විදෙස් රැකියා වලට යන අයට රජයෙන් අඩුවට ගුවන් ටිකට් පත්...😍👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    රට රැකියාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්

    විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කර තිබේ.

    විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මෙම කවුලුව විවෘත කර ඇත.

    මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

    https://sinhala.adaderana.lk/news/215807
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    චතුරංග අබේසිංහ හඬා වැලපෙයි ඕ වගේ දේවල් කලොත්