Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::විපස්සනා::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක්ස් , අන්ද භක්තිය කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.

ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.

බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!

බුද්ධාගමේ හැටියට හැමකෙනෙකුම ශීල, සමාධි, පඤ්ඤා යන තුන් දහම් පිරිය යුතුය. අඩුම ගණනේ ගිහියා පන්සිල්වත් රැක්ක යුතුය. භික්ෂූන් විසින් ප්රාතිමෝක්ෂ සංවර ශීලය රැක්ක යුතුය. මනාව සිල් රැක්ක තැනැත්තේ දෙව් මිනිස් සුගතියෙහි උපදනේය. එහෙත් මෙම ලෞකික ශීලය සත්වයා නරක ආදී සතර අපාය කෙරේ මුළුමනින් නවත්වන්නට සමත් නොවේ. එබැවින් ලෝකෝත්තර ශීලයද වැඩිය යුතුය. මෙය නම් මාර්ගඵල ශීලය යි. මේ මාර්ග ඵල ශීල පිරූ තැනැත්තේ සතර අපා දුකින් මිදුනාක් වෙයි. සසර ඉන්නා තුරු හෙතෙම සුගතිවලම හැසිරෙයි. එහෙයින් හැම තැනැත්තකුම ලෝකෝත්තර ශීලය පිරීමට උත්සාහවත් විය යුතුය.

මාර්ග ඵල ශීලය පමණක් නොව සමාධියද වැඩිය යුතුය. සමාධි නම් සිතේ තැන්පත් බවය. දමනය නොකළ සිත ඒ ඒ අරමුණු ඔස්සේ දිවැ ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය (සිත) රූපාදී අරමුණක් හෝ ධර්මාලම්භනයක් හෝ ඔස්සේ දුවයි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට, තෝරා ගත් අරමුණකම දිගටම සිත බැඳ තැබිය යුතුය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන්පත් වෙයි. එවිට දුන් අරමුණෙහිම සිත රැඳෙයි. මෙය සමාධිය යි.

සමාධි දෙවර්ගයකි. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙනි. මේ දෙකින් ආනාපාන, කසින, මෙත්තා ආදී කමටහන් අනුව සමථ භාවනාව වැඩීමෙන් සතර රූප ධ්‍යානත්, සතර අරූප ධ්‍යානත් ලබත හැකි වේ. මේවා වැඩීමෙන් බ්‍රහ්ම ලෝකයක උපදිත හැකිය. බඹලොව පරමායු බොහෝ දික්ය. එක් කල්පයක්, කල්ප දෙකක්, තුනක්, කල්ප හතරක්, අටක් යනාදී වශයෙන් වැඩිව ගොස් කල්ප අසූහාර දහසකටද නැගේ. එහෙත් පරමායුෂයේ අවසන බ්‍රහ්මයෙක් මැරී මිනිහෙක්ව හෝ දෙවියෙක්ව හෝ උපදී.

දැහැමි ලෙස ජීවත්වුවහොත් හැම කල්හිම සැපවත් වන්නේය. එහෙත් කෙලෙසුන්ගෙන් නොමිදුණු බැවින් නොයෙක් විට අකුසල්ද ඔහුගෙන් සිදුවන්නේය. එසේ වීමෙන් ඒ අකුසල්වල නපුරු විපාක වශයෙන් නරකාදී දුගතිවල උපදින්නේය. මේ ලෞකික සමාධිය ඒකාන්ත ආරක්ෂාවක් නොවේ. එබැවින් ලෝකෝත්තර සමාධියම වැඩිය යුතුය. එනම් මග්ග සමාධිය, ඵල සමාධිය දෙකයි. මේ දෙසමාධීන්ම වැඩීමට ප්‍රඥාව වැඩිය යුතුය.

ප්‍රඥාව ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. පරහිංසා ඇති නොකරන ධාර්මික ශිල්ප ශාස්ත්‍ර අතේ දැනීම ද, දහම් පොතපත අතේ මනා දැනීම ද යන මේ ශ්රැතමය ප්‍රඥාවද, කරුණු සිතා බැලීමෙන් ඇති වන චිත්තාමය ප්‍රඥාවද යන මාර්ග ඵල අවස්ථාවට නොමුහු කළ ලෞකික ප්‍රඥාව වැඩීමෙන් සුගති සැප ලබත හැකිය. එහෙත් මුළුමනින්ම අපාය දුකින් මිදුණකු විය නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව වැඩීමෙන්ම අපාය දුකින් සදහටම මිදෙත හැකි වෙයි.

ලෝකෝත්තර ප්‍රඥා යනු මාර්ග ඵල ප්‍රඥාය. මෙය ලැබීමට විපස්සනා භාවනාව වැඩිය යුතුය. මෙය හොඳටම වැඩුණු පසු සීල සමාධි දෙකද ඒ සමගම වැඩුණෝ වෙති.

මේ ප්‍රඥාව ලැබීම පිණිස කළ යුත්තේ නාම රූප දෙක ඇති සැටි ලෙස දැකීම දියුණු කිරීම ය. මේ කාලයෙහි භෞතික විද්‍යාව උගන්වන තැන්වල රූප ධර්මයන් යන්ත්‍ර උපකරණ මගින් බෙද බෙදා බැලීම කරනු ලැබේ. එහෙත් එයින් සිතේ තතු දත හැකි නොවේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට ඒ බාහිර උපකරණ වුවමනා නැත. බෞද්ධ ක්‍රමයෙන් සාර්ථක ලෙස නාම රූප දෙකම බෙදා බලත හැක්ක. සිතත් කයත් දෙක ඒ ඒ මොහොතෙහි ක්‍රියා කරන සැටිය තියුණු ලෙස තම සිත යොදා බැලීම කළ යුතුය. දිගටම මෙය කරගෙන යාමෙන් සමාධි ලැබේ. සමාධිය තියුණු වූ පසු නාමරූපයන් හැදි හැදී දිගටම පැවැත්ම ප්‍රකට වෙයි.

ආත්ම භාවය මේ නාමස්කන්ධ, රූපස්කන්ධ දෙකින් සෑදුණු එකකි. ශරීරයට අයත් කොටස් සියල්ලම රූපස්කන්ධයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත ආදී රූප විසි අට කොටසක්ම මෙයට ඇතුළත් වෙයි. කොටින්ම කියතොත් ශරීරයම රූපස්කන්ධය යි. මැටියෙන් හෝ පිටියෙන් හෝ හැදූ රූපය මැටි ගොඩක්ම, පිටි ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශරීරයද එසේම රූප ධාතු ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශීත, ඌෂ්ණ, සා පිපාසා ආදියෙන් රූප පෙරැළේ. මේ රුප්පනය හෙවත් පෙරැළීම නිසා ශරීරයෙහි වු දෙයට රූප යන නම පාලියෙන් බැහැර විය. එහි අරමුණු ගන්නා කිසිම ධර්මයෙක් අඩංගු නැත.

එසේ නම් අරමුණු ගන්නා දැය කිමෙක්ද? එය නම් රූපයේ ආධාරයෙන් පහළ වන චිත්ත චෛතසිකයන් ය. මොවුනට අරමුණු කරා නැමෙන බැවින් නාම යැයි ව්‍යවහාර වේ. සිතට චිත්තය, විඤ්ඤාණය කියාද බැහැර වේ. පහත දැක්වෙන පරිදි සිත රූපයේ ආධාරයෙන් උපදනේය.

ඇසෙහි චක්ඛු විඤ්ඤාණය ද, කනෙහි සෝත විඤ්ඤාණය ද, නාසයෙහි ඝාන විඤ්ඤාණය ද, දිවෙහි ජිව්හා විඤ්ඤාණය ද, කයෙහි කාය විඤ්ඤාණය ද පහළ වේ. මේ සියල්ල චිත්ත ධාතූහු ය. රූපාදී අරමුණු දැනගන්නෝ ය. එහෙත් රූපයේ නම් අරමුණු දැනගත්තෝ නොවෙති.

දකින්නේ ඇස යැයි මිනිසුන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු ඇසෙන් දැකීමත් එකක් කොට සිතයි. දැක්ම මම ය. මම ඒ ඒ දෑ දකිමි. ඇසත්, දැකීමත්, මමත් යන තුන්දෙනාම එකක්ම ය. එකම තැනැත්තාම යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. ඇත්ත නම් මෙසේ නොවේ. ඇස එකකි. දැකීම අනෙකකි. මෙහි මම ය, තැනැත්තා ය, තමා ය කියා කිසි සාරයක් එහි නැත. ඇස නිසා පහළ වන දැකීම පමණක් එහි ඇත. දැන් කාරණයක් පැහැදිලි ය. එනම්, දැකීම කරන හැම මොහොතේම ඇස නමැති රූප ධාතුවත්, චක්ඛු විඤ්ඤාණය නමැති නාම ධාතුවත්, මේ දෙක හැර තවත් බාහිර වූ රූපාලම්බනයක්ද ඇති බව ය.

සමහර විට රූපාලම්බනය තමා කෙරෙහිම ඇති එකක් විය හැකිය. නැතහොත් බාහිර රූපයක් විය හැකිය. මෙසේ රූපාලම්බනත් සමග ධාතු තුනකි. එයින් චක්ඛු ධාතුව (ඇස ද) රූප ධාතුව ද (රූපාලම්බනය) යන දෙකම රූප ධර්ම කොටසට අයත් ය.

ඇසත්, රූපයත් දෙකම රූප ධර්ම බැවින් අරමුණු දැන ගැනීමේ ශක්තිය නැත්තෝ ය. දර්ශන හෙවත් දැකීමේ ක්‍රියාව මානසික එකක් බැවින්, එයටම රූප අරමුණත් එහි සැටි ආදියත් දැක ගත හැකි වෙයි. රූප ධාතු ද, නාම ධාතු ද යැයි ධාතු දෙවර්ගයක් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ ඝට්ටනයකින් දැකීම සිදුවන බවත් දැන් පැහැදිලි ය.

විදර්ශනාව අතේ පළපුරුද්දක් නැති අය දකිමි කියා හෝ, දකිනුයේ තමා යැ, ආත්මය, පුද්ගලයා කියා හෝ සලකති. දකින්නා මම යැයි මම දකිමි ය, මම දනිමි ය යැයි ඔවුහු සිතති. මෙසේ වූ පිළිගැන්ම සක්කාය දිට්ඨිය නම් වේ. සක්කාය නම් විද්‍යාමාන වූ නාමරූප දෙකයි. දිට්ඨි නම් වැරැදි දැක්මයි. වැරැදි පිළිගැන්ම යි. සක්කාය දිට්ඨි නම් වැරැදි දැක්ම වැරැදි පිළිගැන්ම යි. ඇත්තා වූ නාමරූප දෙක වැරැදි ලෙස දැක්මයි.

මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන තුරු අපා දුකට වැටීමෙන් මිදී ගත හැකි නොවෙයි. පෙර පින් බෙලෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව ඉපිද සිටියත් අකුසල් විපාකයක් මතු වූ විට අපාය දුකට වැටෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් "සක්කාය දිට්ඨිප්පහානය සතෝභික්ඛු පරිබ්බෙජේ - සක්කාය දිට්ඨිය දුරලනු පිණිස සිහි ඇති මහණ තෙමේ විදසුන් වඩන්නේය"යැයි වදාරණ ලද්දේ ය.

යමක් දැකීමේ දී තමා තුළ පවත්නා ධාතූන්ගේ ස්වභාවය සලකා බැලීම පළමු කොට කළ යුතුය. හැම දැකීමකදී ම, දැකීමය දැකීම යැයි මෙනෙහි කළ යුතුයි, එසේ මෙනෙහි කරමින් වරෙක දකිනු ලබන රූප අරමුණ සලකා බැලිය යුතුය. වරෙක ඇස දැකීමට ආධාර වූ ස්ථානය සේ සැලකිය යුතුය. මේ තුනින් කොයි එකක් හෝ (ඇස, රූපය, රූපාලම්බනය) පැහැදිලි ලෙස සලකා බලන්නට හැකි නම් එය සෑහේ.

එසේ නොකොළොත් මේ දැකීම නමැති ක්‍රියාව නිසා, දකින්නකු දැකීම අයත් පුද්ගලයකු ඇති සේත්, ඔහු නිත්‍ය හෝ සැප හෝ ආත්ම වූවක් සේත් සලකන්නට වීමෙන් සක්කාය දිට්ඨිය ඇති වේ. එයින් තෘෂ්ණාව ඇති වේ. එයින් කර්ම කිරීම ඇති වේ. ඒ කර්ම පුණ්‍යයෙන් නැවත ඉපදීම ඇති වේ. මෙසේ සසර ගමන දිග් ගැහේ. දැකීම නිසා සංසාර ගමන ඇති නොවන පිණිස හැම දැකීමේ ක්‍රියාවෙහි දී ම දකින්නකු නොව දැකීම ම, දැකීම් මාත්‍රය ලෙස සලකා බැලිය යුතුය.

මෙසේම ශ්‍රවණ ක්‍රියාවෙහි දී ද එකක් අනෙකට වෙනස් නාම රූප දෙවර්ගයක් ඇති වේ. කන නිසා ඇසීම පිළිබඳ හැඟීම වේ. කනත් ශබ්දයත් දෙකම රූප ධාතූන් වන අතර ශ්‍රෝත විඤ්ඤාණය නාම ධාතුවෙක් වේ. මේ රූප දෙවර්ගයෙන් කවර එකක් හෝ පැහැදිලි ලෙස දකිනු අසන හැම විටම, ඇසීම ඇසීම යැයි සැලකිය යුතුයි.

මෙසේම යමක් ආඝ්‍රාණය කරන හැම විටම, ආඝ්‍රාණය ආඝ්‍රාණය යි ද යමක් රස විඳින හැම විටම, රස විඳීම රස විඳීම යැයි ද මෙනෙහි කළ යුතුය. මේ පරිදිම සිරුරෙහි යමක් හැපීමෙහි දී (ස්පර්ශයේ දී), හැපීම හැපීම යැයි සලකා බැලිය යුතුය. ඇඟ හැපෙන සියල්ලේ දී, හැපීම හැපීම යැයි සලකිය යුතුය. ඇඟ හැපෙන හැම දෙයක්ම පිළිගන්නා කාය ප්‍රසාද නම් රූප ධාතුවෙක් ඇත. ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ සියලු පොට්ඨබ්බාරම්මණය කාය ප්‍රසාදයෙහි හැපී කාය විඤ්ඤාණය ඇති වේ. පොට්ඨබ්බාරම්මණයන් ස්පර්ශ කරන හැම විට, කාය ප්‍රසාදයත්, පොට්ඨබ්බාරම්මණයත් යන රූප ධාතු දෙකක් හා සසම්ප්‍රයුක්ත කාය විඤ්ඤාණ නම් නාම ධාතුවක් ද ඇති බව දැන් පැහැදිලි ය. ස්පර්ශ කිරීම ස්පර්ශ කිරීම යයි මෙනෙහි කිරීමෙන්, මේ නාම, රූප ධාතූන් වෙන්කොට දැක්ක හැකි වෙයි.

මේ කියන ලදුයේ පොට්ඨබ්බ විඤ්ඤාණය ගැන ය. එයට තද බව, වෙහෙස, උෂ්ණය, කැක්කුම යනාදී දුක් වේදනා ඇති කරන, අරමුණු ඇඟ හැපීමේ දී පහළ වන, දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ද ඇත. එය පහළ වීමේ දී වේදනාව බලවත් බැවින් උණුසුම, වෙහෙස, කැක්කුම ආදිය දැනේ. අත්පා ආදිය නැවීම, දිගු කිරීම ආදී ඒ ඒ අවස්ථාවන්හි නා නා විධ කායික වේදනා පහළ වන බව කිය යුතු වේ. අත් දිගු කිරීම් ආදිය කිරීමට සිතින් ඕනෑ කළ බැවින් ම ඒ ක්‍රියා සිදුවේ. කය නැවීම් ආදිය ද ඉරියව් පැවැත්වීම ද ඒ ඒ අවස්ථාවන්හි පහළ වන සිතින්ම කරනු ලැබේ. අත් ආදිය හකුළන්නට කැමැත්ත ඇති වන විට ඒ අවයවය තමා දෙසට නවා ගැනීම සිදුවේ. දිගු කිරීම්, යෑම් ආදියට කැමැත්ත ඇති වූ විට අවයව තමාගෙන් පිටතට යැවීමේ ක්‍රියාව සිදු වේ. ඒ ක්‍රියාව සිදුවී එතැනම නිරුද්ධ වේ. අත් නැවීම් ආදී ක්‍රියාවෙහි දී ඒ පිළිබඳව සිත් වැලක්ම ඇති වේ. ඒ හේතුවෙන් අත් නැවීම් ආදිය සිදුවේ. මේ අවස්ථාවල දී පොට්ඨබ්බ අරමුණ කාය ප්‍රසාදයෙහි ගැටීම නිසා කාය විඤ්ඤාණය පහළ වේ. එයින් පොට්ඨබ්බ අරමුණ දැනීම් වේ.

මෙසේ අත්පා නැවීම් ආදී ක්‍රියාවලදී කාය විඤ්ඤත්ති රූප බලවත්ව ක්‍රියාත්මක කැරෙන බව පැහැදිලි ය. මෙය මෙසේ තේරුම් නොගතහොත්, මම අත් නවමි, අත් දිග හරිමි යනාදී සක්කාය දිට්ඨිය ඇති වේ. නැවීම්, දිග හැරීම්, සැලීම් ආදී වශයෙන් ඒ නැවීම් ආදියෙහි මෙනෙහි කිරීම පුරුදු කළ යුතු වන්නේ මේ සක්කාය දිට්ඨිය ඇති නොවනු පිණිස ය. වස්තු රූපය ආශ්‍රය කොට ගෙන නා නා විධ සිත් ඇති වේ.

කොටින් කියතොත් මානසික ක්‍රියාවන් කය ඇසුරු කොට ඇති වෙතැයි කිය යුතුය. පරමාර්ථ වශයෙන් ඒ හැම එකක්ම නාම රූප සංයෝගයෙන් පැවතී ගෙන යන ධර්ම පරම්පරාවකි. එහි කය නම් රූප පරම්පරාවකි. සිත් හා චෛතසික (සිතුවිලි) නම් නාම පරම්පරාවකි. නාම රූප දෙක වෙන් කොට තේරුම් ගැනීම පිණිස, සිතීම සිතීම කියා හෝ කල්පනාව කල්පනාව කියා හෝ අදහස අදහස කියා හෝ ඒ ඒ මොහොතට ගැළපෙන පරිදි මෙනෙහි කළ යුතුය.

ටික කලක් මේ මෙනෙහි කිරීම පුරුදු කළ පසු සමාධිය තරමක් දුරට වැඩේ. සිත් ඒ මේ අත නොදුවන බව ද ඔහුගේ සිත අරමුණේ නිශ්චලව පිහිටන බව ද ඔහුට දැනේ. අරමුණ සලකා ගැනීමේ ශක්තිය වැඩී ඇති බව ඔහුට වැටහේ. මේ හැම මොහොතකම නාම පරම්පරාවකුත්, රූප පරම්පරාවකුත් ම මෙහි ඇති වෙවී නැති වෙවී දිගට පවතිතැයි දැනේ. තවදුරටත් මේ මෙනෙහි කිරීම දියුණු වූ පසු ඔහුට කිසිම නාමයක්වත්, රූපයක්වත් ස්ථිර නොවන බවත්, ඒ සියල්ල අනිත්‍ය බවත් වැටහේ. අලුත් අලුත් අරමුණු සිතට නැගෙන්නට විය හැකිය. එවිට ඒ මෙනෙහි කළ විට නැති වී යයි. එවිටම තව අරමුණක් සිතට නැගෙන්නට පුළුවන. එය ද මෙනෙහි කළ විට නොපෙනී යයි. මෙසේ පහළ වීම්, නැතිවීම් වැල දිගට පැවතීමෙන් අනිත්‍යතාව පැහැදිලි වෙයි. මේ හැදීම, නැතිවීම තමාටම දැනුණු බැවින් ඒ සියලු නාම රූපයන් අනිත්‍ය බව ඔහුට නිසැක ය. මේ අනිච්චානුපස්සනා ය.

මේ හැදීම, නැසී යෑම සුවයක් නොවන බව ඔහුට වැටහේ. මේ දුක්ඛානුපස්සනා යි. තව ද සිතට කයට දැනෙන වෙහෙසීම ආදිය දුක් බව නුවණින් සැලකීමේ දී, මේ දුක් රැසක් බව ඔහුට දැනෙන්නට වෙයි. මේ ද දුක්ඛානුපස්සානා යි.

මෙසේ මෙනෙහි කිරීමේ දි නාම රූපයත් ඒ ඒ මොහොතේ ඇති වන හේතු ප්රත්යයන්ට අනුකූලව හැදි හැදී යනු මිස, තම සිතේ කැමැත්තට අනුව නොහැදෙන බව පෙනේ. මේවා ධාතු මාත්‍රයෝ ය. මේවා සිය වසයෙහි නොපවත්නෝ ය. මේවා ආත්ම හෝ පුද්ගල නොවෙතියි හෙතෙම දකී. මේ අනත්තානුපස්සනා ය.

මේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ලක්ෂණ තුන පිළිබඳව දැනීම දියුණු කිරීමෙන් මාර්ග ඵල ඥාන ලැබීමෙන් නිවන් ප්රත්යක්ෂ වේ. නිවන් ප්රත්යක්ෂ කරන පළමු අවස්ථාවේදී අපාය දුකෙන් සදහටම මිදුණෙක් වේ. තවදුරටත් විපස්සනාව වැඩුවොත් දෙවැනි තුන් වෙනි අවස්ථා ද ඉක්මවා රහත් බව ලැබීමෙන් හෙතෙම මුළුමනින් ම සසර දුකින් මිදුණෙක් වන්නේ ය.

සාර්ථකව මේ භාවනාව වැඩීමට සුදුසු කර්මස්ථානාචාර්ය වරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය බව සැලකිය යුතුය.

සියල්ලෝම ඉහත දුන් උපදෙස් පරිදි විපස්සනාව වඩා සාන්දෘෂ්ටික වූ ධර්මය ප්රත්යක්ෂ කර ගනිත්වා!

(රිවිර පුවත්පතේ පළවන, මතුගම මහින්ද විජේතිලක මහතාගේ 'බළන්ගොඩ මහ නාහිමි සබැඳි කථා' ලිපි පෙළෙන් උපුටා ගන්නා ලදී.)

[QUOTE="Glonass16, post: 21822433, member: 559002"] [SIZE="2"][B][CENTER]ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක්ස් , අන්ද භක්තිය කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම. ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි. [COLOR="Red"]බම්ප් එකකුත් දාලම යන්න [/COLOR]අනිත් අයටත් බලන්න. බුදු සරණයි! [/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i63.tinypic.com/xmtz06.jpg[/IMG][/CENTER] [SIZE="3"]බුද්ධාගමේ හැටියට හැමකෙනෙකුම ශීල, සමාධි, පඤ්ඤා යන තුන් දහම් පිරිය යුතුය. අඩුම ගණනේ ගිහියා පන්සිල්වත් රැක්ක යුතුය. භික්ෂූන් විසින් ප්රාතිමෝක්ෂ සංවර ශීලය රැක්ක යුතුය. මනාව සිල් රැක්ක තැනැත්තේ දෙව් මිනිස් සුගතියෙහි උපදනේය. එහෙත් මෙම ලෞකික ශීලය සත්වයා නරක ආදී සතර අපාය කෙරේ මුළුමනින් නවත්වන්නට සමත් නොවේ. එබැවින් ලෝකෝත්තර ශීලයද වැඩිය යුතුය. මෙය නම් මාර්ගඵල ශීලය යි. මේ මාර්ග ඵල ශීල පිරූ තැනැත්තේ සතර අපා දුකින් මිදුනාක් වෙයි. සසර ඉන්නා තුරු හෙතෙම සුගතිවලම හැසිරෙයි. එහෙයින් හැම තැනැත්තකුම ලෝකෝත්තර ශීලය පිරීමට උත්සාහවත් විය යුතුය. මාර්ග ඵල ශීලය පමණක් නොව සමාධියද වැඩිය යුතුය. සමාධි නම් සිතේ තැන්පත් බවය. දමනය නොකළ සිත ඒ ඒ අරමුණු ඔස්සේ දිවැ ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය (සිත) රූපාදී අරමුණක් හෝ ධර්මාලම්භනයක් හෝ ඔස්සේ දුවයි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට, තෝරා ගත් අරමුණකම දිගටම සිත බැඳ තැබිය යුතුය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන්පත් වෙයි. එවිට දුන් අරමුණෙහිම සිත රැඳෙයි. මෙය සමාධිය යි. සමාධි දෙවර්ගයකි. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙනි. මේ දෙකින් ආනාපාන, කසින, මෙත්තා ආදී කමටහන් අනුව සමථ භාවනාව වැඩීමෙන් සතර රූප ධ්‍යානත්, සතර අරූප ධ්‍යානත් ලබත හැකි වේ. මේවා වැඩීමෙන් බ්‍රහ්ම ලෝකයක උපදිත හැකිය. බඹලොව පරමායු බොහෝ දික්ය. එක් කල්පයක්, කල්ප දෙකක්, තුනක්, කල්ප හතරක්, අටක් යනාදී වශයෙන් වැඩිව ගොස් කල්ප අසූහාර දහසකටද නැගේ. එහෙත් පරමායුෂයේ අවසන බ්‍රහ්මයෙක් මැරී මිනිහෙක්ව හෝ දෙවියෙක්ව හෝ උපදී. දැහැමි ලෙස ජීවත්වුවහොත් හැම කල්හිම සැපවත් වන්නේය. එහෙත් කෙලෙසුන්ගෙන් නොමිදුණු බැවින් නොයෙක් විට අකුසල්ද ඔහුගෙන් සිදුවන්නේය. එසේ වීමෙන් ඒ අකුසල්වල නපුරු විපාක වශයෙන් නරකාදී දුගතිවල උපදින්නේය. මේ ලෞකික සමාධිය ඒකාන්ත ආරක්ෂාවක් නොවේ. එබැවින් ලෝකෝත්තර සමාධියම වැඩිය යුතුය. එනම් මග්ග සමාධිය, ඵල සමාධිය දෙකයි. මේ දෙසමාධීන්ම වැඩීමට ප්‍රඥාව වැඩිය යුතුය. ප්‍රඥාව ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. පරහිංසා ඇති නොකරන ධාර්මික ශිල්ප ශාස්ත්‍ර අතේ දැනීම ද, දහම් පොතපත අතේ මනා දැනීම ද යන මේ ශ්රැතමය ප්‍රඥාවද, කරුණු සිතා බැලීමෙන් ඇති වන චිත්තාමය ප්‍රඥාවද යන මාර්ග ඵල අවස්ථාවට නොමුහු කළ ලෞකික ප්‍රඥාව වැඩීමෙන් සුගති සැප ලබත හැකිය. එහෙත් මුළුමනින්ම අපාය දුකින් මිදුණකු විය නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව වැඩීමෙන්ම අපාය දුකින් සදහටම මිදෙත හැකි වෙයි. ලෝකෝත්තර ප්‍රඥා යනු මාර්ග ඵල ප්‍රඥාය. මෙය ලැබීමට විපස්සනා භාවනාව වැඩිය යුතුය. මෙය හොඳටම වැඩුණු පසු සීල සමාධි දෙකද ඒ සමගම වැඩුණෝ වෙති. මේ ප්‍රඥාව ලැබීම පිණිස කළ යුත්තේ නාම රූප දෙක ඇති සැටි ලෙස දැකීම දියුණු කිරීම ය. මේ කාලයෙහි භෞතික විද්‍යාව උගන්වන තැන්වල රූප ධර්මයන් යන්ත්‍ර උපකරණ මගින් බෙද බෙදා බැලීම කරනු ලැබේ. එහෙත් එයින් සිතේ තතු දත හැකි නොවේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට ඒ බාහිර උපකරණ වුවමනා නැත. බෞද්ධ ක්‍රමයෙන් සාර්ථක ලෙස නාම රූප දෙකම බෙදා බලත හැක්ක. සිතත් කයත් දෙක ඒ ඒ මොහොතෙහි ක්‍රියා කරන සැටිය තියුණු ලෙස තම සිත යොදා බැලීම කළ යුතුය. දිගටම මෙය කරගෙන යාමෙන් සමාධි ලැබේ. සමාධිය තියුණු වූ පසු නාමරූපයන් හැදි හැදී දිගටම පැවැත්ම ප්‍රකට වෙයි. ආත්ම භාවය මේ නාමස්කන්ධ, රූපස්කන්ධ දෙකින් සෑදුණු එකකි. ශරීරයට අයත් කොටස් සියල්ලම රූපස්කන්ධයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත ආදී රූප විසි අට කොටසක්ම මෙයට ඇතුළත් වෙයි. කොටින්ම කියතොත් ශරීරයම රූපස්කන්ධය යි. මැටියෙන් හෝ පිටියෙන් හෝ හැදූ රූපය මැටි ගොඩක්ම, පිටි ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශරීරයද එසේම රූප ධාතු ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශීත, ඌෂ්ණ, සා පිපාසා ආදියෙන් රූප පෙරැළේ. මේ රුප්පනය හෙවත් පෙරැළීම නිසා ශරීරයෙහි වු දෙයට රූප යන නම පාලියෙන් බැහැර විය. එහි අරමුණු ගන්නා කිසිම ධර්මයෙක් අඩංගු නැත. එසේ නම් අරමුණු ගන්නා දැය කිමෙක්ද? එය නම් රූපයේ ආධාරයෙන් පහළ වන චිත්ත චෛතසිකයන් ය. මොවුනට අරමුණු කරා නැමෙන බැවින් නාම යැයි ව්‍යවහාර වේ. සිතට චිත්තය, විඤ්ඤාණය කියාද බැහැර වේ. පහත දැක්වෙන පරිදි සිත රූපයේ ආධාරයෙන් උපදනේය. ඇසෙහි චක්ඛු විඤ්ඤාණය ද, කනෙහි සෝත විඤ්ඤාණය ද, නාසයෙහි ඝාන විඤ්ඤාණය ද, දිවෙහි ජිව්හා විඤ්ඤාණය ද, කයෙහි කාය විඤ්ඤාණය ද පහළ වේ. මේ සියල්ල චිත්ත ධාතූහු ය. රූපාදී අරමුණු දැනගන්නෝ ය. එහෙත් රූපයේ නම් අරමුණු දැනගත්තෝ නොවෙති. දකින්නේ ඇස යැයි මිනිසුන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු ඇසෙන් දැකීමත් එකක් කොට සිතයි. දැක්ම මම ය. මම ඒ ඒ දෑ දකිමි. ඇසත්, දැකීමත්, මමත් යන තුන්දෙනාම එකක්ම ය. එකම තැනැත්තාම යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. ඇත්ත නම් මෙසේ නොවේ. ඇස එකකි. දැකීම අනෙකකි. මෙහි මම ය, තැනැත්තා ය, තමා ය කියා කිසි සාරයක් එහි නැත. ඇස නිසා පහළ වන දැකීම පමණක් එහි ඇත. දැන් කාරණයක් පැහැදිලි ය. එනම්, දැකීම කරන හැම මොහොතේම ඇස නමැති රූප ධාතුවත්, චක්ඛු විඤ්ඤාණය නමැති නාම ධාතුවත්, මේ දෙක හැර තවත් බාහිර වූ රූපාලම්බනයක්ද ඇති බව ය. සමහර විට රූපාලම්බනය තමා කෙරෙහිම ඇති එකක් විය හැකිය. නැතහොත් බාහිර රූපයක් විය හැකිය. මෙසේ රූපාලම්බනත් සමග ධාතු තුනකි. එයින් චක්ඛු ධාතුව (ඇස ද) රූප ධාතුව ද (රූපාලම්බනය) යන දෙකම රූප ධර්ම කොටසට අයත් ය. ඇසත්, රූපයත් දෙකම රූප ධර්ම බැවින් අරමුණු දැන ගැනීමේ ශක්තිය නැත්තෝ ය. දර්ශන හෙවත් දැකීමේ ක්‍රියාව මානසික එකක් බැවින්, එයටම රූප අරමුණත් එහි සැටි ආදියත් දැක ගත හැකි වෙයි. රූප ධාතු ද, නාම ධාතු ද යැයි ධාතු දෙවර්ගයක් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ ඝට්ටනයකින් දැකීම සිදුවන බවත් දැන් පැහැදිලි ය. විදර්ශනාව අතේ පළපුරුද්දක් නැති අය දකිමි කියා හෝ, දකිනුයේ තමා යැ, ආත්මය, පුද්ගලයා කියා හෝ සලකති. දකින්නා මම යැයි මම දකිමි ය, මම දනිමි ය යැයි ඔවුහු සිතති. මෙසේ වූ පිළිගැන්ම සක්කාය දිට්ඨිය නම් වේ. සක්කාය නම් විද්‍යාමාන වූ නාමරූප දෙකයි. දිට්ඨි නම් වැරැදි දැක්මයි. වැරැදි පිළිගැන්ම යි. සක්කාය දිට්ඨි නම් වැරැදි දැක්ම වැරැදි පිළිගැන්ම යි. ඇත්තා වූ නාමරූප දෙක වැරැදි ලෙස දැක්මයි. මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන තුරු අපා දුකට වැටීමෙන් මිදී ගත හැකි නොවෙයි. පෙර පින් බෙලෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව ඉපිද සිටියත් අකුසල් විපාකයක් මතු වූ විට අපාය දුකට වැටෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් "සක්කාය දිට්ඨිප්පහානය සතෝභික්ඛු පරිබ්බෙජේ - සක්කාය දිට්ඨිය දුරලනු පිණිස සිහි ඇති මහණ තෙමේ විදසුන් වඩන්නේය"යැයි වදාරණ ලද්දේ ය. යමක් දැකීමේ දී තමා තුළ පවත්නා ධාතූන්ගේ ස්වභාවය සලකා බැලීම පළමු කොට කළ යුතුය. හැම දැකීමකදී ම, දැකීමය දැකීම යැයි මෙනෙහි කළ යුතුයි, එසේ මෙනෙහි කරමින් වරෙක දකිනු ලබන රූප අරමුණ සලකා බැලිය යුතුය. වරෙක ඇස දැකීමට ආධාර වූ ස්ථානය සේ සැලකිය යුතුය. මේ තුනින් කොයි එකක් හෝ (ඇස, රූපය, රූපාලම්බනය) පැහැදිලි ලෙස සලකා බලන්නට හැකි නම් එය සෑහේ. එසේ නොකොළොත් මේ දැකීම නමැති ක්‍රියාව නිසා, දකින්නකු දැකීම අයත් පුද්ගලයකු ඇති සේත්, ඔහු නිත්‍ය හෝ සැප හෝ ආත්ම වූවක් සේත් සලකන්නට වීමෙන් සක්කාය දිට්ඨිය ඇති වේ. එයින් තෘෂ්ණාව ඇති වේ. එයින් කර්ම කිරීම ඇති වේ. ඒ කර්ම පුණ්‍යයෙන් නැවත ඉපදීම ඇති වේ. මෙසේ සසර ගමන දිග් ගැහේ. දැකීම නිසා සංසාර ගමන ඇති නොවන පිණිස හැම දැකීමේ ක්‍රියාවෙහි දී ම දකින්නකු නොව දැකීම ම, දැකීම් මාත්‍රය ලෙස සලකා බැලිය යුතුය. මෙසේම ශ්‍රවණ ක්‍රියාවෙහි දී ද එකක් අනෙකට වෙනස් නාම රූප දෙවර්ගයක් ඇති වේ. කන නිසා ඇසීම පිළිබඳ හැඟීම වේ. කනත් ශබ්දයත් දෙකම රූප ධාතූන් වන අතර ශ්‍රෝත විඤ්ඤාණය නාම ධාතුවෙක් වේ. මේ රූප දෙවර්ගයෙන් කවර එකක් හෝ පැහැදිලි ලෙස දකිනු අසන හැම විටම, ඇසීම ඇසීම යැයි සැලකිය යුතුයි. මෙසේම යමක් ආඝ්‍රාණය කරන හැම විටම, ආඝ්‍රාණය ආඝ්‍රාණය යි ද යමක් රස විඳින හැම විටම, රස විඳීම රස විඳීම යැයි ද මෙනෙහි කළ යුතුය. මේ පරිදිම සිරුරෙහි යමක් හැපීමෙහි දී (ස්පර්ශයේ දී), හැපීම හැපීම යැයි සලකා බැලිය යුතුය. ඇඟ හැපෙන සියල්ලේ දී, හැපීම හැපීම යැයි සලකිය යුතුය. ඇඟ හැපෙන හැම දෙයක්ම පිළිගන්නා කාය ප්‍රසාද නම් රූප ධාතුවෙක් ඇත. ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ සියලු පොට්ඨබ්බාරම්මණය කාය ප්‍රසාදයෙහි හැපී කාය විඤ්ඤාණය ඇති වේ. පොට්ඨබ්බාරම්මණයන් ස්පර්ශ කරන හැම විට, කාය ප්‍රසාදයත්, පොට්ඨබ්බාරම්මණයත් යන රූප ධාතු දෙකක් හා සසම්ප්‍රයුක්ත කාය විඤ්ඤාණ නම් නාම ධාතුවක් ද ඇති බව දැන් පැහැදිලි ය. ස්පර්ශ කිරීම ස්පර්ශ කිරීම යයි මෙනෙහි කිරීමෙන්, මේ නාම, රූප ධාතූන් වෙන්කොට දැක්ක හැකි වෙයි. මේ කියන ලදුයේ පොට්ඨබ්බ විඤ්ඤාණය ගැන ය. එයට තද බව, වෙහෙස, උෂ්ණය, කැක්කුම යනාදී දුක් වේදනා ඇති කරන, අරමුණු ඇඟ හැපීමේ දී පහළ වන, දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ද ඇත. එය පහළ වීමේ දී වේදනාව බලවත් බැවින් උණුසුම, වෙහෙස, කැක්කුම ආදිය දැනේ. අත්පා ආදිය නැවීම, දිගු කිරීම ආදී ඒ ඒ අවස්ථාවන්හි නා නා විධ කායික වේදනා පහළ වන බව කිය යුතු වේ. අත් දිගු කිරීම් ආදිය කිරීමට සිතින් ඕනෑ කළ බැවින් ම ඒ ක්‍රියා සිදුවේ. කය නැවීම් ආදිය ද ඉරියව් පැවැත්වීම ද ඒ ඒ අවස්ථාවන්හි පහළ වන සිතින්ම කරනු ලැබේ. අත් ආදිය හකුළන්නට කැමැත්ත ඇති වන විට ඒ අවයවය තමා දෙසට නවා ගැනීම සිදුවේ. දිගු කිරීම්, යෑම් ආදියට කැමැත්ත ඇති වූ විට අවයව තමාගෙන් පිටතට යැවීමේ ක්‍රියාව සිදු වේ. ඒ ක්‍රියාව සිදුවී එතැනම නිරුද්ධ වේ. අත් නැවීම් ආදී ක්‍රියාවෙහි දී ඒ පිළිබඳව සිත් වැලක්ම ඇති වේ. ඒ හේතුවෙන් අත් නැවීම් ආදිය සිදුවේ. මේ අවස්ථාවල දී පොට්ඨබ්බ අරමුණ කාය ප්‍රසාදයෙහි ගැටීම නිසා කාය විඤ්ඤාණය පහළ වේ. එයින් පොට්ඨබ්බ අරමුණ දැනීම් වේ. මෙසේ අත්පා නැවීම් ආදී ක්‍රියාවලදී කාය විඤ්ඤත්ති රූප බලවත්ව ක්‍රියාත්මක කැරෙන බව පැහැදිලි ය. මෙය මෙසේ තේරුම් නොගතහොත්, මම අත් නවමි, අත් දිග හරිමි යනාදී සක්කාය දිට්ඨිය ඇති වේ. නැවීම්, දිග හැරීම්, සැලීම් ආදී වශයෙන් ඒ නැවීම් ආදියෙහි මෙනෙහි කිරීම පුරුදු කළ යුතු වන්නේ මේ සක්කාය දිට්ඨිය ඇති නොවනු පිණිස ය. වස්තු රූපය ආශ්‍රය කොට ගෙන නා නා විධ සිත් ඇති වේ. කොටින් කියතොත් මානසික ක්‍රියාවන් කය ඇසුරු කොට ඇති වෙතැයි කිය යුතුය. පරමාර්ථ වශයෙන් ඒ හැම එකක්ම නාම රූප සංයෝගයෙන් පැවතී ගෙන යන ධර්ම පරම්පරාවකි. එහි කය නම් රූප පරම්පරාවකි. සිත් හා චෛතසික (සිතුවිලි) නම් නාම පරම්පරාවකි. නාම රූප දෙක වෙන් කොට තේරුම් ගැනීම පිණිස, සිතීම සිතීම කියා හෝ කල්පනාව කල්පනාව කියා හෝ අදහස අදහස කියා හෝ ඒ ඒ මොහොතට ගැළපෙන පරිදි මෙනෙහි කළ යුතුය. ටික කලක් මේ මෙනෙහි කිරීම පුරුදු කළ පසු සමාධිය තරමක් දුරට වැඩේ. සිත් ඒ මේ අත නොදුවන බව ද ඔහුගේ සිත අරමුණේ නිශ්චලව පිහිටන බව ද ඔහුට දැනේ. අරමුණ සලකා ගැනීමේ ශක්තිය වැඩී ඇති බව ඔහුට වැටහේ. මේ හැම මොහොතකම නාම පරම්පරාවකුත්, රූප පරම්පරාවකුත් ම මෙහි ඇති වෙවී නැති වෙවී දිගට පවතිතැයි දැනේ. තවදුරටත් මේ මෙනෙහි කිරීම දියුණු වූ පසු ඔහුට කිසිම නාමයක්වත්, රූපයක්වත් ස්ථිර නොවන බවත්, ඒ සියල්ල අනිත්‍ය බවත් වැටහේ. අලුත් අලුත් අරමුණු සිතට නැගෙන්නට විය හැකිය. එවිට ඒ මෙනෙහි කළ විට නැති වී යයි. එවිටම තව අරමුණක් සිතට නැගෙන්නට පුළුවන. එය ද මෙනෙහි කළ විට නොපෙනී යයි. මෙසේ පහළ වීම්, නැතිවීම් වැල දිගට පැවතීමෙන් අනිත්‍යතාව පැහැදිලි වෙයි. මේ හැදීම, නැතිවීම තමාටම දැනුණු බැවින් ඒ සියලු නාම රූපයන් අනිත්‍ය බව ඔහුට නිසැක ය. මේ අනිච්චානුපස්සනා ය. මේ හැදීම, නැසී යෑම සුවයක් නොවන බව ඔහුට වැටහේ. මේ දුක්ඛානුපස්සනා යි. තව ද සිතට කයට දැනෙන වෙහෙසීම ආදිය දුක් බව නුවණින් සැලකීමේ දී, මේ දුක් රැසක් බව ඔහුට දැනෙන්නට වෙයි. මේ ද දුක්ඛානුපස්සානා යි. මෙසේ මෙනෙහි කිරීමේ දි නාම රූපයත් ඒ ඒ මොහොතේ ඇති වන හේතු ප්රත්යයන්ට අනුකූලව හැදි හැදී යනු මිස, තම සිතේ කැමැත්තට අනුව නොහැදෙන බව පෙනේ. මේවා ධාතු මාත්‍රයෝ ය. මේවා සිය වසයෙහි නොපවත්නෝ ය. මේවා ආත්ම හෝ පුද්ගල නොවෙතියි හෙතෙම දකී. මේ අනත්තානුපස්සනා ය. මේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ලක්ෂණ තුන පිළිබඳව දැනීම දියුණු කිරීමෙන් මාර්ග ඵල ඥාන ලැබීමෙන් නිවන් ප්රත්යක්ෂ වේ. නිවන් ප්රත්යක්ෂ කරන පළමු අවස්ථාවේදී අපාය දුකෙන් සදහටම මිදුණෙක් වේ. තවදුරටත් විපස්සනාව වැඩුවොත් දෙවැනි තුන් වෙනි අවස්ථා ද ඉක්මවා රහත් බව ලැබීමෙන් හෙතෙම මුළුමනින් ම සසර දුකින් මිදුණෙක් වන්නේ ය. සාර්ථකව මේ භාවනාව වැඩීමට සුදුසු කර්මස්ථානාචාර්ය වරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය බව සැලකිය යුතුය. සියල්ලෝම ඉහත දුන් උපදෙස් පරිදි විපස්සනාව වඩා සාන්දෘෂ්ටික වූ ධර්මය ප්රත්යක්ෂ කර ගනිත්වා! [/SIZE] [SIZE="2"](රිවිර පුවත්පතේ පළවන, මතුගම මහින්ද විජේතිලක මහතාගේ 'බළන්ගොඩ මහ නාහිමි සබැඳි කථා' ලිපි පෙළෙන් උපුටා ගන්නා ලදී.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom