Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි,වස &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි,වස &

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

වස නැති කෑමක් නැති තරම්ය. බත් ඇටයේ සිට කෑමට ගන්නා හැම දේකම වස මිශ්රය. වී අස්වැන්න සරු කිරීමට කුඹුරට විවිධ වස විස මුසු කරන්නේය. එළවළු ගොඩ වැඩි කිරීමට ගොවි බිම තනිකරම රසායනික බෙහෙත්වලින් නහවන්නේය. ගසේ හැදෙන පලතුර පැහෙන්නට පෙර ඉදවීමට නොයෙක් රසායනික බෙහෙත් යොදන්නේය. පලතුරු කල් තබාගැනීමට වස විස ගල්වන්නේය. රටින් එන ඇපල්, දොඩම්, මිදි රසායනික බෙහෙත් සහිත ශීතාගාරවල මාස ගණන් තැම්බෙන්නාහ. පාන් පිටි කෑම මරණයට අත වැනීමකි. රට වට කර මුහුද තිබුණත් අපට ලැබෙන්නේ එම්බාම් මාළුය. මස් වර්ග ද එසේමය. කුකුළු මස් තනිකරම රසායනික නිපැයුමකි. වස සහිත පිටි කිරි මවු කිරිවලට සම කරන සමාජයක අප වස බොන්න මුල පුරන්නේ මෙලොව ඉපිද මාස තුනක් ගත වෙන්නටත් පෙරය. දැන් රටේ මිනිස්සුන්ටත් වස හොඳින් පත්තියම් වී ඇත්තේය.

එවැනි රටක තුන් වේලටම වස කන අපි එළවළුවලට යොදන රසායනික පොහොර, කෘමි නාශක ගැන සොයාබැලීමට පසුගිය දිනක ගොවි බිම් කිහිපයකට ගියෙමු. ගොවි ගැටලු නම් එමටය. ප්‍රශ්න කියන්නට ගොවීහු පොරකෑහ. එහෙත් එළවළුවලට යොදන වස ගැන කතා කිරීමට නම් ඇතැම් ගොවීහු මැලි වූහ. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න සමග එළවළුවලට යොදන වස ගැන දැන ගැනීමට අපට අසීරු නොවිණි. ගොවි ගැටලු අපි පසුවට කතා කරමු. දැන් අපි රටම කන පළා කොළයට වස මුසු වන හැටි විමසා බලමු.

රටේ පවතින කෘෂිකාර්මික ක්‍රමය සහ පවතින තරගකාරී වෙළෙඳාම් රටාව හමුවේ ගොවීන් අසරණ බව සැබෑය. ගොවිහු ජීවත් වන්නට වගා කරන්නාහ. අසවැන්න සරු වුවොත් ගොවීන්ගේ අත මිට සරු වන්නේය. එහෙයින් ඔවුහු ඕනෑම වස විසක් යොදා ගොවිපළ සරු කර ගන්න උත්සාහ කරන්නාහ. අප මේ සටහන තබන්නේ අසරණ ගොවීන් තව තවත් පීඩාවට ලක් කිරීමේ අදහසින් නොව, පළා කොළේ ඇත්ත කතාව රටට කියන්නටය.

'දැන් එළවළු මිලත් වැඩියි. අත මිට සරු ඇති...' අපි ගොවීන් කිහිප දෙනෙක් හමුවේ පළමු පැනය එසේ තැබුවෙමු.

'මෙදා පාර නම් ණය තුරුස් ගෙවාගෙන අතට ගාණක් ගත්තා. මේ විදිහට හැමදාම තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ...' බීට්රූට් කොරටුවකට යමින් ගමන් තරුණ ගොවි මහතෙක් එසේ පිළිතුරු දුන්නේය.

'ඒත් එහෙම වෙන්නේ නැහැනේ කියන්නේ ඇයි...' පෙරළා මම නැවත පැනයක් යොමු කළෙමි.

'එළවළු මිල එක විදිහට තියෙන්නේ නැහැ. මේ මාසේ සීයට යන එළවළුව ලබන මාසේ රුපියල් දහයට යන්න පුළුවන්. ඒක නේ ගොවියා හැමදාම එක තැන පල් වෙන්නේ..."

විශාල බීට්රූට් වගාවකි. එක පෙළට විහිදී යන වතුර මල්ය. සරුවට වැව්ණු කොරටුව නම් හරිම සුන්දරය. බැලු බැලූ පසින් ඇස ගැටෙන එළවළු කොරටු ඒ සුන්දරත්වය දෙගුණ තෙගුණ කර ඇති සේය. ගිනි අව්ව අවට ගිනියම් කළ ද අප පය ගසා සිටින වගා බිම සීතලය.

'පහුගිය කාලේ වැඩියෙන්ම අපිට වියදම් ගියේ බෙහෙත්වලට. දැන් වතුර දාන්නත් ලොකු වියදමක් යනවා. නළ ළිංවලින් වතුර ගන්නේ. පොළව තෙත් වෙන්න උදේ හවස වතුර දාන්න ඕනා...' එක් ගොවියෙක් එසේ කියමින් ඔවුන්ට තිබෙන ගැටලු මල්ලක්ම දිගහැරියේය.

'බීට්රූට්වලට මොනවද දාන පොහොර...' අපේ කතාවට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි.

'පොහොර වර්ග කිහිපයක්ම දානවා...' වැඩිහිටි ගොවියකුගෙන් කෙටි පිළිතුරකි.

'මොනවද ඒ පොහොර වර්ග...' නැවතත් මම කතා කළෙමි. එක් ගොවියෙක් පොහොර වර්ග කිහිපයකම නම් කියාගෙන ගියේය.

'මාසෙකට පොහොර මුර හයක් දානවා. පොහොර දාන්න ඉස්සරවෙලා කොරටුව නාවනවා. එතකොට පොහොර ටික හොඳට පොළවට උරා ගන්නවා. මාසෙකට හතර වතාවක් තෙල් ගහන්න ඕනා. නැත්නම් සත්තු ගහනවා. තෙල් බෝතලයක් එක්දාහස් හත්සීයයි, දෙදහයි. එළවළුවල මිල වැඩි වුණු ගමන් තෙල් බෙහෙත්වලත් මිල වැඩි කරනවා. පොහොර මිලත් එහෙමයි. ඒ වගේම ........ සතියෙන් සතිය අලුත් අලුත් කෘමි නාශක හඳුන්වලා දෙනවා. නම විතරයි වෙනස් වෙන්නේ බෙහෙත එකයි. රටේ නම ගිය පොහොර ආයතනයක නමක් කියෑවිණි.

'වැඩියෙන්ම තෙල් ගහන්න ඕනා ගෝවාවලට... ගෝවා ගෙඩිය යන්තමට මෝදු වෙච්ච දවසේ ඉඳලා දවස් පහෙන් පහට තෙල් ගහන්න ඕනා නැත්නම් ගෝවා කොළයට පණුවෝ ගහනවා. ගෝවාවලට ගහන තෙල් වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතර තෙල් වර්ග දෙක තුනක් තියෙනවා ඒවා ගැහුවහම ගෝවා ගෙඩියට උරා ගන්නවා. ඊට පස්සේ ගෝවා ගෙඩියට සතෙක් හොට ගැහුවොත් ඌ ඉවරයි. ඒ තෙල් වර්ග අපි නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගොඩක් විසයි. ඒ තෙල් ගහලා මාසෙකට පස්සෙ සතෙක් හොට ගැහුවත් ඌ මැරෙනවා...'

'ඉතිං මිනිස්සුන්ටත් විස නේ...' කතාව මැද්දට මම අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමි. අපගේ අනපේක්ෂිත පැනය හමුවේ ගොවි රජවරු නිහ`ඩ වූහ. ඔවුහු මුහුණට මුහුණ බලා ගත්හ. මොහොතකින් එක ගොවියෙක් හිස කසමින් නිහ`ඩ බව බිඳිමින් මෙසේ කීවේය.

'ඇත්ත... ඒක නිසා තමයි ගෝවා ගෙඩිය වෙළෙඳපළට දෙන්න ඉස්සර වෙලා ගෙඩියේ උඩ කොළ ටික ගලවලා දාන්නේ. මේවා පත්තරවල දාන්න එපා... මහත්තෙලට දැන ගන්නයි කියන්නේ... වැඩිය ගෝවා කන්න එපා...' කතාව නැවතිණි. අපි මොහොතක් ඒ කතාව කී වැඩිහිටි ගොවි මහතා දෙස බලා සිටිමු.

