Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම

විද්‍යාව යනු අප ගේ පංච ඉන්ද්‍රියයන්ට (ඇස, කන, නාසය, දිව හා සම) ගෝචර වන දෑ ඒ ආකාරයෙන් පවතිනුයේ මන්ද, ඒ ආකාරයෙන් හැසිරෙනුයේ මන්ද යන්න පැහැදිලි කිරීමට මොඩලයන් සෑදීම වේ. ඉන් අනතුරුව එම මොඩලයන් භාවිත කොට නව දෑ සොයාගැනීම හා නිපැයුම වේ. අප විද්‍යාවේ දී සත්‍ය යෑයි සලකන සියලූ දේවල් පරීක්ෂා කළ හැකි විය යුතු ය. එනම් මුළු විද්‍යාව ම ගොඩනැඟී ඇත්තේ පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය මත ය. එනම් විද්‍යාවෙන් අප කිසියම් දෙයක් පරීක්ෂා කිරීමට නම් එම දෙය මැනිය හැකි ග්රාහකයන් (deඑeජඑදරි) තිබිය යුතු ය එහෙත් අවාසනාවකට විද්‍යාවට බොහෝ සංවේදක හෝ ග්රාහකයන් හෝ නොමැත. මේ හේතුවෙන් දුක, සතුට, ආදරය, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී දැනෙන දේ හෝ සිත, විඤ්ඤාණය ආදී ආධ්‍යාත්මික දේ විද්‍යාවෙන් මැනිය නොහැකි ය.

එහෙත් බුදුදහම යනු අප අවට පවතින සියල්ල දුකක් බව අවබෝධ කර දීමට ඇති දර්ශනයයි. ඉන්පසු මෙම දුක නැති කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ගමන් මාර්ගයක් පෙන්වා දී ඇත. එම මාර්ගය අනුගමනය කරන්නකුට, මෙම දුකින් මිදී ලොව්තුරු සුවය වන නිවන් මඟට පිවිසිය හැකි ය. මෙම සියල්ල සිත මත පාදක වී ඇත. එහෙත් අපට කවරදාක වත් බුදුදහමෙන් කියන දෑ, විද්යවෙන් පැහැදිලි කළ නොහැකි ය. මක්නිසා ද යත් අපට විද්‍යාවෙන් සිත මැනිය නොහැකි බැවිනි.

මේ කරුණු හේතු කොටගෙන අප ගේ සමහර ස්වාමීන්වහන්සේලා හා සමහර විද්‍යාඥයින් ලෙස ප්‍රචලිත පිරිස් විද්‍යාවෙන් බුදුදහම පැහැදිලි කිරීමට උත්සාහ කිරීම සංවේගජනක කරුණක් බව සඳහන් කළ යුතු ය. බුදුදහම පමණක් නො ව වෙනත් කිසිදු දහමක් පවා විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි ය. ඕනෑ ම දහමක් විද්‍යාවට වඩා ඉහළින් පවතී. ඕනෑ ම දහමක් එම දහම සත්‍ය යෑයි ස්ථිරව ම පවසයි. එහෙත් විද්‍යාව බොරු යෑයි විද්‍යාව ම පවසයි. විද්‍යාව හොඳින් අවබෝධ කරගෙන ඇති ඕනෑ ම අයෙක් විද්‍යාව බොරු බව දනී. විද්‍යාව හරිහැටි නො දන්නා කෙනෙක් නම් විද්‍යාව බොරු බව නො දනී. විද්‍යාවේ අද සත්‍ය යෑයි පිsළිගනු ලබන දෙය හෙට අසත්‍ය වේ. ඒ වෙනුවට තවත් සත්‍යයක් ඉදිරිපත් වේ. නමුත් කිසිදු දහමක බොරු යෑයි පිළිගන්නා දේවල් නැත. අඩු ම තරමින් හැම දහමක ම එහි ඇති දේ සත්‍ය යෑයි පිළිගැනෙයි.

බුදුදහමේ සහ විද්‍යාවේ සමාන්තරව යන දේ තිබිය හැකි ය. ඉන් කියවෙනුයේ සමහර දේවල් විද්‍යාවෙන් හා බුදුදහමෙන් යන දෙකෙන් ම එක ම ආකාරයකට පැහැදිලි කළ හැකි බවයි. විද්‍යාව පරිසරයේ පවතින දෑ පැහැදිලි කරයි. බුදුන්වහන්සේ ද පරිසරය හා එහි පැවැත්ම පැහැදිලි කරති. මේ හේතුවෙන් දෙකේ ම සමාන්තර තැන් අපට හමු වේ. ඔබ මා ගෙන් ඇසුව හොත්, නිවැරැදි දෙය බුදුදහම ද කියා, මට දිය හැකි පිළිතුර වනුයේ මම නො දනිමි යන්න ය. එහෙත් බුදුදහමින් යමක් විස්තර කරන බව පමණක් මා අවබෝධ කරගෙන ඇත. ඒ ගැඹුරු දෙය කුමක් දැයි මට පැවසිය නොහැකි ය. එහෙත් යථාර්ථය බුදුදහමින් පැහැදිලි කරන බව, එය යම් දුරකට හදාරන ඕනෑ ම කෙනකුට පැහැදිලි වේ. එමෙන්ම සැබෑ බුදුදහම පවතිනවා නම් පවතිනුයේ ත්‍රිපිටකයේ පමණකි. අප අසන බුදුදහම, සැබෑ බුදුදහමට බොහෝ සෙයින් වෙනස් ය. එය හරියාකාරව පැහැදිලි කිරීමට නිවන් අවබෝධ කර ගත් ගුරුවරයකු සිටිය යුතු ය යන්න මා ගේ විශ්වාසයයි.

ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

භෞතික විද්‍යා අධ්‍යයනංශය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

[QUOTE="mensoft2003, post: 10909067, member: 49361"] [b]විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම[/b] [SIZE="4"]විද්‍යාව යනු අප ගේ පංච ඉන්ද්‍රියයන්ට (ඇස, කන, නාසය, දිව හා සම) ගෝචර වන දෑ ඒ ආකාරයෙන් පවතිනුයේ මන්ද, ඒ ආකාරයෙන් හැසිරෙනුයේ මන්ද යන්න පැහැදිලි කිරීමට මොඩලයන් සෑදීම වේ. ඉන් අනතුරුව එම මොඩලයන් භාවිත කොට නව දෑ සොයාගැනීම හා නිපැයුම වේ. අප විද්‍යාවේ දී සත්‍ය යෑයි සලකන සියලූ දේවල් පරීක්ෂා කළ හැකි විය යුතු ය. එනම් මුළු විද්‍යාව ම ගොඩනැඟී ඇත්තේ පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය මත ය. එනම් විද්‍යාවෙන් අප කිසියම් දෙයක් පරීක්ෂා කිරීමට නම් එම දෙය මැනිය හැකි ග්රාහකයන් (deඑeජඑදරි) තිබිය යුතු ය එහෙත් අවාසනාවකට විද්‍යාවට බොහෝ සංවේදක හෝ ග්රාහකයන් හෝ නොමැත. මේ හේතුවෙන් දුක, සතුට, ආදරය, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී දැනෙන දේ හෝ සිත, විඤ්ඤාණය ආදී ආධ්‍යාත්මික දේ විද්‍යාවෙන් මැනිය නොහැකි ය. එහෙත් බුදුදහම යනු අප අවට පවතින සියල්ල දුකක් බව අවබෝධ කර දීමට ඇති දර්ශනයයි. ඉන්පසු මෙම දුක නැති කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ගමන් මාර්ගයක් පෙන්වා දී ඇත. එම මාර්ගය අනුගමනය කරන්නකුට, මෙම දුකින් මිදී ලොව්තුරු සුවය වන නිවන් මඟට පිවිසිය හැකි ය. මෙම සියල්ල සිත මත පාදක වී ඇත. එහෙත් අපට කවරදාක වත් බුදුදහමෙන් කියන දෑ, විද්යවෙන් පැහැදිලි කළ නොහැකි ය. මක්නිසා ද යත් අපට විද්‍යාවෙන් සිත මැනිය නොහැකි බැවිනි. මේ කරුණු හේතු කොටගෙන අප ගේ සමහර ස්වාමීන්වහන්සේලා හා සමහර විද්‍යාඥයින් ලෙස ප්‍රචලිත පිරිස් විද්‍යාවෙන් බුදුදහම පැහැදිලි කිරීමට උත්සාහ කිරීම සංවේගජනක කරුණක් බව සඳහන් කළ යුතු ය. බුදුදහම පමණක් නො ව වෙනත් කිසිදු දහමක් පවා විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි ය. ඕනෑ ම දහමක් විද්‍යාවට වඩා ඉහළින් පවතී. ඕනෑ ම දහමක් එම දහම සත්‍ය යෑයි ස්ථිරව ම පවසයි. එහෙත් විද්‍යාව බොරු යෑයි විද්‍යාව ම පවසයි. විද්‍යාව හොඳින් අවබෝධ කරගෙන ඇති ඕනෑ ම අයෙක් විද්‍යාව බොරු බව දනී. විද්‍යාව හරිහැටි නො දන්නා කෙනෙක් නම් විද්‍යාව බොරු බව නො දනී. විද්‍යාවේ අද සත්‍ය යෑයි පිsළිගනු ලබන දෙය හෙට අසත්‍ය වේ. ඒ වෙනුවට තවත් සත්‍යයක් ඉදිරිපත් වේ. නමුත් කිසිදු දහමක බොරු යෑයි පිළිගන්නා දේවල් නැත. අඩු ම තරමින් හැම දහමක ම එහි ඇති දේ සත්‍ය යෑයි පිළිගැනෙයි. බුදුදහමේ සහ විද්‍යාවේ සමාන්තරව යන දේ තිබිය හැකි ය. ඉන් කියවෙනුයේ සමහර දේවල් විද්‍යාවෙන් හා බුදුදහමෙන් යන දෙකෙන් ම එක ම ආකාරයකට පැහැදිලි කළ හැකි බවයි. විද්‍යාව පරිසරයේ පවතින දෑ පැහැදිලි කරයි. බුදුන්වහන්සේ ද පරිසරය හා එහි පැවැත්ම පැහැදිලි කරති. මේ හේතුවෙන් දෙකේ ම සමාන්තර තැන් අපට හමු වේ. ඔබ මා ගෙන් ඇසුව හොත්, නිවැරැදි දෙය බුදුදහම ද කියා, මට දිය හැකි පිළිතුර වනුයේ මම නො දනිමි යන්න ය. එහෙත් බුදුදහමින් යමක් විස්තර කරන බව පමණක් මා අවබෝධ කරගෙන ඇත. ඒ ගැඹුරු දෙය කුමක් දැයි මට පැවසිය නොහැකි ය. එහෙත් යථාර්ථය බුදුදහමින් පැහැදිලි කරන බව, එය යම් දුරකට හදාරන ඕනෑ ම කෙනකුට පැහැදිලි වේ. එමෙන්ම සැබෑ බුදුදහම පවතිනවා නම් පවතිනුයේ ත්‍රිපිටකයේ පමණකි. අප අසන බුදුදහම, සැබෑ බුදුදහමට බොහෝ සෙයින් වෙනස් ය. එය හරියාකාරව පැහැදිලි කිරීමට නිවන් අවබෝධ කර ගත් ගුරුවරයකු සිටිය යුතු ය යන්න මා ගේ විශ්වාසයයි.[/SIZE] [B]ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භෞතික විද්‍යා අධ්‍යයනංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom