වැලන්ටයින් දිනයට ගංජා චොකලට්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

    මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ ආයතනයකිනි.

    පෙම්වතුන් වෙනුවෙන් නිපදවූ මෙම චොක්ලට් වර්ගයේ කංසා, අශ්වඝන්, වැල්මී සහ ලුණුවිල අඩංගු වන බව වාර්තා වෙයි.

    මෙම චොක්ලට් වර්ගය වෙෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස අදාළ නිෂ්පාදකවරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.

    කංසා අබින් විෂවර්ග ආඥා පනතට අනුව මෙය තහනම් නිෂ්පාදනයක් වන බවත් මෙරට කංසා භාවිතයට ගැනීමට හැකියාව ඇත්තේ ඖෂධ සැකසීම සඳහා පමණක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

    මෙම චොක්ලට් වර්ගය නිෂ්පාදනය කළ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ධනංජය වීරසූරිය ප්‍රකාශ කළේ මෙම නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

    එම ඉල්ලීමට අනුව මෙම නිෂ්පාදනය පර්‌යේෂණාත්මක මට්ටමින් තිබියදී සීමිත කොටසක් අලෙවි කිරීමට හැකි අයුරින් අනුමැතිය ලබා දී ඇති බවත් මේ වනවිට එම පර්යේෂණයේ විද්‍යාගාර සහ සායනික පර්‌යේෂණ අවසන් කර තෙවන අදියරයේ මහජන පර්‌යේෂණ මට්ටමෙන් කටයුතු සිදුකරමින් සිටින බවත් කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.

    කංසා මිශ්‍ර චොක්ලට් දහසක් නිෂ්පාදනය කර ඇති අතර එම චොක්ලට් දහසම මේවන විට අලෙවි වී ඇති බවද ඔහු පැවසීය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Hm hm hm hari hari hari
    emma-watson-blow-kiss.gif
     
    • Haha
    Reactions: Voldemort Bro