'අපි ඒ බෙහෙත් දැම්මෙ නැති වුණාට ගොඩක්ම ගොවියෝ දැන් පාවිච්චි කරන්නේ ඒ බෙහෙත් වර්ග. මොකද ඒ බෙහෙත් සති තුනකට සැරයක් දැම්මහම හොඳටම ප්‍රමාණවත්... අනිත් බෙහෙත් නම් කොළය මතුපිට තිබිලා වතුර දැම්මහම හේදිලා යනවා. ඒත් අර බෙහෙත් සම්පුර්ණයෙන් ගෝවා ගෙඩියට උරා ගන්නවා. උඩ කොළ කැඩුවට වැඩක් නැහැ. ගෙඩිය පතුලටම බෙහෙත් වදිනවා. ඒ බෙහෙත් බෝතල්වල නම් ස`දහන් කරලා තියෙන්නේ බෙහෙත් ගහලා දවස් දාහතරක් ගියාට පස්සේ බෙහෙත මැරෙනවා කියලා. ඒත් අපිට තේරෙන විදිහට මාසයක් විතර තියෙනවා. දැන දැන මහත්තයලට මේක නොකිය ඉන්න බැහැනෙ.. ඒකයි මම කිව්වේ ගෝවා කන්න එපා කියලා...' ගොවීහු දිගට කතා කළහ... අපි වචනයක්වත් නොදොඩා අසා සිටියෙමු.

'මහත්තෙලා බය වුණාද...' ගොවි මහතෙක් සිනා සී එසේ ඇසීය.

'ඔය වගේ දෙයක් දැන ගත්තහම බය නොවී ඉන්න පුළුවන්ද... 'දෙයියනේ අපි මෙච්චර කල් ගෝවා කියලා කාලා තියෙන්නේ තනිකර වසක් නේ... එළවළු සැලඩ්, චොප්සිවලට දාන්නේම ගෝවා. කඩවලින් අපි ඔය කෑම කොච්චර නම් කාලා ඇතිද...' කිරි රසට හැපී රස නහර පිනා යනකොට බඩජාරි කමට කෑ හැටි දැන් මගේ මනසේ හොල්මන් කරන්නේය.

'ඔයලා ගෝවා කන්නේ නැද්ද..' මොහොතකින් පියවි සිහියට පැමිණි මම එසේ ඇසුවෙමි. නැවතත් ගොවිහු මුහුණට මුහුණ බලා ගත්හ.

'අපිට කන්න ගෙදර වත්තේ හදා ගන්නවා...' කතාව යසයි.

'එතකොට විකුණන්න හදන එළවළු කන්නේම නැද්ද... ඉඳල හිටල කනවා... ඒ හැරෙන්න අපේ කෑමට අවශ්‍ය එළවළු ටික ගෙවත්තේම හදා ගන්නවා...'

'ඒ එළවළුවලට රසායනික පොහොර බෙහෙත් දාන්නේ නැද්ද...'

'නෑ... කාබනික පොහොර දාන්නේ...' මේ මිනිස්සු කියන කතාවත් හරි පුදුමය. තම පවුලට රසවත් ගුණදායක එළවළු හදාගෙන රටේ මිනිසුන්ට වස සමග එළවළු දෙන්නේය.

'කාබනික පොහොර මිල වැඩියි. ලොකුවට

කරනකොට කාබනික පොහොර පාවිච්චි කළොත් අපටත් වෙන්නේ වස බොන්න. අනිත් එක කෘමි සතුන්ගෙන් වගාව බේර ගන්න කෘමි නාශක ගහන්නම වෙනවා... හැබැයි අපිත් කැමතියි කාබනික පොහොර එක්ක වැඩ කරන්න. පරිසරයට හිතකර කෘමි නාශක හඳුන්වා දෙනවා නම් අපි පාවිච්චි කරනවා. කාලයක් රසායනික බෙහෙත් පාවිච්චි කරනකොට අපිටත් එක එක ලෙඩ එනවා. අනිත් එක පරිසරයටත් හොඳ නැහැ... සමහර පළාත්වල ගොවියෝ එක පාරකට බෙහෙත් මූඩියක් දාන්න කියනකොට ඉක්මනට රෝගය සුව කරන්න මූඩි දෙක තුනක් දානවා. එහෙම කරනකොට වගාවටත් හොඳ නෑ පසටත් හොඳ නෑ. සහතිකයි... අපි නම් එහෙම කරන්නේ නෑ. මේ පොළවේ සාරවත් බව තිබුණොත් විතරයි අපේ කටට බත් අහුරක් වැටෙන්නේ... ගොවියකු කකුලේ මහපටැඟිල්ලෙන් පොළව හාරමින් සිටින විට තව ගොවියෙක් මෙසේ කීවේය.

'ඕක තමයි හැම එළවළුවකම තත්ත්වය. පුෂ්ටිමත්ව ලස්සනට තියෙන අල, කැරට් තනිකරම බෙහෙත් ගුලි. ලූණු මිරිසුත් එහෙමයි. කෘමි නාශක නැතිව එළවළු වගා කරන්න බැහැ මහත්තයෝ...'

එළවළුවලින් ආදායමක් ගන්න බැහැ කියලා දැන් ගොඩක්ම ගොවියෝ බඩඉරිගු වගා කරනවා... බඩඉරිගු කියන්නේ වස ගුලියක්. බඩඉරිගු කරල යන්තමට මෝදු වෙනකොට කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ..... ගහනවා...' නැවතත් මාරාන්තික කෘමි නාශකයක නමක් කියෑවිණි. ඇතැම් පිස්සු මිනිස්සු ජීවිත නැති කරගැනීමටත් ඒ කෘමි නාශක පානය කරනු ලැබේ.

'ඒ බෙහෙත ගැහුවට පස්සේ බඩඉරිඟු කරලට කූඹියෙක්වත් කිට්ටු වෙන්නේ නැහැ. වැරැදිලවත් කෑවොත් සතා කපෝතියි... ඉඩඉරිඟු කරල්වලටත් ඒ බෙහෙත් උරා ගන්නවා. ඒ කරල් මිනිස්සු කනවා කියන්නේ වස බිව්වා වගේ තමයි. කිසිම ගොවියෙක් බඩඉරිඟු කන්නේ නැහැ... මමත් බඩඉරිඟු හදලා තියෙනවා. හැබැයි මම නම් බඩඉරිඟු විකුණුවේ ඇටවලට. වැඩේ පාඩුයි. කිරි කරල්වලට විකුණුවොත් ලාභයි. පොළවට දාන හැම බීජ ඇටයකින්ම රුපියල් දාහක් ගන්න පුළුවන්. ඒත් දැන දැන මිනිස්සුන්ට වස කවන්න බැරි නිසා තමයි මම බඩඉරිඟු වගාවෙන් ඈත් වුණේ...'

වස විස සමග ගනුදෙනුව මාරාන්තිකය. 'අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' කෘමි නාශක බෝතල්වලම සඳහන් කර ඇති වැකියකි. එමෙන්ම කෘමි නාශක භාවිත කරන ක්‍රමවේදයන් ද ඒ බෝතල් වටා එතුණු ලේබලයේ සඳහන්ව ඇත්තේය. එහෙත් ගොවියෝ ඒ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්නේද...

'බෙහෙත් ගහනකොට අත් මේස් දාන්න ඕනා මුහුණ ආවරණය කරන්න ඕනා එක ඇත්ත. ඒත් එක දිගට වැඩ කරද්දී ඕවා දාගෙන ඉන්න බැහැ... අනිත් එක දැන් අපේ ශරීර කුඩු ඕන වස විසකට පුරුදු වෙලා...'

ගොවීන්ට පමණක් නොවේ, තුන් වේලම වස කන රටේ මිනිස්සුන්ටත් දැන් වස දිරවන්නාහ. දිගින් දිගටම වස විස කෑම මෙලෙසින්ම පැවතියහොත් තව නොබෝ කාලයකින් මුළු රටම ලෙඩ ගොඩක් වන බව නිසැකය. එහෙත් අප තවමත් සිටින්නේ එකෙක් මරාගෙන කා ජීවත් වන ගෝත්‍රික යුගයකය. මිනිසකුට තවත් මිනිස් ජීවිතයක වටිනාකම වැටහෙන තෙක්, මේ කාලකණ්ණි ගෝත්රිකකමෙන් අපට මිදෙන්නට නොහැකිය.

http://www.divaina.com/2014/08/10/nimna01.html

තරංග රත්නවීර

අපේ ගෙවතුවල අමුමිරිස්,කරපිංචා,සේර,රම්පේ,වම්බොටු,බටු වගේ දෙයක්වත් වවාගෙන කෑවොත් හොඳයි නේද ? අපි දන්නේ නැති වුනාට මේ විස අපේ ජාන ගත වෙලා මතු පරම්පරා වලටත් බලපාන්න පුළුවන් .මේ මිනිස්සුම කියනවා ගෝවා ,බඩඉරිගු කන එක අවදානම් කියලා

[QUOTE="bohokal, post: 16993630, member: 10276"] [b]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි,වස &[/b] [SIZE="4"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි වස නැති කෑමක් නැති තරම්ය. බත් ඇටයේ සිට කෑමට ගන්නා හැම දේකම වස මිශ්රය. වී අස්වැන්න සරු කිරීමට කුඹුරට විවිධ වස විස මුසු කරන්නේය. එළවළු ගොඩ වැඩි කිරීමට ගොවි බිම තනිකරම රසායනික බෙහෙත්වලින් නහවන්නේය. ගසේ හැදෙන පලතුර පැහෙන්නට පෙර ඉදවීමට නොයෙක් රසායනික බෙහෙත් යොදන්නේය. පලතුරු කල් තබාගැනීමට වස විස ගල්වන්නේය. රටින් එන ඇපල්, දොඩම්, මිදි රසායනික බෙහෙත් සහිත ශීතාගාරවල මාස ගණන් තැම්බෙන්නාහ. පාන් පිටි කෑම මරණයට අත වැනීමකි. රට වට කර මුහුද තිබුණත් අපට ලැබෙන්නේ එම්බාම් මාළුය. මස් වර්ග ද එසේමය. කුකුළු මස් තනිකරම රසායනික නිපැයුමකි. වස සහිත පිටි කිරි මවු කිරිවලට සම කරන සමාජයක අප වස බොන්න මුල පුරන්නේ මෙලොව ඉපිද මාස තුනක් ගත වෙන්නටත් පෙරය. දැන් රටේ මිනිස්සුන්ටත් වස හොඳින් පත්තියම් වී ඇත්තේය. එවැනි රටක තුන් වේලටම වස කන අපි එළවළුවලට යොදන රසායනික පොහොර, කෘමි නාශක ගැන සොයාබැලීමට පසුගිය දිනක ගොවි බිම් කිහිපයකට ගියෙමු. ගොවි ගැටලු නම් එමටය. ප්‍රශ්න කියන්නට ගොවීහු පොරකෑහ. එහෙත් එළවළුවලට යොදන වස ගැන කතා කිරීමට නම් ඇතැම් ගොවීහු මැලි වූහ. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න සමග එළවළුවලට යොදන වස ගැන දැන ගැනීමට අපට අසීරු නොවිණි. ගොවි ගැටලු අපි පසුවට කතා කරමු. දැන් අපි රටම කන පළා කොළයට වස මුසු වන හැටි විමසා බලමු. රටේ පවතින කෘෂිකාර්මික ක්‍රමය සහ පවතින තරගකාරී වෙළෙඳාම් රටාව හමුවේ ගොවීන් අසරණ බව සැබෑය. ගොවිහු ජීවත් වන්නට වගා කරන්නාහ. අසවැන්න සරු වුවොත් ගොවීන්ගේ අත මිට සරු වන්නේය. එහෙයින් ඔවුහු ඕනෑම වස විසක් යොදා ගොවිපළ සරු කර ගන්න උත්සාහ කරන්නාහ. අප මේ සටහන තබන්නේ අසරණ ගොවීන් තව තවත් පීඩාවට ලක් කිරීමේ අදහසින් නොව, පළා කොළේ ඇත්ත කතාව රටට කියන්නටය. 'දැන් එළවළු මිලත් වැඩියි. අත මිට සරු ඇති...' අපි ගොවීන් කිහිප දෙනෙක් හමුවේ පළමු පැනය එසේ තැබුවෙමු. 'මෙදා පාර නම් ණය තුරුස් ගෙවාගෙන අතට ගාණක් ගත්තා. මේ විදිහට හැමදාම තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ...' බීට්රූට් කොරටුවකට යමින් ගමන් තරුණ ගොවි මහතෙක් එසේ පිළිතුරු දුන්නේය. 'ඒත් එහෙම වෙන්නේ නැහැනේ කියන්නේ ඇයි...' පෙරළා මම නැවත පැනයක් යොමු කළෙමි. 'එළවළු මිල එක විදිහට තියෙන්නේ නැහැ. මේ මාසේ සීයට යන එළවළුව ලබන මාසේ රුපියල් දහයට යන්න පුළුවන්. ඒක නේ ගොවියා හැමදාම එක තැන පල් වෙන්නේ..." විශාල බීට්රූට් වගාවකි. එක පෙළට විහිදී යන වතුර මල්ය. සරුවට වැව්ණු කොරටුව නම් හරිම සුන්දරය. බැලු බැලූ පසින් ඇස ගැටෙන එළවළු කොරටු ඒ සුන්දරත්වය දෙගුණ තෙගුණ කර ඇති සේය. ගිනි අව්ව අවට ගිනියම් කළ ද අප පය ගසා සිටින වගා බිම සීතලය. 'පහුගිය කාලේ වැඩියෙන්ම අපිට වියදම් ගියේ බෙහෙත්වලට. දැන් වතුර දාන්නත් ලොකු වියදමක් යනවා. නළ ළිංවලින් වතුර ගන්නේ. පොළව තෙත් වෙන්න උදේ හවස වතුර දාන්න ඕනා...' එක් ගොවියෙක් එසේ කියමින් ඔවුන්ට තිබෙන ගැටලු මල්ලක්ම දිගහැරියේය. 'බීට්රූට්වලට මොනවද දාන පොහොර...' අපේ කතාවට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි. 'පොහොර වර්ග කිහිපයක්ම දානවා...' වැඩිහිටි ගොවියකුගෙන් කෙටි පිළිතුරකි. 'මොනවද ඒ පොහොර වර්ග...' නැවතත් මම කතා කළෙමි. එක් ගොවියෙක් පොහොර වර්ග කිහිපයකම නම් කියාගෙන ගියේය. 'මාසෙකට පොහොර මුර හයක් දානවා. පොහොර දාන්න ඉස්සරවෙලා කොරටුව නාවනවා. එතකොට පොහොර ටික හොඳට පොළවට උරා ගන්නවා. මාසෙකට හතර වතාවක් තෙල් ගහන්න ඕනා. නැත්නම් සත්තු ගහනවා. තෙල් බෝතලයක් එක්දාහස් හත්සීයයි, දෙදහයි. එළවළුවල මිල වැඩි වුණු ගමන් තෙල් බෙහෙත්වලත් මිල වැඩි කරනවා. පොහොර මිලත් එහෙමයි. ඒ වගේම ........ සතියෙන් සතිය අලුත් අලුත් කෘමි නාශක හඳුන්වලා දෙනවා. නම විතරයි වෙනස් වෙන්නේ බෙහෙත එකයි. රටේ නම ගිය පොහොර ආයතනයක නමක් කියෑවිණි. 'වැඩියෙන්ම තෙල් ගහන්න ඕනා ගෝවාවලට... ගෝවා ගෙඩිය යන්තමට මෝදු වෙච්ච දවසේ ඉඳලා දවස් පහෙන් පහට තෙල් ගහන්න ඕනා නැත්නම් ගෝවා කොළයට පණුවෝ ගහනවා. ගෝවාවලට ගහන තෙල් වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතර තෙල් වර්ග දෙක තුනක් තියෙනවා ඒවා ගැහුවහම ගෝවා ගෙඩියට උරා ගන්නවා. ඊට පස්සේ ගෝවා ගෙඩියට සතෙක් හොට ගැහුවොත් ඌ ඉවරයි. ඒ තෙල් වර්ග අපි නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගොඩක් විසයි. ඒ තෙල් ගහලා මාසෙකට පස්සෙ සතෙක් හොට ගැහුවත් ඌ මැරෙනවා...' 'ඉතිං මිනිස්සුන්ටත් විස නේ...' කතාව මැද්දට මම අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමි. අපගේ අනපේක්ෂිත පැනය හමුවේ ගොවි රජවරු නිහ`ඩ වූහ. ඔවුහු මුහුණට මුහුණ බලා ගත්හ. මොහොතකින් එක ගොවියෙක් හිස කසමින් නිහ`ඩ බව බිඳිමින් මෙසේ කීවේය. '[COLOR="Red"]ඇත්ත... ඒක නිසා තමයි ගෝවා ගෙඩිය වෙළෙඳපළට දෙන්න ඉස්සර වෙලා ගෙඩියේ උඩ කොළ ටික ගලවලා දාන්නේ. මේවා පත්තරවල දාන්න එපා... මහත්තෙලට දැන ගන්නයි කියන්නේ... වැඩිය ගෝවා කන්න එපා...' කතාව නැවතිණි. අපි මොහොතක් ඒ කතාව කී වැඩිහිටි ගොවි මහතා දෙස බලා සිටිමු.[/COLOR] 'අපි ඒ බෙහෙත් දැම්මෙ නැති වුණාට ගොඩක්ම ගොවියෝ දැන් පාවිච්චි කරන්නේ ඒ බෙහෙත් වර්ග. මොකද ඒ බෙහෙත් සති තුනකට සැරයක් දැම්මහම හොඳටම ප්‍රමාණවත්... අනිත් බෙහෙත් නම් කොළය මතුපිට තිබිලා වතුර දැම්මහම හේදිලා යනවා. ඒත් අර බෙහෙත් සම්පුර්ණයෙන් ගෝවා ගෙඩියට උරා ගන්නවා. උඩ කොළ කැඩුවට වැඩක් නැහැ. ගෙඩිය පතුලටම බෙහෙත් වදිනවා. ඒ බෙහෙත් බෝතල්වල නම් ස`දහන් කරලා තියෙන්නේ බෙහෙත් ගහලා දවස් දාහතරක් ගියාට පස්සේ බෙහෙත මැරෙනවා කියලා. ඒත් අපිට තේරෙන විදිහට මාසයක් විතර තියෙනවා. දැන දැන මහත්තයලට මේක නොකිය ඉන්න බැහැනෙ.. ඒකයි මම කිව්වේ ගෝවා කන්න එපා කියලා...' ගොවීහු දිගට කතා කළහ... අපි වචනයක්වත් නොදොඩා අසා සිටියෙමු. 'මහත්තෙලා බය වුණාද...' ගොවි මහතෙක් සිනා සී එසේ ඇසීය. 'ඔය වගේ දෙයක් දැන ගත්තහම බය නොවී ඉන්න පුළුවන්ද... 'දෙයියනේ අපි මෙච්චර කල් ගෝවා කියලා කාලා තියෙන්නේ තනිකර වසක් නේ... එළවළු සැලඩ්, චොප්සිවලට දාන්නේම ගෝවා. කඩවලින් අපි ඔය කෑම කොච්චර නම් කාලා ඇතිද...' කිරි රසට හැපී රස නහර පිනා යනකොට බඩජාරි කමට කෑ හැටි දැන් මගේ මනසේ හොල්මන් කරන්නේය. 'ඔයලා ගෝවා කන්නේ නැද්ද..' මොහොතකින් පියවි සිහියට පැමිණි මම එසේ ඇසුවෙමි. නැවතත් ගොවිහු මුහුණට මුහුණ බලා ගත්හ. 'අපිට කන්න ගෙදර වත්තේ හදා ගන්නවා...' කතාව යසයි. 'එතකොට විකුණන්න හදන එළවළු කන්නේම නැද්ද... ඉඳල හිටල කනවා... ඒ හැරෙන්න අපේ කෑමට අවශ්‍ය එළවළු ටික ගෙවත්තේම හදා ගන්නවා...' 'ඒ එළවළුවලට රසායනික පොහොර බෙහෙත් දාන්නේ නැද්ද...' 'නෑ... කාබනික පොහොර දාන්නේ...' මේ මිනිස්සු කියන කතාවත් හරි පුදුමය. තම පවුලට රසවත් ගුණදායක එළවළු හදාගෙන රටේ මිනිසුන්ට වස සමග එළවළු දෙන්නේය. 'කාබනික පොහොර මිල වැඩියි. ලොකුවට කරනකොට කාබනික පොහොර පාවිච්චි කළොත් අපටත් වෙන්නේ වස බොන්න. අනිත් එක කෘමි සතුන්ගෙන් වගාව බේර ගන්න කෘමි නාශක ගහන්නම වෙනවා... හැබැයි අපිත් කැමතියි කාබනික පොහොර එක්ක වැඩ කරන්න. පරිසරයට හිතකර කෘමි නාශක හඳුන්වා දෙනවා නම් අපි පාවිච්චි කරනවා. කාලයක් රසායනික බෙහෙත් පාවිච්චි කරනකොට අපිටත් එක එක ලෙඩ එනවා. අනිත් එක පරිසරයටත් හොඳ නැහැ... සමහර පළාත්වල ගොවියෝ එක පාරකට බෙහෙත් මූඩියක් දාන්න කියනකොට ඉක්මනට රෝගය සුව කරන්න මූඩි දෙක තුනක් දානවා. එහෙම කරනකොට වගාවටත් හොඳ නෑ පසටත් හොඳ නෑ. සහතිකයි... අපි නම් එහෙම කරන්නේ නෑ. මේ පොළවේ සාරවත් බව තිබුණොත් විතරයි අපේ කටට බත් අහුරක් වැටෙන්නේ... ගොවියකු කකුලේ මහපටැඟිල්ලෙන් පොළව හාරමින් සිටින විට තව ගොවියෙක් මෙසේ කීවේය. 'ඕක තමයි හැම එළවළුවකම තත්ත්වය. පුෂ්ටිමත්ව ලස්සනට තියෙන අල, කැරට් තනිකරම බෙහෙත් ගුලි. ලූණු මිරිසුත් එහෙමයි. කෘමි නාශක නැතිව එළවළු වගා කරන්න බැහැ මහත්තයෝ...' එළවළුවලින් ආදායමක් ගන්න බැහැ කියලා දැන් ගොඩක්ම ගොවියෝ බඩඉරිගු වගා කරනවා... බඩඉරිගු කියන්නේ වස ගුලියක්. බඩඉරිගු කරල යන්තමට මෝදු වෙනකොට කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ..... ගහනවා...' නැවතත් මාරාන්තික කෘමි නාශකයක නමක් කියෑවිණි. ඇතැම් පිස්සු මිනිස්සු ජීවිත නැති කරගැනීමටත් ඒ කෘමි නාශක පානය කරනු ලැබේ. 'ඒ බෙහෙත ගැහුවට පස්සේ බඩඉරිඟු කරලට කූඹියෙක්වත් කිට්ටු වෙන්නේ නැහැ. වැරැදිලවත් කෑවොත් සතා කපෝතියි... ඉඩඉරිඟු කරල්වලටත් ඒ බෙහෙත් උරා ගන්නවා. ඒ කරල් මිනිස්සු කනවා කියන්නේ වස බිව්වා වගේ තමයි. කිසිම ගොවියෙක් බඩඉරිඟු කන්නේ නැහැ... මමත් බඩඉරිඟු හදලා තියෙනවා. හැබැයි මම නම් බඩඉරිඟු විකුණුවේ ඇටවලට. වැඩේ පාඩුයි. කිරි කරල්වලට විකුණුවොත් ලාභයි. පොළවට දාන හැම බීජ ඇටයකින්ම රුපියල් දාහක් ගන්න පුළුවන්. ඒත් දැන දැන මිනිස්සුන්ට වස කවන්න බැරි නිසා තමයි මම බඩඉරිඟු වගාවෙන් ඈත් වුණේ...' වස විස සමග ගනුදෙනුව මාරාන්තිකය. 'අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' කෘමි නාශක බෝතල්වලම සඳහන් කර ඇති වැකියකි. එමෙන්ම කෘමි නාශක භාවිත කරන ක්‍රමවේදයන් ද ඒ බෝතල් වටා එතුණු ලේබලයේ සඳහන්ව ඇත්තේය. එහෙත් ගොවියෝ ඒ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්නේද... 'බෙහෙත් ගහනකොට අත් මේස් දාන්න ඕනා මුහුණ ආවරණය කරන්න ඕනා එක ඇත්ත. ඒත් එක දිගට වැඩ කරද්දී ඕවා දාගෙන ඉන්න බැහැ... අනිත් එක දැන් අපේ ශරීර කුඩු ඕන වස විසකට පුරුදු වෙලා...' ගොවීන්ට පමණක් නොවේ, තුන් වේලම වස කන රටේ මිනිස්සුන්ටත් දැන් වස දිරවන්නාහ. දිගින් දිගටම වස විස කෑම මෙලෙසින්ම පැවතියහොත් තව නොබෝ කාලයකින් මුළු රටම ලෙඩ ගොඩක් වන බව නිසැකය. එහෙත් අප තවමත් සිටින්නේ එකෙක් මරාගෙන කා ජීවත් වන ගෝත්‍රික යුගයකය. මිනිසකුට තවත් මිනිස් ජීවිතයක වටිනාකම වැටහෙන තෙක්, මේ කාලකණ්ණි ගෝත්රිකකමෙන් අපට මිදෙන්නට නොහැකිය. [url]http://www.divaina.com/2014/08/10/nimna01.html[/url] තරංග රත්නවීර [/SIZE] [SIZE="5"]අපේ ගෙවතුවල අමුමිරිස්,කරපිංචා,සේර,රම්පේ,වම්බොටු,බටු වගේ දෙයක්වත් වවාගෙන කෑවොත් හොඳයි නේද ? අපි දන්නේ නැති වුනාට මේ විස අපේ ජාන ගත වෙලා මතු පරම්පරා වලටත් බලපාන්න පුළුවන් .මේ මිනිස්සුම කියනවා ගෝවා ,බඩඉරිගු කන එක අවදානම් කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom