Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව මෙන්න

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති කාබේරි සෙබළාට වෙඩි තැබූ, දෙවන රාජසිංහ රජතුමාට අයත් රන් ආලේපිත අත් තුවක්කුව

නවීන වර්ගයේ කාලතුවක්කු, මෝටාර්, ටී 56, ඒ.කේ 47, අත් තුවක්කු ඇතුළු විවිධ ආකාරයේ ගිනිඅවි අද ලෝකයේ දක්නට ලැබේ. ඒවායේ අතීතය පිළිබඳ සොයා ගෙන යාමේදී පෘතුගීසින් ලංකාවට පැමිණීමටත් පෙර සිටම සිංහලයෝ තුවක්කු ඇතුළු ගිනිඅවි භාවිතා කළ බවට සාක්ෂි ඕනෑවටත් වඩා ඉදිරිපත් කළ හැකි බව, රජ දවස ගිනිඅවි පිළිබඳව අධ්‍යයනයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා පවසයි. ඔහු ඒ බව කියන්නේ නිකම් ම, නිකම් නම් නොවේ. අතීත සිංහලයෝ නිපදවා ඇති තුවක්කු ඇමෙරිකාව, රුසියාව වැනි රටවල පවා තිබෙන බව සොයා ගෙන ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් පළමු වරට හෙළි කරන්නේ ද ඔහු වීම විශේෂත්වයකි.

මෙය බොහෝ දෙනෙකු ගේ මවිතයට කරුණක් වුවද, පිලපිටිය මහතා ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්නේ සාක්ෂි ද සමග ය. ඒ අනුව අප මෙවර ගන්නෝරු සටනේ දී කාබේරි සෙබළාට, දෙවැනි රාජසිංහ රජතුමා වෙඩි තැබූ “අත්තුවක්කුව” සොයා ගෙන ගියෙමු. එම තුවක්කුව මේ වන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේය.

තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම දික් කුවක්කුව, බොන්ඩිකුල හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුලු ක්‍රමය යටතේ වෙඩි තැබීමට භාවිතා කර ඇත. ඒ අනුව දෙවන රාජසිංහ රජුට අයත් තුවක්කු අතර දැනට අත් තුවක්කු තුනක් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. ඉන් දෙකක් ඇමෙරිකාවේ සහ රුසියාවේ තිබෙන අතර අනෙක් තුවක්කුව තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බව, පිලපිටිය මහතාගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියේ සඳහන් කර තිබේ. තවද ඇමෙරිකාවේ තිබෙන තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ “ස්නයිපර්” වර්ගයේ එකක් වීමය.

දෙවැනි රාජසිංහ රජුගේ පාලන කාලය ආරම්භ වීමත් සමග ම, කන්ද උඩරට රාජධානිය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම යහපත් කාලයක් උදාවීමට පටන් ගත්තේය. ඒ එතෙක් මහා උවදුරක්ව පැවති පරංගීන්ට ලක්දිව හැර යාමට සිදු වූ බැවිනි. ඒ සඳහා පෘතුගීසින් හා යුද්ධ කළේ කඩු, දුනුවලට අමතරව තුවක්කු ද ප්‍රයෝජනයට ගනිමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු කන්ද උඩරට ස්වාධීන කර ගැනීමෙන් පසුව පෘතුගීසින්ට විරුද්ධව සටන් භූමියට පිවිසියේ නැත. එහෙත් උඩරට ආක්‍රමණය කළ විට පමණක් කන්ද උඩරට ආරක්ෂා කර ගනු පිණිස සටනට පිවිසියේය. සෙනරත් රජුගේ ප්‍රතිපත්තිය ද එයින් වෙනස් නොවූ බව නෙළුම් ජයතිලක මහතා විසින් රචිත “කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන” කෘතියේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් දෙවැනි රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාවගේ සහායෙන් පමණක් පෘතුගීසින් හට ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බව අවබෝධ කර ගෙන සිටියේය. එයට ප්‍රධාන හේතුව වූයේ පෘතුගීසින් නාවික වශයෙන් සන්නද්ධ පිරිසක් වීමයි. වෙරළබඩ තීරයේ ව්‍යාප්ත වී තිබූ පෘතුගීසි බලකොටු බිඳ දැමීමට නම් ගොඩින් පමණක් පහර දීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බව හොඳින් වටහා ගෙන සිටිය බව පැහැදිලිය. සීතාවක රාජසිංහ රජු මාස ගණනාවක් තිස්සේ කොළඹ වට කර පහර දීමට කාලතුවක්කු, අත් තුවක්කු භාවිතා කර තිබේ. ඒ සෑම අවස්ථාවක දී ම මුහුදෙන් ආධාර ලැබීමෙන් පෘතුගීසිහු ශක්තිමත් වූහ. එහෙත් ඔවුන්ට ගොඩින් පහර දෙන විට සයුරෙන් ලැබෙන යුද්ධ ආධාර වළක්වමින් එක විට දෙපසින්ම ප්‍රහාර එල්ල කළහොත් ඔවුහු පහසුවෙන් ම පරාජය කළ හැකි තත්ත්වයට පත් වේ. මේ නිසා මුහුදෙන් හා ගොඩබිමෙන් යන දෙපසින්ම හතුරා වටකර පහර දී ඔවුන් පරාජය කිරීමට රාජසිංහ රජු ලන්දේසින් ගේ සහාය ද ලබා ගත් බව පෙනේ.

රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාව මෙහෙයවමින් පෘතුගීසින් සමග කළ සටන්වල දී විවිධ ආකාර වූ ක්රමෝපායන් අනුගමනය කර තිබෙන අතර එම උපක්‍රම උඩරට ජයග්‍රණයට බෙහෙවින් ඉවහල් විය. කාල තුවක්කු, අත් තුවක්කු නිපදවීම, සතුරා මග හැර යාම, සතුරා කොටු කිරීම, සතුරන් එකිනෙකා භේද භින්න කරවීම, ස්වභාවික බාධකවලින් ප්‍රයෝජන ගැනීම සහ රහස් ඔත්තු සේවය ඉන් ප්‍රධාන වේ.

දෙවැනි රාජසිංහ රජතුමා ගේ කාලයට පෙර සිටම සිංහලයෝ ගිනිඅවි භාවිතා කර ඇති බවට ජෙෆ්රි පවෙල්ගේ “කන්ද උඩරට සටන් ” නම් ග්‍රන්ථයෙන් ද සනාථ වේ. එනම් “ක්‍රි.ව 1594 දී මැනුවෙල් ද සෞසා මහනුවර සිට බලන දුර්ගය දෙසට පසු බසින විට කැලෑවල තිබූ ගස් කපා දමා මාර්ගය අවහිර කර තිබුණි. පෘතුගීසි සෙබළුන් ජීවිතාරක්ෂාව සඳහා කැලෑ මං පෙත් ඔස්සේ දිව යන්නට තැත් කළ නමුත් කපා හෙළන ලද ගස්වලින් ඒ මං සහමුලින් ම ඇහිරී තිබෙනු ඔවුන්ට දැක ගත හැකි විය. මුලින් කපන ලද නමුත් ඇද වැටෙන්නට නොදී යෝධ වැල්වල ආධාරයෙන් එතෙක් ඍජුව රැඳවුණු ගස් ඔවුනට පසු පසින් ඇද වැටී ඔවුන්ගේ ආපසු ගමන ද අවහිර කැරුණේය. ඒ වෙන විට හොඳට ම හෙම්බත්ව සිටි පරංගින් වෙත ඝන වන වදුළු අස්සෙන් හී පහරවල් හා වෙඩි පහරවල් ගලා ආයේය. ඒ සමග ම කඳු මුදුන්වලින් පෙරළී ආ දැවැන්ත ගල් කුට්ටිවලින් ඔවුහු පොඩි පට්ටම් වී ගියහ” යනුවෙනි.

ක්‍රි.ව. 1821 දී ජෝන් ඩේවි විසින් සිදු කරන ලද වාර්තාගත කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා විසින් සිය තුවක්කුව යොදා ගනිමින් සිදු කළ වෙඩි තැබීමක් පිළිබඳව වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දෙන්නේ ගන්නෝරුවේ දී පැවති සටනේදී ය.

දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසින්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පළවා හැරීමට ක්‍රියාකරමින් සිටියේ, ඔවුන්ට මුහුදෙන් ලැබෙන ආධාර ලන්දේසින් හරහා නවතා දැමීමේ අරමුණෙනි. ඒ එවකට සිංහලයෝ සතුව මුහුදු යාත්‍රා නොතිබූ බැවිනි. මේ බව දැන ගත් පෘතුගීසි කැප්ටන් දියෝගෝ ද මේලෝ, ලන්දේසින්ගේ පිළිතුරු දෙවැනි රාජසිංහ රජතුමාට ලැබීමට පෙර, ගෝවේ බලධාරින්ගේ අවසර ලබාගෙන ක්‍රි.ව. 1638 දී උඩරට ආක්‍රමණය කළේය. පෘතුගීසි සේනාවෝ මහනුවර නගරයට පැමිණෙන විට එය ජනයාගෙන් හිස්ව තිබුණි. නගරය කොල්ලකා ආපසු යන විට ගන්නෝරුවේ දී වට කර ගත්හ.

එදවස කඳුකරයට තදින් වර්ෂාව පැවති කාලයකි. ජනයාගෙන් හිස්ව පැවති මහනුවර නගරයේ ආහාරය සඳහා කිසිවක් ඉතිරිව තිබුණේ නැත. වර්ෂාවෙන් තෙමෙන පෘතුගීසි සෙබළුන් ගෙන් බොහෝ දෙනෙක් උණ රෝගයට ගොදුරු විය. තවදුරටත් එහි රැඳී සිටීම තේරුමක් නොවන බව වටහා ගත් මේලෝ ආපසු කොළඹට යාම සඳහා ගන්නෝරුවට පැමිණ මහවැලි ගඟෙන් එතෙර වී, වර්තමාන උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශයේ කඳවුරු බැඳ ගත්තේය. මේ අවස්ථාව උදාවන තෙක් ගන්නෝරුව කඳු මුදුනේ සිට සැඟ වී බලා සිටි දෙවැනි රාජසිංහ රජතුමා ඇතුළු සිංහල සේනාවෝ, ඔවුන් බලාපොරොත්තු නොවූ මොහොතක පහර දුන්හ. පෘතුගීසි සෙබළුන් අතර කාබේරින් ද විය. කඩු, දුනු, ඊතලවලට අමතරව තුවක්කු ද සිංහලයෝ භාවිතා කළහ.

රාජසිංහ රජතුමා යුද්ධය මෙහෙය වූයේ ඇතා පිට නැග සිටිමිනි. කඩුව, දුනු හී තලවලට අමතරව තුවක්කුවකින් ද සන්නධව සිටියේ ය. රජතුමා පෘතුගීසි සේනාව මැදට පැමිණෙනවාත් සමග ම කාබේරි සෙබළෙකු තමා ඉලක්ක කරගෙන සිටින බව දක්නට ලැබුණි. ඒ සමග ම ඔහු වෙඩි තැබුවේය. වහාම හිස පහත් කර ගත්ත ද, තැබූ වෙඩි පහර රජතුමාගේ හිස පැළඳි ඔටුන්න පසාරු කර ගෙන ගියේ ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජතුමා තම අත් තුවක්කුව ගෙන කාබේරියාට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ වම් අතිනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හුරු අත ලෙස භාවිතා කරන්නේ දකුණත වුවත්, දෙවැනි රාජසිංහ රජතුමා භාවිතා කර තිබුණේ වමතය. අවසානයේ දී රජතුමා තම අත් තුවක්කුවෙන් ගැටඹේ දී එම කාබේරියාට වෙඩි තබා මරණයට පත් කර තිබෙන බව ද ජෝන් ඩේවි ගේ සටහනේ දක්වා ඇති අතර, එම අත් තුවක්කුව මේ වෙන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බවත් පිලපිටිය මහතා කීය.

ඉහත සඳහන් කතා පුවතේ සත්‍යතාවයක් ඇතැයි සිතෙන්නේ එයට සමාන සිදු වීමක් පිළිබඳ තොරතුරක් මන්දාරම් පුවතේ 342 පද්‍යයෙන් කියැවෙන බැවිනි. එය පහත දැක්වේ.

තවද නිරිඳු වෙත වෙඩි සැර එවමින්

නොඑන නිසරු බස් තෙපලමිනා

උසුළු විසුළු පෑ කාපිරියෙකු දැක

රජසිහ නරනිඳු සඳරොසිනා

හෙළමින ඔහු හිස ගෙනදුන් කෙනෙකුට

තිළිණ දෙවන ලෙස කී බැවිනා

එකෙනෙහි සමතෙක් පැන ඔහු හිස

සිඳගෙන දුන් විකුමන් දක්වමිනා

දෙවැනි රාජසිංහ රජතුමා කාබේරියාට වෙඩි තැබූ මෙම තුවක්කුව, ලංකාවේදී සොයා ගත් ආකාරය ගැන දැන ගත යුතුව තිබේ. ඒ අනුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ තැන්පත් කර ඇති ප්‍රධාන ආදායම් කොමසාරිස් ජෝර්ජ් ටර්නර් විසින් තබා ඇති සටහන් අනුව පෙනී යන්නේ, සතුරු ආක්‍රමණ හමුවේ නගරය අතහැර පසු බැසීමටත්, සිය වස්තුව සැඟවීමටත් රජු කටයුතු කර ඇති බවකි.

රජතුමා සඟවා ඇති භාණ්ඩ පිළිබඳ ලියවිල්ලක් තෙල්දෙණියේ තිබෙන බවට ටර්නර්ට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ලේකම්මිටිය ගෙන් විමසා ඇති අතර, ඔහු ද ඒ ගැන සොයා බැලුවත් කිසිවෙක් සහාය දක්වා නැති නිසා ඔවුහු ආපසු පිටත්ව ගොස් ඇත. ඉන් වසරකට පසුව ටර්නර් කැඳවූ ගේ සහ සොයර් යන මහත්වරුන්, රජතුමාගේ සඟවා ඇති භාණ්ඩ නැවතත් සොයා බලන ලෙස ඉල්ලා ඇතත්, ලේකම්මිටියගේ සහාය නොමැතිව සිදු කළ හැක්කක් නොමැති බව පවසා තිබේ.

එය හමුවෙන දෙයක් නොවන නිසා සොයා ගත යුතු දෙයක් වන බැවින්, ටර්නර් පොද්දල්ගොඩ ග්‍රාමයේ නිවෙස් සහ කඳුකර ආශ්‍රිතව පිහිටි ගුහාවල දින දහයක පමණ කාලයක් පරික්ෂා කර ඇත. එහිදී එක ගල්ගුහාවක පෙට්ටියක බහා තිබූ රත්රන් ආලේපිත තුවක්කුවක්, නළාවක් සහ උපකරණ කිහිපයක් හමු වී ඇත. ඔහුට සහාය වීම සඳහා අධිකරණ කොමිෂනර්, ආරච්චි සහ පියන් යන අය ද පැමිණ තිබේ.

කලින් පැවති රාජ්‍ය පාලන කාලයක දී සඟවා තිබූ මෙම භාණ්ඩ අතර රිදියෙන් සාදන ලද අත් තුවක්කුවක් ද හමු වී තිබේ. රජතුමාගේ ආභරණ ද ඒ සමග ම තිබුණු බවට සළකුණු ඇතත්, ඒවා ගම්වාසීන් විසින් රැගෙන ගොස් තිබේ. ඊට අමතරව පෙට්ටි සහ උපකරණ කිහිපයක් ද හමු වී ඇත.

ජාතික කෞතුකාගාරයේ ඇති එම තුවක්කුව නියෝජ්‍ය අද්මිරාල් ඩොනල්ඩ් හියු මැකේ විසින් රජය සතුව පැවති භාණ්ඩ වෙන්දේසියකින් ක්‍රි.ව 1815 සැප්තැම්බර් මස 01 දින, මිලදී ගෙන එංගලන්තයට රැගෙන ගොස් ඇත. පසුව ඔහු එය රාජකීය එක්සත් සේවා ආයතනයේ කවුන්සලය විසින් නැවත ලංකාවට භාර දී තිබේ.

ක්‍රි.ව 1821 දී ජෝන් ඩේව් විසින් සිදුකරන ලද වාර්තා කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවති මෙම තුවක්කුවේ අගුල පිහිටා ඇත්තේ එහි වම්පසට වෙන අතර, එම තුවක්කුවට අදාළ ඓතිහාසික විස්තරය, තුවක්කුවෙහිම අභිලේඛන ගතව තිබී ඇත. තවද ජෝර්ජ් ටර්නර් විසින් ක්‍රි.ව. 1829 ජනවාරි 31 සහ 1829 පෙබරවාරි මස 04 දින දරන ලිපි මගින් දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවතියේ රන් ආලේපිත තුවක්කුවක් බවට අනාවරණය කර ගත හැකිය.

වර්තමාන වෙන විට දෙවැනි රාජසිංහ රජතුමා ගේ බවට විශ්වාස කරනු ලබන තුවක්කු තුනක් (ඇමෙරිකාව, රුසියාව සහ ශ්‍රී ලංකාව) තිබෙන බවට හඳුනා ගෙන ඇත. ඒවා දෙවැනි රාජසිංහ රජුගේ කාල පරිච්ඡේදයට අයත් බවට විශ්වාස කරනු ලබන්නේ, ඒවායෙහි ඇති වෙඩි අගුලෙහි තාක්ෂණය සහ සියුම් කැටයම් දෙවැනි රාජසිංහ රජුගේ කාලයට අයත් වෙන බැවිනි. එම තුවක්කු තුන අතුරින් රන් ආලේප කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දික් තුවක්කුවේ පමණි. එබැවින් මෙම තුවක්කුවෙන් දෙවන රාජසිංහ රජු, පෘතුගීසි කාබේරි සෙබළාට වෙඩි තබන්නට ඇතැයි අනුමාන කළ හැකි බව, පිලපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පොද්දල්ගොඩ ග්‍රාමය පිහිටා තිබෙන්නේ උඩදුම්බර ප්‍රදේශයේ උඩසිය පත්තුව උතුරේය. කඳු ආශ්රිත ප්රදේශයකි. මේ අනුව එහි කඳුරට ගල් ගුහාවක තැන්පත් කර තිබිය දී, හමු වී ඇත්තේ දෙවන රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව ඇතුළත් පෙට්ටිය වේ. මෙම ගල්ගුහාව සඳහා ශ්‍රී වික්රමරාජසිංහ රජතුමා ද ආරක්ෂාව සපයා ඇති බව, ඒ.සී. ලෝරි විසින් (ක්‍රි.ව 1898) සකස් කරන ලද, මධ්‍යම පළාතට අයත් ගැසට් පත්‍රයෙහි 734 වෙනි පිටුවේ අන්තර්ගත සඳහනකට අනුව පෙනී යයි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. “අවසාන රජතුමා විසින් ඉඩම් නොමැති පිරිසක් වෙත පොද්දල්ගොඩ ග්‍රාමයේ වූ ඉඩම් ලබා දී ඇත්තේ, රජතුමා සතු වූ වස්තු සම්භාරය තැන්පත් කර තිබූ පොද්දල්ගොඩ ලෙනට ආරක්ෂාව සැපයීම ඔවුන් වෙත පවරමිනි.” යනුවෙනි.

[QUOTE="Dr.Amdan, post: 24214290, member: 549909"] [B][SIZE="5"]දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව මෙන්න[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_741d1705ec.jpg[/IMG] කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති කාබේරි සෙබළාට වෙඩි තැබූ, දෙවන රාජසිංහ රජතුමාට අයත් රන් ආලේපිත අත් තුවක්කුව [SIZE="3"]නවීන වර්ගයේ කාලතුවක්කු, මෝටාර්, ටී 56, ඒ.කේ 47, අත් තුවක්කු ඇතුළු විවිධ ආකාරයේ ගිනිඅවි අද ලෝකයේ දක්නට ලැබේ. ඒවායේ අතීතය පිළිබඳ සොයා ගෙන යාමේදී පෘතුගීසින් ලංකාවට පැමිණීමටත් පෙර සිටම සිංහලයෝ තුවක්කු ඇතුළු ගිනිඅවි භාවිතා කළ බවට සාක්ෂි ඕනෑවටත් වඩා ඉදිරිපත් කළ හැකි බව, රජ දවස ගිනිඅවි පිළිබඳව අධ්‍යයනයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා පවසයි. ඔහු ඒ බව කියන්නේ නිකම් ම, නිකම් නම් නොවේ. අතීත සිංහලයෝ නිපදවා ඇති තුවක්කු ඇමෙරිකාව, රුසියාව වැනි රටවල පවා තිබෙන බව සොයා ගෙන ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් පළමු වරට හෙළි කරන්නේ ද ඔහු වීම විශේෂත්වයකි. මෙය බොහෝ දෙනෙකු ගේ මවිතයට කරුණක් වුවද, පිලපිටිය මහතා ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්නේ සාක්ෂි ද සමග ය. ඒ අනුව අප මෙවර ගන්නෝරු සටනේ දී කාබේරි සෙබළාට, දෙවැනි රාජසිංහ රජතුමා වෙඩි තැබූ “අත්තුවක්කුව” සොයා ගෙන ගියෙමු. එම තුවක්කුව මේ වන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේය. තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම දික් කුවක්කුව, බොන්ඩිකුල හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුලු ක්‍රමය යටතේ වෙඩි තැබීමට භාවිතා කර ඇත. ඒ අනුව දෙවන රාජසිංහ රජුට අයත් තුවක්කු අතර දැනට අත් තුවක්කු තුනක් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. ඉන් දෙකක් ඇමෙරිකාවේ සහ රුසියාවේ තිබෙන අතර අනෙක් තුවක්කුව තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බව, පිලපිටිය මහතාගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියේ සඳහන් කර තිබේ. තවද ඇමෙරිකාවේ තිබෙන තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ “ස්නයිපර්” වර්ගයේ එකක් වීමය. දෙවැනි රාජසිංහ රජුගේ පාලන කාලය ආරම්භ වීමත් සමග ම, කන්ද උඩරට රාජධානිය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම යහපත් කාලයක් උදාවීමට පටන් ගත්තේය. ඒ එතෙක් මහා උවදුරක්ව පැවති පරංගීන්ට ලක්දිව හැර යාමට සිදු වූ බැවිනි. ඒ සඳහා පෘතුගීසින් හා යුද්ධ කළේ කඩු, දුනුවලට අමතරව තුවක්කු ද ප්‍රයෝජනයට ගනිමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු කන්ද උඩරට ස්වාධීන කර ගැනීමෙන් පසුව පෘතුගීසින්ට විරුද්ධව සටන් භූමියට පිවිසියේ නැත. එහෙත් උඩරට ආක්‍රමණය කළ විට පමණක් කන්ද උඩරට ආරක්ෂා කර ගනු පිණිස සටනට පිවිසියේය. සෙනරත් රජුගේ ප්‍රතිපත්තිය ද එයින් වෙනස් නොවූ බව නෙළුම් ජයතිලක මහතා විසින් රචිත “කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන” කෘතියේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් දෙවැනි රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාවගේ සහායෙන් පමණක් පෘතුගීසින් හට ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බව අවබෝධ කර ගෙන සිටියේය. එයට ප්‍රධාන හේතුව වූයේ පෘතුගීසින් නාවික වශයෙන් සන්නද්ධ පිරිසක් වීමයි. වෙරළබඩ තීරයේ ව්‍යාප්ත වී තිබූ පෘතුගීසි බලකොටු බිඳ දැමීමට නම් ගොඩින් පමණක් පහර දීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බව හොඳින් වටහා ගෙන සිටිය බව පැහැදිලිය. සීතාවක රාජසිංහ රජු මාස ගණනාවක් තිස්සේ කොළඹ වට කර පහර දීමට කාලතුවක්කු, අත් තුවක්කු භාවිතා කර තිබේ. ඒ සෑම අවස්ථාවක දී ම මුහුදෙන් ආධාර ලැබීමෙන් පෘතුගීසිහු ශක්තිමත් වූහ. එහෙත් ඔවුන්ට ගොඩින් පහර දෙන විට සයුරෙන් ලැබෙන යුද්ධ ආධාර වළක්වමින් එක විට දෙපසින්ම ප්‍රහාර එල්ල කළහොත් ඔවුහු පහසුවෙන් ම පරාජය කළ හැකි තත්ත්වයට පත් වේ. මේ නිසා මුහුදෙන් හා ගොඩබිමෙන් යන දෙපසින්ම හතුරා වටකර පහර දී ඔවුන් පරාජය කිරීමට රාජසිංහ රජු ලන්දේසින් ගේ සහාය ද ලබා ගත් බව පෙනේ. රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාව මෙහෙයවමින් පෘතුගීසින් සමග කළ සටන්වල දී විවිධ ආකාර වූ ක්රමෝපායන් අනුගමනය කර තිබෙන අතර එම උපක්‍රම උඩරට ජයග්‍රණයට බෙහෙවින් ඉවහල් විය. කාල තුවක්කු, අත් තුවක්කු නිපදවීම, සතුරා මග හැර යාම, සතුරා කොටු කිරීම, සතුරන් එකිනෙකා භේද භින්න කරවීම, ස්වභාවික බාධකවලින් ප්‍රයෝජන ගැනීම සහ රහස් ඔත්තු සේවය ඉන් ප්‍රධාන වේ. දෙවැනි රාජසිංහ රජතුමා ගේ කාලයට පෙර සිටම සිංහලයෝ ගිනිඅවි භාවිතා කර ඇති බවට ජෙෆ්රි පවෙල්ගේ “කන්ද උඩරට සටන් ” නම් ග්‍රන්ථයෙන් ද සනාථ වේ. එනම් “ක්‍රි.ව 1594 දී මැනුවෙල් ද සෞසා මහනුවර සිට බලන දුර්ගය දෙසට පසු බසින විට කැලෑවල තිබූ ගස් කපා දමා මාර්ගය අවහිර කර තිබුණි. පෘතුගීසි සෙබළුන් ජීවිතාරක්ෂාව සඳහා කැලෑ මං පෙත් ඔස්සේ දිව යන්නට තැත් කළ නමුත් කපා හෙළන ලද ගස්වලින් ඒ මං සහමුලින් ම ඇහිරී තිබෙනු ඔවුන්ට දැක ගත හැකි විය. මුලින් කපන ලද නමුත් ඇද වැටෙන්නට නොදී යෝධ වැල්වල ආධාරයෙන් එතෙක් ඍජුව රැඳවුණු ගස් ඔවුනට පසු පසින් ඇද වැටී ඔවුන්ගේ ආපසු ගමන ද අවහිර කැරුණේය. ඒ වෙන විට හොඳට ම හෙම්බත්ව සිටි පරංගින් වෙත ඝන වන වදුළු අස්සෙන් හී පහරවල් හා වෙඩි පහරවල් ගලා ආයේය. ඒ සමග ම කඳු මුදුන්වලින් පෙරළී ආ දැවැන්ත ගල් කුට්ටිවලින් ඔවුහු පොඩි පට්ටම් වී ගියහ” යනුවෙනි. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3fafd6beff.jpg[/IMG] [SIZE="3"]ක්‍රි.ව. 1821 දී ජෝන් ඩේවි විසින් සිදු කරන ලද වාර්තාගත කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා විසින් සිය තුවක්කුව යොදා ගනිමින් සිදු කළ වෙඩි තැබීමක් පිළිබඳව වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දෙන්නේ ගන්නෝරුවේ දී පැවති සටනේදී ය. දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසින්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පළවා හැරීමට ක්‍රියාකරමින් සිටියේ, ඔවුන්ට මුහුදෙන් ලැබෙන ආධාර ලන්දේසින් හරහා නවතා දැමීමේ අරමුණෙනි. ඒ එවකට සිංහලයෝ සතුව මුහුදු යාත්‍රා නොතිබූ බැවිනි. මේ බව දැන ගත් පෘතුගීසි කැප්ටන් දියෝගෝ ද මේලෝ, ලන්දේසින්ගේ පිළිතුරු දෙවැනි රාජසිංහ රජතුමාට ලැබීමට පෙර, ගෝවේ බලධාරින්ගේ අවසර ලබාගෙන ක්‍රි.ව. 1638 දී උඩරට ආක්‍රමණය කළේය. පෘතුගීසි සේනාවෝ මහනුවර නගරයට පැමිණෙන විට එය ජනයාගෙන් හිස්ව තිබුණි. නගරය කොල්ලකා ආපසු යන විට ගන්නෝරුවේ දී වට කර ගත්හ. එදවස කඳුකරයට තදින් වර්ෂාව පැවති කාලයකි. ජනයාගෙන් හිස්ව පැවති මහනුවර නගරයේ ආහාරය සඳහා කිසිවක් ඉතිරිව තිබුණේ නැත. වර්ෂාවෙන් තෙමෙන පෘතුගීසි සෙබළුන් ගෙන් බොහෝ දෙනෙක් උණ රෝගයට ගොදුරු විය. තවදුරටත් එහි රැඳී සිටීම තේරුමක් නොවන බව වටහා ගත් මේලෝ ආපසු කොළඹට යාම සඳහා ගන්නෝරුවට පැමිණ මහවැලි ගඟෙන් එතෙර වී, වර්තමාන උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශයේ කඳවුරු බැඳ ගත්තේය. මේ අවස්ථාව උදාවන තෙක් ගන්නෝරුව කඳු මුදුනේ සිට සැඟ වී බලා සිටි දෙවැනි රාජසිංහ රජතුමා ඇතුළු සිංහල සේනාවෝ, ඔවුන් බලාපොරොත්තු නොවූ මොහොතක පහර දුන්හ. පෘතුගීසි සෙබළුන් අතර කාබේරින් ද විය. කඩු, දුනු, ඊතලවලට අමතරව තුවක්කු ද සිංහලයෝ භාවිතා කළහ. රාජසිංහ රජතුමා යුද්ධය මෙහෙය වූයේ ඇතා පිට නැග සිටිමිනි. කඩුව, දුනු හී තලවලට අමතරව තුවක්කුවකින් ද සන්නධව සිටියේ ය. රජතුමා පෘතුගීසි සේනාව මැදට පැමිණෙනවාත් සමග ම කාබේරි සෙබළෙකු තමා ඉලක්ක කරගෙන සිටින බව දක්නට ලැබුණි. ඒ සමග ම ඔහු වෙඩි තැබුවේය. වහාම හිස පහත් කර ගත්ත ද, තැබූ වෙඩි පහර රජතුමාගේ හිස පැළඳි ඔටුන්න පසාරු කර ගෙන ගියේ ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජතුමා තම අත් තුවක්කුව ගෙන කාබේරියාට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ වම් අතිනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හුරු අත ලෙස භාවිතා කරන්නේ දකුණත වුවත්, දෙවැනි රාජසිංහ රජතුමා භාවිතා කර තිබුණේ වමතය. අවසානයේ දී රජතුමා තම අත් තුවක්කුවෙන් ගැටඹේ දී එම කාබේරියාට වෙඩි තබා මරණයට පත් කර තිබෙන බව ද ජෝන් ඩේවි ගේ සටහනේ දක්වා ඇති අතර, එම අත් තුවක්කුව මේ වෙන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බවත් පිලපිටිය මහතා කීය. ඉහත සඳහන් කතා පුවතේ සත්‍යතාවයක් ඇතැයි සිතෙන්නේ එයට සමාන සිදු වීමක් පිළිබඳ තොරතුරක් මන්දාරම් පුවතේ 342 පද්‍යයෙන් කියැවෙන බැවිනි. එය පහත දැක්වේ. තවද නිරිඳු වෙත වෙඩි සැර එවමින් නොඑන නිසරු බස් තෙපලමිනා උසුළු විසුළු පෑ කාපිරියෙකු දැක රජසිහ නරනිඳු සඳරොසිනා හෙළමින ඔහු හිස ගෙනදුන් කෙනෙකුට තිළිණ දෙවන ලෙස කී බැවිනා එකෙනෙහි සමතෙක් පැන ඔහු හිස සිඳගෙන දුන් විකුමන් දක්වමිනා දෙවැනි රාජසිංහ රජතුමා කාබේරියාට වෙඩි තැබූ මෙම තුවක්කුව, ලංකාවේදී සොයා ගත් ආකාරය ගැන දැන ගත යුතුව තිබේ. ඒ අනුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ තැන්පත් කර ඇති ප්‍රධාන ආදායම් කොමසාරිස් ජෝර්ජ් ටර්නර් විසින් තබා ඇති සටහන් අනුව පෙනී යන්නේ, සතුරු ආක්‍රමණ හමුවේ නගරය අතහැර පසු බැසීමටත්, සිය වස්තුව සැඟවීමටත් රජු කටයුතු කර ඇති බවකි. රජතුමා සඟවා ඇති භාණ්ඩ පිළිබඳ ලියවිල්ලක් තෙල්දෙණියේ තිබෙන බවට ටර්නර්ට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ලේකම්මිටිය ගෙන් විමසා ඇති අතර, ඔහු ද ඒ ගැන සොයා බැලුවත් කිසිවෙක් සහාය දක්වා නැති නිසා ඔවුහු ආපසු පිටත්ව ගොස් ඇත. ඉන් වසරකට පසුව ටර්නර් කැඳවූ ගේ සහ සොයර් යන මහත්වරුන්, රජතුමාගේ සඟවා ඇති භාණ්ඩ නැවතත් සොයා බලන ලෙස ඉල්ලා ඇතත්, ලේකම්මිටියගේ සහාය නොමැතිව සිදු කළ හැක්කක් නොමැති බව පවසා තිබේ. එය හමුවෙන දෙයක් නොවන නිසා සොයා ගත යුතු දෙයක් වන බැවින්, ටර්නර් පොද්දල්ගොඩ ග්‍රාමයේ නිවෙස් සහ කඳුකර ආශ්‍රිතව පිහිටි ගුහාවල දින දහයක පමණ කාලයක් පරික්ෂා කර ඇත. එහිදී එක ගල්ගුහාවක පෙට්ටියක බහා තිබූ රත්රන් ආලේපිත තුවක්කුවක්, නළාවක් සහ උපකරණ කිහිපයක් හමු වී ඇත. ඔහුට සහාය වීම සඳහා අධිකරණ කොමිෂනර්, ආරච්චි සහ පියන් යන අය ද පැමිණ තිබේ. කලින් පැවති රාජ්‍ය පාලන කාලයක දී සඟවා තිබූ මෙම භාණ්ඩ අතර රිදියෙන් සාදන ලද අත් තුවක්කුවක් ද හමු වී තිබේ. රජතුමාගේ ආභරණ ද ඒ සමග ම තිබුණු බවට සළකුණු ඇතත්, ඒවා ගම්වාසීන් විසින් රැගෙන ගොස් තිබේ. ඊට අමතරව පෙට්ටි සහ උපකරණ කිහිපයක් ද හමු වී ඇත. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_732ad59975.jpg[/IMG] [SIZE="3"]ජාතික කෞතුකාගාරයේ ඇති එම තුවක්කුව නියෝජ්‍ය අද්මිරාල් ඩොනල්ඩ් හියු මැකේ විසින් රජය සතුව පැවති භාණ්ඩ වෙන්දේසියකින් ක්‍රි.ව 1815 සැප්තැම්බර් මස 01 දින, මිලදී ගෙන එංගලන්තයට රැගෙන ගොස් ඇත. පසුව ඔහු එය රාජකීය එක්සත් සේවා ආයතනයේ කවුන්සලය විසින් නැවත ලංකාවට භාර දී තිබේ. ක්‍රි.ව 1821 දී ජෝන් ඩේව් විසින් සිදුකරන ලද වාර්තා කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවති මෙම තුවක්කුවේ අගුල පිහිටා ඇත්තේ එහි වම්පසට වෙන අතර, එම තුවක්කුවට අදාළ ඓතිහාසික විස්තරය, තුවක්කුවෙහිම අභිලේඛන ගතව තිබී ඇත. තවද ජෝර්ජ් ටර්නර් විසින් ක්‍රි.ව. 1829 ජනවාරි 31 සහ 1829 පෙබරවාරි මස 04 දින දරන ලිපි මගින් දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවතියේ රන් ආලේපිත තුවක්කුවක් බවට අනාවරණය කර ගත හැකිය. වර්තමාන වෙන විට දෙවැනි රාජසිංහ රජතුමා ගේ බවට විශ්වාස කරනු ලබන තුවක්කු තුනක් (ඇමෙරිකාව, රුසියාව සහ ශ්‍රී ලංකාව) තිබෙන බවට හඳුනා ගෙන ඇත. ඒවා දෙවැනි රාජසිංහ රජුගේ කාල පරිච්ඡේදයට අයත් බවට විශ්වාස කරනු ලබන්නේ, ඒවායෙහි ඇති වෙඩි අගුලෙහි තාක්ෂණය සහ සියුම් කැටයම් දෙවැනි රාජසිංහ රජුගේ කාලයට අයත් වෙන බැවිනි. එම තුවක්කු තුන අතුරින් රන් ආලේප කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දික් තුවක්කුවේ පමණි. එබැවින් මෙම තුවක්කුවෙන් දෙවන රාජසිංහ රජු, පෘතුගීසි කාබේරි සෙබළාට වෙඩි තබන්නට ඇතැයි අනුමාන කළ හැකි බව, පිලපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පොද්දල්ගොඩ ග්‍රාමය පිහිටා තිබෙන්නේ උඩදුම්බර ප්‍රදේශයේ උඩසිය පත්තුව උතුරේය. කඳු ආශ්රිත ප්රදේශයකි. මේ අනුව එහි කඳුරට ගල් ගුහාවක තැන්පත් කර තිබිය දී, හමු වී ඇත්තේ දෙවන රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව ඇතුළත් පෙට්ටිය වේ. මෙම ගල්ගුහාව සඳහා ශ්‍රී වික්රමරාජසිංහ රජතුමා ද ආරක්ෂාව සපයා ඇති බව, ඒ.සී. ලෝරි විසින් (ක්‍රි.ව 1898) සකස් කරන ලද, මධ්‍යම පළාතට අයත් ගැසට් පත්‍රයෙහි 734 වෙනි පිටුවේ අන්තර්ගත සඳහනකට අනුව පෙනී යයි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. “අවසාන රජතුමා විසින් ඉඩම් නොමැති පිරිසක් වෙත පොද්දල්ගොඩ ග්‍රාමයේ වූ ඉඩම් ලබා දී ඇත්තේ, රජතුමා සතු වූ වස්තු සම්භාරය තැන්පත් කර තිබූ පොද්දල්ගොඩ ලෙනට ආරක්ෂාව සැපයීම ඔවුන් වෙත පවරමිනි.” යනුවෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom