Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයගේ ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයගේ ඝාතකයා ඇල්ලූවේ මෙහෙමයි

වේලාව දහවල් දොළහට ආසන්න ය. විජය සිය පුතු විමුක්ති හා දියණිය යශෝධරා සමඟ නිවසින් පිටතට පැමිණෙමින් සිටියේ ය. නිවසේ ගේට්ටුව දක්වා පැමිණි විජය ගේට්ටුව ඉදිරිපිට ටැක්සි රියදුරු හේමපාල හා ආරක්ෂක නියාමක පතිරාජ සමඟ කතා බස් කළේය.

ඒ අතරතුර 27 ශ්‍රී 2727 ඩැට්සන් පිකප් වාහනය දයාරත්න විසින් නිවසේ පැති පිවිසුමේ සිට බොරළු පාර දිගේ ප්‍රධාන පාරට පැමිණ තිබුණේ ය. රත්ගම උපාලි ද එහිවිය. විජය ගේට්ටුවෙන් පිටත සිටගෙන වෙනත් අය සමඟ කතා කරමින් සිටිය දී පිකප් රථයේ සිටි උපාලි වාහනයෙන් බැස විජය දෙසට ආවේ ය.

ඒ සැණින් එතැනට පැමිණියේ හොන්ඩා C D ZOO වර්ගයේ මෝටර් සයිකලයකි. පොල්හේන්ගොඩ දෙසින් පැමිණි බයිසිකලයේ බඳ රතු පාටය. මඩවැස්ම නිකල් ආලේපිතය. සයිකලය නතරවීමටත් පෙර පසුපස අසුනේ වාඩිවී සිටි අය ස්වයංක්‍රීය ගිනිඅවියකින් විජය සිටි දෙසට වෙඩි තබන්නට විය. ඉන්පසුව බයිසිකලෙන් පිටතට බැසගත් ඔහු දිගටම වෙඩි තබමින් විජය දෙසට දිව ගියේ ය. වෙඩි පහරවල් විජයගේ පිටු පසට වැදුණු අතර ඔහු එතැනම මුණින් අතට වැටුණේය.

ඝාතකයා වැටුණු විජය අසලට ම පැමිණ විජයගේ හිසට ද වෙඩි තැබීය. විජය සමඟ සිටි රත්ගම උපාලි ද වෙඩි වැදී බිම වැටී සිටියේ ය.

දයාරත්න වාඩි වී සිටි ඩැට්සන් පිකප් රථයට ද ඝාතකයා වෙඩි තැබීය. ඒත් තුවාල නොලබා දිවි ගලවා ගන්නට දයාරත්නට හැකිවිය. වෙඩි තැබීමෙන් පසු ඝාතකයා පහළට නැමී ඒ මොහොතේ විජය ගෙන යමින් තිබූ ලියැවිලි පරීක්ෂා කළේය. ඉන් පසුව ඔහු ආපසු හැරී ප්‍රධාන පාර තෙක් දිව ගියේ ය. ඒ වන විට මෝටර් සයිකලය පැදවූ අය විජයගේ නිවෙස පසුකොට ගොස් ‘යූ’ ටර්න් ගෙන නැවත ඝාතකයා රැගෙන යාමට පැමිණ සිටියේ ය. ඒ මොහොතේ එතැනින් බස් රියක් ධාවනය විය. ඒ නිසා මාර්ගය අවහිර විය. ඝාතකයා රියදුරුට තර්ජනය කළේය. ඝාතකයා හොඳින් දැකගැනීමේ අවස්ථාව ඔවුන්ට හැකිවූයේ ඒ නිසාය.

යළි මෝටර් සයිකලයට නැගුණු ඝාතකයා හා අනෙකා පොල්හේන්ගොඩ දෙසට පලාගියේ අහසට ද වෙඩි තබමිනි.

ඒ සැණින් විජයගේ රියදුරා වූ දයාරත්න වහා එතැන තිබූ ඩබල් කැබ්රිය තුළට ගියේය. දයාරත්නට අවශ්‍ය වූයේ ඝාතකයන් ලුහුබැඳ යාමය. ඒ සැණින් ඝාතකයා ඔහු දෙසට සිය ගිනි අවිය දිගුකළේය. දයාරත්න නිවෙස තුළට දිවගියේ ඒවන විටත් ආයුධයක් ගෙන ඒමට නිවෙස තුළට ගිය ලලිත් කැඳවා ගැනීමටය. දයාරත්න යළි රථය පණ ගැන්වීය. ලලිත් රිපීටර් තුවක්කුවක් රැගෙන ඩබල් කැබ් රියේ පිටුපසට නැගුණේය.

ඝාතකයන් පොල්හේන්ගොඩ පාර ඔස්සේ කිරුලපන දෙසට මෝටර් සයිකලයෙන් පලා යන අයුරු ඔවුහු දුටුහ. ඔවුහු පොල්හේන්ගොඩ පාර සහ සීබල් ඇවනියු ඔස්සේ හයිලෙවල් පාර දක්වා ඝාතකයන් ලුහුබැන්ඳත් කිරුලපන සුසාන භූමිය අසලදී ඔවුන්ට ඝාතකයා රැගත් මෝටර් සයිකලය මඟ හැරිණි. ඉන්පසුව කිරුලපන පොලිසියට ගිය ඔවුහු ‘රිසව්’ එකේ සේවයේ යෙදී සිටි සැරයන් රාජේන්ද්‍රන්ට මේ බව දැනුම් දුන්හ.

ඒ අනුව කිරුලපන පොලිස් ස්ථානාධිපති ෂෙරිෆ්ඩීන් සිද්ධිය වූ තැනට මුලින් ම පැමිණි පොලිස් නිලධාරියා විය.

විජයගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ භාරවූයේ නාරහේන්පිට පොලිසියටය. ඒ වන විට එහි අපරාධ විමර්ශන භාර ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක නන්දන විජේරත්නය. ඔහු විජයගේ හොඳ මිතුරෙකි. වෙඩි තැබූ බව දැනගත් පොලිස් පරීක්ෂකවරයා සිය මෝටර් සයිකලයෙන් වහා පොල්හේන්ගොඩ විජයගේ නිවෙසට ආවේය. එතැන එකම ලේ විලකි. විජයගේ පාවහන්, පොත්පත් චිත්‍ර කිහිපයක් විසිරී තිබිණි. පොලිස් පරීක්ෂකවරයා එතැනට එන විටත් විජයව රෝහල කරා ගෙන ගොස් තිබුණේ ය. ටික මොහොතකින් තම මිතුරාට අත් වූ ඉරණම පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේය.

විජය රෝහලට ගෙන ගිය ද ඔහු ඊට පෙරම මිය ගොස් සිටියේ ය. හිස හා බෙල්ල පෙදෙසේ වෙඩි උණ්ඩ තුනක් සහ පපුව යටි බඩ පෙදෙසේ වෙඩි උණ්ඩ දෙකක් ද වැදී තිබුණි. උණ්ඩ සියල්ල සිරුර පසාරු කරගෙන ගොස්ය. විජයගේ හිස්කබල, මොළය, බෙල්ල, කොඳුඇට පුරුක්, පෙනහළු, ඉලඇට, වකුගඩු, අක්මාව සහ යටිබඩ ආදි ඉන්ද්රියයන් පාසාරු කරගෙන වෙඩි උණ්ඩ යාමෙන් ඒවාට බරපතල හානි සිදු වී තිබිණි.

පරීක්ෂණ පැවැත්වීම සඳහා පොල්හේන්ගොඩට පැමිණි පොලිස් නිලධාරින් අතර රසපරීක්ෂකවරයා ද විය. විමර්ශකයන් විසින් ස්ථානයේ දී සොයාගන්නා ලද හිස් පතොරම් පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් පසු විජයට වෙඩි තබා ඇත්තේ ටී 56 ස්වයංක්‍රීය ප්‍රහාර රයිපලයකින් බව ඒත්තු ගැණිනි.

නාරහේන්පිට පොලිසියට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ද විජයගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. එහි අධ්යක්ෂවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කනකරත්නම්ය. දෙවැන්නා පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාය. ඔවුන්ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරිණි.

විමර්ශකයන්ගේ එකම අදිටන වූයේ ඇසින් දුටු සාක්කි එකතු කරගැනීමය. ඇසින් දුටු සාක්කි කිහිපයක් ම වූහ. ඉන් කෙනෙකු වූයේ විජයගේ රියදුරා වූ දයාරත්නය. අනෙකා ආරක්ෂක නිලධාරියා ය. වෙඩි තබන මොහොතේ විජයගේ ගේට්ටුව අසල සිටි තවත් දෙදෙනකු ද ඒ මොහොතේ එතැනින් ගමන්ගත් බසයේ සිටි දෙදෙනකුගෙන් ද සාක්කි සටහන් කරගනු ලැබිණ.

ඝාතකයා අවුරුදු තිහක් වයසැති අයෙක් ලෙසට සැකකරනු ලැබීය. අඩි පහක් උස කෙට්ටු, මාංශපේශී හොඳින් වැඩුණු තරුණ පිරිමි අයෙක් ය. කොණ්ඩය නිසිලෙස පීරා නොතිබූ අතර රැළි සහිතය. උල් නහයක් හා සිහින් තොල් ඔහුට තිබිණි. සමස්තයක් වශයෙන් ඔහුට තිබුණේ බිහිසුණු පෙනුමකි. ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී සිටියේ ය.

ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා පැමිණි මෝටර් සයිකලය පැදවූ කෙනා මනාව වැඩුණු සිරුරකින් හෙබි අයෙකි. කළු පැහැතිය. මුහුණ පුරා රැවුල වැවී තිබුණු බවට ද අනාවරණය විය. ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා කවුදැයි හඳුනා ගැනීමේ විමර්ශන ආරම්භ කෙරුණු අතර “විජයට වෙඩි තැබූවේ ඇයි? විජය මරා දමන්නට තරම් ඔහු කළ වරද කිමෙක් ද... විජයට වෙඩි තැබුවේ කාගේ උවමනාවට ද...” ඒ සියල්ල හමුවේ නිරුත්තර වූ පොලිස් විමර්ශකයන් විජය ඝාතනය කළ සැකකරු හඳුනාගැනීම සඳහා සාක්කි උපයෝගී කරගත්තේය.

සාක්කි විමර්ශනයේ යෙදුණු නිලධාරිහු පොලිස් ඉතිහාසයේ පළමුවතාවට ඝාතකයාගේ හැඩරුවට සමාන රුවක් සිතුවම් කළේ ඉන් පසුවය. ඒ වන විට අද මෙන් තාක්ෂණයේ එතරම් දියුණුවක් නොතිබූ බැවින් ඝාතකයාගේ රුව ඇඳීම රහසිගතව සිදුවූයේ එක්තරා පත්තර කන්තෝරුවක් තුළය.

විජය කුමාරතුංගගේ දේහය

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාට පුද්ගලයකු පිළිබඳ ඔත්තුවක් ලැබෙනුයේ ඒ අතරය. කූඹිකැලේ පදිංචි ධර්මසේන ජවිපෙ ක්රියාකාරිකයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සරත් නැමති අයකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.

ඉන්පසුව පොලිසියට කොටුවන්නේ පොඩි මහත්තයා ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමඟ එකට පුහුණුව ලැබූවෙකි. ඝාතකයන්ට කඩ කාමරය ලැබෙන්නේ ඔහුගේ සැලැස්ම පරිදිය. ඔහු විජේවීර සමඟ සැමන්හිල් කෑම්ප් එකේ පුහුණුව ලැබීය. ‘දිලියා’ යන්න ඔහුට සංවිධානයෙන් ලැබුණු නමය. පොලිසිය ඒ අනුව ගොස් අදාළ කඩ කාමර යේ තිබූ කියත හා මිටිය සොයා ගත්හ.

එකින් එක මෙසේ හෙළිවෙද්දී පොලිසියට පැමිණි කෙනෙක් ගෙන් ලයනල් පිළිබඳ තොරතුරක් ලැබුණේ ය. ඒ සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ සහාය පොලිසියට ලැබුණේ ය. ලැබුණු සාක්කි අනුව අඳින ලද රූපයට සමාන රූපයක් ඔවුන් සතු විය. හොරණ ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑමට අත්අඩංගුවට පත් වූ ලයනල්ගේ රූපය රහස් ඔත්තු සේවය සතු විය.

ඒ අනුව ලයනල් සෙවීමේ පරීක්ෂණ ඇරඹුණේය.

අල්ලාගත් තරුණයන්ට හා බුද්ධි තොරතුරු අනුව ඝතකයා ‘ලයනල්’ නැමැත්තකු බව ඒත්තු ගැණින. ඒ වන විටත් ‘ලයනල්’ මිනිස් ඝාතන රැසක් සිදුකර තිබිණි. ඒ වන විට පරිගණකයෙන් සකසන ලද ඝාතකයාගේ රුව රැගත් ‘ලයනල්’ ගේ පිංතූර සියලු විමර්ශක නිලධාරින් වෙත ලබාදී තිබුණි.

සන්නද්ධ ක්‍රියාකාරින් නිතර නිතර බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාව අසලට එක්රොක් වන බවත් සැලසුම් කිරීම් කතා බස් කිරීම්, හමුවීම් එතැන දී සිදු කරන බවත් ඒ වන විට විමර්ශකයෝ දැන සිටියහ.

නිලධාරින් කාගේත් උනන්දුව වූයේ හැකි ඉක්මනින් ‘ලයනල්’ ව කොටුකර ගැනීමටය. සෑම නිලධාරියෙකු සතුවම ‘ලයනල්’ ගේ ඡායාරූප දෙකක් විය. එකක් පරිගණකයෙන් සකසන ලද රූපයයි. අනෙක කැමරාවකින් ගත් ‘ලයනල්’ ගේ ඡායාරූපයය.

මේ අතර ඒ වන විට දිගින් දිගට ම මිනිස් ඝාතන සිදුවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් දින දෙකකට වරක්වත් නිලධාරින් සඳහා විශේෂ සාකච්ඡා හා උපදෙස් පන්ති පවත්වන ලදී. සොයාගත් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබීය.

නාඳුනන තුවක්කුකරුවන් බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීම සඳහා ටී. පනස්හය රැගෙන ගියේ ‘හවා බෑග්’ ලෙස හැඳින්වූ රෙදි බෑගය තුළ දමාගෙනය. ඒ නිසා එවැනි බෑග් රැගෙන යන්න වුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස නිලධාරින්ට උපදෙස් ලැබී තිබිණ.

කාලය මෙසේ ගෙවී ගියේ සති මාස ගණන් පසුකරමින් ය. එහෙත් විමර්ශකයන් සිය මෙහෙයුම් නතර කර නොතිබුණි. කණ්ඩායම් තුනක් ඒ වන විටත් විජය ඝාතකයා ඇල්ලීමේ කටයුතුවල රහසිගතව නිරතව සිටියහ. ඉන් එක් කණ්ඩායමක් උප පොලිස් පරීක්ෂක විමලරත්න යටතේ ක්‍රියාත්මක විය. ඩයස් හා බැසිල් ඔහු යටතේ රාජකාරි කළේය. විජය ඝාතකයාගේ රුවද ඔවුන් සතුවිය. ඝාතකයා සොයා ඔවුහු මුළු නගරයම පීරන්නට වූහ.

ඒ 1989 මාර්තු මස 14 වැනිදාය. කොළඹ විශ්වවිද්‍යාලය අසලට එන එක්තරා පුද්ගලයකු ගැන ඔත්තුවක් ගන්නට ඩයස් රාළහාමිට නියමව තිබුණේ ය. ඒ ඔහු එතැනට එන්නේ ද නැද්ද දැන ගැනීමටය. ඩයස් එතැනට ගියේ බැසිල් රාළහාමි ද සමඟය. ඒ වන විට උදෑසන නවයට පමණ ඇත. ග්‍රෙගරි පාර දිගේ ඇවිද ගිය ඔවුන් බෞද්ධාලෝක මාවතට වැටී තුන්මුල්ල පැත්තට හැරුණි. ඉදිරියෙන් එක් පැත්තක බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවය. ඒ පැත්තෙන් ඇවිදගෙන ඉදිරියට පැමිණි ඔවුහු සමස්ත ලංකා බෞද්ධ සංගම් ගොඩනැගිල්ල පසුකරමින් සිටියහ. කෙනෙකු ඉදිරියට පැමිණෙමින් සිටියේ ය. ඩයස්ට කිසියම් සැකයක් ආවේය. මතකයේ රැඳුණු රුවක් ඔහුගේ සිතට නැගුණේය. ‘ඔය එන්නේ ලයනල්’

ඩයස් සිය සගයා වූ බැසිල්ට කීවේ ය. ඒ වන විටත් සැකකරු ඔවුන් දෙදෙනා ළඟ නතර වී සිටියේ ය.

‘ලයනල් කොහේද යන්නේ’ ඩයස් විමසුවේය’.

‘මම ලයනල් නෙමේ. ප්‍රනාන්දු’

හෙතෙම සිය සාක්කුවේ තිබූ හැඳුනුම්පත ඔවුන්ට දිගු කළේය. ඇත්තය. හොරණගේ පියසිරි ප්‍රනාන්දු ලෙස හැඳුනුම්පතේ සටහන් වී තිබුණේය. ක්‍රියාත්මක වූ ඩයස් සැකකරුගේ පිටුපසින් අත දමා ඉනේ තිබූ පටියෙන් අල්ලා ගත්තේ ය.

ඒ වන විටත් බැසිල් ත්රිවිලරයක් නතරකොට තිබුණේය. ඩයස්ට අවශ්‍ය වූයේ සැකකරුව C. D. B මූලස්ථානයට ගෙන යාමට ය. ඒ වගක් නොපෙන්වා ඩයස් ත්‍රිවිලර් රියදුරාගෙන් ඇසුවේ ‘බොරැල්ලට යන්න කීයක් ගන්නවාද’ කියාය. ඒ තිදෙනාම ත්‍රිවිලරයට ගොඩවූහ.

‘මෙතැනින් ළඟයි මෙහෙන් යමු’

ඩයස් ත්‍රිවිලර් රියදුරාට කීවේය. ඩයස්ට අවශ්‍යවූයේ සැකකරු කෙලින්ම කාර්යාලයට රැගෙන යන්නටය. ටික මොහොතකින් ඔවුහු රැගත් ත්‍රිරෝද රිය ග්‍රෙගරි පාර කාර්යාලය අසල නතර විය. සැකකරු රියෙන් බස්සාගත් ඩයස් ඔහුව අල්ලාගෙන කාර්යාලයට ඇතුළු වූයේ ‘ලයනල් ඇල්ලුවා’ යයි කියමින්ය. ඒ සමඟම ඔහු වටා සියලුම නිලධාරින් රැස් වූයේ ලයනල් යනු කවුදැයි දැක බලාගන්නටය. සැකකරු රැගෙන ඩයස් පොලිසියට ගියේ අධ්යක්ෂවරයාගේ කාමරයටය.

‘සර්... ලයනල් ... ඇල්ලුවා..’

අධ්යක්ෂවරයා ඉදිරි කාමරේ සිටි පොලිස් අධිකාරි ගාමිණි පෙරේරාට කතා කළේය. ඔහු ද එතැනට ආවේය. ඉන්පසුව සැකකරු පරීක්ෂා කළ ද ඔහු කීවේ තමා හොරණගේ පියසිරි ප්‍රනාන්දු බවය.

‘මම යාළුවෙක් හම්බ වෙන්න වයි. එම්. බී. ඒ. එක ළඟට ආවා. මම ලයනල් නෙමේ. ඔයාලට වැරදිලා මම පියසිරි..’

ඒත් සැකකරුට වඩා නිලධාරිහු තීක්ෂණ වූහ. සැකකරුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු තමා ලයනල් බව ඔහු පිළිගත්තේ ය. ලයනල් හෙවත් ලයනල් රණසිංහ හෙවත් මහින්ද හෙවත් ජයතිලක හෙවත් ගාමිණී තමා බව ඔහු කීවේ ය. ඒ වන විට ඔහුගේ රුව රැගත් ඡායාරූප බැසිල් විසින් ඔහුට පෙන්වද්දී ඔහුට තවත් බොරු කීමට නොහැකි විය.

“අපි මිනිහව වයි. එම්. බී. ඒ එක ළඟට අරගෙන යමු’ පොලිස් අධිකාරිවරයා කීය. ඒ අනුව විශේෂිත වාහනයක් සුදානම් කෙරිණ. ඉදිරියෙන් හා පිටුපසින් ගිය ආරක්ෂක රථ දෙකකින් මැද රථයේ ලයනල් විය. වයි. එම්. බී. ඒ. එක ළඟට ගියත් ඔහු හමුවන්නට පැමිණෙන බව කියූ තැනැත්තා එතැන නොවීය.

‘උඹ නේද විජයව මැරුවේ.’

එතැන සිටි නිලධාරියකු වාහනයේ යන ගමන් ලයනල් ගෙන් ඇහුවේය.

‘ඔව්..’ ලයනල් හිස සැලුවේය.

[QUOTE="malakadss, post: 25384192, member: 179884"] [IMG]https://i.ibb.co/RDYYnVH/wijaya.jpg[/IMG] [IMG]https://i1.wp.com/janayugaya.lk/wp-content/uploads/2019/10/Janayugaya-Web-Image-Vijaya-Kumaratunga-2.jpg?resize=768%2C433&ssl=1[/IMG] [SIZE="4"]විජයගේ ඝාතකයා ඇල්ලූවේ මෙහෙමයි වේලාව දහවල් දොළහට ආසන්න ය. විජය සිය පුතු විමුක්ති හා දියණිය යශෝධරා සමඟ නිවසින් පිටතට පැමිණෙමින් සිටියේ ය. නිවසේ ගේට්ටුව දක්වා පැමිණි විජය ගේට්ටුව ඉදිරිපිට ටැක්සි රියදුරු හේමපාල හා ආරක්ෂක නියාමක පතිරාජ සමඟ කතා බස් කළේය. ඒ අතරතුර 27 ශ්‍රී 2727 ඩැට්සන් පිකප් වාහනය දයාරත්න විසින් නිවසේ පැති පිවිසුමේ සිට බොරළු පාර දිගේ ප්‍රධාන පාරට පැමිණ තිබුණේ ය. රත්ගම උපාලි ද එහිවිය. විජය ගේට්ටුවෙන් පිටත සිටගෙන වෙනත් අය සමඟ කතා කරමින් සිටිය දී පිකප් රථයේ සිටි උපාලි වාහනයෙන් බැස විජය දෙසට ආවේ ය. ඒ සැණින් එතැනට පැමිණියේ හොන්ඩා C D ZOO වර්ගයේ මෝටර් සයිකලයකි. පොල්හේන්ගොඩ දෙසින් පැමිණි බයිසිකලයේ බඳ රතු පාටය. මඩවැස්ම නිකල් ආලේපිතය. සයිකලය නතරවීමටත් පෙර පසුපස අසුනේ වාඩිවී සිටි අය ස්වයංක්‍රීය ගිනිඅවියකින් විජය සිටි දෙසට වෙඩි තබන්නට විය. ඉන්පසුව බයිසිකලෙන් පිටතට බැසගත් ඔහු දිගටම වෙඩි තබමින් විජය දෙසට දිව ගියේ ය. වෙඩි පහරවල් විජයගේ පිටු පසට වැදුණු අතර ඔහු එතැනම මුණින් අතට වැටුණේය. ඝාතකයා වැටුණු විජය අසලට ම පැමිණ විජයගේ හිසට ද වෙඩි තැබීය. විජය සමඟ සිටි රත්ගම උපාලි ද වෙඩි වැදී බිම වැටී සිටියේ ය. දයාරත්න වාඩි වී සිටි ඩැට්සන් පිකප් රථයට ද ඝාතකයා වෙඩි තැබීය. ඒත් තුවාල නොලබා දිවි ගලවා ගන්නට දයාරත්නට හැකිවිය. වෙඩි තැබීමෙන් පසු ඝාතකයා පහළට නැමී ඒ මොහොතේ විජය ගෙන යමින් තිබූ ලියැවිලි පරීක්ෂා කළේය. ඉන් පසුව ඔහු ආපසු හැරී ප්‍රධාන පාර තෙක් දිව ගියේ ය. ඒ වන විට මෝටර් සයිකලය පැදවූ අය විජයගේ නිවෙස පසුකොට ගොස් ‘යූ’ ටර්න් ගෙන නැවත ඝාතකයා රැගෙන යාමට පැමිණ සිටියේ ය. ඒ මොහොතේ එතැනින් බස් රියක් ධාවනය විය. ඒ නිසා මාර්ගය අවහිර විය. ඝාතකයා රියදුරුට තර්ජනය කළේය. ඝාතකයා හොඳින් දැකගැනීමේ අවස්ථාව ඔවුන්ට හැකිවූයේ ඒ නිසාය. යළි මෝටර් සයිකලයට නැගුණු ඝාතකයා හා අනෙකා පොල්හේන්ගොඩ දෙසට පලාගියේ අහසට ද වෙඩි තබමිනි. ඒ සැණින් විජයගේ රියදුරා වූ දයාරත්න වහා එතැන තිබූ ඩබල් කැබ්රිය තුළට ගියේය. දයාරත්නට අවශ්‍ය වූයේ ඝාතකයන් ලුහුබැඳ යාමය. ඒ සැණින් ඝාතකයා ඔහු දෙසට සිය ගිනි අවිය දිගුකළේය. දයාරත්න නිවෙස තුළට දිවගියේ ඒවන විටත් ආයුධයක් ගෙන ඒමට නිවෙස තුළට ගිය ලලිත් කැඳවා ගැනීමටය. දයාරත්න යළි රථය පණ ගැන්වීය. ලලිත් රිපීටර් තුවක්කුවක් රැගෙන ඩබල් කැබ් රියේ පිටුපසට නැගුණේය. ඝාතකයන් පොල්හේන්ගොඩ පාර ඔස්සේ කිරුලපන දෙසට මෝටර් සයිකලයෙන් පලා යන අයුරු ඔවුහු දුටුහ. ඔවුහු පොල්හේන්ගොඩ පාර සහ සීබල් ඇවනියු ඔස්සේ හයිලෙවල් පාර දක්වා ඝාතකයන් ලුහුබැන්ඳත් කිරුලපන සුසාන භූමිය අසලදී ඔවුන්ට ඝාතකයා රැගත් මෝටර් සයිකලය මඟ හැරිණි. ඉන්පසුව කිරුලපන පොලිසියට ගිය ඔවුහු ‘රිසව්’ එකේ සේවයේ යෙදී සිටි සැරයන් රාජේන්ද්‍රන්ට මේ බව දැනුම් දුන්හ. ඒ අනුව කිරුලපන පොලිස් ස්ථානාධිපති ෂෙරිෆ්ඩීන් සිද්ධිය වූ තැනට මුලින් ම පැමිණි පොලිස් නිලධාරියා විය. විජයගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ භාරවූයේ නාරහේන්පිට පොලිසියටය. ඒ වන විට එහි අපරාධ විමර්ශන භාර ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක නන්දන විජේරත්නය. ඔහු විජයගේ හොඳ මිතුරෙකි. වෙඩි තැබූ බව දැනගත් පොලිස් පරීක්ෂකවරයා සිය මෝටර් සයිකලයෙන් වහා පොල්හේන්ගොඩ විජයගේ නිවෙසට ආවේය. එතැන එකම ලේ විලකි. විජයගේ පාවහන්, පොත්පත් චිත්‍ර කිහිපයක් විසිරී තිබිණි. පොලිස් පරීක්ෂකවරයා එතැනට එන විටත් විජයව රෝහල කරා ගෙන ගොස් තිබුණේ ය. ටික මොහොතකින් තම මිතුරාට අත් වූ ඉරණම පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේය. විජය රෝහලට ගෙන ගිය ද ඔහු ඊට පෙරම මිය ගොස් සිටියේ ය. හිස හා බෙල්ල පෙදෙසේ වෙඩි උණ්ඩ තුනක් සහ පපුව යටි බඩ පෙදෙසේ වෙඩි උණ්ඩ දෙකක් ද වැදී තිබුණි. උණ්ඩ සියල්ල සිරුර පසාරු කරගෙන ගොස්ය. විජයගේ හිස්කබල, මොළය, බෙල්ල, කොඳුඇට පුරුක්, පෙනහළු, ඉලඇට, වකුගඩු, අක්මාව සහ යටිබඩ ආදි ඉන්ද්රියයන් පාසාරු කරගෙන වෙඩි උණ්ඩ යාමෙන් ඒවාට බරපතල හානි සිදු වී තිබිණි. පරීක්ෂණ පැවැත්වීම සඳහා පොල්හේන්ගොඩට පැමිණි පොලිස් නිලධාරින් අතර රසපරීක්ෂකවරයා ද විය. විමර්ශකයන් විසින් ස්ථානයේ දී සොයාගන්නා ලද හිස් පතොරම් පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් පසු විජයට වෙඩි තබා ඇත්තේ ටී 56 ස්වයංක්‍රීය ප්‍රහාර රයිපලයකින් බව ඒත්තු ගැණිනි. නාරහේන්පිට පොලිසියට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ද විජයගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. එහි අධ්යක්ෂවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කනකරත්නම්ය. දෙවැන්නා පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාය. ඔවුන්ගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරිණි. විමර්ශකයන්ගේ එකම අදිටන වූයේ ඇසින් දුටු සාක්කි එකතු කරගැනීමය. ඇසින් දුටු සාක්කි කිහිපයක් ම වූහ. ඉන් කෙනෙකු වූයේ විජයගේ රියදුරා වූ දයාරත්නය. අනෙකා ආරක්ෂක නිලධාරියා ය. වෙඩි තබන මොහොතේ විජයගේ ගේට්ටුව අසල සිටි තවත් දෙදෙනකු ද ඒ මොහොතේ එතැනින් ගමන්ගත් බසයේ සිටි දෙදෙනකුගෙන් ද සාක්කි සටහන් කරගනු ලැබිණ. ඝාතකයා අවුරුදු තිහක් වයසැති අයෙක් ලෙසට සැකකරනු ලැබීය. අඩි පහක් උස කෙට්ටු, මාංශපේශී හොඳින් වැඩුණු තරුණ පිරිමි අයෙක් ය. කොණ්ඩය නිසිලෙස පීරා නොතිබූ අතර රැළි සහිතය. උල් නහයක් හා සිහින් තොල් ඔහුට තිබිණි. සමස්තයක් වශයෙන් ඔහුට තිබුණේ බිහිසුණු පෙනුමකි. ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු කොට කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී සිටියේ ය. ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා පැමිණි මෝටර් සයිකලය පැදවූ කෙනා මනාව වැඩුණු සිරුරකින් හෙබි අයෙකි. කළු පැහැතිය. මුහුණ පුරා රැවුල වැවී තිබුණු බවට ද අනාවරණය විය. ඇසින් දුටු සාක්කි අනුව ඝාතකයා කවුදැයි හඳුනා ගැනීමේ විමර්ශන ආරම්භ කෙරුණු අතර “විජයට වෙඩි තැබූවේ ඇයි? විජය මරා දමන්නට තරම් ඔහු කළ වරද කිමෙක් ද... විජයට වෙඩි තැබුවේ කාගේ උවමනාවට ද...” ඒ සියල්ල හමුවේ නිරුත්තර වූ පොලිස් විමර්ශකයන් විජය ඝාතනය කළ සැකකරු හඳුනාගැනීම සඳහා සාක්කි උපයෝගී කරගත්තේය. සාක්කි විමර්ශනයේ යෙදුණු නිලධාරිහු පොලිස් ඉතිහාසයේ පළමුවතාවට ඝාතකයාගේ හැඩරුවට සමාන රුවක් සිතුවම් කළේ ඉන් පසුවය. ඒ වන විට අද මෙන් තාක්ෂණයේ එතරම් දියුණුවක් නොතිබූ බැවින් ඝාතකයාගේ රුව ඇඳීම රහසිගතව සිදුවූයේ එක්තරා පත්තර කන්තෝරුවක් තුළය. විජය කුමාරතුංගගේ දේහය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාට පුද්ගලයකු පිළිබඳ ඔත්තුවක් ලැබෙනුයේ ඒ අතරය. කූඹිකැලේ පදිංචි ධර්මසේන ජවිපෙ ක්රියාකාරිකයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සරත් නැමති අයකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත. ඉන්පසුව පොලිසියට කොටුවන්නේ පොඩි මහත්තයා ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමඟ එකට පුහුණුව ලැබූවෙකි. ඝාතකයන්ට කඩ කාමරය ලැබෙන්නේ ඔහුගේ සැලැස්ම පරිදිය. ඔහු විජේවීර සමඟ සැමන්හිල් කෑම්ප් එකේ පුහුණුව ලැබීය. ‘දිලියා’ යන්න ඔහුට සංවිධානයෙන් ලැබුණු නමය. පොලිසිය ඒ අනුව ගොස් අදාළ කඩ කාමර යේ තිබූ කියත හා මිටිය සොයා ගත්හ. එකින් එක මෙසේ හෙළිවෙද්දී පොලිසියට පැමිණි කෙනෙක් ගෙන් ලයනල් පිළිබඳ තොරතුරක් ලැබුණේ ය. ඒ සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ සහාය පොලිසියට ලැබුණේ ය. ලැබුණු සාක්කි අනුව අඳින ලද රූපයට සමාන රූපයක් ඔවුන් සතු විය. හොරණ ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑමට අත්අඩංගුවට පත් වූ ලයනල්ගේ රූපය රහස් ඔත්තු සේවය සතු විය. ඒ අනුව ලයනල් සෙවීමේ පරීක්ෂණ ඇරඹුණේය. අල්ලාගත් තරුණයන්ට හා බුද්ධි තොරතුරු අනුව ඝතකයා ‘ලයනල්’ නැමැත්තකු බව ඒත්තු ගැණින. ඒ වන විටත් ‘ලයනල්’ මිනිස් ඝාතන රැසක් සිදුකර තිබිණි. ඒ වන විට පරිගණකයෙන් සකසන ලද ඝාතකයාගේ රුව රැගත් ‘ලයනල්’ ගේ පිංතූර සියලු විමර්ශක නිලධාරින් වෙත ලබාදී තිබුණි. සන්නද්ධ ක්‍රියාකාරින් නිතර නිතර බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාව අසලට එක්රොක් වන බවත් සැලසුම් කිරීම් කතා බස් කිරීම්, හමුවීම් එතැන දී සිදු කරන බවත් ඒ වන විට විමර්ශකයෝ දැන සිටියහ. නිලධාරින් කාගේත් උනන්දුව වූයේ හැකි ඉක්මනින් ‘ලයනල්’ ව කොටුකර ගැනීමටය. සෑම නිලධාරියෙකු සතුවම ‘ලයනල්’ ගේ ඡායාරූප දෙකක් විය. එකක් පරිගණකයෙන් සකසන ලද රූපයයි. අනෙක කැමරාවකින් ගත් ‘ලයනල්’ ගේ ඡායාරූපයය. මේ අතර ඒ වන විට දිගින් දිගට ම මිනිස් ඝාතන සිදුවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් දින දෙකකට වරක්වත් නිලධාරින් සඳහා විශේෂ සාකච්ඡා හා උපදෙස් පන්ති පවත්වන ලදී. සොයාගත් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබීය. නාඳුනන තුවක්කුකරුවන් බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීම සඳහා ටී. පනස්හය රැගෙන ගියේ ‘හවා බෑග්’ ලෙස හැඳින්වූ රෙදි බෑගය තුළ දමාගෙනය. ඒ නිසා එවැනි බෑග් රැගෙන යන්න වුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස නිලධාරින්ට උපදෙස් ලැබී තිබිණ. කාලය මෙසේ ගෙවී ගියේ සති මාස ගණන් පසුකරමින් ය. එහෙත් විමර්ශකයන් සිය මෙහෙයුම් නතර කර නොතිබුණි. කණ්ඩායම් තුනක් ඒ වන විටත් විජය ඝාතකයා ඇල්ලීමේ කටයුතුවල රහසිගතව නිරතව සිටියහ. ඉන් එක් කණ්ඩායමක් උප පොලිස් පරීක්ෂක විමලරත්න යටතේ ක්‍රියාත්මක විය. ඩයස් හා බැසිල් ඔහු යටතේ රාජකාරි කළේය. විජය ඝාතකයාගේ රුවද ඔවුන් සතුවිය. ඝාතකයා සොයා ඔවුහු මුළු නගරයම පීරන්නට වූහ. ඒ 1989 මාර්තු මස 14 වැනිදාය. කොළඹ විශ්වවිද්‍යාලය අසලට එන එක්තරා පුද්ගලයකු ගැන ඔත්තුවක් ගන්නට ඩයස් රාළහාමිට නියමව තිබුණේ ය. ඒ ඔහු එතැනට එන්නේ ද නැද්ද දැන ගැනීමටය. ඩයස් එතැනට ගියේ බැසිල් රාළහාමි ද සමඟය. ඒ වන විට උදෑසන නවයට පමණ ඇත. ග්‍රෙගරි පාර දිගේ ඇවිද ගිය ඔවුන් බෞද්ධාලෝක මාවතට වැටී තුන්මුල්ල පැත්තට හැරුණි. ඉදිරියෙන් එක් පැත්තක බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවය. ඒ පැත්තෙන් ඇවිදගෙන ඉදිරියට පැමිණි ඔවුහු සමස්ත ලංකා බෞද්ධ සංගම් ගොඩනැගිල්ල පසුකරමින් සිටියහ. කෙනෙකු ඉදිරියට පැමිණෙමින් සිටියේ ය. ඩයස්ට කිසියම් සැකයක් ආවේය. මතකයේ රැඳුණු රුවක් ඔහුගේ සිතට නැගුණේය. ‘ඔය එන්නේ ලයනල්’ ඩයස් සිය සගයා වූ බැසිල්ට කීවේ ය. ඒ වන විටත් සැකකරු ඔවුන් දෙදෙනා ළඟ නතර වී සිටියේ ය. ‘ලයනල් කොහේද යන්නේ’ ඩයස් විමසුවේය’. ‘මම ලයනල් නෙමේ. ප්‍රනාන්දු’ හෙතෙම සිය සාක්කුවේ තිබූ හැඳුනුම්පත ඔවුන්ට දිගු කළේය. ඇත්තය. හොරණගේ පියසිරි ප්‍රනාන්දු ලෙස හැඳුනුම්පතේ සටහන් වී තිබුණේය. ක්‍රියාත්මක වූ ඩයස් සැකකරුගේ පිටුපසින් අත දමා ඉනේ තිබූ පටියෙන් අල්ලා ගත්තේ ය. ඒ වන විටත් බැසිල් ත්රිවිලරයක් නතරකොට තිබුණේය. ඩයස්ට අවශ්‍ය වූයේ සැකකරුව C. D. B මූලස්ථානයට ගෙන යාමට ය. ඒ වගක් නොපෙන්වා ඩයස් ත්‍රිවිලර් රියදුරාගෙන් ඇසුවේ ‘බොරැල්ලට යන්න කීයක් ගන්නවාද’ කියාය. ඒ තිදෙනාම ත්‍රිවිලරයට ගොඩවූහ. ‘මෙතැනින් ළඟයි මෙහෙන් යමු’ ඩයස් ත්‍රිවිලර් රියදුරාට කීවේය. ඩයස්ට අවශ්‍යවූයේ සැකකරු කෙලින්ම කාර්යාලයට රැගෙන යන්නටය. ටික මොහොතකින් ඔවුහු රැගත් ත්‍රිරෝද රිය ග්‍රෙගරි පාර කාර්යාලය අසල නතර විය. සැකකරු රියෙන් බස්සාගත් ඩයස් ඔහුව අල්ලාගෙන කාර්යාලයට ඇතුළු වූයේ ‘ලයනල් ඇල්ලුවා’ යයි කියමින්ය. ඒ සමඟම ඔහු වටා සියලුම නිලධාරින් රැස් වූයේ ලයනල් යනු කවුදැයි දැක බලාගන්නටය. සැකකරු රැගෙන ඩයස් පොලිසියට ගියේ අධ්යක්ෂවරයාගේ කාමරයටය. ‘සර්... ලයනල් ... ඇල්ලුවා..’ අධ්යක්ෂවරයා ඉදිරි කාමරේ සිටි පොලිස් අධිකාරි ගාමිණි පෙරේරාට කතා කළේය. ඔහු ද එතැනට ආවේය. ඉන්පසුව සැකකරු පරීක්ෂා කළ ද ඔහු කීවේ තමා හොරණගේ පියසිරි ප්‍රනාන්දු බවය. ‘මම යාළුවෙක් හම්බ වෙන්න වයි. එම්. බී. ඒ. එක ළඟට ආවා. මම ලයනල් නෙමේ. ඔයාලට වැරදිලා මම පියසිරි..’ ඒත් සැකකරුට වඩා නිලධාරිහු තීක්ෂණ වූහ. සැකකරුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු තමා ලයනල් බව ඔහු පිළිගත්තේ ය. ලයනල් හෙවත් ලයනල් රණසිංහ හෙවත් මහින්ද හෙවත් ජයතිලක හෙවත් ගාමිණී තමා බව ඔහු කීවේ ය. ඒ වන විට ඔහුගේ රුව රැගත් ඡායාරූප බැසිල් විසින් ඔහුට පෙන්වද්දී ඔහුට තවත් බොරු කීමට නොහැකි විය. “අපි මිනිහව වයි. එම්. බී. ඒ එක ළඟට අරගෙන යමු’ පොලිස් අධිකාරිවරයා කීය. ඒ අනුව විශේෂිත වාහනයක් සුදානම් කෙරිණ. ඉදිරියෙන් හා පිටුපසින් ගිය ආරක්ෂක රථ දෙකකින් මැද රථයේ ලයනල් විය. වයි. එම්. බී. ඒ. එක ළඟට ගියත් ඔහු හමුවන්නට පැමිණෙන බව කියූ තැනැත්තා එතැන නොවීය. ‘උඹ නේද විජයව මැරුවේ.’ එතැන සිටි නිලධාරියකු වාහනයේ යන ගමන් ලයනල් ගෙන් ඇහුවේය. ‘ඔව්..’ ලයනල් හිස සැලුවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom