විමල් වීරවංශ සහ බිරිඳ 7 වසරක් හිරේ.

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    විමල් වීරවංශ සහ බිරිඳ 7 වසරක් හිරේ.

    විමල් වීරවංශ සහ බිරිඳ 7 වසරක් හිරේ..? තම නම් පමණක් නොව උපන් දින උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදලා මාට්ටු: මෙන්න සාක්කි..!



    මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ නොහැකි ලෙසටත් එසේ වෙනස් කිරීම සාපරාධී වරදක් ලෙසත් සලකා නීති සම්පාදනය කර තිබේ. ලංකාවේ නීතියද එසේමය. මිනිසෙකු තම උප්පැන්න සහතිකයේ හෝ අන් කවර රජයේ ලේඛනයක හෝ තම උපන් දිනය වෙනස් කළ හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 455 වන වගන්තිය යටතේ වසර 7 ක සිර දඬුවමකට යටත් විය යුතුය. දඩයකටද යටත් විය යුතුමය.
    මෙම නීතිමය හේතු වලටත් වඩා ශිෂ්ඨාචාර මිනිසෙකුට තම උපන්දිනය වෙනස් කර ජීවත් විය නොහැකිය. ඒ ශිෂ්ඨාචාර මිනිසාගේ බොහෝ සංස්කෘතික බැඳීම් උපන්දිනය හා බැඳී ඇති නිසාය. එබැවින් යම් පුද්ගලයෙක් තම උපන් දිනය කූඨ ලෙස වෙනස් කරන්නේ නම් ඔහු වසර 7 ක් සිර දඬුවම් විඳිනවා පමණක් නොව අශිෂ්ඨ වනචාරියෙක් ලෙස ශිෂ්ඨාචාර සමාජය සලකනු ලබන්නේ ය.

    ඉහත කී පූර්විකාව ලීවේ දැනටමත් තම නාමය තෙවරක් වෙනස් කරගෙන ජීවත් වන පුද්ගලයෙක් වන වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ සිය උපන් වර්ෂය ද ව්‍යාජ ලෙස සකසා ඇති බව හෙළිදරව් කිරීමට ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ ද තම නාමයත්, උපන් වර්ෂයත්, උපන් දිනයත්, උපන් ස්ථානයත් ව්‍යාජ ලෙස සකස් කරගෙන තිබේ.

    1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය.

    2. නමුත් වැඩිමල් දරුවා වූ විභූති විශ්වජිත් රාගම මහ රෝහලේ දී 1997 සැප් 17 උපත ලබද්දී ඔහුගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ පියාගේ උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1965 මාර්තු 07 ලෙසය. එකළ ඔහුගේ රැකියාව නාගරික මන්ත්‍රී ලෙස සඳහන් ය. නාගරික මන්ත්‍රීවරයෙකුට තම උපන් වසර ගැන වැරදීමක් සිදුවිය නොහැක. මන්ද මෙම ඉපැදීම දැනුම් දී ඇත්තේ ද වීරවංශ යැයි එහි සඳහන් වන නිසාය. මෙය රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ වරදක් වී යැයි අප උපකල්පනය කළත් එය අපූරු වරදක් වන්නේ විභූති පුතා උපන්නාට වසර 4 කට පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2001 සැප්තැම්බර් 04 වන දින උපදින විමාෂා විශ්වාදරී දුවගේ උප්පැන්න සහතිකයේද පියා ලෙස විමල් වීරවංශගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 දිනයම සඳහන් වීමයි. පුතාගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ ඉපදී ඇත්තේ ඉත්තෑපාන රජයේ රෝහලේ වන අතර දුව උපදින කාලය වන විට විමල් වීරවංශ ඉපදී ඇත්තේ කළුතරය. මේවා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැරදි ලෙස සැලකිය නොහැක්කේ මේ දැනුම් දීම් සිදුකර ඇත්තේ විමල් වීරවංශ විසින්ම නිසා ය.

    මේ උප්පැන්න දෙකේ ම මවගේ නම ශීර්ජා උදයන්ති වන අතර උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1967 පෙබරවාරි 01 වෙනිදා ය. ඒ අනුව කසාද බඳිද්දී බිරිඳට වඩා වසර 3කින් බාලව සිටි වීරවංශ දරුවන් උපදින විට බිරිඳට වඩා වසර 2 කින් වැඩිමහල් වී තිබේ.

    3. නමුත් 2008 දෙසැම්බර් 10 වන විට වීරවංශ විසින් උප්පැන්න රෙජිස්ට්‍රාර් වරයාට කරන ප්‍රකාශ පත්‍රයක් පාදක කරගෙන රෙජිස්ට්‍රාර් වරයා විසින් පියාගේ උපන් දිනය ලෙස යලිත් 1970 මාර්තු 07 වෙනිදා යනුවෙන් වෙනස් කර තිබේ.

    ඒ අනුව යලිත් බිරිඳ වැඩිමහල් වී විමල් බාල වී ඇත. එයද වෙනස් කළ යුතු නිසා යලිත් වරක් 2011 මාර්තු 28 දා විමල් වීරවංශගේ බිරිඳ කරන ලද ප්‍රකාශයක් මත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විසින් බිරිඳව විමල්ට වඩා වසරකින් බාල කරවා ඇත. ඒ අනුව 1967 පෙබරවාරි 01 දා උපන් ඇයගේ නව උපන් දිනය ලෙස 1971 පෙබරවාරි 03 ලෙස විකෘති කර ඇත. මෙහි ඇති අපූරුව නම් එම වෙනස් කිරීමත් සමග මෙතෙක් කල් ‘ශීර්ජා උදයන්ති‘ ලෙස පෙනී සිටි විමල්ගේ බිරිඳ ‘ෂෙහාෂා‘ ලෙස නම් වෙනස් කරගෙන තිබීම පමනක් නොව සත්‍ය උපන් දිනය වූ පෙබරවාරි 01 දිනය වෙනුවට පෙබරවාරි 03 ලෙසද වෙනස් කර තිබීම ය.

    4. විමල් වීරවංශගේ බිරිඳ එතැනින්ද නැවතී නැත. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයද ව්‍යාජ එකකි. එහිදී වැල්ලම්පිටියේ උපන් ශීර්ජා වැල්ලවත්තේ උපන් ෂොහාෂා වී ඇත. එහිද සත්‍ය උපන් දිනය වූ 1967 පෙබරවාරි 01 දා වෙනුවට ඇත්තේ 1971 පෙබරවාරි 03 වැනිදා දිනය ය.

    5. ලංකාවේ පුරවැසියෙකු හඳුනා ගැනීමට ඇති පුද්ගල හැඳුනුම්පත් අංකයේ අංක 5 කින්ම දැක්වෙන්නේ එම පුද්ගලයාග‍ේ උපන් දිනයයි. ඒ අනුව නිරායාසයෙන්ම වීරවංශගේ සහ බිරිඳගේ ජාතික හැඳුනුම්පත ද ව්‍යාජ සහ විකෘති ඒවා වනු ඇත.

    පුද්ගලයෙකුට තම නාමය වෙනස් කර ගත හැකි නමුත් කිසිවෙකුට තම උපන් දිනය සහ උපන් ස්ථානය වෙනස් කිරීමට කිසිදු නීතිමය ඉඩ කඩක් නැත. ඒ අනුව මෙම වෙනස් කිරීම් කළ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ පමණක් නොව ඊට සහාය දුන් රාජ්‍ය නිලධාරීන් ද කූඨ ලේඛන සැකසීම යටතේ වසර 7ක සිර දඬුවමකට යටත් විය යුතුමය.

    පසු සටහන :-- වීරවංශගේ විවාහ සහතිකයේ සාක්කි කරුවෙක් වන්නේ වත්මන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාය. එහි ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් කර ඇත්තේ පුවත් පත් කර්තෘ වරයෙක් ලෙසය. එයද ව්‍යාජයකි. අප දන්නා තරමින් ටිල්වින් සිල්වා කෙදිනකවත් පුවත්පත් කර්තෘ වරයෙක් ලෙස රස්සාවක් කර නැත. වීරවංශගේ ව‍ෘත්තිය ලෙස පුවත් පත් කලාවේදී ලෙස සඳහන් කර ඇති නිසා සාක්කි කරු කර්තෘ වරයෙක් කරවා ඇති බව පැහැදිලිය. :angry::angry:

    (මීට අදාල සියළු සාක්ෂි ලේඛන මේ සමග ඇත.)

    LEN

    419_zps11aaa0ab.jpg
    511_zps227091ab.jpg
    225_zps4e3d50e2.jpg
    612_zpsa5615838.jpg
    148_zps6be85fbb.jpg
     
    • Like
    Reactions: Lakshan-Seram
    Nov 24, 2014
    789
    64
    0
    තවත් ඊනිව්ස් අනාතයෙක්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
    අපි ඔය දේශපාලකයන්ට පක්කලි සර්විස් කරන්නෙ නැ
    තවත් ඊනිව්ස් අනාතයෙක්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව හිටපන් බන්