Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ සේවයේ නව තනතුරු ඇමැති දූ පුතුන්ට…?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩුවලින් හරි අඩක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

කිසිදු තරග විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව මෙසේ රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් බඳවා ගැනීමට යන්නේ විවෘත තරග විභාගයකින් ඉහළ සාමාර්ථ ලබාගත් අයැදුම්කරුවන් 117 දෙනෙක් සිටියදීය.

2021.04.09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද මුහුණදීමට ඔවුන්ට සිදුවුහ.

විභාගයේ දෙවැනි කොටසට මුහුණදීමට අවස්ථාව හිමිව තිබුණේ පළමු අදියර සමත්වූ විභාග අපේක්ෂකයන්ට පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මෙකී තරග විභාගයේදී පළමු අදියර ලෙස බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ප්‍රශ්න පත්‍රයක්ද, දෙවැනි අදියර යටතේ ලෝක තතු 1 සහ 2 ද, සාරාංශකරණය මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා පරිචයක් මැන බලන භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රයකටද මුහුණදීමට එම අපේක්ෂකයන්ට සිදුවිය.

මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන ඇත්තේ 20 ක පිරිසක් පමණි.

දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් තිබේ. සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු ප්‍රමාණයම අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසති.

මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු තවත් ආකර්ෂණීය දීමනා රැසක් නිසා බවත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකම මෙන්ම විවිධ වරප්‍රසාද රැසක්ද හේතුවෙන්ය.

මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී විදේශ සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බවද ප්රකටය.

[QUOTE="SLK_sri, post: 29841452, member: 569192"] ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩුවලින් හරි අඩක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ. කිසිදු තරග විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව මෙසේ රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් බඳවා ගැනීමට යන්නේ විවෘත තරග විභාගයකින් ඉහළ සාමාර්ථ ලබාගත් අයැදුම්කරුවන් 117 දෙනෙක් සිටියදීය. 2021.04.09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද මුහුණදීමට ඔවුන්ට සිදුවුහ. විභාගයේ දෙවැනි කොටසට මුහුණදීමට අවස්ථාව හිමිව තිබුණේ පළමු අදියර සමත්වූ විභාග අපේක්ෂකයන්ට පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මෙකී තරග විභාගයේදී පළමු අදියර ලෙස බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ප්‍රශ්න පත්‍රයක්ද, දෙවැනි අදියර යටතේ ලෝක තතු 1 සහ 2 ද, සාරාංශකරණය මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා පරිචයක් මැන බලන භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රයකටද මුහුණදීමට එම අපේක්ෂකයන්ට සිදුවිය. මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන ඇත්තේ 20 ක පිරිසක් පමණි. දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් තිබේ. සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු ප්‍රමාණයම අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසති. මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු තවත් ආකර්ෂණීය දීමනා රැසක් නිසා බවත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකම මෙන්ම විවිධ වරප්‍රසාද රැසක්ද හේතුවෙන්ය. මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී විදේශ සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බවද ප්රකටය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom