Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල් හැදුවේ ජනපතියි අගමැතියි අතර ගැටුමක් හදන්න – සාගර කාරියවසම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අතර ගිය සතියේ ඇතිවූයේ මහා සටනකි. ඒ සටන කොතරම් දුරදිග ගියේදැයි කියනවා නම් මින් පෙර එකට සිටි පොහොට්ටුවේ පාර්ශ්ව ඔවුන් දෙදෙනා වෙනුවෙන් දෙකට බෙදුණි. එහිදී විමල් පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සාගර කාරියවසම් කියන්නේ කවුද යන්නය. ඇත්තටම කවුද මේ සාගර කාරියවසම්?

ඔහු 1960 සිට 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඇල්බට් කාරියවසම්ගේ පුතාය. රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කර ඇති ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 2001 වසරේ සිටය. 2009 වසරේදී ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්විය. ඉන්පසු ඔහු බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායක ධුරයට පත්විය. ඉක්බිතිව 2015 වසරෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇරඹූ විට එහි මහ ලේකම්වරයා වූයේ ඔහුය. මේ, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විමල් වීරවංශ සමග ඇති වූ අර්බුදය ගැන දැක්වූ අදහස්ය

ඇත්තටම මහින්ද සුළඟ බිහි වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියන දේශපාලන නායකයා වටේ. ඔහු ජනතා ආකර්ෂණය දිනාගත් නායකයෙක්. 2015 ජනවාරි 08 වැනි දින පැරදිලා එතුමා තංගල්ල නිවසට ගියා. මහින්ද සුළඟ හමන්න පටන් ගත්තේ ජනවාරි 09 වැනිදා සිටයි. එය කවුරුවත් ආරම්භ කළ දෙයක් නොවෙයි. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින අහිංසක ජනතාව එතුමා බලන්න තම වියදමෙන් තංගල්ලට ආවා. යම්කිසි පුද්ගලයෙක් කියනවා නම් මම මහින්ද සුළඟ ඇති කළේ කියලා එය බොරුවක්.

ඔබ එසේ ප්‍රකාශ කළාට නිදහස් පෙරමුණේ නායකයා සඳහන් කළා මහින්ද සුළඟ පෙබරවාරි මාසය වනවිට ආරම්භ කිරීමට ඔහු මූලික වුණා කියලා?

මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගුණු ජන ගංගාව එකතු වූයේ ඔහු නිසයි. වෙන කවුරුත් නිසා නොවෙයි. එහෙම කවුරු හරි කියනවා නම් එය විහිළු කතාවක්. කවුරුවත් කියලා මිනිස්සු බස්වලින් තංගල්ලට ආවේ නැහැ. ඇතැම් මිනිස්සු වන්දනාවේ යනවා වගේ පොල් මල් ගහලා තංගල්ලට ආවේ. පැය ගණන් පෝලිමේ ඉඳලා මහින්ද මහත්තයාගේ මුහුණ බලාගත්තේ. එය පිටුපස පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටියේ නැහැ. එහෙම ඇතිවූ රැල්ල දේශපාලන ක්ෂේත්රයට ගෙන ඒමට අමාත්‍ය විමල් වීරවංශ දායකත්වයක් දැක්වූවා. . අනෙකුත් නායකයන්ද එය කළා. තනි පුද්ගලයකුගේ වැඩක් නෙවෙයි. බලවේග ගොඩනැගෙන්නේ ප්රතාපවත් චරිත වටා බව කියන්න ඕන.

මහින්ද සුළඟේ ආරම්භයේදී ඔබ සිටියේ කොහේද?

එක් එක් පුද්ගලයන් දායකත්වය දක්වන්නේ තමන්ගේ හැකියාව අනුවයි. මම නීතිඥවරයකු ලෙස ඊට අවශ්‍ය දායකත්වය දැක්වූවා. මහින්ද මහත්තයා දුන්නු උපදෙස් මත නීතිඥ සුමිත් විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමත් අපිත් එක්ක හිටියා. දේශපාලන මට්ටමෙන් කථිකයෙක් ලෙස අමාත්‍ය විමල් වීරවංශ ඊට දායකත්වය දැක්වූවා.

නමුත් අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරන්න දායකත්වය දැක්වූවානේ…

කිසිම දායකත්වයක් දැක්වූයේ නැහැ. අලුත් පක්ෂයක් බිහි කරන්න ඔහු කැමති වුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් බිහි කරන්න තමයි ඔහු උත්සාහ කළේ. අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අපි එතුමන්ව පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරමින් තමයි පක්ෂය ගොඩනැගුවේ. පක්ෂය ගොඩනැගීමේ වගකීම, ගෞරවය හිමි විය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාටයි. මම ඒ කර්තව්‍යය ඇස් දෙකෙන් දැක්කා. සුළු කාලයකින් පක්ෂය නිර්මාණය කර 2018 වසරේදී පළාත් පාලන මැතිවරණයද ජයගත්තා. එම ජයග්‍රහණයට පෙබරවාරි 10 වැනිදාට වසර තුනක්ද ගතවුණා.

විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිය ඉල්ලුවත් ඔබලා එය ප්‍රතික්ෂේප කරනවා නේද?

මේ ප්රශ්නය ඇතිවෙන්නේ අමාත්‍යවරයා සතිඅන්ත පුවත්පතකට කළ ප්‍රකාශයත් සමගයි. මහින්ද මහත්තයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුණා. මේ එතුමාගේ පක්ෂය නොවෙයි, තීරණ ගන්නත් බැහැ. ප්‍රකාශ දෙන්නත් බැහැ. අපි කියන්නේ අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකළා කියලා. අමාත්‍යවරයා දේශපාලනය හොඳට දන්නවා. අපි ඒකයි විරෝධය පළ කරන්නේ. ලොකු ප්‍රශ්නයක් ඇති කරලා බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂවලට එවැනි කතාවක් කියන්න අයිතියක් නැද්ද?

ජනාධිපතිවරයාගේ දේශපාලන පළපුරුද්ද ගැනත් අමාත්‍ය විමල් වීරවංශ කියනවා. රාජපක්ෂවරු කියන්නේ උත්පත්තියෙන්ම දේශපාලන පවුලක අයයි. ගිරුවාපත්තුවෙ අය. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට කොටුවෙලා ඉන්නවා කියනවා. ව්‍යංගයෙන් අමාත්‍යවරයා කියන්නේ අපට ඉන්නේ ජනාධිපති කාර්යාලයට කොටු වූ ජනාධිපතිවරයෙක් කියලා. එය ජනතාවට පෙන්වන්න හදනවා. එය වැරදි ප්‍රකාශයක්. එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට කොටුවෙලා නැහැ. ඉතාම කෙටි කාලයකින් ගමට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දෙන නායකයෙක්. එම නිසා අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දී තිබෙනවා. එය අමාත්‍ය විමල් සද්භාවයෙන් කළ වැඩක් නෙවෙයි, යෝජනාව පත්තරයකට කියලා වැඩක් නැහැ. පක්ෂයට ලිපියකින් හෝ දැනුම් දෙන්න තිබුණා.

ඔබ ඔහොම ප්‍රකාශ කළාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ රැස්වීමක් නොතිබුණ බවට අමාත්‍යවරයා චෝදනා කරනවා…

එය වැරදි කතාවක්. කොවිඩ් පැතිර යාමට පෙර පක්ෂ නායක රැස්වීම සතිපතා පැවැත්වූවා. සෞඛ්‍ය හා ආරක්ෂක උපදෙස් මත පක්ෂ නායක රැස්වීම පවත්වන්න බැරි වුණා. නමුත් පළාත් සභා ඡන්දය ගැන කතා කරන්න පක්ෂ නායක රැස්වීමක් ගිය මාසේ තිබුණා. පක්ෂ නායක රැස්වීමක් තිබුණේ නැහැ කියලා අඬ අඬා ඉඳලා වැඩක් නැහැ. කියන්න ඕන, එයයි දේශපාලනය. ඉල්ලීමක් කළ වහාම රැස්වීම කැඳවනවා.

ඔබට ‘පොඩි ළමයා’ කියලා විමල් වීරවංශ හැඳින්වූවා?

විමල් වීරවංශ අමාත්‍යවරයාට උත්තර දෙන්න නැති වුණාම මොනවා හරි කියනවා. ප්රශ්නය මගහරින්න එපා. අපි කරන්නේ ජාතික තලයේ දේශපාලනයක්. ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දෙන්න. මුහුණු පොතේ මඩ ගහලා මාධ්‍යට විතරක් කතා කරලා ප්‍රශ්න විසඳන්න බැහැ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අර්බුදයත් සමගයි මෙම දේශපාලන අර්බුදය නිර්මාණය වෙන්නේ. මෙම අර්බුදයෙන් ජනතා ප්‍රශ්න ගැන අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහයක් තිබෙනවාද?

එවැනි කිසිදු උත්සාහයක් නැහැ. එය බොරුවක්.

කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානිට දීමට නොහැකි වීම නිසා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වුවමනාවට ඔබ විමල් වීරවංශ විවේචනය කරනවාද?

එහි සත්‍යතාවක් නැහැ. බැසිල් රාජපක්ෂ මහතාට එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. මෙම සිදුවීම ගැන ඔහු කිසිදු ප්‍රකාශයක් කරලත් නැහැ. අමාත්‍ය මණ්ඩලයේදී වරාය ප්රශ්නය ගැන කතා කරනකොට අමාත්‍ය විමල් වීරවංශත් ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවයි. නමුත් ඊට වඩා වෙන දෙයක් කරලා රාජ්‍ය නායකයා, අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් ඇතිකරන්න උත්සාහ කළා. වරාය විකුණන්නේ නැහැ, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා පැහැදිලි තීරණයක් ගෙන තිබියදී තමයි ඔහු එහෙම කරන්නේ.

විමල් වීරවංශ එවැනි විරෝධයක් මතු කරන්නේ මොකද? මෙමගින් පක්ෂය තුළ ඉඟුරු කල්ලියක් බිහිවුණා කීවොත් නිවැරදිද?

මෙහෙමයි, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වරායේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. එවැනි තීන්දුවක් ගෙන තිබියදී අමාත්‍යවරයා විරෝධය පළ කරලා මගේ විරෝධය නිසා මේක නතර කළා කියලා ජනතා ප්‍රසාදය ගන්න හදනවා. එය වැරදියි. ජනතාව ඉදිරියේ වීරයෙක් වෙන්න හදන්න එපා.

සඳුදා (08) දින ඔබ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පාලන ලේකම් රේණුක පෙරේරා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී ප්‍රකාශ කෙරුණේ විදේශීය බුද්ධි අංශවලින් පඩි ලබන වෛද්‍යවරු දෙදෙනෙක් විමල් ළඟ සිටින බව. එය සත්‍යයක්ද?

වෛද්‍යවරුන් දෙදෙනකු තිරය පිටුපස ඉන්නවා කියලා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පාලන ලේකම්වරයා. මම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් බරපතළයි. සත්‍ය තොරතුරු පදනම්ව පාලන ලේකම්වරයා එය ප්‍රකාශ කරන්න ඇතැයි මම සිතනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයා මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විමල් වීරවංශ ප්‍රකාශ කළා…

විදේශීය බලවේගවලින් මුදල් දෙන විවිධ ක්‍රම තියෙනවා, විවිධ ක්‍රම භාවිත කරනවා. මූල්‍යමය වශයෙන් හෝ වෙනස් ආකාරයකින් ලැබෙන්න පුළුවන්. පොලිසියට බලපෑම් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න එවැනි සිද්ධියකදී අමාරුයි. විදේශ බලපෑම් ක්‍රියාත්මක වන ආකාරය අමාත්‍ය විමල් වීරවංශ හොඳටම දන්නවා.

ආණ්ඩුව බලයට පත්වුණේ විනයගරුක සමාජයක් ඇතිකරනවා කියලා. නමුත් ඊට පෙර කැබිනට් එකේ විනය හදන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කිරීමෙන් ඔප්පු වෙනවා නේද?

ඔය ප්රශ්නය මගෙන් අහන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හානියක් වන දෙයක් සම්බන්ධයෙන් විතරයි මට කතා කරන්න පුළුවන්. අපේ පක්ෂය විනයගරුක පක්ෂයක්. දැඩි විනයක් තියෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් විනය කඩන්න දෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කැඩීම සම්බන්ධයෙන් ඔවුන් තීන්දුවක් ගත යුතුයි.

‘විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි’ යනුවෙන් ඔබ කළ ප්‍රකාශය අදටත් වලංගුද?

ඔව්. කළ වරද නිවැරදි කළ යුතුයි. දේශපාලන සදාචාරයක් තිබිය යුතුයි. වරදක් නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා. විවේචන ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි එතුමාගේ විරුද්ධ පක්ෂයක් නොවෙයි, සහෝදර පක්ෂයක්. එවැනි පක්ෂයක් නායකත්වය වෙනස් කිරීම් ගැන එළියේ කතා කරන්නේ නැහැ.

ප්‍රශ්නයක් තිබුණා නම් වේලාවක් ඉල්ලා කතා කරන්න තිබුණා. දින දෙකක් හෝ තුනක් ඇතුළත එම අවස්ථාව දෙන්න තිබුණා. අපිටත් තිබුණා එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඇයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කළේ, ඔබ හැර ගියේ ඇයි කියලා. ඔබත් එක්ක දේශපාලනය කරන්න පටන් ගත් අය දැන් නැහැ කියලා අහන්න තිබුණා. ජයන්ත සමරවීර විතරයි ඉන්නේ. එහෙම අහන එක සදාචාරාත්මක දේශපාලනය නෙවෙයි.

හැබැයි සමාජ මාධ්‍යවල පළවී තිබුණේ විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු පොහොට්ටුවට එකතු වෙන්න යනවා කියලා. එය සත්‍යයක්ද?

දේශපාලන සදාචාරය මත ඔය ප්‍රශ්නයට පිළිතුරු දීමට මම කැමති නැහැ.

