Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය(EVAP)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය(EVAP)

වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය(EVAP)

වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය කියන්නේ මොකක්ද?

පෙට්‍රල් මොටර් රථ වල ඉන්ධන ටැංකිය හා ඉන්ධන පද්ධතිය තුල ඇතිවෙන ඉන්ධන වාෂ්ප වායුගෝලයට එකතුවීම වැළැක්වීම සඳහා නිර්මාණය කරලා තියෙන පද්ධතියට කියනවා වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය එහෙම නැත්නම් EVAP/Evaporative Emission Control System එක කියලා.

සාමාන්‍යයෙන් මේ EVAP පද්ධතිය නඩත්තු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.ඒත් මේ පද්ධතියේ ඇතිවෙන දෝෂ නිසා එන්ජින් ලයිට් එක පත්තු වෙන අතර OBD II වායු විමෝචනය පරීක්ෂණ අසමත්වීමට හේතුවෙනවා.

1996 ඉඳලා අද දක්වා තියෙන හැම පෙට්‍රල් මෝටර් රථයකම OBD II එන්ජින් පාලන පරිගණකය මගින් EVAP පද්ධතියේ ඉන්ධන වාෂ්ප කාන්දු හඳුනාගැනීමට ස්වයං රෝග විනිශ්චය(diagnostic self-checks)කිරීමක් සිදු කරනවා.මෙහිදී ඉන්ධන වාෂ්ප කාන්දුවීමක්(ඉන්ධන ටැංකියේ මූඩිය බුරැල් වීමක් හරි එහෙම නැත්නම් මූඩිය නොමැතිවීම යන කරැණුද ඇතුල්ව)හඳුනගත්තොත් ඩයනොග්ස්ටික් ට්‍රබල් කෝඩ්(DTC)එකක් එන්ජින් පරිගණකය තුල ගබඩා කරගෙන MIL(Mulfuntion Indicator Lamp) එහෙම නැත්නම් CHICK ENGINE LIGHT එක දැල්වීම සිදු කරනවා.

මෙම EVAP පද්ධතියේ වඩාත් පොදු ගැටලුව වෙන්නේ පර්ජ් වෑල් දෝෂ(stuck-open)නිසා ඉන්ධන වාෂ්ප කෙලින්ම එන්ජිම තුලට ගමන් කිරීම,වෙන්ට් වෑල් සහ වැකියුම් හෝස් ලීක්වීම හෝ බුරැල්වීම,ඉන්ධන ටැංකියේ මූඩි බුරැල් වීම හෝ නොමැතිවීම ආදියයි.විශාල කාන්දුවක්(බොහෝ විට ඉන්ධන ටැංකි මූඩිය බුරැල්වීම නිසා)ඇති කරන DTC ෆෝල්ට් කෝඩ් එක P0440.EVAP පර්ජ් වෑල් දෝෂ නිසා ඇතිකරන ෆෝල්ට් කෝඩ් P0443 සිට P0449 දක්වා වෙනවා.

පෙට්‍රල් මෝටර් රථ සඳහා ඇයි මේ EVAP පද්ධතියක් අවශ්‍ය වෙන්නේ?

මේ පෙට්‍රල් ඉන්ධන වාෂ්ප වල විවිධ හයිඩ්රෝකාබන(HC)අඩංගු වෙනවා.ඒ වගේම පෙට්‍රල් වල සැහැල්ලු මූල ද්‍රව්‍ය විශේෂයෙන් උණුසුම් කාලගුණය තුල ඉතා පහසුවෙන් වාෂ්ප වෙනවා.මෙම පෙට්‍රල් වාෂ්ප වල aldehydes, aromatics, olefins සහ paraffins සංයෝග අඩංගු වෙනවා.මෙම මූල ද්‍රව්‍ය වාතය සහ හිරැ එළිය සමග ප්‍රතික්‍රියා කරලා වායුගෝලයේ මීදුම වගේ පටල ඇතිවෙලා හිරැ එළිය වැටීමට බධා කරනවා.මේ තත්වය ෆොටෝ කෙමිකල් ප්‍රතික්‍රියාව(photochemical reaction)කියලා හඳුන්වනවා.අන්න ඒ අහිතකර තත්වය වලක්වන්න තමයි පෙට්‍රල් මෝටර් රථ සඳහා මේ EVAP පද්ධතියක් අවශ්‍ය වෙන්නේ.

ඉන්ධන ටැංකියේ පෙට්‍රල් ඇති ඕනෑම අවස්ථාවක මේ පෙට්‍රල් ඉන්ධන වාෂ්ප ඇතිවෙනවා.ඉන්ධන වාෂ්ප පද්ධතිය නිසි ආකාරයට සීල් කරලා නැත්නම් නම් හරි වායුගෝලයට විවෘත වෙලා තියෙනවා නම් මෝටර් රථය ධාවනය කලත් නැතත් දිනකට පැය 24 පුරාම මේ ඉන්ධන වාෂ්ප වායුගෝලයට නිදහස්වෙලා වායුගෝලය දූෂණය කරන්න පුලුවන්.මෙන් මේ වගේ පාලනයෙන් තොර වාෂ්පීකරණ විමෝචනය සිදුවෙන මෝටර් රථ වලින් කරනු ලබන පරිසර දූෂණය 20% පමණ වෙනවා.

මෙම EVAP පද්ධතිය මගින් වායු දූෂණය කරන මූලාශ්‍රයක් ලෙස ඉන්ධන වාෂ්ප මුලුමනින්ම වායුගෝලයට නිදහස් වීම වලක්වනවා.එන්ජිම පණගැන්වෙන තෙක් ඉන්ධන ටැංකියේ ඇතිවෙ ඉන්ධන වාෂ්ප වෙන්ට් නල මාර්ග දිගේ ඇවිල්ලා චාර්කෝල් කැනිස්ටරය තුල ගබඩා කරලා තියාගන්නවා.එන්ජිම පණගන්වලා එන්ජිම රත්වෙලා තියෙන අවස්ථාවල දී එන්ජින් පාලන පරිගණකය(PCM/ECU)මගින් පර්ජ් වෑල් එක ක්‍රියාත්මක කරලා චාර්කෝල් කැනිස්ටර්යේ ගබඩාවෙලා තියෙන ඉන්ධන වාෂ්ප ඉන්ලට් මැනිෆෝල්ටය හරහා එන්ජිම තුලට ලැබීමට සලස්වලා දහනය කරනවා.

1970 දශකයේ දී කැලිෆෝනියාවේ අලෙවිකරන පෙට්‍රල් මෝටර් රථ සඳහා වාෂ්පීකරණ විමෝචන පාලනය මුලින්ම අවශ්‍ය වුණා.ඒ වගේම 1970 මුල් ගණන් වල ඉඳලා සියලුම පෙට්‍රල් මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ වල EVAP පද්ධතිය භාවිතා කරලා තියෙනවා.

මේ වාෂ්පීකරණ වායු විමෝචන පාලන පද්ධතිය ක්‍රියාකරන්නේ කොහොමද ?

මේ කියන පෙට්‍රල් ටැංකි සීල් කිරීම කියන තරම් ලෙස නැහැ.ඒ නිසා ඉන්ධන ටැංකියෙන් ඉන්ධන එන්ජිමට පොම්ප කිරීමේ දී ඇතිවෙන අඩුව පිරවීමට ඉන්ධන වෙනුවට යම් වායු ප්‍රමාණයක් ඉන්ධන ටැංකිය තුලට ඇතුල් වීමට හැකි යම් කිසි ක්‍රමයක් තිබිය යුතු වෙනවා.

මේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙනම සීල් කරලා තිබුණොත් වෙනනේ ඉන්ධන පොම්පය මගින් ඉන්ධන ටැංකිය ඉක්මනින් බිඳ වැටීමට තරම් ප්‍රමාණවත් වැකියුම් තත්වයක් එහෙම නැත්නම් egative suction pressure එකක් ඇති කරනවා.මෙන්න මේ තත්වය නැති කරන්න පැරණි EVAP පද්ධති වල ඉන්ධන ටැංකි මූඩිය ඇතුලේ ස්ප්‍රින් ලෝඩ් වෑල් එකක් තිබුණා.එත් නවීන මෝටර් රථ වල ඒ සඳහා චාර්කෝල් කැනිස්ටර් එකක් භාවිතා කරනවා.

EVAP පද්ධතියේ ප්‍රධන උපාංග ලෙස;

• ඉන්ධන ටැංකිය(Fuel tank)

• ඉන්ධන ටැංකි මූඩිය(Gas cap)

• ද්‍රව වාෂ්ප වෙන්කරණය(Liquid-Vapor Separator)

මේ Liquid-Vapor Separator එකෙන් ඉන්ධන ටැංකියේ ඇතිවෙන ද්‍රව ඉන්ධන වාෂ්ප චාර්කෝල් කැනිස්ටර්ය ඇතුලට ගමන් කරලා කැනිස්ටර්ය බ්ලලොක් වීම වලක්වනවා.

• චාර්කෝල් කැනිස්ටරය(charcoal Canister)

ඉන්ධන ටැංකියේ ඇතිවෙන ඉන්ධන වාෂ්ප තාවකාලිකව ගබඩාකර තබාගැනීමට මේ චාර්කෝල් කැනිස්ටර් එක භාවිතා කරනවා.

• පර්ජ් වෑල්(purge valve)

චාර්කෝල් කැනිස්ටර්යේ ගබඩා කරලා තියෙන ඉන්ධන වාෂ්ප ඉන්ලට් මැනිෆෝල්ට් එක හරහා එන්ජිම තුලට සැපයීමට මේ පර්ජ් වෑල් එක භාවිතා කරනවා.ඒවගේම එන්ජින් පාලන පරිගණකය මගින් EVAP සිස්ටම් එකේ කාන්දු හඳුනගන්න ස්වයං රෝග විනිශ්චයක්(diagnostic self-checks)කිරීමට ප්‍රෙෂර් සිදුකරන අවස්ථාවලදී මේ පර්ජ් වෑල් එක වහලා EVAP සිස්ටම් එක සීල් කිරීමට උදව් වෙනවා.(පර්ජ් වෑල් එක ගැන වැඩි විස්තර සඳහා මෝටර් කාර්මික දැනුම 211 ලිපිය බලන්න https://www.facebook.com/groups/Carindustrial/permalink/690672274427986/)

• වෙන්ට් වෑල්(vent valve)

පර්ජ් වෑල් එක ක්‍රියාත්මක වෙනකොට චාර්කෝල් කැනිස්ටයේ තියෙන ඉන්ධන වාෂ්ප සඳහා බාහිර වායු මිශ්‍රකිරීමට සහ එන්ජින් පාලන පරිගණකය මගින් EVAP සිස්ටම් එකේ කාන්දු හඳුනගන්න ස්වයං රෝග විනිශ්චයක්(diagnostic self-checks)කිරීම සඳහා ප්‍රෙෂර් කිරීම සිදුකරන අවස්ථාවලදී EVAP පද්ධතිය සීල් කිරීමට උදව් වෙනවා.

• ඉන්ධන ටැංකි ප්‍රෙෂර් සෙන්සර්(fuel tank pressure sensor)

ඉන්ධන ටැංකියේ ඇතුලේ ඇතිවෙන පීඩන වෙනස එන්ජින් පාලන පරිගණකයට දැන්වීමට භාවිතා කරනවා.

එන්ජින් පරිගණක පාලන වාෂ්පීකරණ විමෝචනය සහ OBD II පද්ධතිය.

1996 සහ ඊට පස්සේ ආපු හැම පෙට්‍රල් මෝටර් රථයකම OBD II පද්ධතිය මගින් ඉන්ධන වාෂ්ප කාන්දුවීම නිසා කිසිම හයිඩ්රෝකාබන් වර්ගයක් වායුගෝලයට නිකුත් නොකරන බවට වග බලාගැනීම සඳහා ඉන්ධන පද්ධතිය අධීක්ෂණය කරනවා.මේ EVAP පද්ධතිය මගින් කාරණා දෙකක් ඉටුකරනවා.එකක් තමයි එන්ජිමට චාර්කෝල් කැනිස්ටර් ඉඳලා ඉන්ධන වාෂ්ප වායු ගැලීමක් ඇතිකිරීම.අනෙක් කාරණය තමයි ඉන්ධන ටැංකියේ,චාර්කෝල් කැනිස්ටරයේ සහ EVAP පද්ධතියේ ඉන්ධන වාෂ්ප නල වල කිසිම කාන්දුවීමක් නැති බව සහතික කිරිම.

ඉන්ධන ටැංකිය 15-85% දක්වා පෙට්‍රල් වලින් පිරිලා තියෙන විට දී OBD II EVAP පද්ධතිය මගින් එක් ධාවන චක්රකට වරක් බැගින් පද්ධතිය අධීක්ෂණය කිරීම සිදුකරනවා.ඒ වගේම තමයි 1996-99 අතර මෝටර් රථ වල ඇති EVAP පද්ධතියේ අඟල් 0.040 දක්වා විශ්කම්භයක් සහිත ලීක් වීම් ද බොහෝ 2000 සහ ඊට පසු මෝටර් රථවල විශ්කම්භය අඟල් 0.020 දක්වා තරම් කුඩා ලීක් හඳුනා ගැනීමට purge flow sensor එකක් භාවිතා කරනවා.

EVAP ෆෝල්ට් කොඩ්

මෙම OBD II EVAP පද්ධතිය මගින් කාන්දු පරීක්ෂා කිරීමේ දී EVAP පද්ධතියේ යම්කිසි කාන්දුවීමක් හඳුනගත්තොත් එය P0440-P0457 අතර ෆෝල්ට් කෝඩ් සකස් කරලා පසු දෝෂ නිරීක්ෂණය කිරීම සඳහා එන්ජින් පාලන පරිගණකයේ ගබඩා කර තබාගන්නවා.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

02/03/2017

[QUOTE="salitha22, post: 21301395, member: 525534"] [b]වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය(EVAP)[/b] [SIZE=4] වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය(EVAP) වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය කියන්නේ මොකක්ද? පෙට්‍රල් මොටර් රථ වල ඉන්ධන ටැංකිය හා ඉන්ධන පද්ධතිය තුල ඇතිවෙන ඉන්ධන වාෂ්ප වායුගෝලයට එකතුවීම වැළැක්වීම සඳහා නිර්මාණය කරලා තියෙන පද්ධතියට කියනවා වාෂ්පීකරණ විමෝචන පාලන පද්ධතිය එහෙම නැත්නම් EVAP/Evaporative Emission Control System එක කියලා. සාමාන්‍යයෙන් මේ EVAP පද්ධතිය නඩත්තු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.ඒත් මේ පද්ධතියේ ඇතිවෙන දෝෂ නිසා එන්ජින් ලයිට් එක පත්තු වෙන අතර OBD II වායු විමෝචනය පරීක්ෂණ අසමත්වීමට හේතුවෙනවා. 1996 ඉඳලා අද දක්වා තියෙන හැම පෙට්‍රල් මෝටර් රථයකම OBD II එන්ජින් පාලන පරිගණකය මගින් EVAP පද්ධතියේ ඉන්ධන වාෂ්ප කාන්දු හඳුනාගැනීමට ස්වයං රෝග විනිශ්චය(diagnostic self-checks)කිරීමක් සිදු කරනවා.මෙහිදී ඉන්ධන වාෂ්ප කාන්දුවීමක්(ඉන්ධන ටැංකියේ මූඩිය බුරැල් වීමක් හරි එහෙම නැත්නම් මූඩිය නොමැතිවීම යන කරැණුද ඇතුල්ව)හඳුනගත්තොත් ඩයනොග්ස්ටික් ට්‍රබල් කෝඩ්(DTC)එකක් එන්ජින් පරිගණකය තුල ගබඩා කරගෙන MIL(Mulfuntion Indicator Lamp) එහෙම නැත්නම් CHICK ENGINE LIGHT එක දැල්වීම සිදු කරනවා. මෙම EVAP පද්ධතියේ වඩාත් පොදු ගැටලුව වෙන්නේ පර්ජ් වෑල් දෝෂ(stuck-open)නිසා ඉන්ධන වාෂ්ප කෙලින්ම එන්ජිම තුලට ගමන් කිරීම,වෙන්ට් වෑල් සහ වැකියුම් හෝස් ලීක්වීම හෝ බුරැල්වීම,ඉන්ධන ටැංකියේ මූඩි බුරැල් වීම හෝ නොමැතිවීම ආදියයි.විශාල කාන්දුවක්(බොහෝ විට ඉන්ධන ටැංකි මූඩිය බුරැල්වීම නිසා)ඇති කරන DTC ෆෝල්ට් කෝඩ් එක P0440.EVAP පර්ජ් වෑල් දෝෂ නිසා ඇතිකරන ෆෝල්ට් කෝඩ් P0443 සිට P0449 දක්වා වෙනවා. පෙට්‍රල් මෝටර් රථ සඳහා ඇයි මේ EVAP පද්ධතියක් අවශ්‍ය වෙන්නේ? මේ පෙට්‍රල් ඉන්ධන වාෂ්ප වල විවිධ හයිඩ්රෝකාබන(HC)අඩංගු වෙනවා.ඒ වගේම පෙට්‍රල් වල සැහැල්ලු මූල ද්‍රව්‍ය විශේෂයෙන් උණුසුම් කාලගුණය තුල ඉතා පහසුවෙන් වාෂ්ප වෙනවා.මෙම පෙට්‍රල් වාෂ්ප වල aldehydes, aromatics, olefins සහ paraffins සංයෝග අඩංගු වෙනවා.මෙම මූල ද්‍රව්‍ය වාතය සහ හිරැ එළිය සමග ප්‍රතික්‍රියා කරලා වායුගෝලයේ මීදුම වගේ පටල ඇතිවෙලා හිරැ එළිය වැටීමට බධා කරනවා.මේ තත්වය ෆොටෝ කෙමිකල් ප්‍රතික්‍රියාව(photochemical reaction)කියලා හඳුන්වනවා.අන්න ඒ අහිතකර තත්වය වලක්වන්න තමයි පෙට්‍රල් මෝටර් රථ සඳහා මේ EVAP පද්ධතියක් අවශ්‍ය වෙන්නේ. ඉන්ධන ටැංකියේ පෙට්‍රල් ඇති ඕනෑම අවස්ථාවක මේ පෙට්‍රල් ඉන්ධන වාෂ්ප ඇතිවෙනවා.ඉන්ධන වාෂ්ප පද්ධතිය නිසි ආකාරයට සීල් කරලා නැත්නම් නම් හරි වායුගෝලයට විවෘත වෙලා තියෙනවා නම් මෝටර් රථය ධාවනය කලත් නැතත් දිනකට පැය 24 පුරාම මේ ඉන්ධන වාෂ්ප වායුගෝලයට නිදහස්වෙලා වායුගෝලය දූෂණය කරන්න පුලුවන්.මෙන් මේ වගේ පාලනයෙන් තොර වාෂ්පීකරණ විමෝචනය සිදුවෙන මෝටර් රථ වලින් කරනු ලබන පරිසර දූෂණය 20% පමණ වෙනවා. මෙම EVAP පද්ධතිය මගින් වායු දූෂණය කරන මූලාශ්‍රයක් ලෙස ඉන්ධන වාෂ්ප මුලුමනින්ම වායුගෝලයට නිදහස් වීම වලක්වනවා.එන්ජිම පණගැන්වෙන තෙක් ඉන්ධන ටැංකියේ ඇතිවෙ ඉන්ධන වාෂ්ප වෙන්ට් නල මාර්ග දිගේ ඇවිල්ලා චාර්කෝල් කැනිස්ටරය තුල ගබඩා කරලා තියාගන්නවා.එන්ජිම පණගන්වලා එන්ජිම රත්වෙලා තියෙන අවස්ථාවල දී එන්ජින් පාලන පරිගණකය(PCM/ECU)මගින් පර්ජ් වෑල් එක ක්‍රියාත්මක කරලා චාර්කෝල් කැනිස්ටර්යේ ගබඩාවෙලා තියෙන ඉන්ධන වාෂ්ප ඉන්ලට් මැනිෆෝල්ටය හරහා එන්ජිම තුලට ලැබීමට සලස්වලා දහනය කරනවා. 1970 දශකයේ දී කැලිෆෝනියාවේ අලෙවිකරන පෙට්‍රල් මෝටර් රථ සඳහා වාෂ්පීකරණ විමෝචන පාලනය මුලින්ම අවශ්‍ය වුණා.ඒ වගේම 1970 මුල් ගණන් වල ඉඳලා සියලුම පෙට්‍රල් මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ වල EVAP පද්ධතිය භාවිතා කරලා තියෙනවා. මේ වාෂ්පීකරණ වායු විමෝචන පාලන පද්ධතිය ක්‍රියාකරන්නේ කොහොමද ? මේ කියන පෙට්‍රල් ටැංකි සීල් කිරීම කියන තරම් ලෙස නැහැ.ඒ නිසා ඉන්ධන ටැංකියෙන් ඉන්ධන එන්ජිමට පොම්ප කිරීමේ දී ඇතිවෙන අඩුව පිරවීමට ඉන්ධන වෙනුවට යම් වායු ප්‍රමාණයක් ඉන්ධන ටැංකිය තුලට ඇතුල් වීමට හැකි යම් කිසි ක්‍රමයක් තිබිය යුතු වෙනවා. මේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙනම සීල් කරලා තිබුණොත් වෙනනේ ඉන්ධන පොම්පය මගින් ඉන්ධන ටැංකිය ඉක්මනින් බිඳ වැටීමට තරම් ප්‍රමාණවත් වැකියුම් තත්වයක් එහෙම නැත්නම් egative suction pressure එකක් ඇති කරනවා.මෙන්න මේ තත්වය නැති කරන්න පැරණි EVAP පද්ධති වල ඉන්ධන ටැංකි මූඩිය ඇතුලේ ස්ප්‍රින් ලෝඩ් වෑල් එකක් තිබුණා.එත් නවීන මෝටර් රථ වල ඒ සඳහා චාර්කෝල් කැනිස්ටර් එකක් භාවිතා කරනවා. EVAP පද්ධතියේ ප්‍රධන උපාංග ලෙස; • ඉන්ධන ටැංකිය(Fuel tank) • ඉන්ධන ටැංකි මූඩිය(Gas cap) • ද්‍රව වාෂ්ප වෙන්කරණය(Liquid-Vapor Separator) මේ Liquid-Vapor Separator එකෙන් ඉන්ධන ටැංකියේ ඇතිවෙන ද්‍රව ඉන්ධන වාෂ්ප චාර්කෝල් කැනිස්ටර්ය ඇතුලට ගමන් කරලා කැනිස්ටර්ය බ්ලලොක් වීම වලක්වනවා. • චාර්කෝල් කැනිස්ටරය(charcoal Canister) ඉන්ධන ටැංකියේ ඇතිවෙන ඉන්ධන වාෂ්ප තාවකාලිකව ගබඩාකර තබාගැනීමට මේ චාර්කෝල් කැනිස්ටර් එක භාවිතා කරනවා. • පර්ජ් වෑල්(purge valve) චාර්කෝල් කැනිස්ටර්යේ ගබඩා කරලා තියෙන ඉන්ධන වාෂ්ප ඉන්ලට් මැනිෆෝල්ට් එක හරහා එන්ජිම තුලට සැපයීමට මේ පර්ජ් වෑල් එක භාවිතා කරනවා.ඒවගේම එන්ජින් පාලන පරිගණකය මගින් EVAP සිස්ටම් එකේ කාන්දු හඳුනගන්න ස්වයං රෝග විනිශ්චයක්(diagnostic self-checks)කිරීමට ප්‍රෙෂර් සිදුකරන අවස්ථාවලදී මේ පර්ජ් වෑල් එක වහලා EVAP සිස්ටම් එක සීල් කිරීමට උදව් වෙනවා.(පර්ජ් වෑල් එක ගැන වැඩි විස්තර සඳහා මෝටර් කාර්මික දැනුම 211 ලිපිය බලන්න https://www.facebook.com/groups/Carindustrial/permalink/690672274427986/) • වෙන්ට් වෑල්(vent valve) පර්ජ් වෑල් එක ක්‍රියාත්මක වෙනකොට චාර්කෝල් කැනිස්ටයේ තියෙන ඉන්ධන වාෂ්ප සඳහා බාහිර වායු මිශ්‍රකිරීමට සහ එන්ජින් පාලන පරිගණකය මගින් EVAP සිස්ටම් එකේ කාන්දු හඳුනගන්න ස්වයං රෝග විනිශ්චයක්(diagnostic self-checks)කිරීම සඳහා ප්‍රෙෂර් කිරීම සිදුකරන අවස්ථාවලදී EVAP පද්ධතිය සීල් කිරීමට උදව් වෙනවා. • ඉන්ධන ටැංකි ප්‍රෙෂර් සෙන්සර්(fuel tank pressure sensor) ඉන්ධන ටැංකියේ ඇතුලේ ඇතිවෙන පීඩන වෙනස එන්ජින් පාලන පරිගණකයට දැන්වීමට භාවිතා කරනවා. එන්ජින් පරිගණක පාලන වාෂ්පීකරණ විමෝචනය සහ OBD II පද්ධතිය. 1996 සහ ඊට පස්සේ ආපු හැම පෙට්‍රල් මෝටර් රථයකම OBD II පද්ධතිය මගින් ඉන්ධන වාෂ්ප කාන්දුවීම නිසා කිසිම හයිඩ්රෝකාබන් වර්ගයක් වායුගෝලයට නිකුත් නොකරන බවට වග බලාගැනීම සඳහා ඉන්ධන පද්ධතිය අධීක්ෂණය කරනවා.මේ EVAP පද්ධතිය මගින් කාරණා දෙකක් ඉටුකරනවා.එකක් තමයි එන්ජිමට චාර්කෝල් කැනිස්ටර් ඉඳලා ඉන්ධන වාෂ්ප වායු ගැලීමක් ඇතිකිරීම.අනෙක් කාරණය තමයි ඉන්ධන ටැංකියේ,චාර්කෝල් කැනිස්ටරයේ සහ EVAP පද්ධතියේ ඉන්ධන වාෂ්ප නල වල කිසිම කාන්දුවීමක් නැති බව සහතික කිරිම. ඉන්ධන ටැංකිය 15-85% දක්වා පෙට්‍රල් වලින් පිරිලා තියෙන විට දී OBD II EVAP පද්ධතිය මගින් එක් ධාවන චක්රකට වරක් බැගින් පද්ධතිය අධීක්ෂණය කිරීම සිදුකරනවා.ඒ වගේම තමයි 1996-99 අතර මෝටර් රථ වල ඇති EVAP පද්ධතියේ අඟල් 0.040 දක්වා විශ්කම්භයක් සහිත ලීක් වීම් ද බොහෝ 2000 සහ ඊට පසු මෝටර් රථවල විශ්කම්භය අඟල් 0.020 දක්වා තරම් කුඩා ලීක් හඳුනා ගැනීමට purge flow sensor එකක් භාවිතා කරනවා. EVAP ෆෝල්ට් කොඩ් මෙම OBD II EVAP පද්ධතිය මගින් කාන්දු පරීක්ෂා කිරීමේ දී EVAP පද්ධතියේ යම්කිසි කාන්දුවීමක් හඳුනගත්තොත් එය P0440-P0457 අතර ෆෝල්ට් කෝඩ් සකස් කරලා පසු දෝෂ නිරීක්ෂණය කිරීම සඳහා එන්ජින් පාලන පරිගණකයේ ගබඩා කර තබාගන්නවා. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 02/03/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom