වාහල්කඩින් pohottu දේශපාලකයනට කණේ පහරක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    print sharing button

    facebook sharing button

    twitter sharing button

    whatsapp sharing button



    image_a771c1ad70.jpg

    (හේමන්ත රණසූරිය සහ පියදාස සමරවිර)
    අනුරාධපුර වාහල්කඩ අලුතින් ඉදිකළ සති පොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ජනපදවාසීන් වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයනට සිදු විය.
    උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරිය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණි.
    ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් දේශපාලන අධිකාරියේ කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවීය.
    කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
    මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
    මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ලේකම් රෝෂිණී මහත්මියගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී ඇය ඊට පිළිතුරු නොදී දුරකථනය විසන්ධි කළාය.
    මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බව වාහල්කඩ ජනතාව අප හා කීහ.
    සති පොල විවෘත නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු ආපසු හැරී පිටත්ව ගියහ.

    image_65fd1346b2.jpg

    image_e828da59d7.jpg

    image_bf2e1947ff.jpg

    image_defb673051.jpg


    @2osama @N A K A M U R A inna thenaka walak haragena welaliyan, ballige puthala