Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැසිකිලිය ලඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ලෙඩ්ඩු බලන්න ආපු අය යන්න"

වාට්ටුවේ කොනේ ඈතම ඇඳේ ඔහු වැතිරිලා හිටියේ දර කොටයක් වගේ. අද මේ වාට්ටුවට දාපු ඔහු, වෙනසක් නැතුව උඩ බලාගෙන හිටියා. වැසිකිලිය පැත්තෙන් ආපු සැර ගඳ ඔහුට දැනෙනේ නැති එක ගැන මට පොඩි සතුටකුත් දැනුනා.

"කෝ මේ ලෙඩාගේ භාරකාරයා ?"

"මම සර්" කොරිඩෝවේ එහා පැත්තෙ ඉඳලා දුවගෙන ආවෙ පොඩි කෙසඟ මිනිහෙක්. " මම තමයි සර් මෙයාව බලන්නෙ. බලන්න දේකුත් නෑනෙ සර් " කට කොනෙන් උපහාසයට වගේ කිව්ව වුනත් කිව්වෙ ඇත්තදෝ කියල ලෙඩා දිහා බලපු ගමන් තේරුණා. නහයෙන් බටයක් දාලා ඔහේ පැත්තකට වැටිලා උඩ බලාගෙන හිටපු ඔහු වයස 65-70ක මිනිසෙක්. ඇඟම පණ නැති ඔහුගේ ආත්මයත් පණ නැති වෙලා දැන් ටිකක් කල් කියලා මට හිතුනා, වැරදිද මන්ද ?

"කව්ද ඉදලද මෙහෙම ?"

"දන්නෙ නෑ සර්?"

"දන්නෙ නෑ කිව්වේ ?, ලෙඩාව බලාගන්නෙ ඔයා නෙවෙයිද? "

"මම තමයි සර්. මට ගෙවනවා මෙයා ලඟ ඉන්නවට"

"එතකොට මෙයා ගැන කිසි දෙයක් දන්නේ නැහැ?"

"ඉන්න සර් පොත් ටිකකුයි කොල ටිකකුයි දුන්න ඩොක්ටර්ස්ලට පෙන්නන්න"

"ගන්නකො බලන්න ඒකවත්"

නම, ගම, කලින් රෝග ඉතිහාසය ඇතුලු පොත අතට දුන්න "භාරකාරයා" තව මොන මොනවදෝ හොයනවා මට ලාවට පෙනුනා.

"නම____________, වයස 68, ලිපිනය, __________ කලම්බු 07". මේ මනුස්සයා යමක් කමක් ඇති මිනිහෙක්නේ, නිකමට වගේ ආපහු ලෙඩා දිහා බැලුනේ එහෙම පාටක් පේනවද බලන්න. සරම් උඩින් පල්ලෙන් අන්දවලා, උඩටත් නැතුව,හිස් බැල්මෙන් උඩ බලාගෙන ඉන්න ඔහුගේ ඒ ගැන වගේ වගක් වත් දැක්කේ නෑ.

"සර් මේ නම්බර එක දුන්නා. මෙයාගේ දුව. ඕන වුනොත් කෝල් කරන්න කියල "

"මෙයාගෙ දුව හෙට එනවද මෙයාව බලන්න?"

"නෑ සර්. මම තමයි ඉන්නෙ"

"නෑ ඕන නෑ. නම්බර් එක ඔයාම තියාගන්න. තමන්ගේ තාත්ත ගැන බලන්න වෙලාවක් නැති මනුස්සයෙක්ට කෝල් කරලා විස්තර අහන්න මට ඕන නෑ."

අතීතයේ එක දවසක තාප්පයෙන් වට වුන පිඬැලි අල්ලපු පොලොවේ මේ තාත්තා ඔහුගේ දියණියගේ අත් අල්ලගෙන ඇවිද්දවන්න ඇති. වැඩ දාහක් පාඩු කරගෙන ඉස්කෝලෙට, පන්ති වලට කාර් එකේ ගිහින් බස්සන්න ඇති. ලෝකයේ හැඩතල පාට කියලා දෙන්න ඇති. අන්තිම කාලයේ නොදන්නා නොහඳුනන මිනිහෙක් තමන් ලඟ තනි රකිද්දී වැසිකිලිය අසල ඇඳක ඇඟ පණ නැතුව වැටිලා, රෝහලේ ජනේලයෙන් ඉර එලිය බැහැලා යන විදිහ බලන්න පව් කරන්න ඇති.

"කොහොමද?" නලාව පපුවට තියන ගමන් මම නිකමට වගේ ඔහුගෙන් ඇහුවා.

පඬු පාට ඇස් හිස්කමින් ඔහේ ඈත බලාගෙන හිටියා විතරයි.

__________ ජැනෙයිරෝ __________

[QUOTE="Janeiro, post: 22045816, member: 561337"] [SIZE="3"]"ලෙඩ්ඩු බලන්න ආපු අය යන්න" වාට්ටුවේ කොනේ ඈතම ඇඳේ ඔහු වැතිරිලා හිටියේ දර කොටයක් වගේ. අද මේ වාට්ටුවට දාපු ඔහු, වෙනසක් නැතුව උඩ බලාගෙන හිටියා. වැසිකිලිය පැත්තෙන් ආපු සැර ගඳ ඔහුට දැනෙනේ නැති එක ගැන මට පොඩි සතුටකුත් දැනුනා. "කෝ මේ ලෙඩාගේ භාරකාරයා ?" "මම සර්" කොරිඩෝවේ එහා පැත්තෙ ඉඳලා දුවගෙන ආවෙ පොඩි කෙසඟ මිනිහෙක්. " මම තමයි සර් මෙයාව බලන්නෙ. බලන්න දේකුත් නෑනෙ සර් " කට කොනෙන් උපහාසයට වගේ කිව්ව වුනත් කිව්වෙ ඇත්තදෝ කියල ලෙඩා දිහා බලපු ගමන් තේරුණා. නහයෙන් බටයක් දාලා ඔහේ පැත්තකට වැටිලා උඩ බලාගෙන හිටපු ඔහු වයස 65-70ක මිනිසෙක්. ඇඟම පණ නැති ඔහුගේ ආත්මයත් පණ නැති වෙලා දැන් ටිකක් කල් කියලා මට හිතුනා, වැරදිද මන්ද ? "කව්ද ඉදලද මෙහෙම ?" "දන්නෙ නෑ සර්?" "දන්නෙ නෑ කිව්වේ ?, ලෙඩාව බලාගන්නෙ ඔයා නෙවෙයිද? " "මම තමයි සර්. මට ගෙවනවා මෙයා ලඟ ඉන්නවට" "එතකොට මෙයා ගැන කිසි දෙයක් දන්නේ නැහැ?" "ඉන්න සර් පොත් ටිකකුයි කොල ටිකකුයි දුන්න ඩොක්ටර්ස්ලට පෙන්නන්න" "ගන්නකො බලන්න ඒකවත්" නම, ගම, කලින් රෝග ඉතිහාසය ඇතුලු පොත අතට දුන්න "භාරකාරයා" තව මොන මොනවදෝ හොයනවා මට ලාවට පෙනුනා. "නම____________, වයස 68, ලිපිනය, __________ කලම්බු 07". මේ මනුස්සයා යමක් කමක් ඇති මිනිහෙක්නේ, නිකමට වගේ ආපහු ලෙඩා දිහා බැලුනේ එහෙම පාටක් පේනවද බලන්න. සරම් උඩින් පල්ලෙන් අන්දවලා, උඩටත් නැතුව,හිස් බැල්මෙන් උඩ බලාගෙන ඉන්න ඔහුගේ ඒ ගැන වගේ වගක් වත් දැක්කේ නෑ. "සර් මේ නම්බර එක දුන්නා. මෙයාගේ දුව. ඕන වුනොත් කෝල් කරන්න කියල " "මෙයාගෙ දුව හෙට එනවද මෙයාව බලන්න?" "නෑ සර්. මම තමයි ඉන්නෙ" "නෑ ඕන නෑ. නම්බර් එක ඔයාම තියාගන්න. තමන්ගේ තාත්ත ගැන බලන්න වෙලාවක් නැති මනුස්සයෙක්ට කෝල් කරලා විස්තර අහන්න මට ඕන නෑ." අතීතයේ එක දවසක තාප්පයෙන් වට වුන පිඬැලි අල්ලපු පොලොවේ මේ තාත්තා ඔහුගේ දියණියගේ අත් අල්ලගෙන ඇවිද්දවන්න ඇති. වැඩ දාහක් පාඩු කරගෙන ඉස්කෝලෙට, පන්ති වලට කාර් එකේ ගිහින් බස්සන්න ඇති. ලෝකයේ හැඩතල පාට කියලා දෙන්න ඇති. අන්තිම කාලයේ නොදන්නා නොහඳුනන මිනිහෙක් තමන් ලඟ තනි රකිද්දී වැසිකිලිය අසල ඇඳක ඇඟ පණ නැතුව වැටිලා, රෝහලේ ජනේලයෙන් ඉර එලිය බැහැලා යන විදිහ බලන්න පව් කරන්න ඇති. "කොහොමද?" නලාව පපුවට තියන ගමන් මම නිකමට වගේ ඔහුගෙන් ඇහුවා. පඬු පාට ඇස් හිස්කමින් ඔහේ ඈත බලාගෙන හිටියා විතරයි.[/SIZE] [CENTER][B][SIZE="3"]__________ ජැනෙයිරෝ __________[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom