වියරණ වැරදී ආදර කවියේ.....
වියරණ වැරදී ආදර කවියේ
ලද පෙම් විවරන ගිලිහී
අහවරයක් නැති ආදර වියමන
අනවසරෙන් හිතතුළ ගෙතුනේ
අප මග හැර ගිය ඒ ආදරේ
අපට අදටත් ආදරේ
ලියවලින් එතුන මල් උයන් තෙරේ
සක්මනේ පවා නොයෙදී
තරු බොරළු ඇනෙන වලා මතින්
හිත රිදී රිදී ඇවිදී
දන්නවාද අපේ ආදරේ
අපට අදටත් ආදරේ
පිණි දියෙන් තෙමුනු මල් මුහුනු පුරා
රොන් හාදු පවා නොයෙදී
ඇසි පියන් වසා සිත සිහින දොරෙන්
පෙර වැරදි සොයා ඇවිදී
දන්නවාද අපේ ආදරේ
අපට අදටත් ආදරේ
වියරණ වැරදී ආදර කවියේ
ලද පෙම් විවරන ගිලිහී
අහවරයක් නැති ආදර වියමන
අනවසරෙන් හිතතුළ ගෙතුනේ
අප මග හැර ගිය ඒ ආදරේ
අපට අදටත් ආදරේ
ලියවලින් එතුන මල් උයන් තෙරේ
සක්මනේ පවා නොයෙදී
තරු බොරළු ඇනෙන වලා මතින්
හිත රිදී රිදී ඇවිදී
දන්නවාද අපේ ආදරේ
අපට අදටත් ආදරේ
පිණි දියෙන් තෙමුනු මල් මුහුනු පුරා
රොන් හාදු පවා නොයෙදී
ඇසි පියන් වසා සිත සිහින දොරෙන්
පෙර වැරදි සොයා ඇවිදී
දන්නවාද අපේ ආදරේ
අපට අදටත් ආදරේ