වැට්‌ සටනට බැස්‌ස කඩ හතකට සීල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැට්‌ සටනට බැස්‌ස කඩ හතකට සීල්

    වැට්‌ සටනට බැස්‌ස කඩ හතකට සීල්





    රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍ර (සීල්) තබා ඇතැයි වාර්තා වේ.

    මේ අනුව මේ වන විට වෙළෙඳසල් හතක්‌ පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍ර තැබූ වෙළෙඳසල් තුනක්‌ මුදල් තැන්පතුවක්‌ මත විවෘත කිරීමට පසුව අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ.

    නීති විරෝධී අන්දමින් රටට රෙදිපිළි ගෙනැවිත් ඇතැයි පවසමින් එම වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් පරීක්‍ෂා කොට සීල් තැබීමට පියවර ගෙන ඇති බවත් මෙහි සැබෑ අරමුණ තොග හා සිල්ලර වෙළෙ¹මට ද අදාළ වන පරිදි සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමට එරෙහිව රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසා වෙළෙඳුන් විසින් සිදුකළ විරෝධතාවන්ට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ක්‍රියාකාරීන් බියවැද්දීම බව ද එම වෙළෙඳ සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

    මේ අනුව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ සභාපති සරත් ධර්මසිරි මහතා, එහි ලේකම් ඉන්දික ලියනගේ මහතා සහ උප සභාපති ආර්. සමරක්‌කොඩි මහතා ඇතුළු එහි ක්‍රියාකාරීන් ගේ වෙළෙඳසල් මේ වන විට සීල් තබා ඇති බවත් වාර්තා වේ.

    නීති විරෝධී අන්දමින් රෙදිපිළි රට තුළට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරකට අනුව අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ ද මේ වැඩපිළිවෙළේ සැබෑ අරමුණ ඉදිරියේදී නැවත වතාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන වැට්‌ බදු පනතට වෙළෙඳුන්ගෙන් ඇති වන බලවත් විරෝධය වළක්‌වා ගැනීම සහ පසුගිය දිනවල සිදුකෙරුණු උද්ඝෝෂණවලට නායකත්වය දුන් ව්‍යාපාරිකයන්a බය කිරීම බව ද එම වෙළෙඳ නියෝජිතයන්ගේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරීන්ගේ කඩ මුද්‍රd තැබීම තුළින්ම මෙය පැහැදිලි වන බව ද වැට්‌ බද්දට එරෙහි උද්ඝෝෂණවලට නායකත්වය දුන් වෙළෙඳ නියෝජිතයන්ට අයත් තවත් වෙළෙඳසල් ඉදිරි දිනවල ශ්‍රී ලංකා රේගුව මගින් පරීක්‍ෂා කිරීමට යන බවද පැවසේ.

    මේ පිලිළිබදව මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් දුරකථනයෙන් විමසීමට උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක නොවීය.



    -ශ්‍යාම් නුවන් ගනේවත්ත
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    රට පුරාම ඒවා එක පාර කතා වෙලා වැහුව නම් හරි බන්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද එකාදිපතියා පන්නමු

    avatar144396_1.gif