මට නම් නළු පෙනුමක් තියෙන කෙනෙක්ට හිටියෙ විජය කුමාරතුංග විතරයි කියලයි හිතෙන්නෙ.
සිංහල සිනමාවෙ ඵතෙක් මෙතෙක් හිටපු හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා පමණි.
මම නම් හිතන්නේ පෙනුම අතින් විජය තමයි හොඳම
එක විදියක ගැඹුරු චරිත රඟපෑම් අතින් ගාමිණි හොඳයි .නිධානය,බොනී මහත්තයා මරු
ඕනෙම විදියේ චරිතයක් සුපිරිම විදියට රඟපාන්න පුළුවන් නළුවෙක් තමයි ජෝ. පුර හඳ කරුවල එකේ රංගනය අති විශිෂ්ටයි අන්ධ මනුස්සයා විදියට. බඹරු ඇවිත් එකේ දුෂ්ටයාට රඟපානවා නියමෙට. අල්ලපු ගෙදර,කොළඹ සන්නියේ විකට රංගන සුපිරියි.
අනික් නළුවෝ දෙන්නම ඔය චරිත ඔක්කොම රඟපාලා නෑ.