Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්ටෝරියානු එංගලන්තයේ කාන්තා ඝාතකයා: ජැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටෝරියානු එංගලන්තයේ කාන්තා ඝාතකයා: ජැ

19 වන සියවසේ මැද භාගයේ දී එංගලන්තයේ ප්‍රධාන නගරාශ්‍රිතව තදබදයක් ඇතිවුණා. අයර්ලන්ත ජාතික සංක්‍රමණිකයන්ගෙන් එංගලන්තයේ ඊස්ට් එන්ඩ් ආදී නගරබද ප්‍රදේශ පිරී යන්නට පටන්ගත්තා. 1880-ගණන් වන විට සාර් පාලනය යටතේ තිබූ රුසියාවේ සිට එංගලන්තයට පැන ආ යුදෙව් සරණාගතයින් ද මෙම තදබදය තවත් වැඩි කළා. මෙතෙක් කල් නොතිබුණු ආකාරයේ දුප්පතුන් පිරිසක් සැලකිය යුතු අන්දමින් ලන්ඩනය අවට වර්ධනය වුණා. 1888හි අග භාගය වන විට ලන්ඩන් පොලිස් සේවය සංඛ්‍යාගත කළ අන්දමට ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ පමණක් ගණිකා නිවාස 62කුත්, ගණිකාවන් 1200ක් පමණත් සේවය කරන බවට වාර්තා වුණා.

එපමණක් ද නොවෙයි, ඉහළ ගිය ජනගහනයත්, දරිද්‍රතාවත් නිසා සොරකම්, මත්පැන් පාරිභෝජන මට්ටම, සහ ප්‍රචණ්ඩක්‍රියා සැලකිය යුතු තරමින් ඉහළ ගියා.

මිට්‍රේ චතුරස්රයෙන් මළ සිරුර සොයාගැනීම (Little Atoms)

ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ තරුණ කාන්තාවන් කපා කොටා ඝාතනය කරන මිනීමරුවෙකු තම වැඩ පටන්ගත්තේ එවැනි සමයකයි.

පළමු මිනීමැරුම

මේ සියල්ල ආරම්භ වූ බව කියන්නේ 1888 අගෝස්තු 31වන සිකුරාදා ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ බක්ස් රෝ වීථියෙන්. පළමු අවාසනාවන්ත ගොදුර බවට පත්වුයේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටි මේරි ඈන් නිකොලස් නම් 43 හැවිරිදි ගණිකාවක්. ගෙල හරහා සිදු කළ ගැඹුරු කැපුමකින් ඈ මරණයට පත්ව සිටියා. ඇගේ උදර ප්‍රදේශයේ අඟල් 8ක් පමණ දිගු, එමෙන්ම ගැඹුරු කැපුම් 4ක් පමණ ද සිදුකර මළ සිරුර විකෘති කර තිබුණා.

පොලිස් පුවත්පතේ වයිට්චැපල් මිනීමැරුම් සඳහා වන මුල් කවරය (jack-the-ripper-tour.com)

The Times වාර්තා කළ ආකාරයට මරණ පරීක්ෂණයේ දී කියැවුණු කරුණු මෙසේයි:

“මුහුණේ දකුණු පස, හණුවේ පහතට වන්නට තැල්මක් සිදුව තිබුණා. මෙය මුෂ්ටි පහරකින් සිදුවූවක් විය හැකියි. මුහුණේ වම් පසත් රවුම් හැඩැති තැලුමක් තිබුණා. එය නම් ඇඟිලි වලින් ඇති වූ පීඩනය නිසා සිදු වූවක් විය හැකියි. ගෙලෙහි වම් පැත්තේ, හනුවට අඟලක් පමණ පහතින්, වම් කණ යට සිට ආරම්භ වන අඟල් 4ක් පමණ දිගු කැපුම් තුවාලයක් තිබුණා. එම පසින්ම ඊට අඟලක් පමණ පහතින් ආරම්භ වන තවත් වක්රාකාර කැපුමක් සිදුකර තිබුණා. එය අවසන් වන්නේ දකුණු හනුවට අඟල් 3ක් පමණ පහතින්. එම කැපුම මගින් කොඳු ඇට පෙළට යන තෙක් ඇති සියළුම පටක ඡේදනය වී තිබුණා. මෙම කැපුම් නිසා මොළයට රුධිරය සපයන ශීර්ෂපෝශී ධමනි වෙන්වී තිබුණා.එම කැපුම අඟල් 8ක් පමණ දිගයි. කැපුම් සිදුකරන්නට ඇත්තේ දිගු, සාමාන්‍ය ලෙස තියුණු තලයක් ඇති පිහියකින් මහත් ශක්තියක් යොදායි. පපුවේ හෝ ඇඳුම් වල රුධිර පැල්ලම් තිබුණේ නැහැ. උදරයේ පහත ප්‍රදේශයට තුවාල කර තිබුණා. වම් පස සිට අඟල් 2ක් හෝ 3ක් ඈතින් පටක ගැඹුරු ලෙස කැපී යන ආකාරයට සිදු කළ ඉරීමක් වැනි කැපුමක් දක්නට ලැබුණා. තවත් කැපුම් 3ක් හෝ 4ක් සිරුරේ දකුණු පස දක්නට ලැබුණා. එම සියළු කැපුම් ඉහළ සිට පහළට සිදු කරන ලද ඒවායි. මේවා සිදු කරන්නට ඇත්තේ වමත හුරු තැනැත්තෙකුයි. කැපුම් සියල්ල සිදුකර ඇත්තේ එකම ආයුධයෙන්.

ඇගේ සිරුර සොයාගනු ලැබුවේ සිකුරාදා පාන්දර 03:40ට පමණයි.

තවත් මිනීමැරුම් සතරක්!

ඇනී චැප්මන් 47 හැවිරිදි කාන්තාවක්. ඈ වයිට්චැපල් ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ නියැලී සිටියා. ඊට අමතරව මල් විකිණීම සහ මැසීම ඇගේ වෘත්තීන් වුණා. 1888 සැප්තැම්බර් 8 වන සෙනසුරාදා උදයේ 06:00ට පමණ චැප්මන්ගේ මළ සිරුර සොයාගැනුණේ හැන්බරි වීථියේ නිවසක දොරක් අසල දමා ගොස් තිබියදී යි. නිකොලස්ගේ මෙන්ම ඇගේ ද ගෙල කැපුම් පහර දෙකකින් හානි කර තිබුණා. උදරයේ පහත ප්‍රදේශය ගැඹුරු කැපුමකින් ඉරා, විවෘත වන සේ හානි කර තිබුණා. කැපුම් සියල්ල සිදු කර තිබුණේ එකම පිහියකින්.

ඇනී චැප්මන්ගේ මළ සිරුර සොයාගැනීම සම්බන්ධ පුවත (ibtimes.com)

එලිසබෙත් ස්ට්‍රයිඩ් සහ කැතරීන් එඩෝව්ස් යන ගණිකාවන් දෙදෙනාගේ මළසිරුරු හමුවුණේ එකම දිනක් තුළයි. 44 හැවිරිදි ස්ට්‍රයිඩ් ගේ සිරුර 1888 සැප්තැම්බර් 30 වන දා පිටත බර්නර් වීථියෙන් සොයාගැණුනා. ගෙලෙහි වූ කැපුම් හැරුණුකොට වෙනත් කැපුම් ඇගේ සිරුරේ දක්නට නොලැබුණු නිසා, තම කාර්යය අවසන් කිරීමට පළමුව ඝාතකයාට බාධා එල්ලවන්නට ඇතැයි උපකල්පනය කෙරෙනවා. 46 හැවිරිදි එඩෝව්ස් ගේ මළ සිරුර සොයාගැණුනේ මිට්‍රේ චතුරස්රයෙන්. ඒ ස්ට්රයිඩ්ගේ සිරුර සොයාගැනීමෙන් පැයකට පමණ පසුවයි.

මිනීමරුවාගේ අවසන් ගොදුර වූයේ මේරි ජේන් කෙලී. ඇගේ සිරුර පිටත ඩෝර්සෙට් වීථියේ ඈ වාසය කළ තනි කාමරයේ තිබී සොයාගැනුනේ 1888 නොවැම්බර් 9 වන සිකුරාදා උදේ 10:45ට පමණයි. ඇගේ සිරුර කපා කොටා විකෘති කර තිබුණා.

මළ සිරුරක් සොයා ගැනීම (Daily Mail)

මෙම මිනීමැරුම් පහම සති අන්තවල රාත්‍රී කාලයේ සිදු වූ මිනීමැරුම්. පසුව සිදු වූ මිනීමැරුම් සෑම විටම ඊට පෙර ඒවාට වඩා සාහසික වුණා. ඉන්ක්වෙස්ට් විභාග වලදී අනාවරණය වූ කරුණු වලට අනුව මේ මිනීමැරුම් සිදු කරන්නට ඇත්තේ එකම තැනැත්තා බවට තීරණය කෙරුණා.

මිනීමැරුම් වල ලක්ෂණ

වයිට්චැපල් මිනීමැරුම් වල බොහොමයක් සමානකම් තිබුණා. සියළුම කාන්තාවන් එකම පිහිය යොදා එකම ආකාරයට කපා කොටා ඝාතනය කර තිබීම ඉන් ප්‍රධානම සමානකමක්. ස්ට්‍රයිඩ් හැරුණුකොට අන් සියල්ලන්ගේම සිරුරු විවිධ ආකාරයන්ට විකෘති කොට තිබුණා. නිකොලස්ගේ සිරුර කපා කොටා දමා තිබුණා පමණයි. නමුත් චැප්මන්ගේ ගර්භාෂයත්, එඩෝව්ස්ගේ ගර්භාෂය හා වකුගඩුවකුත්, කෙලීගේ හදවතත් ඝාතකයා විසින් ඉවත් කරගෙන ගොස් තිබුණා. ඔවුන් ඇතැමෙකුගේ උදර සහ ලිංග ප්‍රදේශ කපා කොටා දමා තිබූ අතර, එඩෝව්ස්ගේ සහ කෙලීගේ මුහුණු කපා විකෘති කර දමා තිබුණා.

මිනීමරුවා කවුද?

වයිට්චැපල් මිනීමරුම් වලින් එකට ඈඳිය හැක්කේ ඉහත සඳහන් 5 පමණක් වූවාට, 1888 සිට 1891 දක්වා අතර කාලයේ මිනීමැරුම් 11ක් පමණ සිදුව තිබුණා. මෙයින් සෘජුව එකට සම්බන්ධ වන මිනීමැරුම් 5 සිදු කරන්නට ඇත්තේ එකම පුද්ගලයෙකු විසින් බවට සාක්ෂි අනාවරණය තිබුණත්, ඝාතකයා හඳුනාගැනීමට පොලීසියට හැකිවුණේ නැහැ. එම නිසා මේ කාන්තාවන් කපා කොටා ඝාතනය කරන්නාට ‘ජැක් ද රිපර්’ නම් අන්වර්ත නාමය ලබාදෙනු ලැබුවා.

මිනීමරුවා අල්ලා ගැනීම සඳහා පොලීසිය විසින් ගෙයින් ගෙට යමින් පරීක්ෂණ සිදු කළා. මිනිසුන් 2000කට ආසන්න ප්‍රමාණයකගෙන් ප්‍රශ්න කරන ලද අතර, 80 දෙනෙකු පමණ සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා.

‘ජැක් ද රිපර්’ යැයි සැක කළ පුද්ගලයින් කීප දෙනෙක්. මේ අතරට ප්‍රසිද්ධ සහ ධනවත් පුද්ගලයින් කීපදෙනෙක් ද අයත් වේ (Probaway- WordPress.com)

මෙම මරණයන් සිදු කර ඇති ස්වභාවය නිසාම මස් මරන්නන්, මස්කඩ වල සේවයේ නියැලෙන්නන්, වෛද්‍යවරුන්, සහ ශල්‍ය වෛද්‍යවරුන් ස්වභාවිකවම ජනතාවගේ සැකයට භාජනය වුණා. ලන්ඩනය පුරාම වූ මස් මරන්නන් සහ මස් කඩ සේවකයින් 76ක් පමණ ප්‍රශ්න කිරීම වලට භාජනය කෙරුණා. පොලිස් පරීක්ෂණ වල අසාර්ථකත්වය පිළිබඳව අසතුටට පත් සිවිල් වැසියන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී රාත්‍රී කාලයේ මුර සංචාරයන්හි නියැලුණු නමුත් ඝාතකයා හසු වුණේ නැහැ.

1881න් පසු ‘ජැක් ද රිපර්’ගේ කටයුතු නැවතී ගියා. ඔහුගේ මරණය, වෙනත් වරදකට සිරගත කිරීම, හෝ ඝාතකයා ලන්ඩනයෙන් පිටතට සංක්‍රමණය වීම නිසා එම ඝාතන නැවතෙන්නට ඇතැයි සිතිය හැකියි

(උපුටා ගැනීමකි)

[QUOTE="ජේමිස්බන්ඩා007, post: 21495838, member: 500973"] [b]වික්ටෝරියානු එංගලන්තයේ කාන්තා ඝාතකයා: ජැ[/b] [IMG]https://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/04/17175629/thumb-1920-240110-600x338.jpg[/IMG] [SIZE="3"][COLOR="blue"] 19 වන සියවසේ මැද භාගයේ දී එංගලන්තයේ ප්‍රධාන නගරාශ්‍රිතව තදබදයක් ඇතිවුණා. අයර්ලන්ත ජාතික සංක්‍රමණිකයන්ගෙන් එංගලන්තයේ ඊස්ට් එන්ඩ් ආදී නගරබද ප්‍රදේශ පිරී යන්නට පටන්ගත්තා. 1880-ගණන් වන විට සාර් පාලනය යටතේ තිබූ රුසියාවේ සිට එංගලන්තයට පැන ආ යුදෙව් සරණාගතයින් ද මෙම තදබදය තවත් වැඩි කළා. මෙතෙක් කල් නොතිබුණු ආකාරයේ දුප්පතුන් පිරිසක් සැලකිය යුතු අන්දමින් ලන්ඩනය අවට වර්ධනය වුණා. 1888හි අග භාගය වන විට ලන්ඩන් පොලිස් සේවය සංඛ්‍යාගත කළ අන්දමට ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ පමණක් ගණිකා නිවාස 62කුත්, ගණිකාවන් 1200ක් පමණත් සේවය කරන බවට වාර්තා වුණා. එපමණක් ද නොවෙයි, ඉහළ ගිය ජනගහනයත්, දරිද්‍රතාවත් නිසා සොරකම්, මත්පැන් පාරිභෝජන මට්ටම, සහ ප්‍රචණ්ඩක්‍රියා සැලකිය යුතු තරමින් ඉහළ ගියා. [COLOR="red"] මිට්‍රේ චතුරස්රයෙන් මළ සිරුර සොයාගැනීම (Little Atoms)[/COLOR] ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ තරුණ කාන්තාවන් කපා කොටා ඝාතනය කරන මිනීමරුවෙකු තම වැඩ පටන්ගත්තේ එවැනි සමයකයි. [COLOR="red"]පළමු මිනීමැරුම[/COLOR] මේ සියල්ල ආරම්භ වූ බව කියන්නේ 1888 අගෝස්තු 31වන සිකුරාදා ලන්ඩනයේ වයිට්චැපල් ප්‍රදේශයේ බක්ස් රෝ වීථියෙන්. පළමු අවාසනාවන්ත ගොදුර බවට පත්වුයේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටි මේරි ඈන් නිකොලස් නම් 43 හැවිරිදි ගණිකාවක්. ගෙල හරහා සිදු කළ ගැඹුරු කැපුමකින් ඈ මරණයට පත්ව සිටියා. ඇගේ උදර ප්‍රදේශයේ අඟල් 8ක් පමණ දිගු, එමෙන්ම ගැඹුරු කැපුම් 4ක් පමණ ද සිදුකර මළ සිරුර විකෘති කර තිබුණා. [COLOR="red"] පොලිස් පුවත්පතේ වයිට්චැපල් මිනීමැරුම් සඳහා වන මුල් කවරය (jack-the-ripper-tour.com)[/COLOR] [IMG]https://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/04/17175620/murders-13-10-88.jpg[/IMG] The Times වාර්තා කළ ආකාරයට මරණ පරීක්ෂණයේ දී කියැවුණු කරුණු මෙසේයි: [INDENT]“මුහුණේ දකුණු පස, හණුවේ පහතට වන්නට තැල්මක් සිදුව තිබුණා. මෙය මුෂ්ටි පහරකින් සිදුවූවක් විය හැකියි. මුහුණේ වම් පසත් රවුම් හැඩැති තැලුමක් තිබුණා. එය නම් ඇඟිලි වලින් ඇති වූ පීඩනය නිසා සිදු වූවක් විය හැකියි. ගෙලෙහි වම් පැත්තේ, හනුවට අඟලක් පමණ පහතින්, වම් කණ යට සිට ආරම්භ වන අඟල් 4ක් පමණ දිගු කැපුම් තුවාලයක් තිබුණා. එම පසින්ම ඊට අඟලක් පමණ පහතින් ආරම්භ වන තවත් වක්රාකාර කැපුමක් සිදුකර තිබුණා. එය අවසන් වන්නේ දකුණු හනුවට අඟල් 3ක් පමණ පහතින්. එම කැපුම මගින් කොඳු ඇට පෙළට යන තෙක් ඇති සියළුම පටක ඡේදනය වී තිබුණා. මෙම කැපුම් නිසා මොළයට රුධිරය සපයන ශීර්ෂපෝශී ධමනි වෙන්වී තිබුණා.එම කැපුම අඟල් 8ක් පමණ දිගයි. කැපුම් සිදුකරන්නට ඇත්තේ දිගු, සාමාන්‍ය ලෙස තියුණු තලයක් ඇති පිහියකින් මහත් ශක්තියක් යොදායි. පපුවේ හෝ ඇඳුම් වල රුධිර පැල්ලම් තිබුණේ නැහැ. උදරයේ පහත ප්‍රදේශයට තුවාල කර තිබුණා. වම් පස සිට අඟල් 2ක් හෝ 3ක් ඈතින් පටක ගැඹුරු ලෙස කැපී යන ආකාරයට සිදු කළ ඉරීමක් වැනි කැපුමක් දක්නට ලැබුණා. තවත් කැපුම් 3ක් හෝ 4ක් සිරුරේ දකුණු පස දක්නට ලැබුණා. එම සියළු කැපුම් ඉහළ සිට පහළට සිදු කරන ලද ඒවායි. මේවා සිදු කරන්නට ඇත්තේ වමත හුරු තැනැත්තෙකුයි. කැපුම් සියල්ල සිදුකර ඇත්තේ එකම ආයුධයෙන්.[/INDENT]” ඇගේ සිරුර සොයාගනු ලැබුවේ සිකුරාදා පාන්දර 03:40ට පමණයි. [COLOR="red"] තවත් මිනීමැරුම් සතරක්![/COLOR] ඇනී චැප්මන් 47 හැවිරිදි කාන්තාවක්. ඈ වයිට්චැපල් ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ නියැලී සිටියා. ඊට අමතරව මල් විකිණීම සහ මැසීම ඇගේ වෘත්තීන් වුණා. 1888 සැප්තැම්බර් 8 වන සෙනසුරාදා උදයේ 06:00ට පමණ චැප්මන්ගේ මළ සිරුර සොයාගැනුණේ හැන්බරි වීථියේ නිවසක දොරක් අසල දමා ගොස් තිබියදී යි. නිකොලස්ගේ මෙන්ම ඇගේ ද ගෙල කැපුම් පහර දෙකකින් හානි කර තිබුණා. උදරයේ පහත ප්‍රදේශය ගැඹුරු කැපුමකින් ඉරා, විවෘත වන සේ හානි කර තිබුණා. කැපුම් සියල්ල සිදු කර තිබුණේ එකම පිහියකින්. [IMG]https://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/04/17175625/newspaper-front-page-during-rippers-autumn-terror-1888.jpg[/IMG] [COLOR="red"] ඇනී චැප්මන්ගේ මළ සිරුර සොයාගැනීම සම්බන්ධ පුවත (ibtimes.com)[/COLOR] එලිසබෙත් ස්ට්‍රයිඩ් සහ කැතරීන් එඩෝව්ස් යන ගණිකාවන් දෙදෙනාගේ මළසිරුරු හමුවුණේ එකම දිනක් තුළයි. 44 හැවිරිදි ස්ට්‍රයිඩ් ගේ සිරුර 1888 සැප්තැම්බර් 30 වන දා පිටත බර්නර් වීථියෙන් සොයාගැණුනා. ගෙලෙහි වූ කැපුම් හැරුණුකොට වෙනත් කැපුම් ඇගේ සිරුරේ දක්නට නොලැබුණු නිසා, තම කාර්යය අවසන් කිරීමට පළමුව ඝාතකයාට බාධා එල්ලවන්නට ඇතැයි උපකල්පනය කෙරෙනවා. 46 හැවිරිදි එඩෝව්ස් ගේ මළ සිරුර සොයාගැණුනේ මිට්‍රේ චතුරස්රයෙන්. ඒ ස්ට්රයිඩ්ගේ සිරුර සොයාගැනීමෙන් පැයකට පමණ පසුවයි. මිනීමරුවාගේ අවසන් ගොදුර වූයේ මේරි ජේන් කෙලී. ඇගේ සිරුර පිටත ඩෝර්සෙට් වීථියේ ඈ වාසය කළ තනි කාමරයේ තිබී සොයාගැනුනේ 1888 නොවැම්බර් 9 වන සිකුරාදා උදේ 10:45ට පමණයි. ඇගේ සිරුර කපා කොටා විකෘති කර තිබුණා. [COLOR="red"]මළ සිරුරක් සොයා ගැනීම (Daily Mail)[/COLOR][IMG]https://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/04/17175616/Jack-the-Ripper-newspaper-london-post-investigation.jpg[/IMG] මෙම මිනීමැරුම් පහම සති අන්තවල රාත්‍රී කාලයේ සිදු වූ මිනීමැරුම්. පසුව සිදු වූ මිනීමැරුම් සෑම විටම ඊට පෙර ඒවාට වඩා සාහසික වුණා. ඉන්ක්වෙස්ට් විභාග වලදී අනාවරණය වූ කරුණු වලට අනුව මේ මිනීමැරුම් සිදු කරන්නට ඇත්තේ එකම තැනැත්තා බවට තීරණය කෙරුණා. [COLOR="red"]මිනීමැරුම් වල ලක්ෂණ[/COLOR] වයිට්චැපල් මිනීමැරුම් වල බොහොමයක් සමානකම් තිබුණා. සියළුම කාන්තාවන් එකම පිහිය යොදා එකම ආකාරයට කපා කොටා ඝාතනය කර තිබීම ඉන් ප්‍රධානම සමානකමක්. ස්ට්‍රයිඩ් හැරුණුකොට අන් සියල්ලන්ගේම සිරුරු විවිධ ආකාරයන්ට විකෘති කොට තිබුණා. නිකොලස්ගේ සිරුර කපා කොටා දමා තිබුණා පමණයි. නමුත් චැප්මන්ගේ ගර්භාෂයත්, එඩෝව්ස්ගේ ගර්භාෂය හා වකුගඩුවකුත්, කෙලීගේ හදවතත් ඝාතකයා විසින් ඉවත් කරගෙන ගොස් තිබුණා. ඔවුන් ඇතැමෙකුගේ උදර සහ ලිංග ප්‍රදේශ කපා කොටා දමා තිබූ අතර, එඩෝව්ස්ගේ සහ කෙලීගේ මුහුණු කපා විකෘති කර දමා තිබුණා. [COLOR="red"] මිනීමරුවා කවුද?[/COLOR] වයිට්චැපල් මිනීමරුම් වලින් එකට ඈඳිය හැක්කේ ඉහත සඳහන් 5 පමණක් වූවාට, 1888 සිට 1891 දක්වා අතර කාලයේ මිනීමැරුම් 11ක් පමණ සිදුව තිබුණා. මෙයින් සෘජුව එකට සම්බන්ධ වන මිනීමැරුම් 5 සිදු කරන්නට ඇත්තේ එකම පුද්ගලයෙකු විසින් බවට සාක්ෂි අනාවරණය තිබුණත්, ඝාතකයා හඳුනාගැනීමට පොලීසියට හැකිවුණේ නැහැ. එම නිසා මේ කාන්තාවන් කපා කොටා ඝාතනය කරන්නාට ‘ජැක් ද රිපර්’ නම් අන්වර්ත නාමය ලබාදෙනු ලැබුවා. මිනීමරුවා අල්ලා ගැනීම සඳහා පොලීසිය විසින් ගෙයින් ගෙට යමින් පරීක්ෂණ සිදු කළා. මිනිසුන් 2000කට ආසන්න ප්‍රමාණයකගෙන් ප්‍රශ්න කරන ලද අතර, 80 දෙනෙකු පමණ සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා. [COLOR="red"]‘ජැක් ද රිපර්’ යැයි සැක කළ පුද්ගලයින් කීප දෙනෙක්. මේ අතරට ප්‍රසිද්ධ සහ ධනවත් පුද්ගලයින් කීපදෙනෙක් ද අයත් වේ (Probaway- WordPress.com)[/COLOR] [IMG]https://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/04/17175607/jack_ripper_suspects_-822x1024.jpg[/IMG] මෙම මරණයන් සිදු කර ඇති ස්වභාවය නිසාම මස් මරන්නන්, මස්කඩ වල සේවයේ නියැලෙන්නන්, වෛද්‍යවරුන්, සහ ශල්‍ය වෛද්‍යවරුන් ස්වභාවිකවම ජනතාවගේ සැකයට භාජනය වුණා. ලන්ඩනය පුරාම වූ මස් මරන්නන් සහ මස් කඩ සේවකයින් 76ක් පමණ ප්‍රශ්න කිරීම වලට භාජනය කෙරුණා. පොලිස් පරීක්ෂණ වල අසාර්ථකත්වය පිළිබඳව අසතුටට පත් සිවිල් වැසියන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී රාත්‍රී කාලයේ මුර සංචාරයන්හි නියැලුණු නමුත් ඝාතකයා හසු වුණේ නැහැ. 1881න් පසු ‘ජැක් ද රිපර්’ගේ කටයුතු නැවතී ගියා. ඔහුගේ මරණය, වෙනත් වරදකට සිරගත කිරීම, හෝ ඝාතකයා ලන්ඩනයෙන් පිටතට සංක්‍රමණය වීම නිසා එම ඝාතන නැවතෙන්නට ඇතැයි සිතිය හැකියි[/COLOR][/SIZE] (උපුටා ගැනීමකි) [IMG]https://roarsinhala.com/wp-content/themes/Roar-2017/library/images/branding/roar-sinhala.svg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom