Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වාහන ලියාපදිංචි කිරීම් දත්ත ආශ්‍රිතව දැනගතහැකි කරුණු

ප්‍රවාහනය කියන්නේ ලංකාවේ අපි එතරම් බරපතල විදිහට හිතන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අමුතු දෙයක් සිදු වෙනකන් අපි අවධානයක් දීලා ඒ ගැන හිතන්නේ නෑ. උදේ පාන්දරකට වාහනේ එන්ජින් එක ස්ටාට් වුණේ නැත්නම්, යන්න ඉන්න බස් එක, කෝච්චිය ආවේ නැත්නම් තමයි අපිට එක පාරට මතක් වෙන්නේ අපි ඒ තරම් ගණන් නොගන්න දෙයින් මොන තරම් වැදගත් කාර්යයක් සිද්ධ වෙනවද කියන එක. (විදුලිය වගේ දේවල් වුණත් එහෙමයි, නැති වුණු දවසට තමයි තේරෙන්නේ මොන තරම් අපි ඒ මත රැඳිලා ඉන්නවද කියලා) ටයර් එකක හුලන් බැහැල හරි, බස් කොච්චි ස්ට්‍රයික් එකක් හරි තිබුණු දවසට වැඩට යන්න පරක්කු වෙලා මුළු දවසම එපා කරපු එකක් වෙන හැටි අපි කවුරුත් අත් දැකලා තියෙනවා.

ලංකාවේ ඉන්න කෙනෙක්ට වාහනයක් තියෙනවා කියන්නේ ලොකු ප්‍රයෝජනයක්. මේ නිසා සල්ලි ටිකක් හොයා ගෙන හරි, ලීසිං එකක් දාන්න හිතාගෙන හරි පත්තර වල ක්ලැසිෆයිඩ් පිටු ටික බලලා අඩු ගානට හොඳ කාර් එකක් හොයා ගන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. නමුත් ඔවුන් වැඩිපුර හිතන්නේ නැති දෙයක් තමයි ලංකාවේ වාහන මාකට් එක හැසිරෙන විදිහෙන් ගොඩක් තොරතුරු දැන ගන්න පුළුවන් කියන එක. ප්‍රධාන වශයෙන් බැලුවම අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ, වැඩියෙන් කැමති දේවල් මොනවද, සංවර්ධනය මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ මොන විදිහටද වගේ තොරතුරු ගොඩක් මේ ක්ලැසිෆයිඩ් පිටු වල තියෙන වාහන ඇඩ් අතරේ හැංගිලා තියෙනවා.

ඉතින් මේ ගැන අදහසක් ආව අපි තීරණය කළා ලංකාවේ වාහන මාකට් එකට ටිකක් එබිලා බලලා හඳුනාගන්න පුළුවන් දේවල් පහක් ගැන ඔබව දැනුවත් කරන්න.

1. ලංකාවේ පාරවල් වල වාහන මිලියන 6කට වඩා තියෙනවා.

ලංකාවේ සමස්ත වාහන ප්‍රමාණය : 2015 වර්ෂයේ අවසානය වන විට මිලියන 6.3ක්, නැතිනම් ලක්ෂ 63ක් පමණ වාහන ප්‍රමාණයක් ලංකාව තුල තිබුණි. මෙය 2009 දී පැවති මිලියන 3.5 සමග සලකන විට 9.3%ක වාර්ෂික වර්ධනයකි. මුලාශ්‍රය : roar.lk / ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

මේක තේරුම් ගන්න නම් විශේෂ දැනුමක් අවශ්‍ය නෑ. රටේ දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ දේවල් වැඩි වෙද්දී වාහන පාවිච්චිය වැඩි වෙන එක බොහොම ස්වාභාවික දෙයක්. වෙනත් විදිහකින් කිව්වොත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා ජීවන තත්වය ඉහළ යද්දී වාහන වගේ දේවල් වලට මුදල් වැය කරන එකත් ඉහළ යනවා. 2015 අවසාන වෙද්දී රටේ තිබුණු මුළු වාහන ගණන මිලියන 6.3ක් නැත්නම් ලක්ෂ 63ක් පමණ වන බව මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව දක්වනවා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් 1/3 ක්ම වාහන පාවිච්චි කරනවා කියලා ඒකෙන් අදහසක් ගන්න පුළුවන්, නමුත් දෙක තුන පාවිච්චි කරන අය නිසා සැබෑ ප්‍රමාණය ඊට අඩුයි. කොහොම වුණත් පහු ගිය අවුරුදු හය පුරාවට වාර්ෂිකව 9.3%ක වගේ දළ වර්ධන වේගයක් තිබුණා.

2. 2014 ඉඳන් 2015 දක්වා කාලය තුලදී වාහන ලියාපදිංචිය විශාල ලෙස ඉහළ ගියා.

මුලින්ම තැඹිලි පාටින් දක්වලා තියන කොටසට අවධානය යොමු කරන්න. 2011දී රජය ගත් තීන්දුවකට අනුව රුපියල අවප්‍රමාණය වුණා මතක ඇති. ඩොලරයට සාපේක්ෂව 3%කින් රුපියල බාල්දු වුන නිසා ආනයන හැම එකකම මිල වැඩි වුණා. ලංකාවේ වාහන සේරම වගේ ආනයනය කරපු ඒවා නිසා වාහන මිලත් ඒ වගේම ප්‍රමාණයකින් වැඩි වුණා. ඒත් එක්කම වාහන මිල දී ගන්න ඒකත් අඩු වෙන්න ගත්තා.

දැන් කොළ පාටින් දක්වලා තියෙන කොටස බලන්න. 2014 ජනවාරි වලදී හේතු කිහිපයක්ම නිසා වාහන ලියාපදිංචිය වැඩි වෙන්න පටන් ගත්තා. පළවෙනි එක තමයි ලෝක ආර්ථිකය බොහෝ හැලහැප්පීම් සහිත වකවානුවකට ආවා. අනිත් එක තමයි දේශපාලන වෙනස්කම් නිසා ලංකාවේ පොලී අනුපාත පහළ දැමුනා. ඒ වගේම තමයි තෙල් මිල අඩු කිරීම, බදු අඩු කිරීම් (විශේෂයෙන්ම හයිබ්‍රිඩ් සහ විදුලි වාහන වල) වගේ දේවල් නිසාත් බොහෝ දෙනා වාහන මිල දී ගන්න පෙළඹුණා. මේ පටන් ගත්තු ලියාපදිංචිය ඉහළ යාම 2015 සැප්තැම්බර් වෙන තුරු පැවතිලා ඊට පස්සේ තමයි අඩු වෙන්න ගත්තේ.

උඩ තියෙන වගුවේ දැක්වෙන්නේ කාර් ගැන තොරතුරු විතරයි. මෝටර් බයිසිකල් සහ ත්‍රී වීල් වල තොරතුරු පහළ වගු වලින් බලා ගන්න.

3. ලංකාවේ බොහෝ දෙනාගේ කැමැත්ත තියෙන්නේ ටොයෝටා වාහන වලට.

ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නා දෙයක් මේක. “වාහනයක් නම් ටොයෝටා තමයි” කියලයි ලංකාවේ වැඩි දෙනා කියන්නේ. ලංකාවේ මාකට් එක තුල ටොයෝටා වාහන වලට ලැබෙන්නේ බොහොම ඉහළ පිලි ගැනීමක්; පොදුවේ ජපන් වාහන වලට ඉල්ලුම වැඩියි වගේම හොන්ඩා, නිසාන් වගේ අනිත් ජපන් වාහන වලට සාපේක්ෂව වුණත් ටොයෝටා වාහන වලට තියෙන පිළිගැනීම වැඩියි. ගොඩක් වෙලාවට විශ්වසනීයත්වය, ඉන්ධන කාර්යක්ෂමතාවය, අඩු වියදම් ආදිය අතින් ටොයෝටා වාහන ගොඩක් හොඳයි කියලා කවුරු අතරත් පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම නැවත විකුණද්දී ඉහළ මිලක් ගන්න පුළුවන් එකත්, බොහෝ දෙනා ටොයෝටා වාහන පාවිච්චි කරන නිසා අමතර කොටස් ලේසියෙන් හොයා ගන්න පුළුවන් වීමත් තවත් හේතු කිහිපයක්. මිලෙන් ටිකක් වැඩි වුණත් දීර්ඝ කාලීන වශයෙන් වියදමේ ලොකු වාසියක් තියෙන බව තමයි ටොයෝටා ගැන කාගේත් අදහස. කොහොම වුණත් දැන් එන ටොයෝටා වාහන ඉස්සර තරම් විශ්වසනීයත්වය අතින් ඉහළ නැති බව පේන්න තියෙනවා.

2005 වගේ වෙනකන් ටොයෝටා සමාගම තමයි කාර් නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම හිටියේ. කුඩා වාහන, මධ්‍යස්ථ ප්‍රමාණයේ කාර් වගේ හැම අංශයකම වැඩි ඉල්ලුම තිබුණේ ටොයෝටා වාහන වලට. ඒ වගේම ඊළඟට තිබුණු හොන්ඩා, නිසාන් සහ මිට්සුබිෂි වගේ වගේ සමාගම් හැම එකමත් ජපන්. ඒත් දැන් දැන් ෆෝඩ්, හියුන්දායි, කියා වගේම සුසුකි වගේ ඉන්දීය සමාගම්, ගීලි වගේ සමහර චීන සමාගම් පවා මාකට් ඒකෙ සැලකිය යුතු කොටසකට හිමිකම් කියනවා. දැන් වැඩි දෙනාගේ අදහස ටොයෝටා සහ වෙනත් ජපන් වාහන වල විශේෂ වාසියක් නැහැ කියලයි. වෙන එකක් තියා ඉන්ධන පිරිමැස්මෙන් පවා අනිත් හැම නිෂ්පාදකයෙක්ම එකම මට්ටමේ ඉන්නේ.

කොහොම නමුත් තවමත් වැඩි දෙනා ගොඩක් කැමති වාහන සමාගම වෙන්නේ ටොයෝටා කියලා කියන්න පුළුවන්. නමුත් ඉස්සරහට එහෙම වෙයිද කියන්න නම් බැහැ. ඉන්දීය හා චීන වාහන හැම තැනකම වගේ අද දකින්න පුළුවන්, විශේෂයෙන්ම අද සාමාන්‍ය පවුල් හැම එකකම වාහනය වෙලා තියෙන්නේ සුසුකි ඇල්ටෝ එකක්. ඒ වගේම අනෙකුත් සමාගම් පවා මිලෙන් අඩු නිෂ්පාදන හඳුන්වා දෙන නිසා ටොයෝටා වාහන වලට පැවති ඉල්ලුම අඩු වෙලා. යම් යම් වාහන වැඩිපුර ජනප්‍රිය වෙද්දී ඒවාට අවශ්‍ය අමතර කොටස් වුණත් බහුල වෙන නිසා ඒවම ගන්න ඒකේ වාසියක් තියනවා. ලඟදි ට්‍රෙන්ඩ් එකට ජනප්‍රිය වුණු වාහන වර්ග කිහිපයක් මෙන්න.

සුසුකි ඇල්ටෝ

සුසුකි ස්විෆ්ට් (Swift)

හොන්ඩා ෆිට් (Fit)

හොන්ඩා වෙසෙල් (Vezel)

ටොයෝටා ඇක්වා (Aqua)

BMW 520D

4. ඉහළ මාකට් එකේ බෙන්ස් වාහන වලට තියෙන ඉල්ලුම තවම වැඩියි.

මෙච්චර වෙලා කතා කළේ සාමන්‍ය ආදායමක් තියෙන අයගේ වාහන ගැනනේ. දැන් බලමු ඉහළ පැලැන්තියේ කට්ටිය පාවිච්චි කරන වාහන වර්ග. ලංකාවේ ලොකු ලොකු කට්ටියගෙන් වැඩි පිරිසක් තවම කැමති මර්සිඩීස් බෙන්ස් වාහන වලටයි. ඉස්සරම කාලේ ඉඳන් ගොඩක් දුරට ආසියාවේ හා අප්‍රිකාවේ රාජ්‍ය නායකයන්, ලොකු ලොකු ව්‍යාපාරිකයන් කවුරුත් වැඩිපුර පාවිච්චි කරන්නේ බෙන්ස් වාහන. ඒවා නිතර දැකලා ලැබුණු ආභාෂය තවමත් එහෙමයි. විශේෂයෙන්ම වැඩිහිටි කෙනෙක්ගෙන් කවදා හරි තමන් සිහින මැව්වේ මොන වගේ කාර් එකක් ගන්නද කියලා ඇහුවොත් කියන්නෙම බෙන්ස් එකක් ගන්න ආසයි කියලයි. තවමත් බෙන්ස් වාහනයකින් තැනකට ගියාම ලැබෙන ඉහළ පිලි ගැනීමේ කිසිම අඩුවක් නෑ. ඔබේ වාහනයේ බෙන්ස් ලකුණ තියෙනවා කියන්නේ ඔබ බොහොම පොහොසතෙක් බව කාටත් පෙන්නන්න හොඳම ක්‍රමයක්.

ලංකාවේ තියන ඉහළ පිලි ගැනීම නිසා තවමත් අලෙවිය අතින් බෙන්ස් ඉහළින් ඉන්නවා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. දෙවැනි තැන BMW වලටත්, තුන් වෙනි තැන Land Rover වලටත් හිමි වෙලා තියෙනවා පහු ගිය අවුරුදු 2 පුරාවට.

කාර් ගැන වැඩි අවධානයක් යොමු කලාට Discovery, Evoque සහ Defender වගේ Land Rover වාහන වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

5. විදුලි වාහන වලට තවම ලොකු මාකට් එකක් නැහැ.

පහුගිය කාලේ විදුලි වාහන වලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කවුරුත් දන්න නිසාන් ලීෆ් ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා කෙටි ගමන් වලට නිතර වාහන පාවිච්චි වෙන කොළඹ වගේ නාගරික පැති වල. දිනපතා කෙටි දුරක් ගිහින් එන්න තියෙනවා නම් ඉලෙක්ට්‍රික් වාහනයක් ඇත්තටම හොඳයි, ගෙදර ගිහින් චාජ් වෙන්න ගහලා තියල ලයිට් බිල ගෙවන්න විතරනේ තියෙන්නේ. එක චාජ් එකකින් ලේසියෙන්ම සතියක් වාහනේ දුවන්න පුළුවන්. (දවසට යන එන දුර 20 -30km වගේ නම්)

කොහොම වුණත් තවමත් මාකට් ඒකෙ ලොකු වෙනසක් වෙලා නැහැ. පහුගිය කාලේ ඉලෙක්ට්‍රික් වාහන වලටත් බදු වැඩි කරපු එකත් මේකට බල පාන්න ඇති. 2015දී ඉලෙක්ට්‍රික් වාහන 3239ක් ලියාපදිංචි කරලා තියෙනවා, ඒක පෙට්‍රල් කාර් 58,801 එක්ක බැලුවාම 5%ක වගේ ප්‍රමාණයක්. නමුත් හයිබ්‍රිඩ් වාහන 40,884 නම් සැලකිය යුතු අගයක්.

පෙට්‍රල් කාර් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වුනු ටෙස්ලා ලංකාවෙත් තියනවා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට අනුව ටෙස්ලා වාහන 8ක් ලංකාවේ ලියාපදිංචි කරලා තියෙනවා.

6. ලංකාවේ වාහන මාකට් එකේ ආදායම අනුව තියෙන බෙදීම.

ලංකාවේ වාහන මාකට් එක ආදායම අනුව පැහැදිලිව බෙදලා දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආදායම් තියෙන මිනිස්සු ගන්නේ මෝටර් සයිකල් හා ත්‍රී වීල් බව කවුරුත් දන්නවා. කාර් මිලදී ගන්න එක ගැන අවධානය යොමු කලොත් අඩු – මැදි ආදායමක් හිමි (විශේෂයෙන් බොහෝ රජයේ සේවකයන්) මිලට ගන්න බලන්නේ ඉන්දීය වාහන තමයි. මොවුන්ගේ ජනප්‍රියම වාහනය සුසුකි ඇල්ටෝ සහ අනෙක් සුසුකි කුඩා කාර්. ඒ වගේම මයික්‍රෝ පැන්ඩා එකට (ලංකාවේ එකලස් කෙරෙන) පවා දැන් ඉහළ ඉල්ලුමක් ඇති වෙමින් තියනවා. සාමාන්‍ය මට්ටමේ ආදායම තියෙන කට්ටිය ගොඩක් වෙලාවට ටොයෝටා ඇතුළු ජපන් වාහන මිල දී ගැනීම ඉහලයි. හයිබ්‍රිඩ් වාහන වන ප්‍රයස්, ඇක්වා සහ ටිකක් වැඩි ආදායම හිමි අය හොන්ඩා වෙසෙල් වගේ SUV වාහන වලට යොමු වෙන බව දකින්න පුළුවන්. බොහෝ වෛද්‍යවරු තමන්ගේ පළමු පර්මිට් වාහනය විදිහට ගන්න ප්‍රිමියෝ එකත් මේ කාණ්ඩයට ඇතුලත්. ඉහළ ආදායම් තියෙන බහුතරය ජර්මන් හා අනෙක් යුරෝපීය වාහන මිලට ගන්නා බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම BMW 520D එකට පහු ගිය දවස් වල ලොකු ඉල්ලුමක් තිබුණා. යුරෝපීය වාහන ටිකක් වයසින් වැඩි වෛද්‍යවරු හා ඉහළ ව්‍යාපාරිකයන් අතර බොහෝ ජනප්‍රියයි. ඉහළ ව්‍යාපාරිකයන් වාහන තෝරද්දී මර්සිඩීස් බෙන්ස් C ක්ලාස් (S ක්ලාස් ගන්නේ ලොකුම ව්‍යාපාරිකයෝ තමයි), BMW 5 සීරීස් හෝ 6 සීරීස් අතරින් එකක් තමයි තමන්ගේ තත්වය පෙන්වීම සඳහා තෝරා ගන්නේ. දේශපාලකයෝ ගෙන්නපු ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, ෆෙරාරි වගේ සුපිරි පැලැන්තියේ වාහන ගැනත් පහු ගිය කාලේ කතා බහක් ඇති වුණා. මේවා ඉතින් විශේෂයෙන් ගෙන්වන්න ඕනේ බ්‍රෑන්ඩ්.

ඉතින් ඔන්න ඕවා තමයි අපිට ලංකාවේ වාහන මාකට් එක දිහා බලලා ගන්න පුළුවන් අදහස්. මම දන්නවා මීට අමතරව තවත් ගොඩක් කරුණු දන්න පිරිස් ඇති. තමන් කැමති අදහසක් මෙතනම යටින් හරි අපේ ෆේස්බුක් පොස්ට් එකේ හරි කමෙන්ට් කරන්න. කාටත් මේ දේවල් ගැන දැනුවත් වීම වටිනවා. මීට පස්සේ ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි වාහනේ ඉන්න කවුරු හරි රටට බනින්න පටන් ගත්තොත් මේ වගේ දෙයක් ගැන කතා කරලා සාකච්ඡාව වඩා අර්ථවත් දෙයක් කර ගන්න ඔබට පුළුවන් වේවි. ඔබ එකතු කර ගන්න දැනුම කවදා හරි හොඳ වාහනයක් ගන්න ඔබටම ප්‍රයෝජනවත් වෙන්නත් අනිවාර්යයෙන් ඉඩ තියෙනවා.

අන්තර්ජාලය ඇසුරින්

[QUOTE="The maniac, post: 20142382, member: 538844"] [CENTER][IMG]http://test.dpchip.com/image/catalog/car.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]ලංකාවේ වාහන ලියාපදිංචි කිරීම් දත්ත ආශ්‍රිතව දැනගතහැකි කරුණු [/COLOR][/SIZE] ප්‍රවාහනය කියන්නේ ලංකාවේ අපි එතරම් බරපතල විදිහට හිතන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අමුතු දෙයක් සිදු වෙනකන් අපි අවධානයක් දීලා ඒ ගැන හිතන්නේ නෑ. උදේ පාන්දරකට වාහනේ එන්ජින් එක ස්ටාට් වුණේ නැත්නම්, යන්න ඉන්න බස් එක, කෝච්චිය ආවේ නැත්නම් තමයි අපිට එක පාරට මතක් වෙන්නේ අපි ඒ තරම් ගණන් නොගන්න දෙයින් මොන තරම් වැදගත් කාර්යයක් සිද්ධ වෙනවද කියන එක. (විදුලිය වගේ දේවල් වුණත් එහෙමයි, නැති වුණු දවසට තමයි තේරෙන්නේ මොන තරම් අපි ඒ මත රැඳිලා ඉන්නවද කියලා) ටයර් එකක හුලන් බැහැල හරි, බස් කොච්චි ස්ට්‍රයික් එකක් හරි තිබුණු දවසට වැඩට යන්න පරක්කු වෙලා මුළු දවසම එපා කරපු එකක් වෙන හැටි අපි කවුරුත් අත් දැකලා තියෙනවා. ලංකාවේ ඉන්න කෙනෙක්ට වාහනයක් තියෙනවා කියන්නේ ලොකු ප්‍රයෝජනයක්. මේ නිසා සල්ලි ටිකක් හොයා ගෙන හරි, ලීසිං එකක් දාන්න හිතාගෙන හරි පත්තර වල ක්ලැසිෆයිඩ් පිටු ටික බලලා අඩු ගානට හොඳ කාර් එකක් හොයා ගන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. නමුත් ඔවුන් වැඩිපුර හිතන්නේ නැති දෙයක් තමයි ලංකාවේ වාහන මාකට් එක හැසිරෙන විදිහෙන් ගොඩක් තොරතුරු දැන ගන්න පුළුවන් කියන එක. ප්‍රධාන වශයෙන් බැලුවම අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ, වැඩියෙන් කැමති දේවල් මොනවද, සංවර්ධනය මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ මොන විදිහටද වගේ තොරතුරු ගොඩක් මේ ක්ලැසිෆයිඩ් පිටු වල තියෙන වාහන ඇඩ් අතරේ හැංගිලා තියෙනවා. ඉතින් මේ ගැන අදහසක් ආව අපි තීරණය කළා ලංකාවේ වාහන මාකට් එකට ටිකක් එබිලා බලලා හඳුනාගන්න පුළුවන් දේවල් පහක් ගැන ඔබව දැනුවත් කරන්න. [COLOR="red"][SIZE="5"]1. ලංකාවේ පාරවල් වල වාහන මිලියන 6කට වඩා තියෙනවා.[/SIZE][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/5-2-600x346.jpg[/IMG] ලංකාවේ සමස්ත වාහන ප්‍රමාණය : 2015 වර්ෂයේ අවසානය වන විට මිලියන 6.3ක්, නැතිනම් ලක්ෂ 63ක් පමණ වාහන ප්‍රමාණයක් ලංකාව තුල තිබුණි. මෙය 2009 දී පැවති මිලියන 3.5 සමග සලකන විට 9.3%ක වාර්ෂික වර්ධනයකි. මුලාශ්‍රය : roar.lk / ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව මේක තේරුම් ගන්න නම් විශේෂ දැනුමක් අවශ්‍ය නෑ. රටේ දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ දේවල් වැඩි වෙද්දී වාහන පාවිච්චිය වැඩි වෙන එක බොහොම ස්වාභාවික දෙයක්. වෙනත් විදිහකින් කිව්වොත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා ජීවන තත්වය ඉහළ යද්දී වාහන වගේ දේවල් වලට මුදල් වැය කරන එකත් ඉහළ යනවා. 2015 අවසාන වෙද්දී රටේ තිබුණු මුළු වාහන ගණන මිලියන 6.3ක් නැත්නම් ලක්ෂ 63ක් පමණ වන බව මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව දක්වනවා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් 1/3 ක්ම වාහන පාවිච්චි කරනවා කියලා ඒකෙන් අදහසක් ගන්න පුළුවන්, නමුත් දෙක තුන පාවිච්චි කරන අය නිසා සැබෑ ප්‍රමාණය ඊට අඩුයි. කොහොම වුණත් පහු ගිය අවුරුදු හය පුරාවට වාර්ෂිකව 9.3%ක වගේ දළ වර්ධන වේගයක් තිබුණා. [COLOR="red"][SIZE="5"]2. 2014 ඉඳන් 2015 දක්වා කාලය තුලදී වාහන ලියාපදිංචිය විශාල ලෙස ඉහළ ගියා.[/SIZE][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/7-1-600x391.jpg[/IMG] මුලින්ම තැඹිලි පාටින් දක්වලා තියන කොටසට අවධානය යොමු කරන්න. 2011දී රජය ගත් තීන්දුවකට අනුව රුපියල අවප්‍රමාණය වුණා මතක ඇති. ඩොලරයට සාපේක්ෂව 3%කින් රුපියල බාල්දු වුන නිසා ආනයන හැම එකකම මිල වැඩි වුණා. ලංකාවේ වාහන සේරම වගේ ආනයනය කරපු ඒවා නිසා වාහන මිලත් ඒ වගේම ප්‍රමාණයකින් වැඩි වුණා. ඒත් එක්කම වාහන මිල දී ගන්න ඒකත් අඩු වෙන්න ගත්තා. දැන් කොළ පාටින් දක්වලා තියෙන කොටස බලන්න. 2014 ජනවාරි වලදී හේතු කිහිපයක්ම නිසා වාහන ලියාපදිංචිය වැඩි වෙන්න පටන් ගත්තා. පළවෙනි එක තමයි ලෝක ආර්ථිකය බොහෝ හැලහැප්පීම් සහිත වකවානුවකට ආවා. අනිත් එක තමයි දේශපාලන වෙනස්කම් නිසා ලංකාවේ පොලී අනුපාත පහළ දැමුනා. ඒ වගේම තමයි තෙල් මිල අඩු කිරීම, බදු අඩු කිරීම් (විශේෂයෙන්ම හයිබ්‍රිඩ් සහ විදුලි වාහන වල) වගේ දේවල් නිසාත් බොහෝ දෙනා වාහන මිල දී ගන්න පෙළඹුණා. මේ පටන් ගත්තු ලියාපදිංචිය ඉහළ යාම 2015 සැප්තැම්බර් වෙන තුරු පැවතිලා ඊට පස්සේ තමයි අඩු වෙන්න ගත්තේ. උඩ තියෙන වගුවේ දැක්වෙන්නේ කාර් ගැන තොරතුරු විතරයි. මෝටර් බයිසිකල් සහ ත්‍රී වීල් වල තොරතුරු පහළ වගු වලින් බලා ගන්න. [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/3-2-600x412.jpg[/IMG] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/4-2-600x397.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]3. ලංකාවේ බොහෝ දෙනාගේ කැමැත්ත තියෙන්නේ ටොයෝටා වාහන වලට.[/SIZE][/COLOR] ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නා දෙයක් මේක. “වාහනයක් නම් ටොයෝටා තමයි” කියලයි ලංකාවේ වැඩි දෙනා කියන්නේ. ලංකාවේ මාකට් එක තුල ටොයෝටා වාහන වලට ලැබෙන්නේ බොහොම ඉහළ පිලි ගැනීමක්; පොදුවේ ජපන් වාහන වලට ඉල්ලුම වැඩියි වගේම හොන්ඩා, නිසාන් වගේ අනිත් ජපන් වාහන වලට සාපේක්ෂව වුණත් ටොයෝටා වාහන වලට තියෙන පිළිගැනීම වැඩියි. ගොඩක් වෙලාවට විශ්වසනීයත්වය, ඉන්ධන කාර්යක්ෂමතාවය, අඩු වියදම් ආදිය අතින් ටොයෝටා වාහන ගොඩක් හොඳයි කියලා කවුරු අතරත් පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම නැවත විකුණද්දී ඉහළ මිලක් ගන්න පුළුවන් එකත්, බොහෝ දෙනා ටොයෝටා වාහන පාවිච්චි කරන නිසා අමතර කොටස් ලේසියෙන් හොයා ගන්න පුළුවන් වීමත් තවත් හේතු කිහිපයක්. මිලෙන් ටිකක් වැඩි වුණත් දීර්ඝ කාලීන වශයෙන් වියදමේ ලොකු වාසියක් තියෙන බව තමයි ටොයෝටා ගැන කාගේත් අදහස. කොහොම වුණත් දැන් එන ටොයෝටා වාහන ඉස්සර තරම් විශ්වසනීයත්වය අතින් ඉහළ නැති බව පේන්න තියෙනවා. 2005 වගේ වෙනකන් ටොයෝටා සමාගම තමයි කාර් නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම හිටියේ. කුඩා වාහන, මධ්‍යස්ථ ප්‍රමාණයේ කාර් වගේ හැම අංශයකම වැඩි ඉල්ලුම තිබුණේ ටොයෝටා වාහන වලට. ඒ වගේම ඊළඟට තිබුණු හොන්ඩා, නිසාන් සහ මිට්සුබිෂි වගේ වගේ සමාගම් හැම එකමත් ජපන්. ඒත් දැන් දැන් ෆෝඩ්, හියුන්දායි, කියා වගේම සුසුකි වගේ ඉන්දීය සමාගම්, ගීලි වගේ සමහර චීන සමාගම් පවා මාකට් ඒකෙ සැලකිය යුතු කොටසකට හිමිකම් කියනවා. දැන් වැඩි දෙනාගේ අදහස ටොයෝටා සහ වෙනත් ජපන් වාහන වල විශේෂ වාසියක් නැහැ කියලයි. වෙන එකක් තියා ඉන්ධන පිරිමැස්මෙන් පවා අනිත් හැම නිෂ්පාදකයෙක්ම එකම මට්ටමේ ඉන්නේ. කොහොම නමුත් තවමත් වැඩි දෙනා ගොඩක් කැමති වාහන සමාගම වෙන්නේ ටොයෝටා කියලා කියන්න පුළුවන්. නමුත් ඉස්සරහට එහෙම වෙයිද කියන්න නම් බැහැ. ඉන්දීය හා චීන වාහන හැම තැනකම වගේ අද දකින්න පුළුවන්, විශේෂයෙන්ම අද සාමාන්‍ය පවුල් හැම එකකම වාහනය වෙලා තියෙන්නේ සුසුකි ඇල්ටෝ එකක්. ඒ වගේම අනෙකුත් සමාගම් පවා මිලෙන් අඩු නිෂ්පාදන හඳුන්වා දෙන නිසා ටොයෝටා වාහන වලට පැවති ඉල්ලුම අඩු වෙලා. යම් යම් වාහන වැඩිපුර ජනප්‍රිය වෙද්දී ඒවාට අවශ්‍ය අමතර කොටස් වුණත් බහුල වෙන නිසා ඒවම ගන්න ඒකේ වාසියක් තියනවා. ලඟදි ට්‍රෙන්ඩ් එකට ජනප්‍රිය වුණු වාහන වර්ග කිහිපයක් මෙන්න. සුසුකි ඇල්ටෝ සුසුකි ස්විෆ්ට් (Swift) හොන්ඩා ෆිට් (Fit) හොන්ඩා වෙසෙල් (Vezel) ටොයෝටා ඇක්වා (Aqua) BMW 520D [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/2-4-600x382.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]4. ඉහළ මාකට් එකේ බෙන්ස් වාහන වලට තියෙන ඉල්ලුම තවම වැඩියි.[/SIZE][/COLOR] මෙච්චර වෙලා කතා කළේ සාමන්‍ය ආදායමක් තියෙන අයගේ වාහන ගැනනේ. දැන් බලමු ඉහළ පැලැන්තියේ කට්ටිය පාවිච්චි කරන වාහන වර්ග. ලංකාවේ ලොකු ලොකු කට්ටියගෙන් වැඩි පිරිසක් තවම කැමති මර්සිඩීස් බෙන්ස් වාහන වලටයි. ඉස්සරම කාලේ ඉඳන් ගොඩක් දුරට ආසියාවේ හා අප්‍රිකාවේ රාජ්‍ය නායකයන්, ලොකු ලොකු ව්‍යාපාරිකයන් කවුරුත් වැඩිපුර පාවිච්චි කරන්නේ බෙන්ස් වාහන. ඒවා නිතර දැකලා ලැබුණු ආභාෂය තවමත් එහෙමයි. විශේෂයෙන්ම වැඩිහිටි කෙනෙක්ගෙන් කවදා හරි තමන් සිහින මැව්වේ මොන වගේ කාර් එකක් ගන්නද කියලා ඇහුවොත් කියන්නෙම බෙන්ස් එකක් ගන්න ආසයි කියලයි. තවමත් බෙන්ස් වාහනයකින් තැනකට ගියාම ලැබෙන ඉහළ පිලි ගැනීමේ කිසිම අඩුවක් නෑ. ඔබේ වාහනයේ බෙන්ස් ලකුණ තියෙනවා කියන්නේ ඔබ බොහොම පොහොසතෙක් බව කාටත් පෙන්නන්න හොඳම ක්‍රමයක්. ලංකාවේ තියන ඉහළ පිලි ගැනීම නිසා තවමත් අලෙවිය අතින් බෙන්ස් ඉහළින් ඉන්නවා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. දෙවැනි තැන BMW වලටත්, තුන් වෙනි තැන Land Rover වලටත් හිමි වෙලා තියෙනවා පහු ගිය අවුරුදු 2 පුරාවට. කාර් ගැන වැඩි අවධානයක් යොමු කලාට Discovery, Evoque සහ Defender වගේ Land Rover වාහන වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/1-4-600x363.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]5. විදුලි වාහන වලට තවම ලොකු මාකට් එකක් නැහැ.[/SIZE][/COLOR] පහුගිය කාලේ විදුලි වාහන වලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කවුරුත් දන්න නිසාන් ලීෆ් ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා කෙටි ගමන් වලට නිතර වාහන පාවිච්චි වෙන කොළඹ වගේ නාගරික පැති වල. දිනපතා කෙටි දුරක් ගිහින් එන්න තියෙනවා නම් ඉලෙක්ට්‍රික් වාහනයක් ඇත්තටම හොඳයි, ගෙදර ගිහින් චාජ් වෙන්න ගහලා තියල ලයිට් බිල ගෙවන්න විතරනේ තියෙන්නේ. එක චාජ් එකකින් ලේසියෙන්ම සතියක් වාහනේ දුවන්න පුළුවන්. (දවසට යන එන දුර 20 -30km වගේ නම්) කොහොම වුණත් තවමත් මාකට් ඒකෙ ලොකු වෙනසක් වෙලා නැහැ. පහුගිය කාලේ ඉලෙක්ට්‍රික් වාහන වලටත් බදු වැඩි කරපු එකත් මේකට බල පාන්න ඇති. 2015දී ඉලෙක්ට්‍රික් වාහන 3239ක් ලියාපදිංචි කරලා තියෙනවා, ඒක පෙට්‍රල් කාර් 58,801 එක්ක බැලුවාම 5%ක වගේ ප්‍රමාණයක්. නමුත් හයිබ්‍රිඩ් වාහන 40,884 නම් සැලකිය යුතු අගයක්. පෙට්‍රල් කාර් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වුනු ටෙස්ලා ලංකාවෙත් තියනවා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට අනුව ටෙස්ලා වාහන 8ක් ලංකාවේ ලියාපදිංචි කරලා තියෙනවා. [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/6-1-600x361.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]6. ලංකාවේ වාහන මාකට් එකේ ආදායම අනුව තියෙන බෙදීම.[/SIZE][/COLOR] ලංකාවේ වාහන මාකට් එක ආදායම අනුව පැහැදිලිව බෙදලා දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආදායම් තියෙන මිනිස්සු ගන්නේ මෝටර් සයිකල් හා ත්‍රී වීල් බව කවුරුත් දන්නවා. කාර් මිලදී ගන්න එක ගැන අවධානය යොමු කලොත් අඩු – මැදි ආදායමක් හිමි (විශේෂයෙන් බොහෝ රජයේ සේවකයන්) මිලට ගන්න බලන්නේ ඉන්දීය වාහන තමයි. මොවුන්ගේ ජනප්‍රියම වාහනය සුසුකි ඇල්ටෝ සහ අනෙක් සුසුකි කුඩා කාර්. ඒ වගේම මයික්‍රෝ පැන්ඩා එකට (ලංකාවේ එකලස් කෙරෙන) පවා දැන් ඉහළ ඉල්ලුමක් ඇති වෙමින් තියනවා. සාමාන්‍ය මට්ටමේ ආදායම තියෙන කට්ටිය ගොඩක් වෙලාවට ටොයෝටා ඇතුළු ජපන් වාහන මිල දී ගැනීම ඉහලයි. හයිබ්‍රිඩ් වාහන වන ප්‍රයස්, ඇක්වා සහ ටිකක් වැඩි ආදායම හිමි අය හොන්ඩා වෙසෙල් වගේ SUV වාහන වලට යොමු වෙන බව දකින්න පුළුවන්. බොහෝ වෛද්‍යවරු තමන්ගේ පළමු පර්මිට් වාහනය විදිහට ගන්න ප්‍රිමියෝ එකත් මේ කාණ්ඩයට ඇතුලත්. ඉහළ ආදායම් තියෙන බහුතරය ජර්මන් හා අනෙක් යුරෝපීය වාහන මිලට ගන්නා බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම BMW 520D එකට පහු ගිය දවස් වල ලොකු ඉල්ලුමක් තිබුණා. යුරෝපීය වාහන ටිකක් වයසින් වැඩි වෛද්‍යවරු හා ඉහළ ව්‍යාපාරිකයන් අතර බොහෝ ජනප්‍රියයි. ඉහළ ව්‍යාපාරිකයන් වාහන තෝරද්දී මර්සිඩීස් බෙන්ස් C ක්ලාස් (S ක්ලාස් ගන්නේ ලොකුම ව්‍යාපාරිකයෝ තමයි), BMW 5 සීරීස් හෝ 6 සීරීස් අතරින් එකක් තමයි තමන්ගේ තත්වය පෙන්වීම සඳහා තෝරා ගන්නේ. දේශපාලකයෝ ගෙන්නපු ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, ෆෙරාරි වගේ සුපිරි පැලැන්තියේ වාහන ගැනත් පහු ගිය කාලේ කතා බහක් ඇති වුණා. මේවා ඉතින් විශේෂයෙන් ගෙන්වන්න ඕනේ බ්‍රෑන්ඩ්. ඉතින් ඔන්න ඕවා තමයි අපිට ලංකාවේ වාහන මාකට් එක දිහා බලලා ගන්න පුළුවන් අදහස්. මම දන්නවා මීට අමතරව තවත් ගොඩක් කරුණු දන්න පිරිස් ඇති. තමන් කැමති අදහසක් මෙතනම යටින් හරි අපේ ෆේස්බුක් පොස්ට් එකේ හරි කමෙන්ට් කරන්න. කාටත් මේ දේවල් ගැන දැනුවත් වීම වටිනවා. මීට පස්සේ ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි වාහනේ ඉන්න කවුරු හරි රටට බනින්න පටන් ගත්තොත් මේ වගේ දෙයක් ගැන කතා කරලා සාකච්ඡාව වඩා අර්ථවත් දෙයක් කර ගන්න ඔබට පුළුවන් වේවි. ඔබ එකතු කර ගන්න දැනුම කවදා හරි හොඳ වාහනයක් ගන්න ඔබටම ප්‍රයෝජනවත් වෙන්නත් අනිවාර්යයෙන් ඉඩ තියෙනවා. අන්තර්ජාලය ඇසුරින් [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom