Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශිකයන්ට හොර වීසා හදන ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශිකයන්ට හොර වීසා හදන ජාවාරම

වෙනත් රටක පුද්ගලයකුට අප රටට ඇතුළුවන්නට දෙන්නේ ඔවුන් මෙහි පැමිණී කාරණය විමසීමෙන් අනතුරවය. බොහෝ රටවල සිට මෙරටට පැමිණීමට පෙර වීසා ගත යුතුය. සංචාරය සඳහා, අධ්‍යාපනය සඳහා, රැකියා සඳහා, ව්‍යාපාරික ආයෝජන සඳහා සහ ආගමික කටයුතු සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ද විදේශිකයෝ මෙරටට පැමිණෙති. කෙසේ වෙතත් ඔවුන් මෙරට යම් කාලක් ගත කරන්නේ නම් ඔවුන් යෙදී සිටින කාර්යයට අදාලව නිසි පරිදි අයදුම්පත්‍රයක් පුරවා රජයට මුදල් ගෙවා වීසා ගත යුතුය.

දැන් ශ්‍රී ලංකාවේ බැලූ බැලූ අත විදේශිකයෝ සිටිති. වැඩියෙන්ම සිටින්නේ චීනුන් යැයි බොහෝ දෙනා කියති. චීනුන් පමණක් නොව ඉන්දියා ජාතිකයන්, පකිස්ථාන ජාතිකයන්, බංගලාදේශ ජාතිකයන්, පිලිපීන ජාතිකයන් වැනි විවිධ රටවලින් පැමිණි පිරිස් මෙරට බුරුතු පිටින් සිටිති. ඔවුන් වැඩිපුරම සිටින්නේ කොළඹ හා ඒ අවට තදාසන්න පෙදෙස්වලය.

සයිවර් කඩවලින් රොටි කමින් පාන් වැනි සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි ආහාරමත යැපෙමින් ඔවුහු දිවි ගෙවති. මේ පිරිස සංචාරයේ යෙදීම සඳහා මෙරටට නොපැමිණි බව නම් පැහැදිලිය. ඔවුන් බොහෝ දෙනකු මෙරට රැකියාවල නිරත වෙති. ඇතැමුන් ව්‍යාපාරවල යෙදෙති.

රුසියාවෙන් මෙරටට පැමිණි පවුලක් ගාල්ලේ පදිංචිව සිටිති. සැමියා බිරිඳ සහ එකම දියණිය මේ පවුලේ සාමාජිකයෝය. ඔවුන් පැමිණියේ සංචාරක වීසා ලබාගනිමිනි. මේ පවුලේ කාන්තාව අප සමග මෙසේ පැවසුවාය.

'' අපි ආවේ සංචාරක වීසා අරගෙන. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳින් දියුණු වෙනවා කියා අපිට පෙනුනා. මම රුසියාවේ ආහාර වර්ග අළෙවි කළා. අපිට හොඳට කෑම හදන්න පුළුවන්. නමුත් රුසියාවේ ලාභ ලබන්න බැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකාවට ආවා. අපි හික්කඩුවෙන් පොඩි කඩයක් ගත්තා. බෝර්ඩ් එකක් දැම්මා. දැන් අපි වෙබ් අඩවියක් පටන් අරගෙන තියෙනවා. අපේ රටේ සහ ඒ අවට රටවල ඉඳලා එන රුසියන් සහ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය මේ වෙබ් එක බළලා අපේ කඩෙන් කෑම ඇණවුම් කරනවා. ලංකාවේ ජීවත්වෙන්න වියදම අඩුයි. අපිට මේ විදියට ලාභයක් ලබාගන්නත් පුළුවන්."

ඇගේ බලාපොරොත්තුවක් වන්නේ තම කුඩා දියණිය කවදා හෝ ශ්‍රී ලංකාවේ නිරූපන ක්ෂේත්රයට යොමු කිරීමයි. දැනට මේ දියණිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නීය.

කොළඹ කොම්පඤ්ඤ වීදියේ කඩයක රාත්‍රියේ පරාටා කමින් සිටි විදේශිකයකු සමග කතා කරන්නට අපට හැකිවිය. ඔහු කීවේ තමන් පැමිණියේ බංග්ලාදේශයෙන් බවයි. අසීරුවෙන් ඉංග්‍රීසි කතා කළ හෙතෙම මෙසේ පැවසීය.

''අපිට රස්සාවල් නෑ. ඒ නිසා පොඩි ගාණක් හොයාගෙන ලංකාවට ආවා. ආවේ දවස් පහක් සංචාරයට කියලා. දැන් අවුරුද්දකට කිට්ටුයි. අපි තාම ඉන්නවා. මම කොළඹ නගරයේ ලොකු ගොඩනැගිල්ලක් හදන තැනක අත්උදව් දෙනවා. මාත් එක්ක අපේ රටේ අයත් පකිස්ථාන අය කිහිප දෙනෙකුත් ඉන්නවා. මේ විදියට ඉන්න බයයි. ඇල්ලුවොත් ආපහු අපේ රටට යවාවි. අපිට ලංකාවේ එක්කෙනෙක් කිව්වා වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. ඒත් තවම නැහැ. එයාට සල්ලිත් දුන්නා."

කොළඹ හා ඒ අවට තත්ත්වය මෙයයි. මේසන් බාස්ලා, අත් උදව්කරුවන් අවශ්‍යයැයි කොතෙකුත් දැන්වීම් ප්‍රසිද්ධියට පත්කළ ද මෙරට මිනිසුන් ඒ වැඩවලට එන්නේ නැත. නමුත් කොහේ හෝ රටක සිට පැමිණි පුද්ගලයෝ අලුතෙන් ඉදිවන ගොඩනැගිලි සහිත වැඩබිම් සොයා එති. ඔවුහු කුලී පදනම යටතේ සොච්චම් වැටුපකට වැඩ කරති.

එවැනි ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක වැඩ පිරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මහත්මයකු තම අනන්‍යතාව කිසිසේත්ම හෙළි නොකරන්න යැයි කියමින් අප සමග මෙසේ කීවේය.

''අපේ රටේ මිනිස්සු දැන් මේසන් වැඩවලට, කුලී වැඩවලට එන්නේ නැහැ. ඉතින් අපිට වැඩට මිනිස්සු නැහැ. ඒත් බංග්ලාදේශ කාරයොයි, චින්නුයි, ඉන්දියන් අයයි පකිස්ථාන කාරයොයි ඇති තරම් එනවා. ඇවිත් වටේ කැරකි කැරකී ඉඳලා වැඩ හොයනවා. ඉතින් අපිටත් ලේසියි. ඒ අය අපේ වැඩපොළේම නතර වෙනවා. ගෙවල්වල යන ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න නෑයන්ගේ ප්‍රශ්න, පෝය නිවාඩු, අවුරුදු නිවාඩු මොනවත් නැහැ. අපි මේ ඉදිකිරීම්වල නොනවත්වා වැඩ. දවල්ට වැඩ කරලා රෑට වැඩ නවත්තන්නේ නැහැ. පැය විසිහතරම වැඩ කරනවා. මේ තැන්වලම නැවතිලා ඉන්න මේ මිනිස්සුත් වැඩමුර ක්‍රමයට වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට ඕන සල්ලි. එයාලට අපේ අයට වගේ වෘත්තීය සමිති ප්‍රශ්න මොනවත් නැහැ. එයාලා වැඩි දෙනෙක් ඉන්නේ සංචාරක වීසාවලින්. කොයි වෙලාවක හරි අහුවුණොත් දඩත් ගෙවලා ආයිමත් තමන්ගේ රටට යන්න වෙන බව දන්න නිසා මේ අය නිතරම වැඩවල යෙදිලා ඉන්නවා. අපේ වැඩබිම්වල වැඩිපුර ඉන්නේ විදේශික අය. ඔවුන් නීති විරෝධීව ඉන්න නිසා ශ්‍රමය අඩු මුදලට ගන්නත් පුළුවන්."

වැඩබිම්වල තත්ත්වය ඒ ආකාරයෙනි. විදේශික කාන්තාවන් ද මෙරට රැකියාවල නිරතවෙති. ඒ රැකියා බොහොමයක් ලිංගික සේවා සපයන රැකියාවන් වීමෙන් ම විදෙස් කතුන් දෙස අප බොහෝ දෙනකු වපර ඇසින් දැකීමට පුරුදුව සිටිති.

කොළඹ නගරයේ සෑම තැනම දැන් සම්බාහන ආයතන පිහිටා තිබේ. මේ බොහොමක විදෙස් කතුන් නේවාසිකව සිටින අතර ඇතැම් ස්ථානවල දී සම්බාහනයට වඩා අමතර ලිංගික සේවාවන් ලබාදීම ද සිදුකරයි. කොළඹ නගරයේ ඇතැම් වීදිවල රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද විදෙස් කතුන් තම සිරුර ගනුදෙනු කරුවෙකුට අළෙවි කර මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් සිටින ආකාරය දුලබ දසුනක් නොවේ. එවැනි කතුන් සොයන ගනුදෙනු කරුවෝ ද ඔවුන් ඉන්නා ඉසව් ගැන හොඳ අවබෝධයකින් පසුවෙති. එමෙන් ම මිතුරු හවුල් සහා ලිංගික සේවා සපයන වෙබ් අඩවි ඔස්සේ ද මෙරට පිරිමින්ට තම සිරුර අළෙවි කිරීමටත් සජීවීව කැමරාවක් ඉදිරිපිටට පැමිණ ඔවුන් පිනවීමටත් සූදානම් විදේශීය කාන්තාවෝ සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත.

මේ කාන්තාවන් එවැනි දැන්වීම්වල සඳහන් කර ඇත්තේ තමන් රුසියාවෙන්, පිලිපීනයෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අය බවයි.

පුසගිය දිනක ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ අතර පොලිසිය කියා සිටියේ එතැන සම්බාහනයට අමතරව ගණිකා වෘත්තියේ නිරත විදෙස් කතුන් ද සිටි බවයි. මේ විදෙස් කාන්තාවන් මෙරටට පැමිණි ආකාරය ගැන සොයා බැලූ විට ඔවුන් සියල්ලෝ ම පැමිණ සිටියේ සංචාරක වීසාවලිනි. ඔවුන්ට මෙරට කිසිම ආකාරයක රැකියාවක නිරතවීම සඳහා අවසර තිබුණේ නැත.

''අපි ආවේ සංචාරක වීසාවලින්. අපි සම්බාහන මධ්‍යස්ථානයක වැඩ කළා. එහි හිමිකරුවා කිව්වා ආයතනය ආයුර්වේද මධ්‍යස්ථානයක් හැටියට රජයේ ලියාපදිංචි කරලා තියෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වීසා ඉල්ලුම් කරලා අපිට වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. සති දෙක තුනකින් කරලා දෙන්නම් කියලා අපි කරන වැඩ වලින් සල්ලිත් කපා ගත්තා. නමුත් දැන් මාස ගණනක් ගත වෙලා මේ වීසා හදා දුන්නේ නැහැ. සම්බාහනය කරගන්න එන පිරිමි අපෙන් වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ලැබෙන ගාන අනුව ඉතින් අපිටත් පුළුවන් දේවල් කරනවා. " පිලිපීනයෙන් පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් පසු රජයේ නීතිඥවරියක් සමග එසේ කියා සිටියාය.

ගාල්ල කොටුවේ නිවසක් මිලදී ගෙන එහි සංචාරක සේවා සපයන ලැගුම් හළක් පවත්වාගෙන යන විදේශික යුවලකි. ඔවුන් මෙසේ පැවසීය.

''අපි සංචාරක වීසා අරගෙන ශ්‍රී ලංකාවට එනවා. මේ ගේ මිලදී ගත්තේ සමාගමක නමකට. මේ සමාගමේ කොටස් අපිටත් තිබුණා. ශ්‍රී ලාංකිකයෙක් සමාගමේ සිටි නිසා නිවස මිලදී ගන්න පුළුවන් වුණා. දැන් එයා සමාගමෙන් ඉවත් වෙලා සම්පූර්ණ කොටස් අයිති අපි දෙන්නට. අපේ හෝටලේ වෙනුවෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. මේ වෙබ් අඩවියෙන් ගාල්ල කොටුව, ශ්‍රී ලංකාව සහ අපේ හෝටලය ගැන දැනගන්නා විදෙස් රටවල අය ඔන්ලයින් ම අපිට ගෙවලා රූම්ස් බුක් කරනවා. අපි හොඳ ශ්‍රී ලාංකීය කළමනාකරුවෙක් පත්කරලා ඉන්නවා. එයා හෝටලේ වැඩ සියල්ල කරනවා. අපි දෙන්නා වරින් වර විශේෂයෙන් ම සංචාරකයන් වැඩිපුර එන කාලයේ දී සංචාරක වීසා අරගෙන ලංකාවට ඇවිත් ආපහු යනවා. ව්‍යාපාරය හොඳට කරනවා." සංචාරක වීසාවලින් මෙරට පැමිණ ව්‍යාපාර හිමිකරගෙන සිටින ඔවුන් පවසන්නේ එවැනි කතාවකි.

''මේ හෝටලේ මගේ. කිසිම සුද්දෙක් මේකට ආයෝජනය කළේ නැහැ. ඒත් මම නිතරම සුද්දෝ සහ සුද්දියෝ මේ හෝටලයේ වැඩට ගන්නවා. ඒ අය මාස හයක් විතර මෙහේ වැඩ කරනවා. සුදු හම තියෙන කොට අනිත් සුද්දෝ සුද්දියෝ මගේ හෝටලයට එන්න කැමතියි. මගේ හෝටලේ වැඩකරන අය ඉන්නේ තනිකරම සංචාරක වීසාවලින්. හෝටලේ වැටලුවොත් ඒ අය කියන්නේ මේ දවස්වල හෝටලයේ නැවතිලා ඉන්නවා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රධාන කෝකියාත් සුද්දෙක්. ස්පා එක භාරව ඉන්නේ සුද්දියක්. " උණවටුනේ සංචාරක හෝටලක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු එසේ පැවසුවේය.

මෙරටට අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසු සිසුවියන් ඒ සඳහා අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව අදාල පාඨාමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ බවට ලේඛන ඉදිරිපත් කර වීසා අයදුම් කළ යුතුය. ආගමික පදනම යටතේ මෙරටට යම් විදේශික පුද්ගලකු පැමිණෙන්නේ නම් අදාල ආගමික අමාත්‍යාංශයෙන් ලැබූ අනුමැතියක් යටතේ වීසා අයදුම් කළ යුතු වේ. රැකියා සඳහා වීසා ඉල්ලුම් කරන්නේ නම් ආකාර කිහිපයක් තිබේ. විදේශීය ආයෝජකයකු ලෙස පැමිණෙන්නේ නම් ඇමෙරිකානු ඩොලර් 250,000ක හෝ පරිවර්ථනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ හා සමාන මුදලක් අවම වශයෙන් මෙරටට ගෙනවිත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක විශේෂ ගිනුමක තැනපත් කළ යුතුය. ආයෝජකයා සමග එන යැපෙන්නකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 35,000ක් බැගින් වූ අතිරේක මුදලක් තැන්පත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පදිංචිවීමට අපේක්ෂා කරන වෘත්තිකයකු නම් තමන් සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2000ක් ද භාර්යාව හෝ සැමියා ඇතුළු යැපෙන්නන් වෙනුවේන එක් අයකුට මසකසට ඇමෙරිකානු ඩොලර් 1000ක් ද ජීවන වියදම් වශයෙන් බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය. වීසා ලැබෙන්නේ එවිටය.

ශ්‍රී ලංකාවට රැකියා සඳහා පැමිණෙන ඕනෑම අයකු ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවයේ යෙදීම හෝ රජයෙන් අනුමත ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා යොමුවිය යුතුය. ඔවුන්ට වීසා නිකුත් කරනු ලැබේ. නැතිනම් බැංකුවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට වීසා ලබා ගැනීමේ පහසුකම හිමිවේ. ස්වේච්ඡා සේවය සඳහා පැමිණෙන පුද්ගලයන්ට ද, රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්ත පුද්ගලයන්ට ද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යටතේ ඇති ආයතනවල සහ සංවිධානවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට සහ පෞද්ගලික සමාගමක සේවයේ නිරත පුද්ගලයන්ට මෙරට රැඳී සිටිමින් රැකියාවේ නිරතවීම සදහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

මෙලෙස රැකියා සඳහා සුදුසුකම් ලැබීමට නම් අදාල විදේශිකයා තමන් නියෝජනය කරන ව්‍යාපෘතිය හෝ ආයතනය හරහා එම විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරිදි වීසා අයදුම් කළ යුතුය. නමුත් එවැනි වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයන් සංඛ්‍යාව කොතෙක් දැයි කිසිවෙකුත් දන්නේ නැත.

මේ පිළිබඳ හික්කඩුව ප්‍රදේශයෙන් නැගෙන චෝදනාවක් වන්නේ සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පෙට්ටිකඩ පවත්වාගෙන යාම සඳහා ද සමාගම් ලියාපදිංචිය ලබා දී ඇති බවයි. ඔවුන් තම හිතුමතයට මෙරට ව්‍යාපාර කර සියලු ලාභය රට පටවන බවට ද චෝදනාවක් තිබේ.

මෙවැනි ස්ථාන පවත්වාගෙන යන සංචාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය විට ඔවුන් සමාගම් ලියාපදිංචිය තිබෙන බව පෙන්වමින් දැඩි විරෝධයක් දක්වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි හා නිරීක්ෂණ අංශය පවසයි.

මෙලෙස විදේශිකයන්ට සමාගම් ලියාපදිංචිය ලබාදීම පිළිබඳ විමසූ විට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තනේතුව පවසන්නේ සමාගම් ලියාපදිංචි කිරීමේ දී සංචාරකයාගේ වීසා කාලය පිළිබඳ අවධානය යොමු කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. මෙරට සහ පිටරට ලිපිනයත්, ආයෝජනය කිරීමේ හැකියාවත්, ආයෝජන මණ්ඩලයේ අනුමත සහතිකයත් පමණක් සැළකිල්ලට ගන්නා බව එහි නිලධාරීහු පවසති.

මෙරට නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක (නීති) සහ මාධ්‍ය ප්‍රකාශක බී.ජී.ජී.මිලින්ද මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

''අපි වීසා ලබාදීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සංචාරක වීසාවලින් ඇවිත් මෙරට රැඳී සිටිමින් රැකියාවල නිරතවන්න දෙන්නේ නැහැ. නමුත් මෙරටට පැමිණෙන සංචාරකයන් ඔවුන් පැමිණියාට පසු තවදුරටත් රැකියා කරමින් රැඳී සිටින්න අදාල අමාත්‍යාංශ සහ ව්‍යාපෘති හරහා වීසා අයදුම් කළ විට සුදුසුකම් පරීක්ෂා කර බලා අපි ඔවුන්ට වීසා නිකුත් කරනවා. අනවසරයෙන් සිටින අය වැටලීම් කර අත්අඩංගුවට අරගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කරනවා. මෙය දිගින් දිගටම සිදුකරන කාර්යයක්. නමුත් අපි දන්නවා විශාල පිරිසක් මෙලෙස අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. ඒ අය ගැන තොරතුරු ලැබුණාම සහ ඔවුන් ගැන සොයා බලා සැක සිතෙන ආකාරයට අපි වැටලීම් කරනවා."

ඔහු පවසන්නේ සම්බාහන ආයතන ඇතුළු ලිංගික සේවා සපයන ආයතන සඳහා විදෙස් කාන්තාවන්ගේ සේවය ලබා ගැනීමට වීසා නිකුත් කිරීමක් මෙරට කිසිදු ආකාරයකින් සිදු නොවන බවයි. එසේ වුව ද රට පුරාම එවැනි මධ්‍යස්ථානවල විදේශික කාන්තාවන් ලිංගික සේවා සපයමින් රැඳී සිටින බව මිලින්ද මහතා පිළිගන්නා කරුණකි.

''සම්බාහන මධ්‍යස්ථානවල සේවය කිරීම සහ ලිංගික සේවා සැපයීම දෙකම වීසා නීති උල්ලංඝනය කිරීමක් පමණක් නොවෙයි මෙරට සාමාන්‍ය නීතිය ද උල්ලංඝනය කිරීමක්. අපට පමණක් නොවෙයි පොලීසියටත් ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකියි. කෙසේ වුණත් මෙවැනි කාන්තාවන් මෙරට ඉන්නවා. වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ලිංගික සේවා සපයන වෙබ් අඩවි අපි පරීක්ෂාකර බලා එවැනි කාන්තාවන් සොයා මාසයකට වැටලීම් පහක් හයක් පමණ ක්‍රියාත්මක කරනවා."

මෙවැනි කාන්තාවන් අතරින් ඇතැම් අය සතුව රැකියාවේ නිරතවීම සඳහා වීසා හිමිකම තිබේ. ඔවුන්ට එය ලැබී ඇත්තේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලැබූ ආයුර්වේද ශාලා, ආයුර්වේද මධ්‍යස්ථාන සහ ඖෂධ නිෂ්පාදන ආයන හරහාය. නිකුත් කර ඇත්තේ ද ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසිනි. නමුත් ඔවුන් කරන්නේ වෙනත් රාජකාරියකි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමෙන්තුව කියා සිටියේ ආගමික ප්‍රචාර සඳහා පැමිණෙන බව පවසමින් ආ ඉස්ලාම් ආගමිකයන් විශාල පිරිසක් නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක පාසල්වල පවා උගන්වමින් සිටින බවයි. මොවුන් අන්තවාදී ආගමික අදහස් පතුරුවන බව ද එවකට රජය පැවසූ අතර ඔවුන් හැකි ඉක්මණින් පිටුවහල් කරන බව ද නිවේදනය කළේය. මේ ගැන විමසූ විට මිලින්ද මහතා මෙසේ කීවේය.

''ආගමික පූජකවරුන්ට මේ රටට පැමිණීමට වීසා ලබා දෙන්නේ ඒ ඒ ආගම් සඳහා ඇති අමාත්‍යාංශ හරහා. මේ අය මෙරට රැඳී සිටින්නේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් නිර්දේශය අනුව අපි දුන් වීසා බලපත්‍රවලින්. අපි ඔවුන්ට උපදෙස් දුන්නා නැවත සිය රටට යාමට කටයුතු කරන ලෙස ඒ ඒ අමාත්‍යාංශවලින් ලබාදුන් නිර්දේශයට එරෙහිව අපට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. "

මෙහි ගැටලුවක් තිබෙන බව ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය, සංචාරක අමාත්‍යාංය, මුසිලිම් කටයුතු අමාත්‍යාංශය, හින්දු කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංය, කුඩා කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා මෙරට රැඳී සිටීමට විදේශිකයන්ට වීසා ලබාදෙන්න යැයි නිතර නිතර නිර්දේශ නිකුත් කරයි.

වංචාව සිදුවන්නේ මෙතැනිනි. ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නිසි පරිදි වීසා නොලැබෙන ඕනෑම විදේශිකයකුට අත්පිට මුදලට වීසා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. හිතවත් විදේශිකයන් කිහිප දෙනෙකුට වීසා ලබාගත යුතුයැයි පවසමින් අපි එලෙස වීසා ලබාදීමට උදව්කරන තැරැව්කරුවන් කිහිප දෙනකු හමුවීමු.

''වැඩේ සිම්පල්, කවුද මසාජ් කෑල්ලක් නම් ඉතින් ලක්ෂයකින් විතර කරල දෙන්නම්. වෙන හොඳ රස්සාවක් කරන කෙනෙක් නම් ලක්ෂ එකහමාරක් විතර ඕනෑ. " ඒ ඔවුන්ගේ ගණන් පැවසීමයි. මසාජ් කාන්තාවක් නම් වෙනත් අවශ්‍යතාවක් ද ඉටුකර ගැනීමට හැකියාව ඇත්දැයි ඔවුන් කෙලින්ම අසයි.

''අපි ඕනම අමාත්‍යාංශයකින් ලියුම් අරගෙන වීසා ඔෆිස් එකට ගිහින් වැඩේ කරලා අතටම අරගෙන එන්නම්. ඕන කරන්නේ රුපියල් 50,000 කුයි අර කෙනාගේ පාස්පෝර්ට් කොපි එකයි විතරයි. වීසා ඔෆිස් එකට යන දවසට ඔර්ජිනල් පාස්පෝරට් එකයි ඉතුරු සල්ලියි දෙන්නකෝ. එදා හවසම වැඩේ ටක්කෙටම හරි යනවා."

තැරැව් කරුවෝ කතා කරන්නේ තමන් ආගමන විගමන පාලක මෙනි. නමුත් ඔවුන් ම කියන්නේ තමන්ට මේ වීසා සඳහා අවශ්‍යවන අමාත්‍යාංශවල සම්බන්ධතාවක් තිබෙන බවයි. එම අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ නිර්දේශ ලිපිය ලබාගැනීමට අමාත්‍යාංශය ඇතුළේ පුද්ගලයකුට රුපියල් 50,000ක් ගෙවන බවත් ඒ ලිපිය රැගෙන ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට මුදලක් දී වීසා සකස් කරගන්නා බවත් ඔවුහු කියති.

මේ ගැන මිලින්ද මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

''අපි මේ ජාවාරම ගැන දන්නේ නැහැ. අපි සෘජුව වීසා නිකුත් කරන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයා මෙරට සිටීමට බලපාන හේතුව තියෙන විෂයට අදාල අමාත්‍යාංශයෙන් ලිඛිත නිර්දේශයක් අපිට අවශ්‍යයි. මේ ලිඛිත නිර්දේශය ඔවුන් කාට හෝ සල්ලි ගෙවා අරගන්නවා ද කියා අපි දන්නේ නැහැ. ඉතා සීමිත අමාත්‍යාංශ ගණනකින් නිර්දේශ ලිපි ලැබෙන නිසා අපි ඒ ඒ අමාත්‍යාංශයේ ලිපිය සකස්කරන ආකාරය, ලිපි ශීර්ෂය, ඇමතිවරයාගේ හෝ ලේකම්වරයාගේ අත්සන, එය යොමුකරන ආකාරය යන සියල්ල ගැන හොද අවබෝධයකින් ඉන්නවා. අනික ලිපියක් ගෙනත්දුන් පළියට අපි වීසා නිකුත් කරන්නේ නැහැ. වීසා දෙන්නම් මේ ලිපියට අමතරව ඒ ඒ පුද්ගලයා වීසා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සල්ලි දීලා මේ වැඩේ කරගන්න පුළුවන් කියා කවුරු හරි කියනවානම් ඒක ලොකු බොරුවක්. එහෙම වීසා ගන්න කාටවත් බැහැ. අනික මේ වගේ තැරැව්කරුවන් පැමිණියත් අපි තොග පිටින් වීසා නිකුත් කරන්නේ නැහැ. "

ඔහු එසේ කීව ද මෙම ලේඛකයා මිලින්ද මහතා හමුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගොස් සිටිය දී වීසා ලබාගන්නා ස්ථානයේ සිටි කාන්තාවක් පාර්ස්පෝට් තොගයක් සඳහා වීසා ලබාගත්තාය. ඇය සතුව පාර්ස්පෝර්ට 18ක් තිබිණි. ඇයට පාර්ස්පෝර්ට් තොගයකට වීසා නිකුත් කළේ කෙසේ දැයි අප දන්නේ නැත.

ඔනෑම පුද්ලයකු මේ රටට ඇතුලුවන විට ඔහු හෝ අය රටට ඇතුළු වූ බව පරිගණක පද්ධතියකට ඇතුළත් කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව ද නැවත රටින් පිටවිය යුතු දිනය ද සටහන් කිරීම ඉතාමත් සරල කාරණයකි. ඉන් පසු ඔහු හෝ ඇය යළි මෙරටින් පිටතට යන විට එම දත්ත පද්ධතියේම පිටව ගිය බව සටහන් තැබීම ද අපහසු නොවේ. එලෙස දත්ත පද්ධිතියක් නඩත්තු කරන්නේ නම් මෙරටට පැමිණි පුද්ගලයන් පිටව ගියා ද තවදුරටත් රැඳී සිටිනවා ද යන්න සොයා ගැනීම අපහසු කරුණක් ද නොවේ.

නමුත් තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක ශ්‍රී ලංකාව සතුව තවමත් එවැනි දත්ත පද්ධතියක් නැත.

''අපිට දත්ත තිබෙනවා. කෙනෙක් ශ්‍රී ලංකාවට ඇතුළු වුණාම ඒ බව සටහන් කරනවා. නමුත් අවශ්‍ය ඕනෑම වෙලාවක පිටව ගියා ද කියා සොයා බැලිය හැකිවන්නේ ඇතුළු වූ සංඛ්‍යාව හා පිටව ගිය සංඛ්‍යාව පමණයි. එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට පිටව ගිය නොගිය බව හඳුනාගත හැකි දත්ත පද්ධතියක් තවමත් නැහැ. එවැන්නක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අනාගතයේ දී කෙනේක ලංකාවට ඇතුළු වූ තැන් පටන් නවතින හෝටලයේ සිට ඔහු යෙදෙන කාර්යයන් දක්වාම නිරීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් බුද්ධි අංශ ද සමග එක්ව සකස් කිරීම කළ යුතුයි. " ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ මිලින්ද මහතා එසේ පැවසීය.

දැනටත් මෙරටට පැමිණි හා පිටව ගිය සංචාරකයන් සංඛ්‍යාව පිළිබඳ දත්ත තිබුණ ද මෙරට රැඳී සිටින හොර වීසා ලැබූ සංචාරකයන් ගැන නිශ්චිත සංඛ්‍යාලේඛනයක් නැත. හොරෙන් මෙරට රැඳී සිටිමින් ලොව පැරණිතම රැකියාවේ පටන් පරිගණක මෘදුකාංග භාවිතයෙන් බැංකු කොල්කෑම දක්වා සියලු දේ කරන විදේශිකයන් බුරුතු පිටින් මෙරට සිටින බව සියල්ලෝ ම දනිති. නමුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රමාණවත් නැත.

-සජීව සටහන් .

[QUOTE="malith789, post: 25398255, member: 261911"] [b]විදේශිකයන්ට හොර වීසා හදන ජාවාරම[/b] වෙනත් රටක පුද්ගලයකුට අප රටට ඇතුළුවන්නට දෙන්නේ ඔවුන් මෙහි පැමිණී කාරණය විමසීමෙන් අනතුරවය. බොහෝ රටවල සිට මෙරටට පැමිණීමට පෙර වීසා ගත යුතුය. සංචාරය සඳහා, අධ්‍යාපනය සඳහා, රැකියා සඳහා, ව්‍යාපාරික ආයෝජන සඳහා සහ ආගමික කටයුතු සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ද විදේශිකයෝ මෙරටට පැමිණෙති. කෙසේ වෙතත් ඔවුන් මෙරට යම් කාලක් ගත කරන්නේ නම් ඔවුන් යෙදී සිටින කාර්යයට අදාලව නිසි පරිදි අයදුම්පත්‍රයක් පුරවා රජයට මුදල් ගෙවා වීසා ගත යුතුය. දැන් ශ්‍රී ලංකාවේ බැලූ බැලූ අත විදේශිකයෝ සිටිති. වැඩියෙන්ම සිටින්නේ චීනුන් යැයි බොහෝ දෙනා කියති. චීනුන් පමණක් නොව ඉන්දියා ජාතිකයන්, පකිස්ථාන ජාතිකයන්, බංගලාදේශ ජාතිකයන්, පිලිපීන ජාතිකයන් වැනි විවිධ රටවලින් පැමිණි පිරිස් මෙරට බුරුතු පිටින් සිටිති. ඔවුන් වැඩිපුරම සිටින්නේ කොළඹ හා ඒ අවට තදාසන්න පෙදෙස්වලය. සයිවර් කඩවලින් රොටි කමින් පාන් වැනි සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි ආහාරමත යැපෙමින් ඔවුහු දිවි ගෙවති. මේ පිරිස සංචාරයේ යෙදීම සඳහා මෙරටට නොපැමිණි බව නම් පැහැදිලිය. ඔවුන් බොහෝ දෙනකු මෙරට රැකියාවල නිරත වෙති. ඇතැමුන් ව්‍යාපාරවල යෙදෙති. රුසියාවෙන් මෙරටට පැමිණි පවුලක් ගාල්ලේ පදිංචිව සිටිති. සැමියා බිරිඳ සහ එකම දියණිය මේ පවුලේ සාමාජිකයෝය. ඔවුන් පැමිණියේ සංචාරක වීසා ලබාගනිමිනි. මේ පවුලේ කාන්තාව අප සමග මෙසේ පැවසුවාය. '' අපි ආවේ සංචාරක වීසා අරගෙන. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳින් දියුණු වෙනවා කියා අපිට පෙනුනා. මම රුසියාවේ ආහාර වර්ග අළෙවි කළා. අපිට හොඳට කෑම හදන්න පුළුවන්. නමුත් රුසියාවේ ලාභ ලබන්න බැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකාවට ආවා. අපි හික්කඩුවෙන් පොඩි කඩයක් ගත්තා. බෝර්ඩ් එකක් දැම්මා. දැන් අපි වෙබ් අඩවියක් පටන් අරගෙන තියෙනවා. අපේ රටේ සහ ඒ අවට රටවල ඉඳලා එන රුසියන් සහ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය මේ වෙබ් එක බළලා අපේ කඩෙන් කෑම ඇණවුම් කරනවා. ලංකාවේ ජීවත්වෙන්න වියදම අඩුයි. අපිට මේ විදියට ලාභයක් ලබාගන්නත් පුළුවන්." ඇගේ බලාපොරොත්තුවක් වන්නේ තම කුඩා දියණිය කවදා හෝ ශ්‍රී ලංකාවේ නිරූපන ක්ෂේත්රයට යොමු කිරීමයි. දැනට මේ දියණිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නීය. කොළඹ කොම්පඤ්ඤ වීදියේ කඩයක රාත්‍රියේ පරාටා කමින් සිටි විදේශිකයකු සමග කතා කරන්නට අපට හැකිවිය. ඔහු කීවේ තමන් පැමිණියේ බංග්ලාදේශයෙන් බවයි. අසීරුවෙන් ඉංග්‍රීසි කතා කළ හෙතෙම මෙසේ පැවසීය. ''අපිට රස්සාවල් නෑ. ඒ නිසා පොඩි ගාණක් හොයාගෙන ලංකාවට ආවා. ආවේ දවස් පහක් සංචාරයට කියලා. දැන් අවුරුද්දකට කිට්ටුයි. අපි තාම ඉන්නවා. මම කොළඹ නගරයේ ලොකු ගොඩනැගිල්ලක් හදන තැනක අත්උදව් දෙනවා. මාත් එක්ක අපේ රටේ අයත් පකිස්ථාන අය කිහිප දෙනෙකුත් ඉන්නවා. මේ විදියට ඉන්න බයයි. ඇල්ලුවොත් ආපහු අපේ රටට යවාවි. අපිට ලංකාවේ එක්කෙනෙක් කිව්වා වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. ඒත් තවම නැහැ. එයාට සල්ලිත් දුන්නා." කොළඹ හා ඒ අවට තත්ත්වය මෙයයි. මේසන් බාස්ලා, අත් උදව්කරුවන් අවශ්‍යයැයි කොතෙකුත් දැන්වීම් ප්‍රසිද්ධියට පත්කළ ද මෙරට මිනිසුන් ඒ වැඩවලට එන්නේ නැත. නමුත් කොහේ හෝ රටක සිට පැමිණි පුද්ගලයෝ අලුතෙන් ඉදිවන ගොඩනැගිලි සහිත වැඩබිම් සොයා එති. ඔවුහු කුලී පදනම යටතේ සොච්චම් වැටුපකට වැඩ කරති. එවැනි ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක වැඩ පිරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මහත්මයකු තම අනන්‍යතාව කිසිසේත්ම හෙළි නොකරන්න යැයි කියමින් අප සමග මෙසේ කීවේය. ''අපේ රටේ මිනිස්සු දැන් මේසන් වැඩවලට, කුලී වැඩවලට එන්නේ නැහැ. ඉතින් අපිට වැඩට මිනිස්සු නැහැ. ඒත් බංග්ලාදේශ කාරයොයි, චින්නුයි, ඉන්දියන් අයයි පකිස්ථාන කාරයොයි ඇති තරම් එනවා. ඇවිත් වටේ කැරකි කැරකී ඉඳලා වැඩ හොයනවා. ඉතින් අපිටත් ලේසියි. ඒ අය අපේ වැඩපොළේම නතර වෙනවා. ගෙවල්වල යන ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න නෑයන්ගේ ප්‍රශ්න, පෝය නිවාඩු, අවුරුදු නිවාඩු මොනවත් නැහැ. අපි මේ ඉදිකිරීම්වල නොනවත්වා වැඩ. දවල්ට වැඩ කරලා රෑට වැඩ නවත්තන්නේ නැහැ. පැය විසිහතරම වැඩ කරනවා. මේ තැන්වලම නැවතිලා ඉන්න මේ මිනිස්සුත් වැඩමුර ක්‍රමයට වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට ඕන සල්ලි. එයාලට අපේ අයට වගේ වෘත්තීය සමිති ප්‍රශ්න මොනවත් නැහැ. එයාලා වැඩි දෙනෙක් ඉන්නේ සංචාරක වීසාවලින්. කොයි වෙලාවක හරි අහුවුණොත් දඩත් ගෙවලා ආයිමත් තමන්ගේ රටට යන්න වෙන බව දන්න නිසා මේ අය නිතරම වැඩවල යෙදිලා ඉන්නවා. අපේ වැඩබිම්වල වැඩිපුර ඉන්නේ විදේශික අය. ඔවුන් නීති විරෝධීව ඉන්න නිසා ශ්‍රමය අඩු මුදලට ගන්නත් පුළුවන්." වැඩබිම්වල තත්ත්වය ඒ ආකාරයෙනි. විදේශික කාන්තාවන් ද මෙරට රැකියාවල නිරතවෙති. ඒ රැකියා බොහොමයක් ලිංගික සේවා සපයන රැකියාවන් වීමෙන් ම විදෙස් කතුන් දෙස අප බොහෝ දෙනකු වපර ඇසින් දැකීමට පුරුදුව සිටිති. කොළඹ නගරයේ සෑම තැනම දැන් සම්බාහන ආයතන පිහිටා තිබේ. මේ බොහොමක විදෙස් කතුන් නේවාසිකව සිටින අතර ඇතැම් ස්ථානවල දී සම්බාහනයට වඩා අමතර ලිංගික සේවාවන් ලබාදීම ද සිදුකරයි. කොළඹ නගරයේ ඇතැම් වීදිවල රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද විදෙස් කතුන් තම සිරුර ගනුදෙනු කරුවෙකුට අළෙවි කර මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් සිටින ආකාරය දුලබ දසුනක් නොවේ. එවැනි කතුන් සොයන ගනුදෙනු කරුවෝ ද ඔවුන් ඉන්නා ඉසව් ගැන හොඳ අවබෝධයකින් පසුවෙති. එමෙන් ම මිතුරු හවුල් සහා ලිංගික සේවා සපයන වෙබ් අඩවි ඔස්සේ ද මෙරට පිරිමින්ට තම සිරුර අළෙවි කිරීමටත් සජීවීව කැමරාවක් ඉදිරිපිටට පැමිණ ඔවුන් පිනවීමටත් සූදානම් විදේශීය කාන්තාවෝ සම්බන්ධ කරගැනීමට හැකියාව ඇත. මේ කාන්තාවන් එවැනි දැන්වීම්වල සඳහන් කර ඇත්තේ තමන් රුසියාවෙන්, පිලිපීනයෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් පැමිණි අය බවයි. පුසගිය දිනක ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ අතර පොලිසිය කියා සිටියේ එතැන සම්බාහනයට අමතරව ගණිකා වෘත්තියේ නිරත විදෙස් කතුන් ද සිටි බවයි. මේ විදෙස් කාන්තාවන් මෙරටට පැමිණි ආකාරය ගැන සොයා බැලූ විට ඔවුන් සියල්ලෝ ම පැමිණ සිටියේ සංචාරක වීසාවලිනි. ඔවුන්ට මෙරට කිසිම ආකාරයක රැකියාවක නිරතවීම සඳහා අවසර තිබුණේ නැත. ''අපි ආවේ සංචාරක වීසාවලින්. අපි සම්බාහන මධ්‍යස්ථානයක වැඩ කළා. එහි හිමිකරුවා කිව්වා ආයතනය ආයුර්වේද මධ්‍යස්ථානයක් හැටියට රජයේ ලියාපදිංචි කරලා තියෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වීසා ඉල්ලුම් කරලා අපිට වැඩ කරන්න පුළුවන් විදියට වීසා හදලා දෙන්නම් කියලා. සති දෙක තුනකින් කරලා දෙන්නම් කියලා අපි කරන වැඩ වලින් සල්ලිත් කපා ගත්තා. නමුත් දැන් මාස ගණනක් ගත වෙලා මේ වීසා හදා දුන්නේ නැහැ. සම්බාහනය කරගන්න එන පිරිමි අපෙන් වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ලැබෙන ගාන අනුව ඉතින් අපිටත් පුළුවන් දේවල් කරනවා. " පිලිපීනයෙන් පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් පසු රජයේ නීතිඥවරියක් සමග එසේ කියා සිටියාය. ගාල්ල කොටුවේ නිවසක් මිලදී ගෙන එහි සංචාරක සේවා සපයන ලැගුම් හළක් පවත්වාගෙන යන විදේශික යුවලකි. ඔවුන් මෙසේ පැවසීය. ''අපි සංචාරක වීසා අරගෙන ශ්‍රී ලංකාවට එනවා. මේ ගේ මිලදී ගත්තේ සමාගමක නමකට. මේ සමාගමේ කොටස් අපිටත් තිබුණා. ශ්‍රී ලාංකිකයෙක් සමාගමේ සිටි නිසා නිවස මිලදී ගන්න පුළුවන් වුණා. දැන් එයා සමාගමෙන් ඉවත් වෙලා සම්පූර්ණ කොටස් අයිති අපි දෙන්නට. අපේ හෝටලේ වෙනුවෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. මේ වෙබ් අඩවියෙන් ගාල්ල කොටුව, ශ්‍රී ලංකාව සහ අපේ හෝටලය ගැන දැනගන්නා විදෙස් රටවල අය ඔන්ලයින් ම අපිට ගෙවලා රූම්ස් බුක් කරනවා. අපි හොඳ ශ්‍රී ලාංකීය කළමනාකරුවෙක් පත්කරලා ඉන්නවා. එයා හෝටලේ වැඩ සියල්ල කරනවා. අපි දෙන්නා වරින් වර විශේෂයෙන් ම සංචාරකයන් වැඩිපුර එන කාලයේ දී සංචාරක වීසා අරගෙන ලංකාවට ඇවිත් ආපහු යනවා. ව්‍යාපාරය හොඳට කරනවා." සංචාරක වීසාවලින් මෙරට පැමිණ ව්‍යාපාර හිමිකරගෙන සිටින ඔවුන් පවසන්නේ එවැනි කතාවකි. ''මේ හෝටලේ මගේ. කිසිම සුද්දෙක් මේකට ආයෝජනය කළේ නැහැ. ඒත් මම නිතරම සුද්දෝ සහ සුද්දියෝ මේ හෝටලයේ වැඩට ගන්නවා. ඒ අය මාස හයක් විතර මෙහේ වැඩ කරනවා. සුදු හම තියෙන කොට අනිත් සුද්දෝ සුද්දියෝ මගේ හෝටලයට එන්න කැමතියි. මගේ හෝටලේ වැඩකරන අය ඉන්නේ තනිකරම සංචාරක වීසාවලින්. හෝටලේ වැටලුවොත් ඒ අය කියන්නේ මේ දවස්වල හෝටලයේ නැවතිලා ඉන්නවා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රධාන කෝකියාත් සුද්දෙක්. ස්පා එක භාරව ඉන්නේ සුද්දියක්. " උණවටුනේ සංචාරක හෝටලක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු එසේ පැවසුවේය. මෙරටට අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසු සිසුවියන් ඒ සඳහා අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව අදාල පාඨාමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ බවට ලේඛන ඉදිරිපත් කර වීසා අයදුම් කළ යුතුය. ආගමික පදනම යටතේ මෙරටට යම් විදේශික පුද්ගලකු පැමිණෙන්නේ නම් අදාල ආගමික අමාත්‍යාංශයෙන් ලැබූ අනුමැතියක් යටතේ වීසා අයදුම් කළ යුතු වේ. රැකියා සඳහා වීසා ඉල්ලුම් කරන්නේ නම් ආකාර කිහිපයක් තිබේ. විදේශීය ආයෝජකයකු ලෙස පැමිණෙන්නේ නම් ඇමෙරිකානු ඩොලර් 250,000ක හෝ පරිවර්ථනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ හා සමාන මුදලක් අවම වශයෙන් මෙරටට ගෙනවිත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක විශේෂ ගිනුමක තැනපත් කළ යුතුය. ආයෝජකයා සමග එන යැපෙන්නකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 35,000ක් බැගින් වූ අතිරේක මුදලක් තැන්පත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ පදිංචිවීමට අපේක්ෂා කරන වෘත්තිකයකු නම් තමන් සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2000ක් ද භාර්යාව හෝ සැමියා ඇතුළු යැපෙන්නන් වෙනුවේන එක් අයකුට මසකසට ඇමෙරිකානු ඩොලර් 1000ක් ද ජීවන වියදම් වශයෙන් බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය. වීසා ලැබෙන්නේ එවිටය. ශ්‍රී ලංකාවට රැකියා සඳහා පැමිණෙන ඕනෑම අයකු ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවයේ යෙදීම හෝ රජයෙන් අනුමත ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා යොමුවිය යුතුය. ඔවුන්ට වීසා නිකුත් කරනු ලැබේ. නැතිනම් බැංකුවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට වීසා ලබා ගැනීමේ පහසුකම හිමිවේ. ස්වේච්ඡා සේවය සඳහා පැමිණෙන පුද්ගලයන්ට ද, රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්ත පුද්ගලයන්ට ද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යටතේ ඇති ආයතනවල සහ සංවිධානවල සේවයේ යෙදෙන පුද්ගලයන්ට සහ පෞද්ගලික සමාගමක සේවයේ නිරත පුද්ගලයන්ට මෙරට රැඳී සිටිමින් රැකියාවේ නිරතවීම සදහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙයි. මෙලෙස රැකියා සඳහා සුදුසුකම් ලැබීමට නම් අදාල විදේශිකයා තමන් නියෝජනය කරන ව්‍යාපෘතිය හෝ ආයතනය හරහා එම විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරිදි වීසා අයදුම් කළ යුතුය. නමුත් එවැනි වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයන් සංඛ්‍යාව කොතෙක් දැයි කිසිවෙකුත් දන්නේ නැත. මේ පිළිබඳ හික්කඩුව ප්‍රදේශයෙන් නැගෙන චෝදනාවක් වන්නේ සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පෙට්ටිකඩ පවත්වාගෙන යාම සඳහා ද සමාගම් ලියාපදිංචිය ලබා දී ඇති බවයි. ඔවුන් තම හිතුමතයට මෙරට ව්‍යාපාර කර සියලු ලාභය රට පටවන බවට ද චෝදනාවක් තිබේ. මෙවැනි ස්ථාන පවත්වාගෙන යන සංචාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය විට ඔවුන් සමාගම් ලියාපදිංචිය තිබෙන බව පෙන්වමින් දැඩි විරෝධයක් දක්වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි හා නිරීක්ෂණ අංශය පවසයි. මෙලෙස විදේශිකයන්ට සමාගම් ලියාපදිංචිය ලබාදීම පිළිබඳ විමසූ විට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තනේතුව පවසන්නේ සමාගම් ලියාපදිංචි කිරීමේ දී සංචාරකයාගේ වීසා කාලය පිළිබඳ අවධානය යොමු කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. මෙරට සහ පිටරට ලිපිනයත්, ආයෝජනය කිරීමේ හැකියාවත්, ආයෝජන මණ්ඩලයේ අනුමත සහතිකයත් පමණක් සැළකිල්ලට ගන්නා බව එහි නිලධාරීහු පවසති. මෙරට නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක (නීති) සහ මාධ්‍ය ප්‍රකාශක බී.ජී.ජී.මිලින්ද මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. ''අපි වීසා ලබාදීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සංචාරක වීසාවලින් ඇවිත් මෙරට රැඳී සිටිමින් රැකියාවල නිරතවන්න දෙන්නේ නැහැ. නමුත් මෙරටට පැමිණෙන සංචාරකයන් ඔවුන් පැමිණියාට පසු තවදුරටත් රැකියා කරමින් රැඳී සිටින්න අදාල අමාත්‍යාංශ සහ ව්‍යාපෘති හරහා වීසා අයදුම් කළ විට සුදුසුකම් පරීක්ෂා කර බලා අපි ඔවුන්ට වීසා නිකුත් කරනවා. අනවසරයෙන් සිටින අය වැටලීම් කර අත්අඩංගුවට අරගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කරනවා. මෙය දිගින් දිගටම සිදුකරන කාර්යයක්. නමුත් අපි දන්නවා විශාල පිරිසක් මෙලෙස අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. ඒ අය ගැන තොරතුරු ලැබුණාම සහ ඔවුන් ගැන සොයා බලා සැක සිතෙන ආකාරයට අපි වැටලීම් කරනවා." ඔහු පවසන්නේ සම්බාහන ආයතන ඇතුළු ලිංගික සේවා සපයන ආයතන සඳහා විදෙස් කාන්තාවන්ගේ සේවය ලබා ගැනීමට වීසා නිකුත් කිරීමක් මෙරට කිසිදු ආකාරයකින් සිදු නොවන බවයි. එසේ වුව ද රට පුරාම එවැනි මධ්‍යස්ථානවල විදේශික කාන්තාවන් ලිංගික සේවා සපයමින් රැඳී සිටින බව මිලින්ද මහතා පිළිගන්නා කරුණකි. ''සම්බාහන මධ්‍යස්ථානවල සේවය කිරීම සහ ලිංගික සේවා සැපයීම දෙකම වීසා නීති උල්ලංඝනය කිරීමක් පමණක් නොවෙයි මෙරට සාමාන්‍ය නීතිය ද උල්ලංඝනය කිරීමක්. අපට පමණක් නොවෙයි පොලීසියටත් ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකියි. කෙසේ වුණත් මෙවැනි කාන්තාවන් මෙරට ඉන්නවා. වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ලිංගික සේවා සපයන වෙබ් අඩවි අපි පරීක්ෂාකර බලා එවැනි කාන්තාවන් සොයා මාසයකට වැටලීම් පහක් හයක් පමණ ක්‍රියාත්මක කරනවා." මෙවැනි කාන්තාවන් අතරින් ඇතැම් අය සතුව රැකියාවේ නිරතවීම සඳහා වීසා හිමිකම තිබේ. ඔවුන්ට එය ලැබී ඇත්තේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලැබූ ආයුර්වේද ශාලා, ආයුර්වේද මධ්‍යස්ථාන සහ ඖෂධ නිෂ්පාදන ආයන හරහාය. නිකුත් කර ඇත්තේ ද ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසිනි. නමුත් ඔවුන් කරන්නේ වෙනත් රාජකාරියකි. පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමෙන්තුව කියා සිටියේ ආගමික ප්‍රචාර සඳහා පැමිණෙන බව පවසමින් ආ ඉස්ලාම් ආගමිකයන් විශාල පිරිසක් නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක පාසල්වල පවා උගන්වමින් සිටින බවයි. මොවුන් අන්තවාදී ආගමික අදහස් පතුරුවන බව ද එවකට රජය පැවසූ අතර ඔවුන් හැකි ඉක්මණින් පිටුවහල් කරන බව ද නිවේදනය කළේය. මේ ගැන විමසූ විට මිලින්ද මහතා මෙසේ කීවේය. ''ආගමික පූජකවරුන්ට මේ රටට පැමිණීමට වීසා ලබා දෙන්නේ ඒ ඒ ආගම් සඳහා ඇති අමාත්‍යාංශ හරහා. මේ අය මෙරට රැඳී සිටින්නේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් නිර්දේශය අනුව අපි දුන් වීසා බලපත්‍රවලින්. අපි ඔවුන්ට උපදෙස් දුන්නා නැවත සිය රටට යාමට කටයුතු කරන ලෙස ඒ ඒ අමාත්‍යාංශවලින් ලබාදුන් නිර්දේශයට එරෙහිව අපට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. " මෙහි ගැටලුවක් තිබෙන බව ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය, සංචාරක අමාත්‍යාංය, මුසිලිම් කටයුතු අමාත්‍යාංශය, හින්දු කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංය, කුඩා කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා මෙරට රැඳී සිටීමට විදේශිකයන්ට වීසා ලබාදෙන්න යැයි නිතර නිතර නිර්දේශ නිකුත් කරයි. වංචාව සිදුවන්නේ මෙතැනිනි. ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නිසි පරිදි වීසා නොලැබෙන ඕනෑම විදේශිකයකුට අත්පිට මුදලට වීසා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. හිතවත් විදේශිකයන් කිහිප දෙනෙකුට වීසා ලබාගත යුතුයැයි පවසමින් අපි එලෙස වීසා ලබාදීමට උදව්කරන තැරැව්කරුවන් කිහිප දෙනකු හමුවීමු. ''වැඩේ සිම්පල්, කවුද මසාජ් කෑල්ලක් නම් ඉතින් ලක්ෂයකින් විතර කරල දෙන්නම්. වෙන හොඳ රස්සාවක් කරන කෙනෙක් නම් ලක්ෂ එකහමාරක් විතර ඕනෑ. " ඒ ඔවුන්ගේ ගණන් පැවසීමයි. මසාජ් කාන්තාවක් නම් වෙනත් අවශ්‍යතාවක් ද ඉටුකර ගැනීමට හැකියාව ඇත්දැයි ඔවුන් කෙලින්ම අසයි. ''අපි ඕනම අමාත්‍යාංශයකින් ලියුම් අරගෙන වීසා ඔෆිස් එකට ගිහින් වැඩේ කරලා අතටම අරගෙන එන්නම්. ඕන කරන්නේ රුපියල් 50,000 කුයි අර කෙනාගේ පාස්පෝර්ට් කොපි එකයි විතරයි. වීසා ඔෆිස් එකට යන දවසට ඔර්ජිනල් පාස්පෝරට් එකයි ඉතුරු සල්ලියි දෙන්නකෝ. එදා හවසම වැඩේ ටක්කෙටම හරි යනවා." තැරැව් කරුවෝ කතා කරන්නේ තමන් ආගමන විගමන පාලක මෙනි. නමුත් ඔවුන් ම කියන්නේ තමන්ට මේ වීසා සඳහා අවශ්‍යවන අමාත්‍යාංශවල සම්බන්ධතාවක් තිබෙන බවයි. එම අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ නිර්දේශ ලිපිය ලබාගැනීමට අමාත්‍යාංශය ඇතුළේ පුද්ගලයකුට රුපියල් 50,000ක් ගෙවන බවත් ඒ ලිපිය රැගෙන ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට මුදලක් දී වීසා සකස් කරගන්නා බවත් ඔවුහු කියති. මේ ගැන මිලින්ද මහතා පවසන්නේ මෙවැනි කතාවකි. ''අපි මේ ජාවාරම ගැන දන්නේ නැහැ. අපි සෘජුව වීසා නිකුත් කරන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයා මෙරට සිටීමට බලපාන හේතුව තියෙන විෂයට අදාල අමාත්‍යාංශයෙන් ලිඛිත නිර්දේශයක් අපිට අවශ්‍යයි. මේ ලිඛිත නිර්දේශය ඔවුන් කාට හෝ සල්ලි ගෙවා අරගන්නවා ද කියා අපි දන්නේ නැහැ. ඉතා සීමිත අමාත්‍යාංශ ගණනකින් නිර්දේශ ලිපි ලැබෙන නිසා අපි ඒ ඒ අමාත්‍යාංශයේ ලිපිය සකස්කරන ආකාරය, ලිපි ශීර්ෂය, ඇමතිවරයාගේ හෝ ලේකම්වරයාගේ අත්සන, එය යොමුකරන ආකාරය යන සියල්ල ගැන හොද අවබෝධයකින් ඉන්නවා. අනික ලිපියක් ගෙනත්දුන් පළියට අපි වීසා නිකුත් කරන්නේ නැහැ. වීසා දෙන්නම් මේ ලිපියට අමතරව ඒ ඒ පුද්ගලයා වීසා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සල්ලි දීලා මේ වැඩේ කරගන්න පුළුවන් කියා කවුරු හරි කියනවානම් ඒක ලොකු බොරුවක්. එහෙම වීසා ගන්න කාටවත් බැහැ. අනික මේ වගේ තැරැව්කරුවන් පැමිණියත් අපි තොග පිටින් වීසා නිකුත් කරන්නේ නැහැ. " ඔහු එසේ කීව ද මෙම ලේඛකයා මිලින්ද මහතා හමුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගොස් සිටිය දී වීසා ලබාගන්නා ස්ථානයේ සිටි කාන්තාවක් පාර්ස්පෝට් තොගයක් සඳහා වීසා ලබාගත්තාය. ඇය සතුව පාර්ස්පෝර්ට 18ක් තිබිණි. ඇයට පාර්ස්පෝර්ට් තොගයකට වීසා නිකුත් කළේ කෙසේ දැයි අප දන්නේ නැත. ඔනෑම පුද්ලයකු මේ රටට ඇතුලුවන විට ඔහු හෝ අය රටට ඇතුළු වූ බව පරිගණක පද්ධතියකට ඇතුළත් කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව ද නැවත රටින් පිටවිය යුතු දිනය ද සටහන් කිරීම ඉතාමත් සරල කාරණයකි. ඉන් පසු ඔහු හෝ ඇය යළි මෙරටින් පිටතට යන විට එම දත්ත පද්ධතියේම පිටව ගිය බව සටහන් තැබීම ද අපහසු නොවේ. එලෙස දත්ත පද්ධිතියක් නඩත්තු කරන්නේ නම් මෙරටට පැමිණි පුද්ගලයන් පිටව ගියා ද තවදුරටත් රැඳී සිටිනවා ද යන්න සොයා ගැනීම අපහසු කරුණක් ද නොවේ. නමුත් තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක ශ්‍රී ලංකාව සතුව තවමත් එවැනි දත්ත පද්ධතියක් නැත. ''අපිට දත්ත තිබෙනවා. කෙනෙක් ශ්‍රී ලංකාවට ඇතුළු වුණාම ඒ බව සටහන් කරනවා. නමුත් අවශ්‍ය ඕනෑම වෙලාවක පිටව ගියා ද කියා සොයා බැලිය හැකිවන්නේ ඇතුළු වූ සංඛ්‍යාව හා පිටව ගිය සංඛ්‍යාව පමණයි. එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට පිටව ගිය නොගිය බව හඳුනාගත හැකි දත්ත පද්ධතියක් තවමත් නැහැ. එවැන්නක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අනාගතයේ දී කෙනේක ලංකාවට ඇතුළු වූ තැන් පටන් නවතින හෝටලයේ සිට ඔහු යෙදෙන කාර්යයන් දක්වාම නිරීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් බුද්ධි අංශ ද සමග එක්ව සකස් කිරීම කළ යුතුයි. " ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දැක්වූ මිලින්ද මහතා එසේ පැවසීය. දැනටත් මෙරටට පැමිණි හා පිටව ගිය සංචාරකයන් සංඛ්‍යාව පිළිබඳ දත්ත තිබුණ ද මෙරට රැඳී සිටින හොර වීසා ලැබූ සංචාරකයන් ගැන නිශ්චිත සංඛ්‍යාලේඛනයක් නැත. හොරෙන් මෙරට රැඳී සිටිමින් ලොව පැරණිතම රැකියාවේ පටන් පරිගණක මෘදුකාංග භාවිතයෙන් බැංකු කොල්කෑම දක්වා සියලු දේ කරන විදේශිකයන් බුරුතු පිටින් මෙරට සිටින බව සියල්ලෝ ම දනිති. නමුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රමාණවත් නැත. -සජීව සටහන් . [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom