විමල්ගේ නිවසේ මියගිය තරුණයා ‘ව්‍යාඝ්‍රා’ &#346

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
bump

http://www.lankawire.com/විමල්ගේ-නිවසේ-මියගිය-තරු/

විමල්ගේ නිවසේ මිය ගිය තරුණයා අධිකව ව්‍යාඝ්‍රා අරන්
Be the first to comment!
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටි ලහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී 'ව්‍යාඝ්‍රා' අධි මාත්‍රාවක් ගෙන තිබූ බවට ඔහු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ලහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී 'ව්‍යාඝ්‍රා' අධි මාත්‍රාවක් ගෙන සිටි බව එම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දසනායක මහතාගේ වාර්තාවේ පැහැදිලිව සදහන් වන බව තලංගම පොලිස් ආරංචි මාර්ග ද තහවුරු කරයි.

මේ අතර මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ද තලංගම පොලිසියට නොහැකි වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට කතානායක දේශබන්දු කරූ ජයසූරිය මහතා අවසර දී ඇතත් විවිධ හේතූන් ඉදිරිපත් කරමින් ඔහු පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දීම මග හරිමින් සිටින බව තලංගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත හෙළි කළේය.

එමෙන්ම මේ මරණය සම්බන්ධයෙන් ශශී වීරවංශ ඇයගේ දියණිය සහ පුත් විභූති වීරවංශ ද මියගිය තරුණයාගේ මව සහ මාමා ද ලබා දී තිබෙන සාක්කි එකිනෙකට පරස්පර විරෝධී බවද පොලිසිය පෙන්වා දෙයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මියගිය තරුණයාගේ මවට සහ මාමාට මුදල් ලබාදී මේ මරණය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස බලපෑම් කර ඇති බවටද තොරතුරු ලැබී තිබෙන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද, ලහිරු ජනිත් දිසානායක තරුණයා සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දුන් වහාම මේ සිද්ධියට අදාල පරීක්ෂණ වේගවත් කරමින් විධිමත් සහ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිසිය පවසයි.

මෙම තීන්දුව ලබාදුන් වහාම ඒ මත පදනම්ව විමල් වීරවංශ මහතා සහ ශශී වීරවංශ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගෙන්ද මියගිය තරුණයාගේ පවුලේ සියලු දෙනාගෙන්ම ද දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සාධාරණ සහ අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නීතිය සහ සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිසියට දැනුම් දී ඇත.

ලහිරු ජනිත් දිසානායක තරුණයාගේ මරණය සම්බන්ධ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබා දී තිබෙන්නේ විවෘත තීන්දුවක් නිසා එම සිද්ධිය පිළිබද විමර්ශන යම් ප්‍රමාණයකට අඩාල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

- සුජිත් මංගල ද සිල්වා-
 
Last edited:

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
oii wimalge gaani,duwai adikarana niyogayak aran tiyenne..tho meke atte source daapan nattam.kudalagen aran yayi thowa
 

Similar threads