Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විභාගය අභිමුව සිටින ඔබ සිතිය යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගය අභිමුව සිටින ඔබ සිතිය යුතු දේ

ඔබේ විභාගය දැන් අත ළඟ ය. එය ජීවිතයේ තීරණාත්මක සන්දිස්ථානයක් යැයි සිතමින් සිත නොසන්සුන් කර ගැනීමට අවශ්‍ය නැත. සිත කලබල, චංචල කරගත යුතු නැත. ඇතැම් විෂය කරුණු ගැන බලා. කියවා පාඩම් කර ගැනීමට බැරි වූවා යැයි අතපසු වූ දේවල් ගැන මෙනෙහි කිරීම ද ඔබට බාධාවකි. බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කරන අය ද විභාග අසමත් විය හැකි අතර සාමාන්‍ය පරිදි ඉගෙනගත් එතරම් වෙහෙසක් නො දැරූ අය ඉහළින් සමත්වන බව ද ඔබ වටහා ගැනීම වැදගත් ය. එනම් ඔබ මෙතෙක් ඉගෙනගෙන, පාඩම් කර ඇති කරුණු නිවැරදි ලෙස උචිත පරිදි ඔබට ලැබෙන ප්‍රශ්නවලට අදාළව පිළිතුරු ලීවා නම් ඔබේ ජයග්‍රහණය නියත බව විශ්වාසයට ගන්න.

විභාග දොරටුව අභියස සිටින ඔබට පහත දක්වන කරුණු ගැන අවධානය යොමු කිරීම කාලෝචිත ය. ඔබ විභාග ශාලාවට ඇතුළු වූ විට සැහැල්ලු, සන්සුන් නිස්කලංක මනසක් පවත්වා ගැනීමට උත්සාහ දරන්න. මෙහිදී සියලු ආකාරයේ බාහිර ගැටලු, ප්‍රශ්න මෙන් ම තමන්ට කර ගැනීමට අතපසු වු පාඩම් කොටස් ආදී සියල්ල අත්හැර, අමතක කර දමන්න. "මට පුළුවන් හැටියට මම පාඩම් කළානෙ.." යන්න මෙනෙහි කර තමා ගැන ම විශ්වාසය ගොඩනගා ගන්න. මක්නිසාදැයි කිවහොත් විභාගයට පෙනී සිටින සියලු දෙනාම නොදන්නා විෂය කරුණු ඕනෑතරම් තිබෙන නිසා ය. වැදගත් වන්නේ තමා දන්නා දැනුම මැනවින් ගළපා හොඳින් සිහිකල්පනාව මෙහෙයවමින් විභාග ප්‍රශ්න පත්‍රයට හරියට පිළිතුරු ලිවීමේ අභියෝගය බාර ගැනීමයි.

ඔබ විභාග ප්‍රශ්න පත්‍රය අතට ගත්විට සන්සුන් වන්න. හුදෙක් ප්‍රශ්න පත්‍රය වෙත අවධානය හොඳින් තබා ගන්න. පළමුව ඔබේ විභාග අංකය හැම පිළිතුරු පත්‍රයකම සටහන් කිරීමට අමතක නොකරන්න. ලියූ විභාග අංකය නිවැරදි දැයි නැවතත් පරීක්ෂා කර නිවැරදි බව තහවුරු කර ගන්න. ඊට හේතුව ඔබ මෙතෙක් ගත් සියලු උත්සාහයන් සාර්ථක හා ඵලදායී වනුයේ විභාග අංකය මත බැවිනි.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී අවශ්‍ය ප්‍රමාණයට අතිරේක කඩදාසි ලබා ගන්න. කිසිවිටෙකත් ඔබට අවශ්‍ය කඩදාසි කොළ ලබා ගැනීමට මැළිවීමක් හෝ පසුබට වීමක් ඇතිකර නොගත යුතුය. ප්‍රශ්න පත්‍රය ලැබුණ පසු එය කියවා බලා එහි දී අපැහැදිලි, මුද්‍රණ දෝෂ හෝ පිටුවල යම් අඩුවක් නම් එසේත් නැතිව වෙනත් ගැටලුවක් වේ නම් ඒ බව විභාග ශාලාධිපතිට දන්වා ඒ ගැන පැහැදිලි කර ගැනීමක් කළ හැකිය. විභාගය සඳහා ඇති බිය, සැක හෝ ආතතිය හැමවිට ම නරක හා හානිකර නොවන බව සිහි තබා ගැනීම වටී. යම් ප්‍රමාණයක බිය, සැක හා ආතතිය තිබීම ජීවිත අභියෝග ජය ගැනීමට අවශ්‍ය ය. එනම් ළමයාගේ ඉගෙනීමට එය පිටිවහලක් වෙයි. අධ්‍යයනයේ දී මෙන් ම විභාගයේ දී ද ඒ සඳහා උත්තේජනයක් ඇතිකර ගැනීමට සහ අවධානය වැඩිකර ගැනීමට ද හේතු වේ. එබැවින් යම් පමණකට දැනෙන ආතතිය(stress) කළමනාකරණය කර ගත හැකි වේ. එය අවශ්‍ය ම දෙයකි. ශිෂ්‍ය ශිෂ්‍යාවනට දැනෙන සාමාන්‍ය ආතතිය අසාමාන්‍ය දෙයක් නොව සාමාන්‍ය දෙයකි.

මේ හේතුවෙන් විභාගයට පෙර දින ඔබට අවශ්‍ය, විභාගයට පෙනී සිටීමේ දී අවශ්‍ය කරන සියලු උපකරණ ද අමතර වශයෙන් එකක් දෙකක් සූදානමින් රැගෙන යන්න. තමාගේ හැඳුනුම්පත අත්‍යවශ්‍ය ම වුවකි. විභාග ශාලාවේ වැඩකටයුතුවල දී තමාට අවශ්‍ය යම් උපරකණයක් ලබා ගැනීමට නො හැකිවීම, අවධානය බිඳවැටීමට හේතු විය හැකිය.

විභාගයට පෙනී සිටීමට නියමිත දිනයේ ප්‍රමාණවත් වේලාවකට කලින් (පැයකට පමණ පෙර) විභාගය පවත්වන ස්ථානයට යාම තමාගේ ස්ථානය හඳුනා ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් ය. විභාගය පවත්වන මධ්‍යස්ථානයට ළඟා වීමට බස් හෝ දුම්රිය මගින් යාමට සිදු වන්නේ නම් මෙය ඉතා වැදගත් ය. අපේක්ෂිත බසය හෝ දුම්රිය නො තිබුණොත් හරියට වෙලාවට යාමට වේලපහින් නො ගියොත් ඒ අපේක්ෂකයාට ප්‍රමාදවිය හැකිය. එය සිත නොසන්සුන් වීමට හේතු වෙයි. එය කෙතරම් හොඳට සූදානම් ව පැමිණි සිසුවකු වුව ද සිත කලබලයට පත්කරනු ඇත.

විනාඩියක් ප්‍රමාද වුව ද මේ සිත අවුල්වීම වළකා ගත නො හැකි දෙයකි. එය විභාග අපේක්ෂකයා අසහනයට පත් කරන්නකි. එබැවින් තමාට නියමිත විභාග කාලසටහන ලැබුණ පසු තමාගේ විෂයයන්ට අදාළ දිනය, වේලාව කල්තියා නිවැරදිව තහවුරු කර තබා ගැනීම අවශ්‍ය ය. මේ සඳහා සුදුසු පියවරක් නම් තමන්ට නියමිත විෂයයන් කීපය පමණක් තෝරා ඒවා වෙනත් කඩදාසියක පැහැදිලිව සඳහන්කර තබා ඒ අනුව ක්‍රියාකිරීම යි. තවද තමන් පෙනී සිටින විෂයයන් පවත්වනු ලබන දින අතර පරතරය මනාව තේරුම් ගෙන ඒ අනුව ඒ ඒ විෂයයන් සඳහා සූදානම් වීම ද වැදගත් කරුණකි.

විභාගයට පෙනී සිටින කාලය තුළ ඔබ විවිධාකාර රෝග, අසනීප තත්ත්වයන්ගෙන් මිදී සිටීම ද වැදගත් ය. උදාහරණ ලෙස ඊට ආසන්න දිනවල සිට තද අව්වේ ක්‍රීඩා කිරීම හා වෙනත් ක්‍රියාවල යෙදීම, වැස්සට තෙමීම, පින්නට හසු වීම, අධික ශීතල දිය නෑම, ආසාත්මිකතාව (Allergic) ඇතිවිය හැකි ආහාර පාන වර්ග ගැනීම, මාංස බහුල ආහාර ගැනීම ආදියෙන් වැළකීම මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ. තම මානසික ස්වභාවය යහපත් සන්සුන් කර කර ගැනීම සඳහා තම මව්පියන් හා ගුරුවරුන්ගෙන් ද ආගම් භක්තික නම් තම ආගමික පූජකතුමන්ගෙන් ද ආශිර්වාද ලැබීම තුළින් පුද්ගල මනස සැහැල්ලු වේ. සන්සුන් වේ. යහපත් වේ. එසේම මනස ශක්තිමත් බවකින් ආරෝපණය වේ.

විභාගයට ලියන විට සැලකිය යුතුයැයි හැගෙන කරුණු කීපයක් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම මැනවැයි හැගේ. එහි මූලික ම කාරණය වන්නේ කාලය කළමනාකරණය කර ගැනීම ය. ඕනෑම විභාගයක් සඳහා ලැබෙන්නේ සීමිත නිශ්චිත කාලයක් බැවින් එය සකසුරුවම් ව, අරපරෙස්සමින් පාවිච්චි කිරීමට සිදු වේ. නැතහොත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියන්නාක් මෙන් ඔබට ද "කාලය මදි වුණා" යැයි පසුව දුක්වන්නට සිදුවිය හැකිය. කාල කළමනාකරණයේ දී (Time management) මුලින් ම හැම ප්‍රශ්නයක් ම හොඳින් කියවා තේරුම් ගැනීම අවශ්‍ය ය.

ඇතැම් අපේක්ෂකයින් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර දැන සිටිය ද ප්රශ්නය හැඟීමකින්, අවබෝධයකින් කියවා තේරුම් නො ගැනීම හේතුවෙන් ගැටලු ඇතිකර ගෙන ආසාර්ථක පිළිතුරු ලියන බව ද වටහා ගනු වටී. ප්‍රශ්න පත්‍රය මුලින් ම සම්පූර්ණයෙන් කියවා තමන්ට පහුසවෙන් ලිවිය හැකි යැයි හැගෙන ප්‍රශ්න සලකුණු කර ගැනීම සුදුසු ය. අනතුරුව ඒ ප්‍රශ්නවලට අදාළ කාරණය, පිළිතුර එම ප්‍රශ්නයට නියමිත කාලය තුළ ලිවීමට උත්සාහ ගැනීම උචිත වේ.

තවද හැම ප්‍රශ්නයකට ම, එනම් ලිවීම අනිවාර්ය කර ඇති ප්‍රශ්න ඇතුළු ව නියමිත ප්‍රශ්න සංඛ්‍යාවට ම පිළිතුරු ලිවිය යුතුය. එක් ප්‍රශ්නයකින් හෝ මගහැරීම විශාල පාඩුවක් බව සැලකිය යුතු වෙයි. පිළිතුරු ලිවීමේ දී පිළිතුර ක්‍රමවත්ව, පිළිවෙළට ඉදිරිපත් කිරීම (presentation) ලකුණු වැඩිකර ගැනීමට හේතු වේ. ආවාට ගියාට, නො සැලකිලිමත් ලෙස නො ලියා (neatness) කදිමට තිබීම අවශ්‍ය ය.

පහසුවෙන් කියවිය හැකි (legible) හා වටහාගත හැකි සරල වාක්‍යවලින් ලිවීම වඩාත් යෝග්‍ය ය. විශේෂයෙන් අවධාරණය කර දක්වන්නට අවශ්‍ය තැන් ඉස්මතු කර (highlight) දැක්වීම හෝ තියුණු කර (point) දැක්වීම මගින් පිළිතුර වඩා සාර්ථක ඉදිරිපත් කිරීමක් කළ හැකිය. අනර්තර්ගතය (content) නියමිත පිළිතුර, විෂයය නිර්දේශයට අනුකූලව තිබීම මෙන් ම ඔබේ නිර්මාණාත්මක චින්තනය අනුව ඔබේ අදහස් (ideas) කරුණු, වගු (charts), සිතියම් (diagrams) සූත්‍ර (formula) ආදිය ද අවශ්‍ය නම් පිළිතුරට එකතු කිරීම කරන්න.

තවද ඔබ භාවිතා කරන භාෂාව නිවැරදිවීම, ගැළපෙන හොඳ වචන, අක්ෂර වින්‍යාසය හා වාක්‍ය හැකිතරම් නිවැරදි ලෙස භාවිත කරන්න. විභාග ශාලාව තුළ හැසිරීමත් මනාව පාලනය කරගත යුතු ය. එහි දී තම අවධානය නො බිඳී පවත්වා ගන්නා ආකාරයට හා තමන්ගෙන් අන් අයට හිරිහැර කරදර නොවන ආකාරයට හැසිරීමට වගබලා ගැනීම වටී. විභාග ශාලාව තුළ පිළිපැදිය යුතු නීතිරීතිවලට අනුකූල විය යුතු ය.

එසේ නො වුවහොත් ඇතැම්විට නීති කැඩීම විභාගය අවලංගු වීම හා ජීවිත කාලයට ම විභාග තහනම් වීමට ද ඉඩ තිබේ. ලියූ පිළිතුරක් මකා දැමීම හෝ අවලංගු කිරීම කරන්නේ නම් සැලකිලිමත්ව එය කළ යුතු ය. කලබලයෙන් කපා දැමීමේ දී නිවැරදි පිළිතුරක් ඊට හසුවිය හැකි ය. ප්‍රශ්න අංකය හා පිළිතුරු අංකය හරියට ම ගැළපේදැයි නැවත පිරික්සන්න. පිළිතුරු පත්‍රය පරීක්ෂකවරුන්ට දුන්පසු ලියූ ප්රශ්නවල අඩුවැඩිකම් කිසිවක් පසුව පරීක්ෂා නො කරන්න. අන් අයගේ ඒවා හා නො සසඳන්න. විභාගය අවසන් වනතුරු මෙය පවත්වා ගන්න. මන්ද ඔවුන් පිළිතුරු පරීක්ෂකවරුන් නො වන බැවිනි. විභාගයට සූදානම් වීමත් පෙනී සිටීමත් නිවැරදිව කළ යුතු ව්‍යාපෘතියක් බව හඳුනාගන්න.

කරුණාතිලක හඳුන්පතිරණ

[QUOTE="බෙන් 10, post: 24973372, member: 512836"] [b]විභාගය අභිමුව සිටින ඔබ සිතිය යුතු දේ[/b] [SIZE="4"][COLOR="DarkGreen"]ඔබේ විභාගය දැන් අත ළඟ ය. එය ජීවිතයේ තීරණාත්මක සන්දිස්ථානයක් යැයි සිතමින් සිත නොසන්සුන් කර ගැනීමට අවශ්‍ය නැත. සිත කලබල, චංචල කරගත යුතු නැත. ඇතැම් විෂය කරුණු ගැන බලා. කියවා පාඩම් කර ගැනීමට බැරි වූවා යැයි අතපසු වූ දේවල් ගැන මෙනෙහි කිරීම ද ඔබට බාධාවකි. බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කරන අය ද විභාග අසමත් විය හැකි අතර සාමාන්‍ය පරිදි ඉගෙනගත් එතරම් වෙහෙසක් නො දැරූ අය ඉහළින් සමත්වන බව ද ඔබ වටහා ගැනීම වැදගත් ය. එනම් ඔබ මෙතෙක් ඉගෙනගෙන, පාඩම් කර ඇති කරුණු නිවැරදි ලෙස උචිත පරිදි ඔබට ලැබෙන ප්‍රශ්නවලට අදාළව පිළිතුරු ලීවා නම් ඔබේ ජයග්‍රහණය නියත බව විශ්වාසයට ගන්න. විභාග දොරටුව අභියස සිටින ඔබට පහත දක්වන කරුණු ගැන අවධානය යොමු කිරීම කාලෝචිත ය. ඔබ විභාග ශාලාවට ඇතුළු වූ විට සැහැල්ලු, සන්සුන් නිස්කලංක මනසක් පවත්වා ගැනීමට උත්සාහ දරන්න. මෙහිදී සියලු ආකාරයේ බාහිර ගැටලු, ප්‍රශ්න මෙන් ම තමන්ට කර ගැනීමට අතපසු වු පාඩම් කොටස් ආදී සියල්ල අත්හැර, අමතක කර දමන්න. "මට පුළුවන් හැටියට මම පාඩම් කළානෙ.." යන්න මෙනෙහි කර තමා ගැන ම විශ්වාසය ගොඩනගා ගන්න. මක්නිසාදැයි කිවහොත් විභාගයට පෙනී සිටින සියලු දෙනාම නොදන්නා විෂය කරුණු ඕනෑතරම් තිබෙන නිසා ය. වැදගත් වන්නේ තමා දන්නා දැනුම මැනවින් ගළපා හොඳින් සිහිකල්පනාව මෙහෙයවමින් විභාග ප්‍රශ්න පත්‍රයට හරියට පිළිතුරු ලිවීමේ අභියෝගය බාර ගැනීමයි. ඔබ විභාග ප්‍රශ්න පත්‍රය අතට ගත්විට සන්සුන් වන්න. හුදෙක් ප්‍රශ්න පත්‍රය වෙත අවධානය හොඳින් තබා ගන්න. පළමුව ඔබේ විභාග අංකය හැම පිළිතුරු පත්‍රයකම සටහන් කිරීමට අමතක නොකරන්න. ලියූ විභාග අංකය නිවැරදි දැයි නැවතත් පරීක්ෂා කර නිවැරදි බව තහවුරු කර ගන්න. ඊට හේතුව ඔබ මෙතෙක් ගත් සියලු උත්සාහයන් සාර්ථක හා ඵලදායී වනුයේ විභාග අංකය මත බැවිනි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී අවශ්‍ය ප්‍රමාණයට අතිරේක කඩදාසි ලබා ගන්න. කිසිවිටෙකත් ඔබට අවශ්‍ය කඩදාසි කොළ ලබා ගැනීමට මැළිවීමක් හෝ පසුබට වීමක් ඇතිකර නොගත යුතුය. ප්‍රශ්න පත්‍රය ලැබුණ පසු එය කියවා බලා එහි දී අපැහැදිලි, මුද්‍රණ දෝෂ හෝ පිටුවල යම් අඩුවක් නම් එසේත් නැතිව වෙනත් ගැටලුවක් වේ නම් ඒ බව විභාග ශාලාධිපතිට දන්වා ඒ ගැන පැහැදිලි කර ගැනීමක් කළ හැකිය. විභාගය සඳහා ඇති බිය, සැක හෝ ආතතිය හැමවිට ම නරක හා හානිකර නොවන බව සිහි තබා ගැනීම වටී. යම් ප්‍රමාණයක බිය, සැක හා ආතතිය තිබීම ජීවිත අභියෝග ජය ගැනීමට අවශ්‍ය ය. එනම් ළමයාගේ ඉගෙනීමට එය පිටිවහලක් වෙයි. අධ්‍යයනයේ දී මෙන් ම විභාගයේ දී ද ඒ සඳහා උත්තේජනයක් ඇතිකර ගැනීමට සහ අවධානය වැඩිකර ගැනීමට ද හේතු වේ. එබැවින් යම් පමණකට දැනෙන ආතතිය(stress) කළමනාකරණය කර ගත හැකි වේ. එය අවශ්‍ය ම දෙයකි. ශිෂ්‍ය ශිෂ්‍යාවනට දැනෙන සාමාන්‍ය ආතතිය අසාමාන්‍ය දෙයක් නොව සාමාන්‍ය දෙයකි. මේ හේතුවෙන් විභාගයට පෙර දින ඔබට අවශ්‍ය, විභාගයට පෙනී සිටීමේ දී අවශ්‍ය කරන සියලු උපකරණ ද අමතර වශයෙන් එකක් දෙකක් සූදානමින් රැගෙන යන්න. තමාගේ හැඳුනුම්පත අත්‍යවශ්‍ය ම වුවකි. විභාග ශාලාවේ වැඩකටයුතුවල දී තමාට අවශ්‍ය යම් උපරකණයක් ලබා ගැනීමට නො හැකිවීම, අවධානය බිඳවැටීමට හේතු විය හැකිය. විභාගයට පෙනී සිටීමට නියමිත දිනයේ ප්‍රමාණවත් වේලාවකට කලින් (පැයකට පමණ පෙර) විභාගය පවත්වන ස්ථානයට යාම තමාගේ ස්ථානය හඳුනා ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් ය. විභාගය පවත්වන මධ්‍යස්ථානයට ළඟා වීමට බස් හෝ දුම්රිය මගින් යාමට සිදු වන්නේ නම් මෙය ඉතා වැදගත් ය. අපේක්ෂිත බසය හෝ දුම්රිය නො තිබුණොත් හරියට වෙලාවට යාමට වේලපහින් නො ගියොත් ඒ අපේක්ෂකයාට ප්‍රමාදවිය හැකිය. එය සිත නොසන්සුන් වීමට හේතු වෙයි. එය කෙතරම් හොඳට සූදානම් ව පැමිණි සිසුවකු වුව ද සිත කලබලයට පත්කරනු ඇත. විනාඩියක් ප්‍රමාද වුව ද මේ සිත අවුල්වීම වළකා ගත නො හැකි දෙයකි. එය විභාග අපේක්ෂකයා අසහනයට පත් කරන්නකි. එබැවින් තමාට නියමිත විභාග කාලසටහන ලැබුණ පසු තමාගේ විෂයයන්ට අදාළ දිනය, වේලාව කල්තියා නිවැරදිව තහවුරු කර තබා ගැනීම අවශ්‍ය ය. මේ සඳහා සුදුසු පියවරක් නම් තමන්ට නියමිත විෂයයන් කීපය පමණක් තෝරා ඒවා වෙනත් කඩදාසියක පැහැදිලිව සඳහන්කර තබා ඒ අනුව ක්‍රියාකිරීම යි. තවද තමන් පෙනී සිටින විෂයයන් පවත්වනු ලබන දින අතර පරතරය මනාව තේරුම් ගෙන ඒ අනුව ඒ ඒ විෂයයන් සඳහා සූදානම් වීම ද වැදගත් කරුණකි. විභාගයට පෙනී සිටින කාලය තුළ ඔබ විවිධාකාර රෝග, අසනීප තත්ත්වයන්ගෙන් මිදී සිටීම ද වැදගත් ය. උදාහරණ ලෙස ඊට ආසන්න දිනවල සිට තද අව්වේ ක්‍රීඩා කිරීම හා වෙනත් ක්‍රියාවල යෙදීම, වැස්සට තෙමීම, පින්නට හසු වීම, අධික ශීතල දිය නෑම, ආසාත්මිකතාව (Allergic) ඇතිවිය හැකි ආහාර පාන වර්ග ගැනීම, මාංස බහුල ආහාර ගැනීම ආදියෙන් වැළකීම මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ. තම මානසික ස්වභාවය යහපත් සන්සුන් කර කර ගැනීම සඳහා තම මව්පියන් හා ගුරුවරුන්ගෙන් ද ආගම් භක්තික නම් තම ආගමික පූජකතුමන්ගෙන් ද ආශිර්වාද ලැබීම තුළින් පුද්ගල මනස සැහැල්ලු වේ. සන්සුන් වේ. යහපත් වේ. එසේම මනස ශක්තිමත් බවකින් ආරෝපණය වේ. විභාගයට ලියන විට සැලකිය යුතුයැයි හැගෙන කරුණු කීපයක් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම මැනවැයි හැගේ. එහි මූලික ම කාරණය වන්නේ කාලය කළමනාකරණය කර ගැනීම ය. ඕනෑම විභාගයක් සඳහා ලැබෙන්නේ සීමිත නිශ්චිත කාලයක් බැවින් එය සකසුරුවම් ව, අරපරෙස්සමින් පාවිච්චි කිරීමට සිදු වේ. නැතහොත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියන්නාක් මෙන් ඔබට ද "කාලය මදි වුණා" යැයි පසුව දුක්වන්නට සිදුවිය හැකිය. කාල කළමනාකරණයේ දී (Time management) මුලින් ම හැම ප්‍රශ්නයක් ම හොඳින් කියවා තේරුම් ගැනීම අවශ්‍ය ය. ඇතැම් අපේක්ෂකයින් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර දැන සිටිය ද ප්රශ්නය හැඟීමකින්, අවබෝධයකින් කියවා තේරුම් නො ගැනීම හේතුවෙන් ගැටලු ඇතිකර ගෙන ආසාර්ථක පිළිතුරු ලියන බව ද වටහා ගනු වටී. ප්‍රශ්න පත්‍රය මුලින් ම සම්පූර්ණයෙන් කියවා තමන්ට පහුසවෙන් ලිවිය හැකි යැයි හැගෙන ප්‍රශ්න සලකුණු කර ගැනීම සුදුසු ය. අනතුරුව ඒ ප්‍රශ්නවලට අදාළ කාරණය, පිළිතුර එම ප්‍රශ්නයට නියමිත කාලය තුළ ලිවීමට උත්සාහ ගැනීම උචිත වේ. තවද හැම ප්‍රශ්නයකට ම, එනම් ලිවීම අනිවාර්ය කර ඇති ප්‍රශ්න ඇතුළු ව නියමිත ප්‍රශ්න සංඛ්‍යාවට ම පිළිතුරු ලිවිය යුතුය. එක් ප්‍රශ්නයකින් හෝ මගහැරීම විශාල පාඩුවක් බව සැලකිය යුතු වෙයි. පිළිතුරු ලිවීමේ දී පිළිතුර ක්‍රමවත්ව, පිළිවෙළට ඉදිරිපත් කිරීම (presentation) ලකුණු වැඩිකර ගැනීමට හේතු වේ. ආවාට ගියාට, නො සැලකිලිමත් ලෙස නො ලියා (neatness) කදිමට තිබීම අවශ්‍ය ය. පහසුවෙන් කියවිය හැකි (legible) හා වටහාගත හැකි සරල වාක්‍යවලින් ලිවීම වඩාත් යෝග්‍ය ය. විශේෂයෙන් අවධාරණය කර දක්වන්නට අවශ්‍ය තැන් ඉස්මතු කර (highlight) දැක්වීම හෝ තියුණු කර (point) දැක්වීම මගින් පිළිතුර වඩා සාර්ථක ඉදිරිපත් කිරීමක් කළ හැකිය. අනර්තර්ගතය (content) නියමිත පිළිතුර, විෂයය නිර්දේශයට අනුකූලව තිබීම මෙන් ම ඔබේ නිර්මාණාත්මක චින්තනය අනුව ඔබේ අදහස් (ideas) කරුණු, වගු (charts), සිතියම් (diagrams) සූත්‍ර (formula) ආදිය ද අවශ්‍ය නම් පිළිතුරට එකතු කිරීම කරන්න. තවද ඔබ භාවිතා කරන භාෂාව නිවැරදිවීම, ගැළපෙන හොඳ වචන, අක්ෂර වින්‍යාසය හා වාක්‍ය හැකිතරම් නිවැරදි ලෙස භාවිත කරන්න. විභාග ශාලාව තුළ හැසිරීමත් මනාව පාලනය කරගත යුතු ය. එහි දී තම අවධානය නො බිඳී පවත්වා ගන්නා ආකාරයට හා තමන්ගෙන් අන් අයට හිරිහැර කරදර නොවන ආකාරයට හැසිරීමට වගබලා ගැනීම වටී. විභාග ශාලාව තුළ පිළිපැදිය යුතු නීතිරීතිවලට අනුකූල විය යුතු ය. එසේ නො වුවහොත් ඇතැම්විට නීති කැඩීම විභාගය අවලංගු වීම හා ජීවිත කාලයට ම විභාග තහනම් වීමට ද ඉඩ තිබේ. ලියූ පිළිතුරක් මකා දැමීම හෝ අවලංගු කිරීම කරන්නේ නම් සැලකිලිමත්ව එය කළ යුතු ය. කලබලයෙන් කපා දැමීමේ දී නිවැරදි පිළිතුරක් ඊට හසුවිය හැකි ය. ප්‍රශ්න අංකය හා පිළිතුරු අංකය හරියට ම ගැළපේදැයි නැවත පිරික්සන්න. පිළිතුරු පත්‍රය පරීක්ෂකවරුන්ට දුන්පසු ලියූ ප්රශ්නවල අඩුවැඩිකම් කිසිවක් පසුව පරීක්ෂා නො කරන්න. අන් අයගේ ඒවා හා නො සසඳන්න. විභාගය අවසන් වනතුරු මෙය පවත්වා ගන්න. මන්ද ඔවුන් පිළිතුරු පරීක්ෂකවරුන් නො වන බැවිනි. විභාගයට සූදානම් වීමත් පෙනී සිටීමත් නිවැරදිව කළ යුතු ව්‍යාපෘතියක් බව හඳුනාගන්න.[/COLOR][/SIZE] [B]කරුණාතිලක හඳුන්පතිරණ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom