විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද ? නෙගටිව් තැනක ආණ්ඩුව නෑ..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,571
    113
    පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

    අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පැනයක් යොමු කරමින් අසා සිටියේ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද ? යනුවෙනි.

    ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය.

    කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    "ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත්පැත්තට කෑ ගහනවා. එක පැත්තක අඩු කරනවා කියනවා. ගන්න මිල අඩුකරලා තමා දෙන මිලත් අඩු කරන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි කොහේවත් IMF කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලිබිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්. ඒ වගේ නෙගටිව් තැනක ආණ්ඩුව නෑ."

     
    • Haha
    Reactions: Kolama and dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752
    113
    වැඩි වුනාට පස්සේ බම්ප් එකක් දාන්නම්

    අපි එහෙම කිව්වෙ නෑ
    (TM)

    මුලු කතාවම ඇහුවද?
    (TM)

    ඉන්න ඉන්න පැහැදිලි කරන්නම්
    (TM)

    පොඩ්ඩක් වැඩි කරන්න ඕන, ඒච්චරයි
    (TM)

    ඒක නෙවී, ඔයා දන්නවද මේ අලුත් ලිස්ට් එක ගැන
    (TM)
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    අපි එහෙම කිව්වෙ නෑ (TM)

    මුලු කතාවම ඇහුවද? (TM)

    ඉන්න ඉන්න පැහැදිලි කරන්නම් (TM)

    පොඩ්ඩක් වැඩි කරන්න ඕන, ඒච්චරයි (TM)

    ඒක නෙවී, ඔයා දන්නවද මේ අලුත් ලිස්ට් එක ගැන (TM)
    +
    මෙතෙක් පැවති ආණ්ඩු තමයි විදුලි බිල වැඩි කරන්න හේතු වෙලා තියෙන්නේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    LKBC2Eh.png