Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැදගත් වෙන අය ඉන්නවා ඇති මේවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? ~

යුරෝපා රටක job එකක් කරන්න මට dream එකක් තිබුණා. මගේ wedding එකෙන් පස්සේ මේකට උපරිම මහන්සි වෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් මාර්තු 20 ඉඳන් මම මේකට උත්සාහ කරා. මාස දෙකහමාරකින් මට මගේ Dream Job එක හොයාගන්න පුළුවන් වුණා. තවත් කෙනෙක්ට එහෙම dream එකක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න මම follow කරපු steps ටික වැදගත් වෙයි කියලා හිතුවා.

ඉස්සෙල්ලා මම මගේ කතාව කෙටියෙන් කියන්නම්.

2022 මාර්තු 20 ඉඳන් මැයි අන්තිම වෙනකං මම Jobs 600කට කිට්ටුව apply කරලා තියෙනවා. එහෙම apply කරන්න මම භාවිතා කරේ පහල තියෙන websites.

https://www.linkedin.com/

https://www.indeed.com/

https://relocate.me/

https://www.seek.com.au/

https://www.seek.co.nz/

https://jooble.org/

https://www.monster.com.sg/ (Singapore Jobs)

මට මේ apply කරපු jobs වල company වලින් interviews 17ක් ලැබුණා. process එකේ ඉදිරියටම ගිහින් ඒවයින් දෙකකින් offers ලැබුණා. ඒකෙන් හොඳම එක විදියට මම මේ දැන් කරන Job එක තෝරගත්තා. පහළ දාලා තියෙන පළවෙනි image එක මගේ ඒ path එකේ progress එක.

Singapore ඒවා නම් මම try කරේ ගොඩක් අඩුවෙන්. මොකද අවුරුදු 5ක් experience තියෙන කෙනෙක්ට Singapore ජොබ් එකක් හොයාගන්න එක හරිම ලේසි වැඩක් කියලයි මම නම් හිතන්නේ. ඒ වගේම මට සෑහෙන්න interviews ආවා. ඒ වගේම මම offers reject කරා.

- මූලික අවශ්‍යතා..

1. ඔයාට අවුරුදු 3ක වත් අත්දැකීම් තියෙන්න ඕනි. මට අවුරුදු 6ක වෘත්තීය අත්දැකීම් තිබුණා. අවුරුදු 3ක අත්දැකීම් තියෙනවා නම් ඉස්සෙල්ලම Singapore Job එකකට try කරන්න. එහේ ගිහින් අත්දැකීම් අරගෙන යුරෝපා රටකට යන එක ගොඩක් ලේසි වෙයි.

2. මම Java language එක base කරගත්ත Engineer කෙනෙක් නිසා මම ඒ ගැන කියන්නම්. අනිත් ඒව ගැන නම් දන්නේ නෑ. ඔයත් Java Engineer කෙනෙක් නම් ඔයාට Java එක්ක අනිවාර්යෙන්ම Spring තියෙන්න ඕනි. 90% කට වඩා ජොබ් වලට Spring ඉල්ලනවා. Spring MVC, Spring boot, Spring data වගේ ඒවයින් මොකක් හරි අත්දැකීමක් ඔයාට තියෙන්නම ඕනි. JavaEE දන්නවා නම් තවත් 7%ක් විතර ඔයාට job opportunities හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ මුකුත් නැතුව හොයාගන්න පුළුවන් Java jobs ප්‍රමාණය 3% විතර තමයි තියෙන්නේ (මගේ අත්දැකීම් වලට අනුව).

3. CV එක හොඳට හදාගන්න ඕනි.

CV එක හදනකොට සැලකිලිමත් වෙන්න ඕනි විශේෂ කරුණු:

3.1 ඔයාගේ අධ්‍යාපන සුදුසුකම විදියට ඔයාට තියෙන උසස්ම සුදුසුකම විතරක් දාන එක ප්‍රමාණවත්. උදාහරණයක් විදියට ඔයාට degree එකක් තියෙනවා නම් O/L results A/L results දාන එක තේරුමක් නැති වැඩක්. අඩුගාණේ ඉගෙන ගත්ත ඉස්කෝලේ වත් දාන්න ඕනි නෑ කියලයි මගේ අදහස.

3.2 කලින් Jobs වල experience, වැඩ කරපු project-wise දාන්න. technologies එක්කම. ඒ වගේම කොච්චර කාලයක් ඒ company එකේ වැඩ කරාද කියන එකත් දාන්න. එකම technology එක කීප තැනකම දාන්න පුළුවන් නම් ඒක වටිනවා (Ex: Java, Spring). මොකද සමහර company වල CV filter කරන්නේ botsලා හරහා. එයාලා keywords තමයි search කරන්නේ.

3.3 ඔයාට දැනටමත් අත්දැකීම් තියෙන නිසා references දාන එක අනවශ්‍යයි. references අවශ්‍යයි නම් LinkedIn එකෙන් ඔයා references අරගන්න. ඔයාගේ කලින් jobs වල එකට වැඩ කරපු senior අයගෙන්.

3.4 CV එකේ අඩුපාඩු තියෙනවද කියලා senior කෙනෙක්ට කියලා check කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

හරි. මේ මූලික අවශ්‍යතා තියෙනවා නම් ඔයා ඊළඟට කරන්න ඕනි මොකක්ද?

- Jobs වලට apply කරන එක...

Jobs වලට apply කරන්න මම උඩින් කිව්ව sites භාවිතා කරා.

ඊට අමතරව මම අදාල company websites වලට කෙලින්ම ගිහිල්ලත් apply කරලා තියෙනවා. ඒ websites හොයාගන්නේ LinkedIn job postings වලින්.

LinkedIn එකේ Jobs හොයනකොට ඒකේ තියෙන filters effectively use කරන්න ඕනි. ඒ ගැනත් සැලකිළිමත් වෙන්න.

Cover letter එක ගැන නම් මම එච්චර සැලකිලිමත් වුණේ නෑ. ඒ නිසා මම ඒ ගැන කියන්න දන්නේ නෑ.

ඔයා මේ විදියට සතියක් දෙකක් තුනක් විතර ඇප්ලයි කරලා බලන්න. ඔයාට interviews වලට invitations ලැබෙන්නේ නැති නම් ඔයාගේ CV එකේ මොකක් හරි අවුලක් තියෙනවා. කවුරුහරි senior කෙනෙක්ට කියලා ඒකේ අඩුපාඩු check කරගන්න. ඊට පස්සේ ආපහු apply කරන්න.

ඔයාට interviews වලට invitations ලැබෙනවා නම් ඔයා පළවෙනි step එක pass. ඒ වගේම මං අනාවැකියක් කියන්නම්, ඔයාට මාස 4ක් වගේ ඇතුළත අනිවාර්යෙන්ම offer එකක් ලැබෙනවා.

- HR interview එකට මූණ දෙන්නේ කොහොමද....

1. මේ interview කිසිම එකකට පරක්කු වෙලා නම් යන්න එපා. අඩුගාණේ විනාඩි දෙකකට වත් කලින් මේ video call එකට join වෙන්න. විනාඩි 3ක් විතර පරක්කු වුණ එක interview එකකින් මම කෙලින්ම reject වුණා (Canada එක).

2. Screen interview එකකට මුහුණ දෙන විදිය ගැන video, YouTube එකේ ගොඩක් තියෙනවා. සිංහල ඒවා පවා තියෙනවා. ඒවා ටිකක් follow කරන්න.

3. ඒ apply කරපු Job එක මොකක්ද කියලා ටිකක් familiar වෙලා call එකට යන්න. Company එක මොකක්ද, මොනාද කරන්නේ, ඉල්ලලා තියෙන technologies මොනාද වගේ ඒවා.

4. ඔයාගේ background එක ගැන කියනකොට ඒ company එකෙන් ඉල්ලලා තියෙන technologies ටික එක්ක වැඩ කරපු company experiences ටිකක් වැඩිපුර highlight කරන්න.

5. ඒ රටට එන්නේ ඇයිද කියලා අහන්න ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒකට උත්තරයක් ලෑස්ති කරගෙන ඉන්න.

6. Salary expectation එක අහනකොට ඒකට ready වෙලා ඉන්න ඕනි. අදාල රටේ Tax එකත් එක්ක කොච්චර ගාණක් ඔයාට ඕනිද කියලා ගණං හදාගෙන ඉන්න ඕනි.

6.1. ඒ රටේ කොච්චර වියදමක් යනවද කියලා දළ අදහසක් https://www.numbeo.com/cost-of-living/ එකෙන් ගන්න පුළුවන්.

6.2. ඒ රටේ Software Engineer කෙනෙක්ගේ average salary එක මේ sites වලින් හොයාගන්න පුළුවන්.

https://www.glassdoor.com/

https://www.payscale.com/

6.3. Salary එක 12ට බෙදලා මෙච්චර ගාණක් ලැබෙනවා කියලා හිතන්න එපා. යුරෝපා රටවල ලොකු Tax එකක් තියෙනවා. ඒ නිසා අදාල රටේ Tax එක ඒ ඒ රටවලට අදාල websites වලින් හොයාගෙන salary එකෙන් ඒක අඩු කරලා ලැබෙන ගාණ ජීවත් වෙන්න ඇතිද කියලා දැනගෙන උත්තර දෙන්න.

6.4. ඒ ඒ රටේ වෙලාව ලංකාවේ වෙලාවට convert කරගන්න මේ site එක use කරන්න පුළුවන්.

http://www.timebie.com/

- Technical Interview එකට මුහුණ දෙන්නේ කොහොමද?

මේක තමයි ගොඩ දාගන්න අමාරුම step එක. ඉස්සෙල්ලම google එකේ search කරලා බලන්න ඕනි මොන වගේ ප්‍රශ්න ද අහන්නේ කියන එක ගැන.

ඊට පස්සේ ඉතින් ඒ හැමදේ ගැනම හොඳට study කරන්න වෙනවා. මම නම් udemy එකේ video tutorial, tutorial sites අනන් මනන් සෑහෙන්න බැලුවා, practice කරා.

තව එක ටිප් එකක් කියන්නම්. මම LinkedIn එකේ premium membership එක ගත්තා. ඒක මාසෙකට free. හැබැයි ඒ මාසෙන් ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. premium membership එක තියෙනකොට LinkedIn learning වල හැම course එකටම access තියෙනවා. මම ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් ගත්තා. ඒකේ තියෙන ඒවා ඉගෙන ගන්න මාසයක් මදි තමයි. ඒත් මම ඒකේ ඒවා download කරන්න විදියක් හොයාගෙන ඒ video tutorials download කරගත්තා. මෙන්න මේ tool එකෙන්.

https://www.allavsoft.com/

ඒ වගේම මේ premium membership එකෙන් තව වාසියක් තියෙනවා. ඒකෙන් recruitersලට අපිව ගොඩක් reach වෙන්න possibility එකක් තියෙනවා. ඒ වගේම personal message දාන system එකකුත් මේකෙන් enable වෙනවා. (මතක ඇතුව LinkedIn එකේ Open to Work කියන එක active කරලා තියාගන්නත් ඕනී).

මුල් කාලේ එන interviews වලින් job එකක් සෙට් කරගන්න තියෙන ඉඩ හරිම අඩුයි. අපි කොච්චර ලෑස්ති වුණත් ඒ අහන ප්‍රශ්නේ අපිට ගොඩ දාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ fail වෙන interview එකෙන් අපි fail වෙන reason එක මොකක්ද කියලා අඳුරගෙන ඒ පැත්ත ගැන තව study කරන්න ඕනි. ටිකෙන් ටික අපි සන්නද්ධ වෙන්න ඕනි එහෙමයි.

ඔහොම fail වෙන වෙන සැරේට මම study කරපු courses ටික තමයි 2වෙනි image එකේ තියෙන්නේ.

මේ ගමන එද්දි පුදුම විදියේ බාධක ගොඩකට මුහුණ දෙන්න වුණා. interviews තියෙන සමහර දවස් වලට කරන්ට් කපලා. ඒ වෙලාවල් වල charge කරන bulb එකකිනුයි, phone එකේ flasher light එකේ එළියෙනුයි තමයි interview එකට face කරේ (3වෙනි image එක).

Visa process එකට ඕනි documents ගන්න රජයේ office වලට යන්න ඕනි. ඒ හැම ගමනක්ම ගියේ කෝච්චියේ සහ බස් දෙක තුනක එල්ලිලා ගිහින්. තෙල් ප්‍රශ්නේ නිසා.

ඊට අමතරව embassy එකේ appointment එකක් දාගන්න පට්ට කට්ටක් කන්න වුණා. German time එකෙන් හැමදාම රෑ 12 ට, ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් හැමදාම පාන්දර 3.30ට ඇහැරිලා available slots තියෙනවද බලන්න වුණා. ජුනි 14 ඉඳන් ජූලි 1 වෙනදා වෙනකං දවස් 17ක් හැමදාම ඒ කට්ට කෑව.

මගේ සහයෝගෙට wife හිටියේ නැත්තන් මේ ගමන එන එක අතෑරලම දාල. එයා ළඟින් ඉඳන් හිත හැදුව නිසා, ශක්තියක් වුණ නිසා මේ ගමන මේ විදියට එන්න පුළුවන් වුණා.

මතක තියාගන්න.

ඔයා හිස් කඩදාසියක්. ඒක ඔහේ හුළඟේ පාවෙලා යන්න දෙනවද, එහෙම නැත්තන් ගුලියක් වෙලා එක තැන රැඳෙනවද, රොකට් එකක් හැඩේට හදලා අවශ්‍ය ඉලක්කෙට යනවද, ඒ කඩදාසිය උඩ ලස්සන චිත්‍රයක් අඳිනවද, ඒක උඩ ලස්සන කවියක් ලියනවද කියන එක ඔයා තීරණය කරන්න ඕනි. නැත්තන් ඔයා හැමදාම හිස් කඩදාසියක් විදියටම ඉඳියි..

(තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පුළුවන් විදියට උත්තර දෙන්නම්. මොකක් හරි ගැන detail විස්තර ඕනි නම් කියන්න. ඒ ගැනත් වෙනම ලියන්නම්.)

ප.ලි: මේ සම්බන්ධ තවත් වැඩි විස්තරයක් මේ video එකෙන් බලන්න පුළුවන්...

[MEDIA=youtube]RSRZXC257RE[/MEDIA]

Update :

ඔයා...

ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?

ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?

ජර්මනියේ අලුත්ම IT Job vacancies ගැන දැනගන්න ඕනි ද?

කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?

Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?

Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?

අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.

වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.

http://bit.ly/DreamITJobGermany

~ රන්දුනු

පසු සටහන : සමහරු රට ජොබ් එකකට ගියාම, "හරි, මම නම් පැනගත්තා" වගේ අදහසක ඉඳලා සේරම දේවල් අමතක කරලා දානවා. ගොඩක් එහෙම මිනිස්සු අතරේ වෙලාවක් කලාවක් නොබලා, අහන හැම පුංචි ප්‍රශ්නෙටම කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන් උපදෙස් දුන්න, උදව් කරපු බොහොම වටින මිනිස්සු ටිකක් මගේ මේ කතාවේ හිටියා.

Thank you very much for your limitless support and advices through out this journey so far Akeel and Dinanjana.

Dulanja, Gayan, Rangana, Akalanka aiya, Chamara aiya and Mouly aiya, Thank you very much for your support too. Those supports and advices were really helpful.

Randunu Yasaranga FB

[QUOTE="Kevin kj, post: 29428008, member: 581720"] ~ ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? ~ යුරෝපා රටක job එකක් කරන්න මට dream එකක් තිබුණා. මගේ wedding එකෙන් පස්සේ මේකට උපරිම මහන්සි වෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් මාර්තු 20 ඉඳන් මම මේකට උත්සාහ කරා. මාස දෙකහමාරකින් මට මගේ Dream Job එක හොයාගන්න පුළුවන් වුණා. තවත් කෙනෙක්ට එහෙම dream එකක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න මම follow කරපු steps ටික වැදගත් වෙයි කියලා හිතුවා. ඉස්සෙල්ලා මම මගේ කතාව කෙටියෙන් කියන්නම්. 2022 මාර්තු 20 ඉඳන් මැයි අන්තිම වෙනකං මම Jobs 600කට කිට්ටුව apply කරලා තියෙනවා. එහෙම apply කරන්න මම භාවිතා කරේ පහල තියෙන websites. [URL]https://www.linkedin.com/[/URL] [URL]https://www.indeed.com/[/URL] [URL]https://relocate.me/[/URL] [URL]https://www.seek.com.au/[/URL] [URL]https://www.seek.co.nz/[/URL] [URL]https://jooble.org/[/URL] [URL]https://www.monster.com.sg/[/URL] (Singapore Jobs) මට මේ apply කරපු jobs වල company වලින් interviews 17ක් ලැබුණා. process එකේ ඉදිරියටම ගිහින් ඒවයින් දෙකකින් offers ලැබුණා. ඒකෙන් හොඳම එක විදියට මම මේ දැන් කරන Job එක තෝරගත්තා. පහළ දාලා තියෙන පළවෙනි image එක මගේ ඒ path එකේ progress එක. Singapore ඒවා නම් මම try කරේ ගොඩක් අඩුවෙන්. මොකද අවුරුදු 5ක් experience තියෙන කෙනෙක්ට Singapore ජොබ් එකක් හොයාගන්න එක හරිම ලේසි වැඩක් කියලයි මම නම් හිතන්නේ. ඒ වගේම මට සෑහෙන්න interviews ආවා. ඒ වගේම මම offers reject කරා. - මූලික අවශ්‍යතා.. 1. ඔයාට අවුරුදු 3ක වත් අත්දැකීම් තියෙන්න ඕනි. මට අවුරුදු 6ක වෘත්තීය අත්දැකීම් තිබුණා. අවුරුදු 3ක අත්දැකීම් තියෙනවා නම් ඉස්සෙල්ලම Singapore Job එකකට try කරන්න. එහේ ගිහින් අත්දැකීම් අරගෙන යුරෝපා රටකට යන එක ගොඩක් ලේසි වෙයි. 2. මම Java language එක base කරගත්ත Engineer කෙනෙක් නිසා මම ඒ ගැන කියන්නම්. අනිත් ඒව ගැන නම් දන්නේ නෑ. ඔයත් Java Engineer කෙනෙක් නම් ඔයාට Java එක්ක අනිවාර්යෙන්ම Spring තියෙන්න ඕනි. 90% කට වඩා ජොබ් වලට Spring ඉල්ලනවා. Spring MVC, Spring boot, Spring data වගේ ඒවයින් මොකක් හරි අත්දැකීමක් ඔයාට තියෙන්නම ඕනි. JavaEE දන්නවා නම් තවත් 7%ක් විතර ඔයාට job opportunities හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ මුකුත් නැතුව හොයාගන්න පුළුවන් Java jobs ප්‍රමාණය 3% විතර තමයි තියෙන්නේ (මගේ අත්දැකීම් වලට අනුව). 3. CV එක හොඳට හදාගන්න ඕනි. CV එක හදනකොට සැලකිලිමත් වෙන්න ඕනි විශේෂ කරුණු: 3.1 ඔයාගේ අධ්‍යාපන සුදුසුකම විදියට ඔයාට තියෙන උසස්ම සුදුසුකම විතරක් දාන එක ප්‍රමාණවත්. උදාහරණයක් විදියට ඔයාට degree එකක් තියෙනවා නම් O/L results A/L results දාන එක තේරුමක් නැති වැඩක්. අඩුගාණේ ඉගෙන ගත්ත ඉස්කෝලේ වත් දාන්න ඕනි නෑ කියලයි මගේ අදහස. 3.2 කලින් Jobs වල experience, වැඩ කරපු project-wise දාන්න. technologies එක්කම. ඒ වගේම කොච්චර කාලයක් ඒ company එකේ වැඩ කරාද කියන එකත් දාන්න. එකම technology එක කීප තැනකම දාන්න පුළුවන් නම් ඒක වටිනවා (Ex: Java, Spring). මොකද සමහර company වල CV filter කරන්නේ botsලා හරහා. එයාලා keywords තමයි search කරන්නේ. 3.3 ඔයාට දැනටමත් අත්දැකීම් තියෙන නිසා references දාන එක අනවශ්‍යයි. references අවශ්‍යයි නම් LinkedIn එකෙන් ඔයා references අරගන්න. ඔයාගේ කලින් jobs වල එකට වැඩ කරපු senior අයගෙන්. 3.4 CV එකේ අඩුපාඩු තියෙනවද කියලා senior කෙනෙක්ට කියලා check කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි. මේ මූලික අවශ්‍යතා තියෙනවා නම් ඔයා ඊළඟට කරන්න ඕනි මොකක්ද? - Jobs වලට apply කරන එක... Jobs වලට apply කරන්න මම උඩින් කිව්ව sites භාවිතා කරා. ඊට අමතරව මම අදාල company websites වලට කෙලින්ම ගිහිල්ලත් apply කරලා තියෙනවා. ඒ websites හොයාගන්නේ LinkedIn job postings වලින්. LinkedIn එකේ Jobs හොයනකොට ඒකේ තියෙන filters effectively use කරන්න ඕනි. ඒ ගැනත් සැලකිළිමත් වෙන්න. Cover letter එක ගැන නම් මම එච්චර සැලකිලිමත් වුණේ නෑ. ඒ නිසා මම ඒ ගැන කියන්න දන්නේ නෑ. ඔයා මේ විදියට සතියක් දෙකක් තුනක් විතර ඇප්ලයි කරලා බලන්න. ඔයාට interviews වලට invitations ලැබෙන්නේ නැති නම් ඔයාගේ CV එකේ මොකක් හරි අවුලක් තියෙනවා. කවුරුහරි senior කෙනෙක්ට කියලා ඒකේ අඩුපාඩු check කරගන්න. ඊට පස්සේ ආපහු apply කරන්න. ඔයාට interviews වලට invitations ලැබෙනවා නම් ඔයා පළවෙනි step එක pass. ඒ වගේම මං අනාවැකියක් කියන්නම්, ඔයාට මාස 4ක් වගේ ඇතුළත අනිවාර්යෙන්ම offer එකක් ලැබෙනවා. - HR interview එකට මූණ දෙන්නේ කොහොමද.... 1. මේ interview කිසිම එකකට පරක්කු වෙලා නම් යන්න එපා. අඩුගාණේ විනාඩි දෙකකට වත් කලින් මේ video call එකට join වෙන්න. විනාඩි 3ක් විතර පරක්කු වුණ එක interview එකකින් මම කෙලින්ම reject වුණා (Canada එක). 2. Screen interview එකකට මුහුණ දෙන විදිය ගැන video, YouTube එකේ ගොඩක් තියෙනවා. සිංහල ඒවා පවා තියෙනවා. ඒවා ටිකක් follow කරන්න. 3. ඒ apply කරපු Job එක මොකක්ද කියලා ටිකක් familiar වෙලා call එකට යන්න. Company එක මොකක්ද, මොනාද කරන්නේ, ඉල්ලලා තියෙන technologies මොනාද වගේ ඒවා. 4. ඔයාගේ background එක ගැන කියනකොට ඒ company එකෙන් ඉල්ලලා තියෙන technologies ටික එක්ක වැඩ කරපු company experiences ටිකක් වැඩිපුර highlight කරන්න. 5. ඒ රටට එන්නේ ඇයිද කියලා අහන්න ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒකට උත්තරයක් ලෑස්ති කරගෙන ඉන්න. 6. Salary expectation එක අහනකොට ඒකට ready වෙලා ඉන්න ඕනි. අදාල රටේ Tax එකත් එක්ක කොච්චර ගාණක් ඔයාට ඕනිද කියලා ගණං හදාගෙන ඉන්න ඕනි. 6.1. ඒ රටේ කොච්චර වියදමක් යනවද කියලා දළ අදහසක් [URL]https://www.numbeo.com/cost-of-living/[/URL] එකෙන් ගන්න පුළුවන්. 6.2. ඒ රටේ Software Engineer කෙනෙක්ගේ average salary එක මේ sites වලින් හොයාගන්න පුළුවන්. [URL]https://www.glassdoor.com/[/URL] [URL]https://www.payscale.com/[/URL] 6.3. Salary එක 12ට බෙදලා මෙච්චර ගාණක් ලැබෙනවා කියලා හිතන්න එපා. යුරෝපා රටවල ලොකු Tax එකක් තියෙනවා. ඒ නිසා අදාල රටේ Tax එක ඒ ඒ රටවලට අදාල websites වලින් හොයාගෙන salary එකෙන් ඒක අඩු කරලා ලැබෙන ගාණ ජීවත් වෙන්න ඇතිද කියලා දැනගෙන උත්තර දෙන්න. 6.4. ඒ ඒ රටේ වෙලාව ලංකාවේ වෙලාවට convert කරගන්න මේ site එක use කරන්න පුළුවන්. [URL]http://www.timebie.com/[/URL] - Technical Interview එකට මුහුණ දෙන්නේ කොහොමද? මේක තමයි ගොඩ දාගන්න අමාරුම step එක. ඉස්සෙල්ලම google එකේ search කරලා බලන්න ඕනි මොන වගේ ප්‍රශ්න ද අහන්නේ කියන එක ගැන. ඊට පස්සේ ඉතින් ඒ හැමදේ ගැනම හොඳට study කරන්න වෙනවා. මම නම් udemy එකේ video tutorial, tutorial sites අනන් මනන් සෑහෙන්න බැලුවා, practice කරා. තව එක ටිප් එකක් කියන්නම්. මම LinkedIn එකේ premium membership එක ගත්තා. ඒක මාසෙකට free. හැබැයි ඒ මාසෙන් ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. premium membership එක තියෙනකොට LinkedIn learning වල හැම course එකටම access තියෙනවා. මම ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් ගත්තා. ඒකේ තියෙන ඒවා ඉගෙන ගන්න මාසයක් මදි තමයි. ඒත් මම ඒකේ ඒවා download කරන්න විදියක් හොයාගෙන ඒ video tutorials download කරගත්තා. මෙන්න මේ tool එකෙන්. [URL]https://www.allavsoft.com/[/URL] ඒ වගේම මේ premium membership එකෙන් තව වාසියක් තියෙනවා. ඒකෙන් recruitersලට අපිව ගොඩක් reach වෙන්න possibility එකක් තියෙනවා. ඒ වගේම personal message දාන system එකකුත් මේකෙන් enable වෙනවා. (මතක ඇතුව LinkedIn එකේ Open to Work කියන එක active කරලා තියාගන්නත් ඕනී). මුල් කාලේ එන interviews වලින් job එකක් සෙට් කරගන්න තියෙන ඉඩ හරිම අඩුයි. අපි කොච්චර ලෑස්ති වුණත් ඒ අහන ප්‍රශ්නේ අපිට ගොඩ දාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ fail වෙන interview එකෙන් අපි fail වෙන reason එක මොකක්ද කියලා අඳුරගෙන ඒ පැත්ත ගැන තව study කරන්න ඕනි. ටිකෙන් ටික අපි සන්නද්ධ වෙන්න ඕනි එහෙමයි. ඔහොම fail වෙන වෙන සැරේට මම study කරපු courses ටික තමයි 2වෙනි image එකේ තියෙන්නේ. මේ ගමන එද්දි පුදුම විදියේ බාධක ගොඩකට මුහුණ දෙන්න වුණා. interviews තියෙන සමහර දවස් වලට කරන්ට් කපලා. ඒ වෙලාවල් වල charge කරන bulb එකකිනුයි, phone එකේ flasher light එකේ එළියෙනුයි තමයි interview එකට face කරේ (3වෙනි image එක). Visa process එකට ඕනි documents ගන්න රජයේ office වලට යන්න ඕනි. ඒ හැම ගමනක්ම ගියේ කෝච්චියේ සහ බස් දෙක තුනක එල්ලිලා ගිහින්. තෙල් ප්‍රශ්නේ නිසා. ඊට අමතරව embassy එකේ appointment එකක් දාගන්න පට්ට කට්ටක් කන්න වුණා. German time එකෙන් හැමදාම රෑ 12 ට, ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් හැමදාම පාන්දර 3.30ට ඇහැරිලා available slots තියෙනවද බලන්න වුණා. ජුනි 14 ඉඳන් ජූලි 1 වෙනදා වෙනකං දවස් 17ක් හැමදාම ඒ කට්ට කෑව. මගේ සහයෝගෙට wife හිටියේ නැත්තන් මේ ගමන එන එක අතෑරලම දාල. එයා ළඟින් ඉඳන් හිත හැදුව නිසා, ශක්තියක් වුණ නිසා මේ ගමන මේ විදියට එන්න පුළුවන් වුණා. මතක තියාගන්න. ඔයා හිස් කඩදාසියක්. ඒක ඔහේ හුළඟේ පාවෙලා යන්න දෙනවද, එහෙම නැත්තන් ගුලියක් වෙලා එක තැන රැඳෙනවද, රොකට් එකක් හැඩේට හදලා අවශ්‍ය ඉලක්කෙට යනවද, ඒ කඩදාසිය උඩ ලස්සන චිත්‍රයක් අඳිනවද, ඒක උඩ ලස්සන කවියක් ලියනවද කියන එක ඔයා තීරණය කරන්න ඕනි. නැත්තන් ඔයා හැමදාම හිස් කඩදාසියක් විදියටම ඉඳියි.. (තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පුළුවන් විදියට උත්තර දෙන්නම්. මොකක් හරි ගැන detail විස්තර ඕනි නම් කියන්න. ඒ ගැනත් වෙනම ලියන්නම්.) ප.ලි: මේ සම්බන්ධ තවත් වැඩි විස්තරයක් මේ video එකෙන් බලන්න පුළුවන්...👇 [MEDIA=youtube]RSRZXC257RE[/MEDIA] Update : ඔයා... ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද? ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද? ජර්මනියේ අලුත්ම IT Job vacancies ගැන දැනගන්න ඕනි ද? කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද? Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද? Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද? . . . . අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්. වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න. [URL]http://bit.ly/DreamITJobGermany[/URL] ~ රන්දුනු පසු සටහන : සමහරු රට ජොබ් එකකට ගියාම, "හරි, මම නම් පැනගත්තා" වගේ අදහසක ඉඳලා සේරම දේවල් අමතක කරලා දානවා. ගොඩක් එහෙම මිනිස්සු අතරේ වෙලාවක් කලාවක් නොබලා, අහන හැම පුංචි ප්‍රශ්නෙටම කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන් උපදෙස් දුන්න, උදව් කරපු බොහොම වටින මිනිස්සු ටිකක් මගේ මේ කතාවේ හිටියා. Thank you very much for your limitless support and advices through out this journey so far Akeel and Dinanjana. ❤️❤️ Dulanja, Gayan, Rangana, Akalanka aiya, Chamara aiya and Mouly aiya, Thank you very much for your support too. Those supports and advices were really helpful. 🥰🥰 Randunu Yasaranga FB👊 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom