වැසි දෙවි මදි නොකියා කොළඹට බෙදයි

laknews

Member
Nov 16, 2009
94
1
0
වැසි දෙවි මදි නොකියා කොළඹට බෙදයි

:shocked: වැසි දෙවි මදි නොකියා කොළඹට බෙදයි :shocked:

කොළඹ ප්‍රදේශයට ඊයේ රාත්‍රී සිට ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම්වලින්කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 3250ක් අවතැන්වී ඇතැයි ජාතිකආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.මේ අතරට ඛෙත්තාරාම ප්‍රදේශයේ පවුල් 1200ක්, ඇපල්වත්ත ප්‍රදේශයේ පවුල් 1000ක්, රෙඩ්බානාවත්ත පවුල් 350ක්, කිඹුල්ඇල ප්‍රදේශයේ පවුල් 200ක් හාබ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පවුල් 500ක් අයත් වේ.

260e7vt.jpg

මේ අතර කොළඹ ජේතවනාරාමය අසල පාර ජලයෙන් යටවී වාහන ගමනා ගමනය පැය කිහිපයක් ඇන හිට ඇත. කොළඹ හා අවට ප‍්‍රධාන හා අතුරු මාර්ග රැසක් වැසි ජලයෙන් යටවීම නිසා කොළඹ නගරයට සෑම පැත්තකින්ම එන වාහන නිසා දැඩි තදබදයක් දක්නට ලැබුණි. මේ අතර බස් හා දුම්රිය ගමන් ද අඩාල වී ඇත.

කොළඹ හා අවට ප‍්‍රධාන හා අතුරු මාර්ග රැුසක් වැසි ජලයෙන් යටවීම නිසා කොළඹ නගරයට සෑම පැත්තකින්ම එන වාහන තදබදය කිලෝමීටර ගණන් දිගට අද උදේ දක්නට ලැබිණි. බස් හා දුම්රිය ගමන් ද අඩාල විය.

කොළඹ හා අවට පවුල් 600ක් අවතැන් වී ඇතැයි කොළඹ දිසා ආපදා කළමනාකරණ ඒකකය කියයි. මාලිගාවත්ත, කාසල් වීදිය, ග‍්‍රෑන්ඞ්පාස්, දෙල්කඳ, මීතොටමුල්ල, කොලොන්නාව වැනි මාර්ග හා නිවාස කිහිපයක් යටවී තිබිණි. පානදුරේ නගරය ද පානදුරයේ රෝහල් ශල්‍යාගාරයද වැසි ජලයෙන් යටවිය.

සිවු වසරකට පසුව කොළඹට (මි.මී. 207) හා රත්මලානට (මි.මී. 210) වැස්ස තුරල් වී යන නමුත් අද සවසත් ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළාසන්න ප‍්‍රදේශයේ වායුගෝලයේ කැළැඹිල්ල නිසා අධික වැසි ලැබුණු බවත් අද අපර භාගයේදී සුළං හා අකුණු අවදානම් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

For More Info and Pictures Please Visit :- http://wp.me/pI5Gy-33
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වහින්න ගත්තහම එපා වෙනකම් වහිනවා..... :angry: පායන්න ගත්තහම එපා වෙනකම් පායනවා.....!! :angry:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වහින්න ගත්තහම එපා වෙනකම් වහිනවා..... :angry: පායන්න ගත්තහම එපා වෙනකම් පායනවා.....!! :angry:

    අපි වහිනකොටත් බනිනවා; පායනකොටත් බනිනවා. :lol:

    අද රෑත් වහියි වගේ. දැන්මම කලු කරලා; ඈතින් පොඩි ගෙරවිල්ලකුත් ඇහෙනවා.
    අදත් උල්කා බලල හමාරයි.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි වහිනකොටත් බනිනවා; පායනකොටත් බනිනවා. :lol:

    අද රෑත් වහියි වගේ. දැන්මම කලු කරලා; ඈතින් පොඩි ගෙරවිල්ලකුත් ඇහෙනවා.
    අදත් උල්කා බලල හමාරයි.:(

    Wahinawa ewasathahaki, mee gorawana eka thamai karadare....!! :angry: Net yannath na ethakota...!! :(