උදයජීව ඒකනායක

‘අරුණ’ පුවත්පත

[QUOTE="SLK_sri, post: 26131707, member: 569192"] [B]කර්මාන්ත ඇමැති විමල් වීරවංශ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අතර ගිය සතියේ ඇතිවූයේ මහා සටනකි. ඒ සටන කොතරම් දුරදිග ගියේදැයි කියනවා නම් මින් පෙර එකට සිටි පොහොට්ටුවේ පාර්ශ්ව ඔවුන් දෙදෙනා වෙනුවෙන් දෙකට බෙදුණි. එහිදී විමල් පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සාගර කාරියවසම් කියන්නේ කවුද යන්නය. ඇත්තටම කවුද මේ සාගර කාරියවසම්? ඔහු 1960 සිට 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඇල්බට් කාරියවසම්ගේ පුතාය. රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කර ඇති ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 2001 වසරේ සිටය. 2009 වසරේදී ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්විය. ඉන්පසු ඔහු බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායක ධුරයට පත්විය. ඉක්බිතිව 2015 වසරෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇරඹූ විට එහි මහ ලේකම්වරයා වූයේ ඔහුය. මේ, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විමල් වීරවංශ සමග ඇති වූ අර්බුදය ගැන දැක්වූ අදහස්ය ඇත්තටම මහින්ද සුළඟ බිහි වෙන්නෙ කොහොමද?[/B] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියන දේශපාලන නායකයා වටේ. ඔහු ජනතා ආකර්ෂණය දිනාගත් නායකයෙක්. 2015 ජනවාරි 08 වැනි දින පැරදිලා එතුමා තංගල්ල නිවසට ගියා. මහින්ද සුළඟ හමන්න පටන් ගත්තේ ජනවාරි 09 වැනිදා සිටයි. එය කවුරුවත් ආරම්භ කළ දෙයක් නොවෙයි. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින අහිංසක ජනතාව එතුමා බලන්න තම වියදමෙන් තංගල්ලට ආවා. යම්කිසි පුද්ගලයෙක් කියනවා නම් මම මහින්ද සුළඟ ඇති කළේ කියලා එය බොරුවක්. [B]ඔබ එසේ ප්‍රකාශ කළාට නිදහස් පෙරමුණේ නායකයා සඳහන් කළා මහින්ද සුළඟ පෙබරවාරි මාසය වනවිට ආරම්භ කිරීමට ඔහු මූලික වුණා කියලා?[/B] මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගුණු ජන ගංගාව එකතු වූයේ ඔහු නිසයි. වෙන කවුරුත් නිසා නොවෙයි. එහෙම කවුරු හරි කියනවා නම් එය විහිළු කතාවක්. කවුරුවත් කියලා මිනිස්සු බස්වලින් තංගල්ලට ආවේ නැහැ. ඇතැම් මිනිස්සු වන්දනාවේ යනවා වගේ පොල් මල් ගහලා තංගල්ලට ආවේ. පැය ගණන් පෝලිමේ ඉඳලා මහින්ද මහත්තයාගේ මුහුණ බලාගත්තේ. එය පිටුපස පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටියේ නැහැ. එහෙම ඇතිවූ රැල්ල දේශපාලන ක්ෂේත්රයට ගෙන ඒමට අමාත්‍ය විමල් වීරවංශ දායකත්වයක් දැක්වූවා. . අනෙකුත් නායකයන්ද එය කළා. තනි පුද්ගලයකුගේ වැඩක් නෙවෙයි. බලවේග ගොඩනැගෙන්නේ ප්රතාපවත් චරිත වටා බව කියන්න ඕන. [B]මහින්ද සුළඟේ ආරම්භයේදී ඔබ සිටියේ කොහේද?[/B] එක් එක් පුද්ගලයන් දායකත්වය දක්වන්නේ තමන්ගේ හැකියාව අනුවයි. මම නීතිඥවරයකු ලෙස ඊට අවශ්‍ය දායකත්වය දැක්වූවා. මහින්ද මහත්තයා දුන්නු උපදෙස් මත නීතිඥ සුමිත් විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමත් අපිත් එක්ක හිටියා. දේශපාලන මට්ටමෙන් කථිකයෙක් ලෙස අමාත්‍ය විමල් වීරවංශ ඊට දායකත්වය දැක්වූවා. [B]නමුත් අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරන්න දායකත්වය දැක්වූවානේ…[/B] කිසිම දායකත්වයක් දැක්වූයේ නැහැ. අලුත් පක්ෂයක් බිහි කරන්න ඔහු කැමති වුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් බිහි කරන්න තමයි ඔහු උත්සාහ කළේ. අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අපි එතුමන්ව පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරමින් තමයි පක්ෂය ගොඩනැගුවේ. පක්ෂය ගොඩනැගීමේ වගකීම, ගෞරවය හිමි විය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාටයි. මම ඒ කර්තව්‍යය ඇස් දෙකෙන් දැක්කා. සුළු කාලයකින් පක්ෂය නිර්මාණය කර 2018 වසරේදී පළාත් පාලන මැතිවරණයද ජයගත්තා. එම ජයග්‍රහණයට පෙබරවාරි 10 වැනිදාට වසර තුනක්ද ගතවුණා. [B]විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිය ඉල්ලුවත් ඔබලා එය ප්‍රතික්ෂේප කරනවා නේද?[/B] මේ ප්රශ්නය ඇතිවෙන්නේ අමාත්‍යවරයා සතිඅන්ත පුවත්පතකට කළ ප්‍රකාශයත් සමගයි. මහින්ද මහත්තයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුණා. මේ එතුමාගේ පක්ෂය නොවෙයි, තීරණ ගන්නත් බැහැ. ප්‍රකාශ දෙන්නත් බැහැ. අපි කියන්නේ අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකළා කියලා. අමාත්‍යවරයා දේශපාලනය හොඳට දන්නවා. අපි ඒකයි විරෝධය පළ කරන්නේ. ලොකු ප්‍රශ්නයක් ඇති කරලා බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා. [B]නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂවලට එවැනි කතාවක් කියන්න අයිතියක් නැද්ද?[/B] ජනාධිපතිවරයාගේ දේශපාලන පළපුරුද්ද ගැනත් අමාත්‍ය විමල් වීරවංශ කියනවා. රාජපක්ෂවරු කියන්නේ උත්පත්තියෙන්ම දේශපාලන පවුලක අයයි. ගිරුවාපත්තුවෙ අය. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට කොටුවෙලා ඉන්නවා කියනවා. ව්‍යංගයෙන් අමාත්‍යවරයා කියන්නේ අපට ඉන්නේ ජනාධිපති කාර්යාලයට කොටු වූ ජනාධිපතිවරයෙක් කියලා. එය ජනතාවට පෙන්වන්න හදනවා. එය වැරදි ප්‍රකාශයක්. එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට කොටුවෙලා නැහැ. ඉතාම කෙටි කාලයකින් ගමට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දෙන නායකයෙක්. එම නිසා අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දී තිබෙනවා. එය අමාත්‍ය විමල් සද්භාවයෙන් කළ වැඩක් නෙවෙයි, යෝජනාව පත්තරයකට කියලා වැඩක් නැහැ. පක්ෂයට ලිපියකින් හෝ දැනුම් දෙන්න තිබුණා. [B]ඔබ ඔහොම ප්‍රකාශ කළාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ රැස්වීමක් නොතිබුණ බවට අමාත්‍යවරයා චෝදනා කරනවා…[/B] එය වැරදි කතාවක්. කොවිඩ් පැතිර යාමට පෙර පක්ෂ නායක රැස්වීම සතිපතා පැවැත්වූවා. සෞඛ්‍ය හා ආරක්ෂක උපදෙස් මත පක්ෂ නායක රැස්වීම පවත්වන්න බැරි වුණා. නමුත් පළාත් සභා ඡන්දය ගැන කතා කරන්න පක්ෂ නායක රැස්වීමක් ගිය මාසේ තිබුණා. පක්ෂ නායක රැස්වීමක් තිබුණේ නැහැ කියලා අඬ අඬා ඉඳලා වැඩක් නැහැ. කියන්න ඕන, එයයි දේශපාලනය. ඉල්ලීමක් කළ වහාම රැස්වීම කැඳවනවා. [B]ඔබට ‘පොඩි ළමයා’ කියලා විමල් වීරවංශ හැඳින්වූවා?[/B] විමල් වීරවංශ අමාත්‍යවරයාට උත්තර දෙන්න නැති වුණාම මොනවා හරි කියනවා. ප්රශ්නය මගහරින්න එපා. අපි කරන්නේ ජාතික තලයේ දේශපාලනයක්. ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දෙන්න. මුහුණු පොතේ මඩ ගහලා මාධ්‍යට විතරක් කතා කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. [B]කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අර්බුදයත් සමගයි මෙම දේශපාලන අර්බුදය නිර්මාණය වෙන්නේ. මෙම අර්බුදයෙන් ජනතා ප්‍රශ්න ගැන අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහයක් තිබෙනවාද?[/B] එවැනි කිසිදු උත්සාහයක් නැහැ. එය බොරුවක්. [B]කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානිට දීමට නොහැකි වීම නිසා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වුවමනාවට ඔබ විමල් වීරවංශ විවේචනය කරනවාද?[/B] එහි සත්‍යතාවක් නැහැ. බැසිල් රාජපක්ෂ මහතාට එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. මෙම සිදුවීම ගැන ඔහු කිසිදු ප්‍රකාශයක් කරලත් නැහැ. අමාත්‍ය මණ්ඩලයේදී වරාය ප්රශ්නය ගැන කතා කරනකොට අමාත්‍ය විමල් වීරවංශත් ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවයි. නමුත් ඊට වඩා වෙන දෙයක් කරලා රාජ්‍ය නායකයා, අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් ඇතිකරන්න උත්සාහ කළා. වරාය විකුණන්නේ නැහැ, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා පැහැදිලි තීරණයක් ගෙන තිබියදී තමයි ඔහු එහෙම කරන්නේ. [B]විමල් වීරවංශ එවැනි විරෝධයක් මතු කරන්නේ මොකද? මෙමගින් පක්ෂය තුළ ඉඟුරු කල්ලියක් බිහිවුණා කීවොත් නිවැරදිද?[/B] මෙහෙමයි, ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වරායේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. එවැනි තීන්දුවක් ගෙන තිබියදී අමාත්‍යවරයා විරෝධය පළ කරලා මගේ විරෝධය නිසා මේක නතර කළා කියලා ජනතා ප්‍රසාදය ගන්න හදනවා. එය වැරදියි. ජනතාව ඉදිරියේ වීරයෙක් වෙන්න හදන්න එපා. [B]සඳුදා (08) දින ඔබ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පාලන ලේකම් රේණුක පෙරේරා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී ප්‍රකාශ කෙරුණේ විදේශීය බුද්ධි අංශවලින් පඩි ලබන වෛද්‍යවරු දෙදෙනෙක් විමල් ළඟ සිටින බව. එය සත්‍යයක්ද?[/B] වෛද්‍යවරුන් දෙදෙනකු තිරය පිටුපස ඉන්නවා කියලා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පාලන ලේකම්වරයා. මම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් බරපතළයි. සත්‍ය තොරතුරු පදනම්ව පාලන ලේකම්වරයා එය ප්‍රකාශ කරන්න ඇතැයි මම සිතනවා. [B]මෙම චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයා මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විමල් වීරවංශ ප්‍රකාශ කළා…[/B] විදේශීය බලවේගවලින් මුදල් දෙන විවිධ ක්‍රම තියෙනවා, විවිධ ක්‍රම භාවිත කරනවා. මූල්‍යමය වශයෙන් හෝ වෙනස් ආකාරයකින් ලැබෙන්න පුළුවන්. පොලිසියට බලපෑම් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න එවැනි සිද්ධියකදී අමාරුයි. විදේශ බලපෑම් ක්‍රියාත්මක වන ආකාරය අමාත්‍ය විමල් වීරවංශ හොඳටම දන්නවා. [B]ආණ්ඩුව බලයට පත්වුණේ විනයගරුක සමාජයක් ඇතිකරනවා කියලා. නමුත් ඊට පෙර කැබිනට් එකේ විනය හදන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කිරීමෙන් ඔප්පු වෙනවා නේද?[/B] ඔය ප්රශ්නය මගෙන් අහන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හානියක් වන දෙයක් සම්බන්ධයෙන් විතරයි මට කතා කරන්න පුළුවන්. අපේ පක්ෂය විනයගරුක පක්ෂයක්. දැඩි විනයක් තියෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් විනය කඩන්න දෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කැඩීම සම්බන්ධයෙන් ඔවුන් තීන්දුවක් ගත යුතුයි. [B]‘විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි’ යනුවෙන් ඔබ කළ ප්‍රකාශය අදටත් වලංගුද?[/B] ඔව්. කළ වරද නිවැරදි කළ යුතුයි. දේශපාලන සදාචාරයක් තිබිය යුතුයි. වරදක් නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා. විවේචන ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි එතුමාගේ විරුද්ධ පක්ෂයක් නොවෙයි, සහෝදර පක්ෂයක්. එවැනි පක්ෂයක් නායකත්වය වෙනස් කිරීම් ගැන එළියේ කතා කරන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබුණා නම් වේලාවක් ඉල්ලා කතා කරන්න තිබුණා. දින දෙකක් හෝ තුනක් ඇතුළත එම අවස්ථාව දෙන්න තිබුණා. අපිටත් තිබුණා එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඇයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කළේ, ඔබ හැර ගියේ ඇයි කියලා. ඔබත් එක්ක දේශපාලනය කරන්න පටන් ගත් අය දැන් නැහැ කියලා අහන්න තිබුණා. ජයන්ත සමරවීර විතරයි ඉන්නේ. එහෙම අහන එක සදාචාරාත්මක දේශපාලනය නෙවෙයි. [B]හැබැයි සමාජ මාධ්‍යවල පළවී තිබුණේ විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු පොහොට්ටුවට එකතු වෙන්න යනවා කියලා. එය සත්‍යයක්ද?[/B] දේශපාලන සදාචාරය මත ඔය ප්‍රශ්නයට පිළිතුරු දීමට මම කැමති නැහැ. [I][B]උදයජීව ඒකනායක[/B][/I] ‘අරුණ’ පුවත්පත [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom