විප්ලවයේ ආරම්භයයි

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    විප්ලවයේ ආරම්භයයි

    කම්බි කටු ඇනී
    වේදනාවෙන්
    කෑ ගසන
    එවුන් දෙස නොබලා
    ඉදිරියට ඇදෙන
    කෘර මිනිසුනේ
    උඹලගේ
    සුන්දරද ජීවිතය
    බලා ඉන්නට බැරි එකෙක්
    එහි ගොසින්
    උල් ඇනී
    මරැ වැලඳ ගත් නමුදු
    හෘද සාක්ෂිය උගේ
    නිදහස් වී ඇත
    විලංගුවෙන්
    මායාවෙන් සැදීගත්
    ලොවට වහල් වූ,
    රජ පුතුන්
    අපේ ලොව දකිනුයේ
    විය සිදුරෙන්ම විතරද...
    ඉවසාම හෙම්බත්ව
    සිටිනා අපේ හිත්,
    සුලඟට හමා ගිය
    ජවයෙන් පිරුන
    දෑස් දැන් නිලංකාරද
    ගාත් වල සවිය ගෙන
    නැගී සිටීමට
    පෙල ගැසෙමු
    ආරම්භය මෙයයි
    මහා විප්ලවයේ...

    sinking%20man.jpg