වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes) - Your Choice Way

    🤔මොකක්ද මේ කාන්තාරයක් කියන්නේ?​

    🔺නිසරු,ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන,ශාක හා සතුන්ගේ පැවැත්මට හිතකර නොවන භූමි ප්‍රදේශයක් කාන්තාරයක් කියලා හදුන්වන්න පුළුවන්.
    🔺ඒත් මේ රළු පරිසරයට හැඩගැසුණු ගහකොළත්,සතුනුත් මෙහි දකින්න පුළුවන්.ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ කාන්තාර තිබෙනවා.
    🔺සාමාන්‍ය ජනයාට වාසය කළ නොහැකි තරමට ශුෂ්ක පරිසර තත්ත්ව පවතින නිසා මේවා ලෝකයේ ජනශුන්‍ය කලාප ලෙස ද හැදින්වෙනවා.
    🔺කාන්තාර බෙහොමයක් පිහිටා තිබෙන්නේ කදු ආශ්‍රිතවයි.
    🔺කදු මුවාව නිසා කාන්තාර වලට වැසි නොලැබෙන්නේ යැයි විද්‍යඥයෝ විශ්වාස කරනවා.
    🔺ගෝලීය උෂ්ණත්වය නිසා ලොක්යේ කාන්තාරවල මායිම් පුළුල් වෙලා තියෙනවා.

    🤔කාන්තාරයේ වැඩෙන ගහකොළ මොනව කියලද හිතන්නේ?​

    🌵කාන්තාර ප්‍රදේශවල අඩු ශාක ගහනයක් දක්නට ලැබෙනවා.
    🌵රළු වියළි පරිසරයට ඔරොත්තු දීමට හැකිවන පරිදි ඒවා හැඩගැසී පවතිනවා.
    🌵පරිසරයේ තිබෙන ඉතා අඩු ජල ප්‍රමාණය යටතේ වර්ධනය වීමට හොදින් අනුවර්තනය වී ඇත.
    🌵පත්‍ර නොපිහිටීම හෝ පත්‍ර ඉතා අඩු ගණනක් පිහිටීම, පත්‍ර කටු බවට විකිරණය වීම, පත්‍ර මත ඝන උච්චර්මයක් පිහිටීම එවන් අනුවර්තන කිහිපයක්.

    🤔මේ ප්‍රදේශවල වැඩෙන පැළෑටි එකවර ඇතිවී මල් එකවර හටගෙන කෙටි කලකින් විනාශ වී යනවා.​

    🍂පතොක් ආදී ශාකවල මුල් ගැඹුරට විහිදී නොගියත් පොළොව මතුපිට ආසන්නයේ පුළුල් කලාපයක පැතිරෙනවා.
    🍁එවිට වැස්ස වැටුණු වහා මුල්වලට ජලය උරා ගන්නවා.
    🍂පතොක්වලට ජලය ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
    කටු බහුල නිසා ඒවා සතුන්ට ආහාරයට ගත නොහැකියි.ඒ නිසා පතොක් ආරක්ෂා වෙනවා.

    🤔කාන්තාරයේ ජීවත් වෙන සතුන් මොනවගේ ඇත්ද?​

    🐜කාන්තාරවල කෘමි විශේෂ,සර්පයන්, කටුස්සන් සුලබව හමුවෙනවා.ඒ හැරුණු විට කුහුඹුවන්, කෘන්තකයින්,පක්ෂීන්, ඉබ්බන් ආදී සතුන්ද කාන්තාරවල වාසය කරනවා.
    🐜එම සතුන් ශරීර ප්‍රමාණයෙන් කුඩායි.
    සතුන්ගේ සිරුර ජලය රදවා ගැනීමට හැඩගැසී තිබෙනවා.
    🐜කාන්තාරවාසී බොහෝ සතුන්ගේ ඝන කොරපොතු,ඝන උච්චර්මයක්, දිලිසෙන සුලු උච්චර්මයක් දකින්න පුළුවන්.මේ නිසා සම හරහා ජලය වාෂ්ප වීම වැළැක්වෙනවා.

    🤔ක්ෂේම භූමිය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද?​

    🍒කාන්තාරයක ජලය තියෙන,ගහකොළවලින් සමන්විත ස්ථානය ක්ෂේම භූමියක්.
    දින ගණන් තවලමේ යන්නන් නැවතී විවේක ගන්නේත්,ආහාර පාන ලබා ගන්නේත් මෙතැනදීය.
    🍒සාමාන්‍යයෙන් කාන්තාරයක ක්ෂේම භුමියක් වටා නගරයක් හෝ ජනාවාසයක් පවතිනවා.ක්ෂේම භූමියේදී ජල උල්පත් මතුපිටට පැමිණෙනවා.

    🤔කාන්තාර වල වාසය කරන මිනිසුන් කවුද?​

    🚶උෂ්ණ කාන්තාරවල දහවල් අධික උණුසුමක් හා රාත්‍රියට අධික සීතලක් පැවතියද සංචාරක දිවියක් ගෙවන ගෝත්‍රික කණ්ඩායම් කාන්තාරවල වාසය කරනවා.
    🚶ඒවායේ පවතින රළු දේශගුණික තත්ත්ව (වැලි කුණාටු,අධික උෂ්ණත්වය හෝ සිසිල) නිසා ගෝත්‍රිකයන්ට එකතැන ජීවත්විය නොහැකියි.
    🚶මැදපෙරදිග වාසී බෙඩුයින්වරු, චිලීහි අටකාමා කාන්තාර වැසි අටකාමානෝවරු,ඇමරිකාවේ මොජාවේ කාන්තාර වැසි මොජාවේවරු, කැලිෆෝනියා කාන්තාරවාසී කැහුයිලාවරු හා ඕස්ට්‍රේලියාවේ කාන්තාරවාසී ඇබොජින්වරු කාන්තාර වැසි ගෝත්‍රිකයන් වෙනවා.

    🤔ලොව ප්‍රකට කාන්තාර​

    🔹-අටකාමා කාන්තාරය
    🔹 -තාර් කාන්තාරය
    🔹-සහරා කාන්තාරය
    🔹-ඇරිසෝනා කාන්තාරය
    🔹-ග්‍රේට් වික්ටෝරියා කාන්තාරය

    🤔ඔයාලා දන්නවද කාන්තාරීකරණය පිටු දැකීමේ දිනය කවදද කියලා?​

    🔺ඒ තමයි ජුනි 17 වනදා.

    🤔ඔයාලා දන්නවද අපිට කාන්තාරීකරණය වළක්වන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා?​

    🌳රුක් රෝපණය කිරීම හා ඒ ශාක නිසි පරිදි නඩත්තු කොට පවත්වා ගෙන යාම.
    🌳නිසි පරිදි පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම
    🌳ආවරණ වගා යෙදීම
    🌳අනවශ්‍ය ලෙස භූමිය එළි පෙහෙළි කිරීමෙන් වැළකීම.
    🌳ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පුනරුත්ථාපනය කිරීම.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya

    Ape ratath okata ikmaninma danda wei