා වාසිදායි ක්‍රමයක් ලෙස භාවිත කරන්න පුළුවන්" යැයි ආර් සුරේෂ් පැවසුවේය.
මෙම ක්‍රමය පිළිබඳ සැබෑ ලෝකයේ පරීක්ෂණ සිදු කර නොමැති බව සමහරු පවසති. නමුත්, පැළෑටිවලින් වෙන කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණත් ඒවා දැකීමෙන් ඔබේ මානසික සුවය ඉහළ නංවනු ඇත.
නිවසක් තුළ වැවීමට සුදුසු පැළෑටි කීපයක විස්තර පහත දැක්වේ:
තමන් තෝරා ගන්නා පැළෑටිය කුමක් වුවත්, යම් පුද්ගලයෙකු මතක තබා ගත යුතු දෙයක් නම්, "ගෘහස්ථ පැළෑටිවලට වාතය පිරිසිදු කිරීමට නම් ඒවා ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. නැත්නම්, ඒවා නරක් වෙන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියේදී පිටවෙන විෂ මගින් තවත් වාතය අපිරිසිදු වෙනවා," යැයි ආර් සුරේෂ් පැවසීය.
3. ගන්ධයක් නිකුත් වන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න
ඔබ කෘත්‍රිම සුවඳ දියරයක් භාවිත කරන සෑම අවස්ථාවකමදීම අහිතකර විෂ වර්ග වාතයට මුදා හැරේ. මෙවැනි වර්ග කීපයක් එකතු වීමෙන් ඉතා භයානක විෂ වායු නිර්මාණය විය හැකිය. උදාහරණයක් ලෙස, ස්වාභාවික නොවන පිරිසිදු කිරීමේ දියරවලින් ෆෝමැල්ඩිහයිඩ් විෂ වායුව පිට කරන අතර, මෙය පිළිකා ඇතිවීමට හේතුවක් ලෙස දැක්වේ.
ඔබ කළ යුත්තේ කුමක්ද?
රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීමේ යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.
මුළුතැන්ගෙය පිරිසිදු කිරීමට කපාගත් දෙහි සහ බේකින් සෝඩා භාවිත කිරීමෙන් ස්වාභාවික සුවඳක් ලබා ගත හැකි බව ආර් සුරේෂ් පැවසුවේය.
Image copyright Getty Images Image caption වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය 4. ගොඩනැගිලි තුළ දුම් පානය කිරීමෙන් වළකින්න
දුම්පානය කිරීම සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර, ගොඩනැගිල්ලක් තුළ දුම්පානය කිරීම කිසිසේත්ම සිදු නොකර යුතුය.
වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය.
දුම්වැටියෙන් නිකුත් වන දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් ඔබ අවට සිටින පුද්ගලයන්ට ද ඉතා බරපතළ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
දුම් කොළවලින් නිකුත් වන දුම හේතුවෙන් නිවසක සිටින ළදරුවන් හදිසි මරණයට පත් වීමේ අවදානමක් ද පවතී.
5. ආසාදන ඇතිකරන දූවිලි සහ අනවශ්‍ය ජලවාෂ්ප ඉවත් කරන්න
ශ්වසන රෝග, උණ සහ යම් ආසාදනවලින් පීඩා විඳින පුද්ගලයන් සිටීනම් සිය නිවස තුළ දුවිලි හැකිතාක් දුරට ඉවත් කිරීම වැදගත් වේ.
වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීමෙන් අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් පෙනහළු රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත.
මෙම තත්වය මඟහැර ගැනීම සදහා පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකි බව විශේෂඥයෝ පවසති.

- ඇරේකා පාම් (Areca Palm): නිවසක් තුළ පහසුවෙන්ම වැවිය හැකි පැළෑටි අතුරෙන් එකකි. පිරිසිදු වාතය ගැන නාසා (Nasa) ආයතනය සිදු කළ ගවේෂණයකට අනුව විෂ වායු ඉවත් කරන පැළෑටි අතුරෙන් ඇරේකා පාම් ඇත්තේ ඉහළ ස්ථානයකය.
- සල්ලි ගස/ යකාගේ වැල (Devil's Ivy/Money plant): ගෘහාශ්‍රිතව වැඩෙන මෙම වැල් වර්ගය ඉතා පහසුවෙන් නඩත්තු කළ හැකිය.
- මකර ගස (Dragon Tree) : නැගෙනහිර අප්‍රිකාවෙන් පැවත එන මෙම පැළෑටිය නිවාස සහ කාර්යාල තුළ වාතය පිරිසිදු කිරීමට බහුලව භාවිත කරනු දැකිය හැකිය.
- සර්ප පැළෑටිය (Snake plant): මෙම පැළෑටියේ මල් පීදෙන අතර, නිතර ජලය දැමීමට අවශ්‍ය නැත.
තමන් තෝරා ගන්නා පැළෑටිය කුමක් වුවත්, යම් පුද්ගලයෙකු මතක තබා ගත යුතු දෙයක් නම්, "ගෘහස්ථ පැළෑටිවලට වාතය පිරිසිදු කිරීමට නම් ඒවා ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. නැත්නම්, ඒවා නරක් වෙන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියේදී පිටවෙන විෂ මගින් තවත් වාතය අපිරිසිදු වෙනවා," යැයි ආර් සුරේෂ් පැවසීය.
3. ගන්ධයක් නිකුත් වන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න
ඔබ කෘත්‍රිම සුවඳ දියරයක් භාවිත කරන සෑම අවස්ථාවකමදීම අහිතකර විෂ වර්ග වාතයට මුදා හැරේ. මෙවැනි වර්ග කීපයක් එකතු වීමෙන් ඉතා භයානක විෂ වායු නිර්මාණය විය හැකිය. උදාහරණයක් ලෙස, ස්වාභාවික නොවන පිරිසිදු කිරීමේ දියරවලින් ෆෝමැල්ඩිහයිඩ් විෂ වායුව පිට කරන අතර, මෙය පිළිකා ඇතිවීමට හේතුවක් ලෙස දැක්වේ.
ඔබ කළ යුත්තේ කුමක්ද?
රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීමේ යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.
මුළුතැන්ගෙය පිරිසිදු කිරීමට කපාගත් දෙහි සහ බේකින් සෝඩා භාවිත කිරීමෙන් ස්වාභාවික සුවඳක් ලබා ගත හැකි බව ආර් සුරේෂ් පැවසුවේය.
Image copyright Getty Images Image caption වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය 4. ගොඩනැගිලි තුළ දුම් පානය කිරීමෙන් වළකින්න
දුම්පානය කිරීම සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර, ගොඩනැගිල්ලක් තුළ දුම්පානය කිරීම කිසිසේත්ම සිදු නොකර යුතුය.
වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය.
දුම්වැටියෙන් නිකුත් වන දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් ඔබ අවට සිටින පුද්ගලයන්ට ද ඉතා බරපතළ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
දුම් කොළවලින් නිකුත් වන දුම හේතුවෙන් නිවසක සිටින ළදරුවන් හදිසි මරණයට පත් වීමේ අවදානමක් ද පවතී.
5. ආසාදන ඇතිකරන දූවිලි සහ අනවශ්‍ය ජලවාෂ්ප ඉවත් කරන්න
ශ්වසන රෝග, උණ සහ යම් ආසාදනවලින් පීඩා විඳින පුද්ගලයන් සිටීනම් සිය නිවස තුළ දුවිලි හැකිතාක් දුරට ඉවත් කිරීම වැදගත් වේ.
වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීමෙන් අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් පෙනහළු රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත.
මෙම තත්වය මඟහැර ගැනීම සදහා පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකි බව විශේෂඥයෝ පවසති.
- ඔබේ නිදන ඇඳ නිතරම පිරිසිදුව තබාගැනීම.
- වාතයේ ජලවාෂ්ප අවම කිරීමේ උපකරණයක් භාවිත කිරීම.
- හැකි සෑමවිටම 'වැකියුම් යන්ත්‍රයක්'(Vacuum cleaner) මඟින් බුමුතුරුණු පිරිසිදු කිරීම.
- සෝදාගත් රෙදි නිවෙසින් බැහැර හෝ ජනේලයක් අසල වේලීමට දැමීම.
- නිවසට ඇතුළු වන දොර අසල බුමුතුරුණක් එලා තැබීමෙන් පිටතින් අපවිත්‍ර ද්‍රවය නිවස තුළට පැමිණීම අවම කරගත හැකිය.