විමලේගේ දුවගේ කොල්ලට හොඳටම පහරදීලා
වීරවංශගේ නිවසේ තිබී සැක කටයුතු තරුණ මළ සිරුරක් හමුවේ: නහයෙන් ලේ ඇවිත්: සිරුරේ තැලුම් පහරවල්: බිරිඳ සහ පුතා පොලිසියට
මරණයට හේතුව වීරවංශ දියණිය සමග තිබූ රහස් ප්‍රේම සම්බන්ධයක්ද?
(ලංකා නිව්ස් -2016.ඔක්.26, ප.ව.4.40- තෙවන සංස්කරණය: ප.ව.10.30) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේ තිබී සැක කටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද දහවල් හමුවී තිබේ.
මිය ගොස් ඇති තරුණයා වයස අවුරුදු 24 ක පමණ ළහිරු ජනිත් නමැත්තෙකි. මොහු වීරවංශගේ පුතා විභූතිගේ මිතුරෙකි. දුරින් ඥාතියෙකි. ළහිරු ජනිත් ගේ නිවස පිහිටා ඇත්තේ වීරවංශගේ නිවස කිට්ටුව ය. ඔහු ඉඳ හිට ශෂී වීරවංශගේ රියැදුරා ලෙසද සේවය කර ඇත. ඊයේ රාත්‍රී විභූති සහ මිතුරන් සිව් දෙනෙකු නිවසේ පාටියක් දමා ඇති අතර ඊට ළහිරු ජනිත්ද සහභාගී වී ඇත. සිව් දෙනාම මත්පැන් පානය කර තිබේ. රාත්‍රියේ නිවස තුළින් ගෝරියක හඬ ඇසුනු බව අසල්වාසීහු කියති. පාටියේ හඬින් සහ ගෝරිය නිසා අසල්වාසීන්ගේ නින්දට පවා බාධා වී තිබේ. ළහිරු ජනිත් රාත්‍රිය ගත කර ඇත්තේ වීරවංශ නිවසේ ය. පසුදා එනම් අද දහවල් 9-10 ට පමණ ශෂී වීරවංශ ළහිරුගේ දෙමාපියන් අමතා කියා ඇත්තේ ළහිරු නින්දෙන් අවදි නොවන බවයි. එවිට ළහිරුගේ දෙමාපියන් වීරවංශ නිවසට ගොස් ඇති අතර පසුව තරුණයාව ජයවර්ධන පුර රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රෝහල වෙත ගෙන යන විටද තරුණයා මිය ගොස් බොහෝ වේලාවක් වන අතර මළ සිරුර නිල් පැහැ ගැන්වී තිබී ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත කීවේ මළ සිරුරේ නහයෙන් ලේ ඇවිත් තිබූ බවත්, කිසිවෙක් එම ලේ පිසදා තිබුණු බවත්ය. බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල් වල සටහන් තිබුණු බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට තරුණයාගේ මරණය සැක සහිත බැවින් සිරුර කපා මරණයට හේතුව සොයා ගැනීමට කටයුතු කරමින් සිටින අතර හෙට සිරුර ගැන වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙනු ඇත. පොලිසිය අද සවස විමල් වීරවංශගේ බිරිඳ ශෂී, පුතා විභූති සහ නිවසේ මෙහෙකාරියක් පොලිසියට කැඳවා ප්‍රශ්න කරමින් සිටියේ ය. තවමත් කිසිවෙක් අත් අඩංගුවට ගත්තේ නැති නමුත් නීතිඥයන් දෙදෙනෙකු පැමිණ ප්‍රශ්න කිරීම් වලට බාධාකාරී ලෙස හැසිරී තිබේ.
වීරවංශගේ දුර ඥාතියෙකු පොලිසියට පැමිණ මිය ගිය තරුණයාට හෘද වස්තුවේ හිලක් තිබුනා යැයි පවසා තිබේ.
කෙසේ වෙතත් විමල් වීරවංශ ඊයේ රාත්‍රී නිවසේ සිටි බවට තොරතුරු ලැබී ඇති නමුත් ඔහුගෙන් මේ දක්වා ප්‍රශ්න කර නැත.
අසල්වැසියන් පවසන්නේ වීරවංශ පවුලේ අය අසල්වැසියන් සමග පයුරු පාසානයක් නොමැති නමුත් මිය ගොස් ඇති තරුණයා නිවසට යන එන අයෙක් බවයි.
තවත් අසල්වාසියෙක් පැවසුවේ මිය ගිය තරුණයා සහ වීරවංශගේ අඩු වයස් දියණිය විමාෂා විෂ්වාදරී අතර රහස් සම්බන්ධයක් තිබී එය හසුවීම නිසා නිවසේ අය පහර දී ඇති බවයි.