Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලිබල අර්බුදය සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට ඉන්දියාව සතු විශාලම න්‍යෂ්ටික බලාගාරය තමයි කූඩන්කුලම් බලාගාරය. මේක තියෙන්නෙ කූඩන්කුලම් වෙරළ අයිනේ. මූලික සැලැස්මෙ හැටියට මේක එකක් 1000MW බැගින් වන ප්‍රතික්‍රියාකාරක (Reactors) 6ක් තියෙන 6000MW installed capacity එකක් තියෙන බලාගාරයක්. 2002දි තමයි මේකෙ වැඩ ආරම්භ වුණේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා සහ Heat transfer tubes 4ක තිබුණු දෝෂය නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බොහෝ කාලයක් ගියා. 2013දි තමයි පළවෙනි unit එක ක්‍රියාත්මක වුණේ. බලාගාරය හදන්නෙ රුසියානු රාජ්‍ය සමාගමක් විසින්. මේ වෙනකොට මේකෙ units 2ක් හදලා ක්‍රියාත්මක තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේකෙ 2000MW ක Installed capacity එකක් තියෙනවා (අපේ නොරොච්චෝලෙ 900MW).

හැබැයි Cooling වගේ auxiliary power consumption ටික අයින් කරාම මේකෙන් ඇත්තටම පද්ධතියට ලබාදෙන්නෙ මෙගාවොට් 1864ක විදුලි බලයක්. ඒ කියන්නෙ ලංකාවෙ ඉහළම විදුලි බල ඉල්ලුමට (peak demand) වඩා ටිකක් අඩු ප්‍රමාණයක් (ඒකෙ තේරුම ලංකාවෙ මුළු විදුලි අවශ්‍යතාවය තනි න්‍යෂ්ටික බලාගාරයකින් සපුරගන්න පුළුවන් කියන එක නෙමෙයි)

න්‍යෂ්ටික බලාගාර වල තාක්ෂණය මූලිකව පරම්පරා 5කට බෙදෙනවා. චර්නොබිල් සහ ෆුකුෂිමා ඩායිචි වගේ බලාගාර අයිති 2 වන පරම්පරාවෙ මුල කාලයට. එතකොට කූඩන්කුලම් බලාගාරය අයිති වෙන්නෙ Generation 3+ කියන එකට. ඒ කියන්නෙ 3 සහ 4 පරම්පරා අතරට. ලෝකය 1986 චර්නොබිල් අනතුරෙන් පස්සෙ ගොඩක් දුර ආපු බව දන්නවනෙ. ඉතින් මේ කූඩන්කුලම් වගේ Gen III+ බලාගාර වල භාවිතා වන තාක්ෂණය සහ ආරක්ෂණ ක්රමවේදත් අර පරණ බලාගාර වලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින්. මේ කූඩන්කුලම් ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැන සාරාංශයක්..

️ භූමිකම්පා/සුනාමි..

බලාගාරය හදන්න කලින් කරපු ශක්‍යතා අධ්‍යයනයෙදි හෙළිවුණේ ඉන්දියාවේ භූචලන වලින් ආරක්ෂිතම කලාපය තුල මේ කූඩන්කුලම් ප්‍රදේශය පිහිටන බවයි.

ජපානයේ ෆුකුෂිමා ඩායිචි බලාගාරයේ අනතුර සිදුවුණේ සුනාමියෙන් බලාගාරයේ පැනල් ආදිය යටවිම නිසා backup generators ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිවුණ නිසා. එතකොට කූඩන්කුලම්? 2004 සුනාමියෙන් මේ ප්‍රදේශයට කඩාවැදුනු රැල්ලේ උස මීටර් 2.2.ක් පමණයි. හැබැයි මේකෙ backup generators සවිකරල තියෙන්නෙ මීටර් 9.3ක් උඩින්. ඒ කියන්නෙ රිච්ටර් පරිමාණයේ එන්න පුළුවන් ඉහළම භූමිකම්පාවකින් ඇතිවෙන සුනාමි තත්වයකදිත් ආරක්ෂිත වන මට්ටමකින්. ඒ වගේම මේවා පිහිටි කාමර වල දොරවල් ලෙස යොදාගෙන තිබෙන්නෙ ජලය කාන්දු නොවන ඝනකම් double sealed දොරවල්.

️ Negative Void Coefficient..

Positive Void Coefficient එකක් තියෙන බලාගාරයක ජලය අඩු වෙනකොට ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය තවත් වැඩිවෙනවා. චර්නොබිල් RBMK reactor එකේ තිබුණෙත් එහෙම එකක්. චර්නොබිල් අනතුරත් එක්ක ඒ ක්‍රමය ලෝකෙන් තුරන් වෙලා Negative Void Coefficient තියෙන බලාගාර විතරක් හැදෙන්න ගත්තා. ඒකෙදි වතුර ටික වාෂ්ප වෙලා ගියොත් වෙන්නෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව මන්දගාමී වීමක්. කූඩන්කුලම් වල තියෙන්නෙත් එහෙම Negative Void Coefficient එකක්.

️ Control Rods..

කූඩන්කුලම් බලාගාරයේ තියෙන්නෙ ඉතාම ඉක්මණින් පහත් කල හැකි control rods. ඒක නිසා රිඇක්ටර් එක ඇතුලෙ වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බොහොම ඉක්මණින් පාලනය කරගන්න මේ බලාගාරයෙදි හැකියාව ලැබෙනවා.

️ Boron Injection System..

න්‍යෂ්ටික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාව එක දිගටම සිද්ධවෙන්නෙ යුරේනියම් පරමාණු බිඳෙනකොට බිහිවෙන නියුට්‍රෝන මගින්නෙ. මේ නියුට්‍රෝන වල ගමන නතර කරගන්න පුළුවන් හොඳම නියුට්‍රෝන අවශෝෂක මූලද්‍රව්‍යය තමයි බෝරෝන් (කලින් කතා කරපු control rods වලත් බෝරෝන් ආලේපිතයි). ඉතින් හදීසි අවස්ථාවකදි එක පාරටම ප්‍රතික්‍රියාවට විශාල ලෙස බෝරෝන් inject කරොත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඉතාම ඉක්මණින් නතර කරගන්න පුළුවන්.

කූඩන්කුලම් බලාගාරයේදි මේ ක්‍රියාව කරන්නෙ බෝරික් ඇසිඩ් පාවිච්චි කරලා. බෝරික් ඇසිඩ් කියන්නෙ ඝන ද්‍රව්‍යයක්.

️ Hot shutdown එකකදී තාපය ඉවත් කිරීම..

කූඩන්කුලම් වල Passive Heat Removal System (PHRS) එකට පුළුවන් බොහොම පරිස්සමට core එකේ තියෙන තාපය බාහිරට ඉවත් කරන්න. මේක පැය 24ක් තුල කරන්න පුළුවන්. කලින් කියපු Boron Injection එක කරන්නෙ මීටත් වඩා හදීසි අවස්ථාවක විතරයි. මේ PHRS එකට විදුලිය, ඉන්ධන වගේ කිසි දෙයක් ඕන නෑ. තාක්ෂණික දේවල් මත රඳාපැවතීමකින් තොරව ගුරුත්වය, සංවහනය, සන්නයනය වගේ විශ්වාසනීය ස්වභාවික මූලධර්ම මතයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ඇත්තටම ඔය Passive Heat Removal System එක තමයි Generation 2 වලින් Generation 3 වලට එනකොට එකතු වුණ ලොකුම වෙනස.

️ හයිඩ්රජන් එක්රැස් වීම..

සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අනතුරකදි වෙසල් එක තුල දහනය වන අධි පීඩන හයිඩ්රජන් විශාල ලෙස එක්රැස් වීමෙන් වෙසල් එක පුපුරා යන්න පුළුවන්. ඒක නවත්තන්න කූඩන්කුලම් වල තියෙනවා Passive Hydrogen Recombiner පද්ධතියක්.

️ ආවරණ..

අපි ඇතුලෙ ඉඳල එමුකො. විකිරණශීලි යුරේනියම් ඉන්ධන ටික තියෙන්නෙ වඩා කාර්යක්ෂම සර්කෝනියම්-නයෝබියම් බට වල.

මේ ඉන්ධන බට තියෙන්නෙ 22cm ඝනකම සහ ටොන් 350ක් බර Reactor Pressure Vessel (RPV) එක තුල.

එතකොට ඒ RPV එක තියෙන්නෙ මීටරයක් ඝනකම කොන්ක්‍රීට් ආවරණයක් තුල.

Reactor containment එක ආවරණ 2කින් යුක්තයි. ඇතුලත ආවරණය 6mm ඝනකම වානේ ස්ථරයක් සහිත මීටර් 1.2ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක්.

බාහිර ආවරණය 60cm ඝනකම තව කොන්ක්‍රීට් බිත්තියක්.

ඔය බිත්ති 2 අතර තියෙන්නෙ වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක්.

Reactor Vessel එකෙන් එලියට ආවම තවත් ආවරණයක් තියෙනවා Core Catcher කියලා. මේක ටොන් 101ක් බරයි. මේක විශේෂ සංයෝගයකින් පුරවලයි තියෙන්නෙ. ඒ තමයි යකඩ (Fe), ඇලුමිනියම් (Al) සහ ගැඩොලීනියම් (Gd) වල ඔක්සයිඩ සහිත මිශ්‍රණයක්. මේ core catcher එකේ කාර්යභාරය තමයි බැරිවෙලාවත් මේකට ඇතුලෙන් තියෙන ඔක්කොම පුපුරල ගියත් ඒ ඝන හා ද්‍රව සුන්බුන් සියල්ල බාහිරට යන්න නොදී රඳවාගැනීම. Gadolinium යොදාගන්නෙ එයා හොඳ නියුට්‍රෝන අවශෝෂකයක් නිසා.

බලාගාරයේ ආරක්ෂාව සඳහා ඔය තරම් ආවරණ ගොඩක් තියෙනවා.

️තටාකය..

මුහුද අයිනෙ පිහිටීම නිසා රුසියාව විසින් මේ කූඩන්කුලම් බලාගාරය නිර්මාණය කරේ තවත් විශේෂ සැකැස්මක් සමග. ඒ තමයි හරයට යටින් තියෙන දැවැන්ත මුහුදු වතුර තටාකය. මහා පරිමාණ අනතුරකදි මේ තටාකය යොදාගෙන බලාගාරය ඉක්මණින් සිසිලනය කරන්න පුළුවන්.

️ ලංකාවට තියෙන බලපෑම..

සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක අවට ප්‍රදේශය කලාප (Expose Pathway Zones - EPZ) කීපයකට බෙදනවා.

1) Precautionary Exposure Pathway බලාගාරයේ සිට 1km පමණ දක්වා අරයක් තුල පිහිටි ප්‍රදේශය. මේක තමයි බලාගාර අනතුරකදි මිනිසුන් ඉවත් කල යුතු කලාපය.

2) Plume Exposure Pathway

න්‍යෂ්ටික අනතුරක් සිදුවුණොත් බලාගාරයේ සිට සැතපුම් 10ක (16km) දක්වා දුරින් පිහිටි මේ කලාපය තුල ජීවත් වෙන අයට අවශ්‍ය වූ විට පොටෑසියම් අයඩයිඩ් වැනි අයඩින් ප්‍රතිකාර ලබාදෙන්න ඕන. එහෙම කරන්නෙ තයිරොයිඩ් පිළිකා අවදානම නැති කරන්න.

3) Ingestion Exposure Pathway

බලාගාරයේ සිට සැතපුම් 50 (80km) දුරින් පිහිටි ප්‍රදේශය. මේ කලාපයට බලාගාරයෙන් බලපෑමක් නෑ. හැබැයි පරිසරයේ විකිරණශීලිතාව මැන බැලීම වැදගත්. ලංකාවෙ ඇතැම් ප්‍රදේශ කූඩන්කුලම් වල මෙන්න මේ කලාපය අසල.

කොහොම වුණත් බලාගාරයේ ප්‍රමාණය, පිහිටි රට, පරම්පරාව, ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුව "මේ දුරවල් වෙනස් වෙනවා". මේවා වඩාත්ම අදාළ වෙන්නෙ ඉතාම පැරණි බලාගාර වලට. මේ දුරවල් ඉදිරියේදි වෙනස් වීමට නියමිතයි.

මෙච්චර වෙලා කියපු හැමදේම සලකා බැලුවම කූඩන්කුලම් බලාගාරයෙන් ලංකාවට විතරක් නෙමෙයි අඩු තරමෙ කූඩන්කුලම් නගරයට වත් කිසිම බලපෑමක් නැතිම තරම්. කල්පාකම් බලාගාරයේ ඉඳල 300km සහ කූඩන්කුලම් බලාගාරයේ ඉඳලා 220km දුරින් තියෙන ලංකාවට සුළු හෝ බලපෑමක් වෙන්න නම් අවශ්‍යතා 2ක් තෘප්ත වෙන්න ඕන.

1. බලාගාරයේ දැවැන්ත ප්‍රමාණයේ අනතුරක් වෙලා විකිරණශීලි ද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙන්න ඕන (උඩ කරුණු අනුව මෙහෙම දෙයක් වෙන්න තියෙන්නෙ අතිශයින්ම කුඩා සම්භාවිතාවයක්)

2. ඒ දවස් වල සුළං රටා අනුව කූඩන්කුලම් පැත්තෙ ඉඳල ලංකාවට හුළං හමන්න ඕන.

ඔය 2න් 1ක් හරි නොවුණොත් අපිට කිසිම බලපෑමක් නෑ. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ ඔය 2ම වුණොත් එතකොට අපිට තියෙන්නෙ විකිරණශීලිතාවය මැන බලලා අවශ්‍ය නම් විතරක් පුත්තලම අවට ප්‍රදේශ කීපයක විවෘත ලිං වැසීම වගේ ආරක්ෂක පියවර ගැනීමයි.

ඒත් අපි කොහොමද දැනගන්නෙ කූඩන්කුලම් වලට කිට්ටු ලංකාවෙ පලාත් වල විකිරණශීලිතවය වැඩිවෙලාද නැද්ද කියලා?

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් ලංකාවෙ ස්ථාන 8ක සවිකර ඇති අනාවරක උපකරණ මගින් දවසෙ පැය 24 පුරාවටම මේ විකිරණශීලිතාවය නිරන්තරයෙන් සජීවී පරික්ෂාවට ලක්වෙනවා. මේ උපකරණ තියෙන්නෙ

1.පුත්තලම

2.තලෙයිමන්නාරම

3.කන්කසන්තුරේ

4.ඩෙල්ෆ්ට් දූපත

5.කොළඹ

6.පේරාදෙණිය විශ්වවිද්‍යාලය

7.ත්‍රිකුණාමලය

8.බූස්ස

කියන ප්‍රදේශ වල. තවත් 2ක් ඇඹිලිපිටියේ සහ අනුරාධපුර පිහිටුවන්න නියමිතයි. විකිරණශීලිතාවය සාමාන්‍ය පරිසරයේ මට්ටමට වඩා 3 ගුණයක් වැඩි වුණොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනවා.

විශේෂ ස්තූතිය: Nirodha Ranasinghe (ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය)

- රෙහාන් මෙන්ඩිස්

ඡායාරූප…

රූපය 1 : කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය

රූපය 2 : බලාගාරයට එරෙහි විරෝධතාවක්

රූපය 3 : ගැඩොලීනියම්

රූපය 4 : ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 8ක සවිකර ඇති අනාවරක

රූපය 5 : කූඩන්කුලම් සහ ශ්‍රී ලංකාවේ පිහිටීම

REFERENCES:

+ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

[ATTACH=full]89893[/ATTACH]

[MEDIA=facebook]engineeringapi/photos/a.329194897644292/723036784926766[/MEDIA]

[QUOTE="DaraGarege, post: 25605521, member: 469373"] මේ වෙනකොට ඉන්දියාව සතු විශාලම න්‍යෂ්ටික බලාගාරය තමයි කූඩන්කුලම් බලාගාරය. මේක තියෙන්නෙ කූඩන්කුලම් වෙරළ අයිනේ. මූලික සැලැස්මෙ හැටියට මේක එකක් 1000MW බැගින් වන ප්‍රතික්‍රියාකාරක (Reactors) 6ක් තියෙන 6000MW installed capacity එකක් තියෙන බලාගාරයක්. 2002දි තමයි මේකෙ වැඩ ආරම්භ වුණේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා සහ Heat transfer tubes 4ක තිබුණු දෝෂය නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බොහෝ කාලයක් ගියා. 2013දි තමයි පළවෙනි unit එක ක්‍රියාත්මක වුණේ. බලාගාරය හදන්නෙ රුසියානු රාජ්‍ය සමාගමක් විසින්. මේ වෙනකොට මේකෙ units 2ක් හදලා ක්‍රියාත්මක තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේකෙ 2000MW ක Installed capacity එකක් තියෙනවා (අපේ නොරොච්චෝලෙ 900MW). හැබැයි Cooling වගේ auxiliary power consumption ටික අයින් කරාම මේකෙන් ඇත්තටම පද්ධතියට ලබාදෙන්නෙ මෙගාවොට් 1864ක විදුලි බලයක්. ඒ කියන්නෙ ලංකාවෙ ඉහළම විදුලි බල ඉල්ලුමට (peak demand) වඩා ටිකක් අඩු ප්‍රමාණයක් (ඒකෙ තේරුම ලංකාවෙ මුළු විදුලි අවශ්‍යතාවය තනි න්‍යෂ්ටික බලාගාරයකින් සපුරගන්න පුළුවන් කියන එක නෙමෙයි) න්‍යෂ්ටික බලාගාර වල තාක්ෂණය මූලිකව පරම්පරා 5කට බෙදෙනවා. චර්නොබිල් සහ ෆුකුෂිමා ඩායිචි වගේ බලාගාර අයිති 2 වන පරම්පරාවෙ මුල කාලයට. එතකොට කූඩන්කුලම් බලාගාරය අයිති වෙන්නෙ Generation 3+ කියන එකට. ඒ කියන්නෙ 3 සහ 4 පරම්පරා අතරට. ලෝකය 1986 චර්නොබිල් අනතුරෙන් පස්සෙ ගොඩක් දුර ආපු බව දන්නවනෙ. ඉතින් මේ කූඩන්කුලම් වගේ Gen III+ බලාගාර වල භාවිතා වන තාක්ෂණය සහ ආරක්ෂණ ක්රමවේදත් අර පරණ බලාගාර වලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින්. මේ කූඩන්කුලම් ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැන සාරාංශයක්.. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ භූමිකම්පා/සුනාමි.. බලාගාරය හදන්න කලින් කරපු ශක්‍යතා අධ්‍යයනයෙදි හෙළිවුණේ ඉන්දියාවේ භූචලන වලින් ආරක්ෂිතම කලාපය තුල මේ කූඩන්කුලම් ප්‍රදේශය පිහිටන බවයි. ජපානයේ ෆුකුෂිමා ඩායිචි බලාගාරයේ අනතුර සිදුවුණේ සුනාමියෙන් බලාගාරයේ පැනල් ආදිය යටවිම නිසා backup generators ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිවුණ නිසා. එතකොට කූඩන්කුලම්? 2004 සුනාමියෙන් මේ ප්‍රදේශයට කඩාවැදුනු රැල්ලේ උස මීටර් 2.2.ක් පමණයි. හැබැයි මේකෙ backup generators සවිකරල තියෙන්නෙ මීටර් 9.3ක් උඩින්. ඒ කියන්නෙ රිච්ටර් පරිමාණයේ එන්න පුළුවන් ඉහළම භූමිකම්පාවකින් ඇතිවෙන සුනාමි තත්වයකදිත් ආරක්ෂිත වන මට්ටමකින්. ඒ වගේම මේවා පිහිටි කාමර වල දොරවල් ලෙස යොදාගෙන තිබෙන්නෙ ජලය කාන්දු නොවන ඝනකම් double sealed දොරවල්. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ Negative Void Coefficient.. Positive Void Coefficient එකක් තියෙන බලාගාරයක ජලය අඩු වෙනකොට ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය තවත් වැඩිවෙනවා. චර්නොබිල් RBMK reactor එකේ තිබුණෙත් එහෙම එකක්. චර්නොබිල් අනතුරත් එක්ක ඒ ක්‍රමය ලෝකෙන් තුරන් වෙලා Negative Void Coefficient තියෙන බලාගාර විතරක් හැදෙන්න ගත්තා. ඒකෙදි වතුර ටික වාෂ්ප වෙලා ගියොත් වෙන්නෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව මන්දගාමී වීමක්. කූඩන්කුලම් වල තියෙන්නෙත් එහෙම Negative Void Coefficient එකක්. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ Control Rods.. කූඩන්කුලම් බලාගාරයේ තියෙන්නෙ ඉතාම ඉක්මණින් පහත් කල හැකි control rods. ඒක නිසා රිඇක්ටර් එක ඇතුලෙ වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බොහොම ඉක්මණින් පාලනය කරගන්න මේ බලාගාරයෙදි හැකියාව ලැබෙනවා. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ Boron Injection System.. න්‍යෂ්ටික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාව එක දිගටම සිද්ධවෙන්නෙ යුරේනියම් පරමාණු බිඳෙනකොට බිහිවෙන නියුට්‍රෝන මගින්නෙ. මේ නියුට්‍රෝන වල ගමන නතර කරගන්න පුළුවන් හොඳම නියුට්‍රෝන අවශෝෂක මූලද්‍රව්‍යය තමයි බෝරෝන් (කලින් කතා කරපු control rods වලත් බෝරෝන් ආලේපිතයි). ඉතින් හදීසි අවස්ථාවකදි එක පාරටම ප්‍රතික්‍රියාවට විශාල ලෙස බෝරෝන් inject කරොත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඉතාම ඉක්මණින් නතර කරගන්න පුළුවන්. කූඩන්කුලම් බලාගාරයේදි මේ ක්‍රියාව කරන්නෙ බෝරික් ඇසිඩ් පාවිච්චි කරලා. බෝරික් ඇසිඩ් කියන්නෙ ඝන ද්‍රව්‍යයක්. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ Hot shutdown එකකදී තාපය ඉවත් කිරීම.. කූඩන්කුලම් වල Passive Heat Removal System (PHRS) එකට පුළුවන් බොහොම පරිස්සමට core එකේ තියෙන තාපය බාහිරට ඉවත් කරන්න. මේක පැය 24ක් තුල කරන්න පුළුවන්. කලින් කියපු Boron Injection එක කරන්නෙ මීටත් වඩා හදීසි අවස්ථාවක විතරයි. මේ PHRS එකට විදුලිය, ඉන්ධන වගේ කිසි දෙයක් ඕන නෑ. තාක්ෂණික දේවල් මත රඳාපැවතීමකින් තොරව ගුරුත්වය, සංවහනය, සන්නයනය වගේ විශ්වාසනීය ස්වභාවික මූලධර්ම මතයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ඇත්තටම ඔය Passive Heat Removal System එක තමයි Generation 2 වලින් Generation 3 වලට එනකොට එකතු වුණ ලොකුම වෙනස. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ හයිඩ්රජන් එක්රැස් වීම.. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අනතුරකදි වෙසල් එක තුල දහනය වන අධි පීඩන හයිඩ්රජන් විශාල ලෙස එක්රැස් වීමෙන් වෙසල් එක පුපුරා යන්න පුළුවන්. ඒක නවත්තන්න කූඩන්කුලම් වල තියෙනවා Passive Hydrogen Recombiner පද්ධතියක්. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ආවරණ.. අපි ඇතුලෙ ඉඳල එමුකො. විකිරණශීලි යුරේනියම් ඉන්ධන ටික තියෙන්නෙ වඩා කාර්යක්ෂම සර්කෝනියම්-නයෝබියම් බට වල. මේ ඉන්ධන බට තියෙන්නෙ 22cm ඝනකම සහ ටොන් 350ක් බර Reactor Pressure Vessel (RPV) එක තුල. එතකොට ඒ RPV එක තියෙන්නෙ මීටරයක් ඝනකම කොන්ක්‍රීට් ආවරණයක් තුල. Reactor containment එක ආවරණ 2කින් යුක්තයි. ඇතුලත ආවරණය 6mm ඝනකම වානේ ස්ථරයක් සහිත මීටර් 1.2ක් ඝනකම කොන්ක්‍රීට් බිත්තියක්. බාහිර ආවරණය 60cm ඝනකම තව කොන්ක්‍රීට් බිත්තියක්. ඔය බිත්ති 2 අතර තියෙන්නෙ වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක්. Reactor Vessel එකෙන් එලියට ආවම තවත් ආවරණයක් තියෙනවා Core Catcher කියලා. මේක ටොන් 101ක් බරයි. මේක විශේෂ සංයෝගයකින් පුරවලයි තියෙන්නෙ. ඒ තමයි යකඩ (Fe), ඇලුමිනියම් (Al) සහ ගැඩොලීනියම් (Gd) වල ඔක්සයිඩ සහිත මිශ්‍රණයක්. මේ core catcher එකේ කාර්යභාරය තමයි බැරිවෙලාවත් මේකට ඇතුලෙන් තියෙන ඔක්කොම පුපුරල ගියත් ඒ ඝන හා ද්‍රව සුන්බුන් සියල්ල බාහිරට යන්න නොදී රඳවාගැනීම. Gadolinium යොදාගන්නෙ එයා හොඳ නියුට්‍රෝන අවශෝෂකයක් නිසා. බලාගාරයේ ආරක්ෂාව සඳහා ඔය තරම් ආවරණ ගොඩක් තියෙනවා. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️තටාකය.. මුහුද අයිනෙ පිහිටීම නිසා රුසියාව විසින් මේ කූඩන්කුලම් බලාගාරය නිර්මාණය කරේ තවත් විශේෂ සැකැස්මක් සමග. ඒ තමයි හරයට යටින් තියෙන දැවැන්ත මුහුදු වතුර තටාකය. මහා පරිමාණ අනතුරකදි මේ තටාකය යොදාගෙන බලාගාරය ඉක්මණින් සිසිලනය කරන්න පුළුවන්. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]️ ලංකාවට තියෙන බලපෑම.. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක අවට ප්‍රදේශය කලාප (Expose Pathway Zones - EPZ) කීපයකට බෙදනවා. 1) Precautionary Exposure Pathway බලාගාරයේ සිට 1km පමණ දක්වා අරයක් තුල පිහිටි ප්‍රදේශය. මේක තමයි බලාගාර අනතුරකදි මිනිසුන් ඉවත් කල යුතු කලාපය. 2) Plume Exposure Pathway න්‍යෂ්ටික අනතුරක් සිදුවුණොත් බලාගාරයේ සිට සැතපුම් 10ක (16km) දක්වා දුරින් පිහිටි මේ කලාපය තුල ජීවත් වෙන අයට අවශ්‍ය වූ විට පොටෑසියම් අයඩයිඩ් වැනි අයඩින් ප්‍රතිකාර ලබාදෙන්න ඕන. එහෙම කරන්නෙ තයිරොයිඩ් පිළිකා අවදානම නැති කරන්න. 3) Ingestion Exposure Pathway බලාගාරයේ සිට සැතපුම් 50 (80km) දුරින් පිහිටි ප්‍රදේශය. මේ කලාපයට බලාගාරයෙන් බලපෑමක් නෑ. හැබැයි පරිසරයේ විකිරණශීලිතාව මැන බැලීම වැදගත්. ලංකාවෙ ඇතැම් ප්‍රදේශ කූඩන්කුලම් වල මෙන්න මේ කලාපය අසල. කොහොම වුණත් බලාගාරයේ ප්‍රමාණය, පිහිටි රට, පරම්පරාව, ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුව "මේ දුරවල් වෙනස් වෙනවා". මේවා වඩාත්ම අදාළ වෙන්නෙ ඉතාම පැරණි බලාගාර වලට. මේ දුරවල් ඉදිරියේදි වෙනස් වීමට නියමිතයි. මෙච්චර වෙලා කියපු හැමදේම සලකා බැලුවම කූඩන්කුලම් බලාගාරයෙන් ලංකාවට විතරක් නෙමෙයි අඩු තරමෙ කූඩන්කුලම් නගරයට වත් කිසිම බලපෑමක් නැතිම තරම්. කල්පාකම් බලාගාරයේ ඉඳල 300km සහ කූඩන්කුලම් බලාගාරයේ ඉඳලා 220km දුරින් තියෙන ලංකාවට සුළු හෝ බලපෑමක් වෙන්න නම් අවශ්‍යතා 2ක් තෘප්ත වෙන්න ඕන. 1. බලාගාරයේ දැවැන්ත ප්‍රමාණයේ අනතුරක් වෙලා විකිරණශීලි ද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙන්න ඕන (උඩ කරුණු අනුව මෙහෙම දෙයක් වෙන්න තියෙන්නෙ අතිශයින්ම කුඩා සම්භාවිතාවයක්) 2. ඒ දවස් වල සුළං රටා අනුව කූඩන්කුලම් පැත්තෙ ඉඳල ලංකාවට හුළං හමන්න ඕන. ඔය 2න් 1ක් හරි නොවුණොත් අපිට කිසිම බලපෑමක් නෑ. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ ඔය 2ම වුණොත් එතකොට අපිට තියෙන්නෙ විකිරණශීලිතාවය මැන බලලා අවශ්‍ය නම් විතරක් පුත්තලම අවට ප්‍රදේශ කීපයක විවෘත ලිං වැසීම වගේ ආරක්ෂක පියවර ගැනීමයි. ඒත් අපි කොහොමද දැනගන්නෙ කූඩන්කුලම් වලට කිට්ටු ලංකාවෙ පලාත් වල විකිරණශීලිතවය වැඩිවෙලාද නැද්ද කියලා? ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් ලංකාවෙ ස්ථාන 8ක සවිකර ඇති අනාවරක උපකරණ මගින් දවසෙ පැය 24 පුරාවටම මේ විකිරණශීලිතාවය නිරන්තරයෙන් සජීවී පරික්ෂාවට ලක්වෙනවා. මේ උපකරණ තියෙන්නෙ 1.පුත්තලම 2.තලෙයිමන්නාරම 3.කන්කසන්තුරේ 4.ඩෙල්ෆ්ට් දූපත 5.කොළඹ 6.පේරාදෙණිය විශ්වවිද්‍යාලය 7.ත්‍රිකුණාමලය 8.බූස්ස කියන ප්‍රදේශ වල. තවත් 2ක් ඇඹිලිපිටියේ සහ අනුරාධපුර පිහිටුවන්න නියමිතයි. විකිරණශීලිතාවය සාමාන්‍ය පරිසරයේ මට්ටමට වඩා 3 ගුණයක් වැඩි වුණොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනවා. [IMG alt="💐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te3/1/16/1f490.png[/IMG]විශේෂ ස්තූතිය: Nirodha Ranasinghe (ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය) - රෙහාන් මෙන්ඩිස් [IMG alt="📸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tde/1/16/1f4f8.png[/IMG] ඡායාරූප… රූපය 1 : කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය රූපය 2 : බලාගාරයට එරෙහි විරෝධතාවක් රූපය 3 : ගැඩොලීනියම් රූපය 4 : ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 8ක සවිකර ඇති අනාවරක රූපය 5 : කූඩන්කුලම් සහ ශ්‍රී ලංකාවේ පිහිටීම [IMG alt="📚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1/16/1f4da.png[/IMG] REFERENCES: +ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය [ATTACH type="full"]89893[/ATTACH] [MEDIA=facebook]engineeringapi/photos/a.329194897644292/723036784926766[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom