හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තැබූ සටහනක්
මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලබන අඛණ්ඩ පරාජයන් හා ඔවුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධව ද දැඩි කතා බහට ලක්වීම සිදුවේ.ක්‍රිකට් වේවා පාපන්දු වේවා මලල ක්‍රීඩා වේවා ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව පුහුණුකරුවන් ,නිලධාරීන් විනිසුරුවන් මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද විනය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතු වීම පරම සත්‍යයකි.
සාමාන්‍යයෙන් ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ පවත්වන ක්‍රීඩා තරග වලදී මෙන්ම ජාත්‍යන්තර පිටි වල ප්‍රේක්ෂකයන් දස දහස් ගණනක් ඉදිරියේ මෙන්ම රූපවාහිනිය මඟින් මිලියන ගණනක ප්‍රේක්ෂකයන් නරඹන ක්‍රීඩා තරග වලදී වුවද විනය ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යාම එම ක්‍රීඩා ඉසව්වට සම්බන්ධ වන සැමගේ ප්‍රධානම යුතුකමකි .එහෙත් මෙම තත්වය අද වන විට ඉරිතලා ගොස් නායයාමට ලක්ව තිබෙන බව වාර්තාවන සිදුවීම් ඇසුරෙන් අපට මැනවින් පැහැදිලි වන කරුණකි.
ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස මම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නියෝජනය කරමින් අවස්ථා රැසක ශ්‍රී ලංකා ජාතික පිරිමි මෙන්ම කාන්තාද ගෘහස්ථ මෙන්ම වෙරළ වොලිබෝල් කණ්ඩායම් ද සමඟ විදේශීය තරගාවලි රැසකට සහභාගි වී සිටීමි.මෙම ක්‍රීඩා තරගවලදී කණ්ඩායම් කළමනාකරු තනතුරට අමතරව 2010 වර්ෂය ඕමානයේ මස්කට් නුවර පවත්වන ලද දෙවන ආසියාතික වෙරළ තරගාවලියේ සමස්ත කණ්ඩායම් ප්‍රධානි ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රයේ මා ලද ඉහළම තනතුර ලෙස සඳහන් කලහැක. මේ සෑම අවස්ථාවකදීම කණ්ඩායම් වල ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම විනය ද ඉතා ඉහළ මට්ටමක රඳවා ගැනීමට මම සෑම විටම කටයුතු කළ අතර දැඩි විනය පාලකයකු වීම හේතුවෙන් සමහර අවස්ථාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම නිදහස අහිමි කරන්නට මාන බලන පොලිස් කාරයෙකු ලෙස මා විවේචනය කළ අවස්ථාද මගේ ක්‍රීඩා පරිපාලන ඉතිහාසය තුළ විරළ නොවේ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම රටක් ලෙස ජාත්‍යන්තරය නියෝජනය කිරීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට ඉදිරියෙන් රටේ ගෞරවය සෑම විටම ආරක්ෂා කිරීම මගේ එකම අභිලාෂය විය මේ හේතුවෙන් මා කළමනාකරු ලෙස කටයුතු කළ කිසිදු ජාත්‍යන්තර තරගාවලින්ට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකු ඉතා සුළු හෝ විනය චෝදනාවකට ලක් නොවන ලෙස කටයුතු කිරීමට හැකි වීම මා ලද ජයග්‍රහණයක් ලෙස අදටත් සලකමි.
2011 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පවත්වන ලද ජාත්‍යන්තර සීමිත ඕවර ලෝක ශුරතා තරගාවලියේදි පකිස්ථාන් නවසීලන්ත හා සිම්බාබ්වේ කණ්ඩායම් වල ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය මා වෙත පැවරුණු රාජකාරියක් විය. මෙම කණ්ඩායම් තුනේම ආරක්ෂාව සඳහා සෑම කණ්ඩායමක්ම භාරව සහකාර පොලිස් අධිකාරී වරයෙකු ගේ නායකත්වයෙන් යුත් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සිටි අතර ඒ සෑම කටයුත්තක්ම සම්බන්ධීකරණය කර කණ්ඩායම් වල ආරක්ෂාව තහවුරු කිරීම එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයකු ලෙස කටයුතු කළ මා වෙත පැවරුණු ප්‍රමුඛ කාර්යය විය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති කණ්ඩායම් තරඟ සඳහා ඉහතින් සඳහන් කළ කණ්ඩායම් තුනම කොළඹ සිට විශේෂිත ආරක්ෂාවක් යටතේ බස්රථ මගින් මහනුවරට ගමන්ගත් අතර කණ්ඩායම් නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලය වෙන්කර තිබෙන ලදී.කණ්ඩායම් තුන සමඟ ඔවුන්ගේ පුහුණුකරුවන් ,කණ්ඩායම් භාර නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ද හෝටලය ම නවාතැන් ගෙන සිටි අතර මා නැවතී සිටි මහවැලි ගඟ අද්දර පිහිටි කාමරයේ වම් සහ දකුණු අසල්වැසියන් ලෙස නැවතී සිටියේ නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෝන් රීඩ් මහත සහ පාකිස්ථානු වේගපන්දු පුහුණුකරු වූ ලොව විශිෂ්ටතම ක්‍රිකට් ප්‍රේක්ෂකයා ලෙස නමක් දිනා සිටින පර්සි අබේසේකර හඳුන්වන ආකාරයට “වකා උඹ යකා” ලෙස හඳුන්වනු ලබන වකාර් යූනුස්ය.
ඒ දිනවල මේ දෙදෙනා සහ මා අතර දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගී තිබු අතර ජෝන් රීඩ් මහතා මෑතක් වනතුරුම විද්‍යුත් තැපෑල ඔස්සේ මා සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම සිදු කරන ලදී.ඔහු විසින් මා වෙත තිළිණ කළ නවසීලන්ත කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම ඉතා වටිනා සිහිවටනයක් ලෙස මම අදටත් සුරකිමි.
මහවැලි රීච් හෝටලයට කණ්ඩායම් පැමිණි මුල්ම දිනයේ එම කණ්ඩායම් තුනෙහිම ආරක්ෂාව භාරව සිටින නිලධාරීන් මුණගැසී පූර්ව ආරක්ෂක කටයුතු සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම මවිසින් සිදුකළ අතර නවසීලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් වල ආරක්ෂක කටයුතු සඳහා වෙනම නිලධාරියෙකු පත් කර නොසිටි අතර එම කාර්යය ද කණ්ඩායම් කළමනාකරු වෙතම පවරා තිබෙන ලදී. එහෙත් පාකිස්ථාන් කණ්ඩායමේ ආරක්ෂාව භාරව පකිස්තාන යුද හමුදාවේ විශ්‍රාමික මේජර් වරයෙකු කටයුතු කළ අතර ඔහු නමින් “මේජර් මලීක්” විය .ආරක්ෂාව සම්බන්ධව සාකච්ඡා කිරීමේදී නවසීලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට ආරක්ෂාවට අදාල විශේෂිත කරුණු සඳහන් කිරීමට කිසිවක් නොවූ නමුත් පාකිස්තානු කණ්ඩායම භාරව සිටි මේජර් මලීක් හෝටලයේ තුළදී මෙන්ම හෝටලෙන් බැහැරට ගමන් කිරීමේදී කණ්ඩායම වෙත සැපයිය යුතු ආරක්ෂාව,විශේෂයෙන්ම ක්‍රීඩකයන් මුණ ගැසීමට පැමිණෙන පිටස්තර පුද්ගලයන් සීමා කිරීමේ කටයුතු, සම්බන්ධව මා සමග ඉතා දීර්ඝව සාකච්ඡා කළ අතර අනවසරයෙන් හෝටලයෙන් බැහැරට යාමේ වැඩි ප්‍රවණතාවයකින් යුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කිරීමට ද ඔහු අතපසු නොකල අතර . එම ක්‍රීඩකයන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකික ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස ඔහු වැඩිදුරටත් මාගෙන් ඉල්ලා සිටි අතර එම වකවානුවේ ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ මුදලට තරඟ පාවාදීම සම්බන්ධව ඔහු වෙත පකිස්තානු බුද්ධි අංශ විසින් සපයා තිබූ තොරතුරු අනුව විශේෂයෙන් ඇස ගසා ගෙන සිටිය යුතු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක්ද මාඅතට පත් කිරීමට ඔහු අමතක නොකළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නියමිත තරගආරම්භය සුපුරුදු පරිදි සිදු වූ අතර ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවකින් තොරව සියලු කටයුතු සාමාන්‍ය අන්දමින් කෙරීගෙන යමින් පැවතිණි .හෝටලේ පිහිටා තිබූ පස්මහල් ගොඩනැගිල්ලේ මහල් තුනක් පිළිවෙලින් පකිස්තානු සිම්බාබ්වේ සහ නවසීලන්ත ක්‍රීඩකයන් සඳහා වෙන් කර තිබූ අතර මෙම කොටසේ ක්‍රීඩකයන් සමඟ නිලධාරීන් කොටසක්ද නැවතී සිටින ලදී. කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් කළමනාකාරවරු ඇතුළු අනෙක් නිලධාරීන් මෙම ගොඩනැගිල්ලට බාහිරව මහවැලි ගඟ අසල පිහිටා තිබූ ගොඩනැගිල්ලේ කාමර වල නවාතැන් ගෙන සිටියහ .සියලුම ක්‍රීඩකයන් සහ නිලධාරීන් සඳහා හෝටලයේ ප්‍රධාන ශාලාවේ බුෆේ ක්‍රමයට උදේ දවල් සහ රාත්‍රී ආහාර සපයනු ලැබූ අතර අමතර ආහාර ලබා ගැනීම සඳහා වෙනම අවන්හලක් ද විවෘත කර තබන ලදී. ක්‍රීඩා කණ්ඩායම් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ල සඳහා ඇමති ආරක්ෂක අංශය විසින් පූර්ණ ආරක්ෂාව සපයනු ලැබූ අතර හෝටලයේ පිටත වළල්ලේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අවි වලින් සන්නද්ධව යෙදවීම සිදු කරන ලදී හෝටලයට පැමිණෙන සියලුම අමුත්තන් පරික්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ විශේෂ පුද්ගල සහ වාහන පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා සිටි අතර කිසිදු පුද්ගලයෙකුට අවසරයකින් තොරව හෝටලයට ඇතුළු වීමේ සියලු ඉඩ අහුරා තැබීමට මෙම විශේෂ ආරක්ෂක බලකා නිලධාරි සමත්ව සිටින ලදී. හෝටලේ පස් මහල් ගොඩනැගිල්ලේ ඉහලම මහල 2 සමාන්‍ය සංචාරකයින් සඳහා වෙන්කෙරනු අතර සියලුම මහල් සඳහා ගමන් කිරීමට තිබූ විදුලි සෝපාන දෙක ඇමති ආරක්ෂක අංශය විශේෂ නිලධාරීන් යොදවා ආරක්ෂිත ලෙස සකස් කිරීම සිදුවිය හතරවන සහ පස්වන මහලේ නැවතී සිටින සියළුම සියලුම අමුත්තන්ගේ විස්තරාත්මක වාර්තාවක් මා විසින් ලබා ගනු ලැබූ අතර කුමන හේතුවක් නිසා හෝ් බාහිර පාර්ශවයන්ට ක්‍රීඩකයින් නැවතී සිටින කොටසට ඇතුළුවීමට නොහැකි වන ලෙස ආරක්ෂක විධිවිධාන වඩාත් පර කර තිබිණි.සියලු ආරක්ෂක විධිවිධාන මැනවින් ක්‍රියාත්මක වෙිද යන්න ම විසින් වරින් වර පරික්ෂා කිරීම අඛණ්ඩව සිදු කරන ලදී .
පල්ලෙකැලේ තරග ආරම්භ වී තුන්වන දිනයේ මධ්‍යම රාත්‍රියේ හෝටලය අමුත්තන් පිළිගැනීමේ ස්ථානයේ සේවය කළ සේවකයා මා ඇමතූ අතර ඔහුගේ දැනුම් දීම වූයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කෙලින්ම හෝටලයට පැමිණි තරුණියක් කලින් කරන ලද වෙන්කිරීමක් අනුව පස් වන මහලේ කාමරයක් වෙන් කරගෙන ඇති බවත් Mr.ලෙස පිරිමි නමකින් කාමර වෙන් කිරීම සිදු කර ඇතත් කාමරයේ නවාතැන් ගැනීම සඳහා පැමිණි සිටින තැනැත්තා ඉන්දියානු ජාතික තරුණියක් බවත්ය. අමුත්තාගේ සියලු විස්තර ලබාගෙන මා වෙත ඉක්මනින් එවන ලෙසට හෝටල් සේවකයාට මා විසින් උපදෙස් දෙනු ලැබූ අතර මෙම තොරතුරු ප්‍රධාන ගොඩනැගිල්ලේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙල්වල වෙත ප්‍රමාදයකින් තොරව දැනුම් දීමට ද මවිසින් කටයුතු කරන ලදී මෙම සිදුවීම මාර්තු මස 8 වන දින රාත්‍රියේ සිදු වූ අතර මෙදින සවස් කාලයේ පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවති තරගයේ දී නවසීලන්තෙ තරුණ ක්‍රීඩක රෝස් ටේලර්ගේ දැඩි ප්‍ිති ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් පකිස්තානු පන්දුයවන්නන් ඉතා අසරණව සිටි අතර තරගය පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් ව සිටියේය මෙදින විශේෂිත දිනයක් වූයේ මෙම ජයග්‍රහණය රෝස් ටේලර් වෙත උපන් දින ත්‍යාගයක් ලෙස පිරිනමනු ලැබීමට නවසීලන්ත කණ්ඩායම කටයුතු කිරීමයි. මාර්තු 9 වන දින කිසිදු කණ්ඩායමක් සඳහා තරග පැවැත්වීමත් සිදු නොවුණු අතර මෙම දිනය කණ්ඩායම් තුනේම ක්‍රීඩකයින් සඳහා පුහුණු සැසි පැවැත්වීමට ස්ථාන තුනක් වෙන් කර තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් කටයුතු කර තිබිණි. මේ අනුව පකිස්ථාන කණ්ඩායම අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගනය පුහුණුවීම් කටයුතු සඳහා පිටව යන බව මේජර් මලික් විසින් මා වෙත කලින්ම දැනුම් දුන් අතර මෙම පුහුණු වීම අවශ්‍ය ක්‍රීඩකයින්ට පමණක් සහභාගි විය හැකි පුහුණුවක් හෙවත් “Optional Training” එකක් බැවින් සමහර ක්‍රීඩකයින් පුහුණුවට සහභාගි නොවී හෝටලය ම රැඳී සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ සැලකිලිමත් වන ලෙස මේජර් මලින් වැඩි දුරටත් මගෙන් ඉල්ලා සිටින ලදී
පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් ඉතා මිත්‍රශීලී පුද්ගලයන් විය ඒ අතරිනුත් නායක සහීඩ් අෆ්රිඩි ඉතාමත්ම මිත්‍රශීලී ලෙස සාමාන්‍ය පුද්ගලයන් සමග ගනුදෙනු කළේය
මෙම කණ්ඩායමේ සිටි ආඩම්බරකාරිම ක්‍රීඩකයා ලෙස සැලකුණේ rawalpindi express ලෙසින් ක්‍රිකට් ලෝකය අනවර්ථ නමක් දිනා සිටින වේග පන්දු යවන ක්‍රීඩක සොහීබ් අක්තාර්ය ඔහු කිසිවෙකු සමඟ වැඩි කතා බහක් නොමැති තරමක් අහංකාර ක්‍රීඩකයෙකු වූ අතර පාකිස්තානු කණ්ඩායම පුහුණුව සඳහා පිටව යාමෙන් පසුවත් අක්තාර් හෝටලේ පිහිනුම් තටාකය අසල පුටුවකට බරදී හුදකලාවේ සිටිනවා මා විසින් දක්නා ලදී .මෙතෙක් ලෝකය ක්‍රිකට් ක්‍රීඩාවකදී යවන ලද වේගවත්ම පන්දුව යැවීමේ වාර්තාව ෂොයිබ් අක්තාර් සතු වන අතර එය පැයකට කිලෝමීටර් 160.8 ක වේගයකි.