වික්ටර් රත්නායක මහතාගේ සින්දුවක්

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    වික්ටර් රත්නායක මහතාගේ සින්දුවක්

    මචෝ..., මේ ලගදි අහම්බෙන් වගේ ඇහුව වික්ටර් රත්නායක මහතාගේ සින්දුවක්,..කවුරු හරි එකේ යු ටියුබ් හෝ 3 ලින්ක් එකක් දන්නවද ?

    සින්දුවේ කියවෙන්නේ ගාමන්ට් යන කෙල්ලෙක් ගැන .. අතරින් පතර පද පේලි ටිකක් මතකයි..මෙන්න මේ වගේ

    # බන්දා පෙම්,කරවා පෙම්
    # සළු වියන රැජින රටේ තබවමු සිංහාසනයේ
    # නංගා දෙස නොබලන් වපැරසකින්...
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සප්ත සයුරෙන් එහා
    දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිළියෙන් පිදු
    මව් බිම ධන නිධාන බඳු
    සියල් සිරිලක පරසිදු
    සළු වියනා කුමාරී //

    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුල පවර විපුල්
    හුරු දෑතින් කොමල නිමල්
    කරමි එවර සොඳ මනකල්
    ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

    දෙන්නේ ඇය මව්භුමිය
    රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යව්වනයේ
    සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ
    ඉඳුවම් සිංහාසනයේ //

    නන්දා අනන්දා
    කරවන්නා ලංකාවෙන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්
    සප්ත සයුරෙන් එහා ...

    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්