විදුලි_බස්_රථ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    චිලී දේශයට ගෙන ආ චීන විදුළි බස් රථ.

    FB_IMG_1538545629991-810x405__1538545701_58.153.154.154.jpg

    … මේ පහත කියැවෙන ආකාරයේ රූපවාහිණි ප්‍රවෘත්තියක් 2030 වසරේ ඔබ දකිනු ඇත.

    … “ආයුබෝවන්, මෙන්න ප්‍රවෘත්ති සාරාංශය…. “අද දින ලංගමට එක්වූ විදුළි බස් රථය කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් ගිණි තියා ඇත”...”එයට හේතුව යයි සැක කරන්නේ එය ස්වයං ධාවනය වන නිසා, රැකියා අහිමි වේ යයි සිතන සේවක පිරිසක්ය....

    … මේ අතර මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියන්නේ, “එය එතරම් ලංකාවට ප්‍රශ්ණයක් නොවන බව, මේ බස් රථය තිබුනා නම් එය ආරෝපණය කරන විට ගල් අඟුරු මෝල ලෝර්ඩ් වී, එය ගිණි ගැනීම විය හැකි නිසා වෙන්නට තිබුණු විශාල විනාශයක් වළක්වා ගත් බවය”.... “තවද ඒ නිසා මෝලේ බොහෝ සේවක පිරිසකගේ රැකියා අහිමි වන්නට ඉඩ තිබුණු බවය”... !

    ඒ අතර වර්තමානයේ ලොවේ තවත් කොණක මෙසේ සිදුවීමක් වී ඇත. එනම් විදුළි වාහන දැවැන්තයෙක් වන චීනයේ BYD සමාගම විසින් ඔවුන්ගේ ඉතිහාසයේ වූ විශාලම විදූළි බස් රථ වෙළඳාම චිලී හී සැන්තියාගෝ නගරයේදී සිදු කරන ලදී. මේ වසරේ නොවැම්බරයේදී එම විදුළි බස් රථ සීය, චිලී දේශයේ පාරවල් වලට එක්වෙනු ඇත.

    BYD සමාගම සහ එක්වූ ENEL සමාගම පසුගිය වසරේ නොවැම්බරයේදී පාළක පරීක්ෂණයක් සේ බස් රථ දෙකක් සැන්ටියාගෝ නගරයේ ධාවනය සඳහා යොදාගන්නා ලදී. එමගින් නගරයේ ඒ ධාවනය හා අදාළ නිළධාරීන්ගේ අධීක්‍ෂණය මේ බස් රථ සඳහා කෙරිණි.

    අළුත් බස් රථ සැන් තියාගෝ නගරයේ ජනාකීර්ණම පාරවල් වල ධාවනයට යෙදීමට තීරණය කර ඇත්තේ, එයින් දුමක්, විමෝචනයක් හෝ මිනිසාගේ සෞඛ්‍යට අහිතකර ක්ෂුද්‍ර අංශු නික්මෙන්නේ නැති හෙයිණි.

    BYD සමාගමෙන් මේ බස්රථ සඳහා ‘ලිතියම් ෆෙරෝ ෆොස්පේට්’ බැටරි තාක්ෂනය භාවිතා කර ඇත. මේ එක බස් රියක් නිසා පෙට්‍රල් වාහන 33ක් නිසා නගරයට එක්වන කාබන් විමෝචනය නැතිවනු ඇත. මේ බස් රථයක් සඳහා යන නඩත්තු මිළ සාමාන්‍ය බස් රියක නඩත්තුවෙන් 30%ක් පමණක් වන අතර එයින් නික්මෙන් ශබ්දය බොහෝ අඩුය.

    කිලෝ මීටරයක් යන්නට වැයවන මිළ චිලියන් පෙසෝ 70කි. එහෙත් ඩීසල් බස් රියක් සඳහා එය කිලෝ මීටරයට චිලියන් පෙසෝ 350 කි !

    නගරාන්තර සේවා සඳහා භාවිතා කරන බස් රිය විදුළිකරණය කිරීම Metbus team යන ආයතනයෙන් කෙරේ. ජාතියක් වශයෙන් මේ විදුළිකරණය සඳහා ඇති කැමැත්ත නියෝජනය කරමින් කතාකරන, චිලී දේශයේ බල ශක්ති අමාත්‍ය ඇන්ඩ්රු [Andrés Rebolledo] මහතා මෙසේ කියයි.

    … “ආරම්භයක් සේ විදුළි බස් රිය දෙකක් අපගේ මාර්ගයන්ට පැමිණීම ඉතා වැදගත් ප්‍රවෘතියක් වන අතර, එමගින් නගරයේ වායු සහ ශබ්ද දූෂණය අඩු වනු ඇත” …

    … “රටට ගෙනෙන ෆොසිල ඉන්ධන වලින් තුනෙන් එකක් ධාවන කේෂ්ත්‍රය සඳහා භාවිතා වේ”... “ මේ බස් රථ ගෙන්වීමෙන්, එම ෆොසිල ඉන්ධන ආනයනය නවත්වා දැමීමේ ප්‍රථම පියවර ආරම්භ වනවා ඇත”...

    BYD ආයතනය මගින්, දකුණු ඇමරිකාවේ මේ ආකාරයේ කල ප්‍රථම ව්‍යාපෘතිය මෙය නොවේ. එනම් එමගින් බ්‍රසීලයේ නගරයක් වන ‘සැල්වඩෝර්’ නගරයේ කණු මත දිවෙන රේල්ලුවක් වන, ‘SkyRail line’ සහ බ්‍රසීලයේ අපවිත්‍ර දේ ගෙනයන, විදුළියෙන් ක්‍රියා කරන ලොරි 200ක් සහ, ඉක්වඩෝරයේ විදුළි බස් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමද කර ඇත.

    මේ ව්‍යාපෘතීන් මගින් පෙනෙන විශේෂ දෙයක් ඇත. එනම් දියුණුවෙමින් පවතින රටවල් වලට විදුළි වාහන ගෙන්වීමේ අවශ්‍යතාවය, සම්පූර්ණයෙන් සහ කෙලින්ම එම රටවල් වල ප්‍රාග්ධනයට කෙළින්ම බලපාන ආකාරය වේ. මේ පියවර වල් නිසා ඇතිවන අනෙක් දීර්ඝ කාලීන ලාභයන් නම්, පරිසරයේ කාබන් විමෝචනය අඩු වීම මෙන්ම, ජනතාවගේ සෞඛ්‍යයටද එය ශුභදායි පියවරක් වීමය.

    මෙය පරිහානියට යන ලංකාව වැනි රටක නම්, පක්ෂය කුමක් වුවද, දේශපාළුවා ගේ ප්‍රථම උත්සාහය වන්නේ, ජනතාවට අවශ්‍ය ඕනෑම නිෂ්පාදනයක් ජනප්‍රිය වන්නේ නම්, එහි බදු වැඩි කිරීමය. පසුගිය කාලයේ හයිබ්‍රිඩ් සහ විදුළි වාහන වල මිළ වැඩි වූ අයුරු එයට උදාහරණයකි.

    ඊශ්‍රායෙල් වරුන් හැරුණු විට ලංකාවේ මිනිසුන් තරම් ඥානවන්ත මිනිසුන් කොටසක් ලොව නැත කියා සිතමි. මේ සඳහා උදාහරණ අතරින් පහත පළවන කොමෙන්ටුවේ දැක්වෙන වීඩියෝවේ එන පුවත බලන්න. ඒ කතාව කියන්නේ ලෝකයේ විශාලම ධනවතා වන ඇමසන් සමාගම සොයාගත් ‘ජෙෆ් බෙශෝ’ ය.

    එනම් ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා විට, ‘යෝශාන්ත’ නම් ශ්‍රී ලාංකිකයෙක් ගණිත ගැටළුවක් විසඳීමට ඔහුට උදව් කල ආකාරයය. එය බැලීමේ වැදගත් කමක් ඇත.

    එහෙත් කොතෙක් උගතුන් රටේ සිටියත් එයින් ප්‍රයෝජනයක් නොවන බවත්, ඒ උගත් කම් ඇති මිනිසුන් කැලේ පිපෙන මල් මෙන් පරවී යන්නේ, හෝ රටෙන් පිටවී යන්නේ, රටේ අභාග්‍යයට උපදින අමන දේශපාළුවන් නිසා බවය.

    ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුණු නිසාන් ලීෆ් විදුළි වාහනයේ බදු වැඩි කිරීම ඔබට අමතක ඇතැයි සිතමි. මුන් දන්නේ, රටක් පාලනය කරන එකම විදිය බදු පමණක් බව පෙනේ. එසේම, දින කීපයකට පෙර ලැබුණු පුවතක් අනුව ලංකාවේ විදුළි දුම්රිය ව්‍යාපෘතියක් කල් යන්නේ ඇමති දෙපොළක් ඒ සඳහා කොමිස් මුදල් ඉල්ලූ හේතුව නිසා යයි පුවතක් පළව තිබිණ.

    ලංකාවේ සිදු වන දේවල් ගැන සිතූ විට එය දූෂමාන බොරු ආරංචියක් වනවා යයි සිතනවාට වඩා, 100%ක් සත්‍ය වන ආරංචියක් වීමට අවස්ථාව බොහෝ වැඩිය.

    මේ ආකාරයේ ප්‍රවෘත්ති මෝටර් වාහන පිටුවකට කෙලින්ම ඇති වැදගත්කමක් නැති බව සත්‍යයකි. එහෙත් කිසියම් වෘත්තියක් ඉගෙන ගැනීමේදී ඒ හා සබැඳුණු සමාජ, ආර්ථික දේශපාලන, සංස්කෘතිමය දේ මෙන්ම, ලංකාව වැනි අන්ත දූෂිත රටක ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතුලාන්තය දැන ගැනීමද අහක යන්නේ නැත.

    හැකි පමණින් මේවාට විරුද්ධ වන්නේ නැතිනම්, නිශ්ශබ්දව සිටීමෙන්, ඔබ ඉගෙන ගන්නා දෙයින් ප්‍රයෝජනය ගන්නේ කොහෙවත් යන හාල් පාරුවන් වීම නම් මහත් අවාසනාවකි ….


    ලලිත් කරුණාරත්න FB
     
    • Like
    Reactions: barath dpriye

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මේ වසරේ තවත් බස් රථ 500ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි.

    මෙම බස්ර, 500ට අමතරව කාලයට ඔබින ආයුරින් පා පුවරුව පහතින් සකසා ඇති බස් රථ 1000ක් හංගේරියාවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බවද,

    මෙම බස් රථ 1000ට හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ, 750ක් සහ විදුලියෙන් ක්‍රියා කරන බස් රථ 250ක් ඇතුළත් වන බවද, ඒවා බොහෝ දුරට ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට මෙරට ධාවනය සඳහා යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.




    source



    .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,040
    3,879
    113
    rajayen owa gennaddi mehe private bus karayo tika marenna hadayi.

    mathakada Hino buses gennaddi okun natapu natilla ewa epa kiyala?