වැදි ජනයාගේ වග තුග - 1
වැදි ජනතාවගේ සම්භවය සිදු වූ අයුරු?
සිංහල සාහිතයේ ‘මලදරු’ (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), ‘සැරව්’ (ඊතල දරන්නා) යනුවෙන් වැද්දන් හඳුන්වා තිබෙනවා. මේ පිරිස සම්බන්ධයෙන් කතා කරන විට ඇතිවන පළමුවන ගැටලුව වන්නේ කොහොමද මොවුන්ගේ සම්භවය ඇති වුණේ කියලයි. මේ පිළිබඳව විවිධ මැති මතාන්තර තිබෙනවා.
ස්වදේශීය ආදිවාසි සම්භවයකින් පැවත එන එක් ජන වර්ගයක් ලෙස මොවූන් හඳුන්වන්නට පුළුවන්. මේ හා සම්බන්ධ ඉදිරිපත් වන අදහස් විමසා බැලීමේදී දැක්වෙන්නේ යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ඉපැරණි ගෝත්‍ර කිහිපයක් සිටි බවයි.ඒ වගේම මොවුන් විජයාගමනයට පෙරාතුව සිටි අතර මෙම ගෝත්‍ර වල ජන කොටස් වල එකතු වීමක් ලෙස වැදි ජනතාව බිහිවූ බව දැක්වෙනවා. එමෙන්ම මොවූන්ගේ කපාල ‘ප්‍රොටෝ ඔස්ට්‍රොලොයිඩ්’ ජනවර්ගයට සමානකම් ඇති බවද ප්‍රකාශ කරනවා.
එමෙන්ම ඔවුන් ලංකාවේ ආදිවාසීන් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බවද ප්‍රකාශ කරනවා. මහාවංශයේ ද මොවුන්ගේ ආරම්භය ගැන සඳහන් කරනවා. ඊට අනුව විජය කුවේණි කතා පුවතේ, කුවේණි හෙළ යක්ෂ ගෝත්‍රික කුමරියට ජීවහත්ත හා දිසාලා යනුවෙන් දරුවන් සිටි බවත් වැදි ජනතාවගේ සම්භවය ඔවුන්ගෙන් පැවත එන බවයි.
නුතන වැදි පරපුරේ ඇරඹුම
නුතන වැදි ජනතාවගේ ඇරඹුම ගැන කතා කිරීමේදී එයද කුවේණි හා සම්බන්ධ වන්නකි. ආර්යයෙකු වූ විජය කුමරුන්ව හෙළයින් දුටුවේ ආක්රමණිකයෙකු විදිහටයි. එයට හේතුව කුවේණිගේ උදව්වෙන් මෙරට රාජ්‍යත්වය ලබා ගත්තා යයි සලකනු ලැබූ නිසායි. ඒ හේතුවෙන් කුවේණිය ජාතිද්‍රෝහියක ලෙස හැදින්වුවා. ඇයගේ ඥාතීන් කුවේණි කෙරෙහි කේන්තියෙන් පසු වූ අතර ඔවුන්ගේ වෛරයෙන් බේරීමට කුවේණිගේ දරුවන්ට කැළෑ වැදීමට සිදු වූ අතර නුතන වැදි පරපුර එයින් ආරම්භ වූ බව දැක්වෙනවා.
ලංකාව සංක්රමණිකයගෙන් ගහණ වුණා වගේම කැළයේ සිටි වැදි ජනතාවද දිනෙන් දින වර්ධනය වුණා.ඒ විවිධ ආකාරයේ කැළෑ වැදීම් තුලින්. සිංහලයේ කිරුළට එකල විශාල ගැටුම් තිබුණා. එයින් පරාජය වූ අය බොහෝ විට සිදු කළේ ඉන්දියාවට පලා යෑමයි. නැතිනම් කැළෑ වැදීම සිදු කරා. මෙසේ අවසාන වරට සිදු වුයේ 1848 කැරැල්ලේ දී බව දැක්වෙනවා. ඒ වෙල්ලස්ස ජනතාවයි. මේ ආකාරයට පැහැදිලි වන්නේ කැළෑ වැදුණු අයගෙන් වැදි ජනතාව බිහි වූ බවක්ය.
මොවුන් අතර වර්ග බෙදීමක් තිබෙන බව ඔබ දන්නවාද?
පොදුවේ වැදි ජනතාව කියලා හැදින්වුවත් මෙම පිරිස් අතරත් වර්ග කිරීමක් දක්නට ලැබෙනවා. නමුත් මෙහි පරමාර්ථය හෝ ආරම්භය ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔහුන් සඳහන් කරන ආකාරයට ප්‍රධාන වර්ග හයක් පමණ දක්නට ලැබෙනවා. මොරාන වරිගේ, උනාපාත වරිගේ, ඌරු වරිගේ, ඇඹල වරිගේ, නමුඩන වරිගේ, සහ තලා වරිගේ ලෙසයි.
ඒ වගේම තමයි මෙම වැද්දන් පදිංචි ස්ථානය අනුවත් යම් කිසි වර්ග කිරීමකට සිදු වනවා. ඒ අතරින් කිහිපයක් ලෙස හේනේ බැද්ද වරිගේ, ගොඩතලාව වරිගේ, එලකොතලිය වරිගේ, සීතල වන්නිය වරිගේ, ගිරාදුරු වරිගේ , තමන්කඩු වරිගේ, දෙහිගම වරිගේ, හොරබොර වරිගේ ආදී ලෙස ඒවා සඳහන් වනවා.
මෙම වර්ග කිරීමට තමන්ගේ ගෝත්‍රයෙන් පිට විවාහ සිදුවීම වන බහිර්වෛවාහික සහ මාතෘ පාර්ශව මූලික, ඌරා සහ මොණරා යන්න මෙයට මුලික වුණු බව සී.ජී. සෙල්ග්මාන්ගේ අදහස වනවා.
එමෙන්ම භූ විෂමතා ලක්ෂණ පදනම් කරගෙනද බෙදීමකට ලක් කර තිබෙනවා. බින්තැන්න ඇසුරු කරගනිමින් ජීවත් වන වැද්දන් සහ නැගෙනහිර පළාත ඇසුරු කරගෙන වහරායි ප්‍රදේශයේ ජීවත් වන ‘වෙතර්’ යන අයයි.

kalin rep dilalu