Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වැඩිහිටියන්ට සලකමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිහිටියන්ට සලකමු...

දස පුණ්‍ය ක්‍රියා අතර තවත් ඉතා වටිනා පින්කමක් ලෙස ‘අපචායන’ හඳුන්වා දෙන්න පුළුවන්. අපචායන යන පාලි වචනය එක්වරම නොතේරුනත් මෙය ඉතා වටිනා පුණ්‍යකර්මයක්. එමෙන්ම බොහෝම පහසුවෙන් කර ගත හැකි පුණ්‍යකර්මයක්. වැඩිය වියදමක් නැතිව, ඈතකට යන්නෙ නැතිව බොහොම ළඟ ඉදගෙන කරගන්න පුළුවන්. ඉහළම පුණ්‍යකර්මයක් ලෙස අපචායන පුණ්‍යකර්මය හඳුන්වා දෙන්න පුළුවන්.

මෙයින් සරලව අදහස් කරන්නේ වැඩිහිටියන්ට සැලකීමයි. පිදිය යුත්තන් පිදීමයි. අප එතරම් ඉහළ පුණ්‍ය කර්ම ලෙස නොසැලකුවත් මේ සමාජ ධර්මතා කෙතරම් ඉහළ මට්ටමකින් තිබෙනවාද? එක ආගමකට, එක දහමකට සීමා කළ හැකි ඒවා නොවෙයි. මේ ධර්මතා තුළ තිබෙන විශේෂ තත්ත්වය එයයි.

බුදුරජාණන් වහන්සේ සප්ත අපරහානීය ධර්ම තුළ පැහැදිලි කර තිබෙනවා. අප අපේ වැඩිහිටියන්ට පිදිය යුත්තන්ට, වෙන සමාජයක හිටියත් ඔවුන් ගෙන්වලා ඒ අයට ආරාම ආදිය තනාදීමෙන්, එමෙන්ම තමන් පුද සත්කාර කිරීමෙන් ඔවුන්ගෙන් ලබා ගත යුතු ආදර්ශ ඉගෙනුම් ආදිය ලබා ගැනීමෙන් පින් සිදු කර ගන්නා ලෙස.

අභිවාදන සීලිස්ස

නිච්චං වඩ්ධා පචායිනො

චත්තාරො ධම්මං වඩ්ඩන්ති

ආයු වණ්ණො සුඛං බලං

මඳක් සිතා බලන්න . දානයක් දුන්නොත් අපට ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ ආනිශංස පහක්. ඒ ආයුෂ ,වර්ණ, සැප, බලය, ප්‍රඥාව මේ පහෙන් ප්‍රඥාව හැරෙන්නට අනෙක් ආනිශංස හතරම ලබා ගන්නට පුළුවන්. පිදිය යුත්තන් පිදීමෙන්, වැඩිහිටියන්ට සැලකීමෙන් ආයුෂ ලැබෙනවා. වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, ශාරීරික බලය ලැබෙනවා.

සමාජයේ මේ සම්පත් ලබන්න මොනවද කරන්නෙ. උදෑසන සිට රාත්‍රිය වන තෙක්ම කරන්නේ රූපලාවණ්‍ය අලංකාර ක්‍රම ස්වභාවික වේවා කෘත්‍රීම වේවා, ආලේපන නැත්නම් විලවුන් වර්ග ආයතන මඟින් ඒ ගැන වර්ණනා කරනවා.

මොකටද? අපට තාරුණ්‍ය ලබා ගන්න.වයෝවෘද්ධභාවය අඩුකර ගන්න. නැත්නම් රූපලාවණ්‍ය භාවය වැඩි කර ගන්න. අනිත් අයගෙ ආකර්ෂණය ලබා ගන්න. ශාරීරික බලය ලබාගන්න. කස්තුරි මිශි්රත පාන වර්ග ලබා ගන්න මේ ආදි වශයෙන් ශරීරයේ බලය ලබා ගන්න උත්සාහ කරනවා.නැත්නම් කාය බලවර්ධන ආයතනවලට එන්න කියල උදේ ඉඳල රාත්‍රිය වන තුරු අපේ කනට ඇහෙනවා.

නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දුන්නා එවැනි කිසිවකින් අපට ආයු , වර්ණ , සැප, බලය වැඩි කර ගන්න බැරි බව.එහෙත් අපට ව්‍යායාමය අවශ්‍ය වනවා.

මවට, පියාට සැලකුවත්, වැඩිහිටියන්ට සැලකුවත් ව්‍යායාමයක් නැත්නම් ඔබ දුබලයකු වන්නට පුළුවන්. වැඩිහිටියන්ට වගේම දුබලයන්ට ගිලනුන්ට සැලකීම ඉතාම උතුම් ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේගේ දේශනාව වූයේ

යො ගිලානං උප්පට්ඨාති

සො මං උප්පට්ඨාති යන්නයි

යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? ඒ තැනැත්තා මට උපස්ථාන කරනවා හා සමානයි. සැබැවින්ම එය බුද්ධ පූජාවක් ඒ බුද්ධ පූජාව සිදුකිරීම තුළින් ඔබට ව්‍යායාම ලැබෙනවා.

ඔබ රෝගියකුට පිහිට වීමේදී අලුයම පිබිදෙනවා. රෝගියාට අවශ්‍ය ආහාර පාන ඖෂධ ලබා දෙනවා. එමෙන්ම ඔහුගේ අනෙකුත් අවශ්‍යතා ඉටුකරනවා. අවට පිරිසුදු කරනවා.රෙදිපිළි සෝදනවා. ඒ මඟින් හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

මේ නිසා තමයි මව්පියවරුන් ඔබ සමීපයේ සිටීම ඔබට වාසනාව උදා කරන්නෙ. ඔබේ ගුරුවරු වැඩිහිටි ඥාතීන් ඔබ සමීපයේ වාසය කිරීම ඔබට හිතකර වන්නේ, ඔවුන්ගෙන් අවවාද, අනුශාසනා පවා ලැබෙනවා. එහෙමනම් ඇයි අපට බැරි මේ සත්කාර කරන්න . ඇයි අපට බැරි පි‍්‍රයවචන කතා කරන්න. මව්පියන් එක්ක පි‍්‍රයශීලිව ඉන්න. වේලාවට බෙහෙත් ටික දෙනවනම් කෑම ටික දෙනවනම් ඔවුන් කොයිතරම් මානසික වින්දනයක් ලබයිද?

ඔබට අතීතයට යන්න පුළුවන්. අම්ම තාත්ත ඔබට කෑම කවපු හැටි මතක්වේවි, ඔවුන්ටත් අප කෑම ටික කවනවනම් , අද අපි මව්පියන්ට ණය ගෙවනව වගේ ඔවුන්ගේ යුතුකම් ඉටු කරනවා.

එහෙත් ඇතැම් අය මේ කටයුතු කරන්නෙ අනෙක් අයට පේන්න, තමන් කරන දේ ගැන කියවන්න. ‘මම විතරයි අම්ම තාත්තට සලකන්නෙ, පවුලෙ අනිත් අය කරන්නෙ නෑ’මේක සම්පූර්ණයෙන් වැරැදි මතයක්. වැරැදි ප්‍රකාශයක්. අනිත් අය නොකරන නිසයි ඔබට ඒ වරප්‍රසාදය ලැබිල තියෙන්නෙ. අනිත් අය කරන නොකරන එක ඔබ සොයන්න එපා . ඔබයි වැඩිහිටි සත්කාරයට හිමිකම ලබා තියෙන්නෙ.

වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ඉදිවෙනවා.අපි ඒවා එපා කියන්නෙ නැහැ. නමුත් ගුරුවරුන් උදෙසා වගේම අපේ රටට සේවය කරපු වැඩිහිටියන් උදෙසාම ඔවුන්ට ආශ්‍රම ඉදිවන්න ඕන. ඒ සඳහා පන්සල මුල් තැන ගන්න ඕන. අපට මඟ හැර යන්න පුළුවන් වගකීමක් නෙමෙයි ඒක.

තමන්ගෙ කාලය වැය කරල හුණු කුඩු ආශ්වාස කරල ගුරුවරුන්ට විවිධ ලෙඩ රෝගයන් වැළඳිලා ජීවිතයේ සැඳෑ සමය අපහසුවෙන් කල් ගෙවන්න වෙන්නෙ.

ඒ සියල්ල කල්පනා කරල වැඩිහිටි ආශ්‍රම වලට මුල්තැනක් දීල විහාරස්ථාන මුල් කරගත් වැඩිහිටි රැකවරණ ලබා දෙන්න ඕන. ඒ වැඩිහිටියන් පන්සලට ලොකු සරණක්,ඔවුන් පන්සල අතුගාවි. පහන් ටික පවිත්‍ර කරයි. පර මල් අයින් කරයි. තණකොළ ටික උදුරා දමයි.

විහාරස්ථානයේ පොඩි හාමුදුරුවරුන්ට පුළුවන් පන්සලේ වැඩ කරන පොඩි දරුවොත් එක්ක ගිහින් ඒ වැඩිහිටියන් එක්ක කතාබහ කරන්න. ඔවුන් එක්ක බුදුදහම ගැන කතා කරන්න. ඒ වැඩිහිටියන්ට කැමති විදිහට ජීවත් වෙන්න දෙන්න. කැමති විදියට අඳින්න දෙන්න. සමහර රැකවරණ ආයතනවල වැඩිහිටියන්ට අඳින්න දෙන්නෙ එකම පාට ඇඳුම්, මොකක්ද ඒ විකාරය, තවත් සමහර අය වැඩිහිටියන් ඉන්න තැන්වලට ගිහින් අහන්නෙ මොනවද? “දුවල පුතාලා සලකන්නෙ නැද්ද? කවුරුත් නැදෑයො නැද්ද?” මේ වගේ හිත රිදෙන ප්‍රශ්න අහනවනම් වැඩිහිටියන් ඉන්න මධ්‍යස්ථාවලට යන්නවත් එපා. අප යන්න ඕන ඔවුන්ගේ හිත් සනසන්න මිස කඩන්න නෙමෙයි.

ඒ වගේම තමයි අපේ රටේ කිසිම විහාරස්ථානයක භික්ෂූන් වහන්සේට නොසලකන ශිෂ්‍ය හිමිවරුන් නැහැ. කවුරු හරි මධ්‍යස්ථාන පවත්වාගෙන නොසලකා හරින ලද භික්ෂූන් වහන්සේට සලකන ස්ථාන ලෙස පෙන්වනවානම් ඒ ව්‍යාජ ස්ථාන.

ටිකක් හිතල බලන්න , ශිෂ්‍ය හිමිවරු නොසලකා හිටියත් හතර පෝරුවේ දායකයන් එහෙම කරයිද?

මේ ගැන අප බුද්ධිමත්ව කල්පනා කළ යුතු වනවා. එවැනි වංචාකරුවන්ට අසුවන්න එපා. අප වැඩිහිටියන්ට, ගිලනුන්ට සලකන අතරම අපගේ බුද්ධියද මෙහෙයවිය යුතුවන්නේ ඒ නිසයි.

ගත්තේ -http://www.lakehouse.lk/budusarana/2013/02/17/tmp.asp?ID=vision03

[QUOTE="wp19, post: 14499023, member: 373060"] [b]වැඩිහිටියන්ට සලකමු...[/b] [SIZE="3"]දස පුණ්‍ය ක්‍රියා අතර තවත් ඉතා වටිනා පින්කමක් ලෙස ‘අපචායන’ හඳුන්වා දෙන්න පුළුවන්. අපචායන යන පාලි වචනය එක්වරම නොතේරුනත් මෙය ඉතා වටිනා පුණ්‍යකර්මයක්. එමෙන්ම බොහෝම පහසුවෙන් කර ගත හැකි පුණ්‍යකර්මයක්. වැඩිය වියදමක් නැතිව, ඈතකට යන්නෙ නැතිව බොහොම ළඟ ඉදගෙන කරගන්න පුළුවන්. ඉහළම පුණ්‍යකර්මයක් ලෙස අපචායන පුණ්‍යකර්මය හඳුන්වා දෙන්න පුළුවන්. මෙයින් සරලව අදහස් කරන්නේ වැඩිහිටියන්ට සැලකීමයි. පිදිය යුත්තන් පිදීමයි. අප එතරම් ඉහළ පුණ්‍ය කර්ම ලෙස නොසැලකුවත් මේ සමාජ ධර්මතා කෙතරම් ඉහළ මට්ටමකින් තිබෙනවාද? එක ආගමකට, එක දහමකට සීමා කළ හැකි ඒවා නොවෙයි. මේ ධර්මතා තුළ තිබෙන විශේෂ තත්ත්වය එයයි. බුදුරජාණන් වහන්සේ සප්ත අපරහානීය ධර්ම තුළ පැහැදිලි කර තිබෙනවා. අප අපේ වැඩිහිටියන්ට පිදිය යුත්තන්ට, වෙන සමාජයක හිටියත් ඔවුන් ගෙන්වලා ඒ අයට ආරාම ආදිය තනාදීමෙන්, එමෙන්ම තමන් පුද සත්කාර කිරීමෙන් ඔවුන්ගෙන් ලබා ගත යුතු ආදර්ශ ඉගෙනුම් ආදිය ලබා ගැනීමෙන් පින් සිදු කර ගන්නා ලෙස. අභිවාදන සීලිස්ස නිච්චං වඩ්ධා පචායිනො චත්තාරො ධම්මං වඩ්ඩන්ති ආයු වණ්ණො සුඛං බලං මඳක් සිතා බලන්න . දානයක් දුන්නොත් අපට ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ ආනිශංස පහක්. ඒ ආයුෂ ,වර්ණ, සැප, බලය, ප්‍රඥාව මේ පහෙන් ප්‍රඥාව හැරෙන්නට අනෙක් ආනිශංස හතරම ලබා ගන්නට පුළුවන්. පිදිය යුත්තන් පිදීමෙන්, වැඩිහිටියන්ට සැලකීමෙන් ආයුෂ ලැබෙනවා. වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, ශාරීරික බලය ලැබෙනවා. සමාජයේ මේ සම්පත් ලබන්න මොනවද කරන්නෙ. උදෑසන සිට රාත්‍රිය වන තෙක්ම කරන්නේ රූපලාවණ්‍ය අලංකාර ක්‍රම ස්වභාවික වේවා කෘත්‍රීම වේවා, ආලේපන නැත්නම් විලවුන් වර්ග ආයතන මඟින් ඒ ගැන වර්ණනා කරනවා. මොකටද? අපට තාරුණ්‍ය ලබා ගන්න.වයෝවෘද්ධභාවය අඩුකර ගන්න. නැත්නම් රූපලාවණ්‍ය භාවය වැඩි කර ගන්න. අනිත් අයගෙ ආකර්ෂණය ලබා ගන්න. ශාරීරික බලය ලබාගන්න. කස්තුරි මිශි්රත පාන වර්ග ලබා ගන්න මේ ආදි වශයෙන් ශරීරයේ බලය ලබා ගන්න උත්සාහ කරනවා.නැත්නම් කාය බලවර්ධන ආයතනවලට එන්න කියල උදේ ඉඳල රාත්‍රිය වන තුරු අපේ කනට ඇහෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දුන්නා එවැනි කිසිවකින් අපට ආයු , වර්ණ , සැප, බලය වැඩි කර ගන්න බැරි බව.එහෙත් අපට ව්‍යායාමය අවශ්‍ය වනවා. මවට, පියාට සැලකුවත්, වැඩිහිටියන්ට සැලකුවත් ව්‍යායාමයක් නැත්නම් ඔබ දුබලයකු වන්නට පුළුවන්. වැඩිහිටියන්ට වගේම දුබලයන්ට ගිලනුන්ට සැලකීම ඉතාම උතුම් ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේගේ දේශනාව වූයේ යො ගිලානං උප්පට්ඨාති සො මං උප්පට්ඨාති යන්නයි යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? ඒ තැනැත්තා මට උපස්ථාන කරනවා හා සමානයි. සැබැවින්ම එය බුද්ධ පූජාවක් ඒ බුද්ධ පූජාව සිදුකිරීම තුළින් ඔබට ව්‍යායාම ලැබෙනවා. ඔබ රෝගියකුට පිහිට වීමේදී අලුයම පිබිදෙනවා. රෝගියාට අවශ්‍ය ආහාර පාන ඖෂධ ලබා දෙනවා. එමෙන්ම ඔහුගේ අනෙකුත් අවශ්‍යතා ඉටුකරනවා. අවට පිරිසුදු කරනවා.රෙදිපිළි සෝදනවා. ඒ මඟින් හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. මේ නිසා තමයි මව්පියවරුන් ඔබ සමීපයේ සිටීම ඔබට වාසනාව උදා කරන්නෙ. ඔබේ ගුරුවරු වැඩිහිටි ඥාතීන් ඔබ සමීපයේ වාසය කිරීම ඔබට හිතකර වන්නේ, ඔවුන්ගෙන් අවවාද, අනුශාසනා පවා ලැබෙනවා. එහෙමනම් ඇයි අපට බැරි මේ සත්කාර කරන්න . ඇයි අපට බැරි පි‍්‍රයවචන කතා කරන්න. මව්පියන් එක්ක පි‍්‍රයශීලිව ඉන්න. වේලාවට බෙහෙත් ටික දෙනවනම් කෑම ටික දෙනවනම් ඔවුන් කොයිතරම් මානසික වින්දනයක් ලබයිද? ඔබට අතීතයට යන්න පුළුවන්. අම්ම තාත්ත ඔබට කෑම කවපු හැටි මතක්වේවි, ඔවුන්ටත් අප කෑම ටික කවනවනම් , අද අපි මව්පියන්ට ණය ගෙවනව වගේ ඔවුන්ගේ යුතුකම් ඉටු කරනවා. එහෙත් ඇතැම් අය මේ කටයුතු කරන්නෙ අනෙක් අයට පේන්න, තමන් කරන දේ ගැන කියවන්න. ‘මම විතරයි අම්ම තාත්තට සලකන්නෙ, පවුලෙ අනිත් අය කරන්නෙ නෑ’මේක සම්පූර්ණයෙන් වැරැදි මතයක්. වැරැදි ප්‍රකාශයක්. අනිත් අය නොකරන නිසයි ඔබට ඒ වරප්‍රසාදය ලැබිල තියෙන්නෙ. අනිත් අය කරන නොකරන එක ඔබ සොයන්න එපා . ඔබයි වැඩිහිටි සත්කාරයට හිමිකම ලබා තියෙන්නෙ. වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ඉදිවෙනවා.අපි ඒවා එපා කියන්නෙ නැහැ. නමුත් ගුරුවරුන් උදෙසා වගේම අපේ රටට සේවය කරපු වැඩිහිටියන් උදෙසාම ඔවුන්ට ආශ්‍රම ඉදිවන්න ඕන. ඒ සඳහා පන්සල මුල් තැන ගන්න ඕන. අපට මඟ හැර යන්න පුළුවන් වගකීමක් නෙමෙයි ඒක. තමන්ගෙ කාලය වැය කරල හුණු කුඩු ආශ්වාස කරල ගුරුවරුන්ට විවිධ ලෙඩ රෝගයන් වැළඳිලා ජීවිතයේ සැඳෑ සමය අපහසුවෙන් කල් ගෙවන්න වෙන්නෙ. ඒ සියල්ල කල්පනා කරල වැඩිහිටි ආශ්‍රම වලට මුල්තැනක් දීල විහාරස්ථාන මුල් කරගත් වැඩිහිටි රැකවරණ ලබා දෙන්න ඕන. ඒ වැඩිහිටියන් පන්සලට ලොකු සරණක්,ඔවුන් පන්සල අතුගාවි. පහන් ටික පවිත්‍ර කරයි. පර මල් අයින් කරයි. තණකොළ ටික උදුරා දමයි. විහාරස්ථානයේ පොඩි හාමුදුරුවරුන්ට පුළුවන් පන්සලේ වැඩ කරන පොඩි දරුවොත් එක්ක ගිහින් ඒ වැඩිහිටියන් එක්ක කතාබහ කරන්න. ඔවුන් එක්ක බුදුදහම ගැන කතා කරන්න. ඒ වැඩිහිටියන්ට කැමති විදිහට ජීවත් වෙන්න දෙන්න. කැමති විදියට අඳින්න දෙන්න. සමහර රැකවරණ ආයතනවල වැඩිහිටියන්ට අඳින්න දෙන්නෙ එකම පාට ඇඳුම්, මොකක්ද ඒ විකාරය, තවත් සමහර අය වැඩිහිටියන් ඉන්න තැන්වලට ගිහින් අහන්නෙ මොනවද? “දුවල පුතාලා සලකන්නෙ නැද්ද? කවුරුත් නැදෑයො නැද්ද?” මේ වගේ හිත රිදෙන ප්‍රශ්න අහනවනම් වැඩිහිටියන් ඉන්න මධ්‍යස්ථාවලට යන්නවත් එපා. අප යන්න ඕන ඔවුන්ගේ හිත් සනසන්න මිස කඩන්න නෙමෙයි. ඒ වගේම තමයි අපේ රටේ කිසිම විහාරස්ථානයක භික්ෂූන් වහන්සේට නොසලකන ශිෂ්‍ය හිමිවරුන් නැහැ. කවුරු හරි මධ්‍යස්ථාන පවත්වාගෙන නොසලකා හරින ලද භික්ෂූන් වහන්සේට සලකන ස්ථාන ලෙස පෙන්වනවානම් ඒ ව්‍යාජ ස්ථාන. ටිකක් හිතල බලන්න , ශිෂ්‍ය හිමිවරු නොසලකා හිටියත් හතර පෝරුවේ දායකයන් එහෙම කරයිද? මේ ගැන අප බුද්ධිමත්ව කල්පනා කළ යුතු වනවා. එවැනි වංචාකරුවන්ට අසුවන්න එපා. අප වැඩිහිටියන්ට, ගිලනුන්ට සලකන අතරම අපගේ බුද්ධියද මෙහෙයවිය යුතුවන්නේ ඒ නිසයි.[/SIZE] ගත්තේ -http://www.lakehouse.lk/budusarana/2013/02/17/tmp.asp?ID=vision03 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom