වැලටයින්කරනය...
යුරෝපයේ බොහෝ රටවල ජනයා පිළිගන්නා පරිදි පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනයයි.ඔව්හු එදින සැණකෙළි පවත්වති. පෙම්වතුන් සුපිරි හෝටල් සහ අවන්හල් තුළ විනෝද වන අයුරු එදින දක්‌නට පුළුවන. පෙම්වතුන් හා පෙම්වතියන් අතර රෝස මල් හුවමාරු කර ගැනීම්, සුබපැතුම් පත් යෑවීම, තෑගි බෝග පිරිනැමීම වැනි ක්‍රියාකාරකම් වැලැන්ටයින් දිනයේ සුලබව සිදුවෙයි. ඇතැම් විට සමාජය විසින් හෙළා දකිනු ලබන සමූහ ප්‍රේමය සමූහ කාමාශ්වාදය බිරින්දෑවරු හුවමාරුව වැනි දේවල් ද ඒ අතර වෙයි. තම පෙම්වතාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකිව ජීවිතයම අඳුරු කරගන්නා පෙම්වතියන් ගැනද අසන්නට ලැබේ. ඒ නිසා වැලන්ටයින් දිනය හැඳින්වීමට වලත්තයන්ගේ දිනය යනුවෙන් උපහාසාත්මක යෙදුමක්‌ද ව්‍යවහාරයට පැමිණ තිබේ. කෙසේ වුවද “වැලන්ටයින්” යන ඉංග්‍රීසි වචනය සිංහලයට පෙරළෙන්නේ එවැනි ඌරුවකටයි. බටහිර පන්නයට හැඩ ගැසුණු අපේ රටේ නාගරික තරුණ තරුණියන් අතර වැලන්ටයින් දිනය තරමක් ප්‍රචලිතව තිබුණත් ගැමි සමාජයට එය තවමත් ඇතුළත්වී නොමැත. ඇතැම් මාධ්‍ය ආයතන එය ගම්බද තරුණ පිරිසට හුරු කරවන්නට දැඩි උත්සාහයක යෙදෙන අයුරු දක්‌නට ලැබේ.
එසේ කරන්නේ ඒ ඔස්‌සේ වෙළෙඳ රැල්ලක් නිර්මාණය කර ගැනීමේ හා සංස්‌කෘතික හර පද්ධතීන් වැනසීමේ අදහසිනි. 2002 වැලන්ටයින් දිනයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ කුටි සාදා පෙම්වතුන් ජෝඩු වශයෙන් ඒවාට කොටු කිරීමේ සැලැස්‌මක් ද දියත් කෙරුණේ ඒ අනුවයි. කොටහේන ප්‍රදේශයේ එක්‌තරා දේවස්‌ථානයකට පැමිණෙන්නැයි ජනමාධ්‍ය මගින් පෙම්වතුන්ට අරයුම් කරන අවස්‌ථා ද තිබේ. සමස්‌ත කතෝලික බැතිමතුන් එවැනි ක්‍රියාවන් අනුමත කරන්නේ නැත.
වැලන්ටයින් යනු කතෝලික පූජකවරයෙකි. එතුමා ගැන පැහැදිලි ඓතිහාසික වාර්තා සොයාගත නොහැක. කතෝලික සාන්තුවරයන්ගේ නාමාවලියේද එවැනි කෙනෙකු ගැන සඳහන් නොවේ. කතෝලික බැතිමතුන් පෙබරවාරි 14 වැනිදා වෙන්කරගෙන තිබෙන්නේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස් නමැති සාන්තුවරුන් වෙනුවෙනි. ඉතාලියේ ජීවත් වූ ප්‍රාණ පරිත්‍යාග කළ වැලන්ටයින් නමැති රෝමානු කතෝලික පූජකවරුන් දෙදෙනකු ගැන පූරාවෘත්තයන්හි සඳහන් වෙයි. රෝමයේ දෙවන ක්‌ලෝඩියස් රජු ක්‍රිස්‌තු වර්ෂ 279 දී වැලැන්ටයින් නමැති පූජකයකු හිස සිඳ මැරුවේය. ඒ රජුගේ පාලන කාලයෙහි විවාහක තරුණයේ යුද හමුදාව බැඳීමට මැලිකමක් දැක්‌වූහ. හමුදාවට දුර්වල වීමට එය බලපෑවේය. ඒ ගැන අවධානය යොමු කළ ක්‌ලෝඩියස් රජු විවාහය තහනම් කළේය. ඒ නීතිය හේතුවෙන් විවාහයට වැටකඩොලු බැඳුණු පෙම්වතුන් ගැන අනුකම්පා කළ වැලැන්ටයින් පූජකතුමා රහසිගත කුටියක් තුළ තරුණ තරුණියන් විවාහ කරවීමේ වැඩපිළිවෙළක් දියත් කළේය. ඔහු මරා දමන්නට රජු විසින් නියම කරන ලද්දේ එයට දඬුවම් වශයෙනි. ආදරවන්තයන්ට උදව් කිරීම හේතුවෙන් එවැනි දඬුවමකට ලක්‌වූ වැලැන්ටයින් පූජකවරයාගේ දේහය ද ඇත. එතුමා වෙනුවෙන් 1835 දී තැනූ දේවස්‌ථානයක් අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේද තිබේ. වැලැන්ටයින් නමින් පුරාවෘත්තයන්හි සඳහන් වන මේ පූජකවරුන් දෙදෙනා එක් අයකු විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරති.
මරණ දඬුවම නියම වී සිටි වැලැන්ටයින් පූජකවරයා බලන්නට පැමිණි තරුණ තරුණියෝ එතුමා කෙරෙහි ඔවුන් තුළ ඇති ආදරය වැලිවලින් සිරමැදිරියේ බිත්තිවල සටන් කළහ. එතුමාගේ කුටියට රෝස මල් විසි කළහ. සිරමැදිරියේ බිත්තිවල සටහන් කළහ. එතුමාගේ කුටියට රෝසමල් විසි කළහ. සිරමැදිරියේ රැකවලාගේ අන්ධ දියණියද ඔවුන් අතර සිටියාය. පූජකවරයා සමග නිතර කතාබහ කරන්නට ඇයට පියාගෙන් අවසර ලැබිණි. එතුමා තම හාස්‌කම් බලයෙන් ඇයට පෙනීම ලබාදුනි. ඒ හේතුවෙන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් ඇතිවුණ බව කියෑවෙයි. හිස සිඳින්නට රැගෙන යන දිනයේ පූජකවරයා තම පෙම්වතිය වෙනුවෙන් සිරමැදිරියේ බිත්තියක “ඔබගේ වැලැන්ටයින්ගේ ආදරය” Love From your Valantine යනුවෙන් සටහන් කළේය. පෙම්වතුන් අතර රෝසමල් හා සුබපැතුම්පත් හුවමාරුවට පදනම වැටුණේ වැලැන්ටයින් තුමාගේ ජීවිතය සමග බැඳුන මෙම සිදුවීම් අසුරෙනි. පෙම්වතා හැඳින්වීමට වැලැන්ටයින් නම ද භාවිත වෙයි. ලොව මුල්ම වැලැන්ටයින් සුබපැතුම් පත ලෙස සැලකෙන්නේ 1415 වසරේ ලන්ඩනයේ සිරමැදිරියක සිටි චාල්ස් නමැති ආදිපාදවරයා පෙම්තියට යෑවූ සුබපැතුමයි.
භාරතීය දේව විශ්වාසයන්ට අනුව කාමයට අධිපති දෙවියා මල්සරාය. ඔහු පාර්වතී දෙස බැලුම් හෙළනු දැක කෝපයට පත් ඊශ්වරයා තම නෙත් කිරණින් මල්සරාගේ සිරුර දවාලීය. ඔහුට අනංගයා යන නාම ලැබුණේ අංග හෙවත් සිරුර නැත්තා යන අරුතිනි. අනඟ රැඟුම් හා අනඟ කෙළි යන වචන ඔහුගේ හැසිරීම් රටාව සමග බැඳී ඇත. අනංගයා තම දුන්නෙන් ආදරයේ මල් හී විද පෙම්වතුන්ගේ හදවත් සිදුරු කරයි. ඔහුගේ සිරිත ඔවුන් ආදරයෙන් උමතු කිරීමයි. බටහිර රටවල වැසියන්ගේ විශ්වාසයට අනුව කාමයට අධිපති වීනස් දෙවියාගේ පුත්‍රයා කියුපිඩ්ය.වීනස් යනු සිකුරුය. එසේම රූපයෙන් අගතැන්පත් දෙවඟනක් ලෙසද හැඳින්වෙයි. කියුපිඩ් නිරූපණය කරන්නේ පියාපත් සහිත මල් දුන්නක් අතින් ගත් බිළිඳකුගේ ස්‌වරූපයෙනි. පෙරදිග විශ්වාසයේ හැටියට ඒ මල්සරා හෙවත් අනංගයාය. ආදර පැතුම්පත්වල ඔහුගේ රුව ද යෙදෙයි. වැලැන්ටයින් සුබපැතුම් යෑවීම ප්‍රචලිත කරන ලද්දේ 1847 වසරේදී එස්‌තර් හොලන්ඩ් නමැති වෙළෙන්දියක විසිනි. සැබවින්ම එය වෙළෙඳ ව්‍යාපාරයකි. නත්තල් පත් හැරුණු විට බටහිර රටවල වැඩිපුරම හුවමාරු වන්නේ වැලැන්ටයින් සුබපැතුම් පත්ය.
රෝමවරුන්ගේ පැරණි විශ්වාසය අනුව “ජුනෝ” යනු කාන්තාවන්ට හා විවාහයට අධිපති දෙවඟනයි. පෙබරවාරි 14 වැනි දින ඇයට උපහාර දක්‌වන දිනයයි. රෝමවවරුන් පෙබරවාරි මාසය සැලකුවේ වසන්ත සමයේ ආරම්භය වශයෙනි. මල් ඵල හට ගැනීම හා සතුන්ගේ ප්‍රේමාලිංගන සිදුවන්නේ පෙබරවාරි මාසයේදීය. ඒ නිසා තරුණ තරුණියන්ට ද සහකරුවන් තෝරා ගන්නට අවස්‌ථාව සලසන ලුපර්කාලියා නමින් උත්සවයක් වසරක් පාසා පෙබරවාරි 15 වැනි දින රෝමයේ පැවැත්වුණු බවට වාර්තා තිබේ. රෝමයේ මුල් යුගයේ විසූ ජනයා විශ්වාස කළ පරිදි ලූපර්කස් යනු වෘකයන්ට අධිපති දෙවියාය. රෝමයේ ආදි පුරුෂයන් වන රොම්ලස් හා රෙමුස් බිළින්දන් වැඩුණේ වෘක මවකගේ කිරි බීමෙනි. පෙබරවාරි 15 වැනි දින ලුපර්කල්ස් ගුහාවට යන රෝම පූජකවරු විසින් පූජා චාරිත්‍ර අනුව සකස් කරන ලද හම් පටියක් කාන්තාවන්ට පළඳවති. එම හම් පටි හැඳින්වුණේ “ෆෙබ්රුවා” යන නමිනි. එය පවිත්‍රත්වය යන තේරුම ඇති “ලැටින්” වචනයකි. පෙබරවාරි මාසයට එම නම ලැබුණේ පිවිතුරු යන අරුතින් බව පෙනේ. හම් පටිය දවටා ගත් කාන්තාවෝ තමන් පවිත්‍ර බව හඟවමින් වාසනාවන්ත දරු උපතක් පතමින් උත්සවශ්‍රීයෙන් පෙරහැරේ ගමන් කරති. ලුපර්කාලියා සැණකෙළියට එන යෞවනියන්ගේ නම් පත්‍රිකාවල ලියා භාජනයකට දමනු ලැබේ. කුසපත් අදින ස්‌වරූපයෙන් තමන් කැමති පත්‍රිකාවක් එයින් තෝරාගන්නා තරුණයෝ එහි නම සඳහන් යෞවනිය සමග පෙA්‍රමයෙන් බැඳෙති. ඇතැම්හු ජීවිත කාලයම එක්‌ව ජීවත් වෙති.
ක්‍රිස්‌තු වර්ෂ 496 ජෙලයයුස් නමැති පෝප් තුමා පෙම්වතියන් තෝරාගැනීමේ සිරිත වෙනස් කළේය. තරුණියන්ගේ නම් වෙනුවට පූජකවරුන්ගේ නම් ලියූ පත්‍රිකා කුසපත් ඇදීම සඳහා බඳුනකට බහන ලදී. ඒ අතර වැලැන්ටයින් පූජකවරයාගේ නම ද ඇතුළත් විය. ඒ අනුව ලුපර්කාලියා උත්සවය වැලැන්ටයින් පූජකවරයා සැමරුම සඳහා යොදා ගන්නට ඇතැයි අනුමානයක් තිබේ.
වැලැන්ටයින් දින සැමරුම් මේ වන විට ලොව බොහෝ රටවල පැතිරී ඇත. දකුණු ඇමරිකාවේ එය නම් කර තිබෙන්නේ ආදරයේ හා මිත්‍රත්වයේ දිනය වශයෙනි. බටහිර පන්නයට හැඩගැසුණු දකුණු කොරියාව, හොංකොං, ජපානය වැනි රටවල වැසියෝ වැලැන්ටයින් සුබපැතුම් හා තෑගි බෝග සඳහා විශාල මුදලක් වැය කරති. කලින් කලට එළඹෙන විවිධ ආගමික හා ජාතික උත්සව මුල්කරගෙන සමාජ සම්බන්ධතා තහවුරු කරගැනීම යහපත් දෙයකි. මිනිසුන් අතර සමගිය හා සහජීවනය ඇතිකර ගැනීමට එවැනි දේ ඉවහල් වෙයි. නමුත් වැලැන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය සමාජය කෙළෙසන පුද්ගලයන්ට ඒ සඳහා අවස්‌ථා සපයන දිනයක් ලෙසට පරිවර්තනය වී ඇත. එදින තරුණ තරුණයන් හැසිරිය යුතු පිළිවෙළ හා කළයුතු දේවල් තීරණය කරනු ලබන්නේ වෙළෙඳ ව්‍යාපාරිකයන් හා පටු අරමුණු කටයුතු කරන පුද්ගලයන්ය.
භද්‍ර යෞවනය යනු අනුරාගය පිබිදෙන ජීව විද්‍යාත්මක හා ස්‌වාභාවික සංසිද්ධියකි. හිරිමල් වියේ දරු දැරියන් වැලැන්ටයින්වරුන් කරන්නට වෙහෙසෙන පිරිසක්‌ද සිටිති. ඔවුන් බලහත්කාරයෙන් යෞනත්වයට ඇද දමා ඔවුන්ගේ මනස විකෘති කිරීම සමාජයේ පැවැත්මට අහිතකරය. ඉන්දියාවේ ශිවසේනා සංවිධානය වැලන්ටයින් දිනය සැමරුමට තදින්ම එරෙහි වන්නේ භාරතීය සමාජයට එයින් සිදුවන හානිය වැළැක්‌වීමේ අදහසිනි.
ගෝලීයකරණය නමින් සිදුවන්නේ බටහිර ලෝකයේ බලවත් රටවල පවතින හොඳ නරක හැම දෙයක්‌ම ලොව පුරා පැතිරවීමයි. හෙවත් බටහිර ලෝකයේ තිබෙන සියල්ලම සෙසු රටවල පාරම්පරික සමාජයන්ට මිශ්‍ර කිරීමයි. එය ආගමික, සාමාජික හා සංස්‌කෘතික සංහාරයකි.
වැලැන්ටයින් දිනය ලොව පුරා පැතිරවීමද එයට සමගාමී ක්‍රියාවකි. යෞවනයන්ගේ සිත් සතන් රාගයෙන් මුසපත් කෙරෙන වැලැන්ටයින් සැමරීම වැනි ව්‍යාපෘතිවල ප්‍රත§ඵලය කාමෝන්මාදයෙන් හැසිරෙන පිරිසක් බිහිවීමයි. ගෝලීයකරණය යටතේ පෙරදිග සංස්‌කෘතිකාංග බටහිර ලෝකයට සම්බන්ධ කිරීමක් කිසිවිටෙක සිදු නොවේ. එයට හේතුව බටහිරවාසීන් පෙරදිග ජනයා හා ඔවුන්ගේ සංස්‌කෘතීන් පහත් යෑයි සලකන බැවිනි. පෙරදිග හා අපරදිග රටවල මිනිසුන්ගේ චින්තන විධි, චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් අනුව දෙපිරිස අතර පැහැදිලි වෙනස්‌කම් ඇත. රඩ්යාඩ් කිප්ලිං කවියා එම අදහස තහවුරු කළ ප්‍රකට පුද්ගලයෙකි. පෙරදිග පෙරදිගය. බටහිර බටහිරය. කිසිදා මැකෙනු නැති මෙහි ඇති පරතරය (ධයෘ Easඑ සි Easඑ -උesඑ සි උesඑල aබා භැඩැර එයෑ ඔආසබ Sය්කක පැeඑ යනුවෙන් රඩියාඩි කිප්ලිං පැවසුවේය.
ඔහුට වුවමනා වුණේ පෙරදිග හැදියාවට අවමන් කොට බටහිර රටවල් ඔසවා තැබීමටයි. ඔහු “ජංගල් බුක්” කතන්දර ලියුවේ පෙරදිග සිටින්නේ වඳුරු කොල්ලන් බව හැඟවීමටයි. නමුත් ආසියාවට ආවේණික සංස්‌කෘතික සම්ප්‍රදායක් ඇත. ශිෂ්ට යෑයි පිළිගත් සිරිත් විරිත් සමුදායක් ඇත. එය බිහිවුණේ අතීතයේ පෙරදිග බොහෝ රටවල පැතිර පැවතුන බුදුදහම ඇසුරෙනි. පෙරදිග වැසියන් වන ලාංකිකයන්ට ඒ පිළිබඳ විශාල උරුමයක් ඇත. ඒ නිසා ලක්‌වැසියන් නිතරම ඒ ගැන අවබෝධයකින් හා අවධානයකින් යුතුව එහි ආරක්‍ෂාව සඳහා කටයුතු කළ යුතුය.
ප්‍රේමයෙහි විවිධ ප්‍රභේද පවතියි. සාමාන්‍ය විග්‍රහයට අනුව ප්‍රේමය යනුවෙන් අදහස් කරන්නේ ගැහැනු හා පිරිමි දෙපිරිස යොවුන් වියට පිවිසීමත් සමග ඇතිවන කායික හා මානසික විපර්යාසයන් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් එකිනෙකා කෙරෙහි හටගන්නා මනෝභාවයන් ඔස්‌සේ ඇතිකර ගන්නා බැඳීමයි. එය පුද්ගල ක්‍රියාකාරකම් වශයෙන් නොයෙක් ස්‌වරූපයෙන් ඉස්‌මතු වෙයි.
ප්‍රේමය හෙළාදැකිය යුතු දෙයක් නොවේ. නමුත් ශිෂ්ට යෑයි සැලකෙන සමාජයන් විසින් පැනවුණු සම්මුතීන් විසින් ප්‍රේමය පාලනය කරනු ලබයි. රටවල් අනුව එම සම්මුතීන්ගේ විවිධත්වයක්‌ද ඇත. මිනිසාගේ ශිෂ්ටත්වයේ ලකුණු ලෙස සැලකෙන කරුණු අතර ප්‍රධාන වන්නේ ලිංගික සංයමය, විවාහය, වස්‌ත්‍ර ඇඳීම, අෙන්‍යාන්‍ය ගෞරවයෙන් මානව සබඳතා පවත්වාගෙන යැම ආදිය යි. එහෙත් ඒ සියල්ල වෙනස් කර ශිෂ්ටත්වයට පෙර පැවැති යුගයට ආපසු යන්නට සිතන පිරිසක් ද ලෝකයේ සිටිති. ලිංගිකත්වය යනු අතිශයින් පෞද්ගලික දෙයකි. නමුත් ඔqවුහු සමාජ සම්මතයන්ට පිටුපා සිදුකරන නිදහස් පෙම් රැඟුම් හා ලිංගික හැසිරීම් සමූහ ප්‍රේමය ඨරදමච කදඩැ සමලිංගික විවාහය හා සමූහ කාමය ඨරදමච Seං වැලැන්ටයින් දිනය මුල්කරගෙන සමාජ ගත කරන්නට උත්සාහ කරති. පෙර අපර දෙදිග ශිෂ්ට ලෝකය එවැනි ක්‍රියා අනුමත කරන්නේ නැත. බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් හා ක්‍රිස්‌තියානි යන සියලු ආගම් වෙහෙසෙන්නේ ජීවිතයේ සංයමයක් ඇති කිරීමටයි. එහෙත් ඒ ගැන නොසලකන කණ්‌ඩායම් අපේ රටේ ද තිබේ. යොවුන් සිත් කාමයෙන් පුබුදුවා සමාජ ව්‍යqහය කඩා දමන්නට ලිංගික සමාජ කල්ලි බලවත් වෑයමක යෙදෙයි. ඒ සඳහා අන්තර්ජාලය ද යොදාගනියි. නිතර භාවිතයට සුqදුසු යෑයි පවසමින් සති අන්ත සිංහල පුවත්පතක් 2003 වසරේ වැලැන්ටයින් දිනය නිමිත්තෙන් හඳුන්වාදුන් භාවනා ක්‍රමය එයට නිදසුනකි.
ස්‌ත්‍ර්‍රS – පුරුෂ දෙදෙනකු අතර ඇතිවන ප්‍රේමයට බුදුදහම අකුල් හෙළීමක් හෝ වැටකඩොලු බැඳීමක් සිදුකර නොමැත. පුරුෂයකුගේ ඉඳුරන් සමග ගැටෙන කාන්තාවගේ රුව, කටහඬ, ස්‌පර්ෂය ආදිය මගින් ඔහුගේ හදවත කාන්තාව කෙරෙහි තදින් බැඳෙන බව බුදුදහමෙහි දැක්‌වෙයි. කාන්තාව ද පුරුෂයා කෙරෙහි එවැනි බැඳීමක් ඇතිකරගනියි. එය තිරිසන් සතුන් අතර පවා දක්‌නට ලැබෙන ස්‌වාභාවික ලක්‌ෂණයකි. ජීවිතයේ දුක් දොම්නස් දුරු කරගන්නට නිරතුරුව මග පෙන්වන බුදුදහම පවසන්නේ ප්‍රේමය යනු දුක්‌ඛ වේදනාවන්ට මුල්වන ප්‍රධාන සාධකයක් බවයි. ඒ අනුව දුකින් මිදීමේ අරමුණින් පැවිදි වූ කෙනකුට ප්‍රේමය විශාල බාධකයකි. නමුත් කාමභෝගී ගිහියන්ට ප්‍රේමය තහනම් දෙයක් නොවේ. බයිබලයේ සඳහන් වන පරිදි ආදම්- ඒව දෙදෙනා ප්‍රේමයෙන් බැඳීම තහනම් ගහේ ගෙඩි කෑමකි. ඔවුන්ට ස්‌වර්ගය අහිමිවන්නේ ඒ වරදට දඬුවමක් වශයෙනි. ඒ අනුව ප්‍රේමය යනු දෙවියන්ගෙන් දඬුවම් ලැබෙන තහනම් දෙයකි. නමුත් එයින් අදහස් වන්නේ ප්‍රේමය නිසා ඇතිවන දරුණු ෙ€දවාචකය පෙන්වා දීම යෑයි කෙනකුට අර්ථ දැක්‌වීමට පුළුවන. ප්‍රේමයට හා විවාහයට ආශිර්වාද ලබාගැනීමට වැලැන්ටයින් පූජකවරයාට යාච්Æ කිරීමක් හෝ එතුමා වෙනුවෙන් තැනූ දේවස්‌ථාන නොමැති වීමට හේතුව එවැනි පූජකතමකු සිටියේ ද යන්න පිළිබඳව කතෝලික බැතිමතුන් අතර පවා නිශ්චිත තීරණයක් නැති නිසා වන්නට පුළුවන.
මැදගම ධම්මානන්ද හිමි
මෙය දිවයින් පත්‍රයහි පලවුනු ලිපයකි