Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ !

කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි.

කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි.

රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා.

මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා.

ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි.

කන්නසාමි කුමාරයා සමඟ රහසේ ම සාකච්ඡාවක යෙදුණු මහාධිකාරම කන්නසාමි කුමාරයාට මෙහෙම කිව්වා. "පුත කන්නසාමි... මා කියනා ලෙසට වැඩ කලහොත් ඔබට ලංකාවේ රජකම රැගෙන දෙමි.නමුත් එසේ රජකම ලැබුණු පසුත් මා කියනා ලෙසට වැඩ කළ යුතු ය. එසේ පොරොන්දු වන්නේද? " රජකම ගැන තුන්හිතක වත් අදහසක් නොතිබ්බ කන්නසාමි කුමාරයා මේ යෝජනාවට එකඟ වුණා විතරක් නෙවෙයි මහාධිකාරම කියන ඕනෑම දෙයක් ඒ විදියටම කරන්නත් කැමති වුණා.

පිළිමතලව්වේ මහාධිකාරම ගත්තොත් ඔහු මුල ඉඳලා ම නායක්කර් වංශිකයන්ට රජකම හිමිවීම ගැන කැමැත්තක් දැක්වූයේ නැති කෙනෙක්. නිතර කල්පනා කළේ කොහොමද නැවතත් රජකම සිංහලයන් අතට ගන්නෙ කියලයි. කොහොමත් රාජාධි රාජසිංහ රජතුමාට දාව අගබිසවගෙන් දරුවෝ හිටියෙ නැති නිසා අගබිසවගේ සොහොයුරු මුත්තුසාමි කුමාරයා තමයි ඊළඟට රජකමට නියමිත වෙලා හිටියෙ. ඒ නිසා මේ විදියට ගියොත් කොහොමත් රජකම යළි සිංහලයන්ට නොලැබෙන බව හිතුව මහාධිකාරම ඒකටත් සැලසුමක් හැදුවා. මුලින් ම එතරම් දැනුම් තේරුම් නැති කන්නසාමි කුමාරයා ව රජකරවලා, රාජ්‍යත්වයේ රූකඩයක් වගේ නටවලා ඊට පස්සෙ ඔහු මරවලා තමන් රජවෙන එක තමයි මහාධිකාරමගේ සැලසුම වුණේ.

රජතුමා නැවත් එනවිට මඟුල් කඩුවෙන් ම ඇනලා රජතුමා ව මරලා දාන්න කුමාරයා ව කැමති කරවාගත්තා මහාධිකාරම. කොහොමත් රජු ගේ ම මඟුල් කඩුව ඇනිලා නිසා, අශ්වයා කුලප්පු වෙලා රජතුමා අසු පිටින් බිමට වැටිලා මඟුල් කඩුව ඇනිලා රජු මියගියා කියලා ඒත්තු ගන්නන එක තමයි මහාධිකාරම ගේ සැලසුම වුණේ. ගිවිස ගත්ත විදියටම ඊළඟ වතාවේ රාත්‍රියේ රජතුමා කුමරිය කරා එන වෙලාවේ සැඟවිලා හිටිය කන්නසාමි කුමාරයා විසින් රාජාධි රාජසිංහ රජතුමාට මඟුල් කඩුවෙන් බඳට ඇනලා මරලා දාන්න සමත් වුණා. ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා අශ්වයා එළවලා දාලා මඟුල් කඩුව ඇනිලා මැරිලා හිටිය රජතුමාගේ දේහය රජමාළිගාවට ආරගෙන ගියා, සැලසුමේ විදියට ම ක්‍රියා කල මහාධිකාරම මේ සිද්ධිය හදිසි අනතුරක් කියලා ඔප්පු කරන්න තරම් දක්ෂ වුණා. මහාධිකාරම් නෙ සියළු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා. ඉතින් මහාධිකාරම් තුමා සියළු උඩරට අදිකාරම්වරුන්ට නියෝග කළා රජතුමා අසනීප ව අසාධ්‍ය ව සිටින නිසා ඊළඟ රජු තෝරාගැනීමට වහාම මඟුල් මඩුවට රැස් වෙන්න කියලා. එහෙම රැස්වුණාට පස්සෙ මහාධිකාරම, ඊළඟ රජතුමා ගැන තීරණයක් ගන්න අදිකාරම්වරුන්ගේ අදහස් විමසුවා. මහාධිකාරම්තුමා බලාපොරොත්තු වුණ විදියටම ඒ ගැන කටයුතු කර සුදුසු තීරණයක් ගන්න අදිකාරම්වරු විසින් මහාධිකාරමට බලය පැවරුවා. මහාධිකාරම යෝජනා කලේ කන්නසාමි කුමාරයා ව. මහාධිකාරම්තුමා මේ විදියට කන්නසාමි කුමාරයාගේ ගුණ වර්ණනා කළා. "කන්නසාමි කුමාරයා පිරුණු අටළොස් වස ඇත්තෙකි, සියුම් බුද්ධියකින් යුතු සිංහල භාෂාව මනා සේ ප්‍රගුණ කර ඇති කුමාරයා මල්වත්ත පන්සල ඇසුරු කොටගෙන හැදී වැඩුණු නියම බෞද්ධයෙකි. පිය රජු සේම දැහැමි ව රට කෙරේවි " ආදි වශයෙන්.

මේ කළබල අස්සේ කාටත් රජවෙන්න නියමිත ව හිටිය මුත්තුසාමි කුමාරයා ව අමතක වුණා (සමහරවිට ඒ වෙලාවේ මහාධිකාරමගේ බලය වැඩි නිසා හිතලා ම අමතක කලා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් මුත්තුසාමි කුමාරයාගේ නම යෝජනා කරන්න තරම් එඩිතර කෙනෙක් එතැන නොහිටියා වෙන්නත් පුළුවනි). ඉතින් අනිත් අදිකාරම්වරුත් මේ විදියට කන්නසාමි කුමාරයාට කැමති වුණා. ඊටපස්සේ නිල වශයෙන් රාජාධි රාජසිංහ රජතුමාගේ මරණය නිවේදනය කරලා චාරිත්‍රානුකූල ව අවසන් කටයුතු සිද්ධ කළාට පස්සෙ කන්නසාමි කුමාරයා, ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙසින් සිංහාසනාරුඪ වුණා.

ඔන්න ඔය විදියට තමයි උඩරට අවසන් රජු වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වුණේ. රාජමාතාව වෙන්න ලැබීම ගැන කුමරියත් බොහෝ සේ සතුටු වුණා. මහාධිකාරම තමන් ගේ හිතේ තිබුණ රජවීමේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න යෙදුව උපක්‍රම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට අසුවීම නිසා රජතුමාගේ අණ පරිදි අන්තිමේදි හිස් ගැසුම් කා මියයන්න මහාධිකාරමට සිද්ධ වුණා. අධර්මිෂ්ඨ බේබදු රජකෙනෙක් වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉක්මනින් ම රටවැසියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණා. (මද්දුම බණ්ඩාර සිදුවීම වගේ දේවල් එහෙමත් වුනේ මේ කාලේදිනෙ ). ඒ විදියට අසමඟි වුණ රට, ඉංග්‍රීසීන්ට යටත් වෙන්න පහසුවෙන් පාරක් නිර්මාණය කළා. සමහරවිට මුත්තුසාමි කුමාරයා රජවුණා නම් අපි ඉංග්‍රීසින්ට යටත් නොවෙන්නත් තිබුණා නේද...

-Source

[QUOTE="Rovin, post: 12873159, member: 121927"] [b]වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ ![/b] [CENTER][FONT=Book Antiqua][SIZE=3][URL="http://3.bp.blogspot.com/-NR-fGKh_8e8/T9Iiqyc7yHI/AAAAAAAABBU/C5MIY-UYX0E/s1600/rajasinghe.jpg"][IMG]http://3.bp.blogspot.com/-NR-fGKh_8e8/T9Iiqyc7yHI/AAAAAAAABBU/C5MIY-UYX0E/s320/rajasinghe.jpg[/IMG][/URL][/SIZE][/FONT][FONT=Book Antiqua][SIZE=3] කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි. [URL="http://4.bp.blogspot.com/-r9m0ilVW6qo/T9IirTZaoLI/AAAAAAAABBg/KFSwz9UtAeQ/s1600/images.jpg"][IMG]http://4.bp.blogspot.com/-r9m0ilVW6qo/T9IirTZaoLI/AAAAAAAABBg/KFSwz9UtAeQ/s320/images.jpg[/IMG][/URL][/SIZE][/FONT][FONT=Book Antiqua][SIZE=3] කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි. රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා. මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා සමඟ රහසේ ම සාකච්ඡාවක යෙදුණු මහාධිකාරම කන්නසාමි කුමාරයාට මෙහෙම කිව්වා. "පුත කන්නසාමි... මා කියනා ලෙසට වැඩ කලහොත් ඔබට ලංකාවේ රජකම රැගෙන දෙමි.නමුත් එසේ රජකම ලැබුණු පසුත් මා කියනා ලෙසට වැඩ කළ යුතු ය. එසේ පොරොන්දු වන්නේද? " රජකම ගැන තුන්හිතක වත් අදහසක් නොතිබ්බ කන්නසාමි කුමාරයා මේ යෝජනාවට එකඟ වුණා විතරක් නෙවෙයි මහාධිකාරම කියන ඕනෑම දෙයක් ඒ විදියටම කරන්නත් කැමති වුණා. පිළිමතලව්වේ මහාධිකාරම ගත්තොත් ඔහු මුල ඉඳලා ම නායක්කර් වංශිකයන්ට රජකම හිමිවීම ගැන කැමැත්තක් දැක්වූයේ නැති කෙනෙක්. නිතර කල්පනා කළේ කොහොමද නැවතත් රජකම සිංහලයන් අතට ගන්නෙ කියලයි. කොහොමත් රාජාධි රාජසිංහ රජතුමාට දාව අගබිසවගෙන් දරුවෝ හිටියෙ නැති නිසා අගබිසවගේ සොහොයුරු මුත්තුසාමි කුමාරයා තමයි ඊළඟට රජකමට නියමිත වෙලා හිටියෙ. ඒ නිසා මේ විදියට ගියොත් කොහොමත් රජකම යළි සිංහලයන්ට නොලැබෙන බව හිතුව මහාධිකාරම ඒකටත් සැලසුමක් හැදුවා. මුලින් ම එතරම් දැනුම් තේරුම් නැති කන්නසාමි කුමාරයා ව රජකරවලා, රාජ්‍යත්වයේ රූකඩයක් වගේ නටවලා ඊට පස්සෙ ඔහු මරවලා තමන් රජවෙන එක තමයි මහාධිකාරමගේ සැලසුම වුණේ. රජතුමා නැවත් එනවිට මඟුල් කඩුවෙන් ම ඇනලා රජතුමා ව මරලා දාන්න කුමාරයා ව කැමති කරවාගත්තා මහාධිකාරම. කොහොමත් රජු ගේ ම මඟුල් කඩුව ඇනිලා නිසා, අශ්වයා කුලප්පු වෙලා රජතුමා අසු පිටින් බිමට වැටිලා මඟුල් කඩුව ඇනිලා රජු මියගියා කියලා ඒත්තු ගන්නන එක තමයි මහාධිකාරම ගේ සැලසුම වුණේ. ගිවිස ගත්ත විදියටම ඊළඟ වතාවේ රාත්‍රියේ රජතුමා කුමරිය කරා එන වෙලාවේ සැඟවිලා හිටිය කන්නසාමි කුමාරයා විසින් රාජාධි රාජසිංහ රජතුමාට මඟුල් කඩුවෙන් බඳට ඇනලා මරලා දාන්න සමත් වුණා. ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා අශ්වයා එළවලා දාලා මඟුල් කඩුව ඇනිලා මැරිලා හිටිය රජතුමාගේ දේහය රජමාළිගාවට ආරගෙන ගියා, සැලසුමේ විදියට ම ක්‍රියා කල මහාධිකාරම මේ සිද්ධිය හදිසි අනතුරක් කියලා ඔප්පු කරන්න තරම් දක්ෂ වුණා. මහාධිකාරම් නෙ සියළු අදිකාරම්වරුන්ගේ ප්‍රධානියා. ඉතින් මහාධිකාරම් තුමා සියළු උඩරට අදිකාරම්වරුන්ට නියෝග කළා රජතුමා අසනීප ව අසාධ්‍ය ව සිටින නිසා ඊළඟ රජු තෝරාගැනීමට වහාම මඟුල් මඩුවට රැස් වෙන්න කියලා. එහෙම රැස්වුණාට පස්සෙ මහාධිකාරම, ඊළඟ රජතුමා ගැන තීරණයක් ගන්න අදිකාරම්වරුන්ගේ අදහස් විමසුවා. මහාධිකාරම්තුමා බලාපොරොත්තු වුණ විදියටම ඒ ගැන කටයුතු කර සුදුසු තීරණයක් ගන්න අදිකාරම්වරු විසින් මහාධිකාරමට බලය පැවරුවා. මහාධිකාරම යෝජනා කලේ කන්නසාමි කුමාරයා ව. මහාධිකාරම්තුමා මේ විදියට කන්නසාමි කුමාරයාගේ ගුණ වර්ණනා කළා. "කන්නසාමි කුමාරයා පිරුණු අටළොස් වස ඇත්තෙකි, සියුම් බුද්ධියකින් යුතු සිංහල භාෂාව මනා සේ ප්‍රගුණ කර ඇති කුමාරයා මල්වත්ත පන්සල ඇසුරු කොටගෙන හැදී වැඩුණු නියම බෞද්ධයෙකි. පිය රජු සේම දැහැමි ව රට කෙරේවි " ආදි වශයෙන්. මේ කළබල අස්සේ කාටත් රජවෙන්න නියමිත ව හිටිය මුත්තුසාමි කුමාරයා ව අමතක වුණා (සමහරවිට ඒ වෙලාවේ මහාධිකාරමගේ බලය වැඩි නිසා හිතලා ම අමතක කලා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් මුත්තුසාමි කුමාරයාගේ නම යෝජනා කරන්න තරම් එඩිතර කෙනෙක් එතැන නොහිටියා වෙන්නත් පුළුවනි). ඉතින් අනිත් අදිකාරම්වරුත් මේ විදියට කන්නසාමි කුමාරයාට කැමති වුණා. ඊටපස්සේ නිල වශයෙන් රාජාධි රාජසිංහ රජතුමාගේ මරණය නිවේදනය කරලා චාරිත්‍රානුකූල ව අවසන් කටයුතු සිද්ධ කළාට පස්සෙ කන්නසාමි කුමාරයා, ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙසින් සිංහාසනාරුඪ වුණා. ඔන්න ඔය විදියට තමයි උඩරට අවසන් රජු වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වුණේ. රාජමාතාව වෙන්න ලැබීම ගැන කුමරියත් බොහෝ සේ සතුටු වුණා. මහාධිකාරම තමන් ගේ හිතේ තිබුණ රජවීමේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න යෙදුව උපක්‍රම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට අසුවීම නිසා රජතුමාගේ අණ පරිදි අන්තිමේදි හිස් ගැසුම් කා මියයන්න මහාධිකාරමට සිද්ධ වුණා. අධර්මිෂ්ඨ බේබදු රජකෙනෙක් වුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉක්මනින් ම රටවැසියන්ගේ දෝෂාරෝපණයට ලක් වුණා. (මද්දුම බණ්ඩාර සිදුවීම වගේ දේවල් එහෙමත් වුනේ මේ කාලේදිනෙ ). ඒ විදියට අසමඟි වුණ රට, ඉංග්‍රීසීන්ට යටත් වෙන්න පහසුවෙන් පාරක් නිර්මාණය කළා. සමහරවිට මුත්තුසාමි කුමාරයා රජවුණා නම් අපි ඉංග්‍රීසින්ට යටත් නොවෙන්නත් තිබුණා නේද... [/SIZE][/FONT][LEFT][SIZE=2][URL="http://yeslahiru.blogspot.com/"]-Source[/URL][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom