Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්

පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්

ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ වාස්තු විද්‍යාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ම හමුවනුයේ පණ්ඩුකාභය රජු දවසය. පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසය ඇතුළු මූලාශ්රවල සඳහන් වුවද එම නිර්මාණයන් කවරේද යන්න හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. එයට හේතු වන්නට ඇත්තේ එකල භාවිත කරන ලද වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්රමයෙහි සහ යොදා ගන්නා ලද අමුද්‍රව්‍යයන්හි ප්‍රාථමික බව හේතුවෙනි.

පණ්ඩුකාභය රජු තමාගේ වසර හැත්තෑවක් වැනි දීර්ඝ රාජ්‍ය කාලය තුළදී විවිධ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් රැසක් ම ඉදිකරන ලදී. ලංකාවේ ප්‍රථම වරට අනුරාධපුරය අගනගරය බවට පත්කරගෙන එහි පාලකයා බවට පත්වීමට පණ්ඩුකාභය රජු සමත්ව ඇත. නිමිත්ත ශාස්ත්‍ර මෙන්ම වාස්තු විද්‍යාව පිළිබඳ දැනුමක් තිබූ අයගෙන් අසා ඉදිකරන ලද එම නුවර "අනුරාධපුරය" බවට පත්වූ බව මහාවංසයේ සඳහන්ය. (ම.ව. 10(75) එසේම සිංහල බෝධිවංසයෙහි ද ඒ පිළිබඳ මෙසේ දක්වා ඇත.

"... අනුරාධපුරය ප්‍රථමයෙන් ඇතිකළාවූ...." එසේ ඉදිකරන ලද නිර්මාණයන් අතර නගර නිර්මාණය වැදගත් වන අතරම, නගරයේ සැලසුම් සහගත බව ඉතා වැදගත්ය. ඒ අනුව නගරයට සතර දිගින් දොරටු සතරක් ඉදිකර ඇත. මෙම දොරටු අසල තමාට උදව් කළ යකුන් සහ යක්ෂණියන් සඳහා දේවාල ඉදිකර තිබුණි. ඒ අනුව නැගෙනහිර ප්‍රදේශයේ කාලවේල යක්ෂයා සඳහා දේවාලයක් ඉදිකර දුන් බව මහාවංසයේ සඳහන්ය. (ම.ව. 10(84) මෙම දේවාලය මහසෙන් රජු දවස දක්වා ම පැවති බව සඳහන් වන අතර, මහසෙන් රජු එම ස්ථානය අසල චෛත්‍යයක් ඉදිකළ බව සඳහන්ය. එම කාලය වනවිට අවුරුදු හත්සියයක් පමණ කල් පැවතී තිබේ. එය අසල චෛත්‍යයක් ඉදිකිරීමක් සිදුව තිබීමෙන් පැහැදිලි වනුයේ පැරණි දේව වන්දනා ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමක් මින් අදහස් නොවන බව පරණවිතාන මහතා ඔහුගේ ඡරු - ඊමාdයසිඑ රුකසටසදබි ඉeකසැෙs සබ ජැහකදබ නම් කෘතියෙහි දක්වා ඇත.

එසේම පණ්ඩුකාභය රජු දවස චිත්තරාජ යක්ෂයාට අභය වාපියෙහි යටභාගයෙහි ද, වළවාමු‚ යක්ෂණිය රජ ගෙඋයන තුළ ද වාසය කළ බව වංසකතාවෙහි සඳහන්ය. (ම.ව. 10(86) පණ්ඩුකාභය රජු නගරයේ දකුණු දෙසින් දේවාලයක් කරවා යක්ෂ දාසියට ලබාදුන් බව මහාවංසයෙහි මෙසේ සඳහන්ය.

"පුබ්බොපකාරිං දාසිං තං

නිබ්බත්තං යකඛයොනියා

පුරස්ස දක්�ණද්වාරෙ

සො කතඤ්ª නිවාසයි" (ම.ව. 10(85)

මෙයින් පැහැදිලි වනුයේ රජතුමා තමාගේ යක්ෂණියන්ට මෙන්ම ඇයගේ දාසියන්ට ද දේවාල ඉදිකරදුන් බවයි.

පණ්ඩුකාභය රජතුමා නැකත් දිනවල චිත්තරාජ හා කාලවේල යන යක්ෂණියන් දෙදෙනා සමග සම අසුන් ගෙන නාට්‍යයක් නැරඹූ බව සඳහන්ය. මෙයින් පැහැදිලි වනුයේ මෙරට යක්ෂ වන්දනාව පැවති බව මෙන්ම රජු ඉදිකරන ලද දේවාලයන් කෙබඳු වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත වූයේ ද යන්නත්ය. ඒ බව වංසකතාවෙහි මනාව විස්තර කර තිබේ. (ම.ව. 10(87)

නගර නිර්මාණය පිළිබඳ විමසීමේදී එකල අනුරාධපුරයෙහි පැවති යම් යම් නගරාංග පිළිබඳ වංසකතාව මැනවින් දක්වා තිබේ. ඒ අනුව දොරගම් සතර, අබාවැව, සොහොන් බිම, දංගෙඩිය යනාදී නිර්මාණයන් ඇතුළත් වූ බව සඳහන්ය. මේ තුළින් පණ්ඩුකාභය රජුගේ නගර නිර්මාණයේ සැලසුම් සහගත බව කොතෙක් ද යන්න පැහැදිලිය. ඒ බව වඩාත් තීව්ර වනුයේ සොහොන් නිර්මාණය කිරීමේදී නගරයේ බටහිර දිශාවෙන් නිර්මාණය කිරීම තුළිනි. වර්තමානයේ ද බටහිර දිශාව අශුභ දිශාවක් ලෙස සලකනු ලබයි. බටහිර දිශාවෙහි ම දංගෙඩිය, වධක ස්ථානය, වෙසමුනි දෙවොල මෙන්ම මැදි දෙවොල ආදිය ද ඉදිකර තිබූ බව වංසකතාවෙහි සඳහන්ව තිබේ.

එසේම අනුරාධපුර නගරයෙහි ජනගහනය පණ්ඩුකාභය රජු දවස ප්‍රමාණයෙන් විශාලය. මොවුහු පිරිසිදුකම ඉතා ඉහළින් අගය කළ පිරිසක් වූ බව වංසකතාවෙහි සඳහන් තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ අනුව මෙම රජු දවස සොහොනට වයඹ දෙසින් නගරයෙන් බැහැර සැඩොල් ගෙවල් පන්සියයක් ද, මළමිනී බැහැර කරන්නන්ගේ ගෙවල් පන්සියයක් ද, සොහොන්ගොව් සැඩොලුන්ගේ ගෙවල් ද තනා තිබූ අතර, එම ප්‍රදේශයෙන් ඊසාන දෙසට වන්නට ඔවුන්ගේ සොහොන් සහ උතුරු දෙසින් වැද්දන්ගේ ගෙවල් ද පිහිටා තිබූ බව මහාවංසය විස්තර කරනු ලබයි. (ම.ව. 19(91-94 ගාථා)

පණ්ඩුකාභය රජු දවස වාස්තු විද්‍යාව පිළිබඳ විමසීමේදී මොහුගේ ගැමුණු වැවෙන් මැද භාගයේ පරිබ්‍රාජකයන් සඳහා ද, බමුණන්ට ආධාර සඳහා ද ගෙවල් ඉදිකර තිබුණි. එසේම මෙම ගොඩනැඟිලි අතර සිවිකාශාලා සහ සොත්ථීශාලා නම් ගොඩනැඟිලි පිළිබඳ සඳහන් වේ.

"ආජීවකානං ගෙහඤ් ච

බ්රාහ්මණවට්ටමෙව ච

සිවිකා සොත්ථීසාලා ච

අකාරෙසි තහිං තහිං" (ම.ව. 10:102)

මහාවංසයෙහි සඳහන් වන මෙම සිවිකාශාලා සහ සොථිශාලා ගෘහයන් පිළිබඳ විවිධ මතවාද පවතී. අටුවාචාරීන් දක්වන ආකාරයට ශිව ලිංග වන්දනය සඳහා මෙය යොදාගන්නට ඇත. නමුත් එය තිඹිරිගෙයක් ලෙස යොදාගත් බවට ද අදහසක් පවතී.

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳ පළමුව තොරතුරු හමුවනුයේ පණ්ඩුකාභය රජු දවසය. එය "අභයවාපි" නම් වන අතර "බය වෑ" නම් වී එය පසුව "බසවක්කුලම" නමින් හඳුන්වා ඇත. මෙම වැව පිළිබඳ වංසකතාවෙහි දක්වා ඇත්තේ පහත ආකාරයටය.

"සරං තඤ්ච ඛණාපෙFවා

කාරාපෙසි බහුදකං

ජයෙ ජලස්ස ගාගෙන

ජයවාපී තී ආහුතං" (ම.ව. 10:83)

මෙම වැවෙහි බැම්ම උස අඩි 28 ක් වන අතර, දිග සැතපුමකට වඩා වැඩිය. ජල ධාරිතාව අක්කර අඩි 250 කි. සිංහල විශ්ව කෝෂයෙහි "1" කාණ්ඩය "අ" අනුරාධපුරයෙහි මෙසේ දක්වනු ලබයි.

"සොහොන් බිම, ආඝාතනය, යෝනසභාවත්ථුව, නීච සුසාන යයි

පණ්ඩුකාභය විසින් කරවන ලද අභයවාපිය හැර අනිත් අංශ අද සොයාගත නොහැක..."

පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි වාස්තු විද්‍යාත්මක ශිල්පය පිළිබඳ විමසීමේ දී ප්‍රථම වරට ග්‍රාම සීමා නියම කිරීමේ ගෞරවය පණ්ඩුකාභය රජුට හිමි වේ. එම කාර්යය සිදුකර ඇත්තේ මෙම රජුගේ දසවන රාජ්‍ය වර්ෂයේ දී ය. (ම. ව. 10:103)

මේ ආකාරයට පණ්ඩුකාභය රජු විසින් කරවන ලද වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසයෙහි මෙන්ම මහාවංසටීකාවෙහි ද සඳහන්ය. එයට අමතරව සාහිත්‍ය මූලාශ්‍ර අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබන මූලාශ්‍රයක් ලෙස "පූජාවලිය" දැක්විය හැකිය. එහි දක්වා ඇති තොරතුරු අතර පහත පාඨය සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී.

"... ලංකා නමැති අංගනාවට සිරිකතක් වැනි වූ අනුරාධපුර නුවර ශ්‍රී මහා බෝධිස්ථානයට උත්තර දිශා භාගයෙහි සතර ගව්වක් පමණ අයම් විතරින් හා සොළොස් ගව්වක් තැන් වටින් ගෙන දිව්‍ය පුරයක් සේ නුවරක් මුලපිස කරවා භයා වැව බඳවා සැත්තෑ හවුරුද්දක් රාජ්‍යය කළේය..."

එපමණක් ද නොව රාජාවලියෙහි ද පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් දක්වා ඇත.

පණ්ඩුකාභය රජු, රජ කරන අවධියේ දී දිගින් සතර ගවුවක් පළලින් සතර ගවුවක් මුල් උදුරා වීදි ආදි සියල්ලක් කරවා අටළොස් ගවුවක් පහුරු කරවා සිංහ ලකුණු කොටවා තිසා වැව බඳවා නුවර සිංහයාගේ ආකාර කොටවා ගල්ටැඹ ඉඳුවා..."

මේ අන්දමට විග්රහ කර බැලීමේ දී පණ්ඩුකාභය රජු විසින් කරවන ලද වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසය ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රයන්හි මනාව විස්තර කර ඇත. වර්තමානයේදී දැකගැනීමට නොහැකි වුවත් පණ්ඩුකාභය රජු දවස දියුණු වාස්තු විද්‍යාත්මක ශිල්පයක් පැවති බව පැහැදිලිය.

ගංගානි කුමාරි රණසිංහ

කැලණිය විශ්වවිද්‍යාලය

[QUOTE="Lewke, post: 17005814, member: 510552"] [b]වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්[/b] [SIZE="3"][B][CENTER]පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්[/CENTER][/B] [CENTER][IMG]http://tharunayaweb.lk/admin/articleimage/08-0734.jpeg[/IMG][/CENTER] ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ වාස්තු විද්‍යාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ම හමුවනුයේ පණ්ඩුකාභය රජු දවසය. පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසය ඇතුළු මූලාශ්රවල සඳහන් වුවද එම නිර්මාණයන් කවරේද යන්න හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. එයට හේතු වන්නට ඇත්තේ එකල භාවිත කරන ලද වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්රමයෙහි සහ යොදා ගන්නා ලද අමුද්‍රව්‍යයන්හි ප්‍රාථමික බව හේතුවෙනි. පණ්ඩුකාභය රජු තමාගේ වසර හැත්තෑවක් වැනි දීර්ඝ රාජ්‍ය කාලය තුළදී විවිධ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් රැසක් ම ඉදිකරන ලදී. ලංකාවේ ප්‍රථම වරට අනුරාධපුරය අගනගරය බවට පත්කරගෙන එහි පාලකයා බවට පත්වීමට පණ්ඩුකාභය රජු සමත්ව ඇත. නිමිත්ත ශාස්ත්‍ර මෙන්ම වාස්තු විද්‍යාව පිළිබඳ දැනුමක් තිබූ අයගෙන් අසා ඉදිකරන ලද එම නුවර "අනුරාධපුරය" බවට පත්වූ බව මහාවංසයේ සඳහන්ය. (ම.ව. 10(75) එසේම සිංහල බෝධිවංසයෙහි ද ඒ පිළිබඳ මෙසේ දක්වා ඇත. "... අනුරාධපුරය ප්‍රථමයෙන් ඇතිකළාවූ...." එසේ ඉදිකරන ලද නිර්මාණයන් අතර නගර නිර්මාණය වැදගත් වන අතරම, නගරයේ සැලසුම් සහගත බව ඉතා වැදගත්ය. ඒ අනුව නගරයට සතර දිගින් දොරටු සතරක් ඉදිකර ඇත. මෙම දොරටු අසල තමාට උදව් කළ යකුන් සහ යක්ෂණියන් සඳහා දේවාල ඉදිකර තිබුණි. ඒ අනුව නැගෙනහිර ප්‍රදේශයේ කාලවේල යක්ෂයා සඳහා දේවාලයක් ඉදිකර දුන් බව මහාවංසයේ සඳහන්ය. (ම.ව. 10(84) මෙම දේවාලය මහසෙන් රජු දවස දක්වා ම පැවති බව සඳහන් වන අතර, මහසෙන් රජු එම ස්ථානය අසල චෛත්‍යයක් ඉදිකළ බව සඳහන්ය. එම කාලය වනවිට අවුරුදු හත්සියයක් පමණ කල් පැවතී තිබේ. එය අසල චෛත්‍යයක් ඉදිකිරීමක් සිදුව තිබීමෙන් පැහැදිලි වනුයේ පැරණි දේව වන්දනා ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමක් මින් අදහස් නොවන බව පරණවිතාන මහතා ඔහුගේ ඡරු - ඊමාdයසිඑ රුකසටසදබි ඉeකසැෙs සබ ජැහකදබ නම් කෘතියෙහි දක්වා ඇත. එසේම පණ්ඩුකාභය රජු දවස චිත්තරාජ යක්ෂයාට අභය වාපියෙහි යටභාගයෙහි ද, වළවාමු‚ යක්ෂණිය රජ ගෙඋයන තුළ ද වාසය කළ බව වංසකතාවෙහි සඳහන්ය. (ම.ව. 10(86) පණ්ඩුකාභය රජු නගරයේ දකුණු දෙසින් දේවාලයක් කරවා යක්ෂ දාසියට ලබාදුන් බව මහාවංසයෙහි මෙසේ සඳහන්ය. "පුබ්බොපකාරිං දාසිං තං නිබ්බත්තං යකඛයොනියා පුරස්ස දක්�ණද්වාරෙ සො කතඤ්ª නිවාසයි" (ම.ව. 10(85) මෙයින් පැහැදිලි වනුයේ රජතුමා තමාගේ යක්ෂණියන්ට මෙන්ම ඇයගේ දාසියන්ට ද දේවාල ඉදිකරදුන් බවයි. පණ්ඩුකාභය රජතුමා නැකත් දිනවල චිත්තරාජ හා කාලවේල යන යක්ෂණියන් දෙදෙනා සමග සම අසුන් ගෙන නාට්‍යයක් නැරඹූ බව සඳහන්ය. මෙයින් පැහැදිලි වනුයේ මෙරට යක්ෂ වන්දනාව පැවති බව මෙන්ම රජු ඉදිකරන ලද දේවාලයන් කෙබඳු වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත වූයේ ද යන්නත්ය. ඒ බව වංසකතාවෙහි මනාව විස්තර කර තිබේ. (ම.ව. 10(87) නගර නිර්මාණය පිළිබඳ විමසීමේදී එකල අනුරාධපුරයෙහි පැවති යම් යම් නගරාංග පිළිබඳ වංසකතාව මැනවින් දක්වා තිබේ. ඒ අනුව දොරගම් සතර, අබාවැව, සොහොන් බිම, දංගෙඩිය යනාදී නිර්මාණයන් ඇතුළත් වූ බව සඳහන්ය. මේ තුළින් පණ්ඩුකාභය රජුගේ නගර නිර්මාණයේ සැලසුම් සහගත බව කොතෙක් ද යන්න පැහැදිලිය. ඒ බව වඩාත් තීව්ර වනුයේ සොහොන් නිර්මාණය කිරීමේදී නගරයේ බටහිර දිශාවෙන් නිර්මාණය කිරීම තුළිනි. වර්තමානයේ ද බටහිර දිශාව අශුභ දිශාවක් ලෙස සලකනු ලබයි. බටහිර දිශාවෙහි ම දංගෙඩිය, වධක ස්ථානය, වෙසමුනි දෙවොල මෙන්ම මැදි දෙවොල ආදිය ද ඉදිකර තිබූ බව වංසකතාවෙහි සඳහන්ව තිබේ. එසේම අනුරාධපුර නගරයෙහි ජනගහනය පණ්ඩුකාභය රජු දවස ප්‍රමාණයෙන් විශාලය. මොවුහු පිරිසිදුකම ඉතා ඉහළින් අගය කළ පිරිසක් වූ බව වංසකතාවෙහි සඳහන් තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ අනුව මෙම රජු දවස සොහොනට වයඹ දෙසින් නගරයෙන් බැහැර සැඩොල් ගෙවල් පන්සියයක් ද, මළමිනී බැහැර කරන්නන්ගේ ගෙවල් පන්සියයක් ද, සොහොන්ගොව් සැඩොලුන්ගේ ගෙවල් ද තනා තිබූ අතර, එම ප්‍රදේශයෙන් ඊසාන දෙසට වන්නට ඔවුන්ගේ සොහොන් සහ උතුරු දෙසින් වැද්දන්ගේ ගෙවල් ද පිහිටා තිබූ බව මහාවංසය විස්තර කරනු ලබයි. (ම.ව. 19(91-94 ගාථා) පණ්ඩුකාභය රජු දවස වාස්තු විද්‍යාව පිළිබඳ විමසීමේදී මොහුගේ ගැමුණු වැවෙන් මැද භාගයේ පරිබ්‍රාජකයන් සඳහා ද, බමුණන්ට ආධාර සඳහා ද ගෙවල් ඉදිකර තිබුණි. එසේම මෙම ගොඩනැඟිලි අතර සිවිකාශාලා සහ සොත්ථීශාලා නම් ගොඩනැඟිලි පිළිබඳ සඳහන් වේ. "ආජීවකානං ගෙහඤ් ච බ්රාහ්මණවට්ටමෙව ච සිවිකා සොත්ථීසාලා ච අකාරෙසි තහිං තහිං" (ම.ව. 10:102) මහාවංසයෙහි සඳහන් වන මෙම සිවිකාශාලා සහ සොථිශාලා ගෘහයන් පිළිබඳ විවිධ මතවාද පවතී. අටුවාචාරීන් දක්වන ආකාරයට ශිව ලිංග වන්දනය සඳහා මෙය යොදාගන්නට ඇත. නමුත් එය තිඹිරිගෙයක් ලෙස යොදාගත් බවට ද අදහසක් පවතී. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳ පළමුව තොරතුරු හමුවනුයේ පණ්ඩුකාභය රජු දවසය. එය "අභයවාපි" නම් වන අතර "බය වෑ" නම් වී එය පසුව "බසවක්කුලම" නමින් හඳුන්වා ඇත. මෙම වැව පිළිබඳ වංසකතාවෙහි දක්වා ඇත්තේ පහත ආකාරයටය. "සරං තඤ්ච ඛණාපෙFවා කාරාපෙසි බහුදකං ජයෙ ජලස්ස ගාගෙන ජයවාපී තී ආහුතං" (ම.ව. 10:83) මෙම වැවෙහි බැම්ම උස අඩි 28 ක් වන අතර, දිග සැතපුමකට වඩා වැඩිය. ජල ධාරිතාව අක්කර අඩි 250 කි. සිංහල විශ්ව කෝෂයෙහි "1" කාණ්ඩය "අ" අනුරාධපුරයෙහි මෙසේ දක්වනු ලබයි. "සොහොන් බිම, ආඝාතනය, යෝනසභාවත්ථුව, නීච සුසාන යයි පණ්ඩුකාභය විසින් කරවන ලද අභයවාපිය හැර අනිත් අංශ අද සොයාගත නොහැක..." පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි වාස්තු විද්‍යාත්මක ශිල්පය පිළිබඳ විමසීමේ දී ප්‍රථම වරට ග්‍රාම සීමා නියම කිරීමේ ගෞරවය පණ්ඩුකාභය රජුට හිමි වේ. එම කාර්යය සිදුකර ඇත්තේ මෙම රජුගේ දසවන රාජ්‍ය වර්ෂයේ දී ය. (ම. ව. 10:103) මේ ආකාරයට පණ්ඩුකාභය රජු විසින් කරවන ලද වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසයෙහි මෙන්ම මහාවංසටීකාවෙහි ද සඳහන්ය. එයට අමතරව සාහිත්‍ය මූලාශ්‍ර අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබන මූලාශ්‍රයක් ලෙස "පූජාවලිය" දැක්විය හැකිය. එහි දක්වා ඇති තොරතුරු අතර පහත පාඨය සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී. "... ලංකා නමැති අංගනාවට සිරිකතක් වැනි වූ අනුරාධපුර නුවර ශ්‍රී මහා බෝධිස්ථානයට උත්තර දිශා භාගයෙහි සතර ගව්වක් පමණ අයම් විතරින් හා සොළොස් ගව්වක් තැන් වටින් ගෙන දිව්‍ය පුරයක් සේ නුවරක් මුලපිස කරවා භයා වැව බඳවා සැත්තෑ හවුරුද්දක් රාජ්‍යය කළේය..." එපමණක් ද නොව රාජාවලියෙහි ද පණ්ඩුකාභය රජු දවස පැවති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් දක්වා ඇත. පණ්ඩුකාභය රජු, රජ කරන අවධියේ දී දිගින් සතර ගවුවක් පළලින් සතර ගවුවක් මුල් උදුරා වීදි ආදි සියල්ලක් කරවා අටළොස් ගවුවක් පහුරු කරවා සිංහ ලකුණු කොටවා තිසා වැව බඳවා නුවර සිංහයාගේ ආකාර කොටවා ගල්ටැඹ ඉඳුවා..." මේ අන්දමට විග්රහ කර බැලීමේ දී පණ්ඩුකාභය රජු විසින් කරවන ලද වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් පිළිබඳ මහාවංසය ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රයන්හි මනාව විස්තර කර ඇත. වර්තමානයේදී දැකගැනීමට නොහැකි වුවත් පණ්ඩුකාභය රජු දවස දියුණු වාස්තු විද්‍යාත්මක ශිල්පයක් පැවති බව පැහැදිලිය.[/SIZE] [RIGHT]ගංගානි කුමාරි රණසිංහ කැලණිය විශ්වවිද්‍යාලය[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom