Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයගේ ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ එතෙක් මෙතෙක් කල් බිහි වුනු දක්ෂතම මෙන්ම ජනප්‍රියම සිනමා නළුවා විජය කුමාරතුංගය. අද වන විට ඔහු මිය ගොස් වසර 29 ක් ඉක්ම ගියත් තවමත් ඔහුගේ රුව කුඩා දරුවකු පවා නමින් හෝ දන්නා තරමටම ඔහු පිළිබදව අදටත් කතා බහ කරයි. හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමා දිවියට පා තැබු විජය ඉන්පසු ගායකයකු ලෙසද පසුව දේශපාලඥයකු ලෙසද කැපී පෙනන චරිතයක් වුනු පුද්ගලයෙකි.

1945 ඔක්තෝම්බර් 9දා උපත ලබා 1986 පෙබරවාරි 16 දින වෙඩි වරුසාවකින් මුළු ලංකාවම හඩවවා මෙලොවින් සමුගත් විජය ඝාතනය කල ලයනල් රණසිංහ ඒ පිළිබදව කියන්නේ මෙලෙසයි.

වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්ම ගිය දෙදෙනා කිරුළපන පාර දිගේ පැමිණියේ පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ තමන් පාලගේ ගරාජයට ගොස් තුවක්කුව රැගෙන එන තෙක් බයිසිකලයෙන් රවුමක් ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල් තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල ශ්‍රී කාන්ත සහ තවත් අයෙකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ ගරාජයේ තිබෙන තුවක්කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගයකිට්ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය.

ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල් විජයගේ නිවස ඉදිරිපිට කුළියට ගත් ස්ථානයේ හිමිකරුගේ නිවස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත.

කඩයේ හිමිකරු එනතෙක් පැය භාගයක් පමණ දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටින විට ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාවය හමුවේ රටේ කාටත් විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක් විය. ඔහු බැලීම සදහා පමණක් දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්ථානවලට රැස්වීම සුලබ සිද්ධියක් විය. මෙදින විජයගේ පැමිණීම අපේක්ෂාවෙන් දින සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට පාරේ එහා පැත්තට වන්නට කාරයක් තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි. වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක් වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක් බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක් පමණය.

ඉර මුදුන්වෙන යාමය පරිස්සම් විය යුතු මොහොතක් බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක් සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්ථාව විස්තර කර තිබුණේ මෙසේය.

තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය ඉන් බැස නිවසට ගියේය. නිවසට ඇතුල්වන ගේට්ටුව ඉදිරියේ සුදු ඩට්සන් ඩබල් කැබ් රථයක් නතර කර තිබුණි.

“විජය කුමාරතුංග ආවා” ටාසන් විසින් ලයනල්ට පවසන විටත් ලයනල් ඒ සියල්ල බලා සිටියේය.

“විඡේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා එතකොට කරමුද? ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය.

තුවක්කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක් බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්කය එනතුරු සිටීම හොද බව ටාසන්ගේ අදහස විය.

බෑගය තබා තිබූ තම්බිගේ නිවසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලාගෙන බයිසිකලයට නැගුණි. තුවක්කුව තබන්නට කියූ නිවස හෙවත් සමන්තගේ නිවසට වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය.

කතාන්දරයේ උච්ච අවස්ථාව ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විස්තර කරමින් සිටින විට එහි අධ්‍යක්ෂක චන්ද්‍ර ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක් විමසුවේය.

මේ ගෙදර හිටපු පුද්ගලයා ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද?

විජයට වෙඩි තබන්න යන බව මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ.

එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද? ඔව්. පාල ඒ බව දැන සිටියා.

අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය.

“අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක් හෝ හයක් පමණ පාරේ සිටින විට විජය කුමාරතුංග නිවසින් එළියට එනවා අපි දැක්කා. ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්ටුව ළඟ සිටි කෙනෙක් එක්ක කතා කළා. ඒ එක්කම හේරත්(ටාසන් වීරසිංහ) සහ මා බයිසිකලයට නැග්ගා. මා බෑග් එක ඔඩොක්කුවේ තබාගෙන සිප් එක ඇර සේප්ටිය පහළට දැම්මා. තුවක්කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවති සිටි ස්ථානයට යාර 20ක් පමණ දුරින් පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා.

විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොල දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක් සමග කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට ටී පනස් හයේ රයිපලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස් ඔහුගේ ඔලුවට වෙඩි කිහිපයක් තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුටද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්කෙනෙක් හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවාගෙන කිරුලපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා.

මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොල වගයක් වැටුණා. ඒ වෙනකොට තුවක්කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා බෑග් එක අහුලාගෙන තුවක්කුව බෑග් එකට දා ගෙන මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩිවුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා. එම අවස්ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස් එකක් ආවා. අප පොල්හේන්ගොඩ පාර දිගේ ගොස් බයිසිකලය තියන්නට කියූ නිවසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී මා තුවක්කුව තිබුණු බෑගය අරගෙන තුවක්කුව තියන්න කියූ නිවසට ගියා. පාල කලින් හඳුන්වාදුන් පුද්ගලයා එහි සිටියා. එම නිවසේ කාමරයකට ගොස් පාල මට හඳුන්වාදුන් පුද්ගලයා ඉදිරියේ තුවක්කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට් එකේ ලේ තියෙනවා දැක්කා.

ඔබගේ ටීෂර්ට් එකට ලේ ආවේ කෙසේද?

මා හිතන්නේ මම නැවි ෆයිල් එක ගන්න යන විට ෆයිල් එකේ තිබ්බ ලේ ගෑවෙන්න ඇති. ඒත් ටීෂර්ට් එකේ ලේ ගෑවුණේ කොහොමද කියලා මට හරියට හිතා ගන්න බැහැ. මා තුවක්කුව බෑග් එක ඇතුළට දමා ග්රෙනේඩයද එයට දැම්මා. නිවසේ සිටි කෙනාට බෑග් එක දීලා එය අරන් තබන ලෙස කිව්වා.

මගේ ටීෂර්ට් එක ගලවා ඔහුගෙන් මම ෂර්ට් එකක් ඉල්ලා ගත්තා. ඒක සුදු පාට අත් දිග ෂර්ට් එකක්. ටීෂර්ට් එක පුච්චලා හෝ වෙන දෙයක් කරලා දාන්න කියලා මම කිව්වා. ඊට පසු මම හේරත් මෝටර් සයිකලය තබාගෙන සිටි නිවසට ගියා. මා යන විට එම නිවසේ ගේට්ටුව ඇරලා තිබ්බා. එහි මෝටර් සයිකලය තබා තිබුණා. තුවක්කුව තැබූ නිවස පිටුපසින් පාරක් තිබුණා. මා සහ හේරත් එම පාර දිගේ පිළියන්දල බස් යන පාරට ආවා. අප දෙදෙනා පිළියන්දල යන බසයකට නැගී දයාසාන් ටේලර් සාප්පුවට පැමිණියා. සරත් එහි සිටියා. විජය කුමාරතුංගට මා වෙඩි තබන විට දවල් 12.30 ට පමණ ඇත. සවස හතරට පමණ අපි දයාසාන් ටේලර් සාප්පුවෙන් පිටත්ව දාම්පේ නිවසට පැමිණියා. එදා රාත්‍රී නවයට විතර අශෝකා ආවා. ඔහු පැමිණියේ තනිවම. මා සහ හේරත් විසින් අශෝකාට විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කිව්වා. කට පරිස්සම් කර ගන්න කියා අශෝකා කිව්වා. එදා රෑ අශෝකා නැවතුණේ අප සිටි නිවසෙයි.

ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන විට විජය ඇඳ සිටි ඇදුම් මොනවාද?

ඔහු ඇඳ සිටියේ තද පාට කලිසමක්. පාට මතක නැහැ. කමිසයේ පාට මතකත් නැහැ. විජය කුමාරතුංග වැටී සිටින විට ඔහුගේ ඔලුවට මා වෙඩි තබන අවස්ථාවේදී ඔහුගේ ඔලුවේ බොරු කොණ්ඩයක් තිබී ගැලවී වැටුණා.

ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබූ පසු ඔහු ළඟට ගොස් නැවත වෙඩි තැබුවේ ඇයි?

මා සිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියා. ඒ නිසා බයිසිකලයෙන් බැස ඔහු ලගට ගොස් වැටී සිටින විට නැවතත් වෙඩි තැබුවා.

ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබුවේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලැබුණු නියෝගය නිසා.

විජය ඝාතනය තෙක් ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද සාක්ෂිය එසේය. විජය ඝාතනය ලයනල්ගේ අවසාන දේශපාලන ප්‍රහාරය නොවීය. විජය ඝාතනය පිළිබඳව සිදුකරන දේශපාලන පරීක්ෂණයකදී ලයනල් පිළිබඳවද හොදින් අවබෝධ කර ගත යුතු නිසා ඔහු විසින් සිදුකරන ලද අනෙකුත් දේශපාලන ඝාතන සහ ක්‍රියාකාරකම්ද සැකවින් හෝ දැන සිටිය යුතුය. ඒ සියල්ල උපුටා ගනු ලබන්නේ ලයනල් විසින් දෙන ලද සාක්ෂියෙනි.

1988 වසරේ මාර්තු මස මැද කාලයේදී ලයනල්, ටාසන් ඇතුළු විසි පස් දෙනෙකුට පමණ සිරිපාද අඩවිය ආසන්නයේ වනගත කඳවුරකදී යළිත් අවි ආයුධ සහ මිලිටරි පුහුණුවක් පක්ෂය විසින් ලබා දීමට කටයුතු කළේය. මේ කාලය වන විට අශෝකා, ජයන්ත ඇතුළු කණ්ඩායම දේශපාලන සාකච්ඡාවේ ප්රමුඛ මාතෘකා බවට පත් කර ගත්තේ පළාත් සභා ඡන්දය හෝමාගම අතුරු මැතිවරණය වැනි දේය. එසේ වන අතරේ සන්නද්ධ ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය පුහුණුවීම් ආදිය දිගටම කරගෙන යැම ජවිපෙ අපේක්ෂාව වී තිබුණු බව ලයනල් ඇතුලු විස්සක, තිහක පමණ පිරිසට ලබා දෙන පුහුණුවෙන් පෙනේ.

සමනල මුදුන තරණය කර සිරිපතුල වන්දනා කළ පිරිස පුහුණුව සඳහා පැමිණ සිටියේ ගුවන් හමුදා සේවයේ යෙදී සිටි අයෙක් බව ලයනල් අවබෝධ කර ගත්තේය. පුහුණුව අවසානයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් සාදා එයට පහරදී යටත් කර ගන්නා ලෙස පිරිසට දන්වා සිටියේය. තුවක්කු වෙනුවට පොලු කැබලි යොදාගෙන කරන ලද එම පුහුණු ප්‍රහාරයේදී කඳවුර යටත් කර ගන්නට පිරිස සමත් විය.

පුහුණුව අවසන් වී යළි පැමිණීමෙන් පසු අප්‍රේල් දෙවැනිදා රත්මලානේ බැසිල් ට්‍රෙිඩින් සාප්පුව ලයනල් ඇතුළු පිරිස කොල්ල කෑවෝය. එහි තිබූ රෙදි, ඔරලෝසු, ගුවන් විදුලි යන්ත්‍ර, මුදල්, ඡායා පිටපත් යන්ත්‍ර, ආදිය කොල්ල කෑ දේ ඒ අතර විය.

හෝමාගම අතුරු මැතිවරණයට පෙර ලයනල් විසින් තවත් ඝාතනයක් සිදුකළේය. අශෝකාගේ අණ පරිදි ඝාතනය කරන ලද එම පුද්ගලයා සේවය කරන ලද්දේ කැස්බෑව ඩිස්පැන්සරියේ බෙහෙත් දෙන පුද්ගලයා ලෙසය. එසේම ඔහු කිරිවත්තුඩුව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාද විය. මෙම ඝාතනයෙන් පසුව එතෙක් සිටි ගෙදර අත්හැර ගොරකපිටියේ කුකුල් ගොවිපොළක ලයනල් සහ ටාසන් නැවත්වීමට පක්ෂය කටයුතු යෙදවීය. කුකුල් ගොවිපළේ සිටියේ විජිත නම් අයෙකි. ලයනල්ට ඔහු මුලින්ම හමුවී තිබුණේ, 87 වසරේ ජුලි මාසයේදී පාලගේ ගරාජයේදීය.

ඉන් පසුව ලයනල් සහ තවත් පිරිසකට පක්ෂයෙන් කැඳවීමක් ලැබෙන්නේ මහරගමට පැමිණෙන ලෙසය. එයින් පසු ජා ඇලට පිරිස රැගෙන ගියහ. ජාඇලදී කටුනායක ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස උපදෙස් ලැබිණි. ලයනල් ඇතුලු පිරිසක් මේ ප්‍රහාරයට සහභාගී වූහ. ප්‍රහාරය එල්ල කළ ටික මොහොතකින් ලයනල් ටි පනස් හයේ ගිනි අවියක් සමඟ සටනට දායකවී පසුව වෙනත් පොල් වත්තකට ඇතුල් විය. එම ස්ථානයේ තම ගිනි අවිය සගවා මහ පාරට පැමිණි ලයනල් මිනුවන්ගොඩ යන බසයක නැගී පසුව යළිත් තමා නැවති සිටි කුකුල් ගොවිපොළ වෙත පැමිණියේය.

ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්රාමාරක්ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදාද, පාදුක්ක පොලිසියට 1988 ඔක්තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක් ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්තු සිදුවූවද එය සාර්ථක නොවීය.

ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටුකළ බව ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට “පෙතියෝ” 41ක් මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න යන ලිපියේ දැක්වේ.

පාමංකඩ හන්දියේදී එජාපයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙත වෙඩි තබන ලද්දේ ලයනල් විසිනි. එම ප්‍රහාරය සදහා අස්ගිරිය, සහ ටාසන් දායක වී තිබුණි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි මීගොඩ ආයුර්වේදය අසල පදිංචි වී සිටි ධර්මසේනගේ නිවසට මහ රෑ කඩා වැදුණු ලයනල් ඇතුළු පිරිස ධර්මසේන සහ එහි සිටි ග්රාමාරක්ෂක භටයන් ඇතුළු පිරිසකට වෙඩි තැබුහ. පසුදා තමන් නැවති සිටි කුකුළු ගොවිපොළට ගිය ලයනල් තමන් සහ පිරිස එල්ල කරන ලද ප්‍රහාරය පිළිබද විස්තර දැන ගත්තේ අශෝකා විසින් රැගෙන ආ දිවයින පත්තරයෙන්ය. වෙඩි ප්‍රහාරයෙන් හයදෙනෙක් මිය ගොස් තිබුණත් ධර්මසේන තුවාල ලබා මරණයෙන් ගැලවී තිබුණි.

මෙසේ ලයනල්ගේ වෙඩි පහරට ලක්ව මරු වැළද ගත් පිරිස අතර අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 දා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙක්, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ඇතුළු පිරිසක් ද වූහ.

1989 මාර්තු 9 වැනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර ඝාතනය කිරීමෙන් පසු පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට ගිය ලයනල් එදින රාත්‍රිය ගත කරන ලද්දේ එහිදීය. පසුව මාර්තු 14 වෙනිදා තවත් කටයුත්තක් පිළිබඳව ඉදිරි සැලසුම් සදහා කතිකා කර ගැනීමට ජයන්ත හෙවත් ලලිත් විඡේරත්න හමුවීම සඳහා පුංචි බොරැල්ල සඳහා පැමිණි ලයනල් හමුව සඳහා තව වේලාව තිබෙන බැවින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව දෙසට ඇවිදගෙන යද්දී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනෙකු තමන්ගෙන් ප්‍රශ්න කර අසල තිබූ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් අත්අඩංගුවට ගත් බව ලයනල් විසින් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. සිය සාක්ෂිය අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලයනල් කරන ලද ඉල්ලීම වූයේ තමාගේ මව බැලීමට අවශ්‍ය බවය.

[QUOTE="malakadss, post: 25384213, member: 179884"] [SIZE="4"]ලංකාවේ එතෙක් මෙතෙක් කල් බිහි වුනු දක්ෂතම මෙන්ම ජනප්‍රියම සිනමා නළුවා විජය කුමාරතුංගය. අද වන විට ඔහු මිය ගොස් වසර 29 ක් ඉක්ම ගියත් තවමත් ඔහුගේ රුව කුඩා දරුවකු පවා නමින් හෝ දන්නා තරමටම ඔහු පිළිබදව අදටත් කතා බහ කරයි. හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමා දිවියට පා තැබු විජය ඉන්පසු ගායකයකු ලෙසද පසුව දේශපාලඥයකු ලෙසද කැපී පෙනන චරිතයක් වුනු පුද්ගලයෙකි. 1945 ඔක්තෝම්බර් 9දා උපත ලබා 1986 පෙබරවාරි 16 දින වෙඩි වරුසාවකින් මුළු ලංකාවම හඩවවා මෙලොවින් සමුගත් විජය ඝාතනය කල ලයනල් රණසිංහ ඒ පිළිබදව කියන්නේ මෙලෙසයි. වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්ම ගිය දෙදෙනා කිරුළපන පාර දිගේ පැමිණියේ පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ තමන් පාලගේ ගරාජයට ගොස් තුවක්කුව රැගෙන එන තෙක් බයිසිකලයෙන් රවුමක් ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල් තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල ශ්‍රී කාන්ත සහ තවත් අයෙකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ ගරාජයේ තිබෙන තුවක්කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගයකිට්ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය. ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල් විජයගේ නිවස ඉදිරිපිට කුළියට ගත් ස්ථානයේ හිමිකරුගේ නිවස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත. කඩයේ හිමිකරු එනතෙක් පැය භාගයක් පමණ දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටින විට ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාවය හමුවේ රටේ කාටත් විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක් විය. ඔහු බැලීම සදහා පමණක් දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්ථානවලට රැස්වීම සුලබ සිද්ධියක් විය. මෙදින විජයගේ පැමිණීම අපේක්ෂාවෙන් දින සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට පාරේ එහා පැත්තට වන්නට කාරයක් තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි. වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක් වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක් බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක් පමණය. ඉර මුදුන්වෙන යාමය පරිස්සම් විය යුතු මොහොතක් බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක් සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්ථාව විස්තර කර තිබුණේ මෙසේය. තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය ඉන් බැස නිවසට ගියේය. නිවසට ඇතුල්වන ගේට්ටුව ඉදිරියේ සුදු ඩට්සන් ඩබල් කැබ් රථයක් නතර කර තිබුණි. “විජය කුමාරතුංග ආවා” ටාසන් විසින් ලයනල්ට පවසන විටත් ලයනල් ඒ සියල්ල බලා සිටියේය. “විඡේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා එතකොට කරමුද? ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය. තුවක්කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක් බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්කය එනතුරු සිටීම හොද බව ටාසන්ගේ අදහස විය. බෑගය තබා තිබූ තම්බිගේ නිවසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලාගෙන බයිසිකලයට නැගුණි. තුවක්කුව තබන්නට කියූ නිවස හෙවත් සමන්තගේ නිවසට වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය. කතාන්දරයේ උච්ච අවස්ථාව ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විස්තර කරමින් සිටින විට එහි අධ්‍යක්ෂක චන්ද්‍ර ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක් විමසුවේය. මේ ගෙදර හිටපු පුද්ගලයා ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද? විජයට වෙඩි තබන්න යන බව මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ. එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද? ඔව්. පාල ඒ බව දැන සිටියා. අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය. “අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක් හෝ හයක් පමණ පාරේ සිටින විට විජය කුමාරතුංග නිවසින් එළියට එනවා අපි දැක්කා. ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්ටුව ළඟ සිටි කෙනෙක් එක්ක කතා කළා. ඒ එක්කම හේරත්(ටාසන් වීරසිංහ) සහ මා බයිසිකලයට නැග්ගා. මා බෑග් එක ඔඩොක්කුවේ තබාගෙන සිප් එක ඇර සේප්ටිය පහළට දැම්මා. තුවක්කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවති සිටි ස්ථානයට යාර 20ක් පමණ දුරින් පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොල දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක් සමග කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට ටී පනස් හයේ රයිපලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස් ඔහුගේ ඔලුවට වෙඩි කිහිපයක් තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුටද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්කෙනෙක් හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවාගෙන කිරුලපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා. මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොල වගයක් වැටුණා. ඒ වෙනකොට තුවක්කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා බෑග් එක අහුලාගෙන තුවක්කුව බෑග් එකට දා ගෙන මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩිවුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා. එම අවස්ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස් එකක් ආවා. අප පොල්හේන්ගොඩ පාර දිගේ ගොස් බයිසිකලය තියන්නට කියූ නිවසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී මා තුවක්කුව තිබුණු බෑගය අරගෙන තුවක්කුව තියන්න කියූ නිවසට ගියා. පාල කලින් හඳුන්වාදුන් පුද්ගලයා එහි සිටියා. එම නිවසේ කාමරයකට ගොස් පාල මට හඳුන්වාදුන් පුද්ගලයා ඉදිරියේ තුවක්කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට් එකේ ලේ තියෙනවා දැක්කා. ඔබගේ ටීෂර්ට් එකට ලේ ආවේ කෙසේද? මා හිතන්නේ මම නැවි ෆයිල් එක ගන්න යන විට ෆයිල් එකේ තිබ්බ ලේ ගෑවෙන්න ඇති. ඒත් ටීෂර්ට් එකේ ලේ ගෑවුණේ කොහොමද කියලා මට හරියට හිතා ගන්න බැහැ. මා තුවක්කුව බෑග් එක ඇතුළට දමා ග්රෙනේඩයද එයට දැම්මා. නිවසේ සිටි කෙනාට බෑග් එක දීලා එය අරන් තබන ලෙස කිව්වා. මගේ ටීෂර්ට් එක ගලවා ඔහුගෙන් මම ෂර්ට් එකක් ඉල්ලා ගත්තා. ඒක සුදු පාට අත් දිග ෂර්ට් එකක්. ටීෂර්ට් එක පුච්චලා හෝ වෙන දෙයක් කරලා දාන්න කියලා මම කිව්වා. ඊට පසු මම හේරත් මෝටර් සයිකලය තබාගෙන සිටි නිවසට ගියා. මා යන විට එම නිවසේ ගේට්ටුව ඇරලා තිබ්බා. එහි මෝටර් සයිකලය තබා තිබුණා. තුවක්කුව තැබූ නිවස පිටුපසින් පාරක් තිබුණා. මා සහ හේරත් එම පාර දිගේ පිළියන්දල බස් යන පාරට ආවා. අප දෙදෙනා පිළියන්දල යන බසයකට නැගී දයාසාන් ටේලර් සාප්පුවට පැමිණියා. සරත් එහි සිටියා. විජය කුමාරතුංගට මා වෙඩි තබන විට දවල් 12.30 ට පමණ ඇත. සවස හතරට පමණ අපි දයාසාන් ටේලර් සාප්පුවෙන් පිටත්ව දාම්පේ නිවසට පැමිණියා. එදා රාත්‍රී නවයට විතර අශෝකා ආවා. ඔහු පැමිණියේ තනිවම. මා සහ හේරත් විසින් අශෝකාට විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කිව්වා. කට පරිස්සම් කර ගන්න කියා අශෝකා කිව්වා. එදා රෑ අශෝකා නැවතුණේ අප සිටි නිවසෙයි. ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන විට විජය ඇඳ සිටි ඇදුම් මොනවාද? ඔහු ඇඳ සිටියේ තද පාට කලිසමක්. පාට මතක නැහැ. කමිසයේ පාට මතකත් නැහැ. විජය කුමාරතුංග වැටී සිටින විට ඔහුගේ ඔලුවට මා වෙඩි තබන අවස්ථාවේදී ඔහුගේ ඔලුවේ බොරු කොණ්ඩයක් තිබී ගැලවී වැටුණා. ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබූ පසු ඔහු ළඟට ගොස් නැවත වෙඩි තැබුවේ ඇයි? මා සිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියා. ඒ නිසා බයිසිකලයෙන් බැස ඔහු ලගට ගොස් වැටී සිටින විට නැවතත් වෙඩි තැබුවා. ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබුවේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලැබුණු නියෝගය නිසා. විජය ඝාතනය තෙක් ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද සාක්ෂිය එසේය. විජය ඝාතනය ලයනල්ගේ අවසාන දේශපාලන ප්‍රහාරය නොවීය. විජය ඝාතනය පිළිබඳව සිදුකරන දේශපාලන පරීක්ෂණයකදී ලයනල් පිළිබඳවද හොදින් අවබෝධ කර ගත යුතු නිසා ඔහු විසින් සිදුකරන ලද අනෙකුත් දේශපාලන ඝාතන සහ ක්‍රියාකාරකම්ද සැකවින් හෝ දැන සිටිය යුතුය. ඒ සියල්ල උපුටා ගනු ලබන්නේ ලයනල් විසින් දෙන ලද සාක්ෂියෙනි. 1988 වසරේ මාර්තු මස මැද කාලයේදී ලයනල්, ටාසන් ඇතුළු විසි පස් දෙනෙකුට පමණ සිරිපාද අඩවිය ආසන්නයේ වනගත කඳවුරකදී යළිත් අවි ආයුධ සහ මිලිටරි පුහුණුවක් පක්ෂය විසින් ලබා දීමට කටයුතු කළේය. මේ කාලය වන විට අශෝකා, ජයන්ත ඇතුළු කණ්ඩායම දේශපාලන සාකච්ඡාවේ ප්රමුඛ මාතෘකා බවට පත් කර ගත්තේ පළාත් සභා ඡන්දය හෝමාගම අතුරු මැතිවරණය වැනි දේය. එසේ වන අතරේ සන්නද්ධ ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය පුහුණුවීම් ආදිය දිගටම කරගෙන යැම ජවිපෙ අපේක්ෂාව වී තිබුණු බව ලයනල් ඇතුලු විස්සක, තිහක පමණ පිරිසට ලබා දෙන පුහුණුවෙන් පෙනේ. සමනල මුදුන තරණය කර සිරිපතුල වන්දනා කළ පිරිස පුහුණුව සඳහා පැමිණ සිටියේ ගුවන් හමුදා සේවයේ යෙදී සිටි අයෙක් බව ලයනල් අවබෝධ කර ගත්තේය. පුහුණුව අවසානයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් සාදා එයට පහරදී යටත් කර ගන්නා ලෙස පිරිසට දන්වා සිටියේය. තුවක්කු වෙනුවට පොලු කැබලි යොදාගෙන කරන ලද එම පුහුණු ප්‍රහාරයේදී කඳවුර යටත් කර ගන්නට පිරිස සමත් විය. පුහුණුව අවසන් වී යළි පැමිණීමෙන් පසු අප්‍රේල් දෙවැනිදා රත්මලානේ බැසිල් ට්‍රෙිඩින් සාප්පුව ලයනල් ඇතුළු පිරිස කොල්ල කෑවෝය. එහි තිබූ රෙදි, ඔරලෝසු, ගුවන් විදුලි යන්ත්‍ර, මුදල්, ඡායා පිටපත් යන්ත්‍ර, ආදිය කොල්ල කෑ දේ ඒ අතර විය. හෝමාගම අතුරු මැතිවරණයට පෙර ලයනල් විසින් තවත් ඝාතනයක් සිදුකළේය. අශෝකාගේ අණ පරිදි ඝාතනය කරන ලද එම පුද්ගලයා සේවය කරන ලද්දේ කැස්බෑව ඩිස්පැන්සරියේ බෙහෙත් දෙන පුද්ගලයා ලෙසය. එසේම ඔහු කිරිවත්තුඩුව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාද විය. මෙම ඝාතනයෙන් පසුව එතෙක් සිටි ගෙදර අත්හැර ගොරකපිටියේ කුකුල් ගොවිපොළක ලයනල් සහ ටාසන් නැවත්වීමට පක්ෂය කටයුතු යෙදවීය. කුකුල් ගොවිපළේ සිටියේ විජිත නම් අයෙකි. ලයනල්ට ඔහු මුලින්ම හමුවී තිබුණේ, 87 වසරේ ජුලි මාසයේදී පාලගේ ගරාජයේදීය. ඉන් පසුව ලයනල් සහ තවත් පිරිසකට පක්ෂයෙන් කැඳවීමක් ලැබෙන්නේ මහරගමට පැමිණෙන ලෙසය. එයින් පසු ජා ඇලට පිරිස රැගෙන ගියහ. ජාඇලදී කටුනායක ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස උපදෙස් ලැබිණි. ලයනල් ඇතුලු පිරිසක් මේ ප්‍රහාරයට සහභාගී වූහ. ප්‍රහාරය එල්ල කළ ටික මොහොතකින් ලයනල් ටි පනස් හයේ ගිනි අවියක් සමඟ සටනට දායකවී පසුව වෙනත් පොල් වත්තකට ඇතුල් විය. එම ස්ථානයේ තම ගිනි අවිය සගවා මහ පාරට පැමිණි ලයනල් මිනුවන්ගොඩ යන බසයක නැගී පසුව යළිත් තමා නැවති සිටි කුකුල් ගොවිපොළ වෙත පැමිණියේය. ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්රාමාරක්ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදාද, පාදුක්ක පොලිසියට 1988 ඔක්තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක් ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්තු සිදුවූවද එය සාර්ථක නොවීය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටුකළ බව ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට “පෙතියෝ” 41ක් මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න යන ලිපියේ දැක්වේ. පාමංකඩ හන්දියේදී එජාපයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙත වෙඩි තබන ලද්දේ ලයනල් විසිනි. එම ප්‍රහාරය සදහා අස්ගිරිය, සහ ටාසන් දායක වී තිබුණි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි මීගොඩ ආයුර්වේදය අසල පදිංචි වී සිටි ධර්මසේනගේ නිවසට මහ රෑ කඩා වැදුණු ලයනල් ඇතුළු පිරිස ධර්මසේන සහ එහි සිටි ග්රාමාරක්ෂක භටයන් ඇතුළු පිරිසකට වෙඩි තැබුහ. පසුදා තමන් නැවති සිටි කුකුළු ගොවිපොළට ගිය ලයනල් තමන් සහ පිරිස එල්ල කරන ලද ප්‍රහාරය පිළිබද විස්තර දැන ගත්තේ අශෝකා විසින් රැගෙන ආ දිවයින පත්තරයෙන්ය. වෙඩි ප්‍රහාරයෙන් හයදෙනෙක් මිය ගොස් තිබුණත් ධර්මසේන තුවාල ලබා මරණයෙන් ගැලවී තිබුණි. මෙසේ ලයනල්ගේ වෙඩි පහරට ලක්ව මරු වැළද ගත් පිරිස අතර අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 දා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙක්, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ඇතුළු පිරිසක් ද වූහ. 1989 මාර්තු 9 වැනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර ඝාතනය කිරීමෙන් පසු පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට ගිය ලයනල් එදින රාත්‍රිය ගත කරන ලද්දේ එහිදීය. පසුව මාර්තු 14 වෙනිදා තවත් කටයුත්තක් පිළිබඳව ඉදිරි සැලසුම් සදහා කතිකා කර ගැනීමට ජයන්ත හෙවත් ලලිත් විඡේරත්න හමුවීම සඳහා පුංචි බොරැල්ල සඳහා පැමිණි ලයනල් හමුව සඳහා තව වේලාව තිබෙන බැවින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව දෙසට ඇවිදගෙන යද්දී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනෙකු තමන්ගෙන් ප්‍රශ්න කර අසල තිබූ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් අත්අඩංගුවට ගත් බව ලයනල් විසින් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. සිය සාක්ෂිය අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලයනල් කරන ලද ඉල්ලීම වූයේ තමාගේ මව බැලීමට අවශ්‍ය බවය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom