Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත්රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.

‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක්රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.

උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.

අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.

විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.

[QUOTE="thinking_guy, post: 20739641, member: 351690"] [b]විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත[/b] [SIZE="3"]ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත්රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති. උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය. විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ. ‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක්රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා. උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා. අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා. විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/WET2-.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/WET2-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom