Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විද්‍යාත්මක චින්තනයක් තිබුන ශාස්තෲවරයා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූරණ කස්සප

බ්‍රාහ්මණ දහමට එරෙහිව වෙනස්ම මතයක් ගොඩනැගූ පුද්ගලයෙක් ලෙස මෙම ශාස්තෘවරයා හැදින්විය හැක. බුද්ධඝෝෂ හිමියන් සදහන් කරන පරිදි බ්‍රාහ්මණ පවුලක දාසයන්ගේ සංඛ්‍යාව සියය සම්පූර්ණ කරමින් උපන් නිසා පූරණ යන නමද කස්සප යන ගෝත්‍ර නාමයද එකතු වී පූරණ කස්සප යන නාමය මොහු වෙත ලැබී ඇත.

සිය ස්වාමියාගෙන් කිසියම් නිදහසක් ලත් පුද්ගලයෙක් වුවද ඔහු කෙරෙහි කළකිරී නිවසෙන් පැන ගොස් වාසය කරන අතරතුර එක් වන ලැහැබක් තුලදී සොරුන් විසින් පහරදී ඔහු විසින් ඇද සිටි සියළු වස්ත්‍ර ගලවාගැනීම නිසා නිරුවතින්ම තැන තැන ඇවිදිමින් ජීවත් විය.මෙය දුටු සාමාන්‍ය ජනතාව තමන් අදින වස්ත්‍රයටවත් ආශාවක් නැති අල්පේච්ඡ උත්තම රහතන් වහන්සේ කෙනෙක් යැයි සලකා වැදුම් පිදුම් කරන්නටත් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්නටත් පෙළඹුනි. මේ ආකාරයෙන් විශාල අනුගාමිකයින් පිරිසක් තමා වටා එක් රොක් වූ පසු නවතම දර්ශනයක් ඉදිරිපත්කරමින් ඔහු වටා සිටින ජනතාවට ඒ සබැදිව දේශනා කරන්නට පටන් ගත් අතර මොහු විසින් ඉදිරිපත්කළ මතවාදය අකිරියවාදය ලෙස හැදින්වේ. එනම් කිසිවෙකු විසින් සිදුකරනු ලබන හොද හෝ නරක කවර හෝ ක්‍රියාවක යහපත් හෝ අයහපත් ප්‍රතිවිපාක නොමැති බව ප්‍රකාශ කිරීමයි.

කවර ක්‍රියාවක් කරන්නාටද, කරවන්නාටද, අනුන්ගේ අත්පා සිදින්නටද, සිදුවන්නාටද, නුදුන් දේ ගන්නාටද, පරඹුවන් කරා යන්නාටද, බොරු කියන්නාටද ආදි වශයෙන් පවක් කරමියි සිතා කළද ඉන් පවක් සිදු නොවන අතර ආයුධයක් ගෙන මිහිපිට වාසය කරන සියළුම ප්‍රාණීන් මරා එකම මස් ගොඩක් බවට පත්කළත් ඉන් සිදුවන කවර හෝ පාපයක් නොමැත. දීඝ නිකායේ සාමාඤ්ඥඵල සූත්‍රයේ මේ සබැදිව කරුණු දීර්ඝ ලෙස විස්තර කර ඇත.

පූරණ කස්සපගේ ඉගැන්වීම් අනුව පුද්ගලයා විසින් සිදුකරනු ලබන කිසිදු යහපත් ක්‍රියාවන්ගේද ප්‍රතිඵලයක් නොමැත. යම් පුද්ගලයෙක් ගංගානම් ගගේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා දානයන් දෙමින්, අනුන් ලවා දන් දෙමින්, යාගහෝම කරමින් සිල් රකිමින්, රක්කවමින් ගමන් කළත් ඉන් සිදුවන කිසිදු කුසලයක් නොමැත. දන්දීම, ඉන්ද්රිය සංවරය, සත්‍ය වචන කථාකිරීම යනාදි කුසලයන් නිරතවීමෙන් කිසිවෙකුටත් යහපතක් සිදුනොවේ. යහපත්/අයහපත් කුසල් අකුසල් ප්‍රතික්ෂේප කරන මෙවැනි අකිරියවාදි දර්ශනයන් සදාචාරාත්මක නොවන අතර මෙම පුද්ගලයා බුදුරජණන් වහන්සේගේ විවේචනයට ලක්වූයේ මෙවැනි මිථ්‍යා දෘෂ්ඨික ඉගැන්වීම් නිසවෙනි.

මක්ඛලි ගෝසාල

ශ්‍රමණ සම්ප්රදාය නියෝජනය කළ මෙම ශාස්තෘවරයා ආජිවක නිකායේ නායකයා ලෙස සැලකේ. මොහුගේ ජීවිතය පිළිබද තොරතුරු ජෛන භගවත් සූත්‍රයේ සදහන් වේ. සිගමන් යැදීම රක්ෂාව කරගත් මංඛ නම් පුද්ගලයාගේ පුත්‍රයා වන බැවින් මක්ඛලි යන නමද, බමුණු පවුලකට අයත් ගවහලකදී උපත ලැබූ හෙයින් ගෝසාල යන නමද පටබැදී මක්ඛලී ගෝසාල යන නමින් මොහු හැදින්වේ.

මක්ඛලි ගෝසාලද පියගේ අඩිපාරේ යමින් ඔහු කළ රැකියාවම, එනම් සිගමන් යැදීම තෝරාගන්නා ලදී. මෙසේ තැනින් තැන සිගමන් යදිමින් යන අවස්ථාවක ජෛන ආගමේ ප්‍රධාන ශාස්තෘවරයා වූ මහාවීර තුමා මුණගැසී ඔහුගේ අනුගාමිකයෙකු බවට පත්විය. වසර 24 ක් පමණ වූ මක්ඛලි ගෝසාලගේ තපස් කාලයෙන් වසර 06 ක් ම සිට ඇත්තේ මහාවීරතුමාගේ අනුගාමිකයෙක් වශයෙනි. යම් ගැටළුවක් සබැදිව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මොහු මාහවීරගෙන් වෙන්ව ගොස් ජිනවරයෙකු බවට පත්වී ආජිවක සම්ප්රදාය ආරම්භකරන ලදී. මොහු තම මූලස්ථානය ලෙස සැවැත්නුවර කුම්භකාර ගැහැණියගේ නිවස තෝරාගන්නා ලදී.

දීඝනිකායේ සාමඥ්ඥඵල සූත්‍රයට අනුව මක්ඛලි ගෝසාල නියතිවාදියෙක් ලෙස දැක්වේ. ලොව පවතින සියළු දේ අහේතුකව ප්රභවය වන බවත් කිසියම් නියතියකට අනුව සිදුවන බවත් මොහු ප්‍රකාශ කර ඇත. වීර්යය, බලය පරාක්‍රමය, ධෛර්යය වැනි දෑ අර්ථ ශුන්‍යය බවත් සෑම ක්‍රියාවකම ප්‍රතිවිපාක නොමැති බවත් දක්වන ඔහු මිනිසා විදිනු ලබන සැප, දුක හා අදුක්ඛම සුඛ යන සියළු අවස්ථාවන් ලැබෙන්නේ හේතුවක් නැතිව බව පවසන ලදී. සත්වයාගේ කෙලෙසීමට හෝ පිරිසිදුවීමට හේතුවක් නොමැති බවත් එය ඉබේම සිදුවන බවත්, තමාගේ හා අනුනගේ යහපත සදහා කළයුතු කිසිවක් නැති බවත් මොහු අදහස්කරයි. තමා කරන කුසල්/අකුසල් අනුව සසර ගමනේ අඩු/වැඩිවීමක් නොමැති බවත් සෑම සත්වයෙකුම නියතියකට යටත්වන නිසා කල්ප 84000 ක් ගෙවා දැමීමෙන් ඉබේම විමුක්තය උදාකරගන්නා බව මොහුගේ මතයයි. නියතිවාදය, දෛවවාදය බුද්ධ දර්ශනය තුල නොපිළිගන්නා නිසා මක්ඛලි ගෝසාල ද බුදුරදුන්ගේ නිරන්තර විවේචනයට භාජනය වූ අතර මොහු හැදින්වූයේ මිනිසුන් රවටා තම ඉගැන්වීම් කෙරෙහි පහදවාගෙන අපාගත කරන පුද්ගලයෙක් වශයෙනි.

අජිත කේසකම්බලි

බ්‍රාහ්මණ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම විවේචනය කරන මොහු ශ්‍රමණ සම්ප්රදාය නියෝජනය කරන්නෙකු විය. තමන් උපන් ගෝත්‍රය අනුව අජිත යන නමත් කෙස් වලින් තනාගත් ඇදුමක් ඇද සිටි බැවින් කේසකම්බලි යන නමත් එකතුවී අජිත කේසකම්බලී යන නාමය මොහුට පටබැදී ඇත. මරණින් මතු නැවත උපදීමක් නැත යන සංකල්පය පෙරදැරිකරගත් උච්ඡේදවාදයත්, භෞතිකවාදයත්, අකිරියවාදයත්, දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිකවාදයත් මොහුගේ ප්‍රධාන දාර්ශනික ඉගැන්වීම් වේ.

අජිත කේසකම්බලිගේ ඉගැන්වීම් අනුව සත්වයා නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගේ එකතුවෙනි. එසේ සකස්වූ පුද්ගලයා යම් දවසක මියගිය විට ඔහු සැකසී තිබූ සතර මහා භූතයින්ට අයත් ධාතූන් භාහිර ධාතුන් හා එකතුවෙයි. හොද නරක පැමිණෙන්නේ සොහොන් කොත දක්වා පමණි. යාග පූජාදිය කිරීමෙන් පළක් නැත. කර්මය ගැන හා කර්ම විපාක ගැන කථාකිරීම සම්ප්‍රප්ලාපයකි. නැවත ඉපදීමක් නැත. එම නිසා ජීවත්වන කාලය තුල ණය වී හෝ ගිතෙල් අනුභව කළයුතුය යන්න මොහුගේ දර්ශනය වී ඇත. තවද මොහුගේ දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය තුලින් කුසල්, අකුසල්, හොද නරක බැහැරකිරීම හා පුද්ගල ක්‍රියාව පිළිබදව කිසිදු තක්සේරුවක් හෝ අගයකිරීමක් කර නැත.

පකුධ කච්චායන

කුඹුක් ගසක් යටදී උපත ලැබූ නිසා කකුධ යන නම පටබැදී, කාලයාගේ ඇවෑමෙන් එය පකුධ වූ බවත්, කච්චායන යන ගෝත්‍ර නාමය ද එක්වී පකුධ කච්චායන යන නාමය මොහු වෙත පටබැදී ඇත. මවුකුස තුලදීම සිය පියාණන් මියගොස් ඇති නිසා මොහුගේ ළමා කාලය ඉතා දුක්බර තත්වයකට පත්වූ බවත් එබැවින් කුඩා කලදීම බමුණෙකු විසිනු ඔහු හදාවඩාගත් බවත්, එහෙත් කලකදී එම බමුණා මියයාම නිසා දිවි සරිකරගැනීමට මගක් නොවූ හෙයින් තවුසෙකු බවට පත්ව නව දාර්ශනයක් ඉදිරිපත්කරන්නට වූ බවත් සදහන් වේ. එසේම වඩාත් උග්‍ර තපස් රකින්නෙකු බවටද මොහු ප්‍රසිද්ධ විය.

ලොව සදාකාලිකවම පවත්නා උත්තරීතර පදාර්ථ 07 ක් සබැදිව දාර්ශනයක් ඉදිරිපත්කරන මොහු එම පදාර්ථයන් කවරෙකු විසින් කරවන ලද්දක් නොවේ. කාගේ හෝ විධානයකින් සිදුවූවක් ද නොවේ. කවරෙකු විසින් හෝ මවන ලද්දක්ද නොවේ යන සංකල්පය ඇතුලත් ශාස්වතවාදයත් ආත්මවාදයත් මොහුගේ දර්ශනය විය. එම පදාර්ථයන් 07 නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, හා ජීව නම් වේ. පකුධ කච්චායනගේ දර්ශනයට අනුව පුද්ගලයාද මෙම සප්ත පදාර්ථයන්ගෙන් සැකසී ඇත. මේ නිසා හොද නරක ආදී සෑම ක්‍රියාක්ම අර්ථ ශූන්‍යය. යමෙක් තියුණු ආයුධයකින් තවකෙකුගේ හිස සිදින්නේද, එහිදි සිදුවනුයේ සප්ත පදාර්ථයන් අතරින් ආයුධයක් ගමන් කිරීම පමණකි. මේ නිසා එම ක්‍රියාවෙහි කිසිදු පාපයක් නැත. මෙවැනි ඉගැන්වීම් නිසා ඔහුද අකිරියවාදි සංකල්පයම ඉදිරිපත්කළ බව පැහැදිලි වේ.

සංජය බෙල්ලට්ඨිපුත්ත

බෙල්ලට්ඨි නම් මිනිසාගේ පුත්‍රයා සංජය නම් වූ බැවින් මොහු හට සංජය බෙල්ලට්ඨිපුත්ත යන නාමය පටබැදී ඇත. බ්‍රහ්මජාල සූත්‍රයට අනුව මොහුගේ ඉගැන්වීම අමරාවික්ඛේපවාදයක් ලෙස හැදින්වේ. එනම් අසන ලද ඕනෑම ප්‍රශ්නයකට සැකසහිත පිළිතුරු ලබාදීමයි. ඔහුගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා පහත සදහන් පරිදි පංච නිශේදන ක්‍රමය භාවිතාකර ඇත.

අ. මෙසේ යැයි මාගේ අදහසක් නැත

ආ. එසේ යැයි මාගේ අදහසක්ද නැත

ඇ. අන් අයුරකින්යැය මාගේ අදහසක් නැත

ඈ. නැතැයිද මාගේ අදහසක් නැත

ඉ. නැත්තේ නැතැයිද මාගේ අදහසක් නැත

පරලොවක් ඇත්ද යැයි කෙනෙක් ඇසුවහොත් ඇත කියා හෝ නැත කියා හෝ ප්‍රකාශ නොකරයි. එමෙන්ම ඇත්තේත් නැත, නැත්තේත් නැත කියා හෝ ප්‍රකාශ නොකරයි. කවර ආකාරයකින් ප්‍රශන් කළද ඔහුගේ පිළිතුරු ඒ අයුරින් වෙයි. මේ ආකාරයෙන් සංජය බෙල්ලට්ඨිපුත්ත විසින් අසන ලද ඕනෑම ප්‍රශ්නයකින් ලිස්සා යාමේ ස්වාභාවය නිසා බුදුරජාණන් වහන්සේගේ විවේචනයට මොහු ද නිරන්තර ලක්විය.

නිගණ්ඨනාථ පුත්ත

ෂඩ් ශාස්තෘවරුන් අතුරින් බුදුරජාණන් වහන්සේ පවා යම් අවස්ථාවන් පිළිගත් පැහැදිලි දර්ශනයක් ඉදිරිපත්කළ එකම තැනැත්තා නිගණ්ඨනාථ පුත්තයන්ය. ජෛන ආගමේ නිර්මාතෘ වන මොහු මහාවීර යන නමින්ද විරුදාවලි ලැබීය. නාථ නැමති ගෝත්‍රයට අයත් නිසාත් නිර්වස්ත්‍රව සිටි නිසාත් එමගින් නිගණ්ඨනාථ පුත්ත යන නම පටබැදී ඇතත් ජෛන මූලාශ්රයන්ට අනුව නිගණ්ඨ යන කොටසින් කෙලෙස් ගැටවලින් ඉවත්වූ නිසා යන්න පිළිබිඹු කරනු ලැබේ. වජ්ජි ජනපදයේ උපත ලැබූ මොහු කුඩාකාලයේ බුද්ධිමත් දරුවෙකු වූ අතර නිසි කලදී යශෝධා නම් කුමරියක් විවාහ කරගෙන අනෝජා නමින් දියණියක්ද සිටි අතර පසුව ලෝකයෙහි අනිත්‍යතාව පිළිබදව කළකිරීම අවුරුදු 30 දී අභිනිෂ්ක්‍රමණය කර ඇත.

මොහුගේ ඉගැන්වීම් පහත සදහන් පරිදි ප්‍රධාන කොටස් 05 කින් දැක්විය හැක.

අ. පරම අවිහිංසාවාදය

ආ. චතුයාම සංවරය

ඇ. කර්මය පිළිබද ඉගැන්වීම

ඈ. පුබ්බේකත හේතුවාදය

ඉ. ස්‍යාද්වාදය

පරම අවිහිංසාවාදය තම ප්‍රධාන දර්ශනය කොටත් මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්තයන් අවිහිංසාවේ අන්තයටම ගිය පුද්ගලයෙකි. ගස්වල්වලට පවා ප්‍රාණයක් ඇති බවත් ඒවා කඩා බිද දැමීමද පාපයක් බවත් ඔහු ඉගැන්වීය. බුදුරජාණන් වහන්සේ වස් ශික්ෂාපදය භික්ෂුන් සමූහයා වෙත පනවනු ලැබූයේ මෙම ජෛන ආගමිකයන්ගේ ඉල්ලීම් සලකා බැලීමක් වශයෙනි. එනම් වස් කාලයේදී ළපටි තෘණ ආදි ශාඛ රෝපණය වන අතර එම කාලයන්වලදී පාද චාරිකාවේ යෙදීමෙන් එම පැළවලට හානි වන බැවින් වස්සාන කාලයන්හිදි ආරණ්‍යවාසිව හෝ ආරාමවාසිව කාලය ගතකිරීමයි.

කර්මය පිළිබදවද බුද්ධ දර්ශනයට සෑහෙන තරමක් සමාන කමක් දක්වන කර්මය සිදුවන ප්‍රධාන කොටස් 03 ක් සබැදිව මහාවීර විසින් දේශනා කරන ලදී. එනම්

අ. කාය දණ්ඩ

ආ. වචී දණ්ඩ

ඇ. මනෝ දණ්ඩ වේ.

එහෙත් බුදුන් වහන්සේ මෙම ත්‍රිත්වයෙන් මනෝ කර්මය (දණ්ඩය) ප්‍රබල යැයි පැවසුවද මහාවීරයන් පැවසූයේ කාය දණ්ඩ ප්‍රබල වන බවයි. එහෙත් පරම අවිහිංසාවාදය බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ අතර සිතකින් තොරව සිදුවන කර්මයක් විපාක නොදෙන බව දේශනාකර වදාළහ.

[QUOTE="topkollek, post: 26663983, member: 510150"] පූරණ කස්සප බ්‍රාහ්මණ දහමට එරෙහිව වෙනස්ම මතයක් ගොඩනැගූ පුද්ගලයෙක් ලෙස මෙම ශාස්තෘවරයා හැදින්විය හැක. බුද්ධඝෝෂ හිමියන් සදහන් කරන පරිදි බ්‍රාහ්මණ පවුලක දාසයන්ගේ සංඛ්‍යාව සියය සම්පූර්ණ කරමින් උපන් නිසා පූරණ යන නමද කස්සප යන ගෝත්‍ර නාමයද එකතු වී පූරණ කස්සප යන නාමය මොහු වෙත ලැබී ඇත. සිය ස්වාමියාගෙන් කිසියම් නිදහසක් ලත් පුද්ගලයෙක් වුවද ඔහු කෙරෙහි කළකිරී නිවසෙන් පැන ගොස් වාසය කරන අතරතුර එක් වන ලැහැබක් තුලදී සොරුන් විසින් පහරදී ඔහු විසින් ඇද සිටි සියළු වස්ත්‍ර ගලවාගැනීම නිසා නිරුවතින්ම තැන තැන ඇවිදිමින් ජීවත් විය.මෙය දුටු සාමාන්‍ය ජනතාව තමන් අදින වස්ත්‍රයටවත් ආශාවක් නැති අල්පේච්ඡ උත්තම රහතන් වහන්සේ කෙනෙක් යැයි සලකා වැදුම් පිදුම් කරන්නටත් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්නටත් පෙළඹුනි. මේ ආකාරයෙන් විශාල අනුගාමිකයින් පිරිසක් තමා වටා එක් රොක් වූ පසු නවතම දර්ශනයක් ඉදිරිපත්කරමින් ඔහු වටා සිටින ජනතාවට ඒ සබැදිව දේශනා කරන්නට පටන් ගත් අතර මොහු විසින් ඉදිරිපත්කළ මතවාදය අකිරියවාදය ලෙස හැදින්වේ. එනම් කිසිවෙකු විසින් සිදුකරනු ලබන හොද හෝ නරක කවර හෝ ක්‍රියාවක යහපත් හෝ අයහපත් ප්‍රතිවිපාක නොමැති බව ප්‍රකාශ කිරීමයි. කවර ක්‍රියාවක් කරන්නාටද, කරවන්නාටද, අනුන්ගේ අත්පා සිදින්නටද, සිදුවන්නාටද, නුදුන් දේ ගන්නාටද, පරඹුවන් කරා යන්නාටද, බොරු කියන්නාටද ආදි වශයෙන් පවක් කරමියි සිතා කළද ඉන් පවක් සිදු නොවන අතර ආයුධයක් ගෙන මිහිපිට වාසය කරන සියළුම ප්‍රාණීන් මරා එකම මස් ගොඩක් බවට පත්කළත් ඉන් සිදුවන කවර හෝ පාපයක් නොමැත. දීඝ නිකායේ සාමාඤ්ඥඵල සූත්‍රයේ මේ සබැදිව කරුණු දීර්ඝ ලෙස විස්තර කර ඇත. පූරණ කස්සපගේ ඉගැන්වීම් අනුව පුද්ගලයා විසින් සිදුකරනු ලබන කිසිදු යහපත් ක්‍රියාවන්ගේද ප්‍රතිඵලයක් නොමැත. යම් පුද්ගලයෙක් ගංගානම් ගගේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා දානයන් දෙමින්, අනුන් ලවා දන් දෙමින්, යාගහෝම කරමින් සිල් රකිමින්, රක්කවමින් ගමන් කළත් ඉන් සිදුවන කිසිදු කුසලයක් නොමැත. දන්දීම, ඉන්ද්රිය සංවරය, සත්‍ය වචන කථාකිරීම යනාදි කුසලයන් නිරතවීමෙන් කිසිවෙකුටත් යහපතක් සිදුනොවේ. යහපත්/අයහපත් කුසල් අකුසල් ප්‍රතික්ෂේප කරන මෙවැනි අකිරියවාදි දර්ශනයන් සදාචාරාත්මක නොවන අතර මෙම පුද්ගලයා බුදුරජණන් වහන්සේගේ විවේචනයට ලක්වූයේ මෙවැනි මිථ්‍යා දෘෂ්ඨික ඉගැන්වීම් නිසවෙනි. මක්ඛලි ගෝසාල ශ්‍රමණ සම්ප්රදාය නියෝජනය කළ මෙම ශාස්තෘවරයා ආජිවක නිකායේ නායකයා ලෙස සැලකේ. මොහුගේ ජීවිතය පිළිබද තොරතුරු ජෛන භගවත් සූත්‍රයේ සදහන් වේ. සිගමන් යැදීම රක්ෂාව කරගත් මංඛ නම් පුද්ගලයාගේ පුත්‍රයා වන බැවින් මක්ඛලි යන නමද, බමුණු පවුලකට අයත් ගවහලකදී උපත ලැබූ හෙයින් ගෝසාල යන නමද පටබැදී මක්ඛලී ගෝසාල යන නමින් මොහු හැදින්වේ. මක්ඛලි ගෝසාලද පියගේ අඩිපාරේ යමින් ඔහු කළ රැකියාවම, එනම් සිගමන් යැදීම තෝරාගන්නා ලදී. මෙසේ තැනින් තැන සිගමන් යදිමින් යන අවස්ථාවක ජෛන ආගමේ ප්‍රධාන ශාස්තෘවරයා වූ මහාවීර තුමා මුණගැසී ඔහුගේ අනුගාමිකයෙකු බවට පත්විය. වසර 24 ක් පමණ වූ මක්ඛලි ගෝසාලගේ තපස් කාලයෙන් වසර 06 ක් ම සිට ඇත්තේ මහාවීරතුමාගේ අනුගාමිකයෙක් වශයෙනි. යම් ගැටළුවක් සබැදිව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මොහු මාහවීරගෙන් වෙන්ව ගොස් ජිනවරයෙකු බවට පත්වී ආජිවක සම්ප්රදාය ආරම්භකරන ලදී. මොහු තම මූලස්ථානය ලෙස සැවැත්නුවර කුම්භකාර ගැහැණියගේ නිවස තෝරාගන්නා ලදී. දීඝනිකායේ සාමඥ්ඥඵල සූත්‍රයට අනුව මක්ඛලි ගෝසාල නියතිවාදියෙක් ලෙස දැක්වේ. ලොව පවතින සියළු දේ අහේතුකව ප්රභවය වන බවත් කිසියම් නියතියකට අනුව සිදුවන බවත් මොහු ප්‍රකාශ කර ඇත. වීර්යය, බලය පරාක්‍රමය, ධෛර්යය වැනි දෑ අර්ථ ශුන්‍යය බවත් සෑම ක්‍රියාවකම ප්‍රතිවිපාක නොමැති බවත් දක්වන ඔහු මිනිසා විදිනු ලබන සැප, දුක හා අදුක්ඛම සුඛ යන සියළු අවස්ථාවන් ලැබෙන්නේ හේතුවක් නැතිව බව පවසන ලදී. සත්වයාගේ කෙලෙසීමට හෝ පිරිසිදුවීමට හේතුවක් නොමැති බවත් එය ඉබේම සිදුවන බවත්, තමාගේ හා අනුනගේ යහපත සදහා කළයුතු කිසිවක් නැති බවත් මොහු අදහස්කරයි. තමා කරන කුසල්/අකුසල් අනුව සසර ගමනේ අඩු/වැඩිවීමක් නොමැති බවත් සෑම සත්වයෙකුම නියතියකට යටත්වන නිසා කල්ප 84000 ක් ගෙවා දැමීමෙන් ඉබේම විමුක්තය උදාකරගන්නා බව මොහුගේ මතයයි. නියතිවාදය, දෛවවාදය බුද්ධ දර්ශනය තුල නොපිළිගන්නා නිසා මක්ඛලි ගෝසාල ද බුදුරදුන්ගේ නිරන්තර විවේචනයට භාජනය වූ අතර මොහු හැදින්වූයේ මිනිසුන් රවටා තම ඉගැන්වීම් කෙරෙහි පහදවාගෙන අපාගත කරන පුද්ගලයෙක් වශයෙනි. අජිත කේසකම්බලි බ්‍රාහ්මණ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම විවේචනය කරන මොහු ශ්‍රමණ සම්ප්රදාය නියෝජනය කරන්නෙකු විය. තමන් උපන් ගෝත්‍රය අනුව අජිත යන නමත් කෙස් වලින් තනාගත් ඇදුමක් ඇද සිටි බැවින් කේසකම්බලි යන නමත් එකතුවී අජිත කේසකම්බලී යන නාමය මොහුට පටබැදී ඇත. මරණින් මතු නැවත උපදීමක් නැත යන සංකල්පය පෙරදැරිකරගත් උච්ඡේදවාදයත්, භෞතිකවාදයත්, අකිරියවාදයත්, දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිකවාදයත් මොහුගේ ප්‍රධාන දාර්ශනික ඉගැන්වීම් වේ. අජිත කේසකම්බලිගේ ඉගැන්වීම් අනුව සත්වයා නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගේ එකතුවෙනි. එසේ සකස්වූ පුද්ගලයා යම් දවසක මියගිය විට ඔහු සැකසී තිබූ සතර මහා භූතයින්ට අයත් ධාතූන් භාහිර ධාතුන් හා එකතුවෙයි. හොද නරක පැමිණෙන්නේ සොහොන් කොත දක්වා පමණි. යාග පූජාදිය කිරීමෙන් පළක් නැත. කර්මය ගැන හා කර්ම විපාක ගැන කථාකිරීම සම්ප්‍රප්ලාපයකි. නැවත ඉපදීමක් නැත. එම නිසා ජීවත්වන කාලය තුල ණය වී හෝ ගිතෙල් අනුභව කළයුතුය යන්න මොහුගේ දර්ශනය වී ඇත. තවද මොහුගේ දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය තුලින් කුසල්, අකුසල්, හොද නරක බැහැරකිරීම හා පුද්ගල ක්‍රියාව පිළිබදව කිසිදු තක්සේරුවක් හෝ අගයකිරීමක් කර නැත. පකුධ කච්චායන කුඹුක් ගසක් යටදී උපත ලැබූ නිසා කකුධ යන නම පටබැදී, කාලයාගේ ඇවෑමෙන් එය පකුධ වූ බවත්, කච්චායන යන ගෝත්‍ර නාමය ද එක්වී පකුධ කච්චායන යන නාමය මොහු වෙත පටබැදී ඇත. මවුකුස තුලදීම සිය පියාණන් මියගොස් ඇති නිසා මොහුගේ ළමා කාලය ඉතා දුක්බර තත්වයකට පත්වූ බවත් එබැවින් කුඩා කලදීම බමුණෙකු විසිනු ඔහු හදාවඩාගත් බවත්, එහෙත් කලකදී එම බමුණා මියයාම නිසා දිවි සරිකරගැනීමට මගක් නොවූ හෙයින් තවුසෙකු බවට පත්ව නව දාර්ශනයක් ඉදිරිපත්කරන්නට වූ බවත් සදහන් වේ. එසේම වඩාත් උග්‍ර තපස් රකින්නෙකු බවටද මොහු ප්‍රසිද්ධ විය. ලොව සදාකාලිකවම පවත්නා උත්තරීතර පදාර්ථ 07 ක් සබැදිව දාර්ශනයක් ඉදිරිපත්කරන මොහු එම පදාර්ථයන් කවරෙකු විසින් කරවන ලද්දක් නොවේ. කාගේ හෝ විධානයකින් සිදුවූවක් ද නොවේ. කවරෙකු විසින් හෝ මවන ලද්දක්ද නොවේ යන සංකල්පය ඇතුලත් ශාස්වතවාදයත් ආත්මවාදයත් මොහුගේ දර්ශනය විය. එම පදාර්ථයන් 07 නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, හා ජීව නම් වේ. පකුධ කච්චායනගේ දර්ශනයට අනුව පුද්ගලයාද මෙම සප්ත පදාර්ථයන්ගෙන් සැකසී ඇත. මේ නිසා හොද නරක ආදී සෑම ක්‍රියාක්ම අර්ථ ශූන්‍යය. යමෙක් තියුණු ආයුධයකින් තවකෙකුගේ හිස සිදින්නේද, එහිදි සිදුවනුයේ සප්ත පදාර්ථයන් අතරින් ආයුධයක් ගමන් කිරීම පමණකි. මේ නිසා එම ක්‍රියාවෙහි කිසිදු පාපයක් නැත. මෙවැනි ඉගැන්වීම් නිසා ඔහුද අකිරියවාදි සංකල්පයම ඉදිරිපත්කළ බව පැහැදිලි වේ. සංජය බෙල්ලට්ඨිපුත්ත බෙල්ලට්ඨි නම් මිනිසාගේ පුත්‍රයා සංජය නම් වූ බැවින් මොහු හට සංජය බෙල්ලට්ඨිපුත්ත යන නාමය පටබැදී ඇත. බ්‍රහ්මජාල සූත්‍රයට අනුව මොහුගේ ඉගැන්වීම අමරාවික්ඛේපවාදයක් ලෙස හැදින්වේ. එනම් අසන ලද ඕනෑම ප්‍රශ්නයකට සැකසහිත පිළිතුරු ලබාදීමයි. ඔහුගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා පහත සදහන් පරිදි පංච නිශේදන ක්‍රමය භාවිතාකර ඇත. අ. මෙසේ යැයි මාගේ අදහසක් නැත ආ. එසේ යැයි මාගේ අදහසක්ද නැත ඇ. අන් අයුරකින්යැය මාගේ අදහසක් නැත ඈ. නැතැයිද මාගේ අදහසක් නැත ඉ. නැත්තේ නැතැයිද මාගේ අදහසක් නැත පරලොවක් ඇත්ද යැයි කෙනෙක් ඇසුවහොත් ඇත කියා හෝ නැත කියා හෝ ප්‍රකාශ නොකරයි. එමෙන්ම ඇත්තේත් නැත, නැත්තේත් නැත කියා හෝ ප්‍රකාශ නොකරයි. කවර ආකාරයකින් ප්‍රශන් කළද ඔහුගේ පිළිතුරු ඒ අයුරින් වෙයි. මේ ආකාරයෙන් සංජය බෙල්ලට්ඨිපුත්ත විසින් අසන ලද ඕනෑම ප්‍රශ්නයකින් ලිස්සා යාමේ ස්වාභාවය නිසා බුදුරජාණන් වහන්සේගේ විවේචනයට මොහු ද නිරන්තර ලක්විය. නිගණ්ඨනාථ පුත්ත ෂඩ් ශාස්තෘවරුන් අතුරින් බුදුරජාණන් වහන්සේ පවා යම් අවස්ථාවන් පිළිගත් පැහැදිලි දර්ශනයක් ඉදිරිපත්කළ එකම තැනැත්තා නිගණ්ඨනාථ පුත්තයන්ය. ජෛන ආගමේ නිර්මාතෘ වන මොහු මහාවීර යන නමින්ද විරුදාවලි ලැබීය. නාථ නැමති ගෝත්‍රයට අයත් නිසාත් නිර්වස්ත්‍රව සිටි නිසාත් එමගින් නිගණ්ඨනාථ පුත්ත යන නම පටබැදී ඇතත් ජෛන මූලාශ්රයන්ට අනුව නිගණ්ඨ යන කොටසින් කෙලෙස් ගැටවලින් ඉවත්වූ නිසා යන්න පිළිබිඹු කරනු ලැබේ. වජ්ජි ජනපදයේ උපත ලැබූ මොහු කුඩාකාලයේ බුද්ධිමත් දරුවෙකු වූ අතර නිසි කලදී යශෝධා නම් කුමරියක් විවාහ කරගෙන අනෝජා නමින් දියණියක්ද සිටි අතර පසුව ලෝකයෙහි අනිත්‍යතාව පිළිබදව කළකිරීම අවුරුදු 30 දී අභිනිෂ්ක්‍රමණය කර ඇත. මොහුගේ ඉගැන්වීම් පහත සදහන් පරිදි ප්‍රධාන කොටස් 05 කින් දැක්විය හැක. අ. පරම අවිහිංසාවාදය ආ. චතුයාම සංවරය ඇ. කර්මය පිළිබද ඉගැන්වීම ඈ. පුබ්බේකත හේතුවාදය ඉ. ස්‍යාද්වාදය පරම අවිහිංසාවාදය තම ප්‍රධාන දර්ශනය කොටත් මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්තයන් අවිහිංසාවේ අන්තයටම ගිය පුද්ගලයෙකි. ගස්වල්වලට පවා ප්‍රාණයක් ඇති බවත් ඒවා කඩා බිද දැමීමද පාපයක් බවත් ඔහු ඉගැන්වීය. බුදුරජාණන් වහන්සේ වස් ශික්ෂාපදය භික්ෂුන් සමූහයා වෙත පනවනු ලැබූයේ මෙම ජෛන ආගමිකයන්ගේ ඉල්ලීම් සලකා බැලීමක් වශයෙනි. එනම් වස් කාලයේදී ළපටි තෘණ ආදි ශාඛ රෝපණය වන අතර එම කාලයන්වලදී පාද චාරිකාවේ යෙදීමෙන් එම පැළවලට හානි වන බැවින් වස්සාන කාලයන්හිදි ආරණ්‍යවාසිව හෝ ආරාමවාසිව කාලය ගතකිරීමයි. කර්මය පිළිබදවද බුද්ධ දර්ශනයට සෑහෙන තරමක් සමාන කමක් දක්වන කර්මය සිදුවන ප්‍රධාන කොටස් 03 ක් සබැදිව මහාවීර විසින් දේශනා කරන ලදී. එනම් අ. කාය දණ්ඩ ආ. වචී දණ්ඩ ඇ. මනෝ දණ්ඩ වේ. එහෙත් බුදුන් වහන්සේ මෙම ත්‍රිත්වයෙන් මනෝ කර්මය (දණ්ඩය) ප්‍රබල යැයි පැවසුවද මහාවීරයන් පැවසූයේ කාය දණ්ඩ ප්‍රබල වන බවයි. එහෙත් පරම අවිහිංසාවාදය බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ අතර සිතකින් තොරව සිදුවන කර්මයක් විපාක නොදෙන බව දේශනාකර වදාළහ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom