Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැස්සට සීතල මකන්න.... එන්න ....අපිත් එක්ක....>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්සට සීතල මකන්න.... එන්න ....අපිත් එක්ක....>

ඔන්න මම එළකිරි එකේ දාන පලවෙනි Thread එක

lastRow එකෙන් තමා උපුටා ගත්තේ

ඔයාලත් එක්ක මේක බෙදා ගන්න හිතුනා ..

වැස්සෙන් බේරෙන්නත් එක්ක බෑග් එක ඔලුවට තියාගෙන දුවල ඇවිල්ලා බස් එකට නැග ගත්තා. කවදත් බස් එකේ හොයන්නේ අන්තිම පේලියේ, දොරට එහා පැත්තේ සීට් එකනේ.. යන්තම් හිස්. බෑග් එක උඩින් දාලා. වාඩිවෙලා පොඩි කොටු ලේන්සුව අරන් තෙමුණ මූණ පිහදාන ගමන් ජනේලෙන් පිටත වැස්ස දිහා බැලුවා..

“ දෙනවා නේද මහත්තයා ඇට්ටි හැලෙන්න “ ඉස්සරහා සීට් එකේ මඟියා මා දෙස බලා පවසන්නේ වැස්ස ගැනය. මේ දවස්වල හවසට කොළඹ මොරසූරන වැස්සක් තිබේ.

“ හ්ම් “ වැඩිය භජනයට යාමට මා අකමැත්තක් දැක්වුයේ එලෙසය. මඟියාද එය වටහා ගත්තාක් මෙන් ඉදිරිපස හැරී වීදුරුවෙන් එපිට වැහිකැට වැටෙන සැටි දෙස නෙත් යොමා සිටී.

ලේන්සුව තෙත් වී ගොස්ය. දකුණු අත ඔළුවට ගෙන ඇඟිලිවලින් කොන්ඩය දෙපසට ගැසීමී.. ඉස්සරහා හිඳි මගියාටද වතුර පාර වැදුනු සෙයකි. පෙර මිතුරු වෙන්නට හැරුනු ඇස මෙවර හැරුනේ රවාගෙනය..

“සොරි“ කියා මම ද වීදුරුවෙන් එපිටට නෙත් යොමු කලෙමි.

දැන් සූරියවැව, බස් ගහන්නේ මෙහා පැත්තේ කොනේ මැදට වෙන්නටය. වැස්සට හසුවී හව් හරණක් නැතිව කඩ මණ්ඩිවල අගුපිලට වී…. නෙක මිනිසුන් වර්ෂාව තුරල්වන තුරු අසතුටු සිතින් බලා හිඳිති. මිනිසුන් කවදත් එසේමය.. වැස්ස නොමැතිව මාස ගණනක් යද්දී ඉහිලුම් නොදෙන තරමට කොළඹ උණුසුම් වෙයි.. එවිට පෑවිල්ලට බනින මිනිසුන්, මාස ගනනාවකට පසු මේ ඇදවැටෙන වර්ෂාව දෙස බලන්නේ ද අපුල සිතිනි…

මනෝලෝකයෙන් මිදුනේ අතේ තිබුනු ලේන්සුව ගිලිහීම සංවේදනය වූ නිසාය. ලේන්සුව අහුලා ඒ දෙස බැලුවෙමි. කොටු කොටු පුංචි ලේන්සුව. කඩේ වැඩිම උනොත් රුපියල් 20ක් වෙයි.. ඒත් මට මේ ලේන්සුවේ වටිනාකම ඊට වඩා සෑහෙන්න ඉහළය. මේ නඳුනි මට කොළඹ රස්සාවට එද්දී ලබා දුන් සිහිවටනයයි. “නඳුනි“ මතක් වීම .. ලොකු හුස්මක් ඉහළට සුසුමක් පිටකිරීමේ උත්තේජයක් වීය. සිත තුල නඳුනි ගැන පෙර මතකයන් ගලා එන්නේ එකපෙලටය.. ඉන් බොහෝමයකට මම ආසා කරමි. නමුත් වැඩිමනක් සිතට කා වැදී ඇත්තේ අල්පයක් වූ අමිහිරි මතකයන්ය.

““ නොදැක ඉන්න බෑ.. මට නම් මගේ ආදරේ….“ නඳුනි පිලිබඳ දැහැන බිඳුනේ .. ජංගම දුරකථනයේ ස්පීකරයෙන් නැගෙන ඇමතුම් නාදයේ සංගීතයෙනි.. තිරය දෙස බැලීමි. ඒ … අක්කාය.

“ හෙලෝ, කියන්න අක්කේ.. මම දැන් කොටුවෙන් බස් එකේ නැඟලා ඉන්නේ “

“ ම‘ අල්..ලිට අද ෂෝට් ලීව් දාන්න පුලුවන් උනාද ? , හා හා එහෙනම් පරිස්සමෙන් එන්න “

“ ඇයි හදිසියේ එන්න කිව්වේ.. මොකක් හරි අවුලක්ද ? “

“ හරියට ඇහෙන්නේ නෑ මල්ලි… පරිස්මෙන් එන්නකෝ.. එහෙම දෙයක් නෑ “

“බුදුසරණයි “

“බුදුසරණයි “

ගෙවල් ගාවට සිග්නල් නැත. ඇමතුම ගැනීමට අක්කා ගෙට ඉහල ගල්පොත්තටවත් නඟින්ට ඇත. දුරකතනය සාක්කුවේ දමාගත් මා.. බසය දෙස බැලීමි. කොන්දොස්තරවරයා ඉදිරියේ මුදල් එකතු කරමින් පැමිණේ.. බසයද ආසන ගණනට මගීන්ගෙන් පිරී ඇත. රියදුරු තෙමේ බසය පණගන්වා රේස් කරමින් ඉදිරියටත් පසුපසටත් මඳ වශයෙන් චලනය කරන්නේ.. දැන් යන්නයි හදන්නේ ඉඟිය දීමට විය හැක.

කොන්දොස්තරවරයාට මුදල් ගෙවූ මම හිමින් හිමින් බස් නැවතුම්පලෙන් ඉදිරියට ඇදෙන බසයේ සිට, මා සිටින තැන කව්ළුවෙන් එපිට පෙනෙන මැණිං මාර්කැට්ටුව දෙස ඔහේ බලා සිටිමි.. සිතට හිස් බවක් දැනේ.. මන් ආසම නැත්තේ ඒ හිස් හැඟීමටය. අලුත් හැඟිම් සිතට ආරෝපනය කරන්නට නඳුනි ගැන පෙර මිහිරි මතකයන් එකින් එක දිග හරින්නට ඉටාගතිමි. ඔළුව පැත්තට බරකොට කව්ළුවේ අගට හා ආසනයේ කොනට තබා නිදියන ඉරියව්වකට පැමිණියේ ඒ නිසාවෙනි.

නඳුනි යනු මගේ අම්මාගේ අයියාගේ එනම් මගේ ලොකු මාමාගේ දුවය.. නෑකමට නෑනා වෙයි. නිවෙස් තිබුනේ සමීපයේ බැවින්ද, එකම පාසලට යාමද, අප නෑදෑයන් වීමද, සමවයසේ වූ අප දෙදෙනා කුඩාකල සිට එකට හැදී වැඩෙන්නට හේතුවීය. ඇත්තටම නඳුනි මට වඩා මාස 2කින් වැඩිමල්ය. අපේ මිතුදම කොතෙක්ද යත් කුඩා කල සිටම නිවැසියන් අප හැඳින්වූයේ ඉඳිකට්ටයි නූලයි කියාය. කරන ඕන සෙල්ලමක් එකටය. ගෙදරින් මුල් වරට පාසල් යනකොට ලොකු නැන්දා මා කැඳවා කීවේ.. අක්කවත් බලාගන්න ඕනේ කියාය. නමුත් වූයේ අනෙකය. අක්කා මාව බලා ගත්තාය. නඳුනි කුඩා කල සිටම සබකෝලය අඩු එඩිතර කට හැකර එකියක් වූවාය. මම ඒකේ අනිත් පැත්තය.. සැමවිටම ඇය මා වෙනුවෙන් පෙනී සිටියාය. අප දෙදෙනා ගැන මුල්ම අනාගත අනාවැකිය කීවේ 8ශ්‍රේණියේ දී නන්දනයා විසිනි.

“බලපන් උඹට කවදහරි නඳුනිව කසාද බැඳ ගන්න වෙනවා “

ඒ වනතෙක් නොසිතූ අයුරකින් මා නඳුනිව දකින්න ගන්නේ එතැන් පටන්ය.. පාසල තුල කොලු කෙල්ලක මෙන් හැසිරෙන දඟකාර කෙල්ලගේ නාරි හැඩයන් මගේ නෙතට මානවන්නේ එතැන් පටන්ය. ඇයද නවයොවුන් විය සමඟ මා සමඟ තවත් මිතුරු වීය. ඇය වැඩිවියට පැමිණෙන්නේ අප 9ශ්රේණියේදීයි.. සතියක් දෑකැත්තක් සමඟ කාමරයක සිරවී සිටි ඇය බැලීමට ජනේලෙන් පැන හසුවී ගුටි කෑ සැටි මතක් වේ.. අම්මලා උත්සවයටද මාව යැව්වේ නැත. එතැන් පටන් නිවෙස්වලින් අප දෙදෙනාගේ සමීප ඇසුරට පල නොකියා පලා බෙදමින් තහංචි වැටෙන්නට විය. මා සමඟ පාසල වෙත ගිය ඇය.. ඉන් පසුව යෙහෙළියන් පිරිසක් සමඟ මුකුළු කරමින් .. පොත් තුරුළු කොටගෙන පාසැල වෙත ගියාය. මා ආශාකල දඟකාර ..කොලු කෙල්ල වෙනුවට ලජ්ජා බය ඇති කෙල්ලක ඇති වී තිබුනි. එතෙක් කොළුකෙලි ගතිය නිසා හා මා සමඟ තිබූ දැඩි බැඳීම හේතුකොට ඇය දෙස නොබැලූ අයියලාගේ නෙත් ඈ පසු පසින්ම වැටී තිබුනි. එතෙක් කට පුරා මල්ලී යැයි අමතන විට අවුලක් නොවූ මගේ සිතට එය මහා බරක් මෙන් දැනෙන්නට විය. නමින් ඈ අමතන්නටත්, ඇ නමින් මා අමතන්නටත් පටන් ගත්තේ ඒ හේතුවෙනි. මා නොදැනුවත්වම කාලවර්ණ හුරු තලෙළු වූ මගේ හිත … සුදු පැහැයට හුරු තලෙළු ඇයට බැඳී තිබුනි.

මා ඇයට සිතින් ප්‍රේම කරමින් උන්නෙමි. මා හැර එවකට මේ පිලිබඳ තතු දත්තෝ මා මිතුරු නන්දනයා පමණි. දිනක් නන්දනයා විවේකකාලය තුලදී හති දමමින් මා සොයා පැමින .. ඇය වෙනත් ලොකු පංතියක කොල්ලෙකුගෙන් හසුනක් ගන්නවා තමන් දුටු බව කීවේය. පෙර නොදුටුවිරූ ලෙස මසිත පෑරී ගියේය.. ඒ මා සිතින් ආලය කලවිනා පමණක් නොව ඒ වනතෙක් එකපත දෙකට බෙදා කෑ ඇය මට එය නොකී නිසාය. විපරම් කර බැලුවෙමි.. කොල්ලා මට වඩා දහගුණයකින් ලස්සනය. කිසිත් නොකර පරාජය භාර ගතිමි. සාමාන්‍යය පෙළ ආවේය. මම මඳක් ඉහළින් ගොස් මැදි විදුහලේ ජීව විද්‍යාවට තේරුනි. ඇය මඳක් පහළින් ගොස් හිටි පාසලේම කලා විෂයයන් තෝරා ගත්තාය. පෙර තිබූ සබඳකම මේ වනවිට ශේෂවී ගොස්ය.. විරහවෙන් වෙලී සිටි මගේ බොළඳ සිතට නන්දාමාලිනියන්ගේ කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතයේ අරුත සිත්පත්ලටම කිඳා බැස්සේය. ඒ නිසාම “කවදාවත්ම ඇය මට නොලැබෙන හන්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩ හන්දා“ කියා මා ඇය මඟ හැරියෙමි. ඇයද පස්සෙන් නාවාය.

ආයෙමත් නඳුනි.. හා බැඳීම් ඇති වන්නේ ඊට වසර 3කට පමණ පසුය. ඒ මා දෙවන වර උසස්පෙළට පෙනී සිටීමේදීය. එකවරින් සමුගත් ඈ.. මාගේ දෙවන වරට උදව් කලාය.. නමුත් කොපමණ හැකියාව, ඕනෑකම තිබුනත් මාගේ කුහකකම විසින් ඇය ළංකර ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඒ වන විටත් ඇය කොල්ලන් දෙතුන් දෙනෙකු සමඟ හාද වී සිට සම්බන්ධකම් නැතිව සිටි එකියකි. දිනක් ඈම පැනය නැඟුවාය.

“ මං ඔයාගේ පරණ ඩයරි වගයක් කියෙව්වා.. ඉස්කෝලේ යනකාලේ එහෙන් මෙහෙන් ලියපුවා… ඇත්තටම ඔයා මට ආදරේ කලාද? “ ඇය මගේ අතේ එතී තොදොල් වෙමින් ඇසුව හැටි මතකය…

“ හතර වටේ ගිහින් එනවා මෙතන මගේ කොල්ලවත් දැලේ දා ගන්න“ ඒ අම්මාගේ සිතිවිලිය.. වැඩි කලක් නොගොස්ම ගෙවල් දෙකහි ගිනි ඇවිලුනි. පසුව කපුවෙකු ලවා කතා කරනු ලදුව නඳුනි විවාහා වූවාය.. වෘත්තියෙන් ග්‍රාමසේවකයෙකු වූ සුරා සොඬෙකු ඇගේ අත ගත්තේ එලෙසය. කල්යත්ම බේබද්දා .. තව පවුලක් රකින්නෙකු බව හෙළිවිය. මේ සිදුවීම් අවසාන වූයේ මහාසංග්රාමයකිනි.“මොනා උනත් අපේ එකා“ හැඟීමෙන් අපේ ගෙදරද නඳුනි වෙනුවෙන් පෙනීසිටියේය. දෙවන වරත් එහෙන් මෙහෙන් විභාගය ගොඩ දැමූ මම රස්සාවකට කොළඹ ආවේ ඔය අතරතුරය. ඒ එන දවසේ කාටත් හොරෙන් ඈ මේ ලේන්සුව මගේ අකෙහි මිට මෙලවූවාය. කොතෙකුත් ගැහැණු කොළඹ ගෙන්දගම් පොළවේ හමුවන්නට ඇත. නමුදු මා සෙවූ නඳුනි එහි මට හමු නොවූයේය.

“ මේ පාර ගිහාම අහනවා… කැමති නම් අම්මලටත් කියලා … බඳිනවා.. අම්මල අකමැති උනොත් එනකොට හොරෙන් එක්කන් එනවා.. “ මම මටම සිහින්ව කෙඳිරීමි.

නඳුනි ගැන මතකය මා බොහෝ දුර බස්රථයෙන් රැගෙනවිත්ය.

දෙවැට ළඟින් බැස ගතිමි. වේලාව රාත්‍රී 7.30 පසුවී ඇති බව ජංගම දුරකථන තිරය පෙන්වයි. විදුලිය නොමැති අපේ කුඩාගම කවදත් මේ වෙලාවට කළුවරය. මෙතැන් පටන් දෙවැට දිගේ පොල් රුප්පාව මැදින් ගොස් .. මහ වෙලට වැටී නියර දිගේ ගමන්කර මහතුන් ආතාගේ පැළ ළඟින් එගොඩ වී රබර් කුට්ටිය හරහා කන්ද නැඟ ගුරුපාරට පිවිසිය හැක.. මේ පාසල් සමයේ අපගේ ගෙදර යන කෙටි මාවතයි.. මුල සිටම ගුරු පාරෙන් යනවා නම් හෙන වටයකි. ගමන්මළු බිම තබා දෙපසට ඔළුව වැනු මම කළුවරේම කෙටි පාර තෝරා ගතිමි. කළුවර මැකීමට යත් දරන අර්ධ චන්දද්රා ලෝකයට .. ඇස හුරු වීමට පෙරම දුරකතනයේ ඇති කුඩා පන්දම දැල්වූ මම එය ඉදිරියට එල්ල කරමින් දෙවැටට පිවිසියෙමි. සවස බසයේදී දැනුනු හිස් හැඟීම නැවතත් සිත වෙලා ගත්තේ මහා මූසල කමක්ද ඊට ආරෝපණය කර ගෙනයැයි සිතේ.

- මතු සම්බන්ධයි -

* සැ.යු – මෙය කොටස් දෙකකින් සමන්විතය.

( original post : lastRow )

[QUOTE="ලපටි කෙල්ල, post: 13750079, member: 435162"] [b]වැස්සට සීතල මකන්න.... එන්න ....අපිත් එක්ක....>[/b] [CENTER][COLOR="DarkRed"][B][SIZE="4"]ඔන්න මම එළකිරි එකේ දාන පලවෙනි Thread එක lastRow එකෙන් තමා උපුටා ගත්තේ ඔයාලත් එක්ක මේක බෙදා ගන්න හිතුනා .. [IMG]http://1.bp.blogspot.com/-XfO98bes3JA/Tb5_S5XDycI/AAAAAAAAAAQ/pi9-7emRLFE/s1600/cute-indian-girl.jpeg[/IMG] වැස්සෙන් බේරෙන්නත් එක්ක බෑග් එක ඔලුවට තියාගෙන දුවල ඇවිල්ලා බස් එකට නැග ගත්තා. කවදත් බස් එකේ හොයන්නේ අන්තිම පේලියේ, දොරට එහා පැත්තේ සීට් එකනේ.. යන්තම් හිස්. බෑග් එක උඩින් දාලා. වාඩිවෙලා පොඩි කොටු ලේන්සුව අරන් තෙමුණ මූණ පිහදාන ගමන් ජනේලෙන් පිටත වැස්ස දිහා බැලුවා.. “ දෙනවා නේද මහත්තයා ඇට්ටි හැලෙන්න “ ඉස්සරහා සීට් එකේ මඟියා මා දෙස බලා පවසන්නේ වැස්ස ගැනය. මේ දවස්වල හවසට කොළඹ මොරසූරන වැස්සක් තිබේ. “ හ්ම් “ වැඩිය භජනයට යාමට මා අකමැත්තක් දැක්වුයේ එලෙසය. මඟියාද එය වටහා ගත්තාක් මෙන් ඉදිරිපස හැරී වීදුරුවෙන් එපිට වැහිකැට වැටෙන සැටි දෙස නෙත් යොමා සිටී. ලේන්සුව තෙත් වී ගොස්ය. දකුණු අත ඔළුවට ගෙන ඇඟිලිවලින් කොන්ඩය දෙපසට ගැසීමී.. ඉස්සරහා හිඳි මගියාටද වතුර පාර වැදුනු සෙයකි. පෙර මිතුරු වෙන්නට හැරුනු ඇස මෙවර හැරුනේ රවාගෙනය.. “සොරි“ කියා මම ද වීදුරුවෙන් එපිටට නෙත් යොමු කලෙමි. දැන් සූරියවැව, බස් ගහන්නේ මෙහා පැත්තේ කොනේ මැදට වෙන්නටය. වැස්සට හසුවී හව් හරණක් නැතිව කඩ මණ්ඩිවල අගුපිලට වී…. නෙක මිනිසුන් වර්ෂාව තුරල්වන තුරු අසතුටු සිතින් බලා හිඳිති. මිනිසුන් කවදත් එසේමය.. වැස්ස නොමැතිව මාස ගණනක් යද්දී ඉහිලුම් නොදෙන තරමට කොළඹ උණුසුම් වෙයි.. එවිට පෑවිල්ලට බනින මිනිසුන්, මාස ගනනාවකට පසු මේ ඇදවැටෙන වර්ෂාව දෙස බලන්නේ ද අපුල සිතිනි… මනෝලෝකයෙන් මිදුනේ අතේ තිබුනු ලේන්සුව ගිලිහීම සංවේදනය වූ නිසාය. ලේන්සුව අහුලා ඒ දෙස බැලුවෙමි. කොටු කොටු පුංචි ලේන්සුව. කඩේ වැඩිම උනොත් රුපියල් 20ක් වෙයි.. ඒත් මට මේ ලේන්සුවේ වටිනාකම ඊට වඩා සෑහෙන්න ඉහළය. මේ නඳුනි මට කොළඹ රස්සාවට එද්දී ලබා දුන් සිහිවටනයයි. “නඳුනි“ මතක් වීම .. ලොකු හුස්මක් ඉහළට සුසුමක් පිටකිරීමේ උත්තේජයක් වීය. සිත තුල නඳුනි ගැන පෙර මතකයන් ගලා එන්නේ එකපෙලටය.. ඉන් බොහෝමයකට මම ආසා කරමි. නමුත් වැඩිමනක් සිතට කා වැදී ඇත්තේ අල්පයක් වූ අමිහිරි මතකයන්ය. ““ නොදැක ඉන්න බෑ.. මට නම් මගේ ආදරේ….“ නඳුනි පිලිබඳ දැහැන බිඳුනේ .. ජංගම දුරකථනයේ ස්පීකරයෙන් නැගෙන ඇමතුම් නාදයේ සංගීතයෙනි.. තිරය දෙස බැලීමි. ඒ … අක්කාය. “ හෙලෝ, කියන්න අක්කේ.. මම දැන් කොටුවෙන් බස් එකේ නැඟලා ඉන්නේ “ “ ම‘ අල්..ලිට අද ෂෝට් ලීව් දාන්න පුලුවන් උනාද ? , හා හා එහෙනම් පරිස්සමෙන් එන්න “ “ ඇයි හදිසියේ එන්න කිව්වේ.. මොකක් හරි අවුලක්ද ? “ “ හරියට ඇහෙන්නේ නෑ මල්ලි… පරිස්මෙන් එන්නකෝ.. එහෙම දෙයක් නෑ “ “බුදුසරණයි “ “බුදුසරණයි “ ගෙවල් ගාවට සිග්නල් නැත. ඇමතුම ගැනීමට අක්කා ගෙට ඉහල ගල්පොත්තටවත් නඟින්ට ඇත. දුරකතනය සාක්කුවේ දමාගත් මා.. බසය දෙස බැලීමි. කොන්දොස්තරවරයා ඉදිරියේ මුදල් එකතු කරමින් පැමිණේ.. බසයද ආසන ගණනට මගීන්ගෙන් පිරී ඇත. රියදුරු තෙමේ බසය පණගන්වා රේස් කරමින් ඉදිරියටත් පසුපසටත් මඳ වශයෙන් චලනය කරන්නේ.. දැන් යන්නයි හදන්නේ ඉඟිය දීමට විය හැක. [IMG]http://eaxan.mobile9.com/download/media/210/indiangirl_fys1orio.jpg[/IMG] කොන්දොස්තරවරයාට මුදල් ගෙවූ මම හිමින් හිමින් බස් නැවතුම්පලෙන් ඉදිරියට ඇදෙන බසයේ සිට, මා සිටින තැන කව්ළුවෙන් එපිට පෙනෙන මැණිං මාර්කැට්ටුව දෙස ඔහේ බලා සිටිමි.. සිතට හිස් බවක් දැනේ.. මන් ආසම නැත්තේ ඒ හිස් හැඟීමටය. අලුත් හැඟිම් සිතට ආරෝපනය කරන්නට නඳුනි ගැන පෙර මිහිරි මතකයන් එකින් එක දිග හරින්නට ඉටාගතිමි. ඔළුව පැත්තට බරකොට කව්ළුවේ අගට හා ආසනයේ කොනට තබා නිදියන ඉරියව්වකට පැමිණියේ ඒ නිසාවෙනි. නඳුනි යනු මගේ අම්මාගේ අයියාගේ එනම් මගේ ලොකු මාමාගේ දුවය.. නෑකමට නෑනා වෙයි. නිවෙස් තිබුනේ සමීපයේ බැවින්ද, එකම පාසලට යාමද, අප නෑදෑයන් වීමද, සමවයසේ වූ අප දෙදෙනා කුඩාකල සිට එකට හැදී වැඩෙන්නට හේතුවීය. ඇත්තටම නඳුනි මට වඩා මාස 2කින් වැඩිමල්ය. අපේ මිතුදම කොතෙක්ද යත් කුඩා කල සිටම නිවැසියන් අප හැඳින්වූයේ ඉඳිකට්ටයි නූලයි කියාය. කරන ඕන සෙල්ලමක් එකටය. ගෙදරින් මුල් වරට පාසල් යනකොට ලොකු නැන්දා මා කැඳවා කීවේ.. අක්කවත් බලාගන්න ඕනේ කියාය. නමුත් වූයේ අනෙකය. අක්කා මාව බලා ගත්තාය. නඳුනි කුඩා කල සිටම සබකෝලය අඩු එඩිතර කට හැකර එකියක් වූවාය. මම ඒකේ අනිත් පැත්තය.. සැමවිටම ඇය මා වෙනුවෙන් පෙනී සිටියාය. අප දෙදෙනා ගැන මුල්ම අනාගත අනාවැකිය කීවේ 8ශ්‍රේණියේ දී නන්දනයා විසිනි. “බලපන් උඹට කවදහරි නඳුනිව කසාද බැඳ ගන්න වෙනවා “ [IMG]http://f1.pepst.com/c/C99095/52313/ssc3/home/003/indian.desigirl/albums/indian_girl.jpg_480_480_0_64000_0_1_0.jpg[/IMG] ඒ වනතෙක් නොසිතූ අයුරකින් මා නඳුනිව දකින්න ගන්නේ එතැන් පටන්ය.. පාසල තුල කොලු කෙල්ලක මෙන් හැසිරෙන දඟකාර කෙල්ලගේ නාරි හැඩයන් මගේ නෙතට මානවන්නේ එතැන් පටන්ය. ඇයද නවයොවුන් විය සමඟ මා සමඟ තවත් මිතුරු වීය. ඇය වැඩිවියට පැමිණෙන්නේ අප 9ශ්රේණියේදීයි.. සතියක් දෑකැත්තක් සමඟ කාමරයක සිරවී සිටි ඇය බැලීමට ජනේලෙන් පැන හසුවී ගුටි කෑ සැටි මතක් වේ.. අම්මලා උත්සවයටද මාව යැව්වේ නැත. එතැන් පටන් නිවෙස්වලින් අප දෙදෙනාගේ සමීප ඇසුරට පල නොකියා පලා බෙදමින් තහංචි වැටෙන්නට විය. මා සමඟ පාසල වෙත ගිය ඇය.. ඉන් පසුව යෙහෙළියන් පිරිසක් සමඟ මුකුළු කරමින් .. පොත් තුරුළු කොටගෙන පාසැල වෙත ගියාය. මා ආශාකල දඟකාර ..කොලු කෙල්ල වෙනුවට ලජ්ජා බය ඇති කෙල්ලක ඇති වී තිබුනි. එතෙක් කොළුකෙලි ගතිය නිසා හා මා සමඟ තිබූ දැඩි බැඳීම හේතුකොට ඇය දෙස නොබැලූ අයියලාගේ නෙත් ඈ පසු පසින්ම වැටී තිබුනි. එතෙක් කට පුරා මල්ලී යැයි අමතන විට අවුලක් නොවූ මගේ සිතට එය මහා බරක් මෙන් දැනෙන්නට විය. නමින් ඈ අමතන්නටත්, ඇ නමින් මා අමතන්නටත් පටන් ගත්තේ ඒ හේතුවෙනි. මා නොදැනුවත්වම කාලවර්ණ හුරු තලෙළු වූ මගේ හිත … සුදු පැහැයට හුරු තලෙළු ඇයට බැඳී තිබුනි. මා ඇයට සිතින් ප්‍රේම කරමින් උන්නෙමි. මා හැර එවකට මේ පිලිබඳ තතු දත්තෝ මා මිතුරු නන්දනයා පමණි. දිනක් නන්දනයා විවේකකාලය තුලදී හති දමමින් මා සොයා පැමින .. ඇය වෙනත් ලොකු පංතියක කොල්ලෙකුගෙන් හසුනක් ගන්නවා තමන් දුටු බව කීවේය. පෙර නොදුටුවිරූ ලෙස මසිත පෑරී ගියේය.. ඒ මා සිතින් ආලය කලවිනා පමණක් නොව ඒ වනතෙක් එකපත දෙකට බෙදා කෑ ඇය මට එය නොකී නිසාය. විපරම් කර බැලුවෙමි.. කොල්ලා මට වඩා දහගුණයකින් ලස්සනය. කිසිත් නොකර පරාජය භාර ගතිමි. සාමාන්‍යය පෙළ ආවේය. මම මඳක් ඉහළින් ගොස් මැදි විදුහලේ ජීව විද්‍යාවට තේරුනි. ඇය මඳක් පහළින් ගොස් හිටි පාසලේම කලා විෂයයන් තෝරා ගත්තාය. පෙර තිබූ සබඳකම මේ වනවිට ශේෂවී ගොස්ය.. විරහවෙන් වෙලී සිටි මගේ බොළඳ සිතට නන්දාමාලිනියන්ගේ කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතයේ අරුත සිත්පත්ලටම කිඳා බැස්සේය. ඒ නිසාම “කවදාවත්ම ඇය මට නොලැබෙන හන්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩ හන්දා“ කියා මා ඇය මඟ හැරියෙමි. ඇයද පස්සෙන් නාවාය. [IMG]http://www.photofurl.com/wp-content/uploads/2010/09/deepika-padukone-medium-hairstyle-ph.jpg[/IMG] ආයෙමත් නඳුනි.. හා බැඳීම් ඇති වන්නේ ඊට වසර 3කට පමණ පසුය. ඒ මා දෙවන වර උසස්පෙළට පෙනී සිටීමේදීය. එකවරින් සමුගත් ඈ.. මාගේ දෙවන වරට උදව් කලාය.. නමුත් කොපමණ හැකියාව, ඕනෑකම තිබුනත් මාගේ කුහකකම විසින් ඇය ළංකර ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඒ වන විටත් ඇය කොල්ලන් දෙතුන් දෙනෙකු සමඟ හාද වී සිට සම්බන්ධකම් නැතිව සිටි එකියකි. දිනක් ඈම පැනය නැඟුවාය. “ මං ඔයාගේ පරණ ඩයරි වගයක් කියෙව්වා.. ඉස්කෝලේ යනකාලේ එහෙන් මෙහෙන් ලියපුවා… ඇත්තටම ඔයා මට ආදරේ කලාද? “ ඇය මගේ අතේ එතී තොදොල් වෙමින් ඇසුව හැටි මතකය… “ හතර වටේ ගිහින් එනවා මෙතන මගේ කොල්ලවත් දැලේ දා ගන්න“ ඒ අම්මාගේ සිතිවිලිය.. වැඩි කලක් නොගොස්ම ගෙවල් දෙකහි ගිනි ඇවිලුනි. පසුව කපුවෙකු ලවා කතා කරනු ලදුව නඳුනි විවාහා වූවාය.. වෘත්තියෙන් ග්‍රාමසේවකයෙකු වූ සුරා සොඬෙකු ඇගේ අත ගත්තේ එලෙසය. කල්යත්ම බේබද්දා .. තව පවුලක් රකින්නෙකු බව හෙළිවිය. මේ සිදුවීම් අවසාන වූයේ මහාසංග්රාමයකිනි.“මොනා උනත් අපේ එකා“ හැඟීමෙන් අපේ ගෙදරද නඳුනි වෙනුවෙන් පෙනීසිටියේය. දෙවන වරත් එහෙන් මෙහෙන් විභාගය ගොඩ දැමූ මම රස්සාවකට කොළඹ ආවේ ඔය අතරතුරය. ඒ එන දවසේ කාටත් හොරෙන් ඈ මේ ලේන්සුව මගේ අකෙහි මිට මෙලවූවාය. කොතෙකුත් ගැහැණු කොළඹ ගෙන්දගම් පොළවේ හමුවන්නට ඇත. නමුදු මා සෙවූ නඳුනි එහි මට හමු නොවූයේය. “ මේ පාර ගිහාම අහනවා… කැමති නම් අම්මලටත් කියලා … බඳිනවා.. අම්මල අකමැති උනොත් එනකොට හොරෙන් එක්කන් එනවා.. “ මම මටම සිහින්ව කෙඳිරීමි. [IMG]http://www.photofurl.com/wp-content/uploads/2010/09/indian-girl-genelia-d-souza-medium-hair-cut-phoots.jpg[/IMG] නඳුනි ගැන මතකය මා බොහෝ දුර බස්රථයෙන් රැගෙනවිත්ය. දෙවැට ළඟින් බැස ගතිමි. වේලාව රාත්‍රී 7.30 පසුවී ඇති බව ජංගම දුරකථන තිරය පෙන්වයි. විදුලිය නොමැති අපේ කුඩාගම කවදත් මේ වෙලාවට කළුවරය. මෙතැන් පටන් දෙවැට දිගේ පොල් රුප්පාව මැදින් ගොස් .. මහ වෙලට වැටී නියර දිගේ ගමන්කර මහතුන් ආතාගේ පැළ ළඟින් එගොඩ වී රබර් කුට්ටිය හරහා කන්ද නැඟ ගුරුපාරට පිවිසිය හැක.. මේ පාසල් සමයේ අපගේ ගෙදර යන කෙටි මාවතයි.. මුල සිටම ගුරු පාරෙන් යනවා නම් හෙන වටයකි. ගමන්මළු බිම තබා දෙපසට ඔළුව වැනු මම කළුවරේම කෙටි පාර තෝරා ගතිමි. කළුවර මැකීමට යත් දරන අර්ධ චන්දද්රා ලෝකයට .. ඇස හුරු වීමට පෙරම දුරකතනයේ ඇති කුඩා පන්දම දැල්වූ මම එය ඉදිරියට එල්ල කරමින් දෙවැටට පිවිසියෙමි. සවස බසයේදී දැනුනු හිස් හැඟීම නැවතත් සිත වෙලා ගත්තේ මහා මූසල කමක්ද ඊට ආරෝපණය කර ගෙනයැයි සිතේ. [IMG]http://www.flixya.com/files-photo/s/e/t/setubhatt210-2041907.jpg[/IMG] - මතු සම්බන්ධයි - * සැ.යු – මෙය කොටස් දෙකකින් සමන්විතය. [RIGHT][I]( original post : lastRow )[/I][/RIGHT][/